Words of Tsuki

Words of Tsuki Stay with us to listen to the words of the geek world�

Meme කියන්නෙ විහිලු නෙමෙ මචං. අනාවැකි😂 Meme by Words of Tsuki🦍🦧
05/12/2023

Meme කියන්නෙ විහිලු නෙමෙ මචං. අනාවැකි😂

Meme by Words of Tsuki

🦍🦧

03/12/2023

SUMMER IS COMING🔥

Next Level Masterpiece✨️යෝව් යෝව් යෝව් ලෝකය පුරා ඕනම කෙනෙකුගෙන් ඇහුවොත් හොදම සීරීස් එක ⁣කියල වැඩි දෙනෙක් කියන Game Of Th...
03/12/2023

Next Level Masterpiece✨️

යෝව් යෝව් යෝව් ලෝකය පුරා ඕනම කෙනෙකුගෙන් ඇහුවොත් හොදම සීරීස් එක ⁣කියල වැඩි දෙනෙක් කියන Game Of Thrones Universe එකේ Prequel එකක් වන House Of The Dragon දෙවන කතා සමයෙ First look trailer එකෙන්....

Full Trailer
https://fb.watch/oHvfmPDe8-/?mibextid=Nif5oz

House Of The Dragon Season 2 First look එක හෙට අපිට බලන්න පුලුවන් ළමායි....😾 Winter Is here❄️
01/12/2023

House Of The Dragon Season 2 First look එක හෙට අපිට බලන්න පුලුවන් ළමායි....😾

Winter Is here❄️

Welcome to December😾🎄Soldiers this one for you💖
01/12/2023

Welcome to December😾🎄

Soldiers this one for you💖

මේක නම් ගොඩ දෙනෙක් දන්න Fact එකක්!Attack On Titan ඇනිමේ එකේ Map එක අපේ ලෝක සිතියමම අනිත් පැත්ත හරවල හදපු එකක් වගේම Parad...
29/11/2023

මේක නම් ගොඩ දෙනෙක් දන්න Fact එකක්!

Attack On Titan ඇනිමේ එකේ Map එක අපේ ලෝක සිතියමම අනිත් පැත්ත හරවල හදපු එකක් වගේම Paradise Island එක කියන්නෙ මැඩගස්කර් දූපත සහ මාර්ලි ඇතුලු රාජදානි පිහිටල තියෙන්නෙ අප්‍රිකානු මහද්වීපය තුල.

ඔයාලා දන්නවානේ නරුටෝට එකපාරින් දෙයක් තේරුම් ගන්න අමාරුයි කියලා. මොකක් හරි කිව්වාම ඒක ලොකු හෑල්ලක් විදිහට විස්තර කරාම තමා...
28/11/2023

ඔයාලා දන්නවානේ නරුටෝට එකපාරින් දෙයක් තේරුම් ගන්න අමාරුයි කියලා. මොකක් හරි කිව්වාම ඒක ලොකු හෑල්ලක් විදිහට විස්තර කරාම තමා නරුටොට ඒක තේරෙන්නේ. හැබැයි නරුටෝට ඒ දේවල් පලවෙනි පාරම තේරුනානම්, ඒ දේ අපිට තේරෙන්න තියෙන ඉඩකඩ අඩුයි. මොකද අපිටත් මුලින්ම එයාලා කියන දේවල් තේරෙන්නේ නැහැ. හැබැයි එයාලා ආයේ ඒක නරුටෝට තේරෙන විදිහට විස්තර කරාම අපිට ඒක තේරෙනවා. මන් හිතන්නේ නරුටෝව Tubelight Character එකක් කරලා තියෙන්නේ අපි ගැන හිතලමයි😂

හොදායි 🙄Words of Tsuki 💀
28/11/2023

හොදායි 🙄
Words of Tsuki
💀

Deathly Hallows:Part Threeකලින් කොටස් කියවන්න බැරිවුනු අයට පහළ Link වලින් ගිහින් බලන්න පුලුවන්Part One:https://m.faceboo...
26/11/2023

Deathly Hallows:
Part Three

කලින් කොටස් කියවන්න බැරිවුනු අයට පහළ Link වලින් ගිහින් බලන්න පුලුවන්

Part One:
https://m.facebook.com/story.php?story_fbid=235772622848982&id=100092487383692&mibextid=Nif5oz

Part Two:
https://m.facebook.com/story.php?story_fbid=240085305751047&id=100092487383692&mibextid=Nif5oz

කලින් කොටසින් කතාව නැවැත්තුවේ "ඩෙත්ලි හැලෝස් කොහෙද තියෙන්නේ..? " කියන ප්‍රශ්නේ ඉතුරු කරලා.

හැරී ගාව තියෙන ස්නිච්ගේ ඇතුළේ පණදීමේ පාෂාණය තියෙනවා. ඒ වගේම හැරී ගාව Invisible cloak එකත් තියෙනවා. මේ දෙකම හැරීට දුන්නේ වෙන කවුරුත් නෙවෙයි "Dumbledore". ඒ වගේම Dumbledore ගාවම තමයි එල්ඩර් යෂ්ටිය තියෙන්නෙත්. කොහොමද ඉතින් ඩම්බල්ඩෝ ට මේ තුන හම්බෙන්නේ.?
එයා එල්ඩර් යෂ්ටිය නම් Grindelwald ව පරාද කරලයි ගන්නේ.
( Grindelwald යෂ්ටිය හොරකම් කරන්නේ "Gregorovitch" කියන යෂ්ටි හදන්නාගෙන් ).
එතකොට පණදීමේ පාෂාණය ගන්නේ "Marvolo Gaunt"ගේ මුද්දෙනුයි. "Marvolo Gaunt" කියන්නේ "Lord Voldemort" ගේ සීයා. ඔහුට මේ මුද්ද "Cadmus Peverell" කියන දෙවෙනි සහෝදරයගේ නෑදෑයෙක් විදිහට පාරම්පරිකව උරුම වෙච්ච දෙයක්. "Cadmus Peverell" හෝ උරුමකම් කියපු වෙනත් කෙනෙක් තමයි පාෂාණය මුද්දකට එකතු කරලා තියෙන්නේ.

Invisible cloak එක නම් ඩම්බල්ඩො ගන්නේ "James Potter" ගෙන් ඒ කියන්නේ හැරීගේ තාත්තගෙන්. ඩම්බල්ඩෝ මේක ගන්නේ ඒක ගැන අධ්‍යනය කරන්න කියලයි. ඒත් ඩම්බල්ඩෝ වුණත් තරුණ කාලේ ඩෙත්ලි හැලෝස් අයිති කරගන්න ආසාවෙනුයි හිටියේ. මොකද Grindelwald එයාට ඒ ආසාව ඇති කරා. ඉතින් James Potter ට කොහෙන්ද මේ Invisible cloak එක.? අවුල් ජාලයක් වගේ නේද.?😅
James ට මේක හම්බෙන්නේ එයාගෙ තාත්තා "Fleamont Potter" ගෙන්. Fleamont ට මේක හම්බෙන්නේ එයාගේ නෑදෑයෙක් වුණු "Iolanthe Peverell" ගෙන්.
Iolanthe Peverell කියන්නේ අපේ තුන්වෙනි සහෝදරයා වෙන Ignotus Peverell ගේ මිණිබිරිය. ඉතින් මේක පාරම්පරික උරුමයක් විදිහට තමයි James ට ලැබුණේ. කොහොමහරි ඩම්බල්ඩො ඒක නියම උරුමක්කාරයා වුණු Harry ට Christmas gift එකක් විදිහට දුන්නා කියලා ඔයාලා දන්නවා.

