Room 365

Room 365 "ජීවිතයේ අදුරු තැන් සෝයා ගිය සයිබර් න?

මචං S*x කරනවා කියන එකක් මැජික් එකක් නෙමෙයි, වයස සම්පූර්ණයි නම් තමන්ගෙ කැමැත්තට ලිංගිකව එකතුවෙන්න පුලුවන්.හැබැයි පවුල් සැ...
20/02/2023

මචං S*x කරනවා කියන එකක් මැජික් එකක් නෙමෙයි, වයස සම්පූර්ණයි නම් තමන්ගෙ කැමැත්තට ලිංගිකව එකතුවෙන්න පුලුවන්.

හැබැයි පවුල් සැලසුමක් නැතුව දරුගැබක් බඩට ගන්නවත් කෙල්ලගෙ බඩට දෙන්නවත් තරම් මෝඩ වෙන්න එපා.

තමන්ගෙ ජීවිතේ විඳින්න ඒ සීමාව ඇතුලත, පිරිමියෙක් නම් තමන්ව විශ්වාස කරලා එන කෙල්ලගෙ ගෞරවය විනාස කරන්න හිතාගන කැමරා ඔන් කරන්නයන්න එපා, කෙල්ලෙක් නම් ඒ දේ කරන්න ඉඩ දෙන්නවත් ඒක කරමු කියන්නවත් එපා, තමන්ගෙ පෙෘද්ගලිකත්වය තමන් ගාව තියාගන්න වගකීමෙන් වැඩ කරන්න

ලිංගිකව හැසිරෙන ඕනම අවස්ථාවක උපත්පාලන ක්‍රමයක් පාවිච්චි කරන්න,

දීර්ගකාලීනව S*x කරනවා නම් මිතුරි වගේ Tablet එකක් පාවිච්චි කරන්න, (කොල්ලන්ට නෙමෙයි) මෙන්සස් ඩේට් එකෙන් දවස් පහකට පස්සෙ බොන්න පටන් ගන්න, මගඇරගන්නැතුව දිනපතා ගන්න එකම වෙලාවකට. කසාද බැඳලා හෝ නැතා සැලසුම් නොකරපු දරු උපතක් ගේන්න ඕන නෑ එතකොට, මේකෙන් තියන අතුරු ආභාද සෑහෙන අඩුයි. ඒ වගේම Menstural Cycle එක ක්‍රමවත් කරනවා මේකෙන්,

එහෙම නැතිනම් Condom එකක් පාවිච්චි කරන්න, දැනෙනවා මදි වගේ නම් d***x feather lite වගේ එකක් ගන්න.

බේකරි තියරියට යන්න එපා, (pull up method/withdrawal) යන්න එද්දි එලියට ගත්තා කියලා හිත හදන් ඉන්නැතුව අනාරක්ශිත ලිංගික එකතුවීමක් නම් Postinor 2 ටැබ්ලට් එක ගන්න ලිංගික එකතුවීමකින් පුලුවන් තරම් ඉක්මනට පැය 72ක් යන්න කලින්, ටැබ්ලට් එකක් බීලා හරියටම පැය 12කින් අමතක නොකර අනිත් පෙත්ත බොන්න, එලාම් එකක් තියාගන්න අමතක වෙනවනම් (නිතරම postinor ගන්න එක recommend කරන්නෙ නෑ මං)

ජීවිතේ තියෙන්නෙ විඳින්න තමයි, තමන්ගෙ වයස සම්පූර්ණයි නම් ඒකට ඔයාට නිදහස තියනවා, ඒක අයුතු විදියට පාවිච්චි කරන්න එපා, තමන්ගෙ සහකාරයාගේ විශ්වාසය මත ඒක රඳා පවතින්නෙ, නැත්නම් සෙක්ස් කියලා ලිංගිකව එකතු වෙන්න තවහුඟක් Alternative ක්‍රම තියනවා,

මුඛ සංසර්ගය
ගුද සංසර්ගය
නැතිනම් අත පාවිච්චි කරන්න,

කොන්ඩම් එකක් ඉල්ලන්න ලැජ්ජයිනම් මේක කියවන්න, කොන්ඩම් එකක් ගන්න එක පිරිමිම කරන්න ඕන වගකීමක් තියන දෙයක් නෙමෙයි, තමන්ගෙයි අනිත් කෙනාගෙයි දෙන්නගෙම ආරක්ශාවට ඕනම කෙනෙක්ට පුලුවන් කොන්ඩම් එකක් ෆාමසියකින් ගන්න,

කෙලින්ම ගිහිං කොන්ඩම් එකක් ඉල්ලන්න ලැජ්ජයිනම් brand එකේ නම කියලා ඉල්ලන්න, ගොඩක් ෆාමසි වල එලිපිට ඔව්වා දෙන්නෑ පැකට් එකකට දාල පේන්නැති වෙන්න දෙන්න ගොඩක් ෆාමසිවල ඉන්න අය වගබලාගන්නවා, කොන්ඩම් එක කීයද අහන්න එපා පන්සීයක්වත් අතේ තියාගන යන්න.

brand names දන්නැත්නම් (preethi, d***x, stamina) වගේ නමක් කියන්න, ඔව්වා ගැන හොයලා දැනගන ඉන්න එක කාටත් වටිනවා.

පෝස්ටිනෝ එක උනත් එහෙම තමයි, ලැජ්ජා වෙන්න කාරනා නෙමෙයි S*x කරනවා කියන එක, ආඩම්බර වෙන්න සැලසුමක් ඇතුව ජීවිතේ ගෙනියනවා කියන එක.

අන්තිමෙිටම කියන්නෙ, රූම් යනිනෙ නැත්නම් තරහා වෙනවා කියන උන් ලඟ ඉන්න එපා, ජීවිතේම ගෙවන්න පුලුවන්සහකාරයෙක් එක්ක ජීවිතේ විඳිනින, වැලන්ටයින් දවසකියන්නෙ සෙක්ස් වලටම සීමා උන එකක්වත්, වැලන්ටයින් දවසට ස්පෙශලි සෙක්ස් කරන්න ඕන කියලාවත් දෙයක් නෑ, ❤️

ප්‍රශ්ණ කියනවනම් Inbox මැසේජ් එකක් දාන්න, ලැජ්ජා වෙන්න එපා.

ජීවිතේ විඳින්න, සැලසුමක් ඇතුව!
ජය වේවා.

- Ruwan M

කාන්තාවන්ගේ ලිංගික ආශාවේ කැපී පෙනෙන් වෙනසක් වෙලාකාන්තාවන් බහුතරයක් විරුද්ධ ලිංගිකයින් පමණක් ඇසුරින් ඈත් වී සමලිංගික සේවන...
26/09/2021

කාන්තාවන්ගේ ලිංගික ආශාවේ කැපී පෙනෙන් වෙනසක් වෙලා

කාන්තාවන් බහුතරයක් විරුද්ධ ලිංගිකයින් පමණක් ඇසුරින් ඈත් වී සමලිංගික සේවනයට හුරු වී ඇති බව ඇමරිකාවේ පර්යේෂණයකින් තහවුුරු වී ඇත.

නිව් යෝර්ක්හි ‘බිංග්හැම්ටන්’ මානව ලිංගික පර්යේෂණාගාරයේ ෂෝන් මැසේ සහ ඔහුගේ සගයන් දශකයක පමණ කාලයක සිට ලිංගක හැසිරීම් පිළිබඳ කළ අධ්‍යනයකින් මේ බව සනාත කරගෙන ඇත.

ඔවුන්ගේ සෑම අධ්‍යයනයකටම සහභාගී වූවන්ට තම ලිංගික කැමැත්ත සහ ලිංගිකත්වය වාර්තා කරන ලෙස ඉල්ලා තිබිණි.

2011 සහ 2019 අතර කාලය තුළ විශ්ව විද්‍යාල වයසේ පසුවන කාන්තාවන් වැඩි වැඩියෙන් විරුද්ධ ලිංගිකයන් පමණක් ඇසුරෙන් ඈත් වී ඇති බව ඔවුහු සොයා ගත්හ.

2019 වන විට පුරුෂයන් වෙත පමණක් ආකර්ෂණය වන කාන්තාවන් සිටින්නේ 65%ක් පමණක් බව වාර්තා වී ඇති අතර, මෙය සැලකිය යුතු අඩුවීමක් ලෙස දක්වා ඇත. 2011 දී එය 77%ක අගයක තිබිණි.

එම වසර තුළ පුරුෂයන් සමඟ පමණක් ලිංගිකව හැසිරෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව ද අවම වී තිබේ.

මේ අතර, පුරුෂයින්ගේ ආකර්ෂණය හා ලිංගික හැසිරීම් බොහෝ දුරට එකම කාල රාමුවක ස්ථාවරව පවතින බව වාර්තා වේ.

පුරුෂයන්ගෙන් 85%ක් පමණ කාන්තාවන්ට පමණක් ලිංගිකව ආකර්ෂණය වන අතර, 90%කට ආසන්න සංඛ්‍යාවක් කාන්තාවන් සමඟ පමණක් ලිංගික සම්බන්ධකම් පැවැත්වූ බව වාර්තා විය.

එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය ඇතුළුව ලොව පුරා සිදු වූ අනෙකුත් සමීක්ෂණ ද මෙවැනිම සොයා ගැනීම් ඉදිරිපත් කර ඇත. කෙසේනමුත්, සමස්තයක් ලෙස වසරින් වසර කාන්තාවන් අතර පුරුෂයන්ට වඩා වැඩි වශයෙන් සමලිංගික ආකර්ෂණය වාර්තාවීම වැඩි වී ඇත.

පසුගිය දශක කීපය තුළ සංස්කෘතියේ සැලකිය යුතු වෙනසක් කළ ස්ත්‍රීවාදයේ ප්‍රගතිය සහ කාන්තා ව්‍යාපාර වැනි දේවලින් සමාජ දේශපාලන දර්ශනයේ සිදු වූ කැපී පෙනෙන වෙනස මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ෂෝන් මැසී සහ ඔහුගේ සගයන් පෙන්වා දෙයි.

මූලාශ්‍රය- බීබීසී copied- අරුණ

😍 කියවන්නම ඕන කතාවක්
19/09/2021

😍 කියවන්නම ඕන කතාවක්

මුත් අද අපි ඔයාලට මේ ලිපියෙන් අරගෙන ආවෙ living together ඉන්නේ එකේ තියන වාසි කිහිපයක් ගැනයි.

😲
19/09/2021

😲

එහෙනම් අපි දැන් බලමු තමන් ගේ කෙල්ල මේ දේවල්දැනගෙන හිටියානම්, කරනවානම් කියලා කොල්ලෝ රහසින් හිතන දෙවල් මොනවාද කියල...

හිටපු ජනප්‍රිය නිල් චිත්‍රපට නිලි මියා කලීෆා සැමියාගෙන් වෙන් විමට හේතුව හෙලිවෙයි  😮හිටපු නිල් චිත්‍රපට නිළියක වන මියා කල...
31/07/2021

හිටපු ජනප්‍රිය නිල් චිත්‍රපට නිලි මියා කලීෆා සැමියාගෙන් වෙන් විමට හේතුව හෙලිවෙයි 😮

හිටපු නිල් චිත්‍රපට නිළියක වන මියා කලීෆා සැමියා වන රොබර්ට් සැන්බර්ග් ගෙන් දික්කසාද වීමට තීරණය කර ඇත. මේ බව ඇය ට්විටර් පණිවිඩයක් මගින් පවසා ඇත. රොබර්ට් ස්වීඩන් ජාතිකයෙක් වන අතර මේ දෙදෙනාගේ විවාහයට වසර දෙකක්ද ගත වි ඇත. ඔවුන් දෙදෙනා විවාහ ගිවිස ගත්තේ 2019 වර්ෂයේදිය. රොබර්ට් ගෙන් වෙන්වීම ගැන කලීෆා පවසා තිබෙන්නේ වසර දෙකක කාලයක් තුල නොගැලපීම ගලපාගෙන විවාහ ජීවිතය ඉදිරියට ගෙන යාමට උත්සාහ කලද තවදුරටත් එය කල නොහැකි බවයි.😶

අපේ විවාහය සාර්ථක කර ගැනීම සඳහා අපි සෑමවිටම උත්සාහ කල බව විශ්වාසයෙන් කිව හැකිය. නමුත් වසරක පමණ කාලයක් තිස්සේ කළ උත්සාහයන්ගෙන් පසුව එයින් ප්‍රයෝජනයක් නොවන බැවින් අප දෙදෙනා වෙන්ව යාමට තීරණය කළා. අප දෙදෙනා සෑම විටම දෙදෙනාට ආදරය කරනවා. මේ විසදා ගත නොහැකි ප්‍රශ්නයට ඔහුටවත් මටවත් දෝෂාරෝපණය කරන්න බැහැ.අපි මේ පරිච්චේදය මෙතනින් අවසන් කරනවා. අපි දෙදෙනා තනිව පටන් ගත්තු දිම අපි දෙදෙනා විසින්ම අවසන් කරනවා. ඒත් වෙන කිසිම දෙයක් වෙනස් වන්නේ නැහැ. අපි දෙදෙනාගේ පවුලේ අයගේ සම්බන්ධ කම්, යාලුවන්ගේ සම්බධතා සහ බල්ලන්ගේ ආදරය මේ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ.😓

අප දෙදෙනා මේ විවාහ බැදීමෙන් මිදෙන එක විතරයි වෙන්නේ. අපි අපේ කාලය ගත්තා. ප්‍රශ්න විසදා ගැනීමට නොයෙක් වරක් උත්සහ කළා නමුත් දුකක් නැහැ අවසානයේ අතහැරීමට සිදු වුනා.මේ දෙදෙනා 2020 ජුනි විවාහ උත්සවයක් ගැනීමට සිටියත් කොරෝන නිසා එම උත්සවය ගන්න හැකියාවක් ලැබිලා නැහැ.කොහොම උනත් මේ දෙන්නා එම මාසයේම නිවසේදී විවාහ ගිවිසගෙන ඇති අතර පසුව ඔවුන්ගේ නෑදෑයන් සහ මිතුරන් වෙනුවෙන් උත්සවයක් පැවැත්වීමටත් සිටි බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.මියා කලීෆා විසින් පල කල ට්විටර් සටහන පහතින් දැක්වේ.🤔

😶
16/07/2021

😶

ලංකාව
15/07/2021

ලංකාව

කන්‍යා පටලය ගැන තරම් සමාජය තුල කුකුසක් තියෙන මාතෘකාවක් නැති තරම්.සමාජ මාධ්‍ය තුල ඔය තරම් සාකච්ඡා වෙන ප්‍රශ්නයක් නැති තරම...
15/07/2021

කන්‍යා පටලය ගැන තරම් සමාජය තුල කුකුසක් තියෙන මාතෘකාවක් නැති තරම්.

සමාජ මාධ්‍ය තුල ඔය තරම් සාකච්ඡා වෙන ප්‍රශ්නයක් නැති තරම්. ගොඩක්ම පිරිමි ළමයින්ට තමන් යාලු වෙලා ඉන්න ගැහැණු ළමයා ගැන තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක.

ලංකාව විතරක් නෙමේ ගොඩක් රටවල් මේ කන්‍යා පටලය ගැන ප්‍රශ්නේ ලොකුවටම ඔලුවට දාගෙන ඉන්නවා.

▶ ඉන්දුනීසියාවේ තාමත් හමුදාවට බඳවා ගන්න කලින් ගැහැණු ළමයින්ගේ කන්‍යා භාවය පරික්ෂා කරලා බලනවා.

▶ ආසියාවේ තියෙනවා ටජිකිස්ටාන් (Tajikistan) කියලා රටක්. එහේ තියෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකින් (Forensic Medical Examination) කන්‍යා භාවය ගැන සහතිකයක් පවා දෙනවා. විවාහ වෙන්න කලින් තමන් කන්‍යාවියක් කියලා ඔප්පු කරන්න ගැහැණු ළමයි මේ සහතිකය ගන්නවා කියලා තමා කියන්නේ.

ලෝකේ වටේම මේ වගේ වෙන දේවල් ඕන තරම් තියෙනවා කියනවා නම්.

▶ හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ සංවිධාන මේ කන්‍යා පටලය පරික්ෂා කරන එක ගැහැණුන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් විදියට වගේ බොහොම බරපතළ විදියට සලකනවා.


කන්‍යා පටලය (h***n tissue) සහ කන්‍යා භාවය (Virginity) කියන්නේ දෙකක්. මම නම් කියන්නේ ඕකට කන්‍යා පටලය කියන එකම වැරදියි. මොකද කන්‍යා පටලය කියලා ඒකට කිව්වට ගැහැණු ළමයෙක් කන්‍යාවියක්ද කියලා ඒකෙන් බලන්න බැහැ.

▶ 1906 විතර ඕක ගැන නොර්විජියාවේ පරීක්ෂණයක් කළා. Marie Jeancet කියන වෛද්‍යවරිය මැදි වයසේ හිටිය ගණිකාවක්ව තමා මේ වැඩේට පාවිච්චි කළේ.
කොහොම හරි අවසානේ පුදුම සහගත විදියට මේ ගණිකාවගේ කන්‍යා පටලය තාමත්, අවුරුදු 13- 19 වගේ වයසේ ගැහැණු ළමයෙක්ගේ කන්‍යා පටලයකට සමානයි කියලා තමා වෛද්‍යවරිට දැක ගන්න පුළුවන් වුනේ.

ගණිකාවකගේ කන්‍යා පටලයකුත් බිඳිලා තිබුනේ නැහැ කියන්නේ සාමාන්‍ය ගැහැණු කෙනෙක්ගේ කන්‍යා පටලය දිහා බලලා එයා කන්‍යාවියක්ද නැද්ද කියලා තීරණය කරන එක කොච්චර මෝඩ වැඩක්ද කියලා තේරුම් ගන්න.

