White Apple / වයිට් ඇපල්

White Apple / වයිට් ඇපල් Digital අවකාශය තුළ තාරුණ්‍යයට දිගැහැරෙන නව්‍යතම මැගසීනය.

සසල සිත් නිවී සැනසෙනපහන් සිත් සැමට පූදිනසැම දෙසින් කරුණාව ගලා එනසැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා!
05/05/2023

සසල සිත් නිවී සැනසෙන
පහන් සිත් සැමට පූදින
සැම දෙසින් කරුණාව ගලා එන
සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා!

සසල සිත් නිවී සැනසෙනපහන් සිත් සැමට පූදිනසැම දෙසින් කරුණාව ගලා එනසැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා!!!-ලක්නා තරින්දි-
05/05/2023

සසල සිත් නිවී සැනසෙන
පහන් සිත් සැමට පූදින
සැම දෙසින් කරුණාව ගලා එන
සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා!!!

-ලක්නා තරින්දි-

මලින් බරව නේකගස් ගොමු වෝහීන් සුළඟක දැවටී ගෙන එන රොන් සුවදෝ..කැවුම් කොකිස් පීරිසිබෙදෙන නෑකම්අලුත් වෙනසුභ නැකතින් අවුරුදු ...
14/04/2023

මලින් බරව නේක
ගස් ගොමු වෝ
හීන් සුළඟක දැවටී
ගෙන එන රොන් සුවදෝ..
කැවුම් කොකිස් පීරිසි
බෙදෙන නෑකම්
අලුත් වෙන
සුභ නැකතින්
අවුරුදු ගෙන එනා
හිරු කුමරුගේ
ආශිර්වාදය
ඔබ සැමට සුභම සුභ
වේවා!!!

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

ප්‍රේමණීය පෙම්වතුන්ගේ දිනයේ මට සදාකාලිකවම ඔබ දැනෙනු ඇතැයි පවසන්නෙමි. ඔබට ද මා එලෙස දැනෙනු ඇතැයි සිතමි.            Happy ...
14/02/2023

ප්‍රේමණීය පෙම්වතුන්ගේ දිනයේ මට සදාකාලිකවම ඔබ දැනෙනු ඇතැයි පවසන්නෙමි. ඔබට ද මා එලෙස දැනෙනු ඇතැයි සිතමි.

Happy Valentine's Day.

'sday 'sday2023 #වයිට්ඇපල් #වයිට්ඇපල්මැගසින්

ඔයත් Heart එකට Beat වෙන්න Creative විදියට ලියන්න පුලුවන් කෙනෙක් ද? එසේ නම් අදම අප එක්ක එකතුවන්න.       #වයිට්ඇපල්  #මැගස...
12/02/2023

ඔයත් Heart එකට Beat වෙන්න Creative විදියට ලියන්න පුලුවන් කෙනෙක් ද? එසේ නම් අදම අප එක්ක එකතුවන්න.

#වයිට්ඇපල් #මැගසින් #වයිට්ඇපල්මැගසින්

සියලු අර්බුදයන් මතින් අභියෝග ජයගනු ලබන, අනාගතයේදී සාර්ථකවන්නා වූ රාජ්‍ය පාලනයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් ලෙස ලෝකය...
04/02/2023

සියලු අර්බුදයන් මතින් අභියෝග ජයගනු ලබන, අනාගතයේදී සාර්ථකවන්නා වූ රාජ්‍ය පාලනයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් ලෙස ලෝකයා ඉදිරියේ නැඟී සිටීමට හැකිවේවා යැයි 75වැනි ශ්‍රී ලංකා ජාතික නිදහස් දිනයේදී අභිමානවත් ලෙස ප්‍රාර්ථනා කරන්නෙමු.



#75වැනිනිදහස්දිනය #වයිට්ඇපල් #වයිට්ඇපල්මැගසින්

Success...........................බදින්න කෙනෙක් ඉන්නවා නම්, ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා නම් නිතර දෙවේලේ ඇහෙන වචන....මුඩුක්ක...
02/01/2023

Success...........................

බදින්න කෙනෙක් ඉන්නවා නම්, ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා නම් නිතර දෙවේලේ ඇහෙන වචන....

මුඩුක්කු වගේ ගෙවල් තියෙන තැනකින් නම් බදින්නෙපා
උඹට දුක් විදින්න වෙයි..
කාර් එකක් වාහනයක් තියෙන තැනකින් බැදපන්...
පාරේ බැහැලා යන්න පුලුවන් එකෙක්, එකියක් එක්ක යාලු වෙයන්...
කේන්දර ගලපලා බැදපන් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න පුලුවන් කේන්දරයක් තියෙන එකෙක්ව, එකියක්ව...
ඇගවල් වල ලෙඩ තියෙනවද කියලා බලලා අතඇරපන් ඔය කොච්චර කල් ලව් කරත් වැඩක් නැහැ....

මගේ තියරියට අනුව ඒ ඔක්කොම බොරු හේතූ.