Dumbledore මැරුණයින් පස්සේ එල්ඩර් වොන්ඩ් එක එයත් එක්කම එයාගෙ සොහොනේ වැලලෙනවා. Voldemort ඉතින් මේක ගන්න ඩම්බල්ඩෝ ගේ සොහොන පවා විනාශ කරනවා. ඒත් යෂ්ටිය Voldemort ට අවනත වෙන්නේ නම් නෑ. මොකද යෂ්ටිය අවනත වෙන්නේ ඒක කලින් අයිති වෙලා තිබ්බ කෙනාව පරාද කරලා යෂ්ටිය ගත්තොතින් විතරයි. මේ හින්දා තමයි Voldemort , "Severus Snape" ව මරන්නේ. මොකද ස්නේප් තමයි ඩම්බල්ඩෝව මැරුවේ. ඒත් යෂ්ටිය Voldemort ට අවනත වෙන්නෙම නෑ. ඒ ඇයි.?
ඒකට හේතුව තමයි ස්නේප්, ඩම්බල්ඩෝ ව මරන්න කලින් "Draco Malfoy" ඩම්බල්ඩෝව disarm කරනවා. ඒ කියන්නේ පරාද කරනවා. මොකද යෂ්ටිය අයිති වෙන්න පරණ අයිතිකාරයාව මරන්නම ඕනි නෑ. කොහොමහරි පරාද කරානම් ඇති. ඇත්තටම එතනදි පරාද කරා නෙවෙයි ඩම්බල්ඩෝ හිතලම පරාද වුණා. මොකද Elder wand එක අයිති කෙනෙක් ව පරාද කරන එක ලේසි නෑ. එහෙනම් දැන් යෂ්ටිය අයිති මැල්ෆෝයිටද.? ඒකටත් උත්තරේ නෑම තමයි. මොකද Harry , "Malfoy Mansion" වලදි ( මැල්ෆෝයිලගේ මන්දිරේදි ) ඔහුව පරාද කරනවා. මෙතනදිත් Elder wand එක මැල්ෆෝයි අතේ නෑ. ඒ හින්දා පරාද කරන්න පුළුවන්. ඉතින් නොදැනුවත්වම හැරීට තමයි යෂ්ටිය අවනත වෙන්නේ. ඉතින් Voldemort අතේ එල්ඩර් යෂ්ටිය තිබ්බත් ඒක එයාට අයිති නැති හින්දා හැරී වොල්ඩෙමෝට්ව පරාද කරනවා.

Deathly hallows තුනම එකපාර අයිති වෙලා ඉන්න කෙනා "The Master of Death" කියලත් හඳුන්වනවා. Part One එකේ සඳහන් කරපු විදිහටම Grindelwald ට ඕනි වුණේ ඔන්න ඔය නම ගන්න වගේම ලෝකයම යටත් කරගන්න.
ඒත් Voldemort ට නම් ඕනි වුණේ මායා ලෝකය යටත් කරගන්න එල්ඩර් යෂ්ටිය විතරයි.
කොහොමින් කොහොමහරි හැරී එල්ඩර් යෂ්ටිය නම් කඩලා විසි කරනවා. මොකද ඒක තමයි කෙනෙක් කෑදරකමක් දක්වන්න පුළුවන් ඩෙත්ලි හැලෝ එක. අනිත් දෙක නම් හැරී ගාව හොග්වෝර්ට්ස් වලම තවමත් තියෙනවා.
ඉතින් මෙතනින් Deathly hallows ගැන කතාව අවසන් වෙනවා.

කුතුහලය දනවන තවත් Wizarding World ලිපියකින් නැවත හමුවෙමු🖤

Duca හිතෙන meme🙂duca memes by Words of Tsuki 🥲       ゚
25/11/2023

Duca හිතෙන meme🙂

duca memes by Words of Tsuki 🥲

Jedi loversඅද අපි කතා කරන්න යන්නේ Star Wars Franchise එකේදී අපි දැක්ක Jedi love interest කිහිපයක් ගැන. Jedi Order එක අනු...
22/11/2023

Jedi lovers

අද අපි කතා කරන්න යන්නේ Star Wars Franchise එකේදී අපි දැක්ක Jedi love interest කිහිපයක් ගැන.
Jedi Order එක අනුව jedi කෙනෙක් ආදරේ කරන එක තහනම් දෙයක් , මොකද jedi ලා ආදරේ කරන්න ගත්තොත් තමන්ගේ lover නිසා දුක , තරහව සහ වෛරය වගේ Negative Emotions ඇති වෙන්න පුලුවන් වගේම ඒ දේවල් jedi කෙනෙක්ව Dark side එකට ගෙනියනවා. ඒ නිසා Jedi ලට ආදරය කරන සහ විවාහ වෙන එක Jedi Council එක මගින් තහනම් කරලයි තියෙන්නේ. ඒත් Council එකේ අනුදැනුමක් නැතුව සහ රහසිගතව ආදර සම්බන්ධතා පවත්වපු අය ඉන්නවා.

▪️Anakin Skywalker

ඔව් ලොකු බොසා තමා පලවෙනි තැන තියන්න පුලුවන්😅
Senator Padme Amidala එක්ක ආදර සම්බන්ධතාවක් පවත්වලා පසුව මේ දෙන්නා රහසිගතව විවාහ වෙනවා සහ මේ දෙන්නාගෙන් Luke සහ Leia නමින් නිවුන් දරුවන් දෙදෙනෙකු උපදිනවා.
( අමුතුවෙන් මේ දෙන්නා කවුද කියලා SW fans ලාට කියන්න ඕනි නැහැනේ )
මේ දෙන්නාගේ මේ සම්බන්දේ ගැන Obi Wan දැනගන්න අතර Captain Rex සහ Ahsoka ත් මේ ගැන දැනුවත් කියලා Clone Wars series එකේදී අපිට බලාගන්න පුලුවන් වෙනවා. ඒ වගේම anakin විසින් ආදරය නිසා Negative emotions වලට යටත් වෙලා අවසානයේ Dark side එක තෝරගන්වා අපිට බලාගන්න පුලුවන් වුනා.

▪️Obi Wan Kenobi

Obi Wan ට Mandalore වල Queen වුනු Duchess Satine Kryze ගැන කැමැත්තක් තිබිලා තියෙනවා
Satine ටත් ඒ හැඟීම ඒ විදිහට තියෙනවා.
ඒත් Obi Wan විසින් Council එකේ නීති වලට ගරුකරන කෙනෙක් නිසා තමන්ගේ හැඟීම් ක්‍රියාත්මක කරන්න ගියේ නැහැ. අවසානයේ Satine තමන්ගේ අත් දෙක උඩ මරා දැමුවත් ඔහු negative emotions වලට යටත් වුනේ නැහැ.
( මොනා උනත් පොර Satine ට ඇත්තටම ආදරේ කරා )

▪️Ahsoka Tano

Separatist Senator කෙනෙක් වූ Mina Bonteri ගේ පුතා වුනු Lux Bonteri හා Ahsoka අතරත් love interest තිබුනු අතර Lux වතාවක් Ahsoka ව සිපගැනීමකටද ලක් කරා. Ahsoka නම් Lux ගැන මොනවගේ හැඟීමක් තිබුනද කියන්න අපහසු නමුත් ඇය Lux ගැන ගොඩක් හොයලා බැලුවා.

▪️Kanan Jarrus

Order 66 සිදු වීමෙන් බේරුනු Jedi Padawan කෙනෙක් වුනු Kanan විසින් Hera Syndulla නම් Rebel agent එක්ක ආදර සම්බන්ධයක් පටන් ගන්නවා සහ මේ දෙන්නාට Jacan Syndulla නමින් දරුවෙක්ද ලැබෙනවා.

