NewsToday.lk

NewsToday.lk Srilanka's Most Trusted News Portal. Your Information is Our Responsibility.

West Indies Cricket Board Reveals Central Contracts for 2023-24 Season
11/12/2023

West Indies Cricket Board Reveals Central Contracts for 2023-24 Season

Most Trusted News Aggregator in Sri Lanka

“Nationwide Power Outage Grips the Nation: CEB Attributes Disruption to System Issue”
09/12/2023

“Nationwide Power Outage Grips the Nation: CEB Attributes Disruption to System Issue”

Most Trusted News Aggregator in Sri Lanka

“Power Minister Addresses Claims on Electricity Amendment Bill, Assures Transparent Process”
09/12/2023

“Power Minister Addresses Claims on Electricity Amendment Bill, Assures Transparent Process”

Most Trusted News Aggregator in Sri Lanka

“Putin’s Political Encore: President Announces Bid for Re-election in 2024”
09/12/2023

“Putin’s Political Encore: President Announces Bid for Re-election in 2024”

Most Trusted News Aggregator in Sri Lanka

“Onion Conundrum: Sri Lankan Importers Navigate Challenges Amidst India’s Export Ban Extension”
09/12/2023

“Onion Conundrum: Sri Lankan Importers Navigate Challenges Amidst India’s Export Ban Extension”

Most Trusted News Aggregator in Sri Lanka

“Demographic Shift: Sri Lanka’s Notable Decline in Birth Rates from 2019 to 2022”
08/12/2023

“Demographic Shift: Sri Lanka’s Notable Decline in Birth Rates from 2019 to 2022”

Most Trusted News Aggregator in Sri Lanka

BBC News Presenter’s On-Air Gesture Sparks Apology and Reflection
08/12/2023

BBC News Presenter’s On-Air Gesture Sparks Apology and Reflection

Most Trusted News Aggregator in Sri Lanka

Israeli Army’s Unconventional Approach: Flushing Out Hamas Tunnels with Seawater
07/12/2023

Israeli Army’s Unconventional Approach: Flushing Out Hamas Tunnels with Seawater

Most Trusted News Aggregator in Sri Lanka

IPL Auction 2024 Players With Rs 2 Crore Base Price
06/12/2023

IPL Auction 2024 Players With Rs 2 Crore Base Price

Most Trusted News Aggregator in Sri Lanka

VAT Debate: Education Minister Calls for Exemption on Exercise Books and Stationery
06/12/2023

VAT Debate: Education Minister Calls for Exemption on Exercise Books and Stationery

Most Trusted News Aggregator in Sri Lanka

Dengue Outbreak: Alarming Spike in Cases Marks 2023 as a Critical Year
06/12/2023

Dengue Outbreak: Alarming Spike in Cases Marks 2023 as a Critical Year

Most Trusted News Aggregator in Sri Lanka

Christmas Decor and Goodies Take Center Stage in Sri Lanka
06/12/2023

Christmas Decor and Goodies Take Center Stage in Sri Lanka

Most Trusted News Aggregator in Sri Lanka

Potential Prorogation: Examining the Implications for Sri Lanka’s Parliament
06/12/2023

Potential Prorogation: Examining the Implications for Sri Lanka’s Parliament

Most Trusted News Aggregator in Sri Lanka

Notification about tile prices
06/12/2023

Notification about tile prices

Most Trusted News Aggregator in Sri Lanka

Sri Lanka Central Bank Started Investigation on OnmaxDT Pyramid Scam
20/03/2023

Sri Lanka Central Bank Started Investigation on OnmaxDT Pyramid Scam

Most Trusted News Aggregator in Sri Lanka

හෙට සිට විදුලි බිල සීයයට 75කින් ඉහල දමයි හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදී විදුලිබිල සීයයට 75ක සාමාන්‍ය අගයකින් වැඩි කි...
09/08/2022

හෙට සිට විදුලි බිල සීයයට 75කින් ඉහල දමයි

හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදී විදුලිබිල සීයයට 75ක සාමාන්‍ය අගයකින් වැඩි කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කර සිටියේ ලක්ෂ 48ක් පමණ අඩු විදුලි ඒකකයන් පරිභෝජනය කරනු ලබන නිවාස සඳහා උපරිම සහනයක් ලබාදීමට කටයුතු කරනු ලැබූ බවයි.

