21/05/2024
ෆෝර්ඩි මෝටර් රථ සමාගමේ නිර්මාතෘ හෙන්රි ෆෝර්ඩ් තම කර්මාන්ත ශාලාව සඳහා යාන්ත්‍රික ඉන්ජිනේරුවෙක් බඳවා ගැනීමට උවමනා වුනා. ඒ සඳහා ඔහු සාම්ප්‍රදායික සම්මුඛ පරීක්ෂණය වෙනුවට වෙනත් ක්‍රමයක් තෝරා ගත්තා. තනතුර සඳහා ලැබුන අයදුම්පත් අතුරෙන් තෝරා ගත් තරුණ ඉංජිනේරුවන් දෙදෙනෙකුට අවන්හලක රාත්‍රී ආහාරය සඳහා ඔහු ආරාධනා කළා.
මෙසේ තෝරාගත් තරුණයන් දෙදෙනාටම ඉතා ඉහළ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් තිබුනා. රාත්‍රී භෝජනයෙන් පසු දින ෆෝර්ඩ් මහතා ඉන් එක් තරුණයෙකු තනතුර සඳහා තෝරා ගත්තා. අනෙක් තරුණයා තනතුර සඳහා නොතේරුන බව ඔහුට දන්වා යැව්වා.
රැකියාව නොලැබුන තරුණයා ඒ ගැන කළකිරීමට පත්ව, ෆෝර්ඩ් මහතා ඇමතුවා.
‘ෆෝර්ඩ් මහත්මයා, ඔබ සමඟ රාත්‍රී භෝජනයට පැමිණි, අප දෙදෙනාටම සමාන සුදුසුකම් තිබෙනවා. කෑම කන අතරතුරදී අප කතා කළේ සාමාන්‍ය මාතෘකා ගැන. ඉංජිනේරු වෘත්තියට අදාල හෝ අපගේ සුදුසුකම්, හැකියාවන් ගැන කිසිවක් ඔබ ඇහුවේ නෑ. ඉතින් කොහොමද ඔබ, මාව තෝරා නොගෙන අනෙක් අයදුම්කරුව තෝරාගත්තේ?’
ඔහුගේ ප්‍රශ්ණයට හෙන්රි ෆෝර්ඩ් හොඳ පිළිතුරක් දුන්නා.
‘ඔබ දෙදෙනාගේම හැකියාවන් සුදුසුකම් ගැන මම කලින් සොයා බලා දැනගෙන සිටියේ. අනෙක් අයදුම්කරු තෝරාගන්නත්, ඔබව තෝරා නොගන්නත් හේතු දෙකක් තිබුනා.
පළමුවැන්න තමයි, ඔබ බීෆ් ස්ටේක් එකට ලුණු දමා එහි රස බැලුවා. නමුත් අනෙක් තරුණයා මුලින්ම ස්ටේක් එක රස බලා, ලුණු දමා ගත්තා. මම කැමතියි, යමක් වෙනස් කරන්න කලින්, දැන් තිබෙන දේ ගැන සුපරික්ෂාකාරී වන අයට. යම් වෙනස්කමක් කරනවානම් කරන්න ඕනේ දැන් තිබෙන දෙය හෝ තත්ත්වය ගැන හොඳින් අවබෝධ කරගත්තාට පසුයි.
දෙවැනි කාරණය තමයි ඔබ සහ ඔහු කෑම රැගෙන ආ වේටර්ට ඇමතූ ආකරය. ඔබ සෑම විටම මට ගෞරවයෙන් කතා කළාට, වේටර්ව ගනන් ගත්තේ නැහැ. ඔහුට ස්තුතියක්වත් කළේ නැහැ. නමුත් අනෙක් තරුණයා වේටර්ට සැලකුවෙත් ආචාරශීලී විදියට. මම කැමතියි තත්ත්වය හෝ තනතුර නොබලා අනෙක් අයට නිසි ගෞරවය ලබා දෙන, සලකන, ආචාරශීලී වන මිනිස්සුන්ට.
ඉතින්, මගේ තීරණය හරි නේද?’
සටහන - Janaka Boralessa -✍️
උපුටා ගැනීමකි ස්තුතියි