Selfie TV

Selfie TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Selfie TV, Media/News Company, 113/5F Borella Road, Pannipitiya.

ඉස්සරහට වැඩි වෙන්න යන විදුලි බිල 😱
19/03/2022

ඉස්සරහට වැඩි වෙන්න යන විදුලි බිල 😱

දියුණුවේ හිණි පෙත්තටම යන්න,මේ විදියට යටි සිත සැලසුම් කරන්න....❤https://youtu.be/QQKC5SQKflw
20/02/2022

දියුණුවේ හිණි පෙත්තටම යන්න,
මේ විදියට යටි සිත සැලසුම් කරන්න....❤
https://youtu.be/QQKC5SQKflw

මුදු සිලිල සුවඳයි  04මුදු උන්නේ සිහියත් අසිහියත් අතර මැදක බව කාට නොතේරුණත් නංගී සඳු නම් තේරුම් ගත්තාය. අක්කාට මෙහෙම වෙන්...
17/02/2022

මුදු සිලිල සුවඳයි 04

මුදු උන්නේ සිහියත් අසිහියත් අතර මැදක බව කාට නොතේරුණත් නංගී සඳු නම් තේරුම් ගත්තාය. අක්කාට මෙහෙම වෙන්නට අම්මාත් දේවිකා නැන්දාත් අතර වූ කතා බහේ සම්බන්ධයක් වන බවද ඇගේ සූක්ෂම තරුණ ගැහැනු ඉවට වැටහිණි. ඒ හා ම දැන් අක්කාගේ රෝද පුටුවේ කතාව දේවිකා නැන්දා විසින් අසනු ඇති බවද සඳුට මතක් විණි.

“අම්ම වතුර එකක් ගේන්න. අක්ක දවල්ට කෑවෙත් අඩුවෙන්.... ඒක වෙන්නැති ෆේන්ට් වුණේ.....පුලුවන්නං තේ එකක් ම හදන් එන්න අම්ම”

සඳමාලි එක්ක ම කාමරයෙන් එළියට යන දේවිකා දුටු සඳු සැනසුම් සුසුමක් හෙලුවාය. ඇඳ උඩින් වාඩි වී අක්කාගේ හිස අත ගාද්දී ඇගේ නළලෙන් දැනුණු අසාමාන්‍ය රස්නය උණ ම බව ඇයට දැනිණ. එකපාරට ම මෙහෙම ඇඟ රත් වෙන්නට මොනවා වුණාද අක්කාට?

“ඇයි මැණිකෙ....?”

සඳු ඇහුවේ දයාවෙනි. සුදු ම සුදු බෝල මූණක් ඇති සඳු සුදු කිව්වාට සුදට වඩා කහ පාටකි. රත් ලවනත් සිනා වෙන ඇසුත් හින්දා ඇයට දඟකාර සමනල පෙනුමක් ලබා දී ඇත. අක්කා මෙන් අහිංසක නොවූ පොඩි කෙල්ල අසාධාරණයේදී අම්මා එක්ක වුණත් කට ගහගෙන ගියාය.

“කියන්නකො මගෙ සුදු අක්කෙ..... ඔයාගෙ ඇඟත් රත් වෙලා”

මුදු, ඇස් පියා ගත්තී ඇගේ ඇස් වලින් ගින්දර වගේ කඳුළු දෙපේළියක් ගලා යන්නට වී. කතාව වෙන්නට ඇත්තේ රජීව් ගැන වග නම් දැන් සඳුට විශ්වාසය.

“දේවිකා ආන්ටි මොනව හරි කිව්වද?”

සඳු ඇහුවේ මුදු ගේ මුදු නළල සිඹිමිනි.

“ම්.....”

“මොනවද කිව්වෙ?”

“මට කිව්වෙ නෑ අම්ම එක්ක කියනව ඇහුණ”

අහිංසක කෙල්ල සියල්ල නංගි එක්ක කිව්වාය. සඳුගේ මුහුණෙතෙත පාට සිනා රැල්ලක් ඇඳිණ.

“හිනාවෙනවද ඉතිං මට”

“නෑ අනෙ.... ඔයා නෙ ගම කාගෙන තියෙන්නෙ.... අර එයාට එක්කෙනෙක් ඉන්නව කිව්වෙ”

“ම්....”

“ඒ ඉතිං වෙන කවුරුවත් නෙවේ.... ඔයාම තමා”

මුදු ගේ ඇස් බැමි උඩ යනු සඳු දැක්කාය. ඊළඟට ඒ ඇස් වලට ආයෙත් ආවේ කඳුළුය.

“රජීව් අයිය ඔයාට කැමතියි අක්ක”

මුදු ගේ මුවින් පිට වුණේ දිග ම දිග සුසුමකි. රජීව් කැමති ඇති. ඒත් දැන් නම් රජීව්ගේ අම්මා කොහොමත් කැමති වෙන්නේ නැති. අර තරම් ලස්සනට හැඩට ඉන්න කෙල්ලන්ටත් අකමැති වුණ අම්මා.... මේ අබ්බගාත තමාට කැමති වෙතැයි හිතන එක හීනයකි. තියෙන්නේ හිත හදාගෙන පැත්තකට වෙන්නය. මේ ගින්දරට තවත් නම් පනින්න බැරිය.

“රස්නෙන් මේක බීල ඉන්න”

කියාගෙන අම්මා කාමරයට ආවේත් ඇය පස්සෙන් දේවිකා ආවෙත් එකටම ය. අම්මා ගේ පිටුපසින් ආ ඇයට ඉඳගන්නට අක්කාගේ පොත් මේසය ළඟ වූ ප්ලාස්ටික් පුටුව ඇද දුන් සඳු රෝද පුටුව අකුලා පැත්තකට කළාය.

“මෙච්චර දවස් මං දන්නෑනෙ මේ දුව ඩිසේබල් කියල”

දේවිකා කතාව පටන් ගත්තාය. දැන් ඉතිං අම්මාට සිද්ද වෙන්නේ වෙච්චි සංගදිය කියන්නය.

“වෙච්චි දේ මං ඉතිං කිව්වෙ අක්කෙ”

සඳු සිනා නැඟෙන්නට එන මුව තර කොට පියාගෙන මුදු දෙස බලා ඇහැක් ගැහුවාය. හොඳ වෙලාවට අම්මා කුස්සියේදී සිද්ධිය කියා තියේ. නැත්නම් එකම කතාවේ රිපීට් අහන එක දැන් කෙල්ලෝ දෙන්නාට අප්පිරියා ය.

“අපෙ පුතත් දන්නෑ මා හිතේ”

එහෙම කියාගෙන “පව්” කියා ද කියාගෙන මුදු ගේ හිස අතගා ගෙන දේවිකා කාමරෙන් පිට වුණාය. මුදුගේ තෙත ඇස් ආයේ ම බර වෙනු දුටු සඳු ද ඇය මඟ හැර ගියේ මෙතැන උන්නොත් ඇය තවත් සංවේදී වන බව දන්නා නිසාය. අක්කා පව් ය. ඇගේ හීන ලෝකයේ දැන් සතුට කියා එකක් තියෙනවා නම් ඒ හීනෙන්ම විතරකි.

සඳැල්ලට වී පොතක් කියවමින් උන් රජීව් ළඟට දේවිකා ආවේ සඳමාලිගේ ගෙදර ඉඳන් එන පිම්මේ මය. මේ තොරතුර රස කරමින් කියා පුතාගේ හිත බිඳින්නට දේවිකාට ඕනෑ විණි. ඊයේ පෙරේදා සිට ඔහු වෙනස් බව ඇයට තේරුණේ නිකමට නොවේ. සඳැල්ලේ සිට කෙල්ලන් දෙදෙනා ඉන්නා පැත්ත බලා ඉඳිද්දී කොයි කෙල්ලට ද බැල්ම දාන්නේ කියා හිතාගන්න බැරිවය ඇය තැවුණේ. ඒත් අද හවස පාර්සලයක් දෙද්දී නම් මුදු ගේ මුහුණ පුරා වූ සතුට දුටු ඇයට එය හඳුණා ගන්න හැකි වී. ඔව්....