ඒ අනුව විදුලි ඒකක 30ක් දක්වා භාවිතා කරන ගෘහස්ත බිලක් සඳහා විදුලිබිල වැඩි කිරීම 264%කින් වැඩි කිරීමටත්, ඒකක 60 දක්වා පරිභෝජනය කරන නිවසක විදුලි බිල සීයයට 200කින් සහ ඒකක 90ක් දක්වා භාවිතා කරන නිවසක විදුලි ගාස්තුව සීයයට 125කින් මිල වැඩි කිරීමට අවසර ලබාදී ඇති බවයි.

2014 වසරේදී අවසන් වරට විදුලිබිල සියයට 25 කින් අඩු කරනු ලැබූ බවත් ඉන් පසුව විදුලි බිල සංශෝධනය නොකිරීම සහ විදුලිය නිෂ්පාදනය කිරීමේදී යොදා ගනු ලබන ගල් අඟුරු, ඩීසල් සහ දැවී තෙල් මිල ගණන් ඉහළ යාම සහ පවතින උද්ධමනය හේතුවෙන් විදුලි බිල ඉහළ දැමීමට සිදුවූ බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ.

සංචාරක කේෂ්ත්‍රයට සම්බන්ධ ව්‍යාපාර සඳහා මාස 03ක කාලයක් යන තෙක් විදුලි බිල සියයට 50කින් පමණක් වැඩි කරන අතර සෙසු මිල වැඩි වීම මාස 03කින් පසු සිදුකරන බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ.

එමෙන්ම මෙරට පිහිටි සමාගමක සීයයට 60කට වැඩි ප්‍රමාණයක් විදෙස් සමාගමකට හිමිනම් එම විදුලි බිල අමෙරිකානු ඩොලර් යටතේ ගෙවීමට නියම කරනු ලැබූ බවත් එහිදී ඔවුන්ට වට්ටමක් ලබාදීමට නියමිත බවයි එම කොමිසම සඳහන් කර සිටියේ.

ගෑස් මිලත් සෑම මසකම සංශෝධනය කිරීමට අවසර ගෘහස්ථ ගෑස් මිල සඳහා සංශෝධිත මිල සූත්‍රයක් හඳුන්වාදීමට  මුදල්,ආර්ථික ස්ථායිකරණ ස...
09/08/2022

ගෑස් මිලත් සෑම මසකම සංශෝධනය කිරීමට අවසර

ගෘහස්ථ ගෑස් මිල සඳහා සංශෝධිත මිල සූත්‍රයක් හඳුන්වාදීමට මුදල්,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

එකී මිල සුත්‍රය මත පදනම්ව සෑම මසකම 05 වනදා ගෘහස්ථ ගෑස් මිල කිරීමට යෝජනා වී තිබෙන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මුල්‍ය ස්ථායිතාවය තහවුරු කිරීම සහ ජනතාවට අඛණ්ඩව හා බාධාවකින් තොරව ජලසේවා සැපයීම පිණිස...
09/08/2022

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මුල්‍ය ස්ථායිතාවය තහවුරු කිරීම සහ ජනතාවට අඛණ්ඩව හා බාධාවකින් තොරව ජලසේවා සැපයීම පිණිස ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ජල ගාස්තු සහ මලාපවහන ගාස්තු සංශෝධනය කිරීම පිණිස ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියේ.

විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට කැබිනට් මණ්ඩලයෙන් තීරණයක් විද්‍යුත් ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීමට ප්‍රතිපාද සැලසීම ...
09/08/2022

විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්

විද්‍යුත් ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීමට ප්‍රතිපාද සැලසීම සඳහා මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ෆොසිල ඉන්ධන භාවිතයෙන් තොරව විද්‍යුත් ශක්තිය භාවිතයෙන් ධාවනය වන වාහන ප්‍රචලිත කිරීමේ අරමුණින් විද්‍යුත් ත්‍රීරෝද රථ ශ්‍රී ලංකාව තුළ භාවිතය සඳහා අවස්ථාව ලබාදෙන ලෙස විවිධ පාර්ශව මඟින් ඉල්ලීම් කර ඇත.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මෝටර් වාහන පනතේ නොමැති බැවින් එම පනත මෙලෙස සංශෝධනය කර තිබේ.

