Navaliya

අපේ රට ආර්ථිකයෙන් සහ සංවර්ධනයෙන් ශුන්‍ය රටක් වුණත් එයම පන්නරයක් කරගෙන හිතේ ධෛර්යයෙන් වගේම ගතේ ශක්තියෙන් නොනැවතී ඉදිරියට ...
23/12/2023

අපේ රට ආර්ථිකයෙන් සහ සංවර්ධනයෙන් ශුන්‍ය රටක් වුණත් එයම පන්නරයක් කරගෙන හිතේ ධෛර්යයෙන් වගේම ගතේ ශක්තියෙන් නොනැවතී ඉදිරියට යන කොල්ලො කෙල්ලො ඇතිතරම් මේ මහ පොළවේ ඉන්නවා. හැබැයි ඒ අයට බලධාරීන්ගේ නිසි ඇස ගැටීමක්වත් මැදිහත්වීමක්වත් නොලැබීම ඉතාම ඛේදජනකයි. මේවට හොඳම නිදසුන් පහුගිය මාස කිහිපයේම අපේ ඇස ගැටුණා. යාපනයේ අකිලා සපත්තු දෙකක්වත් නැතිව දුවලා දිනලා ලංකාවට රන් පදක්කමක් ගෙනාවා.

බොහෝ ආර්ථික අපහසුතා මැද්දේ නදීශා හෙල්ල ඔටුන්නක් කරගෙන රනින් රිදියෙන් අපේ රට දිගින් දිගටම සරසනවා. මේ අතරේ කිසිම අනුග්‍රාහකත්වයක් නැතුව, දක්ෂතාවය තිබුණත් කැලේම පිපිලා කැලේම පරවෙලා යන මලුත් ඕන තරම් අපි අතරේ තියෙනවා. එහෙම ලස්සනට විකසිත වීගෙන එන මලක් හොරෙන්ම පරවෙලා යන්න කලින් ඒ මල ගැන මුළු ලංකාවටම කියන එක සමාජ වගකීමක් බව හැගුණු නිසයි අපි මේ පුංචි කෙල්ලව හොයාගෙන ගියේ.

ඇය නමින් අයුෂ්මන්ත්‍යා ඉරජිණී කරුණාරත්න. මේ පාර නේපාලයේ පැවැත්වුණු 07 වන දකුණු ආසියානු කරාතේ ශුරතාවලියේ කිලෝ 42 බර පන්තියට අඩු කුමිතේ අංශයේ රන් පදක්කම දිනාගත්තේ ඇය. මේක ඇත්තටම අප්පච්චි කෙනෙක්ගේ ධෛර්යයෙනුත් දුවකගේ ශක්තියෙනුත් ලබාගත් ජයග්‍රහණයක්. ඒත් ඒ ජයග්‍රහණය පිටිපස්සෙ සංවේදී කතාවක් තියෙනවා.

🔵ඇය ඇගේ කතාව පටන්ගත්තෙ මෙහෙම…

මගේ වයස අවුරුදු 15 යි. ඉගෙනගන්නෙ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ. පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, අයියයි අක්කයි. අම්මත් රැකියාවක් කරනවා. නමුත් ඇය වසර කීපෙක ඉඳන් ආතරයිටීස් රෝගයෙන් පෙලෙන නිසා ඉස්සර වගේ රැකියාවක් කරගන්න බෑ. තාත්තා පෙට්‍රෝලියම් එකේ. අක්කා මේ අවුරුද්දෙ ඒලෙවල් කරනවා. අයියා ඕලෙවල් කරලා ඉන්නෙ. අපි පදිංචි වෙලා ඉන්නෙ ජා ඇල.

🔵තරගාවලියට සූදානම් වුණේ සතියකින්…

මේ ශූරතාවලිය මෙදාපාර නේපාලෙයේ පැවැත්වුණේ. මගේ ඉවෙන්ට් එක කැඩෙට් ෆීමේල්. බර කිලෝ 42 ට අඩු. මාත් එක්ක තරග කරන්න හිටියේ නේපාලයෙයි, ඉන්දියාවෙයි, බංගලාදේශයෙයි තරගකාරියන් තුන්දෙනෙක්. රන් පදක්කම මම දිනාගනිද්දි රිදී පදක්කම ඉන්දියාවටත් ලෝකඩ පදක්කම නේපාලයටත් හිමිවුණා. මම ඇත්තටම මේ පාර මීට් එක තියෙනවා කියලා හරියටම දැනගත්තෙ මීට් එකට සතියකට කලින්.

මොකද මුලින් කිව්වෙ මේ පාර තරගාවලිය තියන්නෙ නෑ කියලා. ඉතින් සතියක් ඇතුළත තමයි මම පුහුණුවීම් කරලා මේ ඉවෙන්ට් එකට ලෑස්ති වුණේ. මුල ඉඳන්ම මම කරාතෙ පුහුණුවීම් කළත් වාර විභාගෙ එක්ක පුහුණුවීම් පොඩ්ඩක් මගහැරුණා. ඒත් කොහොමහරි මම සතියක් ඇතුළත හොඳට පුහුණුවීම් කළා.

🔵නර්ථනයටත් ක්‍රීඩාවටත් එක සේ දක්ෂයි…

මම ඕලෙවල්වලට කරන්නෙ පුරවැසි අධ්‍යාපනය, සෞඛ්‍ය සහ නර්ථනය. කරාතේවලට වගේම නර්ථනයටත් මම ගොඩක් ආසයි. මම පුංචි කාලේ හිරු සුපර් ඩාන්සර් තරගාවලියට සහභාගී වෙලා අවසන් 24 දක්වා ආවා. ඒ වගේම නෙට්බෝල්, වොලිබෝල් වගේ ක්‍රීඩාත් කරනවා. කවදහරි ලෝයර් කෙනෙක් වෙන්න තමයි කැමති. නමුත් කරාතෙනම් නතර කරන්නෙ නෑ.

🔵ලොකුම අභියෝගය වුණේ ටුවර් එකට සල්ලි හොයාගන්න එක…

මට මේ තරගාවලියට යන්න ලක්ෂ හතරක් ඕනෙ වුණා. ඉතින් සතියක් ඇතුළත ඒ ගාණ හොයාගන්න එක මට ලොකු ගැටලුවක් වුණා. ඒත් මගේ පාසලෙන් බැංකු කිහිපයක් හරහා මට ලෝන් එකක් අරන් දුන්නා. මං ලොකු ගැටලුවකට හිර වෙලා හිටපු වෙලාවෙ පාසලේ විදුහල්පතිනිය ඇතුළු සියලුම ගුරුවරුන් එදා ඒ කරපු උදව්ව මට මහ මෙරක් වගේ. ඒ වගේම අම්මගේ යාළුවොත් මට සල්ලි හොයාගන්න ගොඩක් උදව් කළා. මේ තරගය නිසා මට ඔලිම්පික් කමිටුවෙන් ලක්ෂයක මුදලක් ලැබුණා. ඒ වගේ ලැබෙන සල්ලිවලින් ඒ ණය පියවගෙන යනවා. සතියක් වගේ කාලයක්නෙ ලෑස්ති වෙන්න තිබුණේ. ඒ නිසා ස්පොන්සර්ශිප් හොයාගන්න අමාරු වුණා.

🔵රන් පදක්කම මම බලාපොරොත්තු වුණා…

ඇත්තටම මේ තරගයට සහභාගී වුණේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් තමයි. මොකද ගිය පාර ආසියානු කරාතේ ශූරතාවලියෙන් මට ලැබුණේ දෙවෙනි ස්ථානය. ඒ නිසා මේ පාර පළවෙනියා වෙනවා කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ බලාපොරොත්තුවෙන්ම තමයි මම ඒ සතිය ඇතුළත පුහුණුවීම් කළෙත්. මේ වෙලාවෙ මම මගේ කෝච් මහේෂ් කුමාර සෙන්සේවත් ඉතාම ගෞරවයෙන් මතක් කරන්න ඕනෙ

🔵ෆිට්නස් ගැනනම් ගොඩක් හිතනවා..

සාමාන්‍යයෙන් වැඩිපුරම බත් තමයි කැවෙන්නෙ. නමුත් ඒ අතරට කඩල, කවුපි, මුං ඇට වගේ ධාන්‍ය වර්ගත් කනවා. දවල්ට කොහොමත් හොඳට බත් කනවා මස්, මාළු, බිත්තර එක්ක. රෑට ගොඩක් වෙලාවට පලතුරක් කනවා. එහෙම තමයි ෆිට්නස් තියාගන්න මහන්සි වෙන්නෙ. කඩ කෑමනම් කන්නෙම නෑ.

🔵අවුරුදු හතේ ඉඳන් කරාතේ කරනවා…

දෙක ශ්‍රේණියේ ඉඳන් කරාතෙ කළා. දැන් අවුරුදු නවයක් කරාතෙ පටන් අරන්. දිගින් දිගටම මෙඩ්ල්ස් ගන්නකොට මට මේක නතර කරන්න හිතුණෙම නෑ. ආසාව වැඩි වුණා. මේ වෙද්දි කරාතෙ මෙඩ්ල්ස් විතරක් පනස්ගාණක් තියෙනවා.

