Media unit of Samarasingharama Dhamma School

Media unit of Samarasingharama  Dhamma  School Media unit of Samarasingharama Dhamma School

දඹදිව අ‍ශෝක අධිරජ සමයේ, පැළලුප් නුවර අශෝකාරාමයේ දී මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ තුන්වැනි ධර...
03/06/2023

දඹදිව අ‍ශෝක අධිරජ සමයේ, පැළලුප් නුවර අශෝකාරාමයේ දී මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ තුන්වැනි ධර්ම සංගායනාවෙන් පසු, බුද්ධ ධර්මය පැතිරවීම පිණිස වෙන වෙනම ප්‍රදේශ නවයකට රහතන් වහන්සේලා යැවීමට ගන්නා ලද තීරණයට අනුව, ශ්‍රී ලංකාව වෙත පිටත් කරනු ලැබූ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා ද, සුමන නම් සාමණේරයන් සහ භණ්ඩුක නම් අනාගාම් උපාසක ද ඇතුළත් දූත කණ්ඩායම කැටුව එහි ප්‍රමුඛත්වය ගෙන මිහින්තලාවට වැඩම කළ මිහිදු මහා රහතන් වහන්සේ සහවරයින් සමඟ දඩයමේ එහි ගොස් සිටි දේවානම්පියතිස්ස රජු හමුවේ පෙනී සිට රජු හා පිරිසට චුල්ලහත්තිපදෝපම සූත්‍රය දේශනා කිරීමෙන් සිරිලකට බුදු දහම හඳුන්වා දුන්නේ අද වැනි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයකදී ය.

මේ පොසොන් මාසයේ  සමරසිංහාරාම  දහම්  පාසලේන්  ඔබ වෙත ධම්මපදයේ  එන ගාථාවක් සදහම් තිළිණයක්ව මෙසේ උපුටා දක්වයි.A Dhammapada ...
03/06/2023

මේ පොසොන් මාසයේ සමරසිංහාරාම දහම් පාසලේන් ඔබ වෙත ධම්මපදයේ එන ගාථාවක් සදහම් තිළිණයක්ව මෙසේ උපුටා දක්වයි.
A Dhammapada verse on this poson March

එක්ව දන් දෙමු 🙏🙏🙏
29/05/2023

එක්ව දන් දෙමු 🙏🙏🙏

04/05/2023

වෙසක් පොහොය වැදගත්කම
_________

☸බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීම

☸බුද්ධත්වයට පත්වීම

☸පිරිනිවන් පෑම යන ති‍්‍රවිධ මංගල්‍ය සිදුවුණේ වෙසක් පෝය දිනයේදීය.

☸ගෞතම බුදු පදවිය සඳහා සුමේධ තවුසා, දීපංකර බුදුරදුන්ගෙන් විවරණ ලැබුවේද වෙසක් පෝ දිනයකය.

☸බුද්ධත්වයෙන් අටවන අවුරුද්දෙහි මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කොට කැලණිය ශී‍්‍ර පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් කළ උතුම් දවස වෙසක් පුන් පොහෝ දාය.

☸සුමන සමන් දෙවිඳුගේ ආරාධනයෙන් සමනළ සිරස මත ශී‍්‍ර පාද ලාංඡනය පිහිටුවීම.

☸සොළොස්මස්ථාන නමින් හඳුන්වන ස්ථාන දහසයහිම සමවත් සුවෙන් වැඩහිඳ පුදබිම පිරිසිදු කිරීම සිදු කළෙත් වෙසක් පෝ දිනකයි.

☸විජය කුමරු හත්සියයක් පිරිස සමඟ ලාට රට සිට ලක්දිවට පැමිණියේද වෙසඟ දිනයක බව වංශ කතාවල සඳහන් වෙනවා.

☸දේවානම්පියතිස්ස රජු දෙවැනි වර රාජාභිශේක ලැබීම.

☸දුටුගැමුණු මහ රජු රුවන්වැලිසෑයට විසා නැකතින් මුල්ගල් තැබීමද සිදුවුණේ උතුම් වෙසක් පුර පසළොස්වකදාය.

