Ceylon News Network

Ceylon News Network Ceylon News is an all in one place for news,
sports, entertainment and lifestyle related stories, im

04/08/2022
03/08/2022
ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපති අමාත්‍ය නාමල් රාජපක්ෂ.ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව...
08/10/2021

ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපති අමාත්‍ය නාමල් රාජපක්ෂ.

ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තේරී පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අතර එහිදී නව සභාපතිවරයාව නම් කරනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්තු මහතා මෙහිදී විශේෂ ආරාධිතයා වශයෙන් එක්ව සිටියා.

ලොව සියලුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසිය යුතුයි. ජනපති ජගත් සමුළුව අමතමින් කියය...
23/09/2021

ලොව සියලුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසිය යුතුයි.
ජනපති ජගත් සමුළුව අමතමින් කියයි.

* කොවිඩ් වසංගතය කළමනාකරණයට ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය පියවර
ජනපති ලෝක නායකයින් හමුවේ පැහැදිළි කරයි ...
* කොවිඩ් වසංගත තත්ත්වයෙන් උගත් පාඩම් හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකාව කලාපීය දැනුම් කේන්ද්‍රයක් බවට පත්කිරීමට අපේක්ෂා කරනවා ...
* සංවර්ධනය වෙමින් පවතින රටවලට පවතින ආර්ථික අවිනිශ්චිතතාවයෙන් මිදීමට
ජාත්‍යන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි ...
* ආර්ථිකය නැවත පණ ගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නවා ....
* ජනවාර්ගික, ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා සමෘද්ධිමත් ස්ථාවර හා සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම සිය රජයේ ප්‍රමුඛ අරමුණක් ...
* ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයක් නැවත කිසි දිනක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට
සහතික වනවා ....
* ගෝලීය ත්‍රස්තවාදය ජය ගැනීමට බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ ජාත්‍යන්තර සහයෝගීතාවය අවශ්‍යයි ...
* තිරසරභාවය යනු ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන අංගයක් ...
* කාබන්හරණයට සහාය වීමේ හදිසි අවශ්‍යතාවය ශ්‍රී ලංකාව අවබෝධ කරගෙන සිටී..
* බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳ
මනා දර්ශනයක් ශ්‍රි ලංකාව සතුයි ...
* ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන් සහ ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වන්න ...
සියලුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසීම එක්සත් ජාතීන්ගේ කාර්යභාරයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
ඔවුන්ගේ යාන්ත්‍රණයන් සහ උරුමයන් කෙරෙහි නිසි ගෞරවයෙන් සැලකිය යුතු බව ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රි 9.30 ට පමණ ජනාධිපතිතුමා සමුළුව ඇමතීය. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (21) ප.ව 6.30ට නිව්යෝර්ක් හි, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නායක සමුළුව ආරම්භ කෙරුණු අතර “කොවිඩ් 19 - වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්න මෙවර එහි තේමාව විය.
ලෝකයම මුහුණ දී ඇති කොවිඩ් වසංගතය මනුෂ්‍ය වර්ගයාට විනාශකාරී බලපෑමක් ඇතිකර තිබේ. වසංගත තත්ත්වය හමුවේ සිය සමීපතමයන් අහිමි වූ සියලු දෙනාට සංවේගය පළ කළ ජනාධිපතිතුමා වසංගත තත්ත්වය කළමනාකරණය සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික පරිත්‍යාගශීලින් විසින්ශ්‍රී ලංකාවට සපයන ලද මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර පිළිබඳව ද සිය ස්තූතිය පිරිනැමීය.
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා මේ වන විට පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක් කර ඇති බව පැවසූ ජනාධිපතිතුමා කොවිඩ් අභියෝගය ජය ගැනීමට සහ ජනතාව ආරක්ෂා කර ගැනීමට ශ්‍රි ලංකාව ගෙන ඇති සාධනීය පියවර ද ලෝක නායකයින් ඉදිරියේ පැහැදිළි කළේය.
කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් උගත් පාඩම් හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකාව කලාපීය දැනුම් කේන්ද්‍රයක් බවට පත්කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.
වසංගතයේ ආර්ථික බලපෑම සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩිව බලපා ඇති බවත් මෙය 2030 තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ අවධානමකට ලක් කර ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට මෙම අවිනිශ්චිත තත්ත්වයෙන් මිදීමට සහාය වීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් තුළින් සංවර්ධන මුල්‍යකරණ සහ ණය සහන ඇතුළු තවත් බොහෝ ක්‍රියාමාර්ග අත්‍යාවශ්‍ය කරුණක් බව ද පෙන්වා දුන්නේය.
රටේ ආර්ථිකය නැවත පණ ගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව පැවසූ ජනාධිපතිතුමා ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට භූ උපාය මාර්ගික පිහිටීම සහ සවිමත් ආයතන, ශක්තිමත් සමාජ යටිතල පහසුකම් සහ පුහුණ ශ්‍රම බලකාය උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
මේ සඳහා පහසුකම් සැලසීමට මෙන්ම සියලුම ජනතාවගේ සමෘද්ධිය වෙනුවෙන් නීති, නියාමන, පරිපාලන හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි පුළුල් ප්‍රතිසංස්කරණ කෙරෙහි තම රජය අවධානය යොමු කර තිබෙන බවද ජනාධිපතිතුමා පැවසීය.
ජනවාර්ගික, ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා සමෘද්ධිමත් ස්ථාවර හා සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම සිය රජයේ ප්‍රමුඛ අරමුණ වන අතර මෙම ක්‍රියාවලිය සඳහා සියලුම දේශීය පාර්ශ්වකරුවන් සමග සම්බන්ධවීමට සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහ එක්සත් ජාතීන්ගේ සහයෝගය ලබා ගැනීමට සූදානම් බව ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.
එසේම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව, අධිකරණය සහ එහි ඇති ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනවලට තම කාර්යයන් හා වගකීම ඉටු කිරීම සඳහා සීමා රහිත අවකාශයක් තිබිය යුතු බවද ජනාධිපතිතුමා කියා සිටියේය.
ගෝලීය අභියෝගයක් වන ත්‍රස්තවාදය ජය ගැනීමට බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාවයේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිතුමා පසුගිය අඩ සියවසේදී ප්‍රචණ්ඩත්වය විසින් ශ්‍රී ලංකාවේ දහස් ගණනකගේ ජීවිත සහ රටේ ආර්ථික සමෘද්ධිය අහිමි කළ බවත් මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට තම රජය සහතික වන බවත් පැවසීය.
තිරසරභාවය යනු ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන අංගයකි. පාංශු සාරවත් බව, ජෛව විවිධත්වය, ජල මාර්ග සහ සෞඛ්‍ය කෙරෙහි එහි පවතින හානිකර බලපෑම හේතුවෙන් මේ වසර මුල සිට රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල් නාශක තහනම් කිරීමට තම රජය කටයුතු කළ අතර කාබනික පොහොර නිෂ්පාදනය හා යොදා ගැනීම මෙන්ම කාබනික කෘෂිකර්මාන්තය සඳහා කරන ආයෝජන දිරි ගැන්වීම කටයුතු කර තිබෙන බවද ජනාධිපතිතුමා කීය.
පොසීල ඉන්ධන භාවිතය අවම කිරීම සහ කාබන්හරණයට සහාය වීමේ හදිසි අවශ්‍යතාවය ශ්‍රී ලංකාව අවබෝධ කරගෙන සිටින බවත්, බලශක්ති ප්‍රතිපත්තිය මගින් වසර 2030 වනවිට ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.
පෘථිවියේ සෞඛ්‍යයට මානව ක්‍රියාකාරකම්වල පෙර නොවූ විරු බලපෑම කණගාටුවට කරුණක් බව පැවසූ ජනාධිපතිතුමා දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි රටක් වශයෙන් ශ්‍රී ලංකාව මෙහි අනතුරුදායක බව මනාව වටහාගෙන ඇති බවත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳ මනා දර්ශනයක් ශ්‍රි ලංකාව සතු බවත් පැවසීය.
ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම දිරිමත් කරන ලෙස එක්සත් ජාතීන්ගෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී ජනාධිපතිතුමා තිරසර අනාගතයක් වෙනුවෙන් සැබෑ සහයෝගිතාවයෙන්, ත්‍යාගශීලීව සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන් එක්ව කටයුතු කරමු යැයි ජගත් සමුළුව අමතමින් වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ 75 වන ජන්ම දිනය අදයිමහින්ද රාජපක්ෂ මහතා අද 75 වැනි උපන් දිනය සමරන්නේ තම ප්‍රායෝග...
18/11/2020

