Gemcity Today

Gemcity Today Gemcity Today is a entertaining magazine which was founded in 2020. Our mission is to give the world

මස්ක් ටෙස්ලා විකුණයිද?සුප්‍රසිද්ධ බිලියනපතියෙකු වන ඊලොන් මස්ක් ගැන අමුතුවෙන් ඔබට කියන්නට දෙයක් ඇතැයි නොසිතමි. නිතර උණුසු...
30/04/2022

මස්ක් ටෙස්ලා විකුණයිද?

සුප්‍රසිද්ධ බිලියනපතියෙකු වන ඊලොන් මස්ක් ගැන අමුතුවෙන් ඔබට කියන්නට දෙයක් ඇතැයි නොසිතමි. නිතර උණුසුම් පුවත් මවන චරිතයක් වන ඊලොන් පසුගිය දිනෙක නව පුවතක් කරළියට අරගෙන ආවා. ඒ තමයි තම ටෙස්ලා ආයතනයේ ඩොලර් බිලියන 8.5ක කොටස් විකිණීමට සූදානම් වන බව. මීට හේතුව ලෙස ජාත්‍යන්තර මාධ්‍ය උපුටා දැක්වූවේ පසුගිය දිනෙක ඊලෝන් මස්ක් විසින් සසුප්‍රසිද්ධ ට්විටර් සමාගම මිලදී ගන්නට යන බවට පළකල ටීවීටර් පණිවිඩයක්.
ඒ අනුව ඩොලර් බිලියන 44කට මස්ක් විසින් ට්වීටර් සමාගම මිලදී ගන්නට සූදානම්. ෆෝබ්ස් සගරාවට අනුව මස්ක්ගේ වත්මන් වත්කම් වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 268ක්. ට්වීටර් ආයතනය මිලට ගැනීම සදහා තම වත්කම් වලින් බිලියන 21 ක් ආයෝජනය කිරීමට සූදානම් බව ඔහු ප්‍රකාශ කලා. ඉතිරි මුදල වෙනත් ආයෝජකයන් සහ මූල්‍ය ආයතන හරහා සපයාගැනීම ඔහුගේ අදහසයි. 43.61% හිමිකාරීත්වය මස්ක්ට හිමි ලෝක ප්‍රසිද්ධ SpaceX සමාගමේ වත්මන් වෙළෙදපොළ වටිනාකම ඩොලර් බිලියන 100ක්. ඒ වගේම 2021 වර්ෂයේ ඔහු විසින් ගෙවන ලද බදු ප්‍රමාණය ඩොලර් බිලියන 11ක් බව ඔහුගේ ට්වීටර් පණිවුඩයක සදහන්.
නමුත් සමහර ආයෝජකයන්ගේ මතයනම් මස්ක් හට මෙම මුදල සොයාගැනීමට නොහැකිවනු ඇති බව සහ ඔහු මෙම ගණුදෙනුවෙන් ඉතා ඉක්මණින් ඉවත්වනු ඇතිබවයි. රෝමය එක දවසින් ගිනිගත්තෙ නෑ කියනවනේ. අපේ රටේනම් මිනිස්සුන්ට බෙහෙත් ටික කෑමටික ගන්න සල්ලි නෑ. ඒත් ලෝකෙ තනි පුද්ගලයො අපේ රටේ ආදායමට වඩා වියදම් කරනවා ආයතනයක් මිලට ගන්න. රත්තරං සරුසාර පොළවක හිගාකන්න අපිව පත් කරපු පාලකයොන්ට අපි එඔඅට උත්තරයක් දෙමු! අරගලයට ජයවේවා!

සටහන TB Jay

කොරියාවත් පොදු ස්ථාන වල මාස්ක් පැලදීමේ නීති ලිහිල් කරයි දකුණු කොරියාවේ මාර්තු මැද භාගයේ 620,000ක් පමණ කොරෝනා රෝගීන් හමුව...
30/04/2022

කොරියාවත් පොදු ස්ථාන වල මාස්ක් පැලදීමේ නීති ලිහිල් කරයි

දකුණු කොරියාවේ මාර්තු මැද භාගයේ 620,000ක් පමණ කොරෝනා රෝගීන් හමුවීම සමග නැවතත් කොරෝනා බියක් පැතිර ගියා. නමුත් සිකුරාදා වන විට එම අගය දැක්වුනේ 50,568 ක් ලෙසටයි. ඒ අනුව කොරියානු නව රජය විසින් පොදු ස්ථාන වලට යාමේදී මාස්ක් පැළදීම සදහා තිබූ නීති ලිහිල් කිරීමට යන බව රොයිටර්ස් පුවත් සේවය ඊයේ (අප්‍රේල් 29) වාර්තා කලා. ඒ අගමැති කිම්ගේ මාධ්‍ය ප්‍රකාශයක් උපුටා දක්වමින්. කෙසේවෙතත් පුද්ගලයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් එක්වන උත්සව,ක්‍රීඩා හෝ උද්ඝෝෂණ වැනි අවස්ථාවල මාස්ක් එකක් පැළදීම අනිවාර්‍යය බව තමයි අගමැතිවරයා සදහන් කරන්නේ. මෙම වෙනස්කම් මැයි මාසයේදී පමණ බලාත්මක කිරීමට සූදානම් බව තමයි සදහන් වෙන්නේ..
මීට ඉහතදී පනවා තිබූ රාත්‍රී 10න් පසු ආපනශාලා සහ වෙනත් ව්‍යාපාර වසාදැමීමේ නීතියද සති කිහිපයකට පෙරම ඉවත් කර තිබුණා. වසංගතයට ඉතාම සාර්ථකව මුහුණදීමට කොරියානුවන්ට හැකි වූයේ එන්නත්කරණය සහ නිසි නීතීන් කලට වේලාවට ක්‍රියාත්මකවීම නිසා බව නොරහසක්. දකුණු කොරියාවේ මිලියන 52ක් පමණ වන ජනගහනයෙන් 82%ක් පමණම සම්පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති බව සදහන්. ඒවගේම 65%ක් පමණ බූස්ටර් එන්නතද ලබාගෙන ඇති බව කොරියානු බෝවන රෝග වැලැක්වීමේ ඒජන්සියේ දත්ත වලින් සනාථ කර තිබේ.
නමුත් ප්‍රශ්නයනම් කොරියාවෙ 50 දෙනෙකුට වඩා අඩුවෙන් ගැවසෙන පොදු ස්ථානයක් මේ ග්‍රීස්ම කාලයේ සොයාගන්නෙ කෙසේද යන්නයි. ඒ නිසා නිතරම ආරක්ෂිත පුරුදු පවත්වාගෙනයාමට උනන්දු වෙන්න.. තමන්ගේ ආරක්ෂාව වගේම අනිත් අයගේ ආරක්ෂාව ගැනත් හිතන්න පුරුදුවෙමු..

සටහන TB Jay

කකුල් හතරේ නිදහස් සටන්කාමියා ලූකානිකෝස් අපේ රටේ ඇතිවී තිබෙණ ආර්ථික අවපාතය හමුවේත් දිනෙන් දින පාලකයන්ගේ නොමනා ක්‍රියා නිස...
23/04/2022

කකුල් හතරේ නිදහස් සටන්කාමියා ලූකානිකෝස්

අපේ රටේ ඇතිවී තිබෙණ ආර්ථික අවපාතය හමුවේත් දිනෙන් දින පාලකයන්ගේ නොමනා ක්‍රියා නිසා අගාධයට වැටෙන රට හමුවේත් කුපිත වූ දේශප්‍රේමී ශ්‍රීලාංකිකයෝ පාරට බැස කරන අරගලයට පළමුව අපගේ උත්තමාචාරය පුදකර සිටින්නෙමු!
අපේ රටේ මෙන් ආර්ථික කඩාවැටීමක් ග්‍රීසියේත් සිදුවුනා. එවකට ශ්‍රීලංකා මහ බැංකුවේ අධිපතිව සිටි අජිත් නිවාඩ් කබ්‍රාල් කඩාවැටෙන ග්‍රීසියේ බැදුම්කර වල ආයෝජනය කළ පුවත ඔබ දන්නවා ඇති. එදා ග්‍රීසියේ ජනතාවත් මහපාරට බැහැලා පාලකයන්ට එරෙහිව අපි වගේම උද්ඝෝෂණ කලා. මේ උද්ඝෝෂකයන් මැඩලන්නට එරට කැරළි මර්ධන කණ්ඩායම් යෙදවුණා. උද්ඝෝෂකයන්ට කදුළු ගෑස් ප්‍රහාර ආදියද එල්ල උනා.