මං ඇස් වලට දැකලා තියෙනවා මුඩුක්කු ගෙවල් වල ඉන්න කෙල්ලෝ කොල්ලෝ තමන්ගේ මහන්සියෙන් ගොඩ එන, ලස්සන ගෙවල් දොරවල් හදන, ඒ කපල් එකතු වෙලා මහන්සි වෙලා ගොඩ යන..
හොදට ගෙවල් දොරවල් හදලා සල්ලි වැක්කෙරෙන්න තියෙන මිනිස්සුන්ට මානසික නිදහස නැති වෙලා යනවා, ගෙවල් දොරවල් සල්ලි නැත්තටම නැති වෙලා යනවා.

මං ඇස් වලට දැකලා පයින් ගිය මිනිස්සු කට්ට කාලා රෝද හතරක යනවා, තවත් සමහරු රෝද හතරෙන් ගිහින් පයින් යන කාලවල් තියේ..

මං දැකලා තියේ ලස්සන ඉටි රූප වගේ මිනිස්සූ විවාහයෙන් පිට යන හැටි, සල්ලි ගෙවල් තිබ්බත් වටේ යන ආකාරය, ඒ වගේ මිනිස්සු වටේ යන ආකාරය දන්න නිසා පාරෙවත් එක්ක යන්න බැරිව ඉන්න ආකාරය..

ම්ං දැකලා තියේ ජෝතිශ්‍යට මුවා වෙලා ආදරේ කරන අයව වෙන් කරලා වෙන වෙන අයව බන්දලා විවාහ ජීවිතේම අපායක් කරවලා තියෙන විදිහ, 100 අසූ ගානක් ගලපලා අදහස් නොගැලපිලා පවුල් දෙකඩ වෙලා ළමයි අන්ත අසරණ වෙලා ඉන්න ආකාරය, ළමයි ලැබෙන්නේ නැහැ කිව්ව කපල් වලට ලස්සන මල් වගේ ළමයි හම්බෙලා ඉන්න, පව් ගැන බයේ කතා කරන මිනිස්සු ඔව්වට මුවා වෙලා ආදරෙන් ඉන්න අයව වෙන් කරලා ජම්මෙට ඇත්ත ආදරයක් නොලැබෙන්න පව් පුරෝ ගන්න ආකාරය..

ඇගවල් වල ලෙඩ නැතුව විවාහ වෙලා ඉද්දි මේ කපේට හොද කරන්න බැරි ලෙඩවල් හැදිලා අන්ත අසරණ උනු අයව...

මේ වගේ හුගක් දේවල් මිනිස්සුව පාච්චල් කරන ඇතැම් කියමන් නිසා හෙම්බත් වෙච්ච වාර අනන්තයි.. ඒ වගේ ජරා විදිහට හිතලා තලලා දාපු අවස්ථා බොහෝමයි.. අපේ ජීවිතේ අපායක් කරගන්නවද නැද්ද කියන එක තියෙන්නේ අපේ අතේ, අපේ හිතේ,අපේ වැඩ වල. ඉවසීමයි, තැනට සුදුසු මොලෙයි, ආදරයයි අපිව ලොකු ගමනක් එක්ක යාවී. අපේ ගමන් මග අපිමයි නිර්මාණය කරගත යුත්තේ.

අකුරු කළේ : Lakna Tharindi ❤

#වයිට්ඇපල් #සඟරාව #වයිට්ඇපල්සඟරාව

මලයාලි ඉන්ද්‍රජාලිකයන්ගේ ආගමනය...............................................................සිනමාව ඉතා ජනප්‍රිය යුගයක හ...
28/08/2022

මලයාලි ඉන්ද්‍රජාලිකයන්ගේ ආගමනය...............................................................

සිනමාව ඉතා ජනප්‍රිය යුගයක හොලිවුඩය තරම් ම රසික හදවත් දිනාගන්නට ඉන්දියානු සිනමාව සමත් වී තිබෙනවා. ඉන්දියානූ සිනමාපට බොහොමයක් ෆැන්ටසි සහ සටන් ජවනිකා ශානරයට අයත් වූවත් ඉන් මලයාලි සිනමාව සුවිශේෂි වෙන්නේ යථාර්ථය සිනමා තිරය ඔස්සේ ප්‍රේක්ෂක ගත කිරීම නිසාවෙන්. කේරළ ප්‍රාන්තය පාදක කරගන්නා මනස්කාන්ත ස්වභාව සෞන්දර්යය මෙන් ම පාරේ දී, කඩපිලේ දී, බස් රථයේ දී දකින්නට ලැබෙන චරිත ඒ ආකාරයෙන් ම තිරයට ගෙනෙන මලයාලි සිනමාව ප්‍රේක්ෂකයාට දෙන්නේ අමුතු ම රසයක්. එදිනෙදා සිදුවන කුඩා සිදුවීමක් තේමාව කරමින් නොසිතූ විරූ අවසානයක් සමඟින් ප්‍රෙක්ෂකයා පිනවන්නට මේ මලයාලියන් සතුව ඇත්තේ අපුර්ව ඉන්ද්‍රජාලික හැකියාවක්.