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ 75 වන ජන්ම දිනය අදයි
මහින්ද රාජපක්ෂ මහතා අද 75 වැනි උපන් දිනය සමරන්නේ තම ප්‍රායෝගික දේශපාලන ජීවිතයේ අභියෝග රැසක් ජයගත් අභීත දේශපාලනඥයෙකු ලෙසිනි.
1945 වසරේ නොවැම්බර් 18 වනදා හම්බන්තොට වීරකැටිය ප්‍රදේශයේ උපත ලද මහින්ද රාජපක්ෂ මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ද පසුව කොළඹ නාලන්ද විද්‍යාලයෙන් සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හදාරා තිබේ.
1967 වසරේදී ඔහුගේ පියාවූ ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ අභාවයෙන් පසුව, මහින්ද රාජපක්ෂ මහතා බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාසය සඳහා ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් විය.
ඒ අනුව වයස අවුරුදු 24 ක් වනවිට, පාර්ලිමේන්තුවෙහි ලාබාලම මන්ත්‍රීවරයා ලෙසින් 1970 වසරේදී ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්විය.
පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිය හැදෑරූ ඔහු, 1977 වසරේදී නීතිඥයෙකු ලෙසින්ද දිවුරුම් දුනි.
වර්ෂ 1994 සිට 2001 දක්වා චන්ද්‍රිකා කුමාරතුංග රජයේ කම්කරු හා ධීවර කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙසද 2002 වසරේ මාර්තු මාසයේ දී විපක්ෂ නායකවරයා ලෙසද ඔහු කටයුතු කරනු ලැබීය.
2004 අප්‍රේල් මාසයේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ 13 වන අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්විය.
2005 නොවැම්බර් මස පවත්වන ලද ජනාධිපතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වූ අතර බහුතර ජනතාවගේ ඡන්දයෙන් එතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.
ජනාධිපතිවරයා මෙන්ම මෙරට සේනාධිනායකයා ලෙසද වසර 30ක් පැවති කුරිරු යුද්ධය 2009 වසරේදී එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පරාජය කරමින් අවසන් කර, රට එක්සේසත් කිරීමට එතුමා ලබාදුන් නායකත්වය අති මහත් ය.
යුද්ධය ජය ගනිමින් රටට සාමය උදාකරදීමේ අසීරු ඉලක්කය ජයගත් මහින්ද රාජපක්ෂ මහතා මෙරට නව සංවර්ධන මාවතක් වෙත රැගෙන යනු ලැබීය.
අලුත් ශ්‍රී ලංකාවක බලාපොරොත්තු මෙරට ජනතාව හමුවේ යථාර්තයක් බවට පත් කරමින් මහාමාර්ග, අධ්‍යාපන, කෘෂිකර්ම ඇතුළු ක්ෂේත්‍ර රැසක කැපී පෙනෙන සංවර්ධනයක් වෙනුවෙන් නායකත්වය ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතා සමත් විය.
2015 වසරේ ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසු විපක්ෂයේ කාර්යය භාරය ඉටුකරමින් 2019 ජනාධිපතිවරණයෙන් සිය සොහොයුරා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා නායකත්වයද ලබා දුන්නේ ය.
ඉන් අනතුරුව 03 වන වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාව පත්කෙරුණු අතර අද දක්වාම ඔහුගේ සේවය ජනතාව වෙනුවෙන් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරමින් සිටින්නේ සිය දේශපාලන දිවියේ වසර 50 ක කඩයිමද පසුකරමිනි.

සිංහරාජයේ මගේ හෝටලය පෙන්වනු.. නැතොත් සතියක් ඇතුලත කෝටි 50ක් වන්දි ගෙවනු..- යෝෂිත නඩු මගටසිංහරාජ රක්‍ෂිතයේ විශාල පරිමාණයේ...
24/08/2020

සිංහරාජයේ මගේ හෝටලය පෙන්වනු.. නැතොත් සතියක් ඇතුලත කෝටි 50ක් වන්දි ගෙවනු..- යෝෂිත නඩු මගට
සිංහරාජ රක්‍ෂිතයේ විශාල පරිමාණයේ හෝටලයක් ඇතැයි තමන් සම්බන්ධයෙන් සිදු තර ඇති අසත්‍ය ප්‍රකාශයට එරෙහිව යෝෂිත රාජපක්ෂ විසින් එම ප්‍රකාශය කල අයට එරෙහිව එන්තර වාසි යවමින් රුපියල් මිලියන 500 ක් වන්දි මුදලක් ඉල්ලයි

20/08/2020
"ජනතාවගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු කරනවා" - ගරු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ
17/08/2020

"ජනතාවගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු කරනවා" - ගරු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ

SLIIT උසස් අධ්‍යාපන ආයතනය, කොවිඩ් වසංගතයෙන් අනතුරුව දේශීය ආර්ථිකය ගොඩනැංවීමට තම උපාධිධාරීන් සවිබලගන්වයිගෙවුණු මාස කිහිපය...
20/05/2020

SLIIT උසස් අධ්‍යාපන ආයතනය, කොවිඩ් වසංගතයෙන් අනතුරුව දේශීය ආර්ථිකය ගොඩනැංවීමට තම උපාධිධාරීන් සවිබලගන්වයි

ගෙවුණු මාස කිහිපය ඇතුළත මිනිසුන් ගෝලීය වශයෙන් මුහුණදෙන ප්‍රධානම අර්බුදය බවට කොවිඩ්-19 වසංගතය පත්ව තිබේ. එදිනෙදා ජීවිතය තුළ අප කරන කියන සෑම කටයුත්තකදීම ඒ පිළිබඳව සැළකිලිමත් වීම ද අනිවාර්ය අංගයක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාව තුළ ද දැනට පවතින රෝග ව්‍යාප්ති වාතාවරණය මෙරට සමාජයේ සෑම කොටසකට ම බලපාන අලුත් අභියෝග රැසක් නිර්මාණය කර අවසන් ය.