▶ ඒ වගේම 2004 දී American Academy of Pediatrics කියන ආයතනයෙන් තරුණ වයස් වල ගැහැණු ළමයි 36 දෙනෙක් අරගෙන කන්‍යා පටලය ගැන තවත් පරීක්ෂණයක් කළා.
වෛද්‍යවරුන්ට කිව්වා මේ ළමයි 36 දෙනාගේ කන්‍යා පටල පරික්ෂා කරලා බලලා කලින් සෙක්ස් කරලා තියෙන අය කවුද කියන්න කියලා.
කන්‍යා පටලය බලලා වෛද්‍යවරු කිව්වේ මෙතන ඉන්න ගැහැණු ලමයිගෙන් 2 ක් විතරයි කලින් සෙක්ස් කරලා තියෙන්නේ කියලා.
හැබැයි මේ පරීක්ෂණයට ගත්ත ගැහැණු ළමයි හැමෝම ඒ වෙද්දී pregnant වෙලා හිටිය අය. එතනින්ම තේරෙනවා කලින් සෙක්ස් කරාද නැද්ද කියලා හොයලා බලන එක කන්‍යා පටලය දිහා බලලා කරන්න පුළුවන් දෙයක් නෙමේ කියලා.


කන්‍යා පටලයට medical purpose එකක් නැහැ. යෝනි මාර්ගය ආසාදනය කරන්න පුළුවන් දේවල් ඇතුල් කරන එක නවත්තන්න ඒක හැදිලා තියෙනවා කියලා සමහරු කිව්වත් ඒකට ඇඟේ නිශ්චිත කාර්යක් කරන්න බැහැ. ඒ කියන්නේ ඔයාගේ හදවතට නිශ්චිත කාර්යයක් තියෙනවා, ඒ තමා ශරීරය පුරා රුධිර සංසරණය පවත්වා ගෙන යන්න රුධිරය පොම්ප කරන එක, හැබැයි ඒ වගේ නිශ්චිත කාර්යයක් කන්‍යා පටලය කියන එකට නැහැ.
ඇඟේ නිශ්චිත කාර්යයක් නැති වුනත් ඔය පටලය ගැහැණු ළමයින්ට ප්‍රශ්නම තමයි ඇති කරන්නේ.

කන්‍යා පටලය ඉරුණාම තමා ඒකෙන් ලේ එන්නේ. ඉරෙනවා මිසක් ඒක කැඩෙන්නේ නැහැ. මොකද ඕක හරියට රබර් වගේ ඇදෙන පටලයක්.

▶ එක එක ගැහැණු කෙනාගේ කන්‍යා පටලය තුනීවට හරි ඝනවට තියෙන්න පුළුවන්. සමහරුන්ගේ උපතින්ම එහෙම එකක් ඇත්තේම නැහැ. තුනී කන්‍යා පටලයක් ස්වභාවිකවම ඉතා පහසුවෙන් ඉරෙන්න පුළුවන්. ඝණව පිහිටන කන්‍යා පටලයන් එහෙම ලේසියෙන් ඉරෙන්නේ නැහැ.

▶ ඒ වගේම ඔසප් වෙන දවස් වලට පිට වෙන ලේ එළියට යන්න ඕකෙ සිදුරුත් තියෙනවා. ඒ හින්දා විවාහ වුණාට පස්සෙත් කන්‍යා පටලය ඉරෙන වෙලාවල් තියෙනවා. සමහර විට කවදාවත් ඉරෙන්නේ නැති වෙන්නත් පුළුවන්.
ඒ හින්දා පළවෙනි පාර නෙමේ 100 වෙනි පාර කරද්දී උනත් ලේ එන්නේ නැති වෙන්න පුළුවන්.

කන්‍යා පටලය දිහා බලලා ගැහැණු ළමයෙක් කන්‍යාවියක්ද නැද්ද කියලා හොයන්න බැරි නම් එතකොට කොහොමද ගැහැණු ළමයෙක් කන්‍යාවියක්ද කියලා දැන ගන්නේ?

ඇත්තටම එහෙම බලන්න විදියක් නැහැ. ගැහැණු ළමයෙක් කන්‍යාවියක්ද නැද්ද කියලා ඇත්තටම දැන ගන්න ඕනා නම් ඒක එයාගෙන්ම අහන්න.

ඇත්ත කියනවද බොරු කියනවද කියන එක එයාගේ කැමැත්ත.

උපුටා ගැනීමකි....!
Room365✍️

බඩ වෙනකං නොදන්න රෙද්දෙ හැදියාව.ස්ත්‍රී ලිංගය, පුරුෂ  ලිගුව, ගුද මාර්ගය, කලවය, ගර්බාෂය, ශුක්‍රාණු පහවීම, දන්නේ නැති තරුනය...
04/07/2021

බඩ වෙනකං නොදන්න රෙද්දෙ හැදියාව.

ස්ත්‍රී ලිංගය, පුරුෂ ලිගුව, ගුද මාර්ගය, කලවය, ගර්බාෂය, ශුක්‍රාණු පහවීම, දන්නේ නැති තරුනයන්, තරුනියන්, බැදපු ගෑනු, බැදපු පිරිමි...

මොන රෙද්දක්ද.....
උබල කොන්ඩෙ වවල හිටියත් තට්ටෙ ගාලා හිටියත් අවුරුදු 12, 13 වෙන්කොට අමුතු කිචියක් ආවා මතක නැද්ද? සුචරිතවාදීන් හැම එකාම ඒ කාලේ තනියෙන් පුරුෂ ලිංගය අත ගා ගන්න ඇති. එතකොට ඒක කෙලින් වෙන්නත් ඇති. මුල් කාලෙ නම් ඉතින් සුදුපාටට මොනවදෝ ගියෙ නැහැ නේද?
හිරි වැටිලා ඉවර වුනා නේද?

කිහිල්ලේ මයිල් එනකොට, රහසගේ රෝම වැවෙනකොට මතකකද ගෑනු ලමයි ගැන දැනුන හැගීම.

අපිට එහෙම වෙනකොට පංතියේ සමහර ගෑනු ලමයි හදිසියේම ගෝනි බිල්ලො වගේ වහලා අරන් ගිහින් ටික දවසකින් කැවුමුත් අරන් ආවා මතක ද? උන් බලන් ඉද්දි බෝල උනා මතකද?

මේ රටේ උසාවියකට ගියොත් නඩු ගොඩක් කැරකෙන්නෙ යෝනිය වටේ කියලා සුචරිතවාදීන් ට තේරෙයි. ස්ත්‍රී දූෂණ, අස්වාභාවික ලිංගික හැසිරීම්, නඩත්තු දික්කසාද ඉන් ප්‍රධානයි.

ස්ත්‍රී දූෂණයක් කියන්නේ ගැහැනියෙකුට පිරිමියෙක් වෙත එල්ල කල හැකි ඉතාම පහසු චෝදනාවක්‍ බව මම සිතන්නේය. එලෙසම පිරිමියෙකු ට ගැහැනියෙක් හට කල ගැකි තිරිසන්ම ක්‍රීයාවද එයම වන්නේය.

ලංකාවේ වැඩිපුරම ලිංගික අපරාධ නඩු ( ජනගහනයට සාපේක්ෂව ) තියෙන්නේ උතුරු මැද කියලා ය මට හිතෙන්නේ. මා දන්නා පරිදි ලමයින්‍ ට සිදු වූ ලිංගික අපරාධ වෙනුවෙන් නඩු අහන්නටම වෙන් වූ එකම මහාධිකරණය අනුරපුර විශේෂ මහාධිකරණ යයි. පූජනීය පින් බිම අනුරපුරයි.

කොලඹට වෙලා කෑ ගහන්න කලින් මෙහේ උසාවියක දවස් දෙකක් වාඩි වෙලා ඉදලා බලාපල්ලා කරුමයක තරම. දරුවන්ගේ කතා....ලැජ්ජයි යකෝ...

තාත්තා දුව ලග නිදාගත් හැටි,

ගුරා ගෝලයාගේ කකුල ලස්සනයි කියපුවා,

හාමුදුරුවෝ සාමනේරනමට වැලි මලුවේ දිගා කර චන්ද්‍රගහනය පෙන්නපුවා,

සීයා මිනිපිරීට ඩාං ඩූංං කරපුවා,

අම්මාගේ දෙවෙනි ආදරේ කලින් කසාදේ ලමයින්ව අස්ස ගුඩුං අරන් ගිය ඒවා,

ටියුෂන් ගුරා හා අමතර පංතිය,

අල්ලපු ගෙදර මාමා කඩේ එක්කන් ගිය හැටි.

ලී කපන්න ගිහින් කෝටු කපපු හැටි,

කුලියට වැඩ කල මාමා හේනේ ලී කොට ඉරපු ලස්සන,

බන්ඩියාගේ චුං කුරුල්ලා,

මලීගෙ ච්ච්ච් පැටියා,

හදපානේ යන විට කෙලවුන හැටි,

බාප්පා එක්ක හේනේ අලි එලවපු හැටි,

අල්ලපු ගෙදර අයියා ගලේ කෙටූ හැටි,

පොඩි මල්ලියි ලොකු මල්ලියි පූට්ටු වූ හැටි,

කඩේ මුදලාලි ටොපි දීලා ලොලිපොප් කවපු හැටි,

දන්නෙම නැතුව බඩ ලොකු උන හැටි,

බඩේ ගෙඩ්යක් කියලා බෙහෙත් ගන්න කියලා ගියාම බඩේ මං වගේම පොඩි එකෙක් කියල දැන ගත් හැටි.

