The Third Eye

The Third Eye විප්ලවීය ඇසකින් ලොකය දකිමු.
(3)

Offshore Wind TurbinesOffshore නැත්තං මුහුදෙ ස්ථාපනය කරල තියෙන සුළං බලාගාර වලට යුරෝපයේ ප්‍රමුඛයො වෙලා ඉන්නෙ එක්සත් රාජධා...
24/02/2024

Offshore Wind Turbines

Offshore නැත්තං මුහුදෙ ස්ථාපනය කරල තියෙන සුළං බලාගාර වලට යුරෝපයේ ප්‍රමුඛයො වෙලා ඉන්නෙ එක්සත් රාජධානිය, ඩෙන්මාක් සහ නෙදර්ලන්තය. ඒ අතරින් විශාලතම offshore wind turbine එක තමයි ඩෙන්මාක් මුහුදෙ තියෙන මෙගාවොට් 15ක නැත්තං ආසන්නව කුප්පි ලාම්පු මිලියන 30ක විතර nominal power එකක් තියෙන Vestas V236 wind turbines වර්ගය. මේකෙ prototype එක සාර්ථක වෙලා තියෙනවා. Mass production මේ අවුරුද්දෙ ආරම්භ වෙයි. නමුත් ඒ අතරෙ චීනය Goldwind 16 MW ටර්බයිනය ඉදිකරනවා. ඒ එක්කම චීනයේම Mingyang සමාගම මෙගාවොට් 16ක MySE 16 offshore wind turbine එක නිරිතදිග චීනයේ මුහුදෙ ස්ථාපනය කරනවා. මේකෙ nominal power එකත් කුප්පි ලාම්පු මිලියන 30ක විතර power එකට සමානයි. මේකෙ කේන්ද්‍රයේ ඉඳල එක තටුවක කෙලවරට දිග මීටර් 130ක්.

වැඩේ ඒක නෙමෙයි. ගිය අවුරුද්දෙ චීනයේ Mingyang සමාගම නිවේදනය කරා ඔවුන් අනාගතයෙදි මෙගාවොට් 22ක MySE22 කියන offshore wind turbine එක නුදුරු අනාගතයෙදි එළිදක්වන බව. බොහෝදුරට ආපහු කවදහරි චීනයම මේ වාර්තාව බිඳිනකන් මේක ලෝකයේ ලොකුම offshore wind turbine එක වෙයි. මේකෙ තටු කැරකෙන රවුමෙ (swept area එකේ) විශ්කම්භය මීටර් 310ක්. සම්පූර්ණ උස මීටර් 360ක් දක්වා වෙන්න පුළුවන්. මේකෙ nominal power එක කුප්පි ලාම්පු මිලියන 44ක් විතර වෙනවා. මේක මුහුදෙ පාවෙන විදියට හෝ පතුලට සම්බන්ධ වෙන විදියට කියන දෙආකාරයටම ස්ථාපනය කරන්න පුළුවන් වෙන්න හදන බව තමයි Mingyang කියන්නෙ.

ඒක නෙමෙයි, කියන්න හැදුවෙ මේවා හදන්න මෙච්චර අමාරු ඇයි කියලා. හේතු කිහිපයක් තියෙනවා.

ඇත්තටම මේවගෙ blades වල දිග වැඩි කරගන්න මහලොකු අමතර වියදමක් යන්නෙ නෑ. එහෙනම් එහෙම වැඩි කරල බොහොම ලේසියෙන් විශාල power එකක් සහිත offshore wind turbines හදන්න පුළුවන්නෙ. හැබැයි ඒකට මෙන්න මේ සීමා තියෙනවා.