මෙම පසුබිම තුළ දැනට පවත්නා ව්‍යාපාර මෙන්ම අනාගත ව්‍යාපාර සඳහා ද ඊ වානිජ දොරටු නිර්මාණය කිරීමේ දැනුම හා කුසලතාව ඇති පිරිස් සඳහා විශාල අවස්ථා ප්‍රමාණයක් විවර වෙනු ඇත. මෙසේ නව ඊ වානිජ ව්‍යාපාර මාදිලි ගොඩනැංවීමේදී තොරතුරු තාක්ෂණය මෙන්ම ව්‍යාපාර කළමනාකරණ යන අංශ දෙකම එකතුවීමෙන් සෑදෙන කුසලතා හා දැනුම සඳහා විශාල පිළිගැනීමක් හිමිවනු ඇත.

කොවිඩ් වසංගතය ජයගැනීමෙන් පසු, තොරතුරු තාක්ෂණය, දත්ත විද්‍යාව, මෘදුකාංග ඉංජිනේරු, පරිගණක ජාලකරණ, තොරතුරු පද්ධති, ව්‍යාපාර හා පද්ධති විශ්ලේෂණ, බහුමාධ්‍ය හා සයිබර් ආරක්ෂණ වැනි අංශවල විශේෂඥ දැනුමක් ඇති වෘත්තීකයින්ට ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලොව පුරා දැවැන්ත ඉල්ලුමක් නිර්මාණය වනු ඇතැයි දැනටමත් පුරෝකථනය වී තිබේ.

මේ තත්ත්වය මත, කොවිඩ්-19 අර්බුදය ජයගැනීමෙන් පසු සෞඛ්‍ය, යහපැවැත්ම, පරිගණක හා ඉංජිනේරු වැනි ක්ෂේත්‍රවල මතුවන අවශ්‍යතාවන් පූරණය කිරීමට හැකි අනාගත පරම්පරාවක් බිහිකරනු වස් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක්වන SLIIT කැපවී සිටී.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයට SLIIT පරිගණක අධ්‍යයන පීඨයෙන් ලබාදී ඇති දායකත්වය අති මහත් ය. ගෙවුණු වසර 20ක කාලය තුළ මෙරට තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකායේ 60%ක් බිහිකිරීමට SLIIT ආයතනය සමත්වීම ඊට කදිම සාක්ෂියකි. එවැනි සාර්ථකත්වයකට හේතුසාධක වී ඇත්තේ, SLIIT හරහා පිරිනැමෙන තොරතුරු තාක්ෂණය හා පරිගණක පිළිබඳ විවිධ උපාධි පාඨමාලා ඇසුරෙන් ඊ වානිජ්‍ය හා වැඩිදියුණු කළ තාක්ෂණික අංශ පිළිබඳ පුළුල් දැනුමක් සිසුන්ට හිමිවීම ය.

මීට අමතරව තොරතුරු තාක්ෂණය, මෘදුකාංග ඉංජිනේරු, පරිගණක පද්ධති සහ ජාලකරණ ඉංජිනේරු, තොරතුරු පද්ධති ඉංජිනේරු, අන්තර්ක්‍රියා මාධ්‍ය සහ සයිබර් ආරක්ෂණ වැනි අංශ හරහා විශේෂවේදී උපාධි හතක් SLIIT පරිගණක විද්‍යා පීඨය පිරිනමයි. දත්ත විද්‍යා උපාධි පාඨමාලාව එම පාඨමාලා ගොනුවේ නවතම සාමාජිකයා වේ. ඉදිරියේදී පරිගණක විද්‍යාව හා පරිගණක පද්ධති ඉංජිනේරු වැනි පාඨමාලා ද හඳුන්වාදීමට නියමිත ය.

“අනාගත ශ්‍රම බලකායේ අවශ්‍යතා බලගැන්වීමටත්, හොඳින් පවත්වාගෙන යෑමටත් අවශ්‍ය ප්‍රවීණත්වය ලබාදීමට අප සතු කැපවීම මෙම අධ්‍යයන පාඨමාලා ඔස්සේ හොඳින් ප්‍රදර්ශනය වෙනවා. විශේෂයෙන්ම අපේ රටත්, ලෝකයත් කොවිඩ් -19 වැනි අනපේක්ෂිත අර්බුදයකට මුහුණ දී සිටින මෙවන් මොහොතක, නවෝත්පාදන පරිගණක විසඳුම්, ඉංජිනේරු විසඳුම්, විද්‍යාත්මක හා තාක්ෂණික උපදේශන, රක්ෂණ, බයෝටෙක් හා ජීව විද්‍යා, කෘතිම බුද්ධිය, දත්ත විද්‍යාව සහ සෙසු අලුත්ම විෂය ක්ෂේත්‍රයන්හි රැකියා සඳහා අපේ සිසුන් සූදානම් කරවීමේ අවශ්‍යතාව අපි හොඳින් තේරුම්ගෙන සිටිනවා” යනුවෙන් SLIIT පරිගණක විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දිමාල් ජයවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ තේ සදහා විශාල ඉල්ලුමක්කොළඹදී පැවැත්වූ තේ වෙන්දේසියේදී උඩරට සහ පහතරට තේ සදහා වාර්තාගත මිලක් ලැබී ඇති බව වතු ...
16/04/2020

ශ්‍රී ලංකාවේ තේ සදහා විශාල ඉල්ලුමක්

කොළඹදී පැවැත්වූ තේ වෙන්දේසියේදී උඩරට සහ පහතරට තේ සදහා වාර්තාගත මිලක් ලැබී ඇති බව වතු අධිකාරි පවසයි

මෙම වෙන්දේසියේදී උඩරට සහ පහතරට තේ සදහා රු.700 ක මිලක් ලැබුනු බවත් මෙය අවසන්වරට පැවති වෙන්දේසියේදි ලැබුණු මිලට වඩා රු. සියයකින් ඉහළ යාමක් බව සදහන්.

හෙට සිට දින 3ක විශේෂ නිවාඩුවක්හෙට(17) සිට දින රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.ඒ අනුව හෙට සිට එළඹෙන බ්...
16/03/2020

හෙට සිට දින 3ක විශේෂ නිවාඩුවක්

හෙට(17) සිට දින රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව හෙට සිට එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා මෙම නිවාඩුව බල පැවැත්වෙන බව රජය නිවේදනය කරයි.

සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යාවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ දින 03ක නිවාඩුව බල පැවැත්වෙනු ඇති.

පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබාදෙන මෙන් රජයේ ඉල්ලා සිටියි.

කොවිඩ් නයින්ටීන් වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ අවධානය යොමුකරමින් තවදුරටත් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳ සලකා බැලීමට නියමිතයි.