මලයාලි සිනමා ඉතිහාසය පිළිබඳ ව කතා කිරීමේ දී මුල්කාලීන මලයාලම් සිනමාව නිර්මාණය වී ඇත්තේ වෙනත් භාෂාවන්හි සිනමාපට සහ පුරාණ වීර කාව්‍ය පාදක කර ගනිමිනි. වර්ෂ 1907 දී ත්‍රිසූර් ප්‍රදේශයේ කේ.ඩබ්ලිව්. ජෝෂප් විසින්,අතින් ක්‍රියාත්මක කළ හැකි ප්‍රොජෙක්ටරයක් සමඟ කේරළයේ පළමු සිනමා ශාලාව ආරම්භ කළේ ය. ඉන් අනතුරුව වර්ෂ 1913 දී ජෝස් කට්ටුකරන් විසින් ත්‍රිසූර් නගරයේ ඔල්ලූර්හී ප්‍රථම ස්ථිර රඟහල විවෘත කර ඇත. එය එකල "ජෝස් ඉලෙක්ට්‍රික් බයිස්කොප්" ලෙස හඳුන්වන ලදි. ඉන් පන්නරය ලැබූ කේරළයින් විසින් ඔවුන්ගේ ප්‍රාන්තයේ වෙනත් නගරවල සිනමාශාලා ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

කේළරයේ නිර්මාණය වුණු ප්‍රථම මලයාලි භාෂා සිනමාපටය ලෙස හදුවන්නේ ජේ.සී. ඩැනියෙල් විසින් අධ්‍යක්ෂණය කළ "විගතකුමාරන්" ය. මෙය නිහඬ සිනමාපටයක් වූ අතර එය සිනමාශාලාවල අසාර්ථක විය. මලයාලි සිනමාවේ පියා ලෙසින් ගෞරවයට පත් ජේ.සී. ඩැනියෙල් විසින් "The Travancore National pictures limited" නමින් කේරළයේ පළමු චිත්‍රපට චිත්‍රාගාරය ආරම්භ කළේ ය.

1933 වර්ෂයේ දී බී.වී.රාඕ විසින් "marthanda varma" නමින් සිනමාපටයක් නිෂ්පාදනය කළ අතර ඒ සඳහා සී.වී. රාමන් පිල්ලේගේ නවකතාවක් පාදක කර ගෙන ඇත.දින හතරක් තිරගත වූ මෙම සිනමාපටය නීතිමය තත්ත්වයක් නිසාවෙන්,චිත්‍රපට මුද්‍රණ රාජ සන්තක වී ඇත. මලයාලි සිනමාවේ ප්‍රථම කතානාද සිනමාපටය ලෙසින් බාලන් වර්ෂ 1938 දී තිරගත විය. එහී තිර පිටපත මුතුකුලම් රාඝවන් පිල්ලේ විසින් සකස් කර ඇති අතර ගීත සමඟින් අධ්‍යක්ෂණය එස්.නොට්ටානි ය.

මුල් යුගයේ කේරළයන් දැඩි උනන්දුවකින් මලයාලි සිනමා ක්ෂේත්‍රයට පිවිසිය නමුදු වසරකට සිනමාපට බිහි වූයේ එකක් හෝ දෙකක් පමණි. වර්ෂ 1947 වනතුරු ම මලයාලම් සිනමාව තුළ දෙමළ නිෂ්පාදකවරු විසින් අධිපත්‍යය දරමින් කටයුතු කර ඇත. එම ආධිපත්‍ය බිඳ හෙලමින් පී.ජේ.චෙරියන් පළමු මලයාලී නිෂ්පාදකවරයා බවට පත් විය. ඔහු වර්ෂ 1948 දී "නිර්මලා" නමින් සමාජ තේමාවක් යොදාගනිමින් පවුලේ සියළු දෙනාට එක් ව සිට එකට නැරඹිය හැකි සිනමාපටයක් එළි දැක්වීය. එම සිනමාපටය තුළින් මුල්වරට මලයාලම් සිනමාවට පසුබිම් ගායනය හදුන්වා දුන් අතර එහි ගේය පද රචනය සුප්‍රකට මලයාලම් ජී.සංකර කුරුෂ් විසිනි. මෙහි පසුබිම් ගායනය කෙතරම් ජනප්‍රිය වී ද යත් එතැන් පටන් මලයාලි සිනමාවට ගීත සහ නැටුම් අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් විය. 1949 දී කේරළයේ දී ම නිෂ්පාදනය කරන ලද ප්‍රථම සිනමාපටය බිහි විය. එය "vellinakshathram" ය.

