21/01/2023
ට්‍රිප් යන පිස්සෝ සහ රදැල්ල ... ✌️
පොඩ්ඩක් හිතපන් උබ මේ ලෝකෙට කිසිම වැරද්දක් නොකර උබගෙ පාඩුවෙ උබගෙ ආදරණියයන් ජීවත් කරවන්න කට්ට කනව. ඒ අතරෙ, අහිංසක ජිවිතේක අබමල් රේණුවක තරම්වත් වටිනාකමක් නොතේරෙන උපන්ගෙයි මෝඩයො රැලක් අතින් උබ, උබගෙ පවුලෙ අය, ඇයි මැරෙන්නෙ කියල හේතුවක්වත් දන්නෙ නැතුව උඩ කිව්ව විදියෙ ජීවතයක් ගැන හැඟීමක්වත් නැති හරකෙක්ගෙ වැරැද්දකින් සමූල ඝාතනය වෙනව මහ පාරක, මහ රෑක .. ✌️
පොඩ්ඩක් හිතල බලපන් මූ සහ මූ එක්ක ගියපු අනික් බස්කාරයො ටික නුවරඑළියෙ ඉදල පල්ලම් බැස්ස විදිය සාක්ෂි සාධක ඇතුව දැකපු උන් හිටියා, විකාර හෝන් ගහගෙන, පාර පුරා යන ගමන් අනික් උන් එක්ක රේස් යන ගමන් හොඳට කල්පනා කරල බලපන් මේ වගෙ වැඩක් උබට, උබගෙ ආදරණීය අම්මට තාත්තට උනොත්.. මේ පහල තියෙන විදියට මේ ලෝකෙ කාටවත් වැරැද්දක් නොකරපු උබගෙ ආදරණීයයෙක් මහ රෑක, මහ පාරක බල්ලෙක් වගේ ඝාතනය වෙලා හිටියොත් උබට මොනව හිතෙයිද?
මේ ලෝකෙට, කූඹියෙක්ට තරම්වත් වරදක් නොකර මුලු ජීවිත කාලෙම කාල.කණ්නියෙක්ගෙ නොසැලකිලිමත්කම නිසා රෝද පුටුවක් උඩ, ඇඳක් උඩ මිනිස් බාගයක් විදියට ජීවත් වෙන්න උනොත් කොහොමද කියල උබටම තේරුණු දවසක...
දැනටත් මිනිස්සු විදියට බොහොම පරක්කු වැඩියි, මේවා තවත් නීතිගත විය යුතුයි, නියාමනය විය යුතුයි, රෙගුලාසි තර විය යුතුයි, මිනිස් ජීවිත වලට වටිනාකමක් ලැබිය යුතුයි, මේ මජර තත්ත්වයන් වෙනස් විය යුතුයි.
මේ තොරොම්බල් පදින උපන් ගෙයි මෝඩයන් සහ උන් හට උඩ ගෙඩි දෙන අංග.විකල ජීවින් පුනරුත්ථාපනය විය යුතුයි. මෙවන් වගකීම් විරහිත නොමිනිසුන් දිවිඇති තුරා සිරගත කළයුතුයි..
මෙවන් විශේෂ චාරිකා මෙහෙයවනු ලබන පුද්ගලයන් මීට වඩා වගකීම් සහිත විය යුතුයි, ජීවත වලට වටිනාකමක් එකතු විය යුතුයි..
උබ පාරක යනව නම් මෙහෙම මෝඩයෙක් දැක්කොත් අනිවාරෙන්ම ගේම ඉල්ලපන්, මොලේ පාදපන්, මිනිස් ජීවිතේක සුරක්ෂිතතාව රැකපන්, නීතිමය පිහිට පතපන්.
උබ ට්‍රිප් එකක් යන්න සූදානම් එකෙක් නම් ගමන කොච්චර වැදගත් ආදරණිය උනත් බස් එක පිටින් කොච්චර අන්දල තිබුණත් දර මැස්සක් නම් නොයා හිටපන්, ඩ්‍රයිවින් සීට් එකේ ඉන්න එකා මොන්ටිසෝරි මොලයක් තියෙන ඇඟෙන් විතරක් මෝරපු එකෙක් නම් කනට දෙකක් දීල අදාල අංශ දැනුවත් කරල නොයා හිටපන්, දෙකයි පනහට හයර් යන හිඟන ඔස්තාර් කෙනෙක්ගෙ කරත්ත වලට හයර් දෙන්නැතුව ඩීසන්ට් විදියට මනුස්ස ජීවිතේකට වටිනාකමක් දෙන එකෙක් එක්ක ගමන පලයන්... පාරක තොරටක යද්දි පුලුවන් තරම් පරිස්සම් වෙයන්, මොකද මූණට හම්බෙන බස් එකේ එකා කලින් තුන් හතර දෙනෙක් මරල නඩුව යන අතරෙ ආයෙත් හයර් එකක් යන ගමන් වෙන්න පුලුවන්.. මහන්සි වෙලා මේ දූපතෙන් පලයන්..
කොළඹ තර්ස්ටන් එකේ අයට මයිල්ගහක කරදරයක්වත් නෑ කියන්න තරම් නිවුස් හෙඩින් ගහන්න, මහ රෑම හෙලිකොප්ටර් යවන්න මහන්සි උනාට පාර මැද තැලිල යට වෙලා කෑලි කැපිල මැරිල හිටිය පොඩි එකා ගැන වචයනයක් කියවුනේ නෑ කිසිම තැනක.
සිස්ටම් එක වෙනස් විය යුතුමයි!
රදැල්ලේ බස් එක
==========
බ්රේක් නැති වුනාලු. : -
මේක වැල් බයිලාවක්. 'නින්ද ගියා' වගේ ලිස්සන්න කියන කතාවක්.
බ්රේක් කියන්නේ බොහෝ කල් දියුණු කරපු තාක්ෂණයක්. පුරාණ වාහයක පවා බ්රේක් එකපාර නැති වෙන්නේ නැහැ.
ඒකට එක එක ක්‍රම තියනවා.
නිදසුනක් ලෙස මාස්ටර් සිලින්ඩර් එක කොටස් දෙකකට තියෙන්නේ.
බට යන්නේ කොටස් දෙකකට වෙනම .
වැකියුම් නැති වුනොත්, ලීක් වුනොත් වෙන්නේ බ්රේක් ඉබේම වදින එක.
බ්රේක් කතාව රියදුරා ඇඟ බේරාගන්න කියන බොරුවක්.
මෙතන වෙලා තියෙන්නේ අමාරු වංගු, ත්‍රිව බෑවුම් සහිත පාරක , කෙලින් පාරේ රේස් ගිය රියදුරෙක්, නොසැලකිල්ලෙන්, අධික වේගයෙන් ගිය එක.
ඔය පාරේ මම බහින්නේ දෙවනි, තුන්වැනි ගියරයෙන්. බොහෝවිට ඊට ඉහල ගියරයකින් , නැතිනම් නිර්යුට්‍රල් බහින්න ඇති. වේගය නිසා වංගුව ගන්න බැරි වුනා, වෑන් එකේ හැපුණා. ඒ වග තමයි පෙනෙන්නේ.