රජය විසින් අද(16) දිනය ද රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබිණි.

ඒ අනුව රාජ්‍ය ආයතන බැංකු සහ වෙළඳ නිවාඩුවක් ලෙස ද අද දිනය ප්‍රකාශයට පත් කෙරිණි.

කෙසේ වෙතත් අද රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබුනද සෞඛ්‍ය අංශ සඳහා එය වලංගු නොවු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම් භද්‍රානී ජයවර්ධන මහත්මිය පැවසීය.

කාන්තාවන්ගේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිවැරදියිමෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය සොයා බැලීම සඳහ...
26/12/2019

කාන්තාවන්ගේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිවැරදියි

මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය සොයා බැලීම සඳහා, අප විසින් විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල 2018 වසරේ උපාධි අපේක්ෂකයන් ලෙස ලියාපදිංචිවීම්වල සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් (UGC) විමසුම් කළෙමු.

මෙහිදී අපට ලබාගැනීමට හැකි වූ සංඛ්‍යාලේඛන මගින් ආවරණය කෙරෙන්නේ 1978 වසරේ අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත යටතේ ස්ථාපනය කෙරුණු ආයතන පමණි. මෙම පනත යටතට නොගැනෙන රාජ්‍ය සහ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ගණනාවක් පවතී.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2018 වසරේ උසස් අධ්‍යාපන ආයතනවල ලියාපදිංචි වූ අයවලුන් 97,815 දෙනෙකුගෙන් 62,907 දෙනෙක් කාන්තාවෝ වෙති. එනම් ප්‍රතිශතයක් ලෙසින් එය 64.3%කි.

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය (මෙය ආරක්ෂක අමාත්‍යාංශය මගින් පාලනය වේ) හෝ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් උපාධි පාඨමාලා ලබාදෙන, පෞද්ගලිකව පාලනය වන ආයතනයකි) වැනි විශ්වවිද්‍යාල පනත යටතට නොගැනෙන සරසවි/උසස් අධ්‍යාපන ආයතන මගින් ප්‍රකාශිත සංඛ්‍යාලේඛන සොයාගැනීමට FactCheck කණ්ඩායම අසමත් වුණි.

කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ලබාගත් සංඛ්‍යාලේඛන තහවුරු කරගැනීමට උත්සාහ කිරීම උදෙසා, FactCheck කණ්ඩායම ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණයේ (LFS) සංඛ්‍යාලේඛන භාවිත කොට ඇත. 2014 වසරේ ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණ දත්ත ඔස්සේ කළ අපගේ විශ්ලේෂණයෙන්, කාන්තාවන්ගෙන් 57%කට වැඩි ප්‍රමාණයක් තමන් විශ්වවිද්‍යාලවල ලියාපදිංචි වූවන් ලෙසින් වාර්තා කොට ඇති බව හෙළි විය.

2018 වසර සඳහා විශ්වවිද්‍යාල පනත මගින් ආවරණය වන සහ නොවන සියලුම ආයතනවල අවසාන දත්ත ලබාගැනීමට නොහැකි වුවත්, අප ඉහතින් සඳහන් කර ඇති ආකාරයට විමසුමට ලක් කළ දත්තවල සං‍යෝජනය තුළින් ලබාගත හැකි නිර්ණය වන්නේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිදුකළ මෙම ප්‍රකාශය නිවැරදි බවයි.

එම නිසා අපි, අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සත්‍ය වේ යැයි ප්‍රකාශ කරමු.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

යෝෂිත රාජපක්ෂ නැවතත් නාවික හමුදාවට අනියුක්ත කරයිහිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ ...
26/09/2019

යෝෂිත රාජපක්ෂ නැවතත් නාවික හමුදාවට අනියුක්ත කරයි

හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා නැවතත් නාවික හමුදාවට අනියුක්ත කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ලුතිනන් තනතුරට ඔහු නැවතත් අනියුක්ත කරනු ඇත. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශයකට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අත්සන් කිරීමත් සමගින් යෝෂිත නැවතත් නාවික හමුදාවට අනියුක්ත කර තිබේ.

2016 වසරේ පෙබරවාරි මස 28 දා සිට බලපැවැත්වෙන පරිදි ඔහු මෙසේ යළි නාවික හමුදාවට අනියුක්ත කර තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නාවික හමුදාවට කළ දැනුම් දීමක් අනුව 2016 වසරේ පෙබරවාරි මස 28 දා යෝෂිත නාවික හමුදාවෙන් ඉවත් කරනු ලැබීය.

CSN නාළිකාව සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අදාළව යෝෂිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අතර ඒ අනුව ඔහුගේ නාවික හමුදා සේවය අත්හිටුවීමට කටයුතු කළේය.

එංගලන්තයට සහ නවසීලන්තයට සම ශූරතාව ලබා දිය යුතුයි..- ලෝක ශූර ක‍්‍රිකට් නායකයා කියයි..මෙවර ලෝක කුසලාන තරගාවලියේ සම ශූරතාව ...
17/07/2019

එංගලන්තයට සහ නවසීලන්තයට සම ශූරතාව ලබා දිය යුතුයි..- ලෝක ශූර ක‍්‍රිකට් නායකයා කියයි..

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සම ශූරතාව එංගලන්තයට සහ නවසීලන්තයට දිය යුතුව තිබුණු බව ලෝක ශූර ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

මේබව කියා සිටියේ මීරිගම ප්‍රදේශයේ පැවැති ක්‍රීඩා උත්සව කිහිපයකදී අදහස් දක්වමිනි.

මව්රට සහ සේව්ද ස්පෝර්ට්ස් සංවිධානය මෙම ක්‍රීඩා උත්සව සංවිධානය කර තිබිණ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ක්‍රිකට් පරිපාලනය නරක තත්ත්වයක තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දියුණුවක් අපේක්ෂා කළ නොහැකි බවයි.

“මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ලෝක කුසලාන ඉතිහාසයේ මම දැක්ක හොඳම තරගය. මෙම තරගයේදී කණ්ඩායම දෙකේම ලකුණු සම වීම නිසා කණ්ඩායම් දෙකටම සම ශූරතාව ලබා දුන්නා නම් හොඳ යැයි මම පෞද්ගලිකව සිතනවා. එම තරගාවලියේදී අපේ කණ්ඩායම දිහා බැලූවිට අපේ කණ්ඩායම හිතුවට වඩා දක්ෂතා පෙන්නුම් කළා. නමුත් අපි හරි කණ්ඩායමක් තෝරා තිබුණේ නැහැ. ‍එසේ හරි කණ්ඩායමක් තෝරාගෙන තිබුණා නම් අපිට අවසන් පූර්ව තරගයට පැමිණීමේ හැකියාව තිබුණා. අපේ කණ්ඩායමේ නවක ක්‍රීඩකයෝ තරගාවලියේදී ක්‍රමානුකූලව තම දක්ෂතා වර්ධනය කර ගත්තා. නමුත් මැදපෙළේ දුර්වලතාව නිසා අපි ‍බොහෝ වෙලාවට අසරණ වුණේ. වැදගත්ම‍ දේ අපේ ක්‍රිකට් පරිපාලනය නරක තත්ත්වයක තියෙන විට ක්‍රිකට් කණ්ඩායමේ දියුණුවක් දකින්නට ලැබෙන්නේ නැහැ.