මේ අවස්ථාවේ එක වීරයෙක් උද්ඝෝෂකයන් වෙනුවෙන් පොලිස් නිළධාරීන් ඉදිරියට පැමිණියා. ඒ තමයි අපේ කතානායකයා ලූකානිකෝස්. ලූකානිකෝස් යන්නෙහි අර්ථය සොසේජස් යන්නයි. මේ ginger mongrel වර්ගයේ සුනඛයාගේ නියම නම තියඩෝර් යන්නයි. තියඩෝර්ව පසුව සසුප්‍රසිද්ධ ටයිම්ස් සගරාව මගින් 2011 වර්ෂයේදී(උද්ඝෝෂණ පැවැත් වුණු වර්ෂය) වසරේ හොදම චරිතයක් ලෙසද නම් කෙරුණා.
මේ නිර්භීත සුනඛයා මාර්ග වල ජීවත් වූ වීදි සුනඛයෙකු වූ අතර පසුව පුද්ගලයෙකු ඔහුව හදාගැනීමට රැගෙන ගියා.
" ලූකා අනාථයෙක් නෙවෙයි ඒත් එයා නිතරම එහෙම හිතාගෙන හිටියා" ඔහුගේ හිමිකරු මාධ්යට කියා තිබුණා. අවුරුදු දහයක පමණ වයසකදී 2014 වර්ෂයේදී ලූකා තමන්ගෙ ජීවිතයෙන් සමුගත්තා. කදුළු ගෑස් ආදිය ආඝ්‍රාණය වීම නිසා ලූකාගේ සෞඛය තත්ත්වය පිරිහී තිබූ බවද සදහන්. ලෝකය පුරාම ආදරයට පාත්‍ර වූ මේ සුරතලාගේ දේහය එරට ඇතැන්ස් නගරය මැද විශාල ගසක සෙවනේ ආදාහනය කළ බව ග්‍රීසියේ Ta Nea පුවත් වෙබ් අඩවිය වාර්තා කලා.

යුක්තිය සාධාරණය වෙනුවෙන් අරගල කරන ආදරණීය ඔබේ නම් ඉතිහාසයේ රන් අකුරින් නොලියවෙනු ඇත. එහෙත් අදත් හෙටත් ඔබේ කැපකිරීම් අපේ හදවතේ වටිනාම තැනක නොමැකී සටහන් වනු ඇත. අරගලයට ජයවේවා!

සටහන TB Jay

මොනවද මේ GMO ආහාර?අපි කන එළවළු පළතුරු වල GMO කියලා non GMO කියලා ගහලා තියෙයි. GMO foods නැත්නම් ජානමය වෙනස්කම් කරන ලද ආහ...
07/11/2021

මොනවද මේ GMO ආහාර?

අපි කන එළවළු පළතුරු වල GMO කියලා non GMO කියලා ගහලා තියෙයි. GMO foods නැත්නම් ජානමය වෙනස්කම් කරන ලද ආහාර කියන්නෙ මිනිස්සු විසින් ජාන වෙනස් කරලා නිර්මාණය කරපු ශාක වලින් හදපු එළවළු පළතුරු වලට.

ඇයි ජාන වෙනස් කරන්නෙ?

හැමෝටම මතක ඇති අපේ රටේ ගස්ලබු ර්ඹුටන් වගේ වගා වලට ආව පිටිමකුණො එතකොට පොල් වලට ආව පොල් කුරුමිණියො, සේනා දළඹුවා, මිරිස් වගාවේ කොල කොඩවීම මේ වගේ වගාබිම් ආශ්‍රිත විවිධ රෝග තියෙනවා. එහෙම දේවල් උනාම ගොවියට හෝ රජයට සිද්ධ වෙනවා ඒ වගාවල් විනාස කරලා දාන්න. ඒකෙන් ලොකු මූල්‍යමය පාඩුවක් වගේම පරිසරයට අහිතකර වායු එකතුවෙලා තව ප්‍රශ්න ඇතිවෙනවා. නැත්තං අපිට සිද්ධ වෙනවා කෘෂි රසායන භාවිතා කරන්න. ඒකෙනුත් වෙනෙ අර ටිකමයි. ඉතිං මේ Genetic Scientistලා ක්‍රමයක් හොයාගත්තා. ඒ තමයි ගස් වලට පිටින් කෘමිනාශක විදින්නෙ නැතුව ගහ ඇතුලෙන් ගහේ ජානවලින්ම කෘමීන් එක්ක සටන් කරන්න පුලුවන් හැකියාව නිර්මාණය කරන්න. විවිධ කෘමි විකර්ෂක ශාක වල ජාන අරගෙන අපි පරිභෝජනය කරන තිරිගු සහල් තක්කාලි ගස්ලබු මේ වගේ ශාක වල ජාන එක්ක කලවම් කරලා අලුත් ශක්තිමත් ශාක නිර්මාණය කලා. මේ ක්‍රමය සාර්ථක උනා. මේ නිසා සමහර ශීත රටවල වැවෙන පළතුරු එළවළු ඝර්ම කලාපීය රටවල වගා කරන්නත් හැකියාව ලැබුනා.

ආර්ථිකය සහ GMO

අපි දන්නවා සාමන්‍යයෙන් ඉස්සර ගොවීන් කලේ තමන්ගෙ අස්වැන්නෙන් කොටසක් ඉතුරු කරගන්නවා ඊළග කන්නයේ වගා කරන්න. නමුත් මේ GMO බීජ නිෂ්පාදන සමාගම් පළමුවෙන් ඉතාම අඩු මිලකට බීජ ගොවීන්ට ලබා දුන්නා. ගොවීන් බොහෝ දෙනෙක් මේවා වගා කරලා ලොකු අස්වැන්නක් ගත්තා. ලාභයත් වැඩියි. මොකද කෘමිනාශක අවශ්‍ය නෑ පොහොර භාවිතය අවමයි. මේ නිසා ගොඩක් අය මේ අලුත් බීජ භාවිතයට හුරු උනා. සම්ප්‍රදායික බීජ ඉතුරු කිරීමේ ක්‍රමය අතෑරියා. ටික කාලයක් ගිහින් මව් බීජ නැති වෙද්දි අර සමාගම් බීජ වල ඒකාධිකාරය තමන් සතු කරගත්තා. දැන් බීජ වල මිල ඒවාට යොදන පොහොර මේ හැමදේම තීරණය කරන්නෙ ඒ අය. කීයක් උනත් මිලදී ගන්න ගොවියට සිද්ධ වෙනවා. අදාළ සමාගමේ නිර්දේශිත පොහොර යෙදුවේ නැත්නම් පළදාව අඩුවෙනවා නැත්තං ඵලදාවක් නෑ.

GMO ආහාර කෑමට සුදුසුද?

මේකනම් 50/50 පිළිතුරක්. සමහරුන්ගෙ මතය කිසිම අනතුරක් නෑ කියන එක. නමුත් සමහර අයගෙ මතයනම් මේවා ආහාරයට සුදුසු නෑ කියන එක. ඉතිං මෙහෙම දෙපිරිසක් ඉන්න නිසා WFO සහ රට රටවල ආහාර සම්බන්ධ ආයතන වලින් නිර්දේශ කරලා තියෙනවා සියලුම ආහාර වල හෝ නිෂ්පාදන වල අමුද්‍රව්‍ය GMO ද Non GMOද කියන කාරණය සදහන් කරන ලෙස. ඉතිං කැමති අයට කන්න පුලුවන් අකමැතිනම් නොකා ඉන්න පුලුවන්.

අපි තේරුම්ගත යුතු සත්‍යයනම් අපට සොබාදහම අභිබවායෑමට හැකියාවක් අයිතියක් නැත යන කාරණයයි. සියලු දේ සිදුවන්නෙ ස්වභාවධර්මයේ නීතියට යටත්වයි.

දකුණු කොරියාවේ මස් පිණිස බල්ලන් මැරීම තහනම්!!  දකුණු කොරියාව කා අතරත් ප්‍රසිද්ධ කාරනා කිහිපයක්ම තිබෙනවා. Samsung සහ LG ජ...
28/09/2021

දකුණු කොරියාවේ මස් පිණිස බල්ලන් මැරීම තහනම්!!

දකුණු කොරියාව කා අතරත් ප්‍රසිද්ධ කාරනා කිහිපයක්ම තිබෙනවා. Samsung සහ LG ජංගම දුරකථන, KIA සහ Hyundai මෝටර් රථ, කොරියානු ටෙලිනාට්‍ය සහ KPop සංගීතය මේ අතර මුල්තැන ගන්නවා. ඒ වගේ දකුණු කොරියාව කියන්නෙ ලෝකයේ 10 වෙනි විශාලතම ආර්ථිකය. ඉතිං මේ කාරණා එක්ක ලොව බොහෝ දෙනා කොරියාවට එන්න හරිම කැමතියි.
නමුත් එකම එක කාරණයක් නිසා බොහෝ දෙනෙක් කොරියානුවන් පිළිකුල් කරනවා. ඒ තමයි බල්ලන්ගේ මස් කෑම. මේ කාරණය බොහෝ ඈත ඉතිහාසයක් තිබෙන කතාවක්.හැම කොරියානු ජාතිකයෙක්ම සුනඛ මාංශ ආහාරයට ගන්නෙ නෑ. නමුත් අදටත් වාර්ෂිකව මස් පිණිස බල්ලන් මිලියනයක් පමණ ඝාතනය වන බව තමයි වාර්තා වල සදහන් වෙන්නෙ. ඉතිං බුදු දහම රාජ්‍ය ආගම වුණු මේ රටේ මෙවැනි ක්‍රියාවක් වීම අපිනම් අනුමත කරන්නෙ නෑ. මොකද බුදු දහමේ සදහන් වෙන විදියට ආහාරයට නොගතයුතු මස් වර්ගයක් තමයි සුනඛ මාංශ කියන්නෙ.

