TBNS MEDIA UNIT

TBNS MEDIA UNIT Tangalle Boys National college Media unit
(1)

පාසලේ සුපුරුදු පරිදි online වැඩසටහනපැවැත්වේ.
02/06/2021

පාසලේ සුපුරුදු පරිදි online වැඩසටහන
පැවැත්වේ.

02/05/2021

පාසල් දරුවන්ට බලන්න මේ ලින්ක් එක හැකිතාක් ශෙයා කරන්න.

කොලඹ නාලන්ද විද්‍යාලය මගින් සෑම විශයක් සඳහාම නිකුත් කර ඇති ප්‍රශ්ණ පත්‍ර කට්ටලය පහත link එක මඟින් ලබාගත හැකියි.

(covid 19 සමයේ පාසල් සිසුන්ට අවශ්‍ය ඉගනුම් ක්‍රම අපෙන් ගුරු සේවය පේජ් එකට ලයික් කරන්න අප හා එකතු වන්න)

https://drive.google.com/drive/mobile/folders/1tZ6aY2NCVajnNNQCvEYghCQe5p95e7dL

30/04/2021

https://www.saviyenperata.com/ මේ ලින්ක් එක පාසල් දරුවන්ට හැකිතාක් යොමු කරන්න. සෑම විෂයක ම පාඩම් මෙහි ඇත. හැකි පරිදි අධ්‍යනය කිරීමට උපදෙස් ලබා දෙන්න.

මතකද මන්දා....
11/03/2021

මතකද මන්දා....

23/12/2020

- 2021 වර්ෂයේ නව පාසල් වාරය ජනවාරි මස 11 වැනි දින සිට ඇරඹෙයි…
- 2020 විෂය නිර්දේශ ආවරණය වී නොමැති නම් පාසල් මට්ටමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස්
- නව පාසල් වාරය ආරම්භ කෙරෙන සියලු පාසල්වල 1-5 ශ්‍රේණි ද ඇතුළුව සියලු ශ්‍රේණිවල සිසුන්ට පාසල් ක්‍රියාත්මක වේ.

එහෙත් බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්කයන්හි පාසල් සහ හුදකලා කළ පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් මෙදින ආරම්භ නොකෙරේ.
2020 වර්ෂයේ තුන්වැනි පාසල් වාරය අදින් (23) අවසන් වන අතර, මෙම වර්ෂය අවසන් වනවිට සියලුම සිසුන් ඊළඟ පන්තියට උසස් කළ යුතු බවත්, ඒ අනුව, 2021 වර්ෂයේ නව පාසල් වාරයේ දී සිසුන් උසස් කරන ලද පන්තියේ ඉගෙනුම ලැබිය යුතු බවත්, ඊට අදාළ පෙළ පොත් මෙම වර්ෂය අවසානයේ දී සියලු සිසුන් වෙත ලබාදිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇත.

යම් පාසලක 2020 වර්ෂයට අදාළ විෂය නිර්දේශ ආවරණය වී නොමැති නම්, 2021 වර්ෂයේ නව පන්තියේ පළමු වාරයේ මුල් මාස දෙක අතරතුර පාසල් මට්ටමින් සුදුසු වැඩපිළිවෙළක් යොදාගනිමින් එම විෂය කොටස් ආවරණය කිරීමට පියවර ගන්නා මෙන් ද පළාත් බලධාරීන් හා විදුහල් ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ.

මේ සම්බන්ධ ව සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් චක්‍රලේඛය හා පාසල් ක්‍රියාකාරකම් ඇතුළත් දින දර්ශනය ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරියේ දී නිකුත් කරනු ලැබේ.

Happy Children Day
01/10/2020

Happy Children Day

22/09/2020
29/07/2020

නිවාඩු ලබාදුන් රජයේ සියලු පාසල් අගෝස්තු 10 වැනි දා සිට යලි ඇරඹෙයි

සතියේ දින පහ තුළම පාසල් කැඳවන්නේ 5,10,11,12,13 ශ්‍රේණි පමණයි.


කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතු‍වෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති නිර්දේශයන්ට අනුකූල ව නැවත ආරම්භ කිරිම පියවර කිහිපයක් යටතේ සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.