අයුෂ්මන්ත්‍යා අපිත් එක්ක මේ පිළිසඳර ගෙනිච්චේ තරමක අසනීප තත්ත්වයෙන් නිසා එතනින් පස්සෙ අපි කතා කළේ ඇයගේ මේ ගමනට යෝධ හෙවනැල්ලක් වෙන ඇගේ ආදරණීය අප්පච්චි එක්ක.ඔහු නමින් තුෂාර කරුණාරත්න.

🔵අද වෙනකල් දුවව පුහුණුවීම්වලට ගෙනියන්නේ මම

අපිට තරගය බලන්න අවස්ථාව ලැබුණෙ නෑ. නමුත් තරගයේ වීඩියෝ කිහිපයක් මගේ ලොකු දුවට එවලා තිබුණා. මට ලොකු සතුටක් දැනුණා. මොකද අපි බොහොම දුෂ්කර ගමනක් මේ යන්නෙ. දරුවො තුන්දෙනෙක්නෙ. අවුරුදු නවයක් තිස්සෙ කුලී ගෙදරක ඉන්නගමන් තමයි මේ තුන්දෙනාට ඉගැන්නුවේ. පොඩි දුව දෙක ශ්‍රේණියෙ කොළඹ සංඝමිත්තා බාලිකාවේ හිටපු කාලෙ ඉඳන්ම මම ඇයව අද වෙනකල් පුහුණු කටයුතුවලට එක්කගෙන යනවා.

🔵දුවගෙ ඉලක්කෙ වුණේ රන් පදක්කම විතරයි…

ගිය අවුරුද්දෙ තිබුණ තරගෙනුත් දුව දෙවෙනියා වුණා. ඒ නිසා මේ පාර එයාගෙ ඉලක්කය වුණේ රන් පදක්කම විතරයි. සමහර අවස්ථාවල පුහුණුවීම් නිසා අධ්‍යාපන කටයුතුවලටත් බාධා වුණා. නමුත් අවසානේ ඇය තමන්ගෙ රටටත් පාසලටත් ලොකු සතුටක් ගෙනත් දුන්නා.

🔵ලොකු දුවත් පුතත් කරාතේ චැම්පියන්ස්ලා…

ගිය අවුරුද්දේ ෂැනෝ කායි තරගාවලියෙන් ලොකු දුව 17 න් පහළ රන් පදක්කම දිනාගත්තා. ඒ වගේම වායු රයිෆල් ෂූට් සමස්ත ලංකා තරගාවලියෙදි sharp shooter වුණා. ලොකු දුව උසස් අධ්‍යාපනය වෙනුවෙන් මේ දවස්වල මහන්සි වෙන නිසා ක්‍රීඩා කටයුතුවලින් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නෙ. පුතා ගිය අවුරුද්දේ ඕපන් නැෂනල් කරාතේ ශූරතාවලියෙන් රිදී පදක්කම ගත්තා.

ඔහුත් ෂැනෝ කායි තරගාවලියෙන් පිට පිට රන් පදක්කම් දිනාගත්තා. මගේ දරුවො තුන්දෙනාම ජාතික තලයේ ක්‍රීඩා හොබවන දරුවෝ. මට මගේ දරුවො තුන්දෙනා ගැන තියෙන්නෙ කියාගන්න බැරි සතුටක්. වගකීම් සහ යුතුකම් අතින් ගත්තොත් මම මේ රටට හොඳ සත්පුරුෂයො තුන්දෙනෙක් බිහිකළා කියලා මම හිතනවා. මම කියන දේ අහගෙන, අධ්‍යාපන කටයුතුත් හොඳින් කරගෙන, තමන්ගෙ දුක හොඳින් තේරුම් අරගෙන යන විදිහටයි මම දරුවො හදන්නෙ.

🔵මගේ කෙල්ල පට්ට ටැලන්ටඩ්

මගේ පොඩි දුව පට්ට ටැලන්ට් කෙල්ලෙක්. එයා අභියෝගවලට හරිම සැහැල්ලුවෙන් මූණ දෙන කෙනෙක්. මොකද ඔය රන් පදක්කම දිනාගත්ත වෙලාවේ ඇය මට කෝල් එකක් ගත්තා. නමුත් මට ඇහුණේ අනිත් රටවල තරගකරුවන්ට චියර් කරන සද්දෙ විතරයි. මට ඇත්තටම දුව කියපු දෙයක්වත් එදා ඇහුණෙ නෑ. නමුත් දුව කිව්වා “තාත්තේ මේ මිනිස්සු චියර් කරන්නෙ මට කියලා හිතාගෙනයි මම තරග කළේ” කියලා. ඒ තරම් මොරාල් එකක් දුවට තිබුණා.

🔵අම්මා පුළුවන් කාලේ දරුවො වෙනුවෙන් කළා…

බිරිඳ කරන්න පුළුවන් උපරිමය දරුවො වෙනුවෙන් කළා පුළුවන් කාලේ. නමුත් දැන් ඇය අසනීප තත්ත්වෙන් ඉන්නෙ. ඇගේ අසනීප තත්ත්වය උඩ තමයි මට වැඩිපුර කාලයක් දරුවො වෙනුවෙන් වෙන් කරන්න වුණේ. මම බොහොම අමාරුවෙන් ගෙවල් කුලී ගෙවාගෙන, දරුවන්ගෙ පන්ති ගාස්තු ගෙවාගෙන ගෙදර වැඩකටයුතුත් කරගෙන ඉන්නෙ. දරුවො පුංචි කාලෙම බිරිඳට මේ අසනීප තත්ත්වෙ ආපු නිසා දරුවො එයාලගේ වැඩ කරගන්න පුරුදු වුණා. මම හැමදාම පාන්දර හතරට අවදි වෙලා ගෙදර වැඩ කරලා තමයි වැඩට යන්නෙ. මගේ ජීවන රටාව එක්ක පැය හතරක නින්දක් තමයි හැමදාම ලැබෙන්නෙ.

🔵මේ දරුවන්ට වටින්නේ අනුග්‍රාහකයෝ…

මේ රටේ හොඳ දක්ෂතා තියෙන, ලංකාව රනින් බබලවන්න පුළුවන් දරුවො ගොඩක් ඉන්නවා. නමුත් ආර්ථික ප්‍රශ්න එක්ක ඒ දරුවන්ගේ දක්ෂතා ගොඩගන්න බැරුව එහෙම්ම වැලලිලා යනවා. ඉතින් අපි කොහොමහරි ඒ දරුවන්ගේ තැන ලබාදිය යුතුයි කියන පදනමෙන් මේ ගමන ගියාට ආර්ථික වශයෙන් ඉතාම අපහසුතාවයෙනුයි මේ ගමන යන්නෙ. මේ දරුවන්ගෙ දක්ෂතාවය දැකලා කවුරුහරි අනුග්‍රහයක් දක්වනම් දරුවන්ට ඒක ගොඩක් වටීවි.

එරංදි කෞශල්‍යා ✍️

“අනේ එයාගේ අත් නම් හරිම ලස්සනයි. පුංචි ළමයෙක්ගෙ වගේ සිනිදුයි.”සමහර විට කවුරු හරි කෙනෙක්ගෙ ලස්සන අත් දෙකක් දැකලා තවත් කෙන...
22/12/2023

“අනේ එයාගේ අත් නම් හරිම ලස්සනයි. පුංචි ළමයෙක්ගෙ වගේ සිනිදුයි.”සමහර විට කවුරු හරි කෙනෙක්ගෙ ලස්සන අත් දෙකක් දැකලා තවත් කෙනෙක් මෙහෙම කියන අවස්ථා ඔබ අත්විඳලා ඇති. ඇත්තටම එවැනි සිනිඳු සුමුදු දෑත් යුගලක් හිමි යුවතියක් බෙහෙවින්ම වාසනාවන්තයි. ඉතින් කාන්තාවකට පමණක් හිමි ඒ ලස්සන දෑත හිමි කර ගැනීමට නම් ඔබ ඔබගේ දෑත් ආදරෙන් රැක බලා ගත යුතුයි. උපතින්ම ගැහැනු අප කාගේත් දෑත් සිනිඳුයි. සම, නිය පෙළ ලස්සනයි. නමුත් වයසින් වැඩෙත්ම අපගේ ජීවන රටාවන් අනුව දෑතේ සුන්දරත්වය සහ සිනිඳු බව ටිකෙන් ටික වියැකෙනවා.

ඔබට මතක ඇති අපි මීට පෙර සතියක කතා කළා කාන්තාවකගේ දෙපාවල සුන්දරත්වය ඇයගේ පෞරුෂත්වයට කෙතරම් බලපානවද කියලා. ඒ වගේම දෑත් වල සුන්දරත්වයත් ඇයගේ පෞරුෂත්වය පවත්වාගෙන යාමේදී අනිවාර්යෙන්ම බලපාන කරුණක් බව පැහැදිලිවම කිව යුතුයි. මොකද ඔබ වටිනා ඇඳුම් ඇඳගෙන වටිනා ආභරණ වලින් සැරසී ලස්සනට මේකප් එකක් දාගෙන ගියත් ඔබේ දෑත අධිකව වියලිලා රැලි වැටිලා, නියපොතු නරක් වෙලා, දෑත ගොරෝසුයි නම් ඇත්තටම එයම ඇති ඔබගේ පෞර්ෂත්වය බිඳ වැටෙන්න.

