𝙔𝙚𝙤𝙪𝙗𝙞 -여비

𝙔𝙚𝙤𝙪𝙗𝙞 -여비 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝙔𝙚𝙤𝙪𝙗𝙞 -여비, Magazine, Colombo.

❤️💛💚
18/10/2023

❤️💛💚

🌱
17/10/2023

🌱

Jah Rastafari ❤️💛💚
17/10/2023

Jah Rastafari ❤️💛💚

They are ready.❤️💛💚
14/10/2023

They are ready.❤️💛💚

I 🫶 Nature. 🌈
14/10/2023

I 🫶 Nature. 🌈

❤️💛💚
14/10/2023

❤️💛💚

***කැනබිස් කුඩා පැළ වලට මාරාන්තික-කඳ සිහින් වීම / Damping Off***අද කියන්න හිතුවා, මට අහන්න දකින්න ලැබුණ දේවල් වලින්, ගොඩ...
14/10/2023

***කැනබිස් කුඩා පැළ වලට මාරාන්තික-කඳ සිහින් වීම / Damping Off***

අද කියන්න හිතුවා, මට අහන්න දකින්න ලැබුණ දේවල් වලින්, ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් ගැන.

ඒ තමයි cannabis පැල බීජ වලින් පිටතට අඟල් දෙකක් තුනක් පමණ හැදුනට පස්සේ පැළයේ කඳ මුලින් සිහින් වී මිය යාම. ඒ රෝගයට කියන නම තමයි Damping-off.

මේ රෝගයට ප්‍රධාන වශයෙන් ගොදුරු වෙන්නේ බීජවලින් පිටතට විත් මාසයකට වඩා අඩු වයසක් තියෙන පැල සහ clone කිරීමට සකසා ගත් අතු කිනිති. ඒ වගේම පැල වෙමින් පවතින බීජ වලට මේ රෝගය වැලඳෙන්නත් පුළුවන්.😑

මේ රෝගය ඇතිවන හේතුකාරකය වෙන්න පුළුවන් දිලීර කීපයක් තියෙනවා. නම් වශයෙන් කිව්වොත්, Pythium, Botrytis සහ Fausarium. මේ රෝගය වැලඳුණ කිසිම ක්‍රමයකින් ඒ පැලය ගොඩගන්න නම් බැහැ. අනිවාර්යෙන්ම ඒ පැළ මිය යනවා. 😥
ඉතින් කොහොමද අපි මේක වලක්වා ගන්නේ? නැත්නම් සල්ලි දීලා ගෙන්වන බීජ වලින් එන පැල පවා මෙහෙම මියයන්න ගත්තොත් ඒ වගා කරන එක තේරුමක් නෑ කියලා හිතෙන්න පුළුවන්.

මුලින්ම බලමු මේ රෝගය හඳුනා ගන්නේ කොහොමද කියලා.

අනික් රෝග වගේ කල් තියා හඳුනාගන්න නම් අමාරු රෝගයක් තමයි මේ. මොකද පැය 24 ක් වගේ කාලයක් ඇතුලත, හොඳ සෞඛ්‍යමත් පැලයක් රෝගී වී මිය යන්න පුළුවන්. පැලය කඳ මැදින් සිහින් වී පැත්තට වැටී ඇත්නම්, ඉන් අදහස් වෙන්නේ දැනටමත් පමා වැඩි බවයි.

එහෙම නම් ලේසිම වැඩේ තමයි මේක වලක්වා ගන්න උත්සාහ කරන එක. මෙන්න මේ පහලින් කියලා තියෙන දේවල් ගැන සැලකිලිමත් උනොත්, මේ රෝගය වළක්වා ගන්න ලේසි වේවි.😊

1. නැවතත් කියන්න තියෙන්නේ, එහෙම කඳ මැදින් සිහින් වී කඩා වැටී තිබෙන පැලයක් දැක්කොත්, නැවතත් ගොඩ දාන්න ට්‍රයි කරන්න එපා. කරන්න පුළුවන් හොඳම දේ තමයි, ඒ රෝගී වූ පැල වහාම වගා ස්ථානයෙන් ඉවත් කරන එක. නැතිනම් අනිත් පැල වලටත් බෝ වෙන්න පුළුවන්.