▪️Ezra Bridger & Sabine Wren

Kanan යටතේ jedi පුහුනුව ලබපු Ezra තමන්ගේ Rebel Team එකේ ඉදපු Mandalorian කෙනෙක් වුනු Sabine ගැන Love interest එකක් තිබුනා කියලා සඳහන් වෙනවා. පසු කලෙක Ahsoka යටතේ jedi පුහුණුව ලබන Sabine නුත් Ezra ගැන හැඟීමක් තිබුනා කියලා Rebels series එකේදී අපිට බලාගන්න පුලුවන් උනා. ඒත් Ahsoka series එකේදිනම් ඒක ගැන වැඩි සදහනක් සිද්ධ වුනේ නැහැ.

▪️Luke Skywalker & Leia Skywalker

Luke සහ් Leia තමන් සහෝදර සහෝදරියෝ කියලා දැනගන්න කලින් මේ දෙන්නා අතර love interest එකක් තිබිලා තියෙන අතර දෙවතාවක්ම සිපගැනීම්ද සිදු කරා.

▪️Leia Skywalker

Empire එක බිඳ වැටුනාට පසුව Leia සහ Han Solo විවාහ වෙන අතර විවාහ වීමෙන් පසු Jedi කෙනෙක් බවට පත්වෙන Leia ට පසුව දරුවෙක්ද උපත ලබන අතර ඔහුව Ben Solo ලෙස නම් කරනවා.

▪️Rey Skywalker & Ben Solo

Anakin සහ Leia ගෙන් පුහුණුව ලබන Ray විසින් Leia ගේ පුතා වුනු Ben Solo හට love interest එකක් ඇති වෙනවා සහ ඔවුන් දෙදෙනා අතර සිපගැනීමක්ද සිද්ධ වෙනවා අපිට Rise of Skywalker movie එකේදී බලාගන්න පුලුවන් වුනා.
ඒකට අමතරව මොවුන් දෙදෙනා අතර Force එකත් එක්ක ලොකු Connection එකක්ද තිබුනා.

මෙයාලා තමයි අපිට Star Wars Movies සහ Series වලින් බලාගන්න පුලුවන් උනු අය මීට අමතරව Kento Marek , Ranik Solusar , Neeja Halcyon සහ Raven යන Jedi වරු විවාහ වෙලා තියෙනවා.

May the Force be with You🖤

Better Call Saul🫵🏼Breaking Bad එහෙම නැත්තන් IMDB ඇතුලු ගොඩ දෙනෙකුගෙ මතය අනුව ලොව හොදම කතාමාලාව ඔයා බලල ඇති (Page එකේ කලි...
19/11/2023

Better Call Saul🫵🏼

Breaking Bad එහෙම නැත්තන් IMDB ඇතුලු ගොඩ දෙනෙකුගෙ මතය අනුව ලොව හොදම කතාමාලාව ඔයා බලල ඇති (Page එකේ කලින් ඒක ගැන post එකක් දැම්මා). බලල නැත්තන් දැන්ම ගිහින් බලන්න. මෙ Breaking Bad කතා මාලාවෙ අපිට හමුවෙන Saul Goodman කියන චරිතය ඔයාට අනිවාරයෙන් මතක ඇති. BB කතා මාලාවෙ කාලයට කලින් සහ පසුව මේ Saul Goodman කියන නීතීඥයාගෙ ජීවිතය කොහොමද කියන එක වටා මේ Better Call Saul කතා මාලාව ගොඩ නැගිල තියෙනව.

Saul විතරක් නෙමෙ Breaking Bad කතා මාලාවෙ සිදුවීම් වලට හේතුවන දේවල් ගොඩකුත් මේ සීරීස් එක පුරාවට තියෙනව. විශේෂයෙන්ම මයික් සහ ගස් ෆ්‍රිර්න්ග්ගෙ ගැනත් මේ කතා මාලාව පුරාවටම තියෙනව. ඔයා BB විතරනම් බලල තියෙන්නෙ මේක නොබැලුව කියන්නෙ ඔයා Breaking Bad බාගෙට බැලුව වගේ තමා.

Breaking Bad අවසාන වෙද්දි සෝල්ගෙ වගේම ජෙසීගෙ ඉරනමත් අපැහැදිලි විදිහටයි ඉවර උනෙ. ජෙසීගෙ ඉරනම කොහොමද කියන එක El Camino කියන චිත්‍රපටය හරහාත් Saul ගෙ ඉරණම Better Call Saul කතා මාලාව හරහාත් අපිට ගෙන එන්න නිශ්පාදකවරු වැඩ කරල තියෙනව.

2022 වසරේ හොදම කතා මාලාවට හිමි එමී සම්මානයටද නිර්දේශ වුනත් House Of The Dragon කතා මාලාව ඉදිරියෙ මේකට ඒක ජයගන්න බැරි වුනා. IMDB දර්ශකයෙ 9/10 ක අගයක් තියෙන සීසන් හයකින් යුත් මේ කතා මාලාව බැලුවෙ නැත්නම් දැන්ම බලන්න.

Words of Tsuki Follow කරල තියාගන්න

Marvel Studio විසින් ඉදිරිපත් කරන "What if...?" කතා මාළාවේ Season 2 හි පළමු  Official Trailer එක Relese වෙලා. ඒත් සමඟම ප...
15/11/2023

Marvel Studio විසින් ඉදිරිපත් කරන "What if...?" කතා මාළාවේ Season 2 හි පළමු Official Trailer එක Relese වෙලා. ඒත් සමඟම පහළ තියෙන Poster එකද නිකුත් කරලා තියෙනවා

Link:
https://fb.watch/okKt0iPHSE/?mibextid=Nif5oz

What if...? season 2 දෙසැම්බර් 22, Disney+ හරහා නිකුත් වීමට නියමිතයි❤️

Sony Pictures විසින් ඉදිරියේදී නිකුත් වීමට නියමිත "Madme Web" Movie එකේ Official Trailer එක Relese කරලා තියෙනවා.Link:htt...
15/11/2023

Sony Pictures විසින් ඉදිරියේදී නිකුත් වීමට නියමිත "Madme Web" Movie එකේ Official Trailer එක Relese කරලා තියෙනවා.

Link:
https://fb.watch/okFmFE7BnY/?mibextid=Nif5oz

He is no more mischief god.He is savior of the multiverse💚
10/11/2023

He is no more mischief god.
He is savior of the multiverse💚

10/11/2023

Arcane Facebook හා X(Twitter) Page වලින් Arcane Season 2 ගැන පොඩි Video එකක් නිකුත් කරලා තියෙනවා.

Link:
https://fb.watch/odtsQlo3Uz/?mibextid=Nif5oz

මේ Video එකෙන් තහවුරු කරලා තියෙනවා Arcane Season 2 , 2024 නොවැම්බර් මාසයේ නිකුත් වෙන බව♥️

ඔන්න අපි බලාගෙන ඉදපු "Avatar the Last Airbender" Live Action Series එකේ පළමු නිළ Teaser Trailer එක Relese වුනා😍Link:http...
10/11/2023

ඔන්න අපි බලාගෙන ඉදපු "Avatar the Last Airbender" Live Action Series එකේ පළමු නිළ Teaser Trailer එක Relese වුනා😍

Link:
https://fb.watch/odoUV5Jix9/?mibextid=Nif5oz

Netflix විසින් නිර්මාණය කරන මේ Series එක 2024 පෙබරවාරි 22 වෙනිදා නිකුත් වීමට නියමිතයි.
ඔයාලට මොනාද මේක ගැන හිතන්නේ ?