කෙල්ල ලොකු එකී ය.

ඒත් ඒකි අබ්බගාතය. ඒකි අබ්බගාත බව කොල්ලා දන්නේ නැති බව නම් ටක්කෙට ම පැහැදිලිය. ඇයට ඕනෑ එය දැන ගත් පසු ඔහුගේ මුහුණ වෙනස් වෙන විදිහ බලා කුරිරු සතුටක් විඳින්නය.

“පුතා”

දේවිකා සඳැල්ලට ගොඩ වුණේ එහෙම කියාගෙනය. රජීව් හාන්සි පුටුවේ දිගෑදී පොත කියවමින් උන් ඉරියව්ව වෙනස් කර කෙලින් වී පුටුවේ වාඩි වුණේය. කියෙව්ව තැනට බුක් මාක් එකක් තියා පොත පසෙකින් තිබ්බේ අම්මා ඇවිත් තියෙන්නේ ටිකක් ලොකුවට දෙයක් කියන්න බව තේරුණු හින්දාය.

“මං අරහෙ ගියා”

දේවිකා කිව්වේ මුදු ගේ ගේ පැත්ත හිසින් පෙන්නාය. කොල්ලාගේ පපුවේ මොකක්දෝ රිදුමක් දැවිල්ලක් ඇති ව නැති වී. ඔහුටත් යන්න ආසාය. කෙල්ල දැන් ටික වෙලාවක ඉඳන් දකින්න නැති එක ප්‍රශ්නයකි.

“දන්නවද වැඩක්”

නෑ කියන්න වගේ හිස වැනුවත් මේ නම් තමාගේ හිත රිදවන කාරණාවක් බව ඔහුට දැනී ගියේ ඒ හැඟීම යන්තම් හදවතේ අතුල්ලාය. ඒත් ඒ මේ තරම් ම පපුව කඩා වට්ටනු ඇතැයි ඔහු හීනෙන්වත් නොසිතුවේ ය. අර වගේ මල් කැකුලක්..... අර සුන්දර සිනාව පිටුපස මේ වගේ ගින්දර කතාවක් ඇති බව.... කොහොම විශ්වාස කරන්නද? රජීව්ට දැනුණේ සිය පපුව නැවතුණා වගේය. ඔහු ගේ අතක් පපුවට ගියේ නිරායාසයෙනි.

“පත්තු වුණා”

දේවිකාගේ හිතට ආවේ කුරිරු සතුටකි. සිල්වියාගේ කෙල්ලට අකමැති වෙන්න හේතුව මුදු බව දැන් දේවිකා දනී. අබ්බගාත කෙල්ල.... ඒකිත් බැල්ම දැම්මා කියා ඇය දනී.

“ලස්සන කෙල්ල”

රජීව්ට කියැවිණි.

“ලස්සන කන්නද පුතා.... සදහටම ඉතිං ඔහොම තමයි.... මොකද ආයෙ නැගිට්ටවන්න කියලයැ.... තමන්ගෙ වැඩක් කරගන්න බැරිව මොකටද කෙල්ලෙක් ජීවත් වෙලා.... කරුම ”

දේවිකා පහළට ගියේ ඉඟ ගස්සා වගේ නැඟිට ය. දැන් ඉතිං සිල්වියාගේ කෙල්ලට හවසට හවසට මෙහෙ එන්න කියන්න ඕනෑය. රජීව් කියවමින් උන් පොත පසෙකින් තියා නැඟිට සඳැල්ලට බර වී. ඊට පස්සේ ඔහු බැලුවේ මුදු ගෙදර පැත්තේ ඉන්නවා ද කියා ය. නැත. ඒත්, තව ටිකකින් ඇය එළියට එනු ඇති. ඔහු සඳැල්ලේ එහෙට මෙහෙට ඇවිද්දේ හිතේ වන කලබලය නිවා ගන්නට හිතාගෙනය.

දේවිකා ගිය වෙලාවේ ඉඳ විමසිල්ලෙන් උන් සඳු සිද්ධිය ජනේලයෙන් බලාගෙනය. නිසැකයෙන්ම දේවිකා අත පය විසි කර කර අර කිව්වේ අක්කා ගැන කතාව බව ඇයට දැනිණි. “ගොං ගෑනි” ඇය හිතෙනව් බැන්නාය. රජීව් ඔය හොයන්නේ අක්කාවය. ඒ ඇස් දෙක දුටුවාම ඔහුගේ හිතේ බලාපොරොත්තු බිඳ වැටී නැති බව ඇයට සහතිකයෙන් ම කියන්නට හැකි. අක්කාගේ ගින්දර නිවන්න නම් ඔහු ඇයට ළං කරන්නට ඕනෑ ය.

සඳු සාලයේ දොරකොඩින් එළියට බැස සමන්පිච්ච වැල ළඟට ආවාය. එතැනට රජීව් ගේ ගෙදර සඳැල්ල හොඳට පෙනේ. උඩට වී මුදු ගේ ගේ පැත්ත දෙස බලා උන් රජීව් එළියට ආ සඳාු දැක ගැස්සිණි. ගැස්සී සිනා විණි. කෝ කියා අතින් ඇසුවේ මුදු ගැන බව දන්නා සඳු ඇය ඇතුලේ කියා කියන්නට වගේ අතින් කීවාය. මට එයාට කෝල් කරන්න ඕනෙ කියා රජීව් කීවේ ද අංග චලන වලිනි. සඳුට සතුටු හිතිණි.

ඇය ෆෝන් නම්බර් එක දෙන්නදැයි ඇසුවේ ද ඔහු හා කියා කීවේ ද අත් දෙකේ ඇඟිලි වලිනි. ඇය අතින් රවුම් කර කර හතරැස් කර කර අංකය කිව්වාය. රජීව් එය දුරකතනයේ සටහන් කරගත්තේ ය. ඊට පස්සේ මහපටැඟිල්ල උරුක් කර එළ කියා සංතෝෂමක් දමා කාමරයට ගියේ ය.

ඔහුගේ දුරකතන මතක ගොනුවේ ඒ අංකය ගබඩා වුණේ “සුදු මැණික” කියා බව ඒ සුදු මැණික දන්නේ නැත.

ඒ ද මහා ගින්දරක් පපුවේ තියාගෙන ඒ මැණික කාමරයේ ඇඳ උඩට වී හූල්ලමින් උන්නාය. අමාවකට සති දෙකකට පස්සේ පුර පසලොස්වක බව දන්නා සඳු සැහැල්ලුවෙන් අක්කා ළඟට ගොස් ඇගේ හිස අතගෑවේ සතුටිනි.