ඒ අනුව, ජූලි මස 27 වැනි සඳුදා දින සිට 11,12 සහ 13 ශ්‍රේණි සඳහා පමණක් පාසල් ආරම්භ කරන ලද අතර, 31 සිකුරාදා දින තෙක් එම ශ්‍රේණිවල සිසුන් පමණක් පාසල් වෙත කැඳවනු ලැබේ.

2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන ලෙස හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් යොදා ගැනීම සහ මැතිවරණ රාජකාරී සඳහා බොහෝ ගුරුභවතුන් යොදාගැනීමත් හේතුවෙන් අගෝස්තු මස 04 වැනි අඟහරුවාදා දින සිට අගෝස්තු මස 07 වැනි දා තෙක් පාසල් වසා තැබීමට පියවර ගෙන තිබේ.

1 සිට 13 දක්වා වන සියලු ම ශ්‍රේණි සඳහා අගෝස්තු මස 10 වැනි දා සිට පාසල් ආරම්භ කරනු ලැබේ. එහිදී සිසුන් පාසලට ගෙන්වා ගැනීම ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරමින් තීරණය කිරීමට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 හෝ ඊට අඩු පාසල් මීටරයක ශිෂ්‍ය පරතරය ඇතිව පන්ති පවත්වාගෙන යා හැකි නම් සියලුම ශ්‍රේණිවල සිසුන්ට සුපුරුදු පරිදි අගෝස්තු මස 10 වැනි දා සිට පාසල් පවත්වාගෙන යාමට පළාත් සහ කලාප බලධාරීන් සහ විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.

ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි ප්‍රාථමික පාසල්වල 1-5 පන්ති පැවැත්වෙන පාසල් සහ ද්විතීයික පාසල්වල ප්‍රාථමික අංශ පහත පරිදි පාසල් විවෘත කිරීමට පියවර ගැනේ.

තව ද, 2020-08-10 වැනි දින සිට පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා රාජකාරියට වාර්තා කළ යුතු අතර, ඔවුන් සඳහා ඉගැන්වීම් ක්‍රියාවලියට අදාළ කටයුතුවලට අමතර ව, සුපරීක්ෂණ කාර්යය, පැවරුම් පරීක්ෂා කිරීම, සෞඛ්‍ය හා විනය ආරක්ෂණ කටයුතුවල වගකීම් ද පවරනු ලැබේ. ප.ව. 3.30 දක්වා කාලසටහන් හිමි ගුරුවරුන් හැර අනෙකුත් සියලු ම ගුරුභවතුන්ගේ රාජකාරී වේලාව පෙ.ව. 7.30 සිට ප.ව 1.30 දක්වා වේ.

පවත්නා තත්වය තවදුරටත් පාලනය වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කරන තුරු පාසල් ආපන ශාලා විවෘත නොකරන ලෙස ද, පාසල් ප්‍රධානීන් වෙත දැනුම් දි තිබේ. එමෙන් ම සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති උපදෙස් හා මගපෙන්වීම් නිසියාකාර ව පිළිපදිමින් නිරෝගී පාසල් පරිසරයක් පවත්වාගෙන යාම කෙරෙහි සමස්ත පාසල් ප්‍රජාවගේ අවධානය යොමු කරවන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇත.

29/07/2020

නිවාඩු ලබාදුන් රජයේ සියලූ පාසල් අගෝස්තු මස 10 වන දා සිට යළි අධ්‍යාපන කටයුතු අරඹන බවත් එහිදී සතියේ දින පහ තුළම ශ්‍රේ....

20/07/2020

මෙවර දෙවන වාරය සඳහා වූ පාසල් නිවාඩුව ඔක්තෝබර් මස 9 වන දා සිට නොවැම්බර් මස 16 වන දින තෙක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාං.....

20/07/2020

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත් වෙන දින... Watch More Video - http://goo.gl/2QWjSA

තංගල්ල පිරිමි ජාතික පාසලේ 11 ශේර්ණි‍‍යේ දරුවන් සඳහා කලාප කාර්යාලය මෙහෙයවීමෙන් පැවත්වෙන විශේෂිත දැනුවත් කිරීමේ වැඩසටහනක් ...
22/06/2020

තංගල්ල පිරිමි ජාතික පාසලේ 11 ශේර්ණි‍‍යේ දරුවන් සඳහා කලාප කාර්යාලය මෙහෙයවීමෙන් පැවත්වෙන විශේෂිත දැනුවත් කිරීමේ වැඩසටහනක් 2020.06.23 දින උදේ 8ට පාසලේදී පැවැත්වේ ඒ සඳහා 11 ශේර්ණි‍‍යේ දරුවන් එදින පාසලට පැමිණිය යුතු බව විදුහල්පති තුමා විසින් දැනුම් දී සිටී

13/06/2020
2020 නව සංශෝධනය කරන ලද වාරසටහන
12/06/2020

2020 නව සංශෝධනය කරන ලද වාරසටහන

11/06/2020

පාසල් යලි ඇරෙයි. විභාග පැවැත්වෙයි.