2. පැල කිහිපයක් පමණක් හොඳින් තිබෙද්දී එක පැලයක් රෝගී වී කඩා වැටී ඇති නම්, බොහෝවිට අනෙක් පැලත් ඒ වන විටත් රෝගයට ගොදුරු වෙලා වෙන්න පුළුවන්. එවන් අවස්ථාවක ඕන නම් hydrogen peroxide 3% වගේ සැර එකක් 1ml -2ml(බිංදු කිහිපයක්) මුල ලඟට දාන්න පුළුවන්. hydrogen peroxide ඕන ෆාමසියකින් හොයාගන්න පුළුවන්. ඒත් මේ මගින් 100% පැල රෝගී නොවී ගොඩ යාවි කියලා සහතික කරන්න බෑ.🤔

3. ජීවානුහරණය කළ වගා මාධ්‍යයක් යොදා ගැනීම.
මුලින්ම පොඩි පැල හදාගැනීමට පමණක් නිසා, විශාල ප්‍රමාණයක් පස් හෝ කොහුබත් අවශ්‍ය වෙන්නේ නෑ. දැනට භාවිතයට නොගන්නා මයික්‍රෝවෙව් අවන් එකක් හොයාගන්න පුළුවන් නම් ඔය වැඩේට නියමයි. මයික්‍රෝවේව් කරල හරි, රත්කිරීම, තැම්බීම, pressure cooker එකක් යොදාගෙන තැම්බීම වැනි විවිධ ක්‍රම වලින් වගා මාධ්‍ය ජීවාණුහරණය කර ගන්න පුළුවන්.👍

4. අනවශ්‍යය උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව (Humidity).
අපි අමතක කරන්න හොඳ නෑ මේ රෝග කාරක වෙන්නේ දිලීරයක් කියන එක. එයාලා හරි ආසයි උණුසුම් තෙතමනය යහමින් තියෙන තැන් වලට.කලින් කියපු විදියට ජීවානුහරණය කරලා තියෙන වගා මාධ්‍යයක බීජ හිටවලා තිබුනත්,
අනවශ්‍ය උණුසුමක් සමග humidity එක වැඩි පරිසරයක නම් ඔයාගේ පැල තියලා තියෙන්නෙ, වාතයෙන් නැවතත් වගා මාධ්‍යයට දිලීර බෝ වෙන්න පුළුවන්.

5. නිතර වතුර දැමීම මේකට ප්‍රධාන හේතුවක්. පැලයක් ලොකු වෙනකොට වතුර වැඩි උනාම ඇතිවෙන ගැටළු වලට අමතරව, කුඩා කාලයේ ඉහළ කියා තියන දිලීර වලට ගොදුරු වී මියයන්න පාර හැදෙන ප්‍රධාන ක්‍රමයක් තමයි මේක. පැළයට තෙතමනය ප්‍රමාණවත් නැති නම් පමණක් වතුර දාන්න.

6. පැලයක් බීජ වලින් එලියට එන කාලයේ කිසිම පොහොරක් යොදන්න එපා. වගා මාධ්‍යයට ජලය හැර කිසිම දෙයක් එකතු කිරීමෙන් වලකින්න. ඒකත් හැම තිස්සේම නෙවෙයි. අංක 5 නැවත බලන්න.

7. පැළ බීජවලින් එළියට එන කාලයේ humidity dome එකක් නම් පාවිච්චි කරන්න එපා.

කැනබිස් ශාකය කුඩා කාලයේ ඉඳලාම අස්වැන්න නෙලීම දක්වාම හොඳින් බලාගන්න අවශ්‍ය වෙනවා. පොඩි පොඩි දේවල් වලින් වුණත් වැඩේ අවුල් යන්න පුළුවන්.😊

එහෙනම් මේ ලිපියේ කියල තියෙන දේවල් හිතට අරගෙන ඔයාලගේ වගාවන් වඩාත් සාර්ථකව කර ගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජය💚💚💚.

Copied- රොකට් ගොවියා- Rocket Farmer Reborn

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when 𝙔𝙚𝙤𝙪𝙗𝙞 -여비 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category