ක්‍රම ක්‍රමයෙන් මලයාලි සිනමාව වැඩෙන්නට පටන් ගත් යුගයක වර්ෂ 1951 දී තිරගත වූ "ජිවිත නෞකා" සිනමාපටය එහි හැරවුම් ලක්ෂයක් බවට පරිවර්තනය විය. එය ඒකාබද්ධ පවුලක පවතින ගැටළු තිරයකට ගෙන ආ සංගීතමය ශානරයේ සිනමාපටයකි. මෙම සිනමාපටය එකළ කේරළ කාන්තාවන් අතර වඩා ප්‍රචලිත වූ බවත් සඳහන් වේ. තික්කුර්ෂි සුකුමාරන් නායම් ප්‍රථම මලයාලම් සුපිරි තරුව බවට පත් වූයේ ද "ජිවිත නෞකා" සිනමාපටයේ රංගනයෙනි.
එළිමහනේ රූගත කළ පළමු මලයාලි සිනමාපටය ලෙස පී.භාස්කරන් හා රාමූකරියත් විසින් අධ්‍යක්ෂණය කළ "නීලක්කුයීල්" සිනමාපටය(1954)ජනාධිපති රිදී සම්මානය දිනා ගැනීමට සමත් විය. නීලක්කුයීල්හී තිරපිටපත කේරළයේ ප්‍රසිද්ධ නවකතාකරුවෙකු වූ උරුබ් අතින් ලිය වූ අතර සමාජයේ පැවති ස්පර්ෂයන් පිළිබඳ ප්‍රශ්නයක් ඊට තේමාව වීය.වර්ෂ 1955 දී පී.ඩී.ඇන්ඩි රාමදාස් අධ්‍යක්ෂණය කළ "නිවුස්පෙපර් බෝයි" සිනමාපටය සඳහා ආධුනික විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් දායකත්වය ලබා දී ඇත. එහි මුද්‍රණාල සේවකයෙකු සහ ඔහුගේ පවුල දැඩි දරිද්‍රතාවයෙන් පීඩා විඳිම පිළිබඳ කතා පුවතක් අන්තර්ගත වේ. එහි ඉතාලියේ නියුරියලිස්වාදයේ අංගයන් ද අඩංඟු වෙයි.

50 දශකය වන විට මලයාලි සිනමා සංගීතය දෙමළ සහ හින්දු අනුකරණයෙන් ඉවත් වන අතර, මලයාලි සිනමාවට ම ආවේණික වූ සංගීතයක් නිර්මාණය උදෙසා ලක්ෂමනන්, කේ රාඝවන්, ජී දේවරාජන්, එම්.එස්.බාබුරාජ්, දක්ෂිණමූර්තී, ප්‍රඛෙන්තේ වෙලප්පන් නායර් යන පුද්ගලයන් පුරෝගාමී වූහ. එකළ මලයාලි ගේය පද රචකයන් ලෙසින්, තිරුනායිනාර්කුරිච්චි මාධවන් නායර්, ඕ.එන්.වී.කුරුප්, වී.ආර්.වර්මා, ජී.භාස්කරන් යන නවක තරුණ පරපුර එක් විය. 50 දශකයේ ගායක ගායිකාවන් බොහොමයක් වු අතර, මෙහෙබුබ්, ඒ.එම්.රාජා, සාන්ත.පී.නායර්, පී. ලිලා, පී. සුශිලා, පී. වසන්ත, රේණුකා, ජක්කි, එස් ජානකී, කේ.පි. උදයභානූ, කොසිකෝඩ් අබ්දුල් කාදර්, කාමුකාර පුරුෂෝත්ත්මන්, පී.බී.ශ්‍රිනිවාස් ඒ අතරින් කැපී පෙනෙන ගායක ගායිකාවන් කිහිපදෙනෙකි.

60 දශකයේ මලයාලම් සිනමාව වර්ණවත් වූ අතර ප්‍රථම වර්ණ සිනමාපට ලෙසින් "කන්දම් බචා කොච්" (1961) තිරගත විය. 60 දශකය තුළ මලයාලි සිනමාව, යථාර්ථය තිරයට ගෙන ඒමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත. සමාජ වාදය, ජාතිකවාදය, වැඩවසම් ක්‍රමයේ බිඳවැටීම, අඳුරු විශ්වාසයන්ට එරෙහි වීම, ඒකාබද්ධ පවුල් පාලනයේ පරිහානිය, කුලය සහ පන්තිභේදය තේමාවන් විය. මේ දශකයේ බිහි වූ සිනමාපට අතරින් "Murapennu", "Chemmeen", "Nagarme Nandi", "Odiyail ninnu", "Athmavu", "Iruttinte", "Bharagavi nilayam" ආදිය කිහිපයකි. "chemmeen" සිනමාපටය එකළ තාක්ෂණික සහ ගුණාත්මක බවින් ඉහළ සුපිරි සිනමාපටයක් ලෙස තිරගත විය. තකාෂි සිවංකර පිල්ලේගේ නවකතාවක් පාදක කරගනිමින් රාමුකාරියත් අධ්‍යක්ෂණය කළ "Chemmen"(1965) හොඳම සිනමාපටය ලෙසින් රන් නෙළුම් සම්මානය දිනාගන්නා ලදි.