පින්වත් ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා!🙏

14/04/2023

ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!🙏🤍



07/04/2023
මේ බක් මාසයේ  සමරසිංහාරාම  දහම්  පාසලේන්  ඔබ වෙත ධම්මපදයේ  එන ගාථාවක් සදහම් තිළිණයක්ව මෙසේ උපුටා දක්වයි.A Dhammapada ver...
05/04/2023

මේ බක් මාසයේ සමරසිංහාරාම දහම් පාසලේන් ඔබ වෙත ධම්මපදයේ එන ගාථාවක් සදහම් තිළිණයක්ව මෙසේ උපුටා දක්වයි.
A Dhammapada verse on this Bak March

බක් පුර පසළොස්වක පොහොය.• දෙවන වරට ලක්දිවට   බුදු සිරිපා පහස ලැබීම.•මැණික් පුටුවකට ආරවුලක් ඇති කර ගත් චූලෝදර මහෝදර යන නා ...
05/04/2023

බක් පුර පසළොස්වක පොහොය.

• දෙවන වරට ලක්දිවට බුදු සිරිපා පහස ලැබීම.

•මැණික් පුටුවකට ආරවුලක් ඇති කර ගත් චූලෝදර මහෝදර යන නා රජුන් දෙදෙනාට ධර්මය දේශනා කිරීම.

• සිදුහත් කුමරු දුටු සතර පෙර නිමිතිවලින් පළමු නිමිත්ත දැකීම

•සුද්ධෝදන මහ රජතුමා ප්‍රමුඛ ඥාති වර්ගයාට නිවන් සුව අත් කර දීම පිණිස 20 000ක් මහා සංඝරත්නයා පිරිවරා බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත් පුරයට වැඩම කිරීම.

බක් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම් වේ.

තෙරුවණ් සරණයි..!



මේ මැදින් මාසයේ  සමරසිංහාරාම  දහම්  පාසලේන්  ඔබ වෙත ධම්මපදයේ  එන ගාථාවක් සදහම් තිළිණයක්ව මෙසේ උපුටා දක්වයි.A Dhammapada ...
24/03/2023

මේ මැදින් මාසයේ සමරසිංහාරාම දහම් පාසලේන් ඔබ වෙත ධම්මපදයේ එන ගාථාවක් සදහම් තිළිණයක්ව මෙසේ උපුටා දක්වයි.
A Dhammapada verse on this Madin March

දහම්  පාසල්  ශ්‍රේණි විභාගය-2022
10/03/2023

දහම් පාසල් ශ්‍රේණි විභාගය-2022

වැඩිහිටි ශාක්‍ය ඥාතීන් පිරිසක් පෙන්නුම් කළ මාන්නය දුරු කරවනු වස් බුදුන් වහන්සේ විසින් යමා මහ පෙළහර පැවැත්වූ අවස්ථාවේ කපි...
06/03/2023

වැඩිහිටි ශාක්‍ය ඥාතීන් පිරිසක් පෙන්නුම් කළ මාන්නය දුරු කරවනු වස් බුදුන් වහන්සේ විසින් යමා මහ පෙළහර පැවැත්වූ අවස්ථාවේ කපිලවස්තුපුර ගොස් සිටි මල්ල රජදරුවන් සිව්දෙන මහත් සේ පැහැදී සසුන්ගත වීම,පියපිය රජතුමා සහ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සකෘදාගාමි සහ සෝවාන් ඵල ලැබීම,නන්ද කුමරු හා රහල් කුමරු පැවිදි කරවනු ලැබීම මෙන්ම දීර්ඝ කපිලවස්තු පුර ගමන සඳහා කාලුදායි රහතන් වහන්සේගේ ආයාචනය පිළිගෙන විසි දහසක් වූ රහතන් වහන්සේලා ද කැටුව වහන්සේ රජගහ නුවරින් පිටත් පිටත් වූයේ ද අද වැනි දිනක බව ශාසන ඉතිහාසයේ දැක්වේ!
පින්වත් ඔබ සියලු දෙනාටම පින්බර මදින් පොහෝ දිනක් වේවා!🙏