මේ රෙද්දවල් 75%කටත් වඩා මුල දරුවන්ගේ ලිංගික දානුම නැති වීම බව පිලිගනිල්ලා. පිලි ගන්න බැරි නම් අනුරපුරේ , පොලොන්නරුවේ , මොනරාගල, හම්බන්තොට මහාධිකරණයක රේප් කේස් දෙකක් බලන් හිටපල්ලා.

ලමයි නෙමේ මහ ගෑනුත් ස්ත්‍රී ලිංගය ඇතුලට පුරුෂ ලිංගය දා ගන්න දන්නේ නැහැ. ලමයි හම්බුන ගෑනුත් දන්නේ නැහැ යෝනි මාර්ගයයි මුත්‍රා මාර්ගයයි දෙකක් කියලා. ලමය බඩට ආවෙ කොහොමද කියල දන්නෙත් නැහැ. පිරිම්න් හා ගැහැනුන් සුරාන්තයට පත් වෙන බව දන්නෙ නැහැ. ගැහැනුන්ට එහෙම එකක් තියෙනවා කියලා සමහර පිරිමින් දන්නෙත් නැහැ.

පැමිනිල්ලේ ලෝයර් කොහොමද මිනිසුන්ට යුක්තිය ඉටු කර දෙන්නේ. සාක්කි දෙනකොට කියන්නේ එක්කෝ ලීයක් වගේ එකක් ඇතුල් කලා. මොකක්දෝ එකක්, අනේ මට ලැජ්ජයි, කියන්නෙ තේරෙන්නෙ නැහැ. චුයියා එක ඌයියා එකට දැම්මා. මේ ලෝකෙ නැති වචනය.

දිනක් එක්තරා මහාධිකරණයක රජයේ ලෝයර්තුමා වතුර බිබී ඔය වගේ සිද්ධියක් අහනවා මම දැක්කා. එතුමාට මල. මොන වදයක්ද විත්ති කූඩුවේ එකා මහ උලු ගෙදර යවන්නට ගෑනි කතාව කියන්නම ඕනෑය. පැය බාගෙක ඔට්ටු විල්ලකින් පසු ගැහැනිය නඩුකාරතුමන්ගෙන් අහන්නේ හාමුදුරුවනේ එහෙනං කියන්නද කියාය. එතුමාටද ඉවසීමේ සීමාව පැනලාය. තෝල්කයයා වෙව්ලන්නේය. විත්තිකරුට ජොලිය. ප...( යන්නෙන් පටන් ගන්න එක) හු ...
(යන්නෙන් පටන් ගත්ත )එකට දැම්මා සුවාමීනි .... කැ.... ( වලින් පටන් ගන්න ඒවාත්) ත් ගියා. උසාවිය මීයාට පිම්බා වැනිය. ඇප්රෙන්ටිස් කෙල්ලෝ දුවන්නේය. ස්ටෙනෝ රතු වෙන්නේය. ගෝෂකයා උඩ බලන්නේය. රජයේ ලෝයර් තව වතුර බොන්නේය. ලේඩි ලෝයර්ලා බොරුවට හෑන්ඩ් බෑග් අදින්නේය. පිරිම් ලෝයර්ලා පොත් පෙරලන්නේය. නඩුකාරතුමා පමනක් නිසොල්මනේය.

මෙසේ ලීවාට කියවන්නාගෙන් සමාව අයදින්නේය. එහෙත් මෙය ඇත්‍තකි. මෙහි හිනාවට කාරනයක් නොමැත. ඇත්තේ ලිංගික අද්‍යාපනයේ හිඩැස නොවේද?
සිද්ධිය ඉවර නැත. සාක්කිකාරිය කියපු හු.. එකයි ප.. එකයි පුනරුච්චාරනය කරමින් මේක අසනවා හැර රජයේ ලෝයර්ට විකල්පයක් නැත. එතුමා නන්නත්තාරය.

විනිසුරු අසුනෙනෙන් සිනාසෙමින් ඉංගිරිසියෙන් ඇසුවේ නීතිපතිතුමා කුනුහරප කියන එක සුදුසු නැහැ නේද කියලාය. තවත් පැය බාගයක් ඔට්ටු වී විත්තියේ ලෝයර්ගේ විරෝධතා නැති වූ තැන උත්තරය කටට දී අසා ගත්තේය. විත්තියේ ලෝයර්ලාද මිනිසුන්‍ ය.

කුනුහරුප කියා යුක්තිය ඉටු කර ගන්නට බැරිය.

ලිංගික අපරාධ වලට ලක් වී පැමිනෙන බොහෝ දෙනා අන්ත දරිද්‍රය. විත්තිකරුවන් ද එම සමාජ මට්ටමේමය. අතවරයට පත් වූ දරුවන් රු. 100 බස් ගාස්තුව නැතිව උසාවි නොපැමින අන්තිමට වරෙන්තු වී අල්ලන් එන්නේය. වදින්න ගිය දේවාලේ හිසේ කඩා වැටීය. ඉගෙනුම 9 ටවත් නැතිය.

ලිංගික අධ්‍යාපනය එපා කියන්නෙ මේ හිඩැස් එන්ජෝයි කරන්නට කැමති එවුන්‍ ය. එය එපා කියනේ ඒ දැනුම තියෙනා එවුන් ය. පහල පංතියට එය දැනටමත් ප්‍රමාද වී ඇත්තේය.

බම්බලපිටිය ට, වැල්ලවත්ත ට එය එපා උනාට හොරොව්පතාන, වැලිකන්ද, රදවිගෙඔය, ගෝමරන්කඩවල හේනට, වෙලට, කැලයට එය ඕනෑමය. වැක්ස් කරන එවුන්ට ඉගෙනුමට දෙයක් නැති උනාට කැලේ වැවුන එවුනට බොහෝ තිබෙන්නේය. එපා කියන්නවුන්ට මයික් ඇල්ලුවාට ඕනෑ කියන්නවුන් ගොලුය. හොරොව්පතානෙන් වොයිස් කට් නොගන්නේය.

ලිංගික අධ්‍යාපනය ලබ දීම ඍජුවම දරුවන් ලිංගික අතවර වලින් බේරා ගැනීමට දායක වනු ඇත. එමෙන්ම අවාසනාවන්ත ඉරනමකට ගොදුරු වූ විට කදී එය නීතිය ඉදිරියට ගෙනවුත් යුක්තිය ඉල්ලා හඩ නගන්නට ශක්තියක් වනු ඇත.

එසේ නොමැති රටක් තල්ලු වන්නේ
දරුවන් අනාරක්ෂිත, සැකකරුවන්ට ගල් ගහන උසාවිය ට හූ කියන ගෝත්‍රික සමාජයකටය.

තීරනය අපි අතේය!

©️ අරවින්ද හබක්කල

- උපුටා ගැනීම XeducationSLhttps://www.facebook.com/xeducationslවිනාඩියෙන් HIV පරීක්ෂාවක් කර ගන්න!HIV කියන්නේ වෛරසයකින් බ...
03/06/2021

- උපුටා ගැනීම XeducationSL
https://www.facebook.com/xeducationsl

විනාඩියෙන් HIV පරීක්ෂාවක් කර ගන්න!

HIV කියන්නේ වෛරසයකින් බෝ වෙන රෝගයක්.

මේක බෝ වෙන්න පුළුවන් ක්‍රම 3ක් තියෙනවා.

👉 අනාරක්ෂිත ලිංගික සංසර්ග වලින් HIV බෝ වෙන්න පුළුවන්. ලංකාවේ 90% කටම වඩා HIV හැදෙන්නේ මේ හින්දා.
👉 HIV ආසාදනය වෙලා ඉන්න මවකගෙන් තමන්ගේ කුසේ ඉන්න දරුවාට HIV බෝ වෙන්න පුළුවන්.
👉 HIV ආසාදනය වෙලා ඉන්න කෙනෙක්ගේ රුධිරය තවත් කෙනෙක්ගේ ශරීරයට ඇතුල් වුනොත් HIV හැදෙන්න පුළුවන්.

▶ HIV බලපාන්නේ ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියට. වෛරස් එක ශරීරයට ඇතුල් වෙලා ටික ටික ශරීරයේ ප්‍රතිශක්තිය අඩු කරනවා. මේ විදියට කාලයක් ගියාම ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වෙලා ගිහින් හොඳටම විනාශ වෙලා යනවා. ඒ තැනට ආවොත් එහෙම ශරීරයේ රෝග වලට සටන් කරන්න හැකියාව නැති හින්දා වෙන ඕනම රෝගයක් හරිම ලේසියෙන් හැදෙන්න පුළුවන්.
මෙන්න මේ තැනට ආවම තමා ඒක HIV AIDS කියලා කියන්නේ.

▶ එතොක්ට මේ HIV වෛරසයට ශරීරයට ඇතුල් වෙලා මේක HIV AIDS කියන තැනට එන්න අවුරුදු 2 ඉඳන් අවුරුදු 7ක් වගේ වෙනකම් කාලයක් ගත වෙන්න පුළුවන්.
හැබැයි HIV AIDS කියන තැනට එනකම්ම මේ කාලයේ එයා සාමන්‍ය කෙනෙක් වගේ තමා පිටට පෙනෙන්නේ. කිසිම රෝග ලක්ෂණයක් පෙන්නේ නැහැ.

ඒ හින්දා තමන්ට HIV තියෙනවද කියලා දැන ගන්න පුළුවන් එකම ක්‍රමය රුධිර පරීක්ෂණයක් කර ගන්න එක.