අද ක්‍රිකට් පරිපාලනය සිදු කරන්නේ කිසිම විදියකින් ක්‍රිකට් දැනුමක් නැති අය. ඔවුන්ගේ ආශිර්වාදයෙන් ක්‍රිකට් මුදල් වියදම් කරමින් හතලියක් පමණ ලෝක කුසලාන තරගාවලිය බලන්න යනවා. නමුත් අපේ රටේ පාසලකට ක්‍රිකට් ක්‍රීඩාව උදෙසා සල්ලි දෙන්නැයි කිව්වම ක්‍රිකට් පරිපාලනය අඩනවා. ගමේ දරුවන්ට කී‍්‍රඩාවට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නැහැ. ගමේ කී‍්‍රඩකයින්ට අවශ්‍ය බෝලයක් බැට් එකක් ලබා දෙන්නේ නැහැ. ගමේ පාසලට, ගමට බැට් එකක් බෝලයක් නොදී අපි කොහොමද ලෝකය දිනන්නේ. මේ වන විට කි‍්‍රකට් කී‍්‍රඩාව විනාශ වෙලා තියෙන්නේ. මේකට මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන. අද කි‍්‍රකට් පරිපාලනය අන්ත ¥ෂිතයි. සුදුකාරයෝ, රේස්කාරයෝ නිසා අද කි‍්‍රකට් මුදලට ගිහිල්ලා තියෙන්නේ.

මීලග ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා නම් කරන ලෙස විශ‍්‍රාමික රණවිරුවන්ගෙන් සැදුම්ල...
17/07/2019

මීලග ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා නම් කරන ලෙස විශ‍්‍රාමික රණවිරුවන්ගෙන් සැදුම්ලත් සංවිධානයක් විසින් මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායකතුමන්ගෙන් ඉල්ලීමක් කරන ලදී.

ශ‍්‍රී ලංකා ජාතික රණවිරු බලවේගය නම් සංවිධානය විසින් එම ඉල්ලීම සහිත ලිපියක්ද මහින්ද රාජපක්‍ෂ මහතාට බාර දෙන ලදී.

මහින්ද රාජපක්‍ෂ මහතා ඔවුනට ප‍්‍රතිචාර දක්වමින් කියා සිටියේ ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කරන්නේ කවුදැයි මෙතෙක් තීරණය කර නැති බවත් 11 වැනිදා වන විට එය තීරණය කර ප‍්‍රකාශයට පත් කරන බවත්ය.

ත්‍රිවිධ හමුදාවේ සියලු නිලධාරීන්ට හා අනෙකුත් නිලයන් හට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුළු අනෙකුත් දීමනා වැඩි කර තිබේ.මුදල් අමාත...
23/05/2019

ත්‍රිවිධ හමුදාවේ සියලු නිලධාරීන්ට හා අනෙකුත් නිලයන් හට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුළු අනෙකුත් දීමනා වැඩි කර තිබේ.

මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

මෙම දීමනාවල බොහොමයක් පසුගිය වසර 20 ක කාලයක් තිස්සේ කිසිදු වැඩිවීමක් කර නොමැත.

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හා සෙසු නිලයන් වෙත ගෙවනු ලබන දීමනා වැඩිකරන බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය 2019 යෝජනාවේදී පොරොන්දු වී ඇත.

ත්‍රිවිධ හමුදාවන්ගේ වැටුපට අමතරව නිලධාරීන් සඳහා ගෙවනු ලබන මාසික සලාක දීමනාව 2019 ජනවාරියේ සිට ක්‍රියාත්මක වන පරිදි රු. 23,231 දක්වාද, සෙසු නිලයන්ගේ මාසික සලාක දීමනාව රු. 19,350 දක්වාද වැඩිකර ඇත.

මෙම සලාකයට ඇතුළත් ආහාර ද්‍රව්‍ය ලේඛනය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වෙත ලබාදීමෙන් පසුව කරන ලද ගණනය කිරීමෙන් අනතුරුව මෙම දීමනා වැඩිකිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය පසුගිය සතියේදී ලබා දී තිබේ.

මේ අතර ත්‍රිවිධ හමුදාවට ගෙවනු ලබන පහත සඳහන් දීමනා 2019 ජූලි 01 දා සිට ක්රිනයාත්මක වන පරිදි වැඩි කරනු ලැබේ.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ගෙවනු ලබන ගෙවල් කුලී දීමනාව දෙගුණ කර තිබේ.

තවද, ශ්‍රී ලංකා නාවුක හා ගුවන් හමුදාවල සමාන නිලධාරීන්ද ඇතුළත් කොමාන්ඩෝ දීමනාව මසකට රු. 1000 සිට රු. 5000 දක්වා වැඩි කරනු ලැබේ.

මංගල සමරවීර අමාත්‍යවරයා විසින් අයවැයෙන් යෝජිත පරිදි ත්‍රිවිධ හමුදාවේ සියලු නිලයන් සඳහා ගෙවනු ලබන දෛනික යහපැවැත්ම දීමනාව සහ නිල ඇඳුම් දීමනාව ද 2019 ජූලි 01 දින සිට වැඩි කිරීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතුළත් අංක 02/2019 චක්‍රලේඛය 2019 මැයි මස 21 වන දින නිකුත් කර ඇත.

එය එසේම වීනම්.....🤔
23/05/2019

එය එසේම වීනම්.....🤔

ජනාධිපති අපේක්ෂකත්වය ගැන ධම්මික පෙරේරා කියන දේ2020 ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේද නැද්ද ය...
22/05/2019

ජනාධිපති අපේක්ෂකත්වය ගැන ධම්මික පෙරේරා කියන දේ

2020 ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේද නැද්ද යන්න පිළිබඳව දැනට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසා සිටියි.

ඔහු මේ බව පැවසුවේ, කොළඹදී ඊයේ (21) පස්වරුවේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මේ වන විට ජනතාව දැනුවත්භායයෙන් පසුවන බවත් ඉදිරියට ජනතාව නොමඟ යැවිය නොහැකි බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

ඉදිරියට රට සංවර්ධනය කරන විසඳුම් වලින් මිස කිසිවෙකුට ඉදිරියට පැමිණිය නොහැකි බවත් ජනතා දැනුවත්භාවය තුළින් රටේ ඉදිරි අනාගතය ඉතා හොඳ විය හැකි බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍ර ප්‍රතිව්‍යූගත කිරීම පිළිබඳව පැවති මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අමුත්තා ලෙසින් වැලිබල් සමූහයේ සභාපති ධම්මික පෙරේරා මහතා එක්විය.