Netflix විසින් 2024 දී විකාශනය වීමට නියමිත "Avatar the Last Airbender" Live action Series එකේ First Looks Poster එකක් නි...
08/11/2023

Netflix විසින් 2024 දී විකාශනය වීමට නියමිත "Avatar the Last Airbender" Live action Series එකේ First Looks Poster එකක් නිකුත් කරලා තියෙනවා.

හෙට Teaser Trailer එකත් Relese වෙනවලු❤️

Miss Beauty Gen V 🙄💖
08/11/2023

Miss Beauty
Gen V 🙄💖

Deathly Hallows:Part TwoPart One කියවන්න බැරිවුනු අයට පහල තියෙන link එකෙන් ගිහින් කියවන්න පුලුවන්.Link:https://m.faceboo...
05/11/2023

Deathly Hallows:
Part Two

Part One කියවන්න බැරිවුනු අයට පහල තියෙන link එකෙන් ගිහින් කියවන්න පුලුවන්.

Link:
https://m.facebook.com/story.php?story_fbid=235772622848982&id=100092487383692&mibextid=Nif5oz

Part One එකේ සඳහන් කරපු "The Tales of Beedle the Bard" කියන පොතේ Deathly Hallows වල Origin එක පැහැදිලි කරලා තියෙන හැටියි අද අපි කතා කරන්න යන්නේ. මේ පොත Harry Potter Universe එකේ තියෙන සුරංඟනා කතාවක් විදිහටයි හඳුන්වන්නේ.

එක දවසක් "Antioch Peverell , Cadmus Peverell සහ Ignotus Peverell" කියන සහෝදරයෝ තුන් දෙනා ගමනක් යද්දි එයාලගෙ මායා යෂ්ටි වලින් පාලමක් හදලා භයානක ගඟකින් එතෙර වෙලා තියෙනවා.
මෙයලා මේ ගඟ තරණය කරපු එක හරියට මරණය පරාජය කරා හා සමාන වැඩක්. ඉතින් ඒ නිසා "මරණය" ඇවිත් මෙයාලට කතා කරනවා.
( "මරණය" කොහොමද කතා කරන්නේ කියලද හිතුවේ..? හැරීටත් ඕකම හිතුනා. ඒත් මේක සුරංගනා කතාවක් කියලයි හර්මයිනි ඒකට උත්තර දුන්නේ )
මරණය පරාද කරපු එකට "මරණය" විසින් මෙයාලට වර තුනක් දෙනවා. වැඩිමල් සහෝදරයා මේ ලෝකේ කාටවත් නැති විදිහේ බලගතු යෂ්ටියක් ඉල්ලනවා. ඉතින් "මරණය" ළඟ තිබුණු එල්ඩර් ගහෙන් අත්තක් කඩාගෙන යෂ්ටියක් හදලා දෙනවා. දෙවෙනියා ඉල්ලන්නේ මැරුණු අයට නැවත පණ දෙන්න පුළුවන් විදිහේ දෙයක්. මරණය විසින් එයාට ගං ඉවුරෙන් ගත්තු ගලක් පණදීමේ පාෂාණය විදිහට දෙනවා.
තුන්වෙනි සහෝදරයා නම් ඇත්තටම බුද්ධිමත්. එයා ඉල්ලන්නේ මරණයෙන් ගැලවිලා ඉන්න පුළුවන් දෙයක්. ඉතින් මෙතනදි මරණය ටිකක් අකමැත්තෙන් වුණත් එයාගේ ලෝගුවෙන් කොටසක් කඩලා තුන්වෙනි සහෝදරය ට දෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඩෙත්ලි හැලෝස් තුන හැදෙන්නේ.

කොහොමහරි මේ සහෝදරයෝ තුන් දෙනාගෙන් වැඩිමල් සහෝදරයා බල තණ්හාව නිසාම මැරිලා යද්දි එල්ඩර් යෂ්ටිය වෙන කෙනෙක් හොරකම් කරනවා. දෙවෙනි සහෝදරයා තමන්ගේ මැරුණු පෙම්වතිය නැවත ගෙන්නුවත් ඇයට අවශ්‍ය වුණේ නෑ මේ ලෝකේ ඉන්න. ඉතින් ඇය නැවත මරණයම තෝරගන්නවා. මේකෙන් කණගාටු වෙච්ච දෙවෙනි සහෝදරයා සියදිවි නසාගන්නවා.
ඉතින් මේ සහෝදරයො දෙන්නම මරණයෙන් එකපාරක් බේරුනත් මාසයක්වත් නොයා නැවත මරණයට බිලිවුණා. ඒත් තුන්වෙනි සහෝදරයට ඒ විදිහේ අවසානයක් ලැබුනේ නැහැ.

තුන්වෙනි සහෝදරයා තමයි බුද්ධිමත් ම කියල මන් කලිනුත් කිව්වා. එයා Invisible cloak එකත් දාගෙන අවුරුදු ගානක් මරණයෙන් බේරිලා ඉඳලා නියම වයසට ගිහින්ම මරණයට පත් වුණා. ඉතින් සහෝදරයෝ තුන් දෙනාම අකාලයේ මැරෙන්න හිටපු අය වුණත් තුන්වෙනි සහෝදරයා විතරක් මරණය පරාද කරලා නියම කාලෙදි මැරුණා. මේ තුන්වෙනි සහෝදරයා තමයි "Ignotus Peverell". මෙයාගේ සොහොන තමයි හර්මයිනි "Godric's hollow" වලදි දකින්නේ.
( Part One එකේදී කිව්ව සොහොන )
සොහොනෙත් ඩෙත්ලි හැලෝස් වල ලකුණ තියෙනවා අපිට බලාගන්න පුලුවන් වෙනවා. ( බලන් ගියාම සුරංගනා කතාවක්මත් නෙවෙයි.)
කතාව ඔය විදිහට අවසන් වුණත් දැන් මේ ඩෙත්ලි හැලෝස් කොහෙද තියෙන්නේ..?

ඊළග කොටසින් නැවත හමුවෙමු. Words of Tsuki follow කරල තියාගන්න🖤

Dark memes💀By Words of Tsuki
05/11/2023

Dark memes💀

By Words of Tsuki

වසර 10 ක් පුරා විකාශනය වූ Attack on Titan හි 89 වන හා අවසාන කතාංගය අද නිකුත් වේ. මේ නිදහස වෙනුවෙන් සටන් වදින මිනිසුන්ගේ ...
04/11/2023

වසර 10 ක් පුරා විකාශනය වූ Attack on Titan හි 89 වන හා අවසාන කතාංගය අද නිකුත් වේ. මේ නිදහස වෙනුවෙන් සටන් වදින මිනිසුන්ගේ කතාවේ අවසානයයි🖤

Shinzou wo Sasageyo!!!