HIV වලට ඉස්සර වගේ නෙමේ දැන් ප්‍රතිකාර තියෙනවා. HIV හැදුන කෙනෙක්ටත් සාමන්‍ය කෙනෙක් වගේ දැන් ජිවත් වෙන්න පුළුවන්.✅

මේ වෛරසය තමන්ගේ ඇඟේ තියෙනවා කියලා ඉක්මනින් දැන ගන්න තරමට ප්‍රතිකාර කරලා මේක පාලනය කරන්න පුළුවන්.
ඒ වගේම ඉක්මනින් හඳුනා ගන්න තරමට මේක තව කෙනෙක්ට බෝ වෙන එක නවත්ත ගන්නත් පුළුවන්.

ඒ හින්දා රෝග ලක්ෂණ මතු වෙනකම් ඉන්නේ නැතුව තමන් මොකක් හරි අනාරක්ෂිත ලිංගික ඇසුරක යෙදුනා නම් පරීක්ෂාවක් කර ගන්න එක හරිම වැදගත්.

📌 කොහොමද HIV ටෙස්ට් එක කරන්නේ?

HIV ටෙස්ට් එක කරන්න යද්දී අනිවාර්යෙන්ම ඔයාගේ අවසරය, කැමැත්ත දෙන්න ඕනා. තමන්ගේ කැමැත්තක් නැතුව කාටවත් මේ ටෙස්ට් එක කරන්න බැහැ. HIV ටෙස්ට් එක කරන්න ඕන වෙන්නේ ඇඟිල්ලෙන් ගන්න එක ලේ බිඳුවකින් විතරයි.
ඒකෙන් පස්සේ විනාඩි 20 කින් වගේ ප්‍රතිඵල බලා ගන්න පුළුවන්.

📌 කොහෙන්ද HIV ටෙස්ට් එකක් කර ගන්න පුළුවන්?

රජයේ ලිංගාෂිත බෝ වන රෝග සායනකට ගියොත් මේ පරීක්ෂණය නොමිලේම කර ගන්න පුළුවන්.
ඒ තැන් ගැන කලින් පෝස්ට් එකක් දැම්මා. ඕන කෙනෙක් ඉන්නවා නම් ඒක මෙතනින් බලන්න.
👉 https://www.facebook.com/xeducationsl/posts/177121004170604
ඒ වගේම පෞද්ගලික රෝගල් වලිනුත් මේ ටෙස්ට් එක කර ගන්න පුළුවන්.

තමන්ගේ රහස්‍ය භාවය ගැන කිසිම බය වෙන්න දෙයක් නැහැ. සමහරු බයෙන් ඉන්නවා පරීක්ෂණයේ ප්‍රතිඵල තමන්ගේ ගෙදර අනිත් අයට හරි තමන් විවාහ වෙලා ඉන්න කෙනාට හරි යවනවා කියලා. ඇත්තටම ඒ වගේ දේවල් වෙන්නේ නැහැ.

📌 දවස් කියකින්ද HIV ටෙස්ට් එක කර ගන්න ඕනා?

සමහර විට කෙනෙක්ගේ ඇඟට HIV වෛරස් එක ඇතුල් වෙලා මාස 3ක් වගේ යනකම් ඒක පරීක්ෂණයකින් හොයා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා තමන් අනාරක්ෂිත ලිංගික එකතු වීමක යෙදිලා ටෙස්ට් එකක් කලාට පස්සේ මාස 3 කින් ආයේ පාරක් HIV ටෙස්ට් එකක් කර ගන්න.

මේ දැනුම අනිත් අය අතරේත් share කරන්න🙏

©XeducationSL

හමුවන පළමු දිනයේම ලිංගිකව හැසිරෙන පෙම්වතිය ගණිකාවක්ද නොවේ. වසර ගණනක් පෙමින් වෙලී සිට වසර ගණනාවකටපසු ලිංගිකව මුල් වරට හැස...
09/05/2021

හමුවන පළමු දිනයේම ලිංගිකව හැසිරෙන පෙම්වතිය ගණිකාවක්ද නොවේ. වසර ගණනක් පෙමින් වෙලී සිට වසර ගණනාවකටපසු ලිංගිකව මුල් වරට හැසිරෙන තරුණිය දූතිකාවක්ද නොවේ. ලිංගික සම්බන්ධකම් පැවැත්වීම කිසි විටෙකත් සම්බන්ධතාවයක් කොතරම් දුරට සාර්ථක වේද යන්න තීරණය කිරීමට නියම කර නැත. ඔබව අගය කරන මිනිසෙකු ඔහු කොපමණ කාලයක් පෙරුම් පුරා ඔබව ලබා ගත්තත් කොතරම් ඉක්මණින් ඔබව ලබාගත්තත් ඔබව අත් නොහැර ඔබ සමඟ රැඳී සිටිනු ඇත. ඔහු ඔබ සමඟ රැඳී සිටියත් නොහිටියත් ඔබව ගණිකාවක් නොකර වචනයෙන් දූෂණය නොකර සිටිනවානම් එය සැබෑ ආදරයයි. මන්ද , අද බොහෝ දෙනා වෙන් වූ පසු සබඳතාවය නිරුවත් ඡායාරූප ලීක් කර ප්‍රේමය නිමා කරති. එසේත් නැතහොත් අල්ලාගන්නට බැරිවූ කල මං ඕකිට ගැහුවා ඒකි මෙහෙමයි ලෙස ඇයව වචනයෙන් දූෂණය කරති. සැබෑ ආදරය යනු රැඳී සිටීමම පමණක් නොව එක්කො රැඳී සිටීමයි. එසේත් නැතහොත් ඔහුගේ හෝ ඇයගේ සතුට වෙනුවෙන් යන්නට දීමයි.
✍️ ඉසුරු ගිල්ශාන් ✍️

දික්කසාදය❤දිනක් විත්ති කූඩුවේ සිටි තරුණ බිරිඳක ගෙන් විනිසුරු දික්කසාද වීමට හේතු විමසා සිටීමේදී ඇය මෙසේ කියා සිටියාය..නීත...
28/04/2021

දික්කසාදය❤

දිනක් විත්ති කූඩුවේ සිටි තරුණ බිරිඳක ගෙන් විනිසුරු දික්කසාද වීමට හේතු විමසා සිටීමේදී ඇය මෙසේ කියා සිටියාය..
නීතිඥතුමා - ඔබ දන්නවාද ඔබට එදිරිව ඔබේ ස්වාමිපුරුෂයා විසින් දික්කසාද නඩුවක් ගොනු කල ඇති බව..?
තරුණ බිරිය- එසේමයි සුවාමීනී..
නීතිඥතුමා - මෙහි ගොනු කොට ඇති කරුණු වලට තමා වැරදි කරුද? නිවැරදි කරුද?
තරුණ බිරිය - වරදකරු ස්වාමීනී..!
නීතිඥතුමා - අනාචාරයේ හැසිරීම සහ ද්වේශ සහගත අතහැරයාම පිලිබදව ඔබේ අදහස් දක්වන්න..
තරුණ බිරිය -
ස්වාමීනී,
මෙහි පැමිණිලි කරු නොහොත් මගේ ස්වාමිපුරුෂයා මට මුන ගැසුනේ මන් අවුරුදු 23දී පෞද්ගලික රැකියා ස්ථානයකදී, අවුරුදු දෙකක ප්‍රේම සම්බන්යකින් අනතුරුව අප විවාහ උනා, ඉන් පස්සෙ අපි හදා ගත්තු ගෙදරක අපි පදිංචියට ගියා,
බැදලා අවුරුද්දක් යනකොට අපිට දරුවෙක් ලැබුනා,
එයා කොහොමත් මන් ගැන එච්චර වගක් නෑ,
හැමෝම වගේ මන් උයන දේවල් රහ කර කර කෑවා,
ඒත් එයාට හැමදාම උයන එකේ අඩුපාඩු හෙව්වා, එක්කො ලුණු මදි,වැඩි කිරි මදි, මිරිස් වැඩි ඒ වගේ නොයෙකුත් දේවල්,,

ගෙවල් දොරවල් ලස්සනට අස් පස් කලත් ,මල් වැවුවත් ඒ වගෙත් එයාට ඇදක් පලුද්දක් හෙව්වා, එක්කො වැලි හරි පෑගෙනවා කිව්වා,
දරුවා කොච්චර හැඩට ලස්සනට තිබ්බත් මොකද මූ නාවර පෙරාගෙන කියලා අහනව මිසක් කිසිම වෙලාවක ළමයා ගැන හොයලා බැලුවෙ නෑ,
මන් කොච්චර ලස්සනට ඇදලා කරලා හිටියත් මොකද ඕයි තමුසෙගෙ හැටි අම්මේ ඒකට අපේ ඔෆිස් එකේ ඉන්න ගෑනු බලපන්කො ඇවිත් කියනවා,
මොකකට හරි වියදමට කීයක් හරි ඉල්ලුවාම ගිය සතියෙත් ඕව ගත්තා නේද ඉවරද අහනවා,,

බිල් ගෙනෙන් හැම එකකම , වියදම් අඩු කරපන් කියනවා, ඉතින් මන් මගේ දේවල් වලට මදි පාඩු උනාම මගේ සහෝදරයන් ගෙන් හරි අම්මගෙන් හරි පිරිමහ ගන්නවා,