Sunethra Thushari Dias
2022.02.17

"නිල් කටරොළු මල්"පූජාවටත්,ඖෂධ සඳහාත්,අලංකාරයටත්....💙💙දැන් සෙල්ෆි TV වෙත ගිහිං ඒ වටිනාකම් ගැන දැනගන්න....💙මතක ඇතිව අපිව ස...
02/02/2022

"නිල් කටරොළු මල්"
පූජාවටත්,
ඖෂධ සඳහාත්,
අලංකාරයටත්....💙💙
දැන් සෙල්ෆි TV වෙත ගිහිං ඒ වටිනාකම් ගැන දැනගන්න....💙
මතක ඇතිව අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න....💙
https://youtu.be/1fjy2eELJDw

"සෙල්ෆි"මාසික සඟරාව,පවුලේ හැමෝටම කියවන්න හැකි....ඔබේ ම ආදර්ණීයයන් අතින් ලියැවුණු ලිපි පෙළක් සමඟම....,Udaya DewamulleUpal...
01/02/2022

"සෙල්ෆි"
මාසික සඟරාව,
පවුලේ හැමෝටම කියවන්න හැකි....
ඔබේ ම ආදර්ණීයයන් අතින් ලියැවුණු ලිපි පෙළක් සමඟම....,
Udaya Dewamulle
Upali Kannangara
Nadeera Madugalle
Chinthanie Amarasinghe
ලක්මිණී අබේසේකර
Nishadine Alwis
Nilanthi Ediriweera
Saumya Hewadewage
අහින්සා පැහැසරණි
නවරත්නමැණිකේ දිසානායක පටබැදිගේ
Sachini Rajapaksha Lewkebandara
කුරුටු ගී ගී
මේ හැමගේම දායකත්වයෙන්,
Indunil Sindu
Sunethra Thushari Dias
සංස්කරණයෙන්,
"සෙල්ෆි"
මාසික සඟරාව
ඔන්ලයින් ද ඇණවුම් කර ගෙන්වා ගත හැක.
මිල රු. 300/=
ගෙන්වා ගැනීමේ ගාස්තුව රු. 100/=
සඟරාව ඕනෑ අය,
0701888899 වට්ස් ඇප් එන්න.

ශ්‍රී ලංකාවේ බීරළු කර්මාන්තය
01/02/2022

ශ්‍රී ලංකාවේ බීරළු කර්මාන්තය

දේශීය කිතුල් හකුරු කර්මාන්තය
31/01/2022

දේශීය කිතුල් හකුරු කර්මාන්තය

මුදු සිලිල සුවඳයි 03උදේ පාසල්  යද්දී රජීව් ගැන හිතේ  මැවුණු ප්‍රේමණීය සිතුම්  අකුලා කොහේ හෝ විසි කළ යුතු යැයි සඳුට සිතිණ...
30/01/2022

මුදු සිලිල සුවඳයි 03

උදේ පාසල් යද්දී රජීව් ගැන හිතේ මැවුණු ප්‍රේමණීය සිතුම් අකුලා කොහේ හෝ විසි කළ යුතු යැයි සඳුට සිතිණ. කෙනෙකු ගැන ආකර්ශනය වීමත් ආදරයත් දෙකක් නොවේදැයි ඇය විටින් විට සිතුවාය. තමාට නම් ලෝකේ අනෙක් පැත්තට කරක් ගසා හෝ තමාට කැමැති ජීවිතය දිනා ගන්නට හැකි. ඒත්, රෝද පුටුවට සීමා වී ඉන්නා අක්කාට එතනින් එහාට ජීවිතයක් නැති. ඇයට ඇය දුටු ලෝකය දකින්නට ඉඩ දෙන්නට ඕනැය.

“ගෙට යං අක්කි”

රජීව්ගේ කාරය ගරාජයට ගිය වෙලාවේ සඳු වහා අක්කාව රෝද පුටුවට දමා ඇය ගෙට තල්ලු කරගෙන ගියාය. සමහර විට අක්කා අබ්බගාත බව රජීව් දන්නේ නැතුවා විය හැකි.

“අක්කි”

කෑම කාමරයට වී රජීව් දුන් පාර්සලයත් අතේ තියාගෙන කල්පනා කරමින් ඉනු දුටු සඳු ආයෙත් කතා කළාය. මේ වෙලාවේ සඳමාලි පොඩි නින්දක් දමන්නට යයි.

“මොනවද අනේ අතේ තියන් ඉන්නෙ.... කන්නැතුව....”

පාර්සලය උදුරාගත්තී අක්කාගේ මුවට එකක් දමා ඇය ද එකක් අරන් කෑම කාමරයෙන් එළියට ගියා ය. රෝද පුටුව තල්ලු කරගෙන කෑම මේසයේ ජනේලය ළඟට ගිය මුදු හෙමිහිට ජනේල් රෙද්ද අතරින් රජීව්ගේ ගෙදර බැල්කනිය දෙස බැලුවාය. ඔහු තාමත් එතැනට ඇවිත් නැති. ඒ වෙලාවේත් නාන කාමරයෙන් එළියට එන ගමන් කාමරයේ වූ පොඩි කවුළුවෙනුත් ඔහු බැලුවේ ඇයගේ ගේ දෙස බව ඇය නොදත්තීය.

රතුපාට බතික් සරමත් සුදු වෙස්ට් එකත් ඇඳ තද නිල් පාට තුවායෙන් හිස පිස දමමින් බැල්කනියට ආ රජීව් ඇය උන් වැරැන්ඩාව දෙස බැලී, ඇය එතැන නැති බව දැන දුකින් ඇස් බර කරගත්තේය.

“පුතා”

අම්මා ගේ කෑ ගෑම පහළින් ඇසේ. නිසැකයෙන් ම තේ හදා අහවර ඇතියි සිතූ රජීව් පහළට බැස්සේ තවත් වරක් ඇගේ නිවෙස දෙස බැල්මක් හෙලාය. ඊයේ පෙරේදා ඉඳ හිතට දැනෙන මේ වෙනස ඇය නිසා ය. ඇගේ ඇඬුම් බර තෙත ඇස් ඒවා කියන කතාව රජීව්ට නොතේරෙනවා නොවේ. උදේ කාරයට නංවා ගත් සඳු ද ඇස් වලින් කීව කතාව නොතේරෙන්නට තරම් රජීව් බබෙක් නොවේ. ඒත් හිත ඇදුණේ මුදු ට පමණි. ඇය සඳු තරම් කලබල නැති කෙල්ලක යැයි අම්මා ද කිව්වා රජීව්ට මතකය.

“සිල්වි ආන්ටි ඇවිත් ගියා”

රජීව්ගේ අම්මා නොහොත් දේවිකා මඩුගල්ල කීවේ රජීව් තේ මේසයෙන් වාඩි වෙද්දිමය. පොඩි නොපහන් හැඟීමකින් රජීව්ගේ ළය පිරිණ. මෙතෙක් වෙලා ඇය හිතේ පුරවාගෙන ආදර සුව වින්ද පපුවට මොකක්ද වුණා වගේය.

“මොකට ආවද?”

සුදු පෝසිලේන් පීරිසියකට සෝස් බිංදු කීපයක් හලා ගන්නා ගමන් රජීව් ඇහුවේය. අම්මාගේ මුහුණ නොපහන් හැඟීමකින් ඇදවෙනු දුටුවද එය මායිම් කළේ ඔහු නොවේ.

“එයාලගෙ හිතේ මොනව තිබ්බත් මං කැමති නෑ අම්ම....”

“එහෙම කියන්නෙපා පුතේ.... මොනව වුණත් පූජනී ඔයාට කැමතියි.... පහුගිය කාලෙ ප්‍රශ්න වුණත් එයා ආයෙ ආයෙ ඇදල ගන්න එකක් නෑ.....”

“මං ඉන්න වෙලාවට නං එන්නෙපා කියන්න”

“ඒ මොකද අනේ? ඒ දරුව ඔයාට කැමතියි”

“එකකට කැමති වෙලා වෙච්චි හරිය මතක නැද්ද අම්මේ.... ආයෙ මාව ගින්දර ගොඩකට දාන්න හදන්නෙ? මගෙ හිත හැදිච්ච කාලෙක මං මං ගැන තීරණයක් ගන්නං.... එතකල් මට වද දෙන්නෙපා”

තේ බොන්නට ආවා වෙනුවට කට්ලට් එකක් අරන් සෝස් වල තවරාගෙන කා උණු කිරි තේ එකත් අරන් රජීව් එතැනින් නැඟිට්ටේ කලකිරීමෙනි. පූජනී කියන්නේ තමාට ගැළපෙන කෙල්ලක නොවේ. පවුල් පරිසරය ගැළපෙනු ඇති. ඒත් කසාද බඳින්නට පවුල් පරිසරය පමණක් ගැලපී ඇති ද? ආදරේ කියන එක ඇති වෙන්නේ දෙදෙනෙකුගේ හැඟීම් මත බව රජීව් දනියි. ජීවිතේ පෙර දවසක ලද ඒ අඳුරු අත් දැකීම රජීව්ට අනාගතය ගැන හිතන එකත් එපා කරවයි.