Marvel Hawkeye Series එකේ Spin - off series එකක් විදිහට විකාශනය වීමට නියමිත ECHO series එකේ Trailer එක නිකුත් වෙලා තියෙන...
03/11/2023

Marvel Hawkeye Series එකේ Spin - off series එකක් විදිහට විකාශනය වීමට නියමිත ECHO series එකේ Trailer එක නිකුත් වෙලා තියෙනවා.
ඒ සමඟම පහල තියෙන Poster එකද නිකුත් කරලා තියෙනවා.
මෙය 2024 ජනවාරි 10 වෙනිදා Disney streaming හරහා නිකුත් වීමට නියමිතයි🖤

Link:
https://fb.watch/o4SREz20Ft/?mibextid=Nif5oz

Loki Episode 5💚
03/11/2023

Loki Episode 5💚

දන්නැ කියල නම් කියන්න එපා✋ 😾
02/11/2023

දන්නැ කියල නම් කියන්න එපා✋
😾

Chandler Bing🤍පහුගිය දවස් වල ගොඩ දෙනෙක්ගෙ කතාවට භාජනය වුන චරිතයක් තමයි Metthew Perry කියන්නෙ. ලෝකය පුරා මිලියන ගනනක් සින...
01/11/2023

Chandler Bing🤍

පහුගිය දවස් වල ගොඩ දෙනෙක්ගෙ කතාවට භාජනය වුන චරිතයක් තමයි Metthew Perry කියන්නෙ. ලෝකය පුරා මිලියන ගනනක් සිනහවෙන් පුරවපු Friends කතා මාලාවෙ චැන්ඩ්ලර් බින්ග් චරිතයට රංගනයෙන් දායක වුන මේ ආදරනීය රංගන ශිල්පියා වයස අවුරුදු 54 හදවතේ ආබාදයක් නිසා තමන්ගෙම නාන තටාකයෙ ගිලී මියගිහින් හිටියා. ඒ අනූව පහුගිය සතිය පුරාවටම ලොවපුරා Friends රසිකයින්ගෙ දෑස් කදුලින් පිරී ගියා.

Friends කතා මාලාවෙ අනිත් චරිත වලට දායකවූ අයට වඩා මැතිව් ගොඩක් වි⁣ශේෂ කෙනෙක් වෙනව. කතා මාලාව තුල අපි දකින්නෙ විහිලුවෙන් පිරුන, ආදරනීය, ලමයෙක් වගේ හැසිරෙන තරුණයෙක්. මැතිව් සැබෑ ජීවිතයෙත් ඒ ආකාරයේම කෙනෙක්. හැබැයි හැම තැනකදිම වගේ එහෙම අයගෙ ජීවිතය එතරම් සරල වෙන්නෙ නැහැ.

මැතිව් කුඩා කාලයේම එයාගෙ අම්මයි තාත්තයි වෙන් වුනා. වයස අවුරුදු 14 වෙද්දි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න පටන් ගත්ත. ඔහු කුඩා කාලය ගතකලේ කැනඩාවෙ වෙන අතර තරුණ වයසෙදි කැනඩාවෙ අනාගත අගමැති කෙනෙක්ටත් ගල් ගැසූ අවස්තාද තියෙනව. මැතිව් ආදරය කල ගොඩ දෙනෙක් ඔහුව ප්‍රතික්ෂේප කරනව. ආදර සම්බන්දතා කිහිපයක්ම කැඩී යනව. ඒ විතරක් නෙමේ Friends කතා මාලාවෙ රේචල් චරිතයට රංගනයෙන් දායක වෙන Jenifer Aniston ට ඔහුගෙ හිතේ කැමැත්තක් ඇති වුනත් ඇයත් ඔහු⁣ව ප්‍රතික්ෂේප කරනව.

මෙහෙම ජීවිතයක් ගත කරපු තනිවුන මැතිව් තව තවත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුනා. එක වරක් මේ හේතුවෙන් ඔහු රෝහල් ගත කරල මරණය අත ලගටම ලං කරගත්ත. වෛද්‍යවරුන් පවා කිව්වෙ ඔහු ජීවිත් වෙන්න තියෙන්නෙ 2% ක තරම් කුඩා අවස්තාවක් කියල. ඔහු මේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදෙන්න ඩොලර් මිලියන නවයකටත් වඩා වියදම් කල බවයි සදහන් වෙන්නෙ. මේ අදික ඇබ්බැහිය නිසා ඔහුට Friends කතා මාලාවෙ මුල් සීසන් තුන රූගත කරපු හැටි මතකවත් නැහැ කියලයි කියන්නෙ. ඒ වගේම 2001 දි Friends රූගත කිරීම නවත්වන්නත් වුනා මොහු මුහුනදුන් අකරතැබ්බ නිසා.

ජීවිතයේ තැන් ගනනකින් ප්‍රතික්ෂේප වුන හැටි, තමන්ගෙ ලමා කාලය අදුරු වුන හැටි, තනිකම, තමාගෙ අසරණකම වගේම ජීවිතයෙ ලස්සන දේවල්ද ඇතුලු තමන්ගෙ ජීවිතය ගැන පොතක් එළිදැක්වීමට මැතිව්ට අවසානයේ පුලුවන් වුනා. "Friends, Lovers, and the Big Terrible Thing" කියන මේ චරිතාපදානය කියවපු කෙනෙක්ට විතරයි මැතිව්ගෙ ජීවිතය කොහොමද කියල තේරුන් ගන්න පුලුවන්.

කොහොම නමුත් චන්ඩ්ලර් බින්ග්ගෙ ආදරනීය, ප්‍රේමනීය, විනෝදකාමී චරිතයට ලොව පුරා මිලියන ගනනක් බිලියන ගනනක් අදත් හෙටත් ආදරය කරාවි. අදටත් වසරකට එක එපිසෝඩ් එකකට ඩොලර් මිලියනයක ආදායමක් ඔහුට ⁣ලැබෙනව ඇත්තෙ ඒ නිසා.

Friends කතා මාලාව ගැන article එකක් ලගදීම බලාපොරොත්තු වෙන්න. Follow කරල ⁣තියාගන්න.


"It's crime that we don't spend time together."
~Chandler Bing

Anne Hathaway✨️Just look at her 🍀🐞(Good luck with NNN)
01/11/2023

Anne Hathaway✨️

Just look at her 🍀🐞
(Good luck with NNN)



Halloween Day🎃Happy Halloween Day All❤️ඔක්තෝම්බර් 31 වෙනිදාට යෙදිලා තියෙන මේ Halloween දවසේ ආරම්භය මොකක්ද කියලා අද අපි බ...
31/10/2023

Halloween Day🎃

Happy Halloween Day All❤️

ඔක්තෝම්බර් 31 වෙනිදාට යෙදිලා තියෙන මේ Halloween දවසේ ආරම්භය මොකක්ද කියලා අද අපි බලමු.
අතීතයේදී අයර්ලන්තය , ස්කොට්ලන්තය හා වේල්සය ඇතුළු ප්‍රදේශ හැදින්වූයේ කෙල්ටික් දේශය ලෙසයි. මේ කෙල්ට් වරු අතර විශ්වාසයක් තිබ්බා ඔක්තෝම්බර් 31 වෙනිදාගෙන් වසන්තය අවසන් වෙලා නොවැම්බර් 1 වෙනිදා සිට ශ්‍රීත කාලය ආරම්භවෙනවා කියලා.
ඒ වගේම ඔවුන්ගේ ගොවිතැන් කිරීමේ කාලයද එදායින් අවසන් වෙනවා.
ඉතින් ඒ නිසා මෙයාලා හිතුවා ඔක්තෝම්බර් 31 වෙනිදා මළවුන්ට ලෝකය සමඟ සම්බන්ද වෙන්න පුලුවන් පහසුම දවස එදා කියලා. ඒ වගේම මළවුන් ඔවුන්ගේ ජීවත් වන නෑදෑයන් බැලීමට මෙලොව පැමිනෙනවා කියලා හා ඊට ආසන්න කාලවලදී මැරුනු පුද්ගලයින් මළවුන් අතරට එක්වීම සිදුවන්නේද මෙදින කියල මෙයාලා අතර විශ්වාසයක් පැවතුනා.