මාධ්‍ය ඒකකය,සමරසිංහාරාම දහම් පාසල

සදිස පදනමේ 22 වන සංවත්සරය සහ එහි නිර්මාතෘ අප දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය දිද්දෙනිපොත සුමේධ ස්වාමීන් වහන්සේගේ ජන්ම ද...
25/02/2023

සදිස පදනමේ 22 වන සංවත්සරය සහ එහි නිර්මාතෘ අප දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය දිද්දෙනිපොත සුමේධ ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් මාතර දිස්ත්‍රීක්කයේ මාලිම්බඩ ශාසනාරක්ෂක බලමණ්ඩලය තුළ පිහිටි සියලුම විහාරස්ථානවල වැඩසිටින පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාට පිරිවෙන් විෂය නිර්දේශිත ග්‍රන්ථ පූජා කිරීමේ නුවණැස සැමරුම් පුණ්‍යමහෝත්සවය

තෙලිජ්ජවිල සමරසිංහාරාමාධිපති පණ්ඩිත පූජ්‍ය දිද්දෙනිපොත ධම්මානන්ද ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මාතර දිස්ත්‍රීක් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් කහවිල්ගොඩ පුරාණ විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය පරදුව ජිනරතන නායක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් 2023 නවම් පෝ දින තෙලිජ්ජවිල සමරසිංහාරාමයේදී පැවැත්විණි.

එම අවස්ථාවට වැඩමවා වදාළ සියක් නමක් වූ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට ඉතා කුළුණු සිතින් අනගි දෙසුමක් මාතර ශ්‍රී සුදස්සී පිරිවෙනේ හිටපු පරිවේණාධිපති කපුගම ශ්‍රී සුධර්මාරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය කපුගම සුගතසාර නායක ස්වාමීන් වහන්සේ විසින් පැවැත්වූ සේක.

නුවණැස සැමරුම් කමිටුව හා දහම් පාසල් ශිෂ්‍ය නායක නායිකා මණ්ඩලය විසින් උත්සවය සංවිධානය කෙරිණි.

මෙම උතුම් මහනීය පින්කම සඳහා පූජනීය සුමේධ ස්වාමීන් වහන්සේගේ විදෙස්ගත දායක දායිකා පින්වත් පිරිස විසින් පූර්ණ දායකත්වය දක්වන ලදී෴



ධම්ම පද ගාථා.අසනීප වී සිටින අප විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී ඉක්මන් සුවය ලැබේවා!සියලු ලෝ වැසියන්ට ත්‍...
09/02/2023

ධම්ම පද ගාථා.
අසනීප වී සිටින අප විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී ඉක්මන් සුවය ලැබේවා!
සියලු ලෝ වැසියන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවා!

05/02/2023
05/02/2023

අප දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය දිද්දෙනිපොත සුමේධ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා🙏
ස්තුතියි Avg Graphic

උතුම් බුදුරජාණන්වහන්සේ ආයු සංස්කාර අතහැරීම,බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවකයන් ව...
05/02/2023

උතුම් බුදුරජාණන්වහන්සේ ආයු සංස්කාර අතහැරීම,බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා බවට පත් කිරීම,
බුදුරජාණන් වහන්සේ පළමු වරට සංඝයා වහන්සේ රැස් කරවාය සම්මේලනයක් පැවැත්වීම.යන සුවිශේෂී අවස්තාවන් සිදුවූ පින්බර නවම් පොහෝ දිනය ඔබ සැමටත් පින්බර නවම් පෝ දිනක් වේවා.🙏