70 දශකයේ දී කේරළ සිනමාවේ නව රැල්ලක් ආරම්භ විය. සමාජ ව්‍යාපාරයේ වර්ධනය ඉතාලි හා ප්‍රංශ නව අධ්‍යකවරුන්ගේ කෘතින් මලයාලි සිනමා ප්‍රේක්ෂකයාට හඳුන්වා දුන් අතර ම කේරළයට පමණක් සීමා වූ මලයාලි සිනමාව ජාත්‍යන්තරයට පිවිසිණි. අඳුර් ගෝපාලක්‍රිෂ්ණන්ගේ පළමු සිනමාපටය වූ "ස්වයංවරම්"(1972) ජාත්‍යන්තර දිනූ පළමු මලයාලි සිනමාපට විය. 70 අගභාගය වන විට තරුණ සිනමාකරුවන් සිනමාව ප්‍රකාශන මාධ්‍යක් ලෙසින් හඳුනාගත් අතර සමාජය සකස් කිරීම සඳහා සිනමාව යොදාගත්හ. ඒ අතර, අරවින්දන් ප්‍රමුඛ සිනමාකරුවෙකි.

මලයාලි සිනමාවේ ස්වර්ණමය කාල සීමාව 1980 දශකයේ අගභාගයේ සිට 1990 දශකයේ මුල්භාගය දක්වා පැවතුණි. එහිදී ගුණාත්මක තිර රචනයන්, අධ්‍යක්ෂණය, ආලෝකකරණය, පසුබිම් සංගීතය ඉතා උසස් මට්ටමින් සිනමාව තුළ දැකගත හැකි ව තිබේ. 90 දශකයේ අභභාගය වන විට මලයාලම් සිනමාවේ ගුණාත්මකභාවය පිරිහෙමින් පැවති අතර විනෝදාස්වාදය ලබා දීම ප්‍රමුඛත්වය බවට පත් ව ඇත. වර්ෂ 2000 වනවිට මලයාලි සිනමාකරුවන් ස්ලැප්ස්ටික් ප්‍රහසනය තේමාව කරගනිමින් සිනමාපට නිෂ්පාදනය කළහ. ඒ අතරින් ලාල් ජෝස්ගේ "මීසා මධුවන්" (2002), සසි ශන්කර්ගේ "කුන්ජිකොනාන්" (2002) ජෝනී ඇන්ටනීගේ "සීඅයිඩී මූසා" (2003) එකළ තිරගත වූ සිනමාපට කිහිපයකි.

වසර ගණනාවක් තිස්සේ අභාගයට ගිය මලයාලි සිනමාව 2010 වර්ෂය ආරම්භයේ නැවත ජීවයක් ලැබීය. තරුණ පරපුරේ අධ්‍යක්ෂකරු විසින් මලයාලි සිනමාව නව මානයකට ගෙන ගිය අතර ඔවුන් සාම්ප්‍රදායික තේමා බැහැර කරමින් නව ආකෘතින් මලයාලම් සිනමාවට හඳුන්වා දීමට උත්සහ ගැනිණි. ඔවුන් කේරළයේ සමාන්‍ය ජන ජීවිතය සහ පුද්ගල මනෝභාවයන් සිනමා තිරයට නගමින් මලයාලි සිනමාව නැවතත් ඉහළින් ඔසවා තැබීය. ඔවුන්ගේ උත්සාහය මල්ඵල දරමින් 2011 වර්ෂයේ ඔස්කා සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපට නාමයෝජනාව සඳහා වූ ඉන්දියානූ නිල ප්‍රවේශය ලෙස සලිම් අහම්ඩ්ගේ "ඇඩම්න්ටේ මාකන් අබු" තේරී පත් විය. 2013 වසරේ "Drishyam" සිනමාපටය බොක්ස් ඔෆිස් වාර්තාවන්හී කෝටි 50 සීමාව පසුකළ පළමු මලයාලි සිනමාපටය බවට පත් වු අතර එය භාෂා කිහිපයකටම ප්‍රතිනිර්මාණය විය. 2016 වසරේ "පුලිමුරුගන්" කෝටි 100 සිමාව පසු කළ මලයාලි සිනමාපටය බවට පත් විය.

වර්තමාන මලයාලි සිනමාව වඩා පොහොසත් සිනමාවක් ලෙසින් හදුනාගැනිමට හැකිවන අතර මෑතක ශ්‍රි ලාංකික සිනමාලොලින්ද මලයාලි සිනමා රසය ප්‍රිය කරන බවක් පෙනෙයි. මෑතක මලයාලි සිනමාවේ අතිශය ජන්‍රපියට පත් වූ සිනමාපට ලෙසින් "Premam"(2015), "Charlie"(2015), "Kumbalangi night"(2019), "Home"(2021), The geart Indian kichen"(2021), "Salute"(2022), "Hridayam"(2022)," Jana gana mana"(2022) පෙන්වා දිය හැකි ය.