සම්පුර්ණ විස්තරය කියවන්න 👉http://tinyurl.com/ycx3j69y

Snow Theme එකට එයාලාත් නත්තල සමරන්න ඇවිත්.....නත්තල අපි කාට වුණත් ගෙනත් දෙන්නෙ බොහොම සුන්දර සිතුවිල්ලක්. ඒ නිසාම ලොකු පො...
22/12/2023

Snow Theme එකට එයාලාත්
නත්තල සමරන්න ඇවිත්.....

නත්තල අපි කාට වුණත් ගෙනත් දෙන්නෙ බොහොම සුන්දර සිතුවිල්ලක්. ඒ නිසාම ලොකු පොඩි කවුරුත් දෙසැම්බර් මාසයට ආදරය කරනවා. අපේ රටේ හිම නැති වුණත් එහි සීතල අපිට දැනෙන්නෙ නත්තලෙ ඇති අසිරිය නිසයි. හැම අවුරුද්දේම නත්තල් කවරය හරිම සුවිශේෂී විදිහට සැලසුම් කරන නවලිය මෙවර Snow Theme එකත් එක්ක අපූරූ චරිත තුනක් එකතුකරගෙන නත්තල් කවරය කළා. හිම වැටනෙ දවසක සුදු පැහැති ඇදුම් ඇදගෙන ආදරණීය සිනහවකින් සතුට බෙදපු ඒ දවසේ රූපරාමුයි කිහිපයකි මේ..

Talent - Prof. Ramani Arsecularatne & Dr. Shanika Arsecularatne with Little Girl Kela
Concept And Idea - Harindi Liyanage ( Navaliya Chief Editor )
Dress Designer - Nayoma Wijesinghe
Photographer - Dayan Pradeep
Location - Galadari Hotel

• Special thanks goes to Galadari Hotel Public Relationship Manager Mrs. Gayani Perera and hotel staff

සීතල නත්තලට අලුත්ම නවලිය.. 25 වැනි සදුදා නවලිය හෙට සිට වෙළෙදපොළට නිකුත් වේ.
21/12/2023

සීතල නත්තලට අලුත්ම නවලිය..

25 වැනි සදුදා නවලිය හෙට සිට වෙළෙදපොළට නිකුත් වේ.

සීතල නත්තලට ලංකාවේ එකම බැසිලිකා දේවස්ථානය සැරසෙන විදිහ දැන ගන්න දෙසැම්බර් 22 වෙළෙඳපොළට එන නවලිය පුවත්පත ඔබේ‍ ළඟම පුවත්ප...
21/12/2023

සීතල නත්තලට ලංකාවේ එකම බැසිලිකා දේවස්ථානය සැරසෙන විදිහ දැන ගන්න දෙසැම්බර් 22 වෙළෙඳපොළට එන නවලිය පුවත්පත ඔබේ‍ ළඟම පුවත්පත් අලෙවි නියෝජිතවරයාගෙන් මිලදී ගන්න....

ගෙදරට සිරිසැප ගෙන එන්න කුරුස දෝෂ මගහරින්න ඕනේ විදිහ දැන ගන්න දෙසැම්බර් 22 වෙළෙඳපොළට එන නවලිය පුවත්පත බලන්න ...
21/12/2023

ගෙදරට සිරිසැප ගෙන එන්න කුරුස දෝෂ මගහරින්න ඕනේ විදිහ දැන ගන්න දෙසැම්බර් 22 වෙළෙඳපොළට එන නවලිය පුවත්පත බලන්න ...

එකම බේස් එකෙන් රස 8ක් තියෙන Ice Cream හදමුද ?හරියටම රස 8ක Ice Cream හදන විදිහ දැන ගන්න දෙසැම්බර් 22 වෙළෙඳපොළට එන නවලිය ප...
21/12/2023

එකම බේස් එකෙන් රස 8ක් තියෙන Ice Cream හදමුද ?
හරියටම රස 8ක Ice Cream හදන විදිහ දැන ගන්න දෙසැම්බර් 22 වෙළෙඳපොළට එන නවලිය පුවත්පත බලන්න ..

කාන්තා ඔබ වෙනුවෙන්ම ප්‍රමිතිගත විශේෂාංග පමණක් රැගෙන එන ,නවලිය නව කලාපය දෙසැම්බර් 22 වනදා සිට වෙළෙදපොලේ..නිවසටම ගෙන්වා ගැ...
21/12/2023

කාන්තා ඔබ වෙනුවෙන්ම ප්‍රමිතිගත විශේෂාංග පමණක් රැගෙන එන ,නවලිය නව කලාපය දෙසැම්බර් 22 වනදා සිට වෙළෙදපොලේ..
නිවසටම ගෙන්වා ගැනීමට 077 587 2638 වෙත නම හා ලිපිනය WhatsApp කරන්න.

නත්තල් කෑම මේසෙ Dessert එකට රසම රස  Pudding වර්ග එකතු කර ගමුද ?තවත් Recipes සඳහා දැන්ම පිවිසෙන්න..👇Website - https://bit...
21/12/2023

නත්තල් කෑම මේසෙ Dessert එකට රසම රස Pudding වර්ග එකතු කර ගමුද ?
තවත් Recipes සඳහා දැන්ම පිවිසෙන්න..👇
Website - https://bit.ly/3OQkwD7

හෙට උදෙන්ම වෙළෙදපොළට එන ලoකාවේ ලස්සනම කවරේ තියෙන, අලුත්ම ආටිකල් තියෙන, ප්‍රමිතිගතම කාන්තා පත්තරේ නවලිය.25 වැනි සදුදා නවල...
21/12/2023

හෙට උදෙන්ම වෙළෙදපොළට එන ලoකාවේ ලස්සනම කවරේ තියෙන, අලුත්ම ආටිකල් තියෙන, ප්‍රමිතිගතම කාන්තා පත්තරේ නවලිය.

25 වැනි සදුදා නවලිය පත්තරේ ළගම තියෙන පුවත්පත් අලෙවි නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.

ගෙදර ඇවිඳින් දින දෙකකි. වැටි වැටී උන්නා මිසක තවම හරි පිළිවෙළක් නැත. වැඩිපුර කළෙත් නිදන එකය.නැත්නම් ඇඳේ පෙරළී හිඳීමය. ඉඳහ...
20/12/2023