13, 11 සහ 05 ශ්‍රේණි දරුවන් ජුලි 06 වැනි දා සිට පාසලට..


උසස් පෙළ විභාගය සැප්තැම්බර් 07 වැනි දා..


පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනි දා ..


ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ් ආසාදිතයා හමුවූ මොහොතේ ම දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරමින් පසුගිය මාර්තු 13 වැනි දා සිට සියලු පාසල් වැසීමට පියවර ගත් පරිද්දෙන් ම, වෛරසයේ ව්‍යාප්තිය ඉතා කෙටි කාලයක් තුළ යහපත් අන්දමින් පාලනය කළ කලාපයේ පළමු රට බවට පත්වෙමින්, අදියර 4ක් යටතේ නැවත පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන තිබේ. රට තුළ පවත්නා සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන් ද පදනම් කරගනිමින්, අතිගරු ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන්ගේ ද උපදෙස් මත මෙම තීරණය ගත් බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කරයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (09) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එමෙන් ම අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත ව තිබූ උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 07 වැනි දා සිට ඔක්තෝබර් 2 වැනි දා තෙක් පවත්වන බවත්, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනි ඉරිදා පවත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලිය තුළ පළමු අදියර ජුනි මස 29 වැනි දා සිට ක්‍රියාවට නැංවෙන අතර එහි දී සියලු පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පාසල් කළමනාකරණ මණ්ඩල සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවයට පැමිණ පාසල් පරිශ්‍රය තුළ විෂබීජහරණය, පිරිසිදු කිරීම්, කාලසටහන් සකස් කිරීම ඇතුළු පාසල් ආරම්භයට පූර්ව සූදානම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුය. මේ සඳහා ජුලි මස 03 වැනි දා දක්වා කාලය පළමු අදියර යටතේ වෙන් කර ඇත.

සිසු දරුවන් වෙනුවෙන් පළමුවෙන් ම පාසල් ආරම්භ කිරීමේ කටයුතු සිදුවන්නේ දෙවැනි අදියරේ දී වන අතර, ඒ යටතේ ජුලි මස 06 වැනි සඳුදා සිට 13, 11 සහ 05 ශ්‍රේණි දරුවන් සඳහා පාසල් ආරම්භ කෙරේ. තුන්වැනි අදියරේ දී 12 සහ 10 ශ්‍රේණිවල සිසුන් සඳහා ජුලි මස 20 වැනි දා සිට ආරම්භ කෙරේ. සිවුවැනි අදියර යටතේ පාසල් ආරම්භ කෙරෙනුයේ, ජුලි මස 27 වැනි දා වන අතර, 3,4,6,7,8,9 ශ්‍රේණි සිසුන් මෙම අදියරේ දී පාසල් වෙත කැඳවනු ලැබේ.

1 සහ 2 ශ්‍රේණිවල සිසුදරුවන් සඳහා පාසල් පැමිණිය යුතු දිනය තවදුරටත් ප්‍රමාද කරන අතර, ඉදිරියේ දී ඒ පිළිබඳ දැනුම් දීමට නියමිත ය.

ගත වූ කාල පරිච්ඡේදය තුළ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මඟ නොහැර කරගෙන යාමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ගුරුවරුන් ඇතුළු වෙනත් පාර්ශව රැසක් විශාල සහයෝගයක් ලබාදුන් බව ද, විශේෂයෙන් ම ජනමාධ්‍ය ඔස්සේ දරුවන්ට ලබාදුන් සහයෝගය ද මෙහි දී කෘතවේදී ව සිහිපත් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන් ම ගත වූ අභියෝගාත්මක කාලය තුළ ඇඳිරි නීති මධ්‍යයේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රමුඛ නිලධාරීන් ලබාදුන් විශිෂ්ට සහයෝගයට ද ස්තුතිය පළ කළ අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය ප්‍රමුඛ ආයතනවල සියලු නිලධාරීන් ලබාදුන් සහයෝගයට ද සිය ස්තුතිය පළ කළේය.