වර්ථමාන දකුණු කොරියානු ජනපතිවරයා වන මුන්ජේඉන් මහතා සුරතල් බල්ලන්ට ඉතාම ලැදි පුද්ගලයෙක්. එතුමාගේ තීරණයක් අනුව වහාම මස් පිණිස සුනඛයන් මැරීම දකුණු කොරියාව තුල තහනම් කොට තිබෙනවා. මේ කාරනය ලෝකයේ බොහෝ සත්ත්ව සංවිධාන වල වගේම සුරතල් සතුන් ඇති කරන බොහෝ දකුණු කොරියානු ජාතිකයන්ගේද පැසසුමට ලක්වී තිබෙනවා. සුරතල් බල්ලන්ට ආදරේ කරන අපිටත් මේක ඉතාම සතුටුදායක ආරංචියක්..

සටහන TB Jay

පසුගිය දවසක චීන යුධ නැව් කිහිපයක් ජපානයේ මුහුදු සීමා වල අනවසර අභ්‍යාස වල නිරත වීමත් චීනය අන්තනෝමතික ලෙස ආසියානු කලාපයට ඇ...
24/06/2021

පසුගිය දවසක චීන යුධ නැව් කිහිපයක් ජපානයේ මුහුදු සීමා වල අනවසර අභ්‍යාස වල නිරත වීමත් චීනය අන්තනෝමතික ලෙස ආසියානු කලාපයට ඇතුලු වීමත් නිසා ලෝකයේ රටවල් බොහොමයක නායකයින් කලබලයට පත් උනා. චීනයේ මේ ආක්‍රමණශීලි ක්‍රියාකලාපයට පිළිතුරු සපයමින් ලොව බලවත් රටවල් මේ වන විටත් දකුණු චීන මුහුදට තම රාජ්‍යයන්ට අයත් බලවත් යුධ නැව් රැගෙන ඒමට පටන්ගෙන තිබෙනවා. මීට ආසන්නම උදාහරණයක් ලෙස දින කිහිපයකට පෙර චීන මුහුදු සීමාවට පැමිණි ඇමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක ගුවන් යානා දෙකක් ආපාසු හරවා යවන අයුරු දැක්වෙන චීන ගුවන් හමුදාව පළකල වීඩියෝ පටය දැක්විය හැකියි. ඊට අමතරව ප්‍රංශ නාවික හමුදාවට අයත් න්‍යෂ්ටික මිසයිල රැගත් නැවක් දකුණු චීන මුහුද දක්වා පිටත් කර බව එරට මාධ්‍ය වාර්තා කලා. ජර්මනියද මේ ආකාරයටම තම නාවික හමුදාව මෙම යුධ අභ්‍යාස සදහා එක් කල බව තමයි සදහන් වෙන්නෙ. ඒ විතරක් නෙවෙයි බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවට අයත් ක්වීන් එලිසබත් කියන යුධ ගුවන් යානා ප්‍රවාහන නැව අමෙරිකානු දකුණු කොරියානු ජපාන ඉන්දීය සහ මැලේසියානු නාවික හමුදා සමග දකුණු චීන මුහුදේ යුධ අභ්‍යාස වලට පිටත් කර හැරීමට බ්‍රිතාන්‍ය කටයුතු කර තිබෙනවා. මීට සමාගාමීව චීනයේ මිත්‍ර පාර්ශවීට රටවල් ලෙස සැලකෙන පාකිස්තානය සහ තුර්කිය යන රටවල්ද ඒකාබද්ධ යුධ පුහුණු සැසියන් පවත් වන බවට තමයි ආරංචි වෙන්නෙ. ඉතිං මේ විදියට චීනයේ දොරකඩටම ඇවිත් කරන අභියෝග අපිනම් දකින්නෙ තර්ජනයක් වගෙයි. බොහෝ මාධ්‍ය වාර්තා කලේ මේ ආකාරයට මුහුදු සීමා හරහා ගමන් කරමින් තම තමන්ගේ යුධ ශක්තිය විදහාලමින් රටවල් අතර අනවශ්‍ය ගැටලු ඇතිකිරීම එතරම් හොද දෙයක් නොවන බවයි. කෙසේ වෙතත් චීනය පවසන්නෙ ඔවුන් සියලු ආසියාතික රටවල් දුගී බවින් මුදවන්නට සැරසෙන බව. නමුත් බටහිර රටවල් චෝදනා කරන්නෙ චීනය අනවශ්‍ය ලෙස ආසියානු පැසිෆික් කලාපයේ රටවල් වල දේශපාලන කටයුතු වලට සහ ආර්ථික කටයුතු වලට බලපෑම් එල්ල කරන බවටයි. තත්ත්වය කොහොම උනත් අපිනම් ප්‍රාර්ථනා කරන්නෙ මේ දේවල් තුන්වෙනි ලෝක යුද්ධයකට අත්වැනීමක් නොවෙවායි කියන එකයි.

ඒක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් මා පල කළ ලිපිය කුමන හෝ හේතුවක් මත මුහුණු පොත සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කිරීමට යම...
03/06/2021

ඒක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් මා පල කළ ලිපිය කුමන හෝ හේතුවක් මත මුහුණු පොත සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කිරීමට යම් පාර්ශවයක් විසින් කටයුතු කර තිබෙන අතර. එම ලිපිය කුමන හෝ පාර්ශවයක් රිදවීමේ චේතනවකින් පළ කළ එකක් නොවූ අතර හුදෙක් පුරවැසියාගේ අයිතිවාසිකම සහ දැනුම්වත් වීම වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය තුලින් මා ලද දැනුමින් ලියන ලද ලිපියකි. නැවතත් එම ලිපිය මා මෙසේ පලකරමි.

එක්ස්ප්‍රස්පර්ල් ( X-PRESS PEARL) නෞකාව නිසා ඇති වූ ජෛව,පාරිසරික සහ ආර්ථික විනාශය තක්සේරු කළ හැකි ද?

සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි වූ එක්ස්ප්‍රස්පර්ල් නෞකාව, නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක්, වෙනත් රසායනික ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් මෙන්ම ටොන් 320ක් පමණ වූ දැවි තෙල් බහලුම් ද සමග ශ්‍රී ලංකාවේ කොළඹ වරයට අසන්න මුහුදේ මේ වනවිටත් දින ගණනාවක් පුරා ගිනිගනිමින් මුහුදුබත් වෙමින් පවතී. මෙම ගිනි ගැනීම සිදුවී ඇත්තේ අප ශ්‍රී ලංකාවේ දේශීය ජල තීරය තුලදී ය.(වෙරළේ සිට සැතපුම් 12ක් ඈත මුහුද දක්වා වූ ප්‍රදේශය දේශීය ජල තීරය වන අතර එය ශ්‍රී ලංකාවේ ගොඩබිමට අයත් භූමියක් ලෙස සලකනු ලබයි). මෙම නිසා කිසිදු ලෙසකින් බැහැර කල නොහැකි වගකීමක් ශ්‍රී ලංකාවේ රජයටත් අදාල බලධාරින්ටත් පවතින අතර මෙමගින් වූ හානිය සුළුපටු වුවක් හෝ ශතවර්ෂයක් ගත වන තෙක් වත් ප්‍රතිපුරණය කල නොහැකි මට්ටමක පවතින බව විවිධ පාරිසරික සහ ගෝලීය පරිසර විද්‍යාඥයන් ගේ මතය යි.