ගෙදර ඇවිඳින් දින දෙකකි. වැටි වැටී උන්නා මිසක තවම හරි පිළිවෙළක් නැත. වැඩිපුර කළෙත් නිදන එකය.නැත්නම් ඇඳේ පෙරළී හිඳීමය. ඉඳහිටක පෝටිකෝවට වී ඔහේ බලාගෙන හිඳී.‘මේක හරියන වැඩක් නෙමේ. මටත් දැන් ආයේමත් කන්න බොන්න තැන් හොයාගෙන යන්න වෙයි වගේ.එද්දී තිබුණු උනන්දුව දැන් කොහේද කියලා නෑ. අලුත් අං ආවාම පරණ කන අමතකයි.’සුදුකිටී තරහින් බැණ වදී. නැට්ටත් ඔසවාගෙන ගේ පුරා කඩිසර ගමනින් ඇවිදින්නේ වෙච්චි දෙයට දෙස් දෙවොල් තබමිනි. ගෙදර ආදා හිඳ ඇය නොසන්සුන්ය. මොනවදෝ හොයන්නේ නැතිවූ යමක් හොයන්නාක් මෙනි.
‘හොරණ ගියාට ඒකෙනුත් වැඩක් වුණේ නෑ.’
පසිඳු යහනෙහි වැතිර සිටියදී සුදුකිටී පැමිණ කීවේ ඔහුගේ පපුවට හිස තබාගෙන අනුකම්පාවෙනි. ඇය තම කොට්ට පිරුණු අත ඔහුගේ මුහුණ, පපුව ආදි හැම තැනටම තබා බැලුවේ උණක්වත් තිබේද යන්නය. ඇගේ ලෙන්ගතුකම උතුරා යයි. එය දැනෙන විට පසිඳුගේ දෑස තෙමේ.
‘අලුත් වැකට බහින්න කාලෙත් හරි. නැත්නම් කල්පනා කරලම අසනීප වෙනවා. ඇත්තටම මොනවද ඔය හැටි කල්පනා කරන්න තියෙන්නේ?’හදිසි වෙනස ඇයට ප්‍රහේලිකාවකි.
‘හරි පාලුවක් දැනෙනවා. හැමදේම එපාවෙලා වගේ. වැඩ තියෙනවා අල්ලන්න හිතෙන්නෑ. මුලු හිතම කඩා වැටිලා.’ පසිඳු අවංකවම කිටීට පැවසීය.
‘කඩා වැටිලා නෙමෙයි කඩා වැට්ටුවා. අනෙක තනිකම පාලුව කාලෙන් කාලෙට මිනිස්සුන්ට දැනෙනවා.අමුතුවෙන් තනිවෙන්න දේකුත් ඔයාට තිබුණේ නෑනෙ. මං මේ ගෙදරට එනකම් දැන් අවුරුදු දෙකක්ම තනියමනේ උන්නේ.’සුදුකිටී දැනමුතුකම් කියයි. පසිඳු ඇය දෙස බැලුවේ පැවසූ දේ නිවැරදිදැයි සිතමිනි. බොහෝ විට යමක් කිටීට වරදින්නේ කලාතුරකිනි. ඇය හදිසියේ කලබල වූවාය. එහේට දිව්වාය. මෙහේට දිව්වාය. යහනේ වැතිරුණු පසිඳුට එය අමුත්තකි. එහෙයින් ඔහු නිවසේ ඉදිරියට ගියේ සිදුවන දේ දැනගැනීමටය.
‘අපිව අමතක කරලා හින්දා ඕන් අපි ආවා බලන්න.’
විදුල හා ජනජීව සාලයේ සිටගෙන හිඳී. පසිඳු ඔවුන්ගේ මුහුණ දෙස හොඳින් බැලුවේ අමතක වූ දෙයක් සිහිපත් කරන්නට මෙනි.
‘අපිට සෙනසුරාදාත් මඟ ඇරුණා නේද? මගේ පොඩිවුන් දෙන්නව මතක්වෙලා මං දූලාගෙ ගෙදර ගියා.’ පසිඳු කීවේ වරදක් සිදුවී ඇතැයි දැනීමෙනි. එය ඔහුගේ සිතට සියුම් පසුතැවීමකි.
‘සෙනසුරාදාවල් නම් ඕන තරම් මඟඇරිලා තියෙන්නේ. ඒ වුණත් දවස ගානේ කෝල් එකක්වත් දෙනවනේ. ඒකත් නැතිවුණාම හරි අවුල්. තරහක් පිරිමහනවා වගේ.’
විදුලගෙ හඬ සොවින් පිරි තිබේ. එය සැබෑවකි. සරසවියෙදී හමුවූ දා හිඳ ඔවුන්ගේ ලෙන්ගතුකම අපූරුය. දැන් එයද දියාරු දැයි සැමට සැකයකි.
‘ඇත්ත තමයි මං එහෙම කළෙත් නෑ නේද? මේ දවස්වල මං පොඩි කල්පනාවක. වෙලාව යනවා තේරෙන්නෑ. කරන කියන දේකුත් මතක නෑ.’
‘නොදනිමි කාගේ දෝසා’ ජනේ කීය.
‘ඒක නම් වෙන්න පුළුවන්. කවදාකවත් නැති වෙනස් තත්ත්වයක්. සාමාන්‍යයෙන් පිරිමින්ට වෙනස් තත්ත්වයක් ඇතිවෙන්නේ ගෑනු මුල්වුණාම’ විදුල කීවේ හිනැහෙමිනි.
සුන්දරා පැනගොසිනි නමුත් එහි ඉව තම මිතුරන්ට ඇතිබව පසිඳු දනී. ඔවුන්ගේ ඇනුම්පද ඔහුව අසීරුවට පත්කරයි.
‘මේ අවුරුද්දටත් අල්ලලා යන පොතක් ලියන්නෙපැයි. මේ දවස්වල මං හොඳ ප්ලොට් එකක් කල්පනා කර කර ඉන්නේ ඒකයි හැමදේම අමතක වෙන්නේ. වෙනස් තාලේ ලව් ස්ටෝරියක් ලියන්නයි ඉන්නේ.’
‘හිතට දැනුණු ආදරයක්.’ එයම ජනජීව කීවේ ලතාවකටය.
‘කොහේ ගිහිං එන ගමන්ද?’ කතාව වැරදි පැත්තකට යතැයි පසිඳුට සැක සිතුණි.
‘මෙහේටම එන්න හිතුණා. අපෙන් ඈත්වෙලා අලුත් ලෝකෙකට යන ගමන් හින්දා එක්කෝ ශුභ පතන්න නැත්නම් මඟ අහුරන්න හිතුණා.’
‘කඩාගෙන යන ගමනක් අහුරන්න අමාරුයි.'
‘එහෙම නම් අපි හිතුවේ අසනීපයක් නම් බේත් ගේන්න යන්න සනීපෙන් නම් ගෙනාපු බේත් බොන්න.’
‘දෙවැනි කාරණය හොඳයි. එහෙම දෙයක්වත් කෙරුණේ නෑ කාලෙකින්. වැටි වැටීම උන්නා.’ජනේ නැගිට කාරය වෙත ගියේය.
‘අමාරු නම් මං යන්නම්’ විදුල නැගිට්ටේ කුස්සියෙන් ඉතිරිය සූදානම් කිරීමටය.
‘අමාරුවකට සද්ද නැතිවුණා නෙමෙයි ’ පසිඳු කීවේ සියුම් ලැජාජාවකිනි.කිසිවෙකුගේ කතාවක් නැත. වෙනදා මෙන් නොව එකිනෙකා සැකයෙන් මෙනි. විදුල හා ජනජීවට වින්දනයක හැඟීමක් නොවිණි. ඔවුන්ට ඇත්තේ යුතුකමක් ගැන හැඟීමකි. මිතුරන්ගේ වගකීමකි. කොතැනින් පටන්ගන්න දැයි අනෙකුන් දෙදෙනා කල්පනා කරයි. මොනවා අසාවි දැයි පසිඳුගේ සිතට වදයකි.
‘අපි ආවේ මහත්මයාත් එක්ක ටිකක් කතාකරන්නත් එක්ක.’විදුල එසේ කී විට පසිඳුගේ මුහුණෙහි ඇඳුනේ වික්ශිප්ත බවකි.
‘අපි කොයි තරම් දේවල් කතාබහ කරපු අයද කියලා අපිට හිතුණා. කොයි තරම් ප්‍රශ්න බෙදාහදාගත්තද? එකතුවෙලා ඒවාට විසඳුම් හෙව්වද? ඒත් දැන් ඒ හැමදේම වෙනස්වෙලා ඔයා තනියෙන් විඳවනවා වගෙයි අපිට දැනෙන්නේ.’විදුල මාතෘකාවට බැස්සේ හරි තැනිනි.
‘එහෙමමත් නෑ. මං කිව්වේ මේ දවස්වල මං ටිකක් කල්පනා කරනවා කියලා.’ පසිඳුගේ උත්සාහය ලිස්සා යෑමටය.
‘කල්පනා කරන විත්තිය අපිටත් තේරෙනවා අයියේ ඒත් ඒ වෙන කාරණයක් ගැන.’
‘මේ වයසක මට මොන ප්‍රශ්නද?’
‘වයසක අයට ප්‍රශ්න ආවාම හිතට බරයි. තරුණ අපිට වගේ ඒ හැමදෙයක්ම කියවන්න බෑනේ.විශේෂයෙන්ම වයසට ගැළපෙන්නැති ප්‍රශ්නයක් ආවාම.’පසිඳු ජනජීව දෙස බැලුවේ එක එල්ලයේය. ඔහු කියන දේ පසිඳුට තේරේ. ඔවුන් කැරකැවෙන්නේ සුන්දරා වටාය.
‘සමහර බෙර පැලෙන්න ගැහැව්වත් හරි පදේ එන්නෑ.’ඔහු කී දේ අනෙකුන් දෙදෙනාට නොවැටහුණි. ඔවුනොවුන් මුහුණට මුහුණ බලාගත්තේ එහෙයිනි.
’අපි මෙහෙම දෙයක් කරන්නයි හිතුවේ’ විදුල කී විට පසිඳු බිම බලාගත්තේ එනපොට හොඳ නැතැයි හැඟීමෙනි.
’එකටම ඉන්න යාලුවෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට අහක බලන් ඉන්න බෑ. ඉස්සෙල්ලාම අපි ඩොක්ටර් ළඟට ගිහිං හොඳ චෙක්අප් එකක් කරගම්මු.'
'ඒවයේ ප්‍රශ්න නෑ.’ ඔහු කීවේ ගණනකට නොගෙනය.
’ඒක එහෙම වෙන්න කියලයි අපිත් හිතන්නේ. අනෙක ඉස්සර වගේම හැමදේම අපිට කියනෙක.’විදුල හා ජනේ තමාව බිත්තියටම හේත්තු කර ඇතැයි ඔහුට සිතුණි.
‘මේ මුර සෙබළුන්ගෙන් ගැලවෙන්නට ඇත්නම්.’ ඒ පසිඳුගේ පැතුමය.
‘හ්ම්. එහෙම නම් අපි යනවා. හෙට උදේ එන්නම් ඩොක්ටර් ළඟට යන්න.’ දෙදෙනා නැගිට්ටේය.
‘ඒක නම් මට තනියෙම කරගන්න පුළුවන්.’ ඔහු කීවේ මේ මොහොතේ කරදරකාරයන්ගෙන් ඈත්වීම වඩාත් හොඳ හෙයිනි.දෙදෙනා පිටව ගිය පසු ඔහු යළිත් පැමිණ හිඳගත්තේ තමා හුන් අසුනෙහිමය. තරමක වෙරියක් ඇත.
‘පෙරේතකමට බිව්වනේ.’ සුදුකිටී කීවේ ඔලොක්කුවට හිනැහෙමිනි. කිටී කී දේ නෑසුණා සේ ඔහු මැසෙන්ජර් දිගේ දිව්වේ සුන්දරාව සොයමිනි. නමුත් ඇය එහි නොවේ.‘අමතක කළ තැනින් යළි එන්න’ එසේ තමා සටහන් කළේ ඇයිදැයි ඔහුට නොතේරේ

ලබන සතියට

නත්තල් කාලෙට ගෙදර සරසන්න Poinsettia මලෙන් Curtain Tieback හදමුද ?ඔයාලත් හදපු Poinsettia මල් Curtain Tieback වල images මත...
20/12/2023

නත්තල් කාලෙට ගෙදර සරසන්න Poinsettia මලෙන් Curtain Tieback හදමුද ?
ඔයාලත් හදපු Poinsettia මල් Curtain Tieback වල images මතක් කරලා අපිටත් එවන්න..