“එකපාරට උත්තරයක් දෙන්නෙපා පුතා.... ටිකක් හිතල තීරණයක් ගන්න. මං සිල්විට කිව්ව මාස හයක් විතර දෙන්නං කියල පුතාගෙ හිත හැදෙනකල්”

තේ එකත් අරන් පඩිපෙළ මැද ඇවිද යන ගමන් උන් රජීව් පඩි පෙළ මැද හරියේ එක පඩියක නැවතිණ. ඊට පසු හැරී අම්මා දෙස බැලුවේය. අම්මාගේ ඇස් වල ඇති බලාපොරොත්තු කන්ද දුටුවාම මෙය නොකියා ත් බැරිය. ඒත් සිල්විගේ හා පූජනීගේ මේ ගමන් නවත්වන්නටත් ඕනෑය.

“මට වෙන කෙනෙක් ඉන්නව අම්ම”

අම්මාගේ ඇස් උඩ යනු දුටුවද තවත් එතැන උන්නොත් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි නිසා ම රජීව් ආයෙත් පඩිපෙළ නැඟ ඉහළට ගියේය. දේවිකාට මේ අදහන්නත් බැරි කතාවකි. කලින් රජීව්ගේ තිබුණු සම්බන්ධයක් කඩා ඉහිරවා දමා පූජනීට ඔහු බන්දා දෙන්නට එදා ගත් උත්සාහය ද ව්‍යර්ථ වූ අයුරු ඇය මතක් කළාය. අදත් කරන්නට වෙන්නේ එයයි.

හීන් සීරුවේ ඒ කවුද කියා හොයාගෙන ඇය මුණ ගැහී රජීව්ගේ මොනවා හෝ දෙයක් කියා ඒ සම්බන්ධය බිඳින්නට ඕනෑය.

එහෙම හිතමින් දේවිකා පඩිපෙළ බැස්සාය. ගෙයි නොරැඳී මිදුලටත් බැස්සාය. ඇගේ හිත ව්‍යාකූලය. කාට හෝ මේ ටික කියා හිත නිදහස් කරගන්නට ඕනෑය. වට පිට බලද්දී සඳමාලි මිදුලට බහිනු දැක්කාය. පිබිදුණු හිත් ඇති දේවිකා ද ගේට්ටුවෙන් පිටව සඳමාලිගේ වත්තට ඇතුළු වුණාය. දෙදෙනා අතර මහ ලොකු ඇයි හොඳැයියක් නැතත් මේ ගෙදරට ආවාට පස්සේ දේවිකාගේ හිත ගත් එකම ගැහැනිය සඳමාලිය. කාගේවත් ගෙදරකට නොරිංගන ඇය කාගේවත් දොසක් කියනු දේවිකා අසා නැත. පාඩුවේ ඉන්න ගැහැනියක ලෙස දේවිකාගේ ගෙදරට වැඩට එන කමලා ද කියා තිබේ.

“දේවිකා”

මිදුලේ තිබුණු පොල් අත්තක කොළ රහිමින් උන් සඳමාලි දේවිකා එනු දැක පිහිය පිටුපසට කරගෙන පුළුල් සිනාවක් පෑවාය. ඇය එන්නේ හිතේ කණගාටුවක් ඇතිව යැයි සඳමාලිට පැහැදිලි වූයේ ඒ ඇස් දෙකෙනි. පිහිය පොල් අත්ත ළඟ බිමින් තියා දේවිකාවද කැටුව සඳමාලි ගෙට ගියාය. සාලය මැද්දේ රෝද පුටුවට වී උන් මුදු ඒ දෙදෙනා මිදුල මැද එනු දැක හනිකට සාලය කිට්ටුවම වූ තම කාමරයට වැදුණාය. දෙදෙනා ගෙට එනු ඇසිණ. මුදු ගේ කන් දෙක සාලය පැත්තේ මය.

“මං හරි ප්‍රශ්නෙක ඉන්නෙ සඳමාලි”

දේවිකාගේ හඬ හරිම අසරණ විදිය ය. මුදු ගේ තෙත ඇස් පොඩ්ඩක් ගැස්සුණේ කාරණාව රජීව් ගැනවත් දැයි හිතා ය. ඇගේ සිතිවිල්ල නිවැරදි කරමින් දේවිකා දිගින් දිගටම රජීව් ගැන විස්තර කියවාගෙන ගියාය.

“කලින් එකකට පැටලිලා උන්නා. මං හරිම අමාරුවෙන් ඒ ගෙදරට කියල ඒක නවත්තගත්තෙ. දැන් ඒ කෙල්ල බැඳලා.... මෙයා අවුරුද්දක් විතර කා එක්කවත් කතා නොකර තාත්තා උන්න දිහාවෙ ගිහින් හිටියා හිත හැදෙනකල්....”

රජීව්ගේ පියා ඉන්නේ පිටරටක බව දවසක් අම්මා කිව්වා මුදුට මතකය. ඒත් රජීව්ට කෙල්ලෙක් උන්නා කියා ඔහුගේ අම්මා කියද්දී ඇගේ හිත පිච්චිණි.

“ඒ අතරෙ මං මගෙ යාලුවගෙ දුවව කතා කළා අනේ මෙයාට.... අදත් ඒ ලේඩි ඇවිත් ගියා අපේ ගෙදර.... මේ කොල්ල කියනව නෙ එපා කියල.... පූජනී හොඳ කෙල්ල.... අපිටත් කීකරුයි.... පොඩ්ඩක් ෆෑෂනබල් තමා.... දැං කාලෙ ගෑනු ළමයි ඉතිං කොහොමත් එහෙමනෙ සඳමාලි”
දේවිකාගේ ඒ කතාව තව පාරකට මුදු ගේ තෙත හිත ඇවිලුවේය. ඔහුට අයිතිකාරියෝ කී දෙනෙක් ද?

“දැන් තේ බොන්න කතා කළාමත් මට ගස්සල පුප්පල කාමරේට වැදුණ.... අන්තිමට කියනව.... එයාට කෙල්ලො හොයන්නෙපාලු.... එයාට කෙල්ලෙක් ඉන්නවලු”

ගැස්සුණු තරම මුදු රෝද පුටුවෙන් පෙරළිණි.

“අම්මාහ්.....”

ඇයට කෑ ගැස්සිණි. ඒ එක්කම කලබල වූ සඳමාලි ද ඊට පිටුපසින් දේවිකා ද කාමරයට දුවගෙන ආහ. රෝද පුටුව ළඟ බිම වැටී උන් මුදුගේ ඇස් වල කඳුළු පිරී ඉතිරිණ. රෝද පුටුවේ ඇය ඉන්නවා කවදාවත් නොදුටු දේවිකාගේ ඇස් බැමි පුදුමෙන් ඉහළට එසැවිණ.

“මොනවද අනේ අක්කව උස්සන්නකො”

ඒ හඬ අර දෙදෙනාම පිටුපසින් ආවකි. සඳු අම්මාත් දේවිකාත් අස්සෙන් පැන මුදු ව උස්සා ඇඳ උඩින් තිබ්බාය. මුදුගේ නොවියලුණු කඳුළු සහ ඇගේ දුක්බර ඇස් සඳු ගේ හිතට එක් කළේ කුහුලකි. අක්කා රෝද පුටුවෙන් වැටෙන්නට තරම් මොනවා වීද මෙතන?