ජෛව සහ පාරිසරික විනාශය


මේ වනවිටත් මෙම නෞකාවේ ගිනිබත් වූ අපද්‍රව්‍ය නිසා ශ්‍රී ලංකාවේ වෙරල තිරයෙන් හතරෙන් එකක් පමණ වූ භූමියක රසායනික අපද්‍රව්‍ය සහ ඒවා අනුභව කල සත්ත්ව හා මුහුදු ජිවින්ගේ සිරුරු කොටස් වලින් පිරී පවතී. දෛනිකව විශාල සත්ත්ව සහ ශාක ප්ලවාංග අති විශාල ප්‍රමාණයක් මෙන්ම කොරල් පර සහ ඊ ආශ්‍රිත ජීවියෝ මෙන්ම බහලුම් තුල තිබු රසායනික පොලිතින් කැට වැනි රසායන ද්‍රව්‍ය කැබලි අහරක් යයි සිතා අනුභව කිරිමින් බොහෝ අහිංසක සත්ත්වයෝ මිය යති. තවද දකුණු වෙරල තිරයේ සිට මන්නාරම දක්වා වූ ප්‍රදේශයක් දක්වා වෙරල තිරය ආශ්‍රිතව වෙරල තිරය පුරාම මෙම අපද්‍රවය ගොඩගැසෙමින් පවතී. එම අපද්‍රවය ප්‍රමාණාත්මකව ටොන් ගණනාවකි. කොරල්පර, මුහුදු ජීවින් මෙන්ම දර්ශනීය නීලවන් වෙරළ ද අව පැහැගැන්වී විනාශ වී තිබේ. පැටවුන් බිහි කිරීමට බිත්තර දැමීමට පැමිණෙන අහිංසක කැස්බෑවන් කුඩා පැටවුන් මෙන්ම කැස්බෑ බිත්තර මිලියන ගණනින් මේ වනවිටත් මියගොස් තිබිය හැක. මීට අමතරව මුහුදු ජලය කෙලින්ම ගඟ දිගේ ගොඩබිම අභයන්තරයට ගලා ඊම නිසා මිරිදිය ආශ්‍රිත ජීවී ප්‍රජාවන්, කලපු ආශ්‍රිත මත්ස්‍ය වගාවන් මෙන්ම අධි සංවේදී පාරිසරික පද්ධතීන් සහ කඩොලාන විශේෂ වලටද දැඩි බලපෑම් එල්ල වේ. එම ප්‍රදේශ ආශ්‍රිතව රැකියාවන් කටයුතු කල ධිවර ප්‍රජාව සහ ඒ ආශ්‍රිත රැකියාවන් කල පුද්ගලයන්ගේ කුටුම්භයන් ද මේ වන විට දැඩි අසරණ භාවයකට පත් වෙමින් පවතී.

ගිනිගනිමින් පවතින නෞකාවෙන් පිට වන අධික විෂ සහිත දුමාරය ආග්‍රණය වීමෙන් ඇතිවන ශ්වසන අබාධ සංකුලතා තවත් පරම්පරා ගණනාවක් යනතුරු පවතිනු ඇත (විශේෂයෙන්ම කුඩා දරුවන් සහ ගර්භනී මව්වරුන්ට). 1945 දී හිරෝෂිමා හා නාගසාකි වෙත හෙලනු ලබූ "ලිට්ල් බෝයි " පරමාණු බෝම්බයේ බලපෑම අදත් විකෘති දරුවන් ජපන් ජාතියට දායාද කරමින් පවතී. විශේෂයෙන්ම මෙම වකවානුව නිරිතදිග මෝසමේ සක්‍රීයතාව සමග ඉන්දියන් සාගරයේ සිට හමා එන සුළං ප්‍රවාහ මගින් ශ්‍රී ලංකාව අභ්‍යන්තරයට වර්ෂාව පතිත වන සමයකි. එසේ නිරිත දිග මෝසම් වර්ෂාවෙන් වඩාත් පෝෂණය වන වැහි මුහුණතේ පිහිටි සබරගමු, දකුණු, බස්නාහිර, වයඹ පළාත් සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වල පිහිටි ජලාශ, ගංගා වැව් අමුණු සහ තෙත් කලාපිය වනාන්තර පද්ධතීන් තුලට මෙම ගින්නත් සමග පිට වූ අළු සහ විෂ රසායනික ද්‍රව්‍ය අම්ල වැසි ලෙස පතිත වීමෙන් විශාල ජීවී සහ පාරිසරික හානියක් සිදුවිය හැකිය. මෙම විනාශයන් මුදලින් තක්සේරු කල නොහැක.


ආර්ථික වශයෙන් සිදුවන බලපෑම

මෙලෙස ආර්ථිකයට වන බලපෑම විවිධ ක්ෂේත්‍ර හරහා ලංකාවේ ආර්ථිකයට කෙටි කාලීනව මෙන්ම දිගු කාලීනව ද බලපෑම් ඇතිකරනු ඇත. විශේෂයෙන්ම ධීවර සහ සංචාරක කර්මාන්තයට එල්ලවන බලපෑම සුළුපටු නොවේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ විදේශ විනිමය ගලා ඊම් අතින් ප්‍රධාන දායකත්වයක් සපයන සංචාරක ක්ෂේත්‍රය මුලිකවම පදනම් වී ඇත්තේ අතිශය සුන්දර සහ සංවේදී වෙරළත් සමගිනි. කොවිඩ් 19 තත්ත්වය නිසා සංචාරක පැමිණීමේ අඩු ප්‍රවනතාවක් ඇති වුවත් සාපේක්ෂව ගත් විට ශ්‍රී ලංකාව යනු සංචාරක පාරාදීසයකි. වෙරල හා බැදුණු සංචාරක ආකර්ෂණය නිරන්තරයෙන් ශ්‍රී ලංකාව වෙත යොමු වීම අහබුවක් නොවේ. බටහිර රටවල් වල ශීත කාලය උදාවත් සමග සංචාරකයෝ ශ්‍රී ලංකාවේ වෙරළ තිරයේ උණුසුම සොයා එති. මෙම එක්ස්ප්‍රස්පර්ල් නෞකාව ගිනිගැනිමත් සමග සංචාරක ආකර්ෂණය සහිත සමස්ත දකුණු, බටහිර සහ වයඹ වෙරළ මෙන්ම නැගෙනහිර වෙරළත් විනාශවෙමින් පවතී. ඒ පිළිබද දිනපතා පලවන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් හෙළිදරව් වන තොරතුරු වලින් සනාථ වේ. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තුල අනිවාර්ය පසුබෑමක් මේ හරහා ස්ථිරවම සිදු වනු ඇත. ඩොලර් වශයෙන් ගණනින් බැලුවහොත් එය ඩොලර් බිලියන ගණනකි. දියුණු වෙමින් පවතින සහ අධික විදෙස් ණය බරින් මිරිකී සිටින සහ අධික බදු බරකින් හෙම්බත්ව සිටින ජනතාවක් සහිත අප රටට එය කොතරම් දුරට ඔරොත්තු දෙන්නේද යන කාරණාව ඉතා වැදගත් වේ.

ධීවර කර්මාන්තයට ඇතිවන බලපෑම සහ දේශීය ජල තීරය සහ අනන්‍ය ආර්ථික කලාපය

ශ්‍රී ලංකාවේ ධිවර කර්මාන්තය සහ ඒ ආශ්‍රිතව ලක්ෂ ගණනවකගේ රැකියා සහ යැපුම් මාර්ග මුලිකවම කරදිය සහ මිරිදිය කලපු ආශ්‍රිතව ගොඩනැගී පවතී. ලිපියේ මුලින් සදහන් කළ පරිදි එක්ස්ප්‍රස්පර්ල් නෞකාව ගිනිබත් වීම හරහා එම සමුද්‍රික ප්‍රදේශ වල මත්ස්‍ය කර්මාන්තය ආශ්‍රිත රැකියා කටයුතු සිදු කිරීම ඇණහිට තිබේ. කලාප ආශ්‍රිත මිරිදිය මත්ස්‍ය වගාවන් විනාශ වීමත් වඩාත් බරපතල කරුණ වන්නේ ජනතාව මත්ස්‍ය අහාර පරිබෝජනය එකවරම ප්‍රතික්ෂේප කිරීමත් නිසා ඒ ආශ්‍රිතව යැපුණු ලක්ෂ සංඛ්‍යාවක පිරිසකගේ ප්‍රධාන අදායම් මාර්ග අහිමිවීමත් ය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දකුණු, බස්නාහිර සහ වයඹ වෙරළෙහි පිහිටි ප්‍රධාන ධිවර වරායල් මෙම ව්‍යසනයේ බලපෑමට ප්‍රබලවම ලක්ව තිබෙන නිසා ධිවර කටයුතු කිරීමට දේශීය ජල තිරයෙන් ඔබ්බෙන් පිහිටි අනන්‍ය ආර්ථික කලාපය දක්වාම ධිවර කටයුතු වලට යාමට ඔවුන්ට සිදුවනු ඇත.