ගාස්තු අඩු කළාට බස් වර්ජනයක් බස් ගාස්තු සංශෝධනය පිළිනොගන්නා බවයි පෞද්ගලික බස්රථ සංගම් පවසනවා.ගාස්තු අඩු කිරීමට එරෙහිව සහ...
05/08/2022

ගාස්තු අඩු කළාට බස් වර්ජනයක්

බස් ගාස්තු සංශෝධනය පිළිනොගන්නා බවයි පෞද්ගලික බස්රථ සංගම් පවසනවා.

ගාස්තු අඩු කිරීමට එරෙහිව සහ බස් රථවලට ලබා දෙන ඩීසල් ප්‍රමාණය වැඩි කරන ලෙස ඉල්ලා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස්රථ ධාවනයෙන් ඉවත් වූ බව පෞද්ගලික බස් සංගම් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 11.14% කින් පහත හෙලීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පියවර ගනු ලැබුවා.

චීනයේ යුද පුහුණුව ආසියාවම කළඹවයි තායිවානයට තර්ජනයක් එල්ල කරමින් චීනය ආරම්භ කළ යුධ අභ්‍යාසය මේ වන විට උණුසුම් මුහුණුවරක් ...
05/08/2022

චීනයේ යුද පුහුණුව ආසියාවම කළඹවයි

තායිවානයට තර්ජනයක් එල්ල කරමින් චීනය ආරම්භ කළ යුධ අභ්‍යාසය මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. ඒ, චීනය විසින් මෙම යුධ අභ්‍යාසයට බැලැස්ටික් මිසයිල යොදා ගැනීම හේතුවෙන්.

තායිවානය පවසන්නේ චීනය විසින් සිය රටට ආසන්න ඊසානදිග සහ නිරිතදිග මුහුදු තීරයට බැලැස්ටික් මිසයිල ප්‍රහාර 11 ක් එල්ල කළ බවයි. සිය මුහුදු ප්‍රදේශයට චීන මිසයිල 05 ක් පතිත වූ බව පවසන ජපානය, වහාම මෙම යුධ අභ්‍යාසය නතර කළ යුතු බවටයි අවධාරණය කර ඇත්තේ.

මෙම යුධ අභ්‍යාසය මුහුද පමණක් නොව ගොඩබිම සහ ගුවන් කලාපය ද ආවරණය වන පරිදි සිදුකරන බවයි චීන හමුදාව පවසා ඇත්තේ.

තායිවානය ස්ථාන 06 කින් වට කරමින් චීනය ඊයේ මෙම දැවැන්ත යුධ අභ්‍යාසය ආරම්භ කළා. ඒ, චීනයේ දැඩි විරෝධය නොතකා අමෙරිකානු කතා නායිකා නැන්සි පෙලොසි තායිවානයට පැමිණීමට විරෝධය පළ කරමින්.

අත්‍යවශ්‍ය භාණ්ඩ සහ එළවලු මිල ගණන් පහළට පරිප්පු,සීනි,අල, ලූණු ,මිරිස් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස ප...
05/08/2022

අත්‍යවශ්‍ය භාණ්ඩ සහ එළවලු මිල ගණන් පහළට

පරිප්පු,සීනි,අල, ලූණු ,මිරිස් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි පිටකොටුව වෙළඳ සංගමය සඳහන් කර සිටිනවා.

ඒ අනුව රුපියල් 600 ක්ව පැවති පරිප්පු තොග මිල රුපියල් 410ක් ලෙසත්, රුපියල් 330ක් පැවති සීනි තොග මිල රුපියල් 270 ක් ලෙසත්, රුපියල් 215 ක් ව පැවති අර්තාපල් තොග මිල රුපියල් 150 ක් ලෙසත් රුපියල් 600ක් ව පැවැති සුදු ලුණු තොග මිල රුපියල් 420ක් ලෙසත් රුපියල් 180ක් ව පැවති රට ලුණු තොග මිල රුපියල් 130 ලෙසත් රුපියල් 1900ක් ව පැවැති මිරිස් කිලෝව රුපියල් 1300ක් ලෙසත් මිල පහළ බැස ඇත.

