Lahiru Managment

  • Home
  • Lahiru Managment

Lahiru Managment “Let your plans be dark and impenetrable as night, and when you move, fall like a thunderbolt.”

19/07/2022
13/02/2020

මුහුදු ජලය ආශ්‍රිතව පමණක් දක්නට ලැබෙනා විවිධත්වයෙන් පිරි ශාක විශේෂ රැසක් සහිත හරිම අපූරු හා ඉතා වැදගත් ශාක ප්‍රජාවක් තමයි කඩොලාන කියන්නෙ. සාමාන්‍ය ශාක වලට අධික ලවණ සහිත ජලයේ වර්ධනය වීමට අපහසු වූවත් කඩොලාන ශාක වැඩිපුර ලවණ එම ශාක වල පත්‍ර මඟින් ලවණ කැටිති ලෙස පිට කරන නිසා ඔවුනට ඉතා සාර්ථකව මුහුදු ජලය ආශ්‍රිතව වර්ධනය වීමට පුලුවන්.

ඉතිං ඇයි මේ කඩොලාන මේ තරම් විශේෂ?

සාමාන්‍යයෙන් ගොඩබිම වැඩෙන ශාක වලින් අපට ලැබෙන සේවය ගැන ඔබට අමුතුවෙන් කියන්නට ඕනෙ නැහැ නෙ.අපි බලමු කඩොලාන ශාක වලට පමණක් විශේෂිතවූ වැදගත්කම් මොනවද කියලා.

01. කඩොලාන ශාක වර්ධනය වන්නේ මුහුද/කලපුව හා ගොඩබිම අතර කලාපයේ නිසා රළ පහර මඟින් සිදුවන වෙරළ ඛාදනය කඩොලාන ශාක නිසා වැළකී යනවා. කඩොලාන මෙලෙස Buffer Zone එකක් ලෙසින් ක්‍රියා කිරීමේ වැදගත්කම හොඳින්ම ප්‍රදර්ශනය වූයේ සුනාමි ව්‍යසනය අතරතුරයි. විශාල මුහුදු රළ කෙලින්ම ගොඩබිම වෙත කඩාගෙන එනවා වෙනුවට කඩොලාන ගස් අතරින් පැමිණි විට සිදු වූ හානිය බොහෝ සෙයින් අඩු වී තිබුණා.

02. ඔබ දන්නවාද සාගරයේ හා කලපු වල ජීවත් වන බොහෝ සත්ත්ව විශේෂ තමන්ගේ කුඩා කාලය කඩොලාන මුල් අතර ගෙවා දමන බව. විශේෂයෙන්ම මත්ස්‍යයන් මෙසේ තම ජීවිතයේ මුල් අවධිය කඩොලාන මුල් අතර ගත කරන්නේ විශාල හා සංකීර්ණ කඩොලාන මුල් පද්ධතිය තුළ තමන්ට ආරක්ෂාව ලැබෙන නිසායි. මීට අමතරව ඉස්සන් කකුළුවන් වැනි සතුන් රැසක් සතුරන්ගෙන් ආරක්ෂා වී ජීවත්වීමට කඩොලාන පරිසරයේ සහය පතනවා. මේ නිසාම කඩොලාන ශාක අතර තිබෙන්නේ ඉතාමත් විශාල හා සංවේදී පරිසර පද්ධතියක් වන අතර මෙහි ඇසට නොපෙනෙන කුඩා ප්‍රමාණයේ ජීවීන්ගේ සිට අඩි ගණනක් දිගින්‍ යුතු විශාල මත්ස්‍යයන් පවා ජීවත් වනවා. කඩොලාන ශාක විනාශ වන විට මෙම සතුන්ට බිත්තර දැමීමට, ආරක්ෂා සහිතව ජීවත්වීමට තිබෙන ප්‍රදේශ නැතිවී ගොස් කලක් යන විට එම සතුන්ගේ ගහනය අඩු වී යනවා. මෙයින් විශාලම තර්ජනය ඇති වන්නේ ධීවර ප්‍රජාවට බව අමුතුවෙන්ම කියන්න ඕනෙ නෑ නෙ.

03. කඩොලාන ශාක වලට සාමාන්‍ය ශාක මෙන් කිහිප ගුණයකින් කාබන් උරා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ කියන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට එකතුවන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන අපිට හුස්ම ගැනීමට ඔක්සිජන් ලැබෙනවා. මෙම ක්‍රියාව සාමාන්‍ය ශාක වලට වඩා කිහිප ගුණයකින් වැඩිපුර කඩොලාන ශාක වලින් ඉටු වෙනවා වූවත් මේ පිළිබඳ අපේ රටේ ජනතාවට තිබෙනා දැනුම අඩු නිසා ඔවුන් කඩොලාන ශාකයක් කොතරම් වටිනවාද කියා දන්නේ නැති තරම්.

මෙවැනි වටිනාකම් නිසා කඩොලාන හඳුන්වන්නේ ලෝකයේ ඵලදායීතාවය වැඩිම සහ ජීවවිද්‍යාත්මක ලෙසින් ඉතාමත් සංකීර්ණ වූ වනාන්තරය පද්ධතියක් ලෙසිනුයි. මීට අමතරව මුහුද හා ගොඩබිම වනාන්තරය එකිනෙකට යා කෙරෙනා පාලමක් ලෙසින් කඩොලාන හඳුන්වන්නේ කඩොලාන වනාන්තර අතරමැද සිට එම පරිසර පද්ධති එකිනෙක සම්බන්ධ කරන නිසායි. ලෝකයෙන්ම නිවර්තන කලාපයට විශේෂ මේ කඩොලාන වලට ලැබිය යුතු අවධානය හා වටිනාකම අපේ රටේදී ලැබෙනවාද යන්න තරමක් ගැටළු සහගත වූවත් රටක් ලෙස කඩොලාන ශාක ප්‍රජාවක් අප සතු වීම අප රට ලැබූ භාග්‍යයක් වන අතර එවන් සුවිශේෂී වූ පරිසර පද්ධතියක් රැක ගැනීමට කටයුතු කරනා රාජ්‍ය නිළධාරීන් සිටීම පරිසරයට ආදරය කරන අපගේත් භාග්‍යයක්. මේ සටහන ඇය නැගූ හඩට අප විසින් ලබා දෙන ශක්තියයි.

කඩොලාන පිටුවෙන් උපුටා ගන්නා ලදී....🙏
Copied

13/01/2020
08/09/2015

Address


Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 18:30 - 19:30

Website

http://apps.facebook.com/lahirumanagement/

Alerts

Be the first to know and let us send you an email when Lahiru Managment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lahiru Managment:

Shortcuts

  • Address
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share