දේශීය ජල තීරය සහ අනන්‍ය ආර්ථික කලාපය(Exclusive Economic Zone)

කලින් සදහන් කළ පරිදි මෙම නෞකාව ගිනිබත් වූයේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තිරය තුලය. අප රටේ මුහුදු සීමාව ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. ඒ නම් දේශීය ජල තීරය සහ අනන්‍ය ආර්ථික කලාපය වශයෙනි. මේ පිළබදව ලියවුන ලිපියක උපුටා ගැනීමක් මේ සමග දක්වා ඇත. https://www.ft.lk/Business/blue-ocean-economy-the-future-prosperity-of-sri-lanka-lies-in-the-sea/34-234338
සාගර විශ්වවිද්‍යාලයේ සභාපති මහාචාර්ය රන්ජිත් සේනාරත්න මහතා විසින් ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපය සහ සමුද්‍රික සම්පතේ වටිනාකම මනාව විස්තර කර තිබේ. ඒ අනුව එම ලිපියේ අනුවාදයේ කොටසක් මේ සමග පල කරමි. එම ලිපිය පහතින්

"කිලෝමීටර් 21,500 ක භෞමික මුහුදක් සහ වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200 ක් (කි.මී. 370 ක්) දක්වා වූ සුවිශේෂී ආර්ථික කලාපයක් (EEZ) ශ්‍රී ලංකාව සතුවේ. එය කි.මී. 517,000 කි. EEZ කලාපයේ ජල තීරුව, මුහුදු පතුල සහ උප මතුපිට ඇති සම්පත් සඳහා ශ්‍රී ලංකාවට අයිතියක් ඇත. 1979-80 දී සිදු කරන ලද අවසාන සවිස්තරාත්මක සමීක්ෂණයට අනුව වෙරළබඩ මසුන් ඇල්ලීමෙන් වාර්ෂිකව ටොන් 250,000 ක අස්වැන්නක් ලබා ගත හැකි අතර අනෙක් EEZ කලාපයෙන් තවත් ටොන් 90,000 - 150,000 ක් ලැබෙනු ඇත. එක්සත් ජාතීන්ගේ මුහුදේ නීතිය යටතේ, අවසාදිත ස්ථරයේ thickness ගණකම කිලෝමීටරයක් ​​ඉක්මවන මුහුදු වෙරළ තීරයක් සඳහා හිමිකම් කීමට ශ්‍රී ලංකාවට අයිතිය තිබේ. මෙම ප්‍රකාශය කර ඇති අතර එය පිළිගනු ලැබුවහොත් ශ්‍රී ලංකාවට අමතර මුහුදු ප්‍රදේශයක් ලබා ගත හැකිය. එබැවින් රටේ මහාද්වීපික ආන්තිකයේ පිටත මායිම සීමා කිරීමත් සමඟ EEZ තව දුරටත් ව්‍යාප්ත වීමට ඉඩ ඇති අතර එමඟින් ශ්‍රී ලංකාවට තම භූ ස්කන්ධයේ ප්‍රමාණය මෙන් 23 ගුණයක් (දළ වශයෙන් කිලෝමීටර 1.400,000) සමාන EEZ හිමිකමක් ලබා ගත හැකිය. ජීවන සම්පත් හැරුණු විට මෙම කලාපයේ විවිධාකාර ඛනිජ සහ හයිඩ්‍රොකාබන් (තෙල් හා ස්වාභාවික වායු) අඩංගු වේ. මීට අමතරව, සර්ෆ්, තල්මසුන් සහ ඩොල්ෆින් නැරඹීම, ගැඹුරු මුහුදේ කිමිදීම, මුහුදු විනෝදාස්වාදය සහ මුහුදු ක්‍රීඩා වැනි සාගර විනෝදාත්මක අවස්ථා ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවට හැකිය. වෙරළබඩ ප්‍රදේශයෙන් තුනෙන් දෙකකින් සමන්විත උතුරු හා නැගෙනහිර පළාත්වල සාමය යථා තත්ත්වයට පත් කිරීමත් සමඟ ලෝක ප්‍රකට වෙරළ තීරයන් වන පැසිකුඩා, නිලවේලි සහ අරුගම්බේ ඇතුළු සංචාරකයින්ට නිදහසේ ප්‍රවේශ විය හැකිය. මේ දක්වා මෙතෙක් භාවිතයට නොගත් සමුද්‍රීය විනෝදාස්වාදය සහ මුහුදු ක්‍රීඩා රටට වැදගත් විදේශ විනිමය උපයන්නෙකු විය හැකිය. ලෝකයේ කාර්යබහුලම නැව් මාර්ගයට ආසන්නව ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම දෙස බලන විට එය කලාපයේ නාවික කේන්ද්‍රස්ථානය බවට පත්විය හැකිය. හම්බන්තොට වරාය පූර්ණ ලෙස ක්‍රියාත්මක වන විට ලාභදායී රැකියා සහ ආදායම් උත්පාදනය කිරීමේ නව මංපෙත් විවර වේ. ශ්‍රී ලංකාවේ ජීව විද්‍යාත්මක, රසායනික හා භෞතික පොහොසත් සමුද්‍ර සම්පත් පදනම සහ එහි EEZ සහ ඉන්දියන් සාගරයේ උපායමාර්ගික පිහිටීම සමඟ එය විශාල වදගත්කමක් ඇති රටක් බවට පත් කරයි. මේ රටේ අනාගත සමෘද්ධිය පවතින්නේ එය වටා ඇති මුහුදේ ය. මෙතෙක් රටෙහි සූරාකෑමට ලක් නොවූ හා සූරාකෑමට ලක් නොවූ සමුද්‍ර සම්පත් උපයෝගී කර ගැනීම සඳහා සුදුසු උපාය මාර්ග සකස් කිරීම සහ ධීවර, සමුද්‍ර හා නාවික යන අංශවල අවශ්‍ය මිනිස්බල සංවර්ධනය කිරීම සඳහා වන වැදගත්කම සාගර විශ්ව විද්‍යාලයෙන් අපේක්ෂා කෙරේ."
(සභාපති මහාචාර්ය රංජිත් සේනරත්න)

මෙම ලිපියේ දැක ඇති කරුණු විග්‍රහ කිරීමේදී මේ වන විට සිදුව ඇති විනාශය ගිනිය නොහැකි මට්ටමේ එකක් බව ඉතාම පැහැදිළිය. ඒ පිලිබදව ලක් රජයේ ස්ථාවරය කුමක්ද යන්න ප්‍රකාශ කිරීම ඉතා වැදගත් ය.

සිදුව ඇති හානිය කෙතරම් ද? එය මුදලින් තක්සේරු කිරීමට හැකි ද?

පරිසර විද්‍යාඥයන්ට අනුව මෙය 21 වන සියවස තුල සිදු වූ දැවැන්තම පාරිසරික සහ සමුද්‍රීය ව්‍යසනයකි. සමහර දේශපාලඥයන් සහ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ ජුගුප්සාජනකය. ඔවුන්ට මේ විනාශයේ බරපතලකම අල්පෙනිතිතුඩක වත් තරමින් දනී නැති සේයාවකි. මස කීපයකට පෙර ලොව විශාලම මුහුදු ජිවය වූ මහා බාධක පරය පෘතුවියට අහිමි විය. ඉන්දියන් සාගරයේ මුතු ඇටයද මේ ව්‍යසනය නිසාවෙන් වියැකෙමින් පවතී. තවත් වසර ගණනාවක් යනතුරු අඩු තරමින් වසර 50ක් වත් මෙම බලපෑම පවතිනු ඇත. මේ මොහොත වනවිටත් මිලියන ගණනක් වූ අහිංසක, අසරණ සමුද්‍රික ජීවින් මියගොස් තිබේ. සැබවින්ම එය ගණනය කළ නොහැකි ප්‍රමාණයක් විය හැකිය. තවම නෞකාව මුළුමනින්ම මුහුදුබත් වී නැත. එය මුහුදුබත්වීම කොතරම් දුරට සමුද්‍ර අභ්යනතරයට සහ සාගරික පද්ධතියට බලපෑම් ඇතිකරනු ඇතද යන්න උපකල්පනය කිරීමට වත් නොහැකිය. අහිමි මුහුදු ජිවත වල වටිනාකම මිල කළ නොහැකිය. සිදු වූ පරිසර හානිය මිල කළ නොහැක. අඩු තරමින් තවත් වසර 50 ක් වත් යනතුරු සිදුවුන හානිය ප්‍රතිපුරණය කිරීමට කෙටි කාලීනව නොහැකි බැවින් ඒ සදහා අනිවාර්යෙන්ම විශාල වන්දි මුදලක් අදාල සමාගම් වලින් අය කරගැනීමට වහ වහ කටයුතු කිරමට රජය පෙලබිය යුතුය. හානියේ තරම ඩොලර් බිලියන ගණනක් නොව ට්‍රිලියන ගණනකි. මෙවැනි සමුද්‍රීය නෞකා අනතුරු නිසා සිදු වූ පාරිසරික සහ ආර්ථික හානි වෙනුවෙන් බොහෝ රටවල් හානි ප්‍රතිපුරන වන්දි ලබාගෙන තිබුනත් මෙවැනි ඇති දැවැන්ත පරිසර විනාශයක් එදා මෙදා තුර සිදුව නැති බව නිගමනය කළ හැක. සමුද්‍ර ජිවින්ට සහ සමුද්‍රීය පරිසර පද්ධතියට සිදු වූ හානිය, වෙරළට සිදු වූ හානිය, කලපු සහ ගංගා මෝය ආශ්‍රිතව සිදු වූ සත්ත්ව සහ පරිසර පද්ධතීන්ට සිදු වූ හානිය, වැව් ගඟ ඇලදොළ ජලාශ සහ වනාන්තර වලට අම්ල වැසි වැටීමෙන් සිදුවන හානිය, සංචාරක ව්‍යාපාරය බිඳවැටීමෙන් වන හානියේ තරම, ධිවර කර්මාන්තය ආශ්‍රිතව වන පසුබෑම සහ හානිය, සුන්දර මුහුදු තිරයට සිදු වුනා වූ විනාශයේ තරම, සමස්ත පරිසර පද්ධතියට සිදු වුනා හානියට, සමස්ත ආර්ථිකයට වන හානියේ තරම වසර 50 ක් වත් ගණනය කොට සිදු වූ විනාශය තක්සේරු කළහොත් එය ඩොලර් ට්‍රිලියන් ගණනක් විය හැක. ශ්‍රී ලංකාවේ රජයට එවැනි වන්දියක් අය කර ගැනීමට ඕනෑවටත් වැඩ සාදාරන කරුණු පෙළගැසී පවතී. මෙම විනාශය රටේ සමස්ත ප්‍රජාවට මෙන්ම ගෝලීය පාරිසරික සමතුලිතතාවට සිදු වුනා වූ හානියකි. එම නිසා දේශපාලකයන්ගේ වගකීම සමස්ත ලෝකය කෙරෙහිම බැඳී පවතින බව සිහිපත් කරමි.