නවලිය සතියේ හොඳම කවිය! සෑම අඟහරුවාදා දිනකම ශ්‍රී  ලංකා ගුවන් විදුලි සංස්ථාවේ FM 91.7 / 91.9 ඔස්සේ උදෑසන 10.00 සිට 11.00 ...
19/12/2023

නවලිය සතියේ හොඳම කවිය!

සෑම අඟහරුවාදා දිනකම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ FM 91.7 / 91.9 ඔස්සේ උදෑසන 10.00 සිට 11.00 දක්වා ප‍්‍රචාරය වන ප‍්‍රභාතය වැඩසටහනින් නවලිය හොඳම කවිය ඇසීමට ද අවස්ථාව ඇත.

ඔබගේ නිර්මාණත් - කවි සිත්තම්, 223,
නවලිය කර්තෘ මණ්ඩලය,
බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13වෙත හෝ [email protected] යන Email ලිපිනයට යොමු කරන්න.

නත්තලට ආදරණියන්ට දෙන්න පුළුවන් පොඩි Gift Idea එකක් නවලිය අපෙන් !!ඔයාලත් ආදරණියන්ට දෙන්න හදපු Holder Pockets අපිටත් එවන්න...
19/12/2023

නත්තලට ආදරණියන්ට දෙන්න පුළුවන් පොඩි Gift Idea එකක් නවලිය අපෙන් !!
ඔයාලත් ආදරණියන්ට දෙන්න හදපු Holder Pockets අපිටත් එවන්න ...

මේ නත්තල් කාලයේ ගෙදර ඉඳන්ම Glitter වලින් ලස්සන Easy Christmas Tree එකක් හදමුද ? 🎄පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා ඔයාලා හදපු...
18/12/2023

මේ නත්තල් කාලයේ ගෙදර ඉඳන්ම Glitter වලින් ලස්සන Easy Christmas Tree එකක් හදමුද ? 🎄
පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා ඔයාලා හදපු Christmas Tree එකත් අපිට එවන්න අමතක කරන්නෙපා ...

අපි පුරවැසියෙක් නිර්මාණය කරන්න ඕනම තත්ත්වයකට මුහුණ දිය හැකි ශක්තියක් එක්ක. උදාහරණෙකට අපි ගමුකො සුනාමි උවදුර, කොවිඩ් වසංග...
18/12/2023

අපි පුරවැසියෙක් නිර්මාණය කරන්න ඕනම තත්ත්වයකට මුහුණ දිය හැකි ශක්තියක් එක්ක. උදාහරණෙකට අපි ගමුකො සුනාමි උවදුර, කොවිඩ් වසංගතය මේ දෙකම අපි පුරවැසියන් විදිහට මීට කලින් අත්විඳපු නැති තත්ත්වයන්. මනුස්සයෙක් තුළ අභ්‍යන්තර ශක්තියක් තිබුණෙ නැත්නම් ඒ දේවල්වලට මුහුණ දෙන්න බෑ. එතකොට මනුස්සයා කරන්නෙ ඒ දේවල්වලින් පැනලා යන එක.

කොවිඩ් වසංගතය එක්ක අපේ පෞද්ගලික ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ගොඩක් අයට රස්සාවල් නැති වුණා. ඒ වගේ දේවල්වලට මුහුණ දෙන්න අභ්‍යන්තර ශක්තියක් පුද්ගලයෙකුට තියෙන්න ඕනෙ. ඒ ශක්තිය තීරණය වෙන්නෙ විශේෂයෙන්ම අධ්‍යාපනය මත.

ලංකාවේ පාසල් පද්ධතිය තුළ වර්තමාන අධ්‍යාපන රටාවෙන් අපි දරුවන්ට ලබාදෙන්නෙ විෂයානුබද්ධ දැනුමම විතරයි. ලෝකෙ ප්‍රකට කියමනක් තියෙනවා “දැනුමෙහි අවසාන ප්‍රතිඵලය වියයුත්තේ දැනුම නොවේ ක්‍රියාවයි.” කියලා. අපි කෙනෙක්ට දැනුම දෙන්නෙ එයාට ඒ දැනුම තියෙනවද කියල ආපහු බලන අපේක්ෂාවෙන් නෙවෙයි. ඒ දැනුම පාවිච්චි කරලා ඔහු හෝ ඇයට යමක් කළ හැකිද කියලයි බලන්න ඕනෙ. ඕක තමයි අධ්‍යාපනයේ මූලිකම හරය විය යුත්තේ. නමුත් අවාසනාවට අපේ රටේ නැත්තෙත් ඕක.

ලංකාවේ පාසල් පද්ධතිය ගැන කතා කරද්දි අපිට නිරීක්ෂණය වෙන තැනක් තමයි දරුවන්ට නිදහසේ වැඩ කරන්න, සැලසුම් කරන්න දෙන ඉඩ හුඟක් අහුරලා තියෙන්නෙ. පාසල්වල විවිධ කලා උත්සව තියෙනවනෙ ඉතින් ගුරුවරු, විදුහල්පතිට ඕනෙ මේ උත්සවේ පර්ෆෙක්ට් වෙන්න. ඒ නිසා බොහෝවෙලාවට ගුරුවරු, දෙමාපියෝ මේකට මැදිහත් වෙනවා.

උත්සවේට වේදිකාවක් සැලසුම් කරනවනම් ඒ වේදිකාව සැලසුම් කිරීමේ වගකීම ගන්නෙ ගුරුවරයෙක්. නැත්නම් දරුවෙක්ගෙ තාත්තෙක්. එහෙමත් නැත්නම් මල් සැරසිලි එහෙම වෙනත් ආයතනවලටම බාරදෙනවා. එතකොට අපිට අමතක වෙනවා පාසලේ විවිධ ප්‍රසංග, ව්‍යාපෘති පාසල තුළ ක්‍රියාත්මක කරන්නෙ ඇයි කියල. මෙවැනි දේවල් පාසලක් තුළ ක්‍රියාත්මක කරන්නෙ දරුවන්ට යම් කුසලතාවයක් ලබාදෙන්න.

යම් අංශයකින් කලා දිනයක් සැලසුම් කරනවනම් ඒ දිනය සම්පූර්ණයෙන්ම සැලසුම් කිරීමේ වගකීම දෙන්න ඕනෙ ඒ අංශයේ දරුවන්ට. වේදිකාව හදන සැලසුම, ඇතුළත් විය යුතු විශේෂාංග, කොටින්ම එදාට ගෙන්නන ආරාධිත අමුත්තො කවුද කියලත් දරුවන්ට තීරණය කරන්න දෙන්න ඕනෙ. ඒකට උදව් කරන්න විතරයි ගුරුවරු ඉන්න ඕනෙ.

එහෙම නැතුව වේදිකාව සම්පූර්ණයෙන්ම පාසලේ චිත්‍ර ගුරුවරයා සැලසුම් කරලා, සංග්‍රහය ගෘහ විද්‍යා ගුරුවරිය සැලසුම් කරලා වැඩක් නෑ. ළමයින්ට තියෙන්නේ ගුරුවරයා කියන කියන වැඩ ටික කරන්න විතරයි. එතකොට අපි දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙන්නෙ නෑග අපිට ඕනෙ තනියම සැලසුම් කරලා ඒ සැලසුම ඔස්සේ වැඩකරන්න පුළුවන් හැකියාවක් තියෙන දරුවෙක් ගොඩනගන්න.

අපි දකිනවා පාසල්වල දානමය පිංකම් තියෙනවා. හැබැයි මේ හැමදේකදිම කඩියො වගේ එහෙමෙහෙ දුව දුව වැඩ කරන්නෙ ගුරුවරු. ඉඳලා හිටලා ශිෂ්‍ය නායකයෙක්ට අවස්ථාවක් ලැබෙනවා පොඩි වැඩකට සම්බන්ධ වෙන්න. එතනදිත් අපි අමතක කරනවා ඇයි අපි පාසලක දානයක් සැලසුම් කරන්නෙ කියල. පාසලක දානයක් හෝ පිරිතක් සැලසුම් කරන්නෙ පාසලේ ඉන්න හොල්මන් එලවන්න නෙවෙයි. දරුවන්ට එවැනි අවස්ථාවක සැබෑ අත්දැකීමක් ලබාදෙන්න. ඒ වගේම පාසල්වල නිවාසාන්තර තරග තියෙනවනෙ මෙතනදි ජනප්‍රියම අංගයක් තමයි නිවාස හදන එක. හැබැයි ඇත්තටම මේ නිවාස ළමයි හදන ඒවද එහෙමත් නැත්නම් ළමයින්ගෙ දෙමාපියන් හදන ඒවද? ඉස්සරනම් දරුවො පාසලෙන් පස්සෙ අමතර කාලයක් යොදවලා මහන්සි වෙලා ලස්සනට තමන්ගෙ නිවාස හැදුවා.