ඩොලරයක මිල ස්ථාවර වීම සහ බැංකු මගින් ඩොලර් නිකුත් කිරීම හේතුවෙන් මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ යාමට හේතු වී ඇති බව සඳහන්.

මේ අතර එළවලු සහ මාළු මිල ගණන් ද සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ බැස ඇති බව වෙළෙදපල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

පොදු රදළු ක්‍රීඩා උළෙල සංවේදී කළ කතාවසිය මව රන් පදක්කමක් දිනාගත් ධාවන ඉසව්වෙන්ම වසර 32 කට පසුව ඇයගේ දියණිය ද රන් පදක්කමක...
04/08/2022

පොදු රදළු ක්‍රීඩා උළෙල සංවේදී කළ කතාව

සිය මව රන් පදක්කමක් දිනාගත් ධාවන ඉසව්වෙන්ම වසර 32 කට පසුව ඇයගේ දියණිය ද රන් පදක්කමක් දිනා ගත් අපූරු පුවතක් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා බිමෙන් වාර්තා වනවා.

මෙම අපූරු පුවත නිර්මාණය කලේ ස්කොට්ලන්ත ක්‍රීඩිකාවක්. ඒ, ඊයේ පැවති මීටර් දස දහස කාන්තා ධාවන ඉසව්වේදීයි.

එහි රන් පදක්කම දිනා ගනු ලැබුවේ ස්කොට්ලන්තයේ එලීස් මැක්කොල්ගන් විසින්

එහි තවත් විශේෂත්වයක් වූයේ මීටර් දස දහස කාන්තා ධාවන ඉසව්වෙන්ම ඇයගේ මව විසින් ස්කොට්ලන්තයට රන් පදක්කමක් දිනා දී තිබීමයි. ඒ, 1990 වසරේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදීයි.

තරඟයේ රන් පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව එලීස් මැක්කොල්ගන් ප්‍රේක්ෂකාගාරයේ සිටි සිය මව අසලට දිව ගොස් ඇය සිප වැළඳගත් අතර එම මොහොත සංවේදී අවස්ථාවක් වුණා.

අවම බස් ගාස්තුව රු. 4කින් පහතට අද මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය බස් රථ ගාස්තුව 11.14% කින් පහත හෙලීමට පියවර ගෙන ඇති බව ජ...
04/08/2022

අවම බස් ගාස්තුව රු. 4කින් පහතට

අද මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය බස් රථ ගාස්තුව 11.14% කින් පහත හෙලීමට පියවර ගෙන ඇති බව ජාතික ගමනා ගමන කොමිසම සඳහන් කර සිටිනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රු.38 සිට රු.34 දක්වා පහත වැටෙන බවයි ජාතික ගමනා ගමන කොමිසම සඳහන් කළේ.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ බස් රථවල ආසන අනුව මගීන් පමණක් රැගෙන යාමට සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් අනුව බස් ගාස්තු සීයයට 20කින් වැඩි කිරීමට පියවර ගත් බවත්, පවතින ඉන්ධන හිඟය නිසා දැනට බස් රථ එම නීතිය ඉක්මවා කටයුතු කිරීම නිසා එම වැඩි කළ ගාස්තුවෙන් සීයයට 10ක් අඩු කිරීමට පියවර ගත් බවයි එම කොමිසම සඳහන් කළේ.

එමෙන්ම පසුගිය 01 වෙනිදා සිට අඩු කළ ඩීසල් මිල පහත හෙලීම නිසා බස් ගාස්තු සංශෝධන 1.14%ක් ලෙස අඩු කිරීමට තීරණය කර ඇත.

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක් රාජ්‍ය සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේ...
04/08/2022

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

රාජ්‍ය සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊට අනුව අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කර ඇත්තේ විදුලිය, ඛණිජ තෙල් සහ රෝහල් සේවයයි.

ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛණිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබෙනවා.

එමෙන්ම රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල සියලු සේවාද අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

Address

WTC
Colombo

Alerts

Be the first to know and let us send you an email when NewsToday.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Nearby media companies


Other News & Media Websites in Colombo

Show All