කේ.එම්.ගයානාත් විජේකෝන් විසිනි.

පකිස්තාන් විදියට බිරියානි එකක් හදමුඅවශ්‍ය ද්‍රව්‍ය බිරියානි මසාලා පැකට් 1ලොකු ළූණු ගෙඩි දෙකක්සුදුළූණු ටිකක්කුකුළු මස් හෝ...
03/06/2021

පකිස්තාන් විදියට බිරියානි එකක් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය
බිරියානි මසාලා පැකට් 1
ලොකු ළූණු ගෙඩි දෙකක්
සුදුළූණු ටිකක්
කුකුළු මස් හෝ කැමති මස් වර්ගයක් අවශ්‍ය ප්‍රමාණයට
කජු ග්‍රෑම් 100ක් (වැඩි උනත් කමක් නෑ)
වියළි මිදි ග්‍රෑම් 100ක්
අර්තාපල් ගෙඩි 3ක්
තක්කාලි ගෙඩි දෙකක්
(බාස්මතී සහල් කිලෝ එකක් සදහා)

1. මස් ටික හොදට සෝදලා පැත්තකින් තියාගෙන ළූණු සුදු ළූණු පොඩියට තීරු කපාගන්න.
2. තක්කාලි සහ අල ටිකක් ලොකුවට කපාගන්න.
3. ළූණු සුදුළූණු කජු සහ මිදි ගැඹුරු තෙලේ බැදලා තෙල් බේරෙන්න තියන්න. (Tips : කජු බදිනකොට ගින්දර හොදටම අඩු කරන්න. නැත්තන් කලු වෙයි.)
4. බැදගත්ත ළූණු සුදුළූණු ටිකක් වෙනම අරන් තියාගන්න අන්තිමට උඩින් දාන්න.
5. දැන් තියෙන්නේ තෙල් ටිකක් ලිපෙන් තියලා රත් උනාම කරපිංචා ටිකක් රම්පෙ ටිකක් දාලා මස්ටික පොඩ්ඩක් තෙම්පරාදු කරගන්න.
6. ඊටපස්සෙ වතුර ටිකක් දාලා මස්ටික තැම්බෙන්න දෙන්න. (ගොඩක් වතුර දාන්න එපා!)
7. මස්ටික දාලා විනාඩි පහකින් විතර මසාලා පැකට් එකක් ඒකටම දාන්න. (Tips : මමනම් මසාලා පැකට් එකේ තිබුණ පැකට් දෙකම දැම්මා. ටිකක් සැරට කන්න ආසනම් එහෙම දාන්න.)
8. දැන් බාස්මතී හාල් එකත් වතුර අවශ්‍ය ප්‍රමාණයට තියලා රයිස් කුකර් එක ඔන් කරන්න. (පිළිකා කාරක නැති බටර් හෝ එළගිතෙල් ටිකකුත් එකතුකරගන්න)( Tips : බත් එකටත් අවශ්‍යනම් මසාලා පවුඩර් එකෙන් ටිකක් එකතු කරගන්න.)
9. මස්ටික තැම්බෙනකොට අලටිකත් එකතු කරන්න. (අල වලින් හොදි ටික හොදට උකුවට එනවා)
10. ළූණු සුදුළූණු ටිකත් එකතු කරන්න.
11. අන්තිමටම තක්කාලි ටික දාන්න.
12. මස් හොදි එක ගානට එද්දි ලිප ඕෆ් කරන්න.
13. බත් එකේ වතුර ගතිය ටිකක් තියෙද්දිම හදාගත්ත මසාලා කරි එක බත් එකට දාලා හොදට කලවම් කරගන්න. (Tips : ලස්සනට ඕනිනම් මසාලා කරි එක දාන්න කලින් බත් ටිකක් වෙනම අරන් තියලා පස්සෙ කලවම් කරගන්න. එතකොට පාට දෙකකින් KFC බිරියානි එකේ වගේ එනවා)
14. කරි එක දාලා බත් ටික ඇට ඇට වෙන්න සෙට් වෙන්න දෙන්න. ඊටපස්සෙ කජු සහ මිදි ටිකත් එකතු කරගන්න. අයින් කරගත්ත ළූණු සුදුළූණු ටිකත් උඩින් දාගන්න.

* මස් බැද බැද හදනවට වඩා මේ විදියට හැදුවාම ගොඩක් රසයි ඉක්මණට හදාගන්නත් පුලුවන්.‍රෙසිපි එක මසාලා පැකට් එකේමයි තිබුණෙ.
*සැර මිරිස් ටිකක් දාලා සම්බෝලෙකුත් හදාගන්න වෙලා තිබුණොත්.

😋😋😋😋

"මාගේ අවසාන මොහොතේ උවත් ඔබ මාගේ අවසාන කටයුතු කරන මොහොතේ උවත් එහි යම්කිසි වරදක් ඇති බව වැටහුනහොත් මා නැගී සිටිමි..."  මේ ...
24/05/2021