1. Drivetrain එකේ නිෂ්පාදන වියදම ඉහළ වීම. කාලයක් තිස්සෙ direct drive කියන නමින් හැඳින්වෙන තරමක් විශාල ජෙනරේටරයක් සහිත drivetrains තමයි භාවිතා වුණේ. නමුත් මේවට ඉතාම විශාල ස්ථිර චුම්බක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. උදාහරණයක් හැටියට මේ වගේ ලොකු ටර්බයිනයකට ස්ථිර චුම්භක ටොන් 1000ක් විතර ඕන. නමුත් පහුගිය කාලෙ ස්ථිර චුම්බක වල මිල 6 ගුණයකින් විතර ඉහල ගිය නිසා බොහෝ ටර්බයින නිෂ්පාදකයන් direct drive වලින් ඈත් වෙලා 2 stage හෝ 3 stage ගියර්බොක්ස් සහිත drivetrains වලට මාරු වුණා. ඒක සාපේක්ෂව ගොඩක් මිල අඩුයි, ප්‍රමාණයෙනුත් කුඩායි, බරත් අඩුයි. වැඩේ පොඩ්ඩක් සංකීර්ණ වෙන එක විතරයි අවුල. මේ වැඩ වලට ලෝකෙ ප්‍රධානම ස්ථිර චුම්බක සැපයුම්කරුවා වෙලා හිටියෙත් චීනයම තමයි. ගණුදෙනුකරුවන් ඈත්වීම නිසා දැන් ආපහු ස්ථිර චුම්බක මිල තරමක් පහත වැටිල තියෙනවා. නමුත් දැන් ගණුදෙනුකරුවන් විකල්ප වලට යොමුවෙලා ඉවරයි.

2. ධාරිතාවය වැඩිවෙනකොට මේ ටර්බයින වල විශාලත්වය දැවැන්ත ලෙස වැඩි වෙනවා. ඉතින් ඒ වගේ විශාල ටර්බයිනයක් මුහුද මැද ස්ථාපනය කරන එක පහසු වැඩක් නෙමෙයි. මේවට විශේෂයෙන් හදපු යාත්‍රා අවශ්‍යයි. ඒවා වල location එක ඉතාම ඉහළ නිරවද්‍යතාවයකින් දක්වන්න පුළුවන්. ඒ වගේම මේ යාත්‍රා අදාළ තැනදි සාමාන්‍යයෙන් කොන් 4කින් මුහුදු පතුලට හොඳින් සම්බන්ධ කරගෙන තමයි වැඩේ වෙන්නෙ. එක අතකට මුහුද මැද අටවපු අට්ටාලයක් වගේ. ටොන් දහස් ගණනක බරක් මීටර් 200කට වඩා ඔසවන එකත් මුහුදු පතුලට සවි කරන එකත් ඉතාම වියදම් අධික වැඩ.

බොහෝවිට මේවට අලුතින්ම යාත්‍රා හදන්න වෙනවා. එතකොට ටර්බයිනයේ වියදමට යාත්‍රාවේ වියදමත් එකතු වෙනවා Mingyangටත් ඔවුන්ගෙ 16 MW ටර්බයිනය ස්ථාපනය කරන්න අලුතින් යාත්‍රාවක් හදන්න සිදුවුණා. දැන් 22 MW ටර්බයිනය හැදුවම ඒකට ගැලපෙන අලුත් යාත්‍රාවකුත් ඕන වෙයි.

3. හොඳම ශක්‍යතාවයක් තියෙන ගොඩබිමට ආසන්න ප්‍රදේශ බොහොමයක මේ වෙනකොටත් wind turbines හදල ඉවරයි. ඒ නිසා අලුතින් හදන ඒවට තරමක් ගැඹුරු මුහුදට යන්න වෙනවා. එතකොට අලුතින් ප්‍රශ්න ගොඩක් ඇතිවෙනවා. එකක් තමයි ටර්බයිනය මුහුදු පතුලට සවිකරන්න විශාල වියදමක් දරන්න වෙනවා. එහෙම නැත්තං floating mechanism එකක් යොදන්න වෙනවා. තටුවක් මීටර් 150ක් විතර වෙන විශාල ටර්බයිනයක් නොසෙල්වෙන සේ මුහුදෙ පාකරන එකත් ලේසි නැහැ.

ඒ වගේම තමයි ගොඩබිමින් දුරට යන්න යන්න transmIssion cables දිග වැඩි වෙන නිසා cable cost එකත් විශාලයි. ඒකට පිළියම් 2ක් තියෙනවා.

පළවෙනි එක තමයි AC වෙනුවට DC transmission එකක් කරන එක. එතකොට එක කේබල් එකක් ප්‍රමාණවත්. අනෙක් සන්නායකය හැටියට මුහුදු ජලය පාවිච්චි කෙරෙනවා. AC ගියොත් කේබල් 3ක් ඕන.