ඇය කල්පනා කළාය..

Sunethra Thushari Dias
2022.01.30

මුදු සිලිල සුවඳයි 02පොතක් පෙරලාගෙන ඇඳට වැටුණු මුදු ට එහෙමම නින්ද ගිහින් තිබිණ. හවස තුනට විතර නංගී සඳු ගෙදර එද්දී ත් ඒ නි...
24/01/2022

මුදු සිලිල සුවඳයි 02

පොතක් පෙරලාගෙන ඇඳට වැටුණු මුදු ට එහෙමම නින්ද ගිහින් තිබිණ. හවස තුනට විතර නංගී සඳු ගෙදර එද්දී ත් ඒ නින්ද එහෙමම තිබිණ. දෙපා අවසඟ නොවුණා නම් අද ඇය මොන තරම් වාසනාවන්ත ජීවිතයක් ගත කරනවාදැයි සඳු සිතුවාය. පියැවුණු ඇගේ ඇස් මත වන ශාන්ත බව ඇය කා ළඟවත් දැක නැති කසාදයක් බැන්දා නම් හොඳ පවුල් ජීවිතයක් උරුම වෙන්නට තිබුණු කෙල්ල දැන් ඇඳේ ය. සඳුට සුසුමක් හෙළිණ.

“ඔයා කද්දි අක්කටත් බෙදන් එන්න පොඩී.... කාලත් නෙවේ ඔය හාන්සි වුණේ”

ඇඟ හෝදන්නට කියා නාන කාමරය දෙසට යන සඳු ට ඇහෙන්නට අම්මා කිව්වාය. අක්කා කෑවේ නෑ කියන්නේ තාම අම්මාත් බඩගින්නේ ය. කොහොමත් සඳු ගෙදර එනකල් අම්මා දවල්ට කන්නේ නැත. එහෙමත් දවසක කනවා නම් ඒ පන්ති තියෙන දවසකටය.

“ඉක්මන්ට වොෂ් දාන් එන්නං අම්මා”

නාන කාමරයට වැදුණු සඳුට මතක් වුණේ රජීව් ය. උදේ බස් නැවතුමේ උන් ඇයව ඔහු රියට නංවා ගත්තේ කලින් කතා කරගත් දෙයක් විදිහට නොවේ. අහම්බෙනි. ඒත් ඒ අහඹු සිද්ධිය ඇයගේ හිත පුදුම තරමට කලබල කර තිබිණි. ඔහුගේ බබලන ඇස්, හීන් දිගැටි තොල්, නිතර සිනා නොවෙන ආඩම්බර මුව, මේ හැම දෙයක් ම දිහා ඇය රිසි සේ බලාගෙන විඳගෙනය පාසල ළඟට යනකල් ම ගියේ. පෙර දවස් වල ගෙදරදී කොච්චර කතා කළත් අද ඒ රියේ යද්දී ඇයට දැනුණු හැඟීම වෙනස් ම වෙනස් එකකි. ඔහුගේ ළඟින් එන මිලාධික පිරිමි විලවුන් සුවඳ ද හරිම මෘදු එකකි.

“පොඩී”

අම්මා කතා කරනු ද ඇයට ඇසුණේ ටික වෙලාවකට පස්සේය. ඒ වෙද්දී ඇය නා හමාරව උන්නාය.

“ඇඟ හෝදන්න කියල නේද ළමයො ගියෙ?”

හිස වටා තුවායක් ඔතාගෙන සැහැල්ලු ගවුමක් ඇඟට දාගෙන නාන කාමරයෙන් එළියට එන පොඩි දුවගෙන් අම්මා ඇහුවේ සැකෙනි. දැන් දැන් ඇය ද ඉන්නේ අමුතු හීනයක බව අම්මාගේ ඉවට දැනෙයි.

“අමතක වුණා අම්මා.... එහෙමම ෂවර් එක යටට වුණා.... නෑවුණා....”

“පොච්චියේ හෙම්බිරිස්සාව වගේ කිව්ව නේද ඊයෙ”

“ගානක් නෑ අම්මා.... අඩු වෙයි”

කුස්සියට ගිය සඳු බත් බෙදුවාය. පිඟන් තුනට ගානට බත් ද හොදි ද බෙදා කෑම මේසයට ගෙනැත් තිබ්බාය. ඒ වෙද්දී අක්කා අවදිව මුහුණ සෝදාගෙන ද ඇවිත් තිබිණ. ඇගේ මුහුණ උදේ පිපුණ මලක් වගේ කියා සඳුට සිතිණ, අක්කා පහුගිය කාලයේ ම සිටියේ දුකෙනි. තාත්තාට කියා ඇයට ස්මාට් දුරකතනයක් අරන් දුන්නේ ද ඒ නිසා ය. දැන් ඇය මේ දවස්වල නම් ඉන්නේ උදේ පිපුණු මලක් ගානට ම ලස්සන වී ය. පිරිසිඳු ම පාටටය. එහෙම වෙන්නට ත් මොකක් හරි හේතුවක් ඇති. හිත ලස්සන වුණාමයි මිනිස්සුන්ගෙ මූණු ලස්සන වෙන්නෙ. සඳු හිතුවාය.

“පොතක් කියවන්න ගත්ත කෙල්ල.... එහෙමම මට නින්ද ගියා”

මුදු පුරුදු අහිංසක හිනාවෙන් ම කියා දැම්මාය. ඇය උන්නේ සතුටිනි. උදේ පාන්දර ම වූ රජීව් ගේ දැක්ම ඇගේ හිත නිවා තිබිණි. බලාපොරොත්තු එකතු කර තිබිණි. ආදරේ වගේ මොකක්ද දෙයක් හිතට දැනෙමින් තිබිණි. ඇත්තම කියනවා නම් ඔහුට ත් හොරෙන් මුළු ලෝකෙටම හොරෙන් ඇය ඔහුට ආදරය කරමින් තිබිණි. ආදරේ කරන්න දෙන්නෙක් ම අවශ්‍යද? ඇය සිතින් ඇහුවාය. ආදරේ කරනවා නෙවේනේ. මං මේ හිතින් විඳින්නේ. ඒකනේ ආදරේ කියන්නේ. ඒකට මම විතරක් උන්නම ඇති නේ....

සිය ප්‍රථම ප්‍රේමය සාධාරණීයකරණය කළ යුවතී බත් පත අතගෑවාය. නංගී බලා උන්නේ අක්කාගේ ඇය පුදුම කරවන මේ වෙනස දෙසය. හිත ඇතුලේ කොනිති ගහමින් බුර බුරා නැඟෙන ආදර ගින්නත් එක්ක සටන් කරමින් බත් පත අත ගාන මුදු ට නංගීගේ මේ කුහුල් බැල්ම පෙනුණේ නැති. ඒ නිසා ඇය බාගෙට කෑ බත් පතේ ඉතිරිය බූලාට අනා දී අත සේදුවාය.

“බාගෙටනෙ කෑවෙ....”

නංගී ඇහුවාය. මුදු සිනා ඇත්තී මෙහෙම කිව්වාය.

“බත් කන්න අප්පිරියයි අනේ.... කාල කාල මං තර වුණාම ඔයාලට තමයි කරදරේ මාව එහෙට මෙහෙට කරන්න ගියාම....”