කොච්චර පිරිමහල වැඩ කලත් එයා දැක්කෙ මගේ වියදම් පැත්තම විතරයි,
ස්වාමීනී මට ඕන කලේ එයා එක්ක තුරුලු වෙලා දවසෙ දේවල් කතා කරන්න එක පැයක් එයාගෙන් ,ඒත් ගෙට ගොඩ වෙන්නෙ මහන්සි කියාගෙන,
පැයක් විතර නාලා ,කාලා ෆෝන් එක ඔබල පැයක් විතර මන් වැඩ ඔක්කොම ඉවර වෙලා එනකොට එයා නිදි,

මට කතා කරන්න කෙනෙක් නෑ ,හිතේ තියෙන දේවල් කියන්න කෙනෙක් නෑ, හදිස්සියේවත් දවල්ට වත් කෝල් එකක් අරන් මන් ඇහුවත් කෑවද කියලවත් අනේ මේහ් තියෙනවා අයිසේ මට වැඩ තියෙනවා අනික මන් ගෙදර එනව නේ කියනවා,

මගේ යාලුවෝ එක එක තැන්වල යනවා නිවාඩු දවසට ගිහින් කාල බීලා ෆොටෝ අරන් හරි උජාරුවෙන් ඒ ගැන පෙන්න පෙන්න කතා කරනවා,,
මගෙන් ඇහුවම ට්‍රිප් එකක්වත් යන්නෙ නැත්ද කියලා මන් දෙන උත්තරේ එයාට නිවාඩු නෑ කියලා,,අම්මෝ මෙයාගෙ මනුස්සයා බිස්නස්මන් කෙනෙක් වෙන්න ඇති ඒකනෙ මේ තරම් බිසී කියලා උන් හිනා වෙනවා,
ඒ තියා අම්මලව ඉදල හිටල බලන්න යන් කිව්වත් තමුසෙ ගිහින් එනවා මට ඕවට වෙලාව නෑ කියලා එයාගෙ ගමන් යනවා,,
අම්මල පවා හැමදාම එයාව අහනකොට බොරු උත්තර දෙනවා,,
කවදාවත් අපේ විසේස දවස්, මගේ උපන්දිනයක් මතක නෑ,,කවුරු හරි ඒකට සුබ පතපුවාම අහ් අද තමුසෙගෙ උපන්දිනේ ද අහනවා,ඒකට කවදාවත් මට තෑග්ගක් හම්බ වෙලා නෑ,
ළමයගෙ මොන්ටිසෝරියේ පේරන්ට් මීටින් වලට ගියේ මන් තනියම ,ලමයට මට පවා ලෙඩක් දුකක් අසනීපයක් උනාම මන් බෙහෙත් ගන්න ගියේ තනියම,මට රෑකට අසනීපයක් හැදුනම පවා පැනඩෝල් පෙත්තක් දෙන්නවත් එයා නැගිට්ටෙ නෑ,
මට දුක ස්වාමීනී යාලුවෙලා ඉන්නකොට මේ ගැන දැනුනෙ නැති එක ,එතකොට අඩු පාඩු දැනුනත් එයාට ගොඩක් ආදරේ කලා මන් බැන්දම හරි යයි කියලා මන් හිතුවේ..

නීතිඥතුමා - එතකොට මේ අනියම් සම්බන්ධය ගැන ඔබට මොනාද ප්‍රකාශ කරන්න තියෙන්නෙ..

තරුණ බිරිය-
එහෙමයි ස්වාමීනී ,මන් ඒකට අනියම් කියන්න කැමති නෑ,ඒකයි නියම සම්බන්ධ කම, මිනිස්සු ඒකට එහෙම කිව්වට ,මන් වෙනුවෙන් එයාට වෙන් කරන්න කාලෙ තිබ්බා, ඕන රෑක ඕන වෙලාවක කතා කරොත් එයා ඇවිල්ලා මගේ වැඩේ කරලා දුන්නා,

කොහේ ගියත් මන් වෙනුවෙන් මගේ හෑන්ඩ් බෑග් එක උස්සන් ඉන්න,ළමයව වඩන් ඉන්න ,මන් කියන දෙයක් ඕනම වෙලාවක් අහන් ඉන්න,ඕනම තැනක යන්න,සමහර විට වැඩත් එක්ක එකම වැඩේට දෙපාරක් තුන් පාරක් ගිය වෙලාවට පවා මුකුත්ම නොකියා එන්න,,

බඩගින්නට කෑමක් උනත් අරන් එන්න,කවදාවත් අරය කතා නොකරපු ආදර නම් වලින් මට කතා කරන්න,මගේ උපන්දිනේ ට චූටිම දේකින් පවා මාව පුදුම කරන්න එයාට පුලුවන් උනා,ඔව් වැරදි මන් ගොඩ කාලෙකින් නොලැබුණු ආදරනීයම පහසක් ලබන්න පවා මන් දෙපාරක් හිතුවෙ නෑ, වැඩේ කරන් අනිත් පැත්ත හැරිලා නිදා ගන්න එයාගෙයි මෙයාගෙයි මන් ලොකූ වෙනසක් දැක්කා,මට හිතුනෙම මෙයා මගේ පෙම්වතා කියලා,

මගේ හැමදේකම එයා හොදක් දැක්කා,එයාට මන් කොච්චර කැත උනත් මාව ලස්සනට දැක්ක,මට වගේම දරුවටත් එක වගේම ආදරේ කලා,මගේ වැරදි අඩු පාඩු හදන් මාත් එක්කම හිටියා,තරහ උනත් ඉද හිටක ආයෙම ටිකකින් මුකුත්ම නොවුන ගානට කතා කලා,එයා මාව බලන්න හොරෙන් ආවෙ උනාට යනකොට මගේ නලලත ඉඹලා පරිස්සමෙන් සුදු නෝනා කියලා ගියා,මන් වගේම මගේ දරුවත් එයාට ආදරේ කලා,
මගේ ස්වාමිපුරුෂයා මේක දකිනකොට පවා මෙයා ළමයවත් වඩාගෙන අපි අයිස් ක්‍රීම් කකා පාරෙ ඇවිදිනවා,
ස්වාමීනී ,ගෑනු ආදරේ විදියට දකින්නෙ,පුංචිම පුංචි අගය කිරීමක, එයාට දෙන කාලය ගැන, එයා වෙනුවෙන් කරන පුංචි දේවල් වල,ඒවා ගොඩක් ලොකු වෙන්න ඕන නෑ,

රට්ටු මට වේස ගෑනි කියයි, නොයෙකුත් කතා කියයි ඒත් මට නොලැබුණු සෙනෙහස වෙන තැනකින් හෙව්ව මන් වැරදි ඇති,ඒත් මන් මානුෂික අතින් හරි අසරණ උනා,එයා දැනට උනත් මේ ප්‍රශ්න වලින් පලා ගිහින් නෑ,එලියෙ ඉන්නවා මන් එනකල්, මට කොහොමත් මේ කොලේ බැදීමට වඩා ඒ හදවතේ බැදීම වටිනවා ,ඔබ වහන්සේ මට දික්කසාදය දෙන්න මන් ඒකට කැමති රට්ටු මොනා කිව්වත් එයාලත් එක්ක නෙවෙයි මන් ඉන්නේ, එක මොහොතක් මන් කෑවද බීවද නාහා හිටපු අය ,මන් වෙන මිනිහෙක් එක්ක බුදිය ගත්ත එක හෙව්වා,මට එයාලගෙ කතා නම් වැඩක් නෑ ස්වාමීනී,

එසේ කියද්දි පැමිණිලි කූඩුවේ සිටි ස්වාමිපුරුෂයා ලැජ්ජාවෙන් බිම බලා සිටියා,විනිසුරුකරු නිරුත්තව මේසය දෙස බලා යමක් සටහන් කරමින් සිටියා,තරුණ බිරිය ඇස් අග කදුලක් පිස දමා සිය මෑණියන් අතේ සිටි දරුවා දෙස බලා දිග සුසුමක් පිට කර හැරියා..

(මේ දවසකට වෙන කතා අතුරෙන් එකම එක කතාවක් පමණයි,කෙනෙකුට කතා හදන්න පෙර ඔවුන්ගේ ජීවිත කතාව කියවා සිටින්න,මොකද හරිම කතාව දන්නේ ඔවුන් පමණක්ම නිසා)

උපුටා ගැනීමකි-
Room 365✍️

❤️❤️❤️
28/04/2021

❤️❤️❤️

❤️❤️😍
26/04/2021

❤️❤️😍

😷😋
26/04/2021

😷😋

රෑපයෙන් හැම දේම තීරණය කරන්න ඒපා
26/04/2021

රෑපයෙන් හැම දේම තීරණය කරන්න ඒපා

ඝාතනයට ලක්කර හිස නොමැතිව සිරුර හමුවූ ලිනියාකුමාර දුලනිගේ දිලිණි යසෝධා ජයසූරිය (30) නමැති කුරුවිට, තෙප්පාගම, බඩෝගම පදිංචි...
03/03/2021

ඝාතනයට ලක්කර හිස නොමැතිව සිරුර හමුවූ ලිනියාකුමාර දුලනිගේ දිලිණි යසෝධා ජයසූරිය (30) නමැති කුරුවිට, තෙප්පාගම, බඩෝගම පදිංචිකාරියගේ ඝාතනය සිදුකල
අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි නමැති විවාහක පනස් දෙහැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයා එජාප මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස කලක් සේවය කර තිබෙනවා.