ඒත් දැන් ඒ කාලෙ වෙනස්. සමහර කොළඹ පාසල්වල හමුදා සෙබළු තමයි සිවිල් ඇඳුමින් ඇවිත් නිවාස හදන්නෙ. මොකද කාගෙහරි ළමයෙක්ගෙ තාත්තෙක් හමුදාවෙ ලොක්කෙක්. කාවද එතකොට මේ රවට්ටන්නෙ? දරුවව දරුවන්ගෙ මහන්සියෙන් පොල් අතු දෙකක් හෙවිලි කරලා සරලව හදන මඩුව තමයි වටින්නෙ දරුවන්ගෙ අම්මලා තාත්තලා ගුරුවරු හදන නිවාසවලට වඩා.

පාසලේ ප්‍රදර්ශනයක් තිබ්බත් භාණ්ඩ හදන් එන්නෙ දෙමාපියන්ගෙ උදව්වෙන්. මෙහෙම දෙයක් කරද්දි පාසල් මට්ටමින් පැහැදිලි නියාමනයක් තිබිය යුතුයි. ඉතා විශිෂ්ඨ ගණයේ ප්‍රදර්ශන භාණ්ඩ ඉදිරිපත් කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. දරුවෙක් තනියම හදන ඉතා සරල උපකරණයක් තමයි වටින්නෙ.

ඒකෙන් තමයි දරුවා ජීවන අත්දැකීමක් වගේම ප්‍රයෝජනයක් ගන්නෙ. මම දන්න ගුරුවරයෙක් හිටියා. ඔහුගේ පාසලේ තිබුණු ප්‍රදර්ශනයකදි ඔහු දරුවන්ට නියාමනයක් දැම්මා හැම දරුවෙක්ම පන්ති කාමරය ඇතුළෙ තමන්ගෙ ප්‍රදර්ශන භාණ්ඩය හැදිය යුතුයි කියල. ඒ වගේම ප්‍රදර්ශන කුටියට ඇතුළු වෙන තැනත් ළමයින්ම නිර්මාණය කළ යුතුව තිබුණා.

ප්‍රදර්ශනේ ඉවර වුණාට පස්සෙ ගුරුවරයා මට කිව්වා සර් ප්‍රදර්ශනේ කැතම එන්ට්‍රන්ස් එක තිබුණේ මගේ පන්තියේ කියලා. කැතම ප්‍රදර්ශන භාණ්ඩ තිබුණෙත් මගේ පන්තියේ. ඒ වගේම ප්‍රදර්ශනය බලන්න අඩුම පිරිසක් ආවෙත් 100% ක්ම දරුවන්ගේ ප්‍රදර්ශනය තිබුණෙත් මගේ පන්තියේ විතරයි කිව්වා.

ගුරුවරුත් හොඳටම අගයලා වැඩිම ලකුණු දෙන්නෙත් දෙමාපිය සහයෝගයෙන් හදන් ආපු ලස්සනම ප්‍රදර්ශන භාණ්ඩයට. එතකොට කැතට හරි තනියම ප්‍රදර්ශන භාණ්ඩෙ හදපු ළමයට වෙන්නෙ මොනතරම් අසාධාරණයක්ද? ගුරුවරු, දෙමාපියො ඇහැ හුරුකරගන්න ඕනෙ දරුවන්ගෙ නිර්මාණයක් බලන්න. එතනින් තමයි දරුවන්ගේ ජීවන කුසලතාවය ගොඩනැංවෙන්නෙ.

ජේෂ්‍යඨ කථිකාචාර්ය
චින්තක චන්ද්‍රකුමාර
අංශාධිපති
අධ්‍යාපන මනෝ විද්‍යා
අධ්‍යයන අංශය
අධ්‍යාපන පීඨය,
කොළඹ විශ්වවිද්‍යාලය

එරංදි කෞශල්‍යා ✍️

Happy Birthday !!! Matheesha Pathirana 🏏❤
18/12/2023

Happy Birthday !!! Matheesha Pathirana 🏏❤

දකුණු ඉන්දියානු Reality Show ගායන වැඩසටහනක් වන Saregamapa Little Champ වැඩසටහනේ Season 3 ජයග්‍රාහී කිරුළ හිමිකරගත්  ශ්‍ර...
18/12/2023

දකුණු ඉන්දියානු Reality Show ගායන වැඩසටහනක් වන Saregamapa Little Champ වැඩසටහනේ Season 3 ජයග්‍රාහී කිරුළ හිමිකරගත් ශ්‍රී ලංකාවේ යාපනයේ පදිංචි කිල්මිෂා දියණියට අපෙන් සුබ පැතුම් !!

❤
18/12/2023



සිනමාව සහ පුංචි තිරය වර්ණවත් කළ ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා !!
17/12/2023

සිනමාව සහ පුංචි තිරය වර්ණවත් කළ ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා !!

අපේ ගලනාලය ආමාශයට සම්බන්ධ වන ස්ථානයේ තිබෙන කපාටය සාමාන්‍යයෙන් වැසී තිබෙනවා. අප ගන්නා ආහාර ගලනාලයේ සිට ආමාශයට ඇතුළු වනවිට...
17/12/2023

අපේ ගලනාලය ආමාශයට සම්බන්ධ වන ස්ථානයේ තිබෙන කපාටය සාමාන්‍යයෙන් වැසී තිබෙනවා. අප ගන්නා ආහාර ගලනාලයේ සිට ආමාශයට ඇතුළු වනවිට මෙම කපාටය විවෘත වී ආමාශයික අම්ල කොටසක් විවෘත වූ තැනින් ඇතුළු වෙනවා. මෙය අපි හැම දෙනාටම පොදු සාමාන්‍ය තත්ත්වයක්. මේ අන්දමින් ගලනාලයට ඇතුළුවන අම්ල නිසා බොහෝ අයගේ ගලනාලයේ පටලය හානි වී රෝග ලක්ෂණ පෙන්වනවා. එවිට එය (Gastroesophageal Reflux Disease / GERD ) රෝග තත්ත්වයක් ලෙස හැඳින්වෙනවා.

⚫GERD තත්ත්වය ඇතිවීමට හේතු තිබෙනවාද?

ආමාශයික අම්ලය ගලනාලයට ඒම පාලනය කිරීමට ඉහත සඳහන් කළ කපාටයේ ක්‍රියාකාරීත්වය, පිහිටීම වගේම ගලනාලයේ ක්‍රියාකාරීත්වයත් වැදගත්. එම තත්ත්වයේ දුර්වලතාවක් ඇතිවුණ විට පාලනයකින් තොරව ජෛව අම්ලය ගලනාලයට ඇතුළු වීම නිසා රෝගී තත්ත්වයක් ඇතිවනවා. උදාහරණයක් ලෙස Hiatus hernia තත්ත්වයේදී කපාටයේ පිහිටීම වෙනස් වීම නිසා මෙය නියමිත ලෙස වැසීමක් සිදු වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් GERD තත්ත්වය ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයක් යැයි වරදවා වටහා ගන්නවා.

සම්පුර්ණ විස්තරය කියවන්න 👉http://tinyurl.com/4fjh5um4

Happy birthday !!! Susanthika Jayasinghe ❤🥳
17/12/2023

Happy birthday !!! Susanthika Jayasinghe ❤🥳

මිග්‍රේන් කියන්නේ වර්තමානයේ බොහෝ දෙනෙක්ව ගොදුරු කරන තිබෙන රෝගයක්. මිග්‍රේන් තත්වයේදී ඇතිවන හිසරදය දරාගත නොහැකි වේදනාවක් ...
16/12/2023

මිග්‍රේන් කියන්නේ වර්තමානයේ බොහෝ දෙනෙක්ව ගොදුරු කරන තිබෙන රෝගයක්. මිග්‍රේන් තත්වයේදී ඇතිවන හිසරදය දරාගත නොහැකි වේදනාවක් බව මේ රෝගීන් බොහෝ දෙනෙක් පවසනවා. හිසරදය ඇති වන්නේ ඔක්කාරය, වමනය සහ ආලෝකය දෙස බැලීමට අපහසු වීම යන ලක්ෂණත් එක්කයි . ඒ වගේමයි රෝගයට ගොදුරුවන්නේ වැඩි පිරිසක් කාන්තාවන්ය. ඇතැම් අයට පරම්පරා රෝගයක් ලෙසද මෙය ඇතිවනවා.
මොළයේ ඇති Cerebral artery එහෙමත් නැත්නම් ධමනි විස්තාරනය වීමත් හැකිලීමත් නිසා ඇති විය හැකි තත්වයක් තමයි මිග්‍රේන් කියන්නේ. ඔයත් මිග්‍රේන් රෝගයෙන් වේදනා විදින කෙනෙක්නම් මේ කරුණු ඔබටත් වැදගත් වන්න පුළුවන් ..