“ඒ වුණාට බඩගින්නෙනෙ අක්කො”

“නෑ අනේ.... හවස් වෙද්දි පොඩි ගින්නක් ආවොත් සද්දෙ පාන් කාරයගෙන් මොනා හරි අරං කමු”

එහෙම කී මුදු රෝද පුටුව තල්ලු කරගෙන ඉස්සරහට ගියාය. ගෙයි රජීව්ලාගේ ගේ පැත්තට ඇති කොරිඩෝවට ගිහින් හාන්සි පුටුවේ වාඩි වී රෝද පුටුව මල් පඳුර අස්සට තල්ලු කළාය. දැන් හරි ය. සාක්කුවෙන් දුරකතනය අරන් වෙලාව බැලුවේ හරිම වෙලාවදැයි දැනගන්නය. හරි ය. තුනය. මේ වෙලාවට ය ඔහු එන්නේ.

“අක්ක කෑවෙ නැද්ද අනේ”

එහෙම අහගෙන කෑම මේසයට ආ සඳමාලි බත් එක අතට ගනිද්දී ම සඳු මේසයෙන් නැඟිට්ටාය.

“බත් ගොඩක් කන්න බෑලු අම්මා.... ඇත්ත තමා එහෙම කෑවම ඇඟ බර වෙනවනේ.... ඒක එයාට කරදරයක්. අනික ලෙඩ වැඩිවෙන්නත් ඉඩ තියෙනවා”

කතාව බොරුවක් නොවේ. සඳමාලි තාමත් කල්පනා කරන්නේ මුදු ගේ අප්‍රාණික දෙපා සප්‍රාණික කරගන්නේ කොහොමද කියාය. හිසට සිදු වූ තද බල අනතුර ය ඇගේ දෙපා වලට එහෙම කළේ. වෛද්‍ය ප්‍රතිකාර වල අවසන් තීරණය වූයේ මේ ඇගේ දෛවය බවය. බටහිර වෛද්‍යවරු සැත්කමක් කරන්නට සූදානම් වී ද සඳමාලි එයට දැඩි ව විරුද්ධ වුණාය. කවදා හෝ හාස්කමකින් කෙල්ලට සනීප වෙන බව ඇය දන්නී ය.

එය ම විශ්වාස කරගෙන ඉන්නා මුදු ද හැමදාම බුදුන් වැඳ ඉල්ලන්නේත් කාටවත් කරදරයක් කළේ නැති තමාට ඇවිදින්න පුළුවන් කරන්න කියා ය. ඒත්, කවදාවත් එහෙම නොවේද කියා ද ඇයට සිතෙයි. එහෙම වෙලාවට ඇස් වල කඳුළු පිරෙයි. මේ ද එවන් වෙලාවකි. ඇස් වල කඳුළු පිරී ඉතිරී යන්නට ඔන්න මෙන්න වෙලාවකය රජීව්ගේ කාරය වත්තට හරවා ගරාජයට යන ගමන් මුදු ගේ ඇස් ඉස්සරහම වෙන්නට වගේ නතර කළේ. දෙදෙනා අතර දුර අඩි පහළොවක් වත් නැති. මැද කම්බි වැටකි. ඒ ද ඇස් හතර නම් කිසිම අහිතක් නැතිව එකට පැටලිණි. ඒ ඇස් දිහා ම බලාගෙන ය රජීව් රියෙන් බැස්සේ. මුදු ගේ සුමුදු තොල් පටවල් හෙමින් එහෙ මෙහෙ වී සිනාවක් මැවිණි. ඔහු රියෙන් බැස්සේ පාර්සලයක් අතින් අරගෙනමය. ඊට පස්සේ කම්බි වැට ළඟට ඇවිත් එය මුදු ඉන්න පැත්තට දික් කරගෙන බලා උන්නේය. මුදු ගේ පපුව ගිනිගති. ඇය නැඟිටින්නේ කෙසේද? අනෙක, ඇය අබ්බගාත යුවතියක කියා ඔහු දන්නේ නැති.

“මොනවද?”

මුදු සිනාවී ඇහුවේ යන්නට බැරි එක මගෑරගන්නය.

“උණු උණු සමෝසා වගයක්.... අම්ම කෝල් කළා ගේන්න කියල.... ඔයාවත් මතක් වෙලා ගත්තෙ.....”

“මාව?”

“ම්..... කොහෙවත් යන්නෑනෙ ඉතිං.... ගෙදරට වෙලා ඉන්න හින්ද කන්න ආස ඇති කියල හිතුණ.... ආ....”

මුදු ගේ තෙත ඇස් වලට කඳුළු පිරීගෙන ආවෙන් ඇය බිම බලා ගත්තී පපුවට අතක් තියා ගත්තාය. පපුව පිච්චිගෙන එයි.

“ආසයි.... උණුවෙන් කන්න.... කොහෙන්ද ගෙනාවෙ”

“ශ්‍රී විහාර් එකෙන් ගත්තෙ”

“ම්.... වෙජි නේහ්”

“ම්.... ඉතිං එන්න ගන්න.... මට මේ වැට පනින්න බෑ”

මුදු ට කඳුළු අස්සෙන් සිනා නැඟිණී. ඇය වට පිට බැලුවේ පිළිසිරණක් හොයන්නට වගේය. වෙලාවේ හොඳකම.... නංගී සඳූ කඩාගෙන බිඳගෙන එතැනට ආවාය.

“අම්මේ.... මේ දෙන්න අපිට හොරෙන් කඩචෝරු කන්න නේහ්.... එව්ව කොහෙද මේ සඳූ ඉන්නකං....”

එහෙම කී සඳූ දඟකාර විදිහට රජීව් ළඟට ගොස් පාර්සලය උදුරාගත්තී ආපසු ඇවිත් මුදු උන් පුටුවේ පත්ත උඩින් හිඳ ගත්තාය. රජීව් සිනා වී ඒ ද බලා උන්නේ මුදු දෙසය.

“අක්ක පුටුවට ඇලිලද මන්ද ”

මුදු ගේ වත මැළැවිණි. ඇය කඳුළු බේරෙන ඇස් බිමට හැරෙව්වාය. ඒ මොකද අඬන්නේ කියා අහන්නට වගේ රජීව් සඳුගේ මුහුණ බැලීය.

“ඒ ඉතිං හැටි තමා.... පොඩ්ඩ බැරි වෙන්න බෑ ටැප් එක ඇරගන්නව.... දැං ඉතිං ඔය ඔයා මේ ටික ගෙනාවට එයාට සතටුයි.... ඒකයි ඔය අඬන්නෙ....”

මුදු හෙමිහිට හිස එසෙව්වාය. ඊට පස්සෙ මෙහෙම කිව්වාය.

“ඔයාට ගොඩක් පිං”

ඒ ඇස් වල ඇස් පටලවා තත්පර කීපයක් ම ගෙවිණ. රජීව්ට දුක සිතිණ. සාමාන්‍ය කෙල්ලෝ මෙහෙම නොවේ. මොනවා හෝ දුන් විට තැන්කියු අනේ.... තෑන්ක්ස්.... එහෙමය කියන්නේ. මේ කෙල්ල ගොඩක් වෙනස් ය. අහිංසක පාටය. ගෙදරම ඉන්නේ ඇයි ද දන්නේ නැත. කොහොම වුණත් කෙල්ල ගැන අම්මාට කියන්න ඕනෑය. දෛවය කොළඹ ගෙවල් හැර දමා ගමට එන්නට තමාට බල කළේ මුදු වන් කෙල්ලක මුණගස්වන්නට වෙන්නට ඕනෑය.

“එහෙනං මං යන්නං.... අම්ම බලන් ඇති”

මුදු හිස වැනුවේ හා කියා කියන්නය. සඳු පපුව පුරවා හුස්මක් ගන්නා ගමන් අක්කාගේ හිස අතගෑවාය. දැන් කෙල්ල දනී. දෙන්නා දෙන්නාට ආදරේ ය.