ඒ වගේම ඔක්තෝම්බර් 31 වෙනිදා හවස මේ ලෝකයේ පවතින සියළුම බූත ආත්ම , වැම්පයර්වරු , වෘක මිනිසුන් හා මායාකාරියන් වැනි අයත් නිදහස් වෙනවා කියලා විශ්වාසයක් තිබුනු නිසා මොවුන් තමන්ගේ අස්වනු ඒ අයගෙන් බේරගන්න තැනින් තැන ගිනි ගොඩවල් ගහන්න පටන් ගත්තා.කාලයත් සමඟ මොවුන් මෙදා දවස තුළ යක්ෂයන් හා මායාකාරියන් වගේ වෙස්වළාගෙන සිටීමද පටන් ගත්තා; ඒ ඇත්තම යක්ෂන්ට හා මායාකාරියන්ට ඔවුන්ව හඳුනාගැනීම අපහසුවෙයි කියලා හිතපු නිසා. ඉතින් මේකට කියන්නේ "Samhain" Festival (Festival of Death) එක කියලායි. මේ හේතුවෙන් කාලයක් ගත වෙද්දී කෙල්ට් වැසියන් සාතන්ව අදහන්නද පටන් ගත්තා.
ඒ කරුනු නිසා හත්වෙනි සියවසේදී කතෝලික පූජක වරුන් මැයි 13 වෙනිදා සැමරූ සියලු සාන්තුවරුන්ගේ දිනය නොවැම්බර් 01 වෙනිදා සැමරීමට කටයුතු කරා. මොකද ඒ නිසා මිනිසුන් යක්ෂයාව අදහන එක ඒ නිසා නවත්තයි කියලා හිතලයි එහෙම කරේ.

මේ නිසා ඔක්තෝම්බර් 31 , නොවැම්බර් 01 සහ 02 යන දවස් "Hallowmas" ලෙස හැඳින්වීමට පටන් ගත් අතර අදාළ දිනයන්ටද වෙන වෙනම නම් කිරීම් සිදුකරා.
ඔක්තෝම්බර් 31 වෙනිදා පැවැත්වූ Samhain Festival එක "All Hallows Evening" සියලු ලෙසත්, නොවැම්බර් 01 වෙනිදා "All Saints Day" (සියලු සාන්තුවරයන්ගේ දිනය) ලෙසත් නොවැම්බර් 02 වනදා "All Souls Day" ( සියලු මළවුන්ගේ දිනය) ලෙසත් නම් කෙරුනා.
මේත් එක්කම Samhin උත්සවය සැමරීම අඩුවුනත් සම්පූර්ණයෙන්ම නැවතුනේ නැහැ. කාලයත් එක්ක All Hallows Evening කියන එක Halloween කියලා වෙනස් වුනා. ඔය විදිහට තමයි Halloween දවස ආරම්භවුනේ.

අද වෙද්දී මේක ගොඩක් දුරට ව්‍යාප්ත වෙලයි තියෙන්නේ. ඒ වගේම අලුත් විශේෂාංගද මේකට එකතුවෙලා තියෙනවා. විවිධ සැරසිළි , "Trick or Treats" සහ වට්ටක්කා වලින් හදන "Jack-o'-lantern" ඒ අතරින් විශේෂ වෙනවා🎃

Source: Wikipedia & You Tube

Deathly Hallows:Part One"මරණයේ පවිත්‍ර වස්තු" ඒ කියන්නේ "Deathly hallows" ගැන හැරී පොටර් කියවපු , බලපු ඕනිම කෙනෙක් දන්නව...
29/10/2023

Deathly Hallows:
Part One

"මරණයේ පවිත්‍ර වස්තු" ඒ කියන්නේ "Deathly hallows" ගැන හැරී පොටර් කියවපු , බලපු ඕනිම කෙනෙක් දන්නවා ඇති. මොනාද ඉතින් මේ මරණයේ පවිත්‍ර වස්තු?
The Elder Wand ( එල්ඩර් යෂ්ටිය ) , The Resurrection Stone ( පණදීමේ පාෂාණය ) හා The Invisible Cloak ( අතුරුදහන්වීමේ ලෝගුව ). මේ තුන තමයි අපි ඩෙත්ලි හැලෝස් කියලා හඳුන්වන්නේ.

අපිට චිත්‍රපටයේදි නම් මුලින්ම ඩෙත්ලි හැලෝස් සලකුණ පැහැදිලිව දකින්න හම්බෙන්නේ "Luna Lovegood" ගේ තාත්තා වෙන "Xenophilius Lovegood" ඒ සලකුණ සහිත මාලයක් "Bill weasley" ගේ වෙඩින් එකේදි දාගෙන ඉන්නවා "හැරී" දකින සීන් එකේදියි. ඊට පස්සේ හර්මයිනිත් "Godric's hollow" වල සොහොන් බිමේ සොහොනක මේ ලකුණ දකිනවා.
ඉතින් මේ ලකුණ හරියටම අවධානෙට එන්නේ "Hermione" මේක "The Life and Lies of Albus Dumbledore" කියන පොතේ දැක්ක වෙලාවෙදි. එතනදි "Dumbledore" විසින් "Grindelwald" ට ලියපු ලියුමක Dumbledore ගේ අත්සනේ "A" අකුර විදිහට තියෙන්නේ ඩෙත්ලි හැලෝස් සලකුණ. පස්සේ හර්මයිනිට මතක් වෙනවා ඩම්බල්ඩෝ එයාට දෙන්න කියලා දුන්නු "The Tales of Beedle the Bard" කියන පොතෙත් මේ සලකුණ තියනවයි කියන එක.

ඉතින් ඔයාලා දන්නවනේ "Grindelwald" ගැන. එයාට තමයි මුලින්ම මේ ඩෙත්ලි හැලෝස් තුනම අයිති කරගන්න ඕනි වුණේ. මොකද එයා හිතුවා එහෙම වුණොත් එයාට මරණයට අභියෝග කරන්නත්, ලෝකයම එයා යටතට ගන්නත් පුළුවන් කියලා. එයා එහෙම හිතන්න හේතුව වුණේ කලින් සඳහන් කරපු "The Tales of Beedle the Bard" පොත පොඩි කාලේ කියවලා සුපිරි වීරයෙක් වෙන්න හිතලද දන්නෑ; මොකද ඒකෙ තියෙන සහෝදරයො තුන් දෙනාගේ කතාවෙන් තමයි ඩෙත්ලි හැලෝස් වල ඉතිහාසය දැක්වෙන්නේ.
ඉතින් Grindelwald හිතුවේ මේ තුනම එයාට අයිතියි නම් එයා මරණයට අධිපති වෙනවා කියලයි.

ඊළඟ කොටසින් Deathly Hallows වල Origin(ආරම්භයෙන්) හමුවෙමු🖤

Matthew Perry🕯️අපි හැමෝම ආදරය කරපු මිනිසුන් බිලියන ගණනක් සිනහවෙන් පුරවපු FRIENDS කතා මාලාවේ චැන්ඩ්ලර් බින්ග් චරිතයට රංගන...
29/10/2023

Matthew Perry🕯️

අපි හැමෝම ආදරය කරපු මිනිසුන් බිලියන ගණනක් සිනහවෙන් පුරවපු FRIENDS කතා මාලාවේ චැන්ඩ්ලර් බින්ග් චරිතයට රංගනයෙන් දායක වූ Matthew Perry (1969-2023) මියගිහින් තියෙනව🥺

Friends බලපු කෙනෙක් නම් මෙයාට ආදරය නොකලා වෙන්න බැ. ගොඩ දෙනෙක්ගෙ ආසම චරිතය වෙන්නත් ඇති.