පැතුම් නිස්සංක සහ එශානි ඔබට නවලිය අපෙන් සුබ පැතුම් !!!! ❤ Pathum Nissanka
16/12/2023

පැතුම් නිස්සංක සහ එශානි ඔබට නවලිය අපෙන් සුබ පැතුම් !!!! ❤ Pathum Nissanka

ජපානෙ හිටියා ටෙට්සුකෝ කුරොයානගී කියලා අපූරු කෙලි පොඩ්ඩක්. හැමෝම ආදරේට කිව්වේ ටොට්ටො චං කියලා. මේ කෙලි පොඩ්ඩ ජීවත් වුණේ එ...
16/12/2023

ජපානෙ හිටියා ටෙට්සුකෝ කුරොයානගී කියලා අපූරු කෙලි පොඩ්ඩක්. හැමෝම ආදරේට කිව්වේ ටොට්ටො චං කියලා. මේ කෙලි පොඩ්ඩ ජීවත් වුණේ එයාගෙම ලෝකෙක. එයාගෙ වයසෙ අනිත් ළමයි පොත්වලටම ඇලිලා ඉගෙනගන්න වැඩ පස්සෙම දුවද්දි ටොට්ටො චං කළේ ටීචර් උගන්නද්දි ජනේලෙ අයිනෙ ගහක ඉන්න කුරුල්ලො එක්ක කතා කරපු එක. පාසල ගාවින් යන පෙරහැරේ කසකාරයන්ට අත වනපු එක. ඉතින් මේ දේවල් නිසා ටොට්ටෝව පාසල් කිහිපයකින්ම නෙරපනවා.

අවසානයේ ඇයගේ මවට හමුවෙනවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දියණියට සුදුසුම පාසලක්. ඒ ටෝකියෝවේ ටොමෝ පාසල. මේ පාසලේ පන්ති කාමර වෙනුවට තිබුණේ පරණ කෝච්චි පෙට්ටි. ඔය අතරෙ ඉඳලා හිටලා පිජාමා නයිට් එහෙමත් තිබ්බා. ළමයි හැමෝම ගෑනු පිරිමි බේදයක් නැතුව ස්විමිං පූල් එකේ නෑවා. ගම වටේම ක්ෂේත්‍ර චාරිකා ගියා. මේ පාසලේ ළමයි ගතකළේ ජපානයේ වෙන කිසිම පාසලක දරුවන් ගත නොකළ පාසල් කාලයක්.

ටොට්ටෝ චං පසුකාලීනව ඇගේ පාසලේ කතාවෙන් ‘The little girl at the window’ කියල පොතක් ලිව්වා. ‘හරි පුදුම ඉස්කෝලෙ’ නමින් සිංහලට පරිවර්තනය වුණේ ඒක. මේ පොත කියවනකොට මට හිතුණේ අනේ මටත් මෙහෙම ඉස්කෝලෙක ඉගෙනගන්න තිබ්බ නම් කියලා.

හැබැයි ඒ වාසනාව අපිට අහිමි වුණත් මතු පුරපුරට ලංකාවෙදි එය හිමිවීමේ පිඹුරුපත් මේ වෙද්දි සැකසී අවසන්. ඒ අනුව ලංකාවේ පළමු නවීන පාසල එළඹෙන ජනවාරි 4 වැනිදා ආරම්භ කිරීමට සියල්ල සූදානම්.මේ පිටිපස්සෙ රූස්ස ගහක් වෙලා ඉන්නෙ යසෝදරා පථංජලී. ඉතින් අපි ඇයව සම්බන්ධ කරගත්තා මේ අපූරු පාසලේ වගතුග ටිකක් දැනගන්න.

🔹මේක ලංකාවේ පළමු නවීන පාසල

දෙමාපියන්ට පහුසුවෙන්ම තේරෙන විදිහට කිව්වොත් මේක තමයි ලංකාවේ පළවෙනි Modern School එක. පාසලේ නම Independent Collective School . මම මේ පාසල හදන්න හිතුවේ අනාගතේ ගැන හිතලා. ලෝකෙ අධ්‍යාපන විශේෂඥයෝ හොයාගෙන තියෙන ක්‍රම විදිහට තමයි මේ පාසල පටන්ගන්නෙ. ලංකාවේ දැනට පවතින සාම්ප්‍රදායික පාසල් කලාව අවුරුදු 150 ක් විතර යල් පැන ගිහිල්ලා. නමුත් මම හදන මේ පාසල ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ හැරවුම් ලක්ෂ්‍යක් වේවි.

🔹Home Schooling ලංකාවෙ නැති එක ගැන පුදුමයි

මම මගේ මුළු ජීවිතේම ගතකරල තියෙන්නේ සම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් පිට. මම පාසල් ගිහින් නෙවේ ඉගෙනගත්තෙ. ගෙදර ඉඳන්. ඉතින් එහෙම බලද්දි මේක මගෙ ඔළුවට ආපු අදහසක් කියන්න බෑ. මම ඉපදුණ දවසෙ ඉඳන් හිටියෙ එංගලන්තෙ. ඉතින් මට පුදුමයි ඇයි එහෙම ගෙදරට වෙලා ඉගෙනගන්න පුළුවන් වටපිටාවක් ලංකාවෙත් නැත්තෙ කියල. කිසිම තේරුමක් නැති අධ්‍යානයක් ලබාදීලා අපිම තමයි දරුවන්ට අනාගතයක් හදල නොදෙන්නෙ. අපි සමාජයක් විදිහට හරි දේ කළේ නෑ මෙච්චර දවසක්.

🔹කටින් විතරක් සිස්ටම් චේන්ජ් කරලා වැඩක් නෑ

ඕන කෙනෙක් එක්ක කතා කළොත් කියන්නෙ නම් ඔව් මේ සිස්ටම් එක වැරදියි, මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනෙ කියලා. හැබැයි එහෙම කියන කිසිම කෙනෙක් සිස්ටම් එක වෙනස් කරන එක වෙනුවෙන් මුකුත් කරන්නෑ. සමාජයක් විදිහට රටේ ප්‍රශ්නයක් ගැන පේනව නම් නිකන් ඉඳලා හරියන්නෙ නෑ. හැමෝම එකතු වෙලා ඒක වෙනස් කරන්න ඕනෙ. ඉතින් මම මගේ පැත්තෙන් උත්සාහයක් ගත්තා අධ්‍යාපනය පැත්තෙන් සිස්ටම් එක වෙනස් කරන්න.

🔹මගේ දරුවොත් පාසල් යන්නෙ නෑ

මගේ ලොකු දුව අනුරාදා කුමරි. එයාට අවුරුදු 13 යි. පොඩි දුව ඉන්දුමතී බද්‍රා. එයාට අවුරුදු 9 යි. චූටි පුතා කවීෂ්වර අගස්ත්‍යට අවුරුදු එකහමාරයි. මම වගේම මගේ දරුවොත් පාසල් යන්නෙ නෑ. ගෙදර ඉඳන් තමයි ඉගෙනගන්නෙ. චූටි පුතාවත් පාසල් යවන්නෙ නෑ. නවීන අධ්‍යාපනයේ කියල තියෙනවා විෂය කියන දේ වැඩක් නෑ කියලා. අද මිනිස්සුන්ට තියෙන ආර්ථික ප්‍රශ්නවලටත් මූලික වෙලා තියෙන්නේ පවතින අධ්‍යාපන රටාවේ ප්‍රශ්න නෙවේද? ළමයින්ට උගන්නලා නෑ අපි විවිධ රැකියාවලට මුහුණ දෙන විදිහ. වර්තමාන තාක්ෂණයට මුහුණ දෙන්න. මොකද ඔය ‘විෂය’ කියන දේ නිසා ඒ තැන්වලට ළමයින්ට යන්න බෑ.

🔹අලුත් පාසලේ මාධ්‍ය තුනම ඇතුළත්

මගේ පාසල Modern School එකක් වුණාට ඉංග්‍රීසි මාධ්‍යයෙන් විතරක් නෙවෙයි උගන්වන්නෙ. සිංහල, දෙමළ, ඉංග්‍රීසි තුනෙන්ම ඉගැන්වීම් කටයුතු කෙරෙනවා. ඒක ලංකාවේ පාසල්වල තිබිය යුතු අත්‍යවශ්‍යම දෙයක්. ලංකාවෙම ගත්තොත් විවිධ පැතිවල මිනිස්සු කතා කරන්නෙ විවිධ භාෂා. එහෙම තැන්වලදි භාෂාව කියන දේ අපිට ලොකු බාධාවක් වුණ අවස්ථා තියෙනවා. හැමෝම දුවන්නෙ ඉංග්‍රීසි පස්සෙ. නමුත් ඉංග්‍රීසි විතරක් ඉගෙනගන්න ළමයිනුත් අතරමං වෙන දවසක් එනවා. ඒ නිසා සෑම පාසලකම භාෂා තුනෙන්ම ඉගැන්වීම් කටයුතු සිදුකළ යුතුයි.

🔹ඇතුළත් වෙන්න කරන්ට් බිල්, ග්‍රාම සේවා සහතික ඕනෙ නෑ

පාසලට අයදුම් කරන්න බොහොම සරල පියවර කිහිපයක් තියෙන්නේ. සාම්ප්‍රදායික පාසල් රටාවේ වගේ අවුරුදු ගාණක විදුලි බිල්, වතුර බිල්, දෙමාපියන්ගේ විවාහ සහතික ගෙනත් නාඩගම් නටන්න වුවමනා නෑ. සමහර අම්මලා දරුවව ඉස්කෝලෙකට දාගන්න තියෙන උවමනාවට බොරු ලියකියවිලි පවා හදනවා.අපි අපේ ඉස්කෝලෙන් ඔය හැමදේම ඉවත් කළා. අපිට ඕනෙ ළමයා අපෙ ඉස්කෝලෙ එක්ක එකතු වෙලා හරි ගමනක් යනවා දකින්න. අපේ පාසලට ඇප්ලයි කරන්න පුළුවන් විදිහ Independent Collective School ෆේස්බුක් පිටුවෙ තියෙනවා.