මේ අතර සැකකරු ඉකුත් 27 වැනිදා බුත්තල පොලිසියෙන් නිවාඩු ලබා පැමිණ එදින රාත්‍රී 10.00ට පමණ මෙම කාන්තාව සමග හංවැල්ලේ පිහිටි හෝටලයක 106 වැනි කාමරය කුලියට ගෙන තිබෙනවා.

මරා දමා පැය ගණනකට පසු මෙම කාන්තාවගේ හිස කඳෙන් වෙන් කරන්නට ඇති බවට සැක කෙරෙනවා.

ඝාතනය වී පැය ගණනකට පසු ගෙල කැපූ නිසා අධික රුධිර වහනයක් නොවී ඇති බව පොලිසියේ විශ්වාසයයි.

උපුටා ගැනීම අවසන්

සිතන්නට යමක් ආනාගතය  ගැන
02/03/2021

සිතන්නට යමක් ආනාගතය ගැන

ලංකාවේ ඉතින් තාමත් සෙක්ස් කියන්නේ හොරෙන් හොරෙන් කතා කරන ‘ නැත්නම් කතා කරන්න නරක දෙයක්... ලංකාවෙ කාන්තාවක් මේක් අරන් ගියා...
19/12/2020

ලංකාවේ ඉතින් තාමත් සෙක්ස් කියන්නේ හොරෙන් හොරෙන් කතා කරන ‘ නැත්නම් කතා කරන්න නරක දෙයක්... ලංකාවෙ කාන්තාවක් මේක් අරන් ගියා නම් අඹ සරණයි ඕන් 😁🙏

 #දරුවන්නැති  #ගැහැනියකගෙන් හේතුව විමසන අයට 👉ගැහැනියක් තැබූ ✍️සටහනක්.......................................................
18/12/2020

#දරුවන්නැති #ගැහැනියකගෙන් හේතුව විමසන අයට 👉ගැහැනියක් තැබූ ✍️සටහනක්........................................................................
බැඳල හරියට වසර නවයයි
මගේ කුස තවමත්ම හිස්මයි
කොයිතරම් දෑ කලත් වෙහෙසී
උරුම නැති දේ පිලිසිඳිල්ලයි...
නෝක්කඩු පුස් වදන් විතරයි
කරුමේ වෙලාව මටම උරුමයි...
කුසක් නොපිරුන කතක් විතරයි
දන්නේ විඳවන විදිහෙ ගැඹුරයි...........................................................................
කිසිම අඩුවක් නැතුව හැම දේ
ඔප්පු වෙනවා සෑම තැනකම....
කලට වේලට සියලු දේමත්
සිද්දවෙනවා නියම ගානට...
මොකද්දෝ පෙර පවක් හින්දා
අහිමි වීමක් පැනලා මැද්දට...
ජීවිතේ අපේ හිනාවක් යට
ඇවිලෙන්නෙ ගිනි ගොඩකි සැරටම....💥.......................................................................
නොවඳිනා දෙවියෙක් නැතුව ඇති
නොගිය දේවාලයක් ගානෙම
නොකල පූජා තොවිල් නැතුවැති
ඒ තරම් අරහන්නේ දැං මට..
ගැහැනියක් අම්මෙක්ම වන්නට
නොහැකි වී අසරනම වෙන තැන...
කිසිම එකියක් හිත හදන්නෑ
උන් තලන්නෙම මාව හරහට...
වඳ වදන් මූසලයි නොකියා
කියයි සමහරු නොකී ගානට.
ඒත් ඉවසමි වැදුව දවසට
මමත් අම්මෙක් වේවි දවසක...........................................................................
ජෝඩුවක් තුන් පත් රෑන වී
ගෙදර සාලේ අඬන සද්දෙට..
රෑට හීනෙන් තාම ගැස්සෙයි
කඳුලු පොඟවන් මැදියමේ සිට...
ගැහැනියක් කිසි දිනෙක දරුවෙක්
නැතුව ඉන්නා කෙනෙක් දැක්කම
අත තියාලා බඩට ඇහුවොත්
තාම නැද්දෝ ඉතිං ඔහෙලට...
ඊට වැඩියෙන් හොඳයි සත්තයි
උලක් අරගෙන තියුනු විදිහට
ඇනල බලපං බොක්කේ ඇති ගිනි
ඒකි විඳවන තරම ගින්දර.....

උපුටා ගැනීමකි

😢😡 #ඔසප්_වේදනාව_විදින_ඇය #විනාඩියක්_නැවතිලා_කියවලා_යන්න_ඇත්ත_මේක_නෙමේද_කියලා👩"අනේ මගේ යටි බඩයි ඔලුවයි රිදෙනවා අයියේ.."👨"...
12/12/2020

😢😡 #ඔසප්_වේදනාව_විදින_ඇය

#විනාඩියක්_නැවතිලා_කියවලා_යන්න_ඇත්ත_මේක_නෙමේද_කියලා

👩"අනේ මගේ යටි බඩයි ඔලුවයි රිදෙනවා අයියේ.."

👨" ඒ ඇයි....? "

👩" අනේ ලෙඩ වෙලා මං "

👨" අහ් මසකට වරක්ද..? "

👩" ඔව් ඒක තාම... ඔයාටනම් ජෝක්..."

ඔව් මේ ආදරය කරන හැමෝටම හොදටම පුරුදු අත්දැකීමක්.. තමන් පණ වගේ ආදරය කරන තමන්ගේ කොල්ලට කෙල්ල මාසෙකෙට පාරක් ඔය කතාව කියනවා.. කොල්ලටත් ඕක ඉතින් ලොකු දෙයක් නෙමෙයි...

ඒත් ප්‍රශ්නය තියෙන්නේ ඒ කෙල්ලගේ ඔසප් වීම කොල්ල දකින විදිහයි....

👩 " අයියේ බඩ ගොඩක් රිදෙනවා.. කොන්දත් රිදෙයි ගොඩක් "

👨 " ඉතින් රිදෙන එකට මං මොනවා කරන්නද...? "

👩 " අනේ ඉතින් අයියේ..."

👨 " මං තියෙනවා පොන් එක පරිස්සමින් ඉන්නවා..."

වෙනදා පැය ගනන් කෝල් එකේ එල්ලි එල්ලී කෙල්ල එක්ක කතා කරන එකා , වෙනදට කෙල්ලගේ එක දිහා බලන් කෙල හල හල ස්වං වින්දනය කරන එකා එදාට පෝන් එකෙන් කතා කරලා කටේ තියෙන කෙල ඉවර වෙනකන් කෙල ගහන්නේ ඒක ඒ දවස් තුන හතරට එච්චර ජරාවක් නිසාද...? වෙනදට එක දිහා බලන් කෙල හලන එකා එදාට කෙල ගහනවා. අනේ බන් උඹලගේ ආදරේ..

බැදපු මිනිහා වෙනදට තමන්ගේ ගැණීව තුරුල් කරන් ආදරෙන් නිදා ගනිද්දී ඒ දවස් තුන හතර මිනිහා ගැණීයෙක් ඇදේ නැති ගානට අනිත් පැත්ත හැරිලා නිදා ගන්නේ , ඒ දවස් ටිකේ ගැණීව එච්චර ජරාවක් නිසාද...? එහෙනම් ඒ දවස් ටිකේ ගෑණි උයන කෑමක්වත් කන්න එපා , හොදල දෙන ඇදුමක්වක් අදින්න එපා ඒවාත් ජරාව..

ඒ අහිංසක ගැණී බඩේ අමාරුවයි ඇගේ අමාරුවත් එක්කම හිතේ අමාරුවෙන් ඒ දවස් ටිකේ ගෙදර වැඩ කරන් උඹලට කන්නත් උයලා ගෙදර වැඩත් කරලා දෙනවා නේද....?

තවත් සමහරු කෙල්ලගේ ගැණීගේ ඒ දවස් තුන හතරෙදි ගෙදර යන්නෙත් මහ රෑ බිලා එහෙම නැත්නම් ඒ දවස් තුන හතර ඉවසන්න බැරුව වෙන ගැණීයෙක් ළග නිදා ගන්න ගිහින්. මුලදී ආදරේ නාමෙන් හැමදේම දෙන්නම් සතුටින් තියන්නම් කියලා අරන් යන ඒ අහිංසක කෙල්ලට අන්තිමට ඒ දවස් ටිකට පෑඩ් පැකට් එකක්වත් නෑ.. ඕකයි ඇත්තම තත්වේ , ඒ කෙල්ලට අන්තිමට ඉතුරු රෙදි කෑලීම විතරයි... ඒත් ඒ මිනිස්සු දන්නේ නෑ තමන්ගේ කෙල්ලගෙන් ගැණිගෙන් පිටවෙන දේවල් ඇතුලේ ඌගේ ජරාවත් තියෙයි කියලා....