මලයාලි සිනමාව, සිනමා ක්ෂේත්‍රය තුළ මෙතරම් සාර්ථක ගමනක් එන්නට ප්‍රාන්ත රජයේ අනුග්‍රහය ඉහළ මට්ටමක පවතී. කේරළ ප්‍රාන්ත රජය විසින් කලාත්මක වටිනාකම් සහිත සිනමාපට ප්‍රවර්ධනය සඳහා සහන ලබා දීම, බදුවලින් නිදහස් කිරීම, සියළු පහසුකම් සහිත චිත්‍රාගාර විවෘත කිරීම,(චිත්‍රාංජලී) චිත්‍රාගාරයන්හි රූගත කරන සිනමාපට සඳහා සහන පැකේජ ලබාදීම, චිත්‍රපට ඇකඩමි නිර්මාණය කිරීම සහ චිත්‍රපට සහතික කිරීමේ මධ්‍යස්ථාන ඇති කිරීමට පියවර ගෙන ඇත. මීට අමතර ව මලයාලි සිනමාකරුවන් අභිප්‍රේරණය සඳහා කේරළ ප්‍රාන්තය තුළ වාර්ෂිකව පාන්ත්‍ර චිත්‍රපට උළෙලක් සංවිධානය කරන අතර ස්වාධීන ජූරි සභාවක් විසින් සිනමාපට අගය කරනු ලබයි.

සටහන- ධනූ කුලතුංග

#වයිට්ඇපල් #සඟරා #මලයාලම්චිත්‍රපට #වයිට්ඇපල්සඟරාව

කේන්දරය...............................හදවත් වලින් ගැලපීවෙන් වුණ තැන..මව් කුසට පැමිණියේ කිනම් වෙලාවක්නොදැනුවත්වමව මෙලොවට ...
20/07/2022

කේන්දරය...............................

හදවත් වලින් ගැලපී
වෙන් වුණ තැන..
මව් කුසට පැමිණියේ
කිනම් වෙලාවක්
නොදැනුවත්ව
මව මෙලොවට
බිහි කරන
වේලාවට සෑදූ පයිත්‍යම...
හොදම වෙලාව බලා
උදරයා පලා ගෙන එන
මස් දැල්ල..
ප්‍රාණියකී මේ මගුල ඇතිව
මැරි මැරි ඉපදෙන...
දෛවයට නොව දැන්
කැමති සුභ නැකත බලා
බිහිකරන ජීවිතය...
බොරු කිය කිය
පල වල පල්ලට ශනික...
පෝරුව උඩට කැන්දා
බැන්දූ දෑගිලී,
යහනෙදී හැමූ දුගදයට
ගෙන ආ නීතියේ ඩිවෝස්
එක...
කෝ බන් සියයට සියයක් ගැලපුනු පොරොන්දම...
පොරොන්දම අසල දිය
විය බොහෝ පොරොන්දුව...
යාන වාහන නැති නම්
මුල් වූ කේන්දරය..
තිබුනා නම් බොරු වූ
කේන්දරයේ ගුණ දොස...
වටේ ගියත් සැප සැම්පත්
හමුවෙන පුහු බැදීම්
රැසකි එක් කල
මේ මගුල...

කවි සංකල්පනාව : ලක්නා තරින්දි❤️

#වයිට්ඇපල් #වයිට්ඇපල්මැගසින් #මැගසින් #කවි

ප්‍රතික්ෂේපවීම .මග හැරීම සහ ප්‍රතික්ෂේප වීම.. සමහර පුද්ගලයන්ගේ වැඩි වශයෙන්ම දක්නට ලැබෙන දෙයක්.. ආදරණීය පුද්ගලයන් ලෙන්ගතු...
17/07/2022

ප්‍රතික්ෂේපවීම .

මග හැරීම සහ ප්‍රතික්ෂේප වීම.. සමහර පුද්ගලයන්ගේ වැඩි වශයෙන්ම දක්නට ලැබෙන දෙයක්.. ආදරණීය පුද්ගලයන් ලෙන්ගතු පුද්ගලයන්ව ඈත් කරගන්නා ක්‍රමයක්...සමහර අය මේ විදිහට හැසීම මගින් කුරිරු සතුටක් ලබනවා ඇතමෙක් තමන්ගේම ජීවිතයට අවාසියක් අත්පත් කරගන්නවා...ප්‍රතික්ෂේප කරලීම මගින් ප්‍රතික්ෂේප වෙන පුද්ගලයා විටක ශක්තිමත් ලෙස නැගී සිටිනවා ඇතමෙක් මානසිකව කඩා වැටෙන්නට වෙනවා...

ප්‍රතික්ෂේප වෙන පුද්ගලයන් බොහෝමයයි විවිධ කාරණා උඩදී...නමුත් මං දකින ශක්තිමත්ම නැගී එන්නෝ එවැනි පුද්ගලයන්..ජීවිතේ බොහෝ දේ දිනා ගන්න මග සලස ගන්නවා...ඇතමුන් ශක්තිමත් මෙන්ම කුරිරූ වෙස් වලාගන්නවා...ශක්තිමත් වුවත් කුරිරූ වූ කල ඒ නැගී ඒම තාවකාලිකයි...ප්‍රතික්ෂේප වූවා නම් කිසියම් දෙයකින්..උදාහරණ විදිහට ආදරයකදී, ආදරය කරන අතරතුරදී ඔබ ඔබේ සතුට හොයා ගන්න...ඔබව පාලනය කරන්න ඉඩ නොදෙන්න...එවිට ප්‍රතික්ෂේප කරන සහ මග හරින පුද්ගලයාට ඔබව කොයිම වෙලාවකවත් රිදවිය නොහැකී...සතුටෙන් ඔබට ඒ අත ලිහිල් කරලීමට හැකියාව වේ.

