30/12/2023
එක් දවසක මැදියම් රැයෙ
ඇසුනා කෙදිරිලි හඩක්
බැලුවෙමි දොරපියන් විවර
දැක්කෙමි අමුතුම දසුනක්...
කිරිපිඩු මෙන් කිරිපාට
ලස්සන බලු පැටව් දෙකක්
උඩ පැන පැන කිරි බොනවා
තළු මර මර අඩ නින්දෙන්....
මවකගෙ උණුසුම ලබන්ට
පින් කර ඇති කිරිපැටවින්
දිව්වා හෙමිහිට ගෙමිදුලේ
චූටි පුතුගේ පිටුපස්සෙන්...
Sachi...✍️