අනෙක් පිළියම තමයි මුහුද මැද තියෙන offshore wind farm එකේදිම මේ නිෂ්පාදනය වෙන විදුලිය පාවිච්චි කරල හයිඩ්‍රජන් නිෂ්පාදනය කරන එක. එතකොට ඒ හයිඩ්‍රජන්, නැව් වලින් ගොඩබිමට ගේන්න පුළුවන්. හයිඩ්‍රජන් කියන්නෙ energy density එක ඉතාම ඉහළ මාධ්‍යයක්. මෙතේන් වගේ 3 ගුණයක් විතර. හැබැයි ප්‍රවාහනය සහ ගබඩා කිරීම වියදම් අධිකයි.

මේ පිළියම් 2ම තාම R&D මට්ටමේ තියෙන ඒවා. කොහොමහරි මේ වගේ ගැටළු නිසා offshore wind turbines කියන ක්ෂේත්‍රයේ මේ වෙනකොට පොඩි සමාගම් නැහැ. ඉතුරු වෙලා ඉන්න ඔක්කොම Vestas, Siemens, Mingyang, Shanghai Electric වගේ විශාල සමාගම්. පොඩි සමාගමකට මේ ආයෝජනය දරන්න අමාරුයි. මේ ක්ෂේත්‍රය ගැන හසළ දැනුමක් තියෙන අය වත් මීට අවුරුදු 10කට පෙර හිතල තිබුණෙ නැහැලු ඔවුන්ගෙ ජීවිත කාලය ඇතුලත 20 MW ඉක්මවා යයි කියලා. නමුත් දැන් තත්වය එක්ක 30 MW ක offshore wind turbine එකක් එන දවසත් වැඩි ඈතක නෑ. කුප්පි ලාම්පුම මිලියන 60ක් විතර! 🙄

- රෙහාන් මෙන්ඩිස්

17/05/2022

දවසක් ඒවි | Piano Cover | ZyRuP

Original by Piyath Rajapakse
Lyrics- Sanduni Karunarathna, Dilan Weerasooriya
Music- Lahiru De Costa , Piyath Rajapakse

DOP - Arjuna. D
Location - Wings Music Studios
ZyRuP

====සුළිසුලඟක් කැරකෙන දිශාව=======ඔබ බොහෝ විට කුඩා කාලයේ අසා ඇති පෘථිවියේ උතුරු අර්ධගෝලයේදී සින්ක් වල වතුර බහින්නේ වාමාව...
20/02/2022

====සුළිසුලඟක් කැරකෙන දිශාව=======

ඔබ බොහෝ විට කුඩා කාලයේ අසා ඇති පෘථිවියේ උතුරු අර්ධගෝලයේදී සින්ක් වල වතුර බහින්නේ වාමාවර්ත සුළියක් ඇති කරමින් බවත් දකුණු අර්ධගෝලයේ සින්ක් වල වතුර බහින්නේ දක්ෂිණාවර්තව සුළියක් ඇතිකරම්න් බවත්. එහෙම වෙන්නෙ පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය නිසා වගේ කතාවකුත් සමහරවිට අහල ඇති. ඇත්තටම ඔය කතා ඔක්කොම සාවද්‍යයි.

සින්ක් වල වතුර බහින දිශාවට පෘථිවිය මත එහි පිහිටීම අදාළ නෑ. ඔබ සමකය මත පිහිටි උගන්ඩාව වැනි රටක සංචාරය කර තිබෙනවා නම් බොහෝ විට දැක ඇති එහි වැසියන් සමකය ලෙස නම් කල ඉරක් ඇඳ ඒ මතත්, ඉරෙන් දෙපසත් වෙන වෙනම සින්ක් 3ක් තබා වතුර යවන හැටි. එහිදී උතුරු අර්ධගෝලයේ සින්ක් එකේ වාමාවර්තවත් දකුණු අර්ධගෝලයේ සින්ක් එකේ දක්ෂිණාවර්තවත් සුළියක් ඇති කරම්න් වතුර බසිද්දි සමකය යැයි ඔවුන් කියාගන්නා ඉර මත ඇති සින්ක් එකෙහි වතුර බසින්නේ කිසිම සුළියක් ඇති නොකරම්න්. මෙය එම ප්‍රදේශ වල ප්‍රසිද්ධ ව්‍යාපාරයක් වන අතර සරළ ඇස්බැන්දුමක් හැරුණු විට මෙහිද සත්‍යතාවයක් නැහැ.

