20/05/2022
ගෝඨාභය ගෙදර යැවීමෙන් පසූ, පාර දිගේ...
අරගලය සිදුවන විදික් ක්‍රමය අනුව, යම් මතු දිනක ගෝඨාභය ගෙදර යවා එන අතර මගදි අපට හමූවීමට නියමිත තත්ත්වය පිළිබද ඉගියක් විරකැටියේ පාසල් සිසුවාගේ වීඩියෝව මඟින් දැක ගත හැකිය.
එය නාට්‍ය ක් ලෙස නැරබුව හොත්, එහි සිටින ප්‍රදාන චරිත වන්නේ විදුහල් පතිතුමා ඇතුළු ගුරුවරු, ළමයා සහ ළමයාගේ පියා. මෙම ළමයා තම පියා හෝ ගුරු මණ්ඩලය විශ්වාස කරන්නේ නැත. ඔහූ විශ්වාස කරන්නේ සමාජ මාධ්‍ය සහ එහි නන්නාදුනන මිනිසුන්.
පොත්වල සහ කවිවල සිටිනා ගුරුවරු අද ඉතාමත් සීමතයි. බහුතරයක් ස්ටාලින්ගේ පරපුරේ ගුරුවරුන් ය. එයට හේතුව මෙම සිස්ටම් එකම විය හැකිය. ගුරුවරු ස්ටාලින්ගේ පාරේ යන විට ළමයි අන්තරේ පාරේ යනවා. මේ දෙගොල්ලම නීතිය කඩනවා, නීතිය අතට ගන්නවා සහ ආණ්ඩුව ත්‍රස්ත කරනවා.
අප ජිවත්වෙන සමාජයේ පිළිවෙල බිද වැටිලා. අරගල කියා කරන ඇතැම් විපරිත ක්‍රියා හේතුවෙන් ගෝඨාභය ගියාට පසු චෙන්ජ් කිරීමට සිස්ටම් එකක් ඉතුරු වෙන්නේ නැති තරම්ය. තියෙන එක ඉවර වෙලා අලුත්ම එකක් හැදෙනවට අප බය නැත. නමුත් එසේ කිසිවක් නොවන බව නම් සහතිකයි. එයට හේතු පසුව ලියන්නෙමු.
පාර්ලිමේන්තවේ බහුතර නියෝජිතයන් ප්‍රමාණය ක් කතාකරන්නේ කැමරා වලට මිස ඔහුන් අතර සංවාදයක් ගොඩනගා ගැනීමට නොවෙයි. පාර්ලිමේන්තුව ද වීරකැටිය ළමයා මෙන් සමාජ මාධ්‍ය වලට කතා කරමින් සිටියි.
මෙලෙස මාධ්‍ය ඉදිරීයේ විපරිත වීම කලාකරුවන්, ආගමික නායකයන්, ගුරුවරුන්, නීතිඥ යන් මෙන්ම පොලිසිය දක්වා කොවිඩ් මෙන් වේගයෙන් පැතිරී ඇත. කැමරා ඔසවාගෙන එන සියළු දෙනා මාධ්‍ය වේදීන් නොවෙයි, ඇතම් අය ආචාර්ය ධර්ම නැති, අමූ මෝඩයන්ය (මාධ්‍ය අයාතනද වඩා කැමති මිල අඩු එවනී මාධ්‍ය වේදීන්ට, එබවින් සංවර්ධන මාධ්‍ය වේදීන් නැති තරම් ය)
අරගලයකින් අප අත්පත් කරගත යුත්තේ කවර ප්‍රමාණයක හෝ ජයග්‍රහණ මිස එයට සාපේක්ෂව විපරිත, පිළිවෙල බිද වැටුනූ සමාජයක් නොවෙයි. මහජන මුත්තන් සහ ගෝලයන්, පොතේ ගුරාලා අරගලයට ඉඩදී පැත්තකට විය යුතුයි. අරගලය තමන් තුළද කළ හැකිය.
අද වන විට කිසිවෙකු, තව කෙනෙක් පිලිගන්නේ නැත. සියල්ලෝම නීතිය අතට ගෙනය. පොලීසිය හොද මිනිසුන් වෙන්න ගිහින් ජෝක් වී ඇත.
මෙහි ප්‍රතිඵල උදාහරණයක් මගින් තේරුම් ගැනීමට උත්සාහ කර්ස්මූ.