"මාගේ අවසාන මොහොතේ උවත් ඔබ මාගේ අවසාන කටයුතු කරන මොහොතේ උවත් එහි යම්කිසි වරදක් ඇති බව වැටහුනහොත් මා නැගී සිටිමි..." මේ ප්‍රකාශයේ ඇති සෘජු බව දෙස බලන්න. වැරැද්දක් දුටු තැන කොන්ද කෙලින් තබාගෙන එය වරදක් බව ප්‍රකාශ කලහැකිනම් ඔබ ශේෂ්ඨ මිනිසෙක්. අපි අද කතා කරන්නෙ ඒ වගේ කෙනෙක් ගැන. මඩගොහොරු කිසිවෙකු පය නොතබන බිමක් ආසියාවේ සශ්‍රීකම රාජ්‍යයක් බවට පරිවර්තනය කල ඔහු වෙන කිසිවෙකු නොවේ. ඒ ලොවක් හදුනන අසහාය නායකයා ' ලී ක්වාන් යූ'. 1923 සැප්තැම්බර් මස 16 වන දින සිංගප්පූරුවේ උපත ලද ලී වුර්තීයෙන් නීතිඥයෙක්. ඔහු චීන ජාතික පවුලක දරුවෙක්. ඔහුගේ ප්‍රථම භාෂාව වන්නෙ ඉංග්‍රීසි. නමුත් දේශපාලනය සදහාම ඔහු චීන මැලේ සහ දමිළ භාෂාවන් ඉගෙනගන්නවා. උසස් අධ්‍යාපනයෙන් පසුව ලන්ඩන් ආර්ථික විද්‍යා සහ දේශපාලන විද්‍යාව පිළිබද විද්‍යාලයෙන් නීති උපාධියක් ලබාගන්නවා. ඉනපසු නැවත සිංගප්පූරුව කරා පැමිණෙන ඔහු එහි අහිංසක වැඩ කරන ජනතාවට සුදුසු වැටුප් ලබාගැනීමට එක්ව කටයුතු කරනවා. එවකට සිංගප්පූරුව බ්‍රිතාන්‍යයේ යටත් රාජ්‍යයක්. බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ නැගෙනහිර ආසියාතික බලඝනය අනුයික්ත කර තිබුණේ සිංගප්පූරුවේ. ඉතිං මේ රටේ බලය පවරා තිබුණේ ආණ්ඩුකාරවරයෙකු සහ ඔහුගේ කවුන්සිලයකට. මේ කවුන්සලයේ සාමාජිකයින් බොහෝවිට ධනවත් චීන ව්‍යාපාරිකයන් උනා. මොවුන් පත් උනේ පුද්ගලික දැනහැදුනුම්කම් මත. මෙයට විරුද්ධව ලී තවත් සගයන් දෙදෙනෙකු සමගින් එවැනි අයට අභියෝගය කරන්නට පක්ෂයක් පිහිටුවනවා. මේ සටන තවත් රැඩිකල් මගකින් ඉදිරියට ගෙනයාමට ලී පසුකාලීනව ඔවුන්ගෙන් ඉවත්ව තමන්ගේම නව පක්ෂයක් ආරම්භ කරනවා. පසුව 1955දී පවත්වන චන්දයකින් ලීගේ පක්ෂයට හිමිවන්නේ ආසන තුනක් පමණයි. ලීසමග එක්ව පක්ෂයක් ආරම්භ කල මිතුරන් ආසන 13ක් හිමිකරගම්නවා. ලී ලද බහුතර චන්ද ප්‍රමාණය සිංගප්පූරුවේ ජීවත්වන දුගී චීන ජනයා විසින් ලබා දුන් චන්ද. එම වසරේම ලී නැවත ලන්ඩනය බලා පිටත්වෙන්නේ යටත්විජිතයක් සදහා ස්වයංපාලනයක් අසාර්ථක වූ සිංගප්පූරු දූත පිරිසක සාමාජිකයෙකු ලෙසයි. ඒ අතර ඇති වූ නොසන්සුන්කාරී තත්තවය මත සිංගප්පූරුවේ සිටි ඔහුගේ පක්ෂයේ නායකයන් බොහොමයක් සිරගතවෙනවා. 1957දී ලන්ඩනයේ සාකච්ඡා නැවත ආරම්භ වූ අතර ස්වයංපාලනයක් සදහා එකගතාවයකට පැමිණීමට ඔවුන්ට හැකිඋනා. ඒ අනුව පැවති අතුරු මැතිවරණයකින් ලී බහුතර චන්දයෙන් ජයග්‍රහණය කරනවා. එහිදී පක්ෂය තුල ඇති වූ බල අරගලයකින් ලීව පක්ෂයේ වාමාංශිකයින් විසින් මහලේකම් දූරයෙන් නෙරපා හරිනවා. නමුත් ඔක්තෝබර් මාසයේදී ඔහු නැවත තම ධූරය ලබාගන්නවා. 1958 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලය තුල සිංගප්පූරුව සදහා ස්වයං පාලනයක් ලබාගැනීමට උපකාර කල අතර 1959 දී සිංගප්පූරුවේ නව ආණ්ඩුක්‍රමව්‍යවස්ථාව යටතේ මැතිවරණයක් පැවැත්වීය. එහිදි ආසන 51 න් 43ක ජය ලබාගැනීමට ඔහු සමතු උනු අතර 1956 දී බ්‍රිතාන්‍යය විසින් අත් අඩංගුවට ගත් තම සගයන් නිදහස් කරන තුරු ඔහු රජයක් පිහිටුවීම ඔහු ප්‍රතික්ෂේප කලේය. ඒ අනුව ඔවුන් නිදහස් වූ අතර ලී විසින් 1959 ජූනි 05 වන දින අගමැතිවරයා ලෙස දිවුරුම් දෙමින් නව කැබිනට් මණ්ඩලයක් පත් කරගත්තේය. මුඩුකු ජනාවාස ඉවත් කර නව පොදු නිවාස සංකීර්ණ ඉදිකිරීම කාන්තා විමුක්තිය අධ්‍යාපනය දියුණු කිරීම කාර්මීකරණය කිරීම ඇතුලුව නව පස් අවුරුදු සංවර්ධන යෝජනා ක්‍රමයක් ඔහු හදුන්වාදුන්නේය. 1963 දී ලී විසින් සිංගප්පූරුව අලුතින් සාදන ලද මැලේසියානු සම්මේලනය වෙත ගෙන ගියේය. එහිදී පැවති මැතිවරණ වලින්ද ඔහුගේ පක්ෂයේ වැඩි චන්දවලින් ලී තවදුරටත් එහි අගමැතිවරයා ලෙස කටයුතු කලේය. කෙසේවෙතත් ලීගේ පක්ෂයේ චන්දදායකයින් 75% පමණ චීන ජාතිකයින් වූ නිසා වැඩිකල් නොගොස් චීන සහ මැලේ ජනවාර්ගික ගැටුම් ඇතිවිය. ඒ අනුව සිංගප්පූරුව සම්මේලනයෙන් ඉවත්විය යුතු බව කාගෙත් මතය වූයෙන් සිංගප්පූරුව එයින් ඉවත්ව ස්වයිරී රාජ්‍යයක් බවට පත් කිරීමට ලී මුලපිරීය.

එකල සිංගප්පූරුව වටා තිබූ චීනය සහ ඉන්දුනීසියාව වැනි රටවල් සමග කරට කර නොගැටුනු ලීගේ රාජ්‍ය ඊශ්‍රායලය අනුගමනය කල ආකාරයේ නිදහස් ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තම ජනතාව සෑම අතින්ම පුරුදු පුහුණු කරමින් ඉදිරියට යන්නට විය. ඒ අනුව ලී විසින් සිංගප්පූරුව නිමකරන ලද භාණ්ඩ අපනයනය කරන ප්‍රධාන මර්මස්ථානයක් ලෙස සංවර්ධනය කරන ලදී. තවද ඔහු විසින් අන්තර්ජාතික ආයෝජන සදහා තම ජනතාව දිරිමත් කල අතර ඔවුන්ගේ ආරක්ෂාව සදහා සේවක සංගම් සහ ව්‍යාපාරිකයන් අතර ගිවිසුම් ඇතිකරමින් ඔවුනොවුන් අතර ගැටුම් ඇති නොවී සේවකයන්ටද උසස් ජීවන තත්වයක් ලබාදීමට උත්සුක විය. ඊට අමතරව ඔවුන්ගේ ආරක්ෂාව අධ්‍යාපනය සහ සමාජ තත්ත්වය නංවාලීමටත් තම රටවැසියා තුල විනය සහ මනා හික්මීමක් ඇති කිරීමටත් ඔහු ක්‍රියාකලේය.
මේ අසාහය නායකයාගේ පාලනය තුල 1980 වනවිට සිංගප්පූරුවේ දළජාතික ආදායම දෙවැනි වූයේ ජපානයට පමණයි. එපමණක් නොව සිංගප්පූරුව අග්නිදිග ආසියාවේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය බවටද පත්විය. ඉතිං මේ වර්ග කිලෝමීටර් 728.3ක් පමණ වූ කුඩා රාජ්‍යය අද වනවිට ආසියාවේ පමණක් නොවේ සමස්ත ලෝකයේම අවධානය දිනාගත් රාජ්‍යයක් බවට පත්වූයේ ලී ක්වාන් යූ නම් වූ ඒ අසහාය නොපසුබස්නා වීර්‍යයකින් සහ තම ජනයා කෙරෙහි ඇල්මෙන් කාටයුතු කරමින් මුදලට වහල් නොවූ නායකත්වය නිසාවෙනි. මෙවැනි නායකයෙක් අපටත් සිටියානම් අදටත් අප ආසියාවේ විශාලම ආර්ථිකයක් බව කාටනම් ප්‍රතික්ෂේප කරන්නට හැකිද?

අපෙන් වෙන් වුනු තවත් හිම කුට්ටියක්පසුගිය මාසයේදී ඇන්ටාක්ටිකා මහද්වීපයෙන් කැඩී අසල වෙඩෙල් මුහුදට එක් වූ වර්ගකිලෝමීටර 4320...
23/05/2021