සින්ක් වැනි කුඩා වපසරියකට අදාළ නොවුණත් මේ සුළි කතාව සමහර අතිවිශාල තැන් වලට හොඳටම අදාලයි. උදාහරණයක් හැටියට සුළි සුළඟක් සලකන්න පුළුවන්. සුළි සුළඟක් නම් ඇත්ත වශයෙන්ම උතුරු අර්ධගෝලයේදී වාමාවර්ත භ්‍රමණයකුත් දකුණු අර්ධගෝලයේදී දක්ෂිණාවර්ත භ්‍රමණයකුත් නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ වාමාවර්ත දක්ෂිණාවර්ත කතාව ඇතිවෙන්නෙ සුළිසුලං වගේ ඉතා විශාල ප්‍රමාණයේ ඒවාට පමණයි.

එහෙම අර්ධගෝලය අනුව භ්‍රමණ දිශාව තීරණය වෙන්නෙ කොහොමද?

මේකට හේතුව කොරියෝලියස් ආචරණය. පෘථිවිය ගෝලයක්. ඉතින් පෘථිවිය බටහිර සිට නැගෙනහිරට හරියටම එක වටයක් කැරකෙනකොට සමකය මත තිබෙන රටක් ධ්‍රැවාසන්න රටකට සාපේක්ෂව ඉතා වැඩි දුරක් ගමන් කරනවා. ඒ කියන්නෙ සමකය ආසන්නයේ තියෙන ලක්ෂ්‍යයක වේගය ධ්‍රැවාසන්නයේ තියෙන ලක්ෂ්‍යයක වේගයට වඩා වැඩියි. ලංකාවේ ගමන් වේගය එංගලන්තයට වඩා වැඩියි.

මේක නිසා හරි අපූරු වැඩක් වෙනවා.

මෙහෙම හිතන්න. ගමන් කරන බස් එකක ඉස්සරහ සහ පසුපස දොරේ ඔබේ මිතුරන් දෙදෙනෙක් ඉන්නවා. බසය ඔබ අසලින් යන විටම ඔබ පාරේ නිශ්චලව සිටිමින් ඉදිරිපස දොරේ සිටින මිතුරාට බෝලයක් විසිකරනවා. නමුත් බෝලය බසයට ලඟා වෙනකොට බසය වේගයෙන් ඉදිරියට ගිහින් අවසන්. ඉතින් බෝලය අල්ලාගන්න සමත් වෙන්නෙ ඉදිරි දොරේ මිතුරා නොවෙයි පසුපස දොරේ මිතුරායි. මෙයත් එවැනි කතාවක්. ඔබ උත්තර ධ්‍රැවය මත සිට හරියටම ලංකාව දිශාවට බෝලයක් විසිකරොත් ඒ බෝලය පතිත වෙන්නෙ ලංකාවට නෙමෙයි ලංකාවට මදක් "බටහිර" පැත්තට. ඒ කියන්නෙ මැඩගස්කරය පැත්තට
එහි අනෙක් පැත්තත් අපූරුයි. ඔබ ගමන් කරන බසයක සිටිමින් පාරේ නිශ්චලව සිටින මිතුරෙකු දෙසට බෝලයක් විසි කරොත් එම බෝලය වැටෙන්නේ මිතුරා සිටින තැනට නොවෙයි මිතුරාට මදක් ඉදිරියෙනුයි. එලෙසම සමකය අසල පිහිටි ලංකාවේ සිට උත්තර ධ්‍රැවයට විසිකරන බෝලය වැටෙන්නේත් උත්තර ධ්‍රැවයට මදක් "නැගෙනහිරින්".සුළඟට වෙන්නේත් මේ සංසිද්ධියමයි. "ධ්‍රැව වල සිට සමකයට" ඇදී එන සුළං මදක් "බටහිරට" නැඹුරු වෙද්දී "සමකයේ සිට ධ්‍රැව වෙත ඇදී යන සුළං මදක් "නැගෙනහිරට" නැඹුරු වෙනවා. මෙය සෑමවිටම සිදුවෙනවා. නමුත් මෙහෙම වෙන වේලාවක සමකයට මදක් අසලින් විශාල වළාකුළු ප්‍රමාණයක් එකතු වුණොත් (එහෙම වළාකුළු එකතු වෙන්නෙ පීඩන අවපාත නිසා) ඒ අවස්ථාවේදී සුළිසුලඟක් ඇතිවිය හැකියි. මෙලෙස එකතු වන විශාල වළාකුළු පද්ධතියක දෙපසින් සුළඟේ බලය යෙදෙන්නේ දිශා 2කින්.