සුබ ගමන් චැන්ඩ්ලර්🤍🕯️

-Your Name (2016)
28/10/2023

-Your Name (2016)

If you so much as touch us , Hiccup is gonna kick-He's only the son of Stoick the Vast.His heir to the throne of Berk an...
26/10/2023

If you so much as touch us , Hiccup is gonna kick-

He's only the son of Stoick the Vast.
His heir to the throne of Berk and the greatest dragon master this world has ever seen.

And unless you let us go right now.
He will blast through here on his Night Fury and blow your entire fleet of ships to splinters.
________________________________________________

ඔහු ස්ටොයික් ද වාස්ට් ගේ එකම පුතා.
ඔහුට බ'ර්ක් වල කිරුළුට උරුමයක් තියෙනවා සහ මේ ලෝකේ දැනට දැකලා තියෙන ශ්‍රේෂ්ඨතම මකර පාලකයා.

උබ දැන් අපිට යන්න නොදුන්නොත්,
එයා එයාගේ නයිට් ෆියුරි එක්ක ඇවිල්ලා උබේ සම්පූර්ණ නැව් බල ඇණියට පහර දීලා කැබලි වලට විනාශ කරලා දායි🖤

1899Dark tv Series එක ගොඩක් දෙනෙක් බලලා ඇතිනේ. බලලා නැත්තන් අදම බලන්න කියලාත් මතක් කරනවා. මොකද ඒක ඔයාලාට වෙනම අත්දැකීමක්...
25/10/2023

1899

Dark tv Series එක ගොඩක් දෙනෙක් බලලා ඇතිනේ. බලලා නැත්තන් අදම බලන්න කියලාත් මතක් කරනවා. මොකද ඒක ඔයාලාට වෙනම අත්දැකීමක් වෙයි. Dark tv series එක නිර්මානය කරපු Baran do Odar හා Jantje Friese ගේම තවත් නිර්මාණයක් වෙන 1899 කතාව 2022 වර්ෂයේදී Netflix හරහා විකාශනය වුනු අතර IMDb 7.3/10 හා Rotten Tomatoes 77% අගයක් ලබාගෙන තිබෙනවා.

මගී යාත්‍රා නැවක් වටා ගෙතෙන මේ කතාව Simulation Theory එකට අනුව නිර්මාණය කරලා තියෙන සංකීර්ණ මට්ටමේ series එකක් විදිහට මේක හඳුන්වන්න පුලුවන්.
Dark tv series හි රසිකයන් මේ series එක වෙනුවෙන් ලොකු උන්මාදයකින් සිටියත් Netflix විසින් පලමු season එකෙන් පසුව මේ series එක Cancel කරන්න තීරණය කරා. ඒ එහි තිබෙන සංකීර්ණ මට්ටමට ගොඩක් දෙනෙක් කැමති නැති වුනු නිසයි.

මගේ තීරණේ නම් ඒක Cancel නොවෙන්න ඕනි එකක් , මොකද Dark series එකත් අවසානය වෙනකන් නැරඹුවේ නැත්තන් කතාව තේරුම් ගන්න බැරිවෙනවා. 1899 series එකත් ඉදිරියට continue කරානම් තවත් ඒ මට්ටමේ නිර්මාණයක් වෙන්නත් තිබ්බා❤️

Tokyo Ghoul අද වෙද්දී මිනිස්සු මේ ලෝකේ බලය තහවුරු කරගෙනයි ඉන්නේ. මිනිස්සු තමන්ව ආරක්ෂා කරගන්න අනිත් ඕනිම ජීවියෙක්ව විනාශ...
23/10/2023

Tokyo Ghoul

අද වෙද්දී මිනිස්සු මේ ලෝකේ බලය තහවුරු කරගෙනයි ඉන්නේ. මිනිස්සු තමන්ව ආරක්ෂා කරගන්න අනිත් ඕනිම ජීවියෙක්ව විනාශ කරන්න පසුබට වෙන්නේ නෑ වගේම තර්ජන වලින් බේරෙන්න විවිධ වර්ගයේ ක්‍රම නිර්මාණය කරලා තියෙනවා, මේ දේවල් වලට අනිත් ජීවීන්ට වඩා ඉහළ මට්ටමක චින්තන ශක්තියක් මිනිසාට තිබීම හේතු වෙනවා.
ඒත් තවත් මිනිස්සු වගේම හිතන්න පුලුවන් ජීවීන් වර්ගයක් ඉදියොත් මොකද වෙන්නේ , එයාලට ජීවත් වෙන්න මිනිස් මස් කන්න ඕනිනම් මොකද වෙන්නේ..?
අනිවාරයෙන්ම එක ජීවීන් වර්ගයක් ඉතුරු වෙනකන් මේ ජීවීන් අතර යුද්ධයක් සිද්ධ වෙනවා.

Tokyo Ghoul නම් Anime කතා මාළාවෙන් අපිට පෙන්නන්නේ මේ වගේ කතාවක්. මිනී මස් විතරක් ආහාරයට ගන්න පුලුවන්, මිනිස්සු වගේම පෙනුම තියෙන ජීවීන් වර්ගයක් සාමාන්‍ය මිනිස්සු අතරම ජීවත් වෙනවා. පෙනුමෙන් වැඩි වෙනසක් නැති වුනත් සාමාන්‍ය මිනිස්සුන්ට නැති විශේෂ හැකියාවන් රාශියක් මේ ජීවීන්ට පුලුවන්.
"Ken Kaneki" නම් Half Ghoul තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ.
මේ series එක නිසා අපිට තේරුම් ගන්න පුලුවන් වෙනවා හැම ජීවියෙකුට ජීවත් වීමට අයිතියක් තියෙනවා කියලා.

Studio Pierrot විසින් ඉදිරිපත් කරපු මේ series එක episode 48 කින් සමන්විතයි. "Sui Ishida" නම් Manga Artist තමයි මේ කතාවේ නිර්මාපකයා වෙන්නේ.
IMDb 7.7/10 , Rotten Tomatoes 100% සහ Crunchyroll 4.5/5 ක් යන අගයන් මේ Series එකට ලැබිලා තියෙනවා❤️

වම් පසින් රෙනෙයිරා රැජින ඇතුළු කළු පාර්ශවයේ ධජයත්,දකුනු පසින් ඒගොන් රජු ඇතුළු හරිත පාර්ශ්වයේ ධජයත් ලෙළදෙයි. මේ ඇරඹෙන්නේ ...
22/10/2023

වම් පසින් රෙනෙයිරා රැජින ඇතුළු කළු පාර්ශවයේ ධජයත්,
දකුනු පසින් ඒගොන් රජු ඇතුළු හරිත පාර්ශ්වයේ ධජයත් ලෙළදෙයි.

මේ ඇරඹෙන්නේ වෙස්ට්‍රෝස්හි පාලනය වෙනුවෙන් සිදු කෙරුනු ටාගේරියන් වංශයේ සිවිල් යුද්ධයයි🔥

Sacred Timeline අද අපි කතා කරමු Loki tv series එකේදී අපිට මුලින්ම හඳුන්වලා දුන්නු Sacred Timeline එක ගැන. මේ Sacred Time...
21/10/2023

Sacred Timeline

අද අපි කතා කරමු Loki tv series එකේදී අපිට මුලින්ම හඳුන්වලා දුන්නු Sacred Timeline එක ගැන. මේ Sacred Timeline එක කියලා කියන්නේ අනන්ත සංඛ්‍යාවක් වුනු Timelines එක ළග එකළගට එකතු කරලා නිර්මාණය කරපු Loop එකකට. MCU හි අපි දකින ප්‍රධාන Universe එක සහ මේ වෙනකන් දැක්ක හැම Universe එකක්ම මේ Sacred Timeline එකෙයි තියෙන්නේ.