Sunethra Thushari Dias
2022.01.24

මුදු සිලිල සුවඳයි 01මුදු ගේ තෙත ඇස් තිබුණේ කම්බි වැටෙන් එහා පැත්තේ ය. අලුතින් සුදු පිරියම් කළ ඒ සොල්දර ගෙදර පරණ වලව්වකි....
20/01/2022

මුදු සිලිල සුවඳයි 01

මුදු ගේ තෙත ඇස් තිබුණේ කම්බි වැටෙන් එහා පැත්තේ ය. අලුතින් සුදු පිරියම් කළ ඒ සොල්දර ගෙදර පරණ වලව්වකි. වලව්වේ ඉස්සර උන් නාස්තිකාර පුත්‍රයින් ඉඩමේ කෑලි කොටස් කර විකුණා දම් අවසන දැන් ඉතිරි වූ අක්කර තුන් කාලේ ය වලව්ව විරාජමානයෙන් වැජඹෙන්නේ. පහු ගිය ටිකේ තීන්ත ගාන්න ඉස්සර නම් එය නිකං හෝන්දු මාන්දු කාන්තාවක වගෙ ්ය. සමහර වෙලාවට මුදු ද එහෙම ය. කල්පනා කරන්නට දෙයක් ඇතත් නැතත් මෙහෙම පුටුවට වී බලාගත් අත බලා ඉන්නී ය.

දැන් නම් මුදුගේ හිතත් අරඅලුත් තීන්ත ගෑ මඩුගල්ලේ වලව්ව වගෙ ය. පොඩි උද්දාමයක් දැනුණා වගේ හැසිරෙයි.

ඒකට හේතුව ඕං දැන් ය මිදුලට ඇවිත් කාරයට නඟින්නට ගරාජය පැත්තට ගියේ. රජීව් මඩුගල්ල.... හීන් ඇස් දෙක චුට්ටක් එහෙ මෙහෙ කර අල්ලපු ගෙදර ඉස්තෝප්පුවේ ඉඳන් දැන් දවස් ගානක් ම මේ පැත්ත බලාගෙන ඉන්නා කෙල්ලගේ ඇස් අල්ලා ගත්තේ ය. ඇසට ඇස ගෑවුණු සැණින් ඇයගේ ඇස් ගැස්සෙනු ඔහු දුටුවේ ඒ කෙල්ලන් ගැන ලත් අත්දැකීමෙන් ම ය. කැකුළක්....
ඔහුට හිතුණේ එහෙමය. මුදු ට දැනුණේ ගැස්මකි. ඒ තරුණයා තමා ගැන මොනවා හිතන්නට ඇතිදැයි ඇය බිම බලාගෙන ම කල්පනා කළාය. මීට පස්සේ බලන්නේ හොරෙනි.

“මල් ටිකවත් කඩල නෑ අද.... කෝ මේ.... දෝ.....”

සාලය දිගේ එහෙම කියවාගෙන ආ සඳමාලි සිය දියණිය දුටු වන ම කට වහගත්තාය. ඇගේ මුහුණේ වන අපිලිවෙල පාට කියවාගන්නට සඳමාලිට පුළුවන. ඊයේ පෙරේදා ඉඳන් කෙල්ලගේ හිතට මොනවා හෝ අලුතින් ගොඩ වැදී තියේ. උදේ ඉඳන් රෑ වෙනකල් ටී වී එකේ යන ටෙලි නාට්‍ය බල බලා කඳුළු පෙර පෙරා හොටු හූර හූරා උන් කෙල්ල අද ටීවී එක දාලාත් නැත. වෙනදාට පහමාරේ ඉඳන් ටී වී එක වැඩ ය. හරියට මේ ගෙදර අම්මා වගේමය. වැඩක් ඇතත් නැතත් කට වැඩ ය.

“මොකෝ මැණික”

එහෙම අහගෙන ළඟට ආ අම්මා දෙස නොබලා ම හාන්සි පුටුවෙන් රෝද පුටුවට මාරු වූ මුදු ගෙයි සිට මිදුලට එය ගත්තේ සීරුවට ය. දැන් අවුරුදු දෙකක ඉඳන් ඇය මේ රෝද පුටුවේ ය. හදිසියේ වූ රිය අනතුරක ප්‍රථිඵලයක් විදිහට කාලයක් ගිහින් ඇවිදගන්න බැරිව දණිස් ඉදිමීමෙන් පසු ඇය ගේ ඉරණම මේ වී. අම්මාට තාත්තාට එකම නංගීට ඇස් වලට කඳුළු දුන් මුදු සිතැත්තී දැන් නම් හිත හදාගෙන ය.

හැමදාම රෑ නින්දට යන්නට ඉස්සර හිතුවේ එකම දෙයකි.

“පුළුවන් තරම් කල් ඉන්නව.... අම්ම තාත්ත නැති වුණාම වහ ටිකක් හරි බීල නිදා ගන්නව.... නංගිටත් හැමදාම මාව බලන්න බෑ. එයා බඳින මහත්තය වුණත් කැමති වෙයිද මගෙ සුමේ කරන්න”

රෝද පුටුව යන්නට හැකි සීමාවේ කරකවාගෙන ගිහින් සුදු පාටත් රතු පාටත් මිශ්‍ර බුනීල මල් වට්ටියක් පුරවන ගමන් මුදු ආයෙ ආයේ ම කල්පනා කළාය. හිතට මොකක්ද වෙලා ඇතුවා වගේය. ඉස්සර කවදාවත් දැනී නැති පපුවේ රිදිල්ලක් අල්ලපු ගෙදර තරුණයා දුටු විට දැනෙයි. නංගී කිව්වේ ඔහුගේ නම රජීව් මඩුගල්ලේ කියාය. එහෙට මෙහෙට දුව පැන යන්නට හැකි නංගී නම් රජීව් මඩුගල්ලේ ගේ අම්මා එක්ක ඒ වත්තේ ඇවිද ඇවිද කතා කරනු මුදු බලා ඉන්නේ ඇස් වල කඳුළු පුරවාගෙනය.

තමා අබ්බගාත එකියකි කියා නොදැනෙන්නට ඇය හැම තිස්සේ ම ඉස්තෝප්පුවේ පුටුවට ඇවිත් රෝද පුටුව අකුලා ගේ ඇය ඉන්න තැන ඇති ෆාම් පෝච්චිය ත් පුටුවත් අස්සට රෝද පුටුව ගැහුවාය. හිතෙන විදිහට මඩුගල්ල නෝනා තාම තමා අබ්බගාත බව දන්නේ නැත. දැනගත් ගමන් ම අනෙක් අයගේ වගේ ම ඇගේ ද ඇස් උඩ යනු ඇති. නළල රැළි නැංවෙනු ඇති. ටික වෙලාවක් පුදුමයද, තව ටික වෙලාවක් දුක ද, ඊට පස්සේ අනුකම්පාවද ඒ ඇස් වලට එනු ඇති.
මොකටද මට කාගේවත් අනුකම්පාවක්?

කෙල්ලට හිතෙන්නේ එහෙමය. මල් වට්ටිය කඩාගෙන ආපහු හැරෙද්දී ම ඉස්සරහට ආවේ තාත්තාය. අඩිය යන්න ඔන්න මෙන්න සපත්තු දෙකේ සද්දයට මල් පඳුරක වසා උන් කුරුල්ලෙක් සද්දයක් දීගෙන ම පියෑඹුවේය. ඌ බයවෙන්න ඇති. මුදු තෙත ඇස් දෙක විදා තාත්තා දිහා බලා ලස්සන සිනාවක් නැඟුවාය.

“දන්නව නං අනිත් පැත්ත හැරිලම ඉන්නව නේ.... තාත්තා පොඩ්ඩක් කතා කරන් ආවෙ නැත්තෙ ඇයි?”

මුදු ගේ මුවේ පුරුදු මදහසත් එක්ක ම ඇස් වල දුකකි. තාත්තා, සහන් සමරදිවාකර මඳක් පාත් ව කෙල්ලගේ හිස සිම්බේ ආදරෙනි.