දියුණු, නොදියුණු, දුප්පත්, පොහොසත් සියලු සමාජ ස්තරයන් තුළ නවීන තාක්ෂණය අත්පත් කරගැනීම වෙනුවෙන් පැවති උනන්දුව ගත වූ කාලසීමාව තුළ හඳුනාගත හැකි වූ සුවිශේෂ ලක්ෂණයක් බව ද, කොරෝනාව මාරයෙක් වුව ද එවැනි කරුණු සම්බන්ධයෙන් වෙස්වළාගත් ආශිර්වාදයක් බවට පත්ව ඇති බව ද, පෙන්වා දුන් අමාත්‍යවරයා, ලක්ෂ 50කට ආසන්න ශ්‍රී ලාංකීය දරුවන් දින 100කට අධික කාල සීමාවක් තුළ නිවාස අඩස්සියෙහි තැබූ මෙම අභියෝගය හමුවේ දරුවන් තාක්ෂණය සමඟ එක්වීම දෙමව්පියන් විසින් සුබවාදී ව දැකීම ද යහපත් ප්‍රවණතාවක් ලෙස සඳහන් කළේය. පාසල් ආරම්භ කිරීමෙන් පසුව ඊළඟට මුහුණ දීමට සිදුවන අභියෝගය ප්‍රවාහන මාධ්‍ය භාවිතය බව ද, ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, පෞද්ගලික බස්රථ සංගමය, පාසල් වෑන් රථ හිමිකරුවන්ගේ සංවිධාන ඇතුළු ප්‍රවාහන අංශයේ බලධාරීන් සමඟ සාකච්ඡා කොට ඒ පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් සැකසීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

31/05/2020

පාසල් යළි ආරම්භ කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ ක්‍රමවේද ඇතුළත් චක්‍රලේඛයක්
වැඩි විස්තර-http://ow.ly/y0QQ50zUNjY

28/05/2020

මුහුණු ආවරණ පැලදීමෙන් වැලකී සිටිය යුතු පිරිසක් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්. Most visited website in Sri Lanka.

12/05/2020
20/04/2020

SLRC TV PROGRAMME - WEEK 1

තංගල්ල පිරිමි ජාතික පාසලේ 11 හා 10 ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය අකණ්ඩව පවත්වාගෙන යාමට විද්‍යාලය මගින් ආරම්භකර...
13/04/2020

තංගල්ල පිරිමි ජාතික පාසලේ 11 හා 10 ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය අකණ්ඩව පවත්වාගෙන යාමට විද්‍යාලය මගින් ආරම්භකර අති whatsApp group එක සඳහා 11හා 10 ශ්‍රේණිවල ඔබ තවමත් සම්බන්ධවී නොමැතිනම් ඔබත් අදම ඒ සඳහා සම්බන්ධ වන්න

12/04/2020

තංගල්ල පිරිමි ජාතික පාසලේ 11 ශ්‍රේණියේ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය අකණ්ඩව පවත්වාගෙන යාමට විද්‍යාලය මගින් ආරම්භකර අති whatsApp group එක සඳහා 11 ශ්‍රේණියේ ඔබ තවමත් සම්බන්ධවී නොමැතිනම් ඔබේ නම, පන්තිය හා WhatsApp අංකය සඳහන් කර අපගේ "TBNS MEDIA UNIT" page එකට message එකක් එවන්න.

23/03/2020

ස්වයං නිරෝධායනයට උපදෙස්

22/03/2020

Watch _ Sri Lankan Latest News & Gossips on Sinhala Online Over 100,000 Subcriptions විශේෂ නිවේදනයක් ඇඹිලිපිටියේ මූලික රෝහලෙන් පුලුවන් කෙනෙක් ඇතොත් සහය වන්න ...

19/03/2020
19/03/2020
19/03/2020

Address

Mahawela Road
Tangalle
82200

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94472244045

Website

Alerts

Be the first to know and let us send you an email when TBNS MEDIA UNIT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TBNS MEDIA UNIT:

Share