උදාහරණයක් සඳහා උතුරු අර්ධගෝලයේ ඇතිවන සුළිසුලඟක් සලකමු. වළාකුළු පද්ධතියේ බටහිර කොටසට සුළං හමන්නේ උත්තර ධ්‍රැවය දෙස සිට සමකය දෙසට. නමුත් වළාකුළු පද්ධතියේ නැගෙනහිර කොටසට සුළඟේ බලය යෙදෙන්නේ සමකයේ සිට උත්තර ධ්‍රැවය දෙසට. එවිට සිදුවන්නේ වළාකුළු පද්ධතිය වාමාවර්තව භ්‍රමණය වීමයි. සරළව පැහැදිලි කලොත් ඔබ ඇඟිලි 2ක් යොදාගෙන බෝතලයක මූඩියක් විවෘත කරනවා වගේ. මෙලෙස භ්‍රමණය වීම ආරම්භ වන වළාකුළු පද්ධතිය දිගින් දිගටම ඇතිවන සුළං, මුහුදු රළ සහ පීඩන අවපාත හේතුවෙන් භ්‍රමණ වේගය වැඩිවී මෙය වාමාවර්තව භ්‍රමණය වන සුළිසුලඟක් දක්වා වර්ධනය වෙනවා.

පෘථිවියේ දකුණු අර්ධගෝලයේදී සිදුවන්නේ මෙහිම අනෙක් පැත්තයි. මේ සඳහා පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය කිසිසේත්ම අදාළ නොවන අතර මේ සංසිද්ධියට පාදක වන්නේ කොරියෝලියස් ආචරණයයි.

රෙහාන් මෙන්ඩිස්

ඇයි කැරපොත්ත බේරුනේ ?? ========================අපි කලින් ලිපි වල කතා කරා වගේම මහා නශ්‍ට වීම් වලින් කැරපොත්තා  දිවිගලවා ග...
18/01/2021

ඇයි කැරපොත්ත බේරුනේ ??
========================
අපි කලින් ලිපි වල කතා කරා වගේම මහා නශ්‍ට වීම් වලින් කැරපොත්තා දිවිගලවා ගත්තා(මහා නශ්ට වීම්:-https://www.facebook.com/1391071437788564/posts/2909785102583849/).ඒ කියන්නේ කැරපොත්තා දැනට ජීවත් වෙලා ඉන්න පැරණිම ජීවි විශේෂ වලින් එකක්.ඔවුන් අවුරුදු මිලියන තුන්සියයක් පමණ පැරණි බව පොසිල මගින් සනාථ කරලා තියෙනවා.කැරපොතු විශේෂ 4600 පමණ දැනට ලෝකය පුරා විසිර ඉන්නවා.ඒ ඒ විශේෂයන් ඔවුන් අනුවර්තනය වූ පරිසරයන් ආශ්‍රිතව වාසය කරනවා .අධික ශීතලක් පවතින ඇන්ටාක්ටිකාවේ පවා ජීවත්වන කැරපොතු විශේෂ ඉන්නවා,මහා නශ්‍ය වීම් වලින් බේරුන එකේ එවායේ ජීවත්වෙන එක මහා ලොකු දෙයක්ය😁.උදාහරණයක් ලෙස Tungurahua ගිනි කන්ද අසල ජීවත් වන කැරපොත්තන් විශේෂය දිලිසෙන ස්වභාවයක් ගන්නවා(Lucihormetica Luckae විශේෂය)
ඔයාලගේ ගෙවල්වලත් කැරපොත්තෝ ඇතිනෙ. මූ කොච්චර අමාරු කාරයෙක් ද කියලා දන්නවා ඇතිනේ .මොවුන් මෙච්චර කලක් ජීවත් වුණේ ඔවුන්ගේ අනුගත වීමට ඇති අති විශේෂ හැකියාව නිසා,
ඔවුන් දැන් මනුෂ්‍ය සංහතිය සිදුකරන විනාශයෙන් ගැලවීමට අනුගත වෙමින් ඉන්නවා😥