ඒ දවස් ටිකට කෙල්ලෙක් / ගැණීයෙක් කොච්චර දුක් ව්දිනවද...? හරියට කෑමක් කන්න බෑ , නින්දක් නෑ , ඇග රිදෙනවා , යටි බඩ රිදෙනවා ඔලුව රිදෙනවා ඊටත් වඩා පොඩි දේටත් කේන්ති යන කාලයක් ඒක...

👨 " ගොඩක් රිදෙනවද මැණික... "

👩 " ඔව් අයියේ යටි බඩ රිදෙයි... "

👨 " මං මැණිකගේ යටි බඩ අත ගාන්නම් හිමින්... "

👩 " හා මහත්තයෝ , ගොඩක් සනීපයි... "

👨 " අද ඔයා උයන්න එපා , අපි කඩෙන් කමු.. "

👩 "අනේ එපා මහත්තයෝ අපරාදේ සල්ලි , මං කොහොමහරි උයන්නම්.."

👨 " හරි මං උයන්නම් , මැණික මට පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ.. "

ඒ දවස් තුන හතරට වෙනදට වඩා ආදරයක් උඹෙන් බලාපොරොත්තු වෙනවා බන් ඒ අහිංසක කෙල්ල මේ වගේ.. ඇයි ඒ ආදරේ දෙන්න උඹට බැරි... ඒත් ඒ ඔසප් වේදනාව පිරිමි උඹලට තිබ්බනම් කෙල්ලො / ගැණූ උඹලා වගේ ඒ දිහා ජරාවක් විදිහටනම් කවදාවත් හිතන් නෑ.. ඒ වේදනාව නැති වෙන තරමට ආදරයක් අනිවාර්යයෙන් දෙයි නෙමෙයි දෙනවමයි....

කෙල්ලට ගැණීට ආදරෙයි කිය කිය කිව්වට වැඩක් නෑ බන් , ඒ ආදරේ පෙන්නන්න දැනෙන්න දෙන්න ඕනී වෙලාව ඕකයි.. ඒ වෙලාවෙදී ඒ කෙල්ලව තවත් රිද්දුවොත් ඒ අහිංසක කෙල්ලට ඒ වේදනාවනම් දරාගන්න බැරි වෙයි...

හුස්මයි රත්තරන් කී ඔහුත් අහක බැලූ.....

තෙදිනයි හතරදිනයි ඒ ගැහැණියකගෙ කරුමේලූ.....

කුනුගද ආවත් සමහර පිරිමින් ඉදීලූ....

ජීවිතයත් අද ඇයට සිත් තැවුලක්ලූ...😭😭

crdit : shan

කොල්ලෙක් හොයන්නෙ සරල කෙල්ලෙක්පෙනුමින් විතරක් නෙවෙයි ගති පැවතුම් වලිනුත්හැබැයි හිතේ හයිය උපරිමෙන් තියෙන එකියක්ගෑණු කමට මැ...
12/12/2020

කොල්ලෙක් හොයන්නෙ සරල කෙල්ලෙක්
පෙනුමින් විතරක් නෙවෙයි
ගති පැවතුම් වලිනුත්
හැබැයි හිතේ හයිය උපරිමෙන් තියෙන එකියක්
ගෑණු කමට මැවිලා තියෙන්නෙ ලද බොලද
සුකුමාලා කමක් වුනාට
කෙල්ලෙක්ට පුලුවන් වෙන්න ඕනෙ
තමන්ගෙ අරමුණු වෙනුවෙන්
ලෝකයක් එක්ක උනත් හැප්පෙන්න
අසාදාරණය ඉස්සරහා
කුස්සිය මුල්ලට වෙලා අඩනවා වෙනුවට
යුත්කිය වෙනුවෙන් කෑ ගහන්න
කෙටියෙන්ම කිව්වොත් කොල්ලෙක් හොයන්නෙ
සීනි බෝල සිප්පි කෑලි නෙවෙයි
පොලවෙ පයගහලා ඉන්න
ඕනෙම දෙයකට ඔරොත්තු දෙන කෙල්ලෙක්

එතකොට කෙල්ලො
උන් හොයන්නෙ යකඩ වගේ කොල්ලො
උන්ගෙ හිත් හරි හයියයි
තමන්ගෙ අරමුණු වෙනුවෙන් ඕනෙම කට්ටක් කයි
අම්මා තාත්තගෙ සල්ලිවලින් රගන
සෙල්ලක්කාරයෙක් වෙනුවට
තමන්ගෙ මහන්සියෙන් නැගිටින
තමන් වෙනුවෙන් ඕනෙම කැපකිරීමක් කරන
ආදරයට නොඅඩුව ආරක්ෂාවක් දෙන
සරලවම කිව්වොත් තමන්ගෙ තාත්තා වගේ
ජීවිත කාලෙම පරිස්සම් කරයි කියලා හිතෙන
පොලවෙ පයගහලා ඉන්න පිරිමියෙක්

හිතපන් ඔය ගතිගුන ඔක්කොම
අපි නොඅඩුව දැක්කෙ කාගෙන්ද

ඔව් අම්මගෙන් තාත්තාගෙන්

හැම එකෙක්ම පතන්නෙ
අම්මෙක් තාත්තෙක් වගේ එකෙක්

එහෙම ආදරයකට පුලුවන්
අපිව ඇස්දෙක වගේ බලාගන්න
පරිස්සම් කරන්න
හුස්ම වැටෙනකල්
දුකක් නැතුව ජීවත් කරවන්න 🖤

Copied

ගැහැණු කියන්නෙකැපකිරීම් වලට කියන තවත් නමක්..ඉපදෙනකොට රෝස මලක් වගේ..ගොඩක් අය කියන්නෙ පවුලෙ වාසනාව කියලා..ඒත් ගුලි කරන් එන...
12/12/2020

ගැහැණු කියන්නෙ
කැපකිරීම් වලට කියන තවත් නමක්..
ඉපදෙනකොට රෝස මලක් වගේ..
ගොඩක් අය කියන්නෙ
පවුලෙ වාසනාව කියලා..
ඒත් ගුලි කරන් එන අත් ඇඟිලි මැද්දෙ..
ඇය අරන් එන්නෙ..
දරා ගැනීම විතරමයි...

ටිකෙන් ටික ලොකු වෙනකොට..
පවුලෙ වැඩිමලා උනත් බාලයා උනත්..
ගැහැණු ළමයි තමන්ගෙ
අයියව , මල්ලිව , නංගිව බලා ගන්නවා..
අම්මගෙන් පස්සෙ පවුලෙ
දෙවැනි වගකීම පවුලෙ
ගැහැණු දරුවෙක් අතෙ රැදෙන්නෙ
කාගෙවත් ඉල්ලීමකට නෙමෙයි..

කෑමක් බීමත් උනත්..
" මේක තාත්තට.. මේක අයියට.. මල්ලිට.."
කියලා හොඳම ටික වෙන් කරන්න
උන් දෙපාරක් හිතන්නෙ නෑ..

නීති රීති මැද්දෙ..
සමාජයෙ වපර ඇස් දාහක් මැද්දෙ..
කතාවක් නාහා ලොකු වෙන එක කෙල්ලෙක්ට ලේසි දෙයක් නෙමෙයි..

හිනා උනත්, නිහඬව හිටියත්..
කතා කලත්.. ඇන්දත්.. පැලැන්දත්..
වේගෙන් ඇවිද්දත්.. හෙමීට ඇවිද්දත්..
සමායජ බලන්නෙ වපර ඇහින්මයි..

ආදරේ හිතකට කොයි තරම් දැනුනත්..
කසාඳය තෝරා ගන්නකොට..
පරණ ඇරලා හිත පුරා ආදරේ කරපු ආත්මය ගෙදර අය වෙනුවෙන් අතාරින්න..
නිහඬවම දරාගෙන
අකමැති අයට ලං වෙන්නත් ගැහැණු ළමයින්ට සින්ද්ද වෙනවා..

ඒ නැතත්..
තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන්..
තමන්ගෙ අම්මව තාත්තව.. පවුලෙ අයව
අතෑරලා..
තමන් පුන්චි කාලෙ ඉදන් හිටපු ගෙදර..
පරිසරය අතෑරලා..
අළුත්ම තැනකට යන්න..

සමහරු ඒ වෙනුවෙන් ජීවිත කාලයක්..
ඉගනගෙන ගත්ත රස්සාව තමන්ගෙ ඉදිරි අධ්‍යාපනය නවත්තනවා..
එතන ඉදන් ඒ පවුල තමන්ගෙම කරගෙන..
සමහර දුක් කෙනෙහිලි ඉවසගෙන..
අනික් අයගෙ සතුට වෙනුවෙන් කැප වෙනවා..

අවුරුදු ගානක් රැක ගත්ත රූපය..
තමන්ගෙ දරුවන් වෙනුවෙන් වෙනස් වෙද්දි ඒ හැම වෙනස්කමකටම පණ ඇරලා ආදරේ කරනවා..
තමන්ගෙ දරුවන් ලෝකෙම කරගෙන ජීවිත කාලෙම උන් වෙනුවෙන් නැහෙනවා..

ඇත්තටම ..
ගැහැණු කියන්නෙම..
අනුන් වෙනුවෙන් කැපවෙන්නම..
දෙවියො මවපු...
කැටයමක්...
හරිම හයිය..
ඒකමයි එයාට පුළුවන්..
ඒ තරම් දරන්න..

Copied

Address

Columbo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Room 365 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category