භික්ෂූන්වහන්සේලාම ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා · කිරිම

75 වන  නිදහස්  දිනය  අභිමානයෙන් සමරමු
04/02/2023

75 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු

04/02/2023

#සමරසිංහාරාම #සමරසිංහාරාම_දහම්පාසල

30/01/2023

නුවණැස සැමරුම

සදිස පදනමේ 22 වන සංවත්සරය හා අප දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය දිද්දෙනිපොත සුමේධ ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් මාලිම්බඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් විහාරස්ථානවල වැඩසිටින පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාට පිරිවෙන් විෂය නිර්දේශිත ග්‍රන්ථ පූජා කිරීමේ කිරීමේ පිංකම 2023 නවම් පෝදා සවස 3.30 ට තෙලිජ්ජවිල සමරසිංහාරෙමයේදී අතිපූජ්‍ය දිද්දෙනිපොත ධම්මානන්ද ලොකු ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ . ඒ සදහා බැති සිතින් ඔබ සැමට ආරාධනා!.

19/01/2023

සැදැහැවත් සැමට ආරාධනා
💎💎💎💎💎💎💎💎

තෙලිජ්ජවිල සමරසිංහාරාමයේ
ජනවාරි ධර්ම දේශනාව
2023 ජනවාරි 21 සෙනසුරාදා
ප.ව.6.30 සිට 7.30 දක්වා
දේශකයාණෝ:
අකුරුගොඩ රන් කොත් පහ මහා වෙහෙර අකුරුගොඩ නාගරුක්ඛාරාමය යන උභය විහාරාධිපති අකුරුගොඩ විද්‍යාලයේ නි. විදුහල්පති ශාස්ත්‍රපති පූජනීය සූරියවැව සමිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ

දායකත්වය:පූජනීය අතුරලියේ නාගිත ස්වාමීන් වහන්සේ ඇතුලු දායක පින්වතුන්

බුදු රජාණන් වහන්සේ මහා ප්‍රඥාව ලෝක සත්ත්වයා හට දේශනා කිරීමෙන්, දුකේ වෙළී - පැටලී සිටින සියලූ සත්ත්වයා එම විමුක්ති මාර්ගය...
06/01/2023

බුදු රජාණන් වහන්සේ මහා ප්‍රඥාව ලෝක සත්ත්වයා හට දේශනා කිරීමෙන්, දුකේ වෙළී - පැටලී සිටින සියලූ සත්ත්වයා එම විමුක්ති මාර්ගයෙන් ගලවා ගැනීමේ මුල් පියවර තබන ලද්දේ අද වැනි දුරුතු පුර පසළොස්වක පොහෝ දිනකදීය.

ඒ උරුවෙල දනව්වට වැඩම කොට අහංකාර තුන්බෑ ජටිලයන් ඇතුළු දහසක් පමණ දෙනාට සදහම් මාර්ගය පහදා දෙමිනි.

බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක මහියංගණයට වැඩම කොට යක්ෂ ගෝත්‍රිකයනට දහම් දෙසා විමුක්ති මාර්ගය හෙළි කිරීම මේ පොහෝ දා සිදු වූ තවත් වැදගත් සිදුවීමකී. බුදුරදුන්ගේ කේශ ධාතු නිදන් කර ඉදි කරන ලද ප්‍රථම දාගැබ වන්නේත් මහියංගණ දාගැබයි. දුරුතු පෝදා එය අපට ලැබුණු අති උත්තම දායාදයකි. අප රටට වැඩම කළ බුදුරදුන් නිසා අපේ සමාජයේ පෙර නොවූ විරූ පෙරළියක් උදා විය.

මාධ්‍ය ඒකකය ,තෙලිජ්ජවිල සමරසිංහාරාම දහම් පාසල

https://youtu.be/GDoOsCO_MQk
01/01/2023

https://youtu.be/GDoOsCO_MQk

කිරි ආහාර පූජාව 2023 | සමරසිංහාරාම දහම් පාසල | තෙලිජ්ජවිල #සමරසිංහාරාම #සමරසිංහාරාම_දහම්පාසල

31/12/2022

ඔබ සැමට මෙත් සිත් පිරි සුබ නව වසරක් වේවා!

21/11/2022

Address

Thelijiwila
Matara
8100

Alerts

Be the first to know and let us send you an email when Media unit of Samarasingharama Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media unit of Samarasingharama Dhamma School:

Share