විදුලි අධිකාරි වරුන්ට, දුම්රිය ස්ථානාධිපති වරුන්ට, මිනින්දෝරුවන් වැනි නිලධාරීන්ට තම රාජකාරියයට බාදා ඇතිවූ විට, ඒ සඳහා පොලිසිය කැදවා ගැනීමට ප්‍රතිපාදන ඇත. එහෙත් මෙලෙස ජෝක් වෙච්ච පොලිස්සියක් එක්ක නිතිය අතට ගත්ත මිනිසුන් ලගට ගිය විට ඉහතින් සඳහාත් කල නිලධාරීන් ට සිදුවන්නේ ගුටිකෑමටය. එහෙත් එවනී නිලධාරීන්ම තමයි නොතේරුම් කමට FB එක්කේ නීතිය කැඩීමට අනුබල දෙමින් සිටින්නේ.
තිබෙන ක්‍රමයක් විනාශ කල හැක, නමුත් යළි සැකසීම පහසු නැත. ලංකාවේ වාමාංශිකයන් බොහොමයක් බාගෙට තේරුම් ගෙන වාමාංශික පංඩිතයන් වී, තම දූ දරුවන් ආගමෙන්ද ඈත් කර අවසානයේ එකක්වත් හරියට විශ්වාස නැතිව එම දරු පවුල් අනාථ විය. ඒ සඳහා ඔනෑ තරම් උදාහරන ගම් මට්ටමින්ද ඇත.
ගෝඨාභය ගෙදර යවන්න අරගල කරමූ, ඔහු ගෙදර යැවිය යුත්තේ සංකේතීයවයි. දැනටමත් ඔහුගෙන් අරික් කාලක් පමණ ගෙදර ගොස් ඇත. 21 වන සංසෝදනයෙන් තව යැවිය හැකිය. ගොඨා ගෙදර යැවිය යුත්තේ එක එක්කෙනාගේ පෞද්ගලික කෝන්තර වලට නොව, එය සිදුවිය යුත්තේ යම් ක්‍රම වේදයකට අනුවයි. කාගෙවත් පෞද්ගලික කෝන්තර වලට රාජ්‍ය දුර්වල කර ගත යුතු නැත. ඇතැම් හදිසි තීරන ගැනීමට එම තනතුර තිබිය යුතුයි. උදාහරණයක් විදියට 10 රෑ හදිසි නීතිය දාල පැතිරුණු ගින්න නැවැත්වීමට හැකිවූයේත්, නව අග්‍රාමාත්‍ය වරයෙකු පත්කර ගැනීමට හැකිවූයේත් එම තනතුර තිබුන නිසාය. නැතිනම් මිනිසුන් හාමතේ මැරෙද්දිත්, පාර්ලිමේන්තව තවමත් දෙකට බෙදී , නියෝජ්‍ය කතානායකයන් තේරීම වැනි විගඩම් නටාවී, නැතිනම් තවමත් සැගවී සිටිමට නියමිතයි.
අපගේ විශ්වාසය සිස්ටම් එක චෙන්ජ් කිරීමට මෙම අධ්‍යාපන ක්‍රමය වෙනස් කල යුතුය. 225 ත්, 225 තෝරන අයත් මේ අධ්‍යාපන ක්‍රමයෙන් පිටවුන අය. සාමකාමි උද්ඝෝෂණය ට ගැහුවෙත්, එට ප්‍රතිප්‍රහාර එල්ල කරෙත් මේ අධ්‍යාපන ක්‍රමයෙන් පිටවුන අය. මෙම අධ්‍යාපන ක්‍රමය දශමයකින් හෝ වෙනස් කිරීමට ඉඩ නොදෙන, එය නිධන් මෙන් රකින ස්ටාලින්, අන්තරේ වැනි බහිරවයන්ට මෙම ක්‍රමය වෙනස් කිරීමට නොහැක.
මොවුන් කර ඇත්තේ අරගල මූවාවෙන් භික්ෂුවට භික්ෂුවගේ භූමිකාව, ගුරුවරුන් ට ගුරුවරයාගේ භූමිකාව අහිමි කිරීම. අද වන විට කාදිනල් තූමා ද කරමින් සිටින්නේ පූජක තුමන්ලා අන්තරේ පාරේ ගෙනයාමයි. වෘතිතිය සමිති මෙම ක්‍රමය අනුගමනය කරමින්, තම වෘත්තිය සීමාවෙන් එහාට යාමෙන් එම වෘත්තීන්ට හිමිව තිබූ භූමිකාව සහ ගෞරවය කෙලෙසා ගනිමින් සිටියි. අනුරුද්ධ පාදෙනිය එයට හොදම උදාහරණයක්. ඒ මඟ යන අළුත්ම කෙනා ඇතැම් විට සාලිය පීරිස් විය හැකිය.
සිස්ටම් චෙන්ජ් කිරීමට පළමුව අප කල යුත්තේ දශමයකින් හෝ තමන් වෙනස්වීම,
ගෝඨාභය ගෙදර යැවීමට කරන අරගල එකක්, ඒ පුටුවේ වෙන කෙනෙක් වාඩි කරවීමට හිතේ තියන් කරන අරගල තව එකක්.