ඔබවත් මග හරින, මග හැරෙන,ප්‍රතික්ෂේප වන, ප්‍රතික්ෂේප කරන ක්‍රම හදුනා ගෙන ඔබ එතනින් සැහැල්ලුවෙන් නික්මෙන්න..ඔබට ඔබව හිමි වී ඔවුනට ඔබව අහිමි වීම ගැන කාලයත් සමග වැටහේවී.

සිතුවිල්ල : ලක්නා තරින්දි❤️

ලූසිනා.................ඔහු - මොකද කරන්නේ...ඇය - මං මේ කල්පනා කරනවා..ඔහු - ඔබ ඔය කල්පනා කරනවද? නැතිනම් අපිට එහා පැත්තේ ඉන...
22/05/2022

ලූසිනා.................

ඔහු - මොකද කරන්නේ...

ඇය - මං මේ කල්පනා කරනවා..

ඔහු - ඔබ ඔය කල්පනා කරනවද? නැතිනම් අපිට එහා පැත්තේ ඉන්න කපල් එක කතා වෙන ඒවා අහනවද?

ඇය - අහන් ඉන්න ගමන් කල්පනා කරනවා..

(......හු...., මොකෝ ඕයී, තමුසේ,)

ඔහු - ඒවා අහන් ඉන්නේපා...අනික බලන්න ඒ කොල්ලා කෙල්ලට කතා කරන කැත.

ඇය - ඔව්..ඒක තමයි මාත් කල්පනා කරේ...බැදීම් ලස්සන වෙන්නත් වචන බලපානවා නේද කියලා.

ඔහු - ඔව්..බැඳීමක් ලස්සන වෙන්න වචන කියන දේ බලපානවා..ඒකෙනුත් ආදරය දැනෙන්න දෙන්න පුලුවන්...

ඇය - අනේ මට ඔයාව මතක් වෙනවා( දෑස් වල කදුලු පිරෙමින්)

ඔහු - මං මේ ඔයා ලගම ඉන්නේ..

ඇය - ඔව්. ඔයා මගේ ළඟමයි ඉන්නේ..ඒකත් මගේ හිතේ...

ඔහු - හ්ම්ම්..මං ළඟමයි..

ඇය - මගෙත් එදා වචන ලස්සන උනා නම් එක මොහොතකින් ඔබව අහිමි නොවෙන්නට ඉඩ තිබුනා....

ලිව්වේ : ලක්නා තරින්දි

#වයිට්ඇපල් #සඟරාව

නැමීබ් කාන්තාරය, නැමීබියාව.........................................නැමීබා කාන්තාරය අප්‍රිකාවේ දකුණු ප්‍රදේශයේ වෙරළබඩ කාන...
16/05/2022

නැමීබ් කාන්තාරය, නැමීබියාව.........................................

නැමීබා කාන්තාරය අප්‍රිකාවේ දකුණු ප්‍රදේශයේ වෙරළබඩ කාන්තාරයකි. මෙම කාන්තාර ප්‍රදේශය දැවෙන තැඹිලි-රන්වන් වැලි සඳහා ප්‍රසිද්ධියට පත්ව ඇත. නැමීබ් ප්‍රදේශය අවම වශයෙන් වසර මිලියන 55ත් සහ මිලියන 80ත් පමණ කාලය තුළ වියළි කාන්තාර භූමියක් බවට පත්ව ඇති බව ප්‍රධාන අදහසකි. "නම්බි" යන නමේ තේරුම "විශාල අවකාශය" වන අතර ඒ අනුව මෙම කාන්තාර ප්‍රදේශය ඇන්ගෝලාව, නැමීබියාව සහ දකුණු අප්‍රිකාව දිගේ සැතපුම් 1200 කට වඩා විහිදේ. මෙම කාන්තාර ප්‍රදේශයේ කඳු වැටි අඩි 980 ක් දක්වා උසින් යුක්තවන අතර එම කදු වැටි සැතපුම් 20 ක් දක්වා දුරට විහිදේ. ඇදහිය නොහැකි ලෙස, සීතල ධාරා සමඟ ගැටෙන උෂ්ණත්වය බොහෝ විට මෙම කාන්තාරය ආවරණය කරන මීදුම් පටලයන්ද නිර්මාණය කරයි.

නැමිබා කාන්තාරය යනු සංචාරක ආකර්ෂණය දිනාගත් විවිධ භූගෝලීය ලක්ෂණ වලින් යුක්ත සුන්දර ප්‍රදේශයකි. මෙම කාන්තාරය එක්සත් ජාතීන්ගේ ලෝක උරුමයක් වශයෙන්ද මේ වනවිට නම් කර ඇත.