🔹ලොව පිළිගත් විභාගවලට පෙනී ඉන්නත් අවස්ථාව

පාසලේ දරුවන්ට පිළිගත් විභාගවලට පෙනී ඉන්නත් අවස්ථාව තියෙනවා. ඒ වගේම විභාග ලියන වයසත් දරුවන්ට සහ දෙමාපියන්ට තීරණය කරන්න පුළුවන්. කාටහරි අවශ්‍ය නම් නියමිත වයසට කලින් හෝ පසුව අදාළ විභාගවලට පෙනී සිටින්නත් අවස්ථාව තියෙනවා.

🔹ගාස්තුව තරමක් මිලයි

මේක ලංකාවේ බිහිවන පළමු මොඩර්න් පාසල නිසා මාසික ගාස්තුව නම් ටිකක් මිලෙන් අධිකයි. මට මේ පාසල හදන්නෙ කාගෙන්වත් මුදල් සහයක් ලැබුණෙ නෑ. මමයි මගේ සැමියයි වියදම් කරල තමයි මේක හැදුවේ. අනිත් කාරණේ ලංකාවෙ ගුරුවරුන්ට ගෙවන්නෙ ඉතාම සුළු මුදලක්. මං හිතන්නෙ ඔවුන්ට ලැබෙන්නෙ මෙහෙකාරියකටත් වඩා අඩු වැටුපක්. ඒක තමයි යථාර්තය. ඒක වැරදියි. මොකද ගුරුවරයෙක් කියන්නෙ ළමයි වෙනුවෙන් කැප වෙලා ලොකු මෙහෙයක් කරන කෙනෙක්. ඉතින් මගේ පාසලත් අඩු පඩි ගෙවන සාමාන්‍ය පාසලක් වෙනවට මම කැමති නෑ. ඒ වගේම Project base learning තවම ලංකාවෙ නැති නිසා ඒවා ලංකාවට ගේන එක පහසු දෙයක් නෙවෙයි. මේ සියලුම දේවල් නිසා පාසල් ගාස්තු මුල් කාල සීමාවේදී තරමක් අධිකයි.

🔹අනාගතයේදී මේ පාසලට ඇතුළත් වෙන්න දුප්පත් පොහොසත් බේදයක් නෑ

මම මේ දවස්වල ගොඩක් මහන්සි වෙනවා ශිෂ්‍යත්ව කිහිපයක් මගේ පාසලට ගේන්න. ඒ කියන්නෙ පිට ආයතනවලින් මුදල් හොයලා ඒ මුදල්වලින් පාසල් ගාස්තු ගෙවාගන්න බැරි ළමයින්ට ඉඩකඩ සලසලා දෙන්න. ඉදිරියේදී ලොකු අදහසක් තියෙනවා සාමාන්‍යයෙන් ඕනම තරාතිරමක ළමයෙක්ට පාසලට ඇතුළත් වෙන්න පුළුවන් මට්ටමකට ගේන්න. නමුත් එතනට මේ පාසල ගේන්න සෑහෙන කාලයක් යයි. මොකද අපේ පළවෙනි අඩිය විදිහට මුලින්ම අපි මේ පාසල ආරම්භ කළ යුතුයි.

🔹පාසල් ළමයින්ට යුනිෆෝම් මොකටද?

පාසල් ළමයෙක්ට යුනිෆෝම් එකක් අන්දවන්නෙ ඒ යන පාසල නියෝජනය වෙන්න. ළමයා පාරෙ යද්දිත් තමන්ගෙ පාසල නියෝජනය කරන්න ඕනෙ. නමුත් මගේ පාසලේ මම ළමයින්ට දෙන්නෙ අධ්‍යාපනය විතරයි. අපිට ළමයව අයිති නෑ. ළමයගෙ කර මතින් ඉස්කෝලෙ නම ගෙනියන්න උවමනාවකුත් නෑ. ඉස්කෝලෙ නම කටපාඩම් කරවල, ටයි එකක් දාලා, පාසල් ගීත මතක තියවන්න ඕනෙ නෑ. ළමයි ඉස්කෝලෙ දාලා ගියාට පස්සෙ ඒ ළමයා ආ මම ගියේ මේ ඉස්කෝලෙට කියල අපේ ඉස්කෝලෙ මතක තියාගන්න ඕනෙත් නෑ. මොකද ඒ වෙද්දි අපි අපේ වැඩේ කරල ඉවරයි.

🔹ළමයි 12 ට එක ගුරුවරයෙක්

මම ඉස්කෝලෙ ගැන සමාජ මාධ්‍ය හරහා කතා කරන්න ගත්ත දවසෙ ඉඳලා දවසට දහයක් විස්සක් විතර ගුරුවරු ගුරුවරියො මට පණිවිඩ එව්වා අපේ පාසල එක්ක සම්බන්ධ වෙන්න කැමතියි කියලා. නමුත් හැමෝම අපිට ගැළපුණේ නෑ. සමහරුන්ට අපි කරන්න යන දේ තේරුණේ නෑ. මගේ පාසලේ ගුරුවරු ඉන්නෙ දරුවන්ට උගන්වන්න නෙවේ. ඉගෙනගන්න සහය දෙන්න. ළමයි 12 කට එක ගුරුවරයෙක් ගාණෙ අපි ගන්නෙ. මේ ඉස්කෝල පන්ති කාමරත් නෑ.

🔹මේක අමුතු ඉස්කෝලයක් නෙවෙයි

මේක අමුතු ඉස්කෝලයක් කියලා බොහෝ දෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් මේක අමුතු දෙයක් නෙවේ. නවීන ලෝකෙ මොනවද වෙන්නෙ කියල මිනිස්සු දන්නෙ නැති එකයි ගැටලුව. මිනිස්සු උත්සාහයක් අරගෙන නෑ නවීන අධ්‍යාපනය ගැන තේරුම්ගන්න. සාමාන්‍ය සමාජය නවීකරණය වෙලා නෑ. මෙවැනි පාසල් වෙනත් රටවල බොහෝ තියෙනවා.

🔹ප්‍රතිචාර ඉහළයි

මේ වැඩේට ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි. අපි ගත්තෙ සෑහෙන්න ලොකු පියවරක්. මේ වැඩේ පටන්ගත්තෙ සාර්ථක වෙයි කියන අදහසින් නෙවේ. මොකද මේ සංකල්පය ගැන මිනිස්සුන්ගෙ ඔළුවට යන්න කාලයක් ගතවෙනවා. මගෙත් සැමියාගෙත් දෙන්නගෙම හිතේ බයක් සැකයක් තිබුණා. නමුත් මට කියන්න සතුටුයි අපේ පළවෙනි බැජ් එක මේ වෙද්දි සම්පූර්ණයි. ළමයි 80ක් දැනට බැඳිලා ඉන්නවා. පාසල් ගොඩනැගිලි තාම හදල ඉවර නෑ. ඒ නිසා දැනට බඳවගන්න පුළුවන් ළමයි 80 ක් විතරයි.

🔹මිනිස්සු කියන තරම් එංගලන්තෙ ජීවිතේ පහසු නෑ

එංගලන්තෙ හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් කතාව ලොකු බොරුවක්. එහේ හම්බකරන මුදලට ජීවත් වෙන්න අමාරුයි. මම එංගලන්තයෙන් ඇවිත් අවුරුදු හතකටත් වැඩියි. මෙහේ අය නොදැනුවත්කමට විශ්වාස කරනවා ලංකාවට වඩා වෙන රටවල ජීවිතේ සුන්දරයි, සල්ලි හම්බකරන්න පහසුයි කියලා. නමුත් ඒක ඇත්ත තත්ත්වය නෙවෙයි. මම එංගලන්තෙ ඉපදුණාට මට කොහොමටවත් ඒ රට ගැළපුණේ නෑ. ඒ වගේම තමයි ලංකාවේ තියෙන ආර්ථික නිදහස එංගලන්තයේ නෑ. ලංකාවෙ කාටහරි බත් පැකට් බිස්නස් එකක් පටන්ගන්න පුළුවන් පාරෙ මේසයක් දාලා. නමුත් එහේ එහෙම දෙයක් කරන්න බෑ. දුප්පත් මනුස්සයෙක්ට ඔළුව උස්සලා නැගිටින්න ක්‍රමයක් නෑ. නමුත් ලංකාවේ ලොකු නිදහසක් තියෙනවා පොඩියට හරි දෙයක් පටන්ගන්න.

තමන්ට කරන්න පුළුවන් පොඩ්ඩ කරන්න

මගේ ජීවිතේ ලොකුම අරමුණ පුළුවන් කාලේ පුළුවන් තරමින් සල්ලි එකතු කරලා මගෙන් මේ රටට කෙරෙන්න පුළුවන් දේ කරල දෙන එක. තමන්ට එකතු කරගන්න පුළුවන් රුපියල් පන්දාහයි නම් ඒ පන්දාහෙන් හරි කමක් නෑ මොකක්හරි දෙයක් කරන්න. ලොකු දේවල් ඕනෙ නෑ. අපි හැමෝටම පුළුවන් නම් අපේ පොඩ්ඩ කරන්න ලොකු ගමනක් රටක් විදිහට යන්න පුළුවන්.

එරංදි කෞශල්‍යා ✍️

Address

Colombo 14
Colombo
01400

Alerts

Be the first to know and let us send you an email when Navaliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category



You may also like