කැරපොත්තන් විශේෂ
===================
ඇත්තටම කැරපොත්තු විශේෂ 4600 කින් පමණ අපට වද දෙන්නෙ 1% පමණ කැරපොත්තන් විශේෂ පමණයි.
කැරපොත්තන්ගෙ ප්‍රධාන ප්‍රභේද හතරක් තියෙනවා
1.German
2.American
3.Oriental
4.Brown-banded
තව විශේෂ ගොඩක් කියනවා මේ කිව්වෙ ප්‍රධාන විශේෂ 4 ගැන විතරයි

ආහාර
=====================
කැරපොත්තා කියන්නේ ඕනෑම දෙයක් ආහාරයට ගන්න සතෙක්.මාංශ වර්ග, පිටි සහිත කෑම වර්ග, චීස්, ලෙදර්, ගම්, කොන්ඩ, පොත්, දිරා යන කාබනික ද්‍රව්‍ය වැනි ඕනෑම දෙයක්.සමහර කැරපොතු විශේෂ වලට ආහාර නැතුව මාසයකට වඩාත් ජලය නැතුව සතියකට වඩාත් ජීවය පවත්වා ගන්න පුළුවන්.කොච්චර අපූරුද !
තවත් ඔවුන්ට ඔවුන්ගේ හිස නොමැතිව සතියක් පමණ ජීවත් වෙන්න පුළුවන්. ඔවුන් සතියක් පමණ ජීවත් වන්නේ හිස නැති හින්ද නෙවෙයි ජලය නැති හින්ද විජලනය වෙලා තමයි බොහෝ විට මිය යන්නේ.

ක්‍රියාකාරීත්වය
====================
කැරපොත්තන් ආහාර වතුර හොයාගෙන වාසස්ථාන වලින් එළියට එන්නේ රාත්‍රී කාලයේ.ඔයාල දැකල ඇතිනේ රෑට වතුර බොන්න කුස්සියට යනකොට කැරපොත්තො එතන රජ කරනවා.
එමෙන්ම රාත්‍රී කාලයේ දී ඔවුන් ක්‍රියාකාරී වෙන්නේ අනෙක් සතුන් සමග කෑම ලබා ලබාගැනීමට ඇතිවන තරගය අඩු කිරීමටත් විලෝපිකයන්ගෙන් බේරීමටත් ය.මොකද ගොඩක් සත්තු කෑම හොයන් යන්නෙ දවල්ට නෙ.

වර්ගයා බෝ කිරීම
=====================
ඔවුන් බිත්තර කෝෂ දාලා ඒවා වර්ධනය වෙන්න පරිස්සම් සහිත තැන් වලට රැගෙන යනවා .සමහර විශේෂ මවගේ ශරීරය තුළම වර්ධනය වෙලා තමයි එළියට එන්නේ .මෙම එක් කෝශයක බිත්තර හතළිහක් පමණ තියෙනවා.කැරපොත්තන් වසරකට බිත්තර හාරසියයක් පමණ නිපදවනවා(වර්ගය අනුව වෙනස් වෙනව). මෙම බිත්තර වර්ධනය වෙන්න යන්නේ ඉතාම කුඩා කාලයක්. ඒ වගේම පැටව්න්ට තවත් වර්ගයා බෝ කිරීමට ගත වන්නේ ඉතා කුඩා කාලයක්.මොවුන්ගේ දිගුකාලීන පැවැත්මට මෙය විශාල වශයෙන් බලපානවා.

ශරීර සැකැස්ම
======================
කැරපොත්තන්ගේ පැවැත්මට වැඩි වශයෙන් බලපෑමක් ඇති කරන්නේ මේ ශරීර සැකසුම.ඔවුන්ගේ අභ්‍යන්තර ශරීරය ආරක්ෂා කිරීමට බාහිර සැකිල්ලක් (කැල්සියම් කාබනේට් ස්ථරයක් )තියෙනවා .එය නම්‍යශීලී මෙන්ම දෘඩ ස්ථරයක්,ඔවුන්ට එය හැකිලීමෙන් ඉතා කුඩා ස්ථානවලට වුවද රිංගන්න පුළුවන්. එය විශේෂ ආරක්ෂණ උපක්‍රමයක් .
ඔවුන්ගේ කකුල් ගැන කතා බහ කරනකොට කකුල් හැදිලා තියෙන්නේ දුවන්නම තමයි.ඔවුන්ගේ වේගය සාමාන්‍යයෙන් 5.4 km/h වෙනවා ඒ කියන්නේ තත්පරේකට ඔවුන්ගේ ශරීරයේ දිග මෙන් පනස් ගුණයක් යනවා.එය මිනිහෙක්ට සාපේක්ෂව බැලුවොත් 330km/h විතර වෙනවා.
===================================
දැන් තමයි අපි රසම කතාවට ඇවිල්ලා ඉන්නේ ,
මනුෂ්‍ය වර්ගය න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ කරලා ලෝකය විනාශ කලත් මෙන්න මේ කැරපොත්තාට නම් දිවි ගලවා ගන්න පුළුවන් .
එහෙම වෙන්නේ කොහොමද? mortein වලින් මරණ කැරපොත්තා න්‍යෂ්ටික බෝම්බවලින් මරන්න බැරිද ?