සටහන - සංජය අපේක්ෂ

තොරතුරු හා ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරිනි.


#වයිට්ඇපල් #සඟරා

උදාවු වෙසක් අසිරිය ලෝකවාසි සැමට යහපත් හෙටකට ආශ්‍රීර්වාදයක්ම  වේවා🙏
15/05/2022

උදාවු වෙසක් අසිරිය ලෝකවාසි සැමට යහපත් හෙටකට ආශ්‍රීර්වාදයක්ම වේවා🙏

ඇත්තටම කරන්න වැඩක් නැත්නම් ගෙදරට වෙලා ගෝ ගෝඨා වෙසක් කූඩුවක් හදාගෙන පාඩුවේ සිටින්න. වෙසක් සතියත් සැමරෙනවා අරගලයත් කෙරෙනවා...
10/05/2022

ඇත්තටම කරන්න වැඩක් නැත්නම් ගෙදරට වෙලා ගෝ ගෝඨා වෙසක් කූඩුවක් හදාගෙන පාඩුවේ සිටින්න. වෙසක් සතියත් සැමරෙනවා අරගලයත් කෙරෙනවා.

ප්‍රචණ්ඩත්වය වෙනුවට ආදරය හා මෛත්‍රිය පතුරමු.

ප්‍රචණ්ඩත්වයෙන් තොරව නැවත ආදරය හා විනෝදය පිරි අරගලය නිර්මාණය කරගමු. සිය ප්‍රදේශයන්හි සිට ප්‍රධාන අරගලයට සහය දක්වන අරගලකර...
09/05/2022

ප්‍රචණ්ඩත්වයෙන් තොරව නැවත ආදරය හා විනෝදය පිරි අරගලය නිර්මාණය කරගමු. සිය ප්‍රදේශයන්හි සිට ප්‍රධාන අරගලයට සහය දක්වන අරගලකරුවනි සියලු දෙනා ප්‍රචණ්ඩ නොවී සාමකාමීව සිය නිවෙස් කරා හෝ ප්‍රාදේශීය ගෝඨා ගෝ ගම් වෙතට පැමිණෙන්න.

ප්‍රචණ්ඩත්වය වෙනුවට ආදරය පතුරමු ❤️❤️

මොකටද වෙනම දවසක්!!!මේ පොයින්ට් එකට හුගක් අය දරන මතයක් තමයි මේ දවසක් මොකටද කියලා. ඒම දවසක් ඇත්තටම තියෙන එක එක අතකට හොදයි....
08/05/2022

මොකටද වෙනම දවසක්!!!

මේ පොයින්ට් එකට හුගක් අය දරන මතයක් තමයි මේ දවසක් මොකටද කියලා. ඒම දවසක් ඇත්තටම තියෙන එක එක අතකට හොදයි. මොකද අද වගේ දවසක් තියෙන නිසාවත් අම්මා සසරක් කියලවත් හුගක් අයට මතකෙට එන නිසා. අම්මා කියන වචනයට පන පොවන්නේ ගැහැණියක්. බොහෝ දෙනා තමන්ගේ මව තුරුල් කරගෙන පොටෝ, වීඩියෝ දානවා..ඒත් ඇත්තටම අද දවසෙත් කිසිම විශේශත්වයක් නැතුව...ගිය දවස් ගානට කරපු කාර්‍යයන්ට ඇගයීමක් නැති..සමහර ළමයි ඇති පොටෝ ශෝශල් මීඩියා දාන ගමන් අම්මට දෙස් දෙවොල් තියෙන.. වචනෙකින් හරි හිත රිද්දන( අද වගේ දවසකත්). මං නම් කියන්නේ මේම දවසක් තියෙන කොට...අපි හදවතින්ම කල්පනා කරලා බලන්න ඕනී අපේ අතින් කොච්චර දේවල් නම් අතපසු වෙලාද කියලා, කොච්චර බොරු කියල ඇත්ද කියලා,(මාත් ඇතුළුව) මොකද අම්මගේ ලෙයින් ඉපදුනාට අම්මගේ සිතුවිලි නෙවෙයි දරුවට එන්නේ... දවසක් මොකටද කියන්නත් ඒම මතකෙට නොඑන්නත් පුලුවන් මේම දවසක් වෙන් නොවු නනම්...මනුසත්කමින් ඈත්ව යන සංවේදීභාවය කියන ගුනාංගය එක් තැනකදි ඉස්මතු කරන වචනයකි අම්මා..ඇස් වල ලාවට කදුලු ඉරක් නැගේවී හදවතින් ඇගේ අප තුළම ගුණ වැයෙන කල... ඉතින් සුභ අම්මාවරුන්ගේ දිනයක්..

අම්මාවරුනේ...
අම්මාවරුනේ...
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා......
ඒ කඳුළැලි පිසිනා

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ

අම්මාවරුනේ... අම්මාවරුනේ...
සෙනෙහස වැඩි දා
සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ

ලක්නා තරින්දි

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when White Apple / වයිට් ඇපල් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to White Apple / වයිට් ඇපල්:

Share

Category