අපෙන් වෙන් වුනු තවත් හිම කුට්ටියක්

පසුගිය මාසයේදී ඇන්ටාක්ටිකා මහද්වීපයෙන් කැඩී අසල වෙඩෙල් මුහුදට එක් වූ වර්ගකිලෝමීටර 4320ක් පමණ විශාල හිම කුට්ටියක් ගැන වාර්තා වෙනවා. තොරතුරු සදහන් වන ආකාරයට මේ හිම කුට්ටිය දියවී යාමට තවත් අවුරුදු කිහිපයක් ගතවනු ඇති. විශාලත්වයෙන් පැරිස් නගරයට වඩා 40 ගුණයකිනුත් මැන්හැට්න් නගරය මෙන් 73 ගුණයකුත් පමණ අගයක් ගන්නවා. මේ හිම දූපත නම්කර තිබෙන්නේ A-76 කියන අන්වර්ථනාමයෙන්. විද්‍යාඥයින් පවසන ආකාරයට මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා මේ වන විට ඇන්ටාක්ටිකාවේ ඇති හිම කදු වලින් මේ ආකාරයට විශාල හිම කුට්ටි කැඩී මුහුදට එක්වීමේ අවධානමක් හටගෙන තිබෙණවා. මේ ආකාරයටම කැඩී මුහුදට එක්වුනු මීට වඩා විශාල තවත් හිම කුට්ටියක් (A-68) පසුගිය වසරේදී සම්පූර්ණයෙන් දියවී අවසන් උනා. කෙසේ වෙතත් විද්වතුන්ගේ අදහස වන්නේ මේ හිම කුට්ටිය දියවීමට තවත් වසර 18ක් පමණ ගතවනු ඇතිබවටයි.
මෙහි දැක්වෙන චායාරූපය ලබාගෙන තිබුණෙ යුරෝපා අභ්‍යාවකාශ තාක්ෂණ ඒජන්සියට අයත් සෙන්ටිනල් 1A නම්වූ චන්ද්‍රිකාවෙන්. හිම කුට්ටියේ ගමන් මාර්ගයද ඔවුන් විසින් පරික්ෂා කරමින් සිටින අතර ඒජන්සියේ ජේෂ්ඨ විද්‍යාඥයෙක් වන මාර්ක් ඩ්‍රින්ක්වෝට මහතා මාධ්‍යවෙත අදහස් දක්වමින් ප්‍රකාශ කලේ ඇන්ටාක්ටිකා මහද්වීපය දැන් ක්‍රියාත්මක වෙන්නෙ තැන්පතු ආපසු ලබා දීම පමණක් සිදුවන බැංකු ගිණුමක් ලෙස බවයි.

මේ ආකාරයෙන් දිගින් දිගටම හිම කදු දියවී යාම නිසා මුහුදේ ජල මට්ටම ඉහළ යන අතර සාන්ද්‍ර ලවණ මට්ටම පහළයාම වැනි හේතූන් නිසා මුහුදු ජීවීන්ට හා පැළෑටි වලට ඉමහත් තර්ජනයක් එල්ල වී තිබෙනවා. මීට හොදම උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියානු මහා බාධක පරය හදුන්වා දීමට පුලුවන්. සතුන් මිලියන ගණනකට නවාතැන් සැපයූ සදමත සිට පවා දැකිය හැකි වූ මෙම කොරල් පරය පසුගිය වර්ෂයේදී මියගියේ මිනිසාගේ කෲර ජීවන රටාව නිසා පරිසරයට සිදුවන හානිය මොනවට පැහැදිලි කරමින්.

සටහන TB Jay

කොහොමද චිත්‍ර ටික
18/05/2021

කොහොමද චිත්‍ර ටික

ලොව ප්‍රථම රොබෝ යන්ත්‍රය ගැන අහලා තියෙයිද?  රොබෝවරු කියන්නෙ අදකාලේ නිතරම අපිට අහන්න දකින්න ලැබෙන දෙයක්. ගුවන්තොටුපළ වල ක...
17/05/2021

ලොව ප්‍රථම රොබෝ යන්ත්‍රය ගැන අහලා තියෙයිද?

රොබෝවරු කියන්නෙ අදකාලේ නිතරම අපිට අහන්න දකින්න ලැබෙන දෙයක්. ගුවන්තොටුපළ වල කර්මාන්තශාලා තුල හෝටල් සහ ආපනශාලා තුල විතරක් නෙවෙයි සංග්‍රාම භූමියේ අභ්‍යාවකාශයේ වගේම අධික සීත කාළගුණයක් තියෙන උත්තර සහ දක්ෂිණ ධ්‍රැවයේ ශීත හිම කදු තුලත් රොබෝවරු යොදාගෙන විවිධ රාජකාරී කටයුතු සිදුකරගැනීමට අප පෙළඹී තිබෙනවා. ඉතිං මිනිසාට නොකළ හැකි බොහෝ දේවල් කරගැනීමට පිළියමක් විදියට මේ රොබෝ යන්ත්‍ර නිර්මාණය කිරීම ඇරඹුනේ මිනිසා සද මත පා තබන්නට යෙදුන දින වල සිටයි. නමුත් මිනිසා විසින් නිර්මාණය කරන ලද ප්‍රථම වානිජමය, ඩිජිටල් ක්‍රමලේඛණය කල හැකි රොබෝ යන්ත්‍රය ලෙස සලකන්නේ ජෝජ් ඩෙවෝල් නම් ඉන්ජිනේරුවරයා විසින් 1954 දී නිර්මාණය කරන ලද යුනිමේට් නම් මෙම රොබෝ යන්ත්‍රයයි. මෙම යන්ත්‍රය 1961 වර්ෂයේදී ඇමරිකාවේ සුප්‍රසිද්ධ යුනයිටඩ් මෝටර්ස් සමාගම මිලදී ගත් අතර රොබෝ යන්ත්‍රය උපයෝගී කරගෙන ඉතාම බරැති උණුසුම් යකඩ කැබලි ඔසවා තැබීම සහ එහා මෙහා ගෙනයාම වැනි කටයුතු කරගැනීමට ඔවුන්ට හැකි උනා.

කොහොමද ෆොටෝ ටික ❤️
17/05/2021

කොහොමද ෆොටෝ ටික ❤️

නිවාඩුවකට 'ෂයර්' යමු!!!මතකද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් සහ හොබිට් චිත්‍රපට මාලාව? අමතක වෙන්නනම් විදියක් නෑ. එදා මෙදාතුර සිනමාවට ...
17/05/2021

නිවාඩුවකට 'ෂයර්' යමු!!!

මතකද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් සහ හොබිට් චිත්‍රපට මාලාව? අමතක වෙන්නනම් විදියක් නෑ. එදා මෙදාතුර සිනමාවට ආදරේ අය අඩුමගානේ මේ චිත්‍රපට දහ පාරක්වත් බලලා ඇති. ගැන්ඩල්ෆ් ෆ්‍රෝඩෝ සෑම් ඇරගොන් පිපින් තොරීන් ෆිලී කිලී වගේ අරුම පුදුම චරිත ගොඩකින් හැඩ වුනු මේ කතා මාලාවට පාදක උනේ ජේ ආර් ආර් ටෝල්කීන් මහතාගේ පොත් දෙකක්. ඉතිං මේ කතාවේ අපි දැකපු ලස්සන පිරිසිදු ගම්මානයක් තියෙනවා. ඒ තමයි ෆ්‍රෝඩෝ සෑම් පිපින් වගේ හොබිට්ස්ලා ජීවත් උන ෂයර් ගම්මානය. මේ චායාරූප වල දැක්වෙන්නේ අදටත් සංචාරකයන් සදහා විවර අන්න ඒ ලස්සනම ලස්සන ෂයර් ගම්මානය. මේ ගම්මානය පිහිටලා තියෙන්නෙ නවසීලන්තයේ. මේක හදුන්වන්නේ හොබිට් ලෑන්ඩ් කියන නමින්. බිල්බෝ බැගින්ස් ඇතුලු පුංචි කුරුමිට්ටන්ගේ ගුහා බලන්න වගේම මේ අය නිතරම පානය කරා කියලා ටෝකින්ස් මහත්තයා ලියපු ඉගුරු බීර වීදුරුවක රස බලන්නත් හොබිට් ලෑන්ඩ් එකට ගියොත් ඔබටත් පුලුවන්. ප්‍රාර්ථනා කරනවා ඔයාලටත් දවසක ගිහින් බලන්න පුලුවන් වෙන්න කියලා.

*චායාරූප වල මුල් අයිතිය එහි හිමිකරුවන් සතුයි!

1997 නිර්මාණය කරපු ටයිටැනික් චිත්‍රපටයේ මෙන්න මෙහෙම පොඩි ළමෙක් බඹරයක් කරකවන දර්ශනයක් තියෙනවා. ඇත්තටම මේක ටයිටැනික් කතාවේ...
03/05/2021

1997 නිර්මාණය කරපු ටයිටැනික් චිත්‍රපටයේ මෙන්න මෙහෙම පොඩි ළමෙක් බඹරයක් කරකවන දර්ශනයක් තියෙනවා. ඇත්තටම මේක ටයිටැනික් කතාවේ සිදු උන දෙයක්. පහළින් තියෙන්නෙ මේ දර්ශනය ඇත්තටම සිද්ද උන 1912 අප්‍රේල් මාසෙ 11 වෙනිදා ෆ්‍රැන්සිස් බ්‍රවුනි කියන පුද්ගලයා විසින් ගත්ත චායාරූපයක්. මේ චායාරූපයේ ඉන්නේ පළමු පන්තියේ මගීන් වූ ෆෙඩ්‍රික් ස්පෙඩන් සහ ඔහුගේ අවුරුදු 6ක් වයසැති පුතා ඩග්ලස්. මොවුන් දෙදෙනාම එම අනතුරින් දිවි ගලවා ගත්තා.

Address

Ratnapura

Telephone

+821064425257

Website

Alerts

Be the first to know and let us send you an email when Gemcity Today posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category