Loop එකක් කියන්නේ මොකක්ද ?

Loop එකක් කියන්නේ Dark tv series එකේදී අපි දැක්කා වගේ එකම දේ නැවත නැවත සිද්ධ වීම loop එකක් කියලා හදුන්වන්නේ.
ඒ කියන්නේ MCU එක තුළ සිද්ධ වෙන දේවල් ආයේ ඉදිරියේදී කවදා හෝ සිද්ධ වෙනවා සහ ඒ දේවල් කලිනුත් වෙලා තියෙනවා කියන එක.

Origin Story

ඉතින් මේක මේ විදිහට නිර්මාණය කරන්නේ "He Who Remains" කියන" Kang හෙවත් Nathaniale Richard" ගේ Variation කෙනෙක්.
එයා මේක නිර්මාණය කරන්නේ වෙනත් වෙනත් timelines වල ජීවත් වුනු මෙයාගේ Variations ලා timeline හරහා ගමන් කරන්න පුලුවන් ක්‍රමයක් හොයාගත්තට පස්සේ, ඔවුන් අතර Multivers එකේ පාලනය තමන්ට අතට ගැනීමට ඇතිවුනු යුද්ධයක් නිසයි.
මේ War එකෙන් අනිත් Kang ලාව පරාජය කරන්න කලින් සඳහන් කරපු "He Who Remains" ට පුලුවන් වෙනවා වගේම එයා එලායත් කියන ජීවියාව පාවිච්චි කරලා Kang Variant ලාව ඇතිවෙන්න පුලුවන් Timelines මකලා දාලා තමයි මේ Sacred Timeline එක නිර්මාණය කරන්නේ.

Sacred Timeline එක තුළ සිද්ධ වෙන්න ඕනි දේවල් එක රාමුවකට අදාලව සිද්ධ වෙන විදිහට තමයි මෙයා මේක නිර්මාණය කරන්නේ වගේම ඒ දේවල් නැවත නැවත සිද්ධ වෙන විදිහට (කලින් සඳහන් කරපු loop කතාව). ඒ රාමුවෙන් පිට දෙයක් කරොත් අලුතින් Branch Timeline එකක් නිර්මාණය වෙනවා වගේම , ඒකෙන් Kang Variant කෙනෙකුත් ඇති වෙන්න පුලුවන් ඉඩකඩක් තියේ. ඒ නිසා මේ Branch Timeline එකක් ඇතිවුනොත් ඒක විනාශ කරන්නයි , ඒකට හේතුවුනු Variant ව Arrest කරන්නයි මෙයා Time Variant Authority(TVA) කියලා Multiversal Force එකක් නිර්මාණය කරන අතර මේ තැන Multivers එකට පිටින් පිහිටලා තියෙනවා💚


Miss Minutes දැන් ඕනාවට වැඩී යාලුවනේ😼
21/10/2023

Miss Minutes දැන් ඕනාවට වැඩී යාලුවනේ😼

Gameplay වලට කැමති අය මේ Chanel එකට Subcribe කරලා තියාගන්න 😌❤
27/08/2023

Gameplay වලට කැමති අය මේ Chanel එකට Subcribe කරලා තියාගන්න 😌❤

THIS IS WARZONE EXE ASSASISIN''SGAMEPLAY [VONDEL MAP] SEASON5 ENJOY THE VIDEO!PLEASE LIKE, COMMEMT AND SUBSCRIBE THIS VIDEO! ...

Attack on TitanGame of Thrones වගේ Anime එකක් හැදුවොත් කොහොම වෙයිද..?හැබැයි මේක Game of Thrones වගේ රජකමකට සටන් කරන එකක්...
25/08/2023

Attack on Titan

Game of Thrones වගේ Anime එකක් හැදුවොත් කොහොම වෙයිද..?
හැබැයි මේක Game of Thrones වගේ රජකමකට සටන් කරන එකක් නෙවෙයි.
මනුෂ්‍යත්වය සඳහා කරන දෙයක්.
2013 වර්ෂයේදී විකාශනය ආරම්භ වුනු Attack on Titan හි නිර්මාතෘ වෙන්නේ Manga Artist කෙනෙක් වෙන "Hajime Isayama".
අද වෙද්දී Season 4 ක් Episode 88 කින් සමන්විත මේ Series එකට IMDb 9.1 , Rotten Tomatoes 95% , MyAnimeList 8.5 ක් යන අගයන් ලැබිලා තියෙනවා

මිනිස්සුන්ව පනපිටින් ආහරයට ගන්න යෝධයන් වැනි ජීවීන් කොට්ටාසයකින් බේරෙන්න ඒ යෝධයන්ට(Titans) එන්න බැරිවෙන විදිහට නිර්මාණය කරලා තියෙන Walls ඇතුලේ ජීවත් වෙන මිනිස්සු වටා තමයි මේ Series එකේ කතාව ගොඩනැගෙන්නේ.
මේ Walls විසින් විශාල භූමි ප්‍රදේශයක් ආවරණය කරන අතර විශාල මිනිස්සු ප්‍රමාණයක්ද මේ Walls අස්සේ ජීවත් වෙනවා.
කතාවේ ප්‍රධාන චරිතය වෙන "Eren Yeager" ගේ ගම Titan ප්‍රහාරයකට ලක්වුනාට පස්සේ ඔහු ඔහුගේ මිතුරන් සමඟ Titan ලාව විනාශ කරන්න Corps ලාට එකතුවීමෙන් තමයි මේ කතාව ආරම්භ වෙන්නේ.
ඉතින් ටිකෙන් ටික මෙයාලා සාර්ථක වෙන විදිහ සහ Titans ලා පිලිබඳව සත්‍ය කරුණු අනාවරණය කරගන්නවා අපිට බලාගන්න ලැබෙනවා සහ කවදාවත් නොහිතපු විදිහේ විශාල පරාසයක් දක්වා මේක විහිදිලා තියෙනවා කියලා අන්තිම season වලදී අපිට පෙන්නනවා.

Series එක පුරාවටම අපිට ලොකු කුතුහලයකින් තමයි අපිට මේක බලන්න වෙන්නේ.
කලින් කිව්ව විදිහට Game of Thrones වගේම Violence , Shocking Moments , Grey Characters සහ Betrayals ගොඩක් දේවල් මේ Series එකේදීත් බලන්න පුලුවන්.
Series එකේ තියෙන Violence නිසා චීනයේ මේක Banned කරලා තමයි තියෙන්නේ🚫
මේ අවුරුද්දේ Fall Season එකේදී 89 වෙනි Episode එක Relese කරනවා කියලා තහවුරු කරලා තියෙන අතර ඒ සමඟම අවුරුදු 10 ක් පුරාවට විකාශනය වුනු Attack on Titan වල අවසානය අපිට බලාගන්න පුලුවන් වෙයි.
මේ නිදහස සොයන මිනිස්සුන්ගේ කතාවයි.

Shinzo wo Sasageyo..!!!🖤

අද තමයි Star Wars Fans ලා මඟ බලන් ඉදපු මොහොත 😍Star Wars Ahsoka Series එකේ පලමු Episode 2 එක අද Disney+ හරහා නිකුත් වෙලා ...
23/08/2023

අද තමයි Star Wars Fans ලා මඟ බලන් ඉදපු මොහොත 😍

Star Wars Ahsoka Series එකේ පලමු Episode 2 එක අද Disney+ හරහා නිකුත් වෙලා තියෙනවා❤

Address

Ratnapura

Telephone

+94715480145

Website

Alerts

Be the first to know and let us send you an email when Words of Tsuki posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category