විපක්ෂනායක මහින්ද කොළඹ පාසල්වලට යයිතම තමන්ගේ මැතිවරණ කොට්ඨාසවල පිහිටි පාසල් වලට ගොස්  පාසල් වල ආරක්‍ෂක තත්ත්වයන් සොයා බල...
22/05/2019

විපක්ෂනායක මහින්ද කොළඹ පාසල්වලට යයි

තම තමන්ගේ මැතිවරණ කොට්ඨාසවල පිහිටි පාසල් වලට ගොස් පාසල් වල ආරක්‍ෂක තත්ත්වයන් සොයා බලා පාසල් වලට ළමුන් පැමිණීම සඳහා දිරිගැවීමට විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් පාලන නියෝජිතයින්ට කටයුතු කරන ලෙස ගරු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතාද පුද්ගලිකවම මැදිහත් වෙමින් අද පෙරවරුවේ කොළඹ හා ඒ අවට පිහිටි තර්ස්ටන්, රාජකීය, විශාකා, හින්දු විද්‍යාලය, ආනන්ද, නාලන්ද, ගෝතමී යන පාසල්වලට ගොස් පාසල් ළමුන්, දෙමාපියන්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හා ආරක්‍ෂක නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් පාසල් හා ඒ අවට ආරක්‍ෂක තත්වයන් සොයා බැලීමට කටයුතු කළේය.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කනක හේරත්, විපක්‍ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුන්ද එක්වූහ.

චීනයෙන් ඩොලර් මිලියන 300 ක ණයක් ගන්න යයිචීනයේ ‘බෑන්ක් ඔෆ් චයිනා’ වෙතින් එක්සත් ජනපද ඩොලර් මිලියන 300ක ණය මුදලක් ලබාගැනීම...
17/01/2019

චීනයෙන් ඩොලර් මිලියන 300 ක ණයක් ගන්න යයි

චීනයේ ‘බෑන්ක් ඔෆ් චයිනා’ වෙතින් එක්සත් ජනපද ඩොලර් මිලියන 300ක ණය මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් සළකා බලමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

එම මුදල් එක්සත් ජනපද ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවිය හැකි යැයි ද වික්‍රමරත්න මහතා කියයි. රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් හෙතෙම ඒ බව ප්‍රකාශ කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා එහිදි මෙසේ ද සඳහන් කර ඇත.

“අපි බෑන්ක් ඔෆ් චයිනා වෙතින් ඩොලර් මිලියන 300ක මුදලක් ලබාගැනීම කෙරෙහි සලකා බලනවා. එය ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නංවා ගන්න පුළුවන්. එම මුදල්වලින් ඉදිරි මාස කිහිපයේදී ගෙවීමට තිබෙන ණය නැවත ගෙවීම් ගෙවා අවසන් කරන්න පුළුවන්. දැඩි කොන්දේසි සහ ශ්‍රේණිගත කිරීමේ ආයතන ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහත දැමීම නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළවලින් ණය ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වෙලා. ණය මුදලේ ප්‍රමාණය, කාලය, මිල යනාදිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ අනුකමිටුවක් ඉදිරියේදී සාකච්ඡා පවත්වනු ඇත.

පසුගිය වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත ණයවලින් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් චීන ණය විය. චීනය ශ්‍රී ලංකාවට වරාය, මහාමාර්ග, අධිවේගී මාර්ග සහ තවත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 8කට ආසන්න මුදලක් ණයට ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් කොළඹ පිහිටි ‘බෑන්ක් ඔෆ් චයිනා’ බැංකුව සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

☑️ page එකට Like කරන්න.☑️ Share කරන්න☑️ Comment කරන්න
08/12/2018

☑️ page එකට Like කරන්න.
☑️ Share කරන්න
☑️ Comment කරන්න

තමන් සමඟ සංවාදයකට එන්නැයි මෛත්‍රීගෙන් අභියෝගයක්දේශපාලනය සමඟ මාතෘ භූමිය වෙනුවෙන් උඩුගං බලා පිහිනන ගමනේදී තම ජීවිතය හෝ තනත...
25/11/2018

තමන් සමඟ සංවාදයකට එන්නැයි මෛත්‍රීගෙන් අභියෝගයක්

දේශපාලනය සමඟ මාතෘ භූමිය වෙනුවෙන් උඩුගං බලා පිහිනන ගමනේදී තම ජීවිතය හෝ තනතුර හෝ ඒ දෙකම නැතිවිය හැකි වුවත් සටන අත්නොහරින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ බොහෝ දේ ඉදිරියේ දී හෙළි කරන්නේ යැයි ද සිරිසේන මහතා කීය.

ඕනෑම ඉහළ පෙළේ දේශපාලඥයකුට තමන් සමඟ සංවාදයකට එන්නැයි තමන් අභියෝග කරන බවත් වරද නිවැරදිව පෙන්වා දීමට තමන් සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ලබන ජනවාරියේ දී තමන් තවත් පොතක් නිකුත් කරන්නේ යැයි කී සිරිසේන මහතා රනිල් සමඟ වසර තුනක අනවරත දීගයක් නමින් ඒ පොත නම් කරන බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තුව ඒකපාර්ශ්විකව රැස්වී එහි නොසිටි තමන් හා තම දියණිය ලියු පොතක් ගැන දිගින් දිගටම විවේචනය කළේ යැයි ද එජාපය එහි කළේ තනියම ක්‍රීඩා කිරීමක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

රාජ්‍ය පාලනයේ දී සිදුවන සිත් රිදීම් සේවය සඳහා කිසිදු අයුරකින් බල නොපාන බව පැවසූ ජනාධිපතිවරයා අද තමන් නරක මිනිසකු ලෙස දකින්නන් හෙට දවසේ දී හොඳ මිනිසකු ලෙස දකිනු ඇතැයි ද සඳහන් කළේය. තමන් අද මේ සටන කරන්නේ දූෂණය භීෂණය ඒකාධිපති වාදය හා රට විනාශ කරන සියලු බලවේගවලට එරෙහිව යැයි ද පැවැසීය.

මේ වනතුරුත් තමන් කිසිදු තැනක දී සෙලවී නැතැයි ද වැරදිකරුවන් නිවැරදිකරුවන් කවුදැයි ඉතිහාසය හෙළිදරවු කරනු ඇතැයි ද එය හෙට දවසට භාර කරන බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත් මේ සටනේ දී ජනතාව තමන් හුදකලා කරන්නේ නැතැයි තමන් දන්නා බව ද ඔහු වැඩි දුරටත් කීය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී අද (23) පැවති ජාතික මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ විසිපස් වසර සැමරුම සඳහා පැවැති උත්සවයක දීය.