“ඒ මොකද අනික් පැත්ත හැරිලම ඉන්නෙ.... ම්.....”

ඔහු ළඟින් එන පුරුදු ගාඩිනියා මල් සුවඳට මුසු විලවුන් සුවඳ කෙල්ලගේ හිතට ගෙනාවේ පුදුමාකාර තරම් ආදරයකි. මේ සුවඳට ඈ ආදරය කරන්නට පටන් ගත්තේ බහ තෝරන කාලයේ පටන්ය. මලක සුවඳ මොකක්ද කියා හඳුණා ගත් කාලයේ පටන් ය. සමහර විට අම්මාගේ ළැමට තුරුළුව කිරි බොන කාලයේ ත් තාත්තාගේ මේ සුවඳට තමා ආදරය කරන්න ඇතැයි ඇය සිතුවාය. ඇය පාසල් කාලයේ ත් හෙව්වේ මේ වගේ සුවඳක් ඇති කොල්ලෙකි. තරුණ කාලයේ යෙහෙළියන් සිය පෙම්වතුන් හා දොඩමළු වෙද්දී ඒ පෙම්වතුන්ගේ තනියට එන මිතුරන්ගෙන් කොපමණ නම් ඇරයුම් ආවාද? ඒත්,

ඒ එක්කෙනෙක් ළඟ වත් ඒ සුවඳ නොවිණි. ළඟදී ඒ සුවඳ දැනුණා නම් ඒ එක්කෙනෙක්ගෙන් විතරකි. අල්ලපු ගෙදරට අලුතෙන් ආ රජීව් මඩුගල්ලේ කෑමට ආරාධනා කරන්නට කියා අම්මා මුණ ගැහෙන්නට ආ වෙලාවේ ඔහු ළඟින් ඇයට ඒ සුවඳ දැනිණි. හිතට වුණේ මොකක්ද කියා තාමත් තේරෙන්නේ නැතත් ඒ ආදරයක් වගේ දෙයක් කියා නම් කෙල්ලට දැන් දැන් වැටහීගෙන එයි.

“ඉතිං කියන්නකො මොකද අනික් පැත්ත හැරිල ඉන්නෙ මං යනකොට”

තාත්තා ආයෙත් කෙල්ලගේ කොපුලක හාද්දක් තිබ්බේ එහෙම අහන ගමන් ය. කෙල්ලගේ ඇස් තෙත් වීගෙන ආවත් ඇය කඳුළු එළියට නොදැම්මේ තාත්තා රස්සාවට යන්න පිටත් වෙන වෙලාවේ මූසලකමට අඬන එක හොඳ නැති හින්දාය.

“නිකං අනේ”

මුදු සිනා වුණාය. තාත්තා ඇගේ හිස මත්තේ අතක් තියා පාත්ව ඒ ඇස් වලට එබිණ.

“ඔයාට මතකද මං ඉස්සර ඔෆිස් යද්දි ඔයා ඔය වගේම මල් වට්ටියක් කඩාගෙන මං ඉස්සරහට දුවගෙන එනව. මං හැමදාම උදේට යන්නෙ ඔයාගෙ මූණ බලල. මොකද මං ඉස්සෙල්ලම මූණ දැක්ක මගෙ රෝස මල ඔයා. ඉතිං ඔය එක්සිඩන්ට් එකෙන් ඔහොම වුණා කියල මගෙ ආදරේ නැති වෙනවද? ම්.... ඔයා මට හැමදාම මගෙ මැණිකම තමයි හොඳද? අපි ට්‍රයි කරමු ඔය කකුල හදාගන්න.... බැරිම වුණොත් අපි හැමදාම සතුටෙන් ඉමු.... මැණිකට පාළු නං මං පොත් ටිකක් ගෙනත් දෙන්නං කියවන්න”

මුදු ගේ තෙත ඇස්වල ඉතිං නං කඳුළු හංගාගෙන ඉන්න බැරි වී. ඇය තාත්තාගේ අත බදාගෙන හැඬුවාය. කවදා මේ කාලකන්නි මූසල ජීවිතෙන් සමුගන්න වේදැයි දන්නේ නැත. ඒත් ඒ සමුගන්න අවසන් දවස දක්වා ම තාත්තාගේ මේ අත අත්හරින්නේ නැතැයි ඇය හිතුවාය.

“අපි හවසට කතා කරමු.... ම්.... ඇවිත් කතා කරමු. ඔයාට මොනවද වෙන්න ඕනෙ කියල විතරක් මට කියන්නකො මැණික”

මුදු මොකවත් ම නොකියා හිස සලා සිනාවකට තොල් විවර කළාය. මොනවා වුණත් ආයේ තාත්තා ඉස්සරහා හඬන්නට හොඳ නැත.

“ඔයා කැමතිනම් මියුසික් කරන්න.... මට පුළුවන් වියදම් කරන්න....”

“හරි තාත්තේ ඔයා පරිස්සමට ගිහින් එන්නකො.... අපි ඇවිත් කතා කරමු.... මං ආදරෙයි හොඳඳ”

අල්ලාගෙන උන් තාත්තාගේ අත ලෝබකමින් තව වරක් පිරිමැද කෙල්ල කීවාය. ඔහු යන්නට ගියේ කීපවරක් ම හැරි හැරී බලාය. තාත්තාට කෙල්ලගේ පොඩි වෙනසත් තේරෙයි. අද නම් ඉන්නේ මොකක් හෝ හිතේ අමාරුවකිනි. හවසට ඇවිත් තේ එක්ක බොන ගමන් අල්ල ගන්න ඕනෑය. එද්දී දෙමළ කඩෙන් ඇයට උණු උණු උළුඳු වඩේ ගෙනාවානම් වැඩේ තවත් ටිකක් සාර්ථක වෙයි. ආසා දේවල් කද්දී ආසා තැන් වල රැඳෙද්දී මේ කෙල්ල ටිකක් දොඩමළු වෙයි.

“පව් තාත්තා”

මුදු ගෙට ගිහින් බුදු පහන හදන අතරේ හිතුවාය. කාටවත් මෙහෙම තාත්තෙක් ලැබෙන්නේ නැත. ලබන ආත්මේත් ලැබෙන්න ඕනෑ මෙහෙම තාත්තෙකි.

ඒ එක්කම ඇගේ හිතේ ඇඳුණු අනෙක් රූපය රජීව්ගේය. හිත එකතැන ගල් ගැහුණා වගේ වී. නොසන්සුන් සිතින් බුදුන් වඳින්නට නොහැකි නිසා මල් පහන් තියා ඇය කාමරයට රෝද පුටුව කරකවාගෙන ගියාය.

ජීවිතය අලුතෙන් පටන් ගත යුතුව ඇත....

Sunethra Thushari Dias
2022.01.20

"සෙල්ෆි" කාන්තා සඟරාව,හර්බ්ලයින් නිවසින් ආදරණීය ඔබට,අම්මලාට දුවලාට අක්කලාට නංගිලාට,මුළු පවුලටම,ජනවාරි 22 වෙනිදා නිකුත් ව...
19/01/2022

"සෙල්ෆි"
කාන්තා සඟරාව,
හර්බ්ලයින් නිවසින් ආදරණීය ඔබට,
අම්මලාට දුවලාට අක්කලාට නංගිලාට,
මුළු පවුලටම,
ජනවාරි 22 වෙනිදා නිකුත් වේ ❤
මිල රු. 300/=

19/01/2022
19/01/2022

Address

113/5F Borella Road
Pannipitiya

Telephone

+94701888899

Website

Alerts

Be the first to know and let us send you an email when Selfie TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Selfie TV:

Share


Other Media/News Companies in Pannipitiya

Show All