මහින්ද අගමැති කාර්යාලයෙන් කෑම එකක්වත් ලබාගෙන නෑහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දක්වා අගමැති කාර්යාලයෙන් කෑම එකක් හ...
22/11/2018

මහින්ද අගමැති කාර්යාලයෙන් කෑම එකක්වත් ලබාගෙන නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දක්වා අගමැති කාර්යාලයෙන් කෑම එකක් හෝ ලබාගෙන නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රයෝජනයට ගනු ලබන්නේ හිටපු ජනාධිපතිවරයාට වෙන් කර ඇති මුදල් පමණක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ දක්වා අරලියගහ මන්දිරයේ වියදම් පියවූ බවත්, නව රජයට අවශ්‍ය වුවහොත් එම වියදම් කපා හැරීමේ හැකියාව තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

පාඩු පිට පාඩුයි..ITN විකුණා දමයි.. ප‍්‍රබල ඇමති මිලට ගනීස්වාධීන රූපවාහිනී නාලිකාව ආණ්ඩුව නියෝජනය කරන ප‍්‍රබල ඇමතිවරයෙකුට...
26/07/2018

පාඩු පිට පාඩුයි..ITN විකුණා දමයි.. ප‍්‍රබල ඇමති මිලට ගනී

ස්වාධීන රූපවාහිනී නාලිකාව ආණ්ඩුව නියෝජනය කරන ප‍්‍රබල ඇමතිවරයෙකුට විකුණා දැමීමේ සැලසුමක් ක‍්‍රියාත්මක වන බව යුක්තියට හඬක් සංවිධානය සදහන් කරයි.

එම සංවිධානයේ සංවිධායක සුදර්මන් රදලියගොඩ මහතා සදහන් කරන්නේ පාඩු ලබන බව පෙන්වමින් ස්වාධීන රූපවාහිනිය විකුණා දමනු ඇති බවයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු වැඩි දුරටත් සදහන් කලේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ සිටි නාලිකාව දැන් අංක 06-07ට ඇද වැටී ඇති බවත් හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපළ පාඩු ලබනවා යැයි පවසමින් විකුණුවා සේම ස්වාධීන රූපවාහිනී නාලිකාවද විකුණා දමන බවයි.

එජාප රැස්වීමට ඇමති මලික් බලෙන් පැනලා..හෙට අනිද්දාට හොද පාඩමක් උගන්වනවාඋපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මල...
26/04/2018

එජාප රැස්වීමට ඇමති මලික් බලෙන් පැනලා..හෙට අනිද්දාට හොද පාඩමක් උගන්වනවා

උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කිසිදු අවසරයකින් සහ අනු දැනුමකින් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමට බලහත්කාරයෙන් සහභාගීවීම සම්බන්ධයෙන් එම මණ්ඩලයේ සභිකයන්ගේ දැඩි විරෝධය එල්ල වෙමින් පවතියි.

මලික් සමරවික්‍රම මහතාගේ මේ ක්‍රියාකලාපය තරයේ හෙළා දකිමින් එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් පැවසුවේ ඔහුගේ මේ ක්‍රියාව විනය සහ නීති විරෝධී දේශපාලන හැදියාවක් නොමැති බාල ක්‍රියාවක් බවය.

මලික් සමරවික්‍රම මහතාට මෙසේ එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමට එක් විය හැකි නම් ඒ සඳහා රහස් ඡන්දයකින් සභිකයින් තෝරා ගත්තේ කුමකට දැයි ප්‍රශ්න කළ ඔහු එසේ නම් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන සියලු දෙනාටම පොදුවේ එම මණ්ඩලය නියෝජනය කිරීමේ අවස්ථාව ලබා දිය යුතු යැයි ද අවධාරණය කළේය.

මලික් සමරවික්‍රම මහතාගේ මේ විනය සහ නීති විරෝධී දේශපාලන සදාචාරයකින් තොර අධිපතිවාදී ක්‍රියාකලාපයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ පසු පෙළ මන්ත්‍රීවරුන් ද එකට ඒකරාශී කර ගෙන හෙට අනිද්දාම හොඳ පාඩමක් උගන් වන බව ද එම ජ්‍යෙෂ්ඨ නායකයා වැඩි දුරටත් සඳහන් කළේය.

අරලිය ගහ මන්දිරයේ 24 පැවති එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමට ද මලික් සමරවික්‍රම මහතා එක්ව සිටි බව ද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ උප නායක රවී කරුණානායක යන මහත්වරුන් නිල බලයෙන් මේ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන අතර රංජිත් මද්දුම බණ්ඩාර,මංගල සමරවීර , ගයන්ත කරුණාතිලක,අකිල විරාජ් කාරියවසම්, හරීන් ප්‍රනාන්දු, ජේ.සී. අලවතුවල, නලින් බණ්ඩාර,රුවන් විජය වර්ධන, අශෝක ප්‍රියන්ත , ඉරාන් වික්‍රමරත්න, අජිත් .පී. පෙරේරා සහ නවින් දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඊට ඡන්දයෙන් තේරී පත්ව සිටිති.

හිමිකරුවෙකු නොමැති දෙලක්ෂයට අධික මුදල් පසුම්බියක්රුපියල් දෙලක්ෂ 4650ක පමණ මුදලක් සහිත හිමිකරුවෙකු නොමැති මුදල් පසුම්බියක...
07/04/2018

හිමිකරුවෙකු නොමැති දෙලක්ෂයට අධික මුදල් පසුම්බියක්

රුපියල් දෙලක්ෂ 4650ක පමණ මුදලක් සහිත හිමිකරුවෙකු නොමැති මුදල් පසුම්බියක් හමුවී ඇති බව කොහුවල පොලිසිය පවසනවා.

අදාළ මුදල් පසුම්බිය කලුබෝවිල රෝහල අසළ මාර්ගයේ වැටී ඇති බව සඳහන්.

සිරිමල් උයන ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු විසින් එය අහුලාගෙන කොහුවල පොලිසියට භාර දී ඇති අතර සිය අනන්‍යතාවය තහවුරු කර අදාළ මුදල් පසුම්බිය භාර ගන්නා ලෙසටයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ICC මුල් පුටුවට ඉව අල්ලන ලංකාවේ ‘ක‍්‍රිකට් ලොක්කා’ බංගාලදේශයේ තරග තහනම නැවතුවාද?නිදහස් කුසලාන විස්සයි20 තරගාවලියේදී බංග...
21/03/2018

ICC මුල් පුටුවට ඉව අල්ලන ලංකාවේ ‘ක‍්‍රිකට් ලොක්කා’ බංගාලදේශයේ තරග තහනම නැවතුවාද?

නිදහස් කුසලාන විස්සයි20 තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට සිදු වූ හානිය පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්‍රයේ මේ වන විට යළිත් කතාබහක් නිර්මාණයව ඇත්තේ දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නෙක් වන කාගිසෝ රබාඩාට පැන වූ තරග තහනම හේතුවෙනි. ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් දවාගැනීමෙන් අනතුරුව රබාඩා ඔස්ට්‍රේලියානු නායකයාට අවිනීත ආකාරයෙන් ආමන්ත්‍රණය කළා යැයි චෝදනා කරමින් එම තරගයේ තරග තීරක ලෙස කටයුතු කළ ජෙෆ් ක්‍රෝ ඔහුට තරග දෙකක තහනමක් පැනවීය.

කෙසේ වෙතත් රබාඩා එම තීරණය අභියෝගයට ලක්කරමින් අභියාචනයක් ඉදිරිපත් කළ අතර, පසුව ඔහුගේ තරග තහනම ඉවත් කෙරුණේ අයිසීසී ක්‍රීඩක විනය සංග්‍රහයේ කිසිදු වගන්තියක් ඔහු විසින් උල්ලංඝනය කර නොමැති බව සඳහන් කරමිනි. එහෙත් මෙම සිද්ධියත් සමග පැන නගින ගැටලුවක් වනුයේ ඔස්ට්‍රේලියානු නායකයාව දවාගැනීමේ ප්‍රීතිය සමරනු වස් කළ ක්‍රියාවට තරග දෙකක තහනමක් පැනවීමත්, ක්‍රීඩාගාරවල වීදුරු බිඳිමින් ක්‍රීඩකයන්ට නොගැළපෙන ආකාරයෙන් පිටියේ හැසිරුණු බංග්ලාදේශ කණ්ඩායමට සියයට 25ක දඩයක් සහ අසාදු ලකුණක් පමණක් ලබාදීමත් ප්‍රමාණවත්ද යන්නයි.

හිටපු ඉන්දීය දඟපන්දු යවන්නෙක් වන හර්බජාන් සින් පවා මෙම සිද්ධියට එරෙහිව පවසා සිටියේ බංග්ලාදේශ කණ්ඩායමේ විනය විරෝධී ක්‍රියාවලට මීට වඩා ලොකු දඬුවමක් ලබාදිය යුතු බවයි. කෙසේ වෙතත් මේ වන විට මෙම සිද්ධිය (බංග්ලාදේශ කණ්ඩායමට තරග තහනමක් ලබා නොදීම සම්බන්ධයෙන්) පසුපස මෙරට ක්‍රිකට් ‘ලොකු පුටුවක්’ හොබවන පුද්ගලයෙකුගේ නමක් ඈඳී තිබීම කනගාටුවට කරුණකි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුර ලබාගැනීම සඳහා බංග්ලාදේශයේ සහය ලබාගැනීම හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට මෙම පුද්ගලයාගේ මැදිහත් වීම මත වැළකී ගොස් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

දකුණු අප්‍රිකාව ඔවුන්ගේ ක්‍රීඩකයාට සිදු වූ අසාධාරණයට එරෙහිව මැදිහත් වී ඔවුන්ගේ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් උපරිම සාධාරණයක් සිදු කරගනිද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සිය ක්‍රීඩකයන්ට එරෙහිව බංග්ලාදේශ ක්‍රීඩකයන් සිදු කළ විනය විරෝධී ක්‍රියාවන්ට උපරිම සාධාරණයක් සිදුකරගැනීමට අපොහොසත් වීම කනගාටුවට කරුණකි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් නායකයෙකු ‘අද’ පුවත්පතට පවසා සිටියේ තමන් නායකත්වය දරන අවස්ථාවකදී මෙවැනි සිද්ධියක් වාර්තා වූයේ නම් ඊට එරෙහිව උපරිම සාධාරණයක් වනතුරු තමන් සටන් කරන බවයි.

කෙසේ වෙතත් මෙහිදී පෙනී යන්නේ යම් යම් පුද්ගලයන්ගේ පටු අභිමතාර්ථ සහ පෞද්ගලික අරමුණු ඉටු කරගනු වස් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් බිල්ලට දී ඇති බව නොවේද? මේ සියලු කාරණා පසුපස සහ බංග්ලාදේශයට අවම බලපෑමක්‌ වන පරිදි මෙම සිද්ධියේදී ක්‍රිකට් ලොක්කෙක් සිටීම පිළිබඳව පරීක්ෂණයක් සිදු කළ යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. එහෙත් එවැනි පරීක්ෂණයක් හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් දේපොළවලට සිදු වූ හානිය අයකර ගැනීම සඳහාවත් ක්‍රිකට් බලධාරීන් මැදිහත් වේ යැයි අපේක්ෂා කිරීමට මේ අනුව නොහැකි වී තිබේ.

සංගා පිතිකරුවන් අතර පෙරමුණටඑක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවැති...
05/03/2018

සංගා පිතිකරුවන් අතර පෙරමුණට

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවැති තරගවලදී වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන කුමර් සංගක්කාර සමත්ව සිටියි. සුල්තාන්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 5 කට සහභාගි වූ සංගක්කාර ඉනිම් 4 කදී අර්ධ ශතක 3 ක්ද සමගින් මේ වන විට රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 177 කි.

පේෂාවර් සල්මි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 57 ක්ද, ලාහෝර් කොලෑන්ඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 63 ක්ද, කුවේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී නොදැවී ලකුණු 57 ක්ද රැස්කිරීමට සංගක්කාර සමත් වූ අතර එම තරග තුනේදීම සුල්තාන්ස් කණ්ඩායමට ජය හිමිවිය. එහිදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය සටහන් වූයේ 59.00 ක් ලෙසිනි.

පේෂාවර් සල්මි කණ්ඩායමේ ඞ්වේන් ස්මිත් තරග 5 කදී ලකුණු 148 ක් ලබා වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවන අතර කුවේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ෂේන් වොට්සන් තරග 5 කදී ලකුණු 146 ක් ලබා එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි.

සංගක්කාරගේ කණ්ඩායමේම සාමාජිකයෙක් වන ඉම්රාන් තාහිර් තරග 5 කදී කඩුලු 10 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණට පැමිණ සිටියි. ලාහෝර් කොලෑන්ඩර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 27 කට කඩුලු 3 ක්ද, ඉස්ලාමාබාද් යුනයිටඞ් කණ්ඩායමට එරෙහිව ලකුණු 19 කට කඩුලු 3 ක්ද, කුවේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 19 කට කඩුලු 3 ක්ද දවාගැනීමට තාහිර් සමත් විය. කුවේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග පැවැති තරගයේදී ඔහු ලබාගත්තේ කඩුලු ත්‍රිත්වයකි.

ඉස්ලාමාබාද් යුනයිටඞ් කණ්ඩායමේ මොහොමඞ් සාමි තරග 4 කදී ලකුණු 7 ක්ද, මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායමේ ජුනේඞ් ඛාන් තරග 5 කදී කඩුලු 7 ක්ද බිඳහෙළමින් පිළිවෙලින් වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති.

තරගාවලියේ මූලික වටයේ තරග 13 ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඉමාඞ් වසීම් නායකත්වය දරන කරච්චි කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ. මේ දක්වා තරග 4 කට සහභාගි වී ඇති කරච්චි කිංග්ස් කණ්ඩායම ඉන් තරග 3 ක් ජයගෙන ඇති අතර ඉතිරි තරගය විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම තරග 5 කට සහභාගි වී තරග 3 ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයටද, පේෂාවර් සල්මි කණ්ඩායම තරග 5 කට සහභාගි වී තරග 2 ක් ජයගෙන එහි තෙවැනි ස්ථානයටද පත්ව සිටියි.

Address

Level 37, West Tower, World Trader, Colombo 01
Colombo
0010

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon News Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category

Nearby media companies


Other TV Channels in Colombo

Show All

Comments

Hai
Kohomada a
Univarsity girl s*x video HD
ceylon nathuwa sinhala unanam thama hoda
Thanks.
meke mokada wenne