ඇත්තටම පුළුවන් න්‍යෂ්ටික බෝම්බයක පිපුරුම් අරය තුළ මෙන්න මේ කැරපොත්තෙක් හිටියොත් ඔවුන් දැවිලා අළුවෙලා ම යනවා නමුත් ඔවුන්ට එයින් නිකුත්වන විකිරණ වලින් බේරිලා ඉන්න පුළුවන්. කැරපොත්තෝ මිනිස්සුන්ට වඩා 6 සිට 15 ගුණයකින් විකිරණ ප්‍රතිරෝධී වෙනවා (කැරපොත්තො විශේෂ අනුව මෙය වෙනස් වෙනවා )

කොහොමද මෙහෙම වෙන්නේ ?
මිනිස්සුන්ගෙ සෛල දෛනිකව වර්ධනය වෙනවා කියලා ඕගොල්ලෝ දන්නවා ඇතිනේ.විකිරණ වලින් මෙන්න මේ සෛලයක DNA සංයුතිය වෙනස් කරහම නැවත සැදෙන සියලුම සෛල මේ සංයුතියටම තමයි හැදෙන්නෙ.ඒකට තමයි පිළිකාවක් කියලා අපි කියන්නේ. විකිරණවලට නිරාවරණය වෙලා මිය යන්නේ මෙන්න මේ පිළිකා හින්දා තමයි .

අපි දැන් බලමු කැරපොත්තගේ කතාව මොකක්ද කියලා,

කැරපොත්තා ඉපදෙනකොට ඔවුන්ගේ මුලින්ම සැදෙන ආවරණය තුනී නිසා එය ඝන වන තෙක් ඔවුන් වර්ධනය වෙනවා ආවරණය ඝන උනාම තවත් වර්ධනය වෙන්න බැරි හින්දා ඔවුන් ඒ ආවරණය ඉවත් කරලා නැවත අලුත් ආවරණයක් වර්ධනය වෙනතුරු ඔවුනුත් වර්ධනය වෙනවා .එතනින් ඔවුන්ගේ වර්ධනය නතර වෙනවා.නැවත ඔවුන් වර්ධනයක් සිදු කර ගන්නේ ඔවුන්ගේ සැකිල්ලට හානියක් වුනොත් විතරයි.මෙන්න මේ ආවරණය තමයි ඔවුන්ව ආරක්ෂා කරල තියන්නෙ.මේ ආවරණය නිසා ඔවුන්ට ඉහළ විකිරණ වලට මුහුණ දීමට හැකියාව ලැබෙනවා .උන්ගේ ආරක්ෂක පලිහ වන්නේ මෙම කැල්සියම් කාබනේට් ආවරණයයි.

ජීවය බිහිවීම කියන්නෙ කොයි තරම් දුර්ලභ දෙයක්ද😲. හැබැයි ඉතින් එහෙම ගොඩක් අමාරුවෙන් ඇතිවුණ ජීවයත් 5 වරක්ම නැත්තටම නැතිවෙන්න...
25/11/2020

ජීවය බිහිවීම කියන්නෙ කොයි තරම් දුර්ලභ දෙයක්ද😲. හැබැයි ඉතින් එහෙම ගොඩක් අමාරුවෙන් ඇතිවුණ ජීවයත් 5 වරක්ම නැත්තටම නැතිවෙන්න ගිහින් නූලෙන් බේරුනා.එහෙම නොවුනා නම් අපි අද මෙතන නෑ. අද අපේ මාතෘකාව පෘථිවියේ මහා නෂ්ට වීම් පහ ගැනයි..

පෘථිවියේ මහා නෂ්ටවීම් 5 - The 5 Great Extinctions
====================================
445 Million Years Ago

1) Ordovician මහා නෂ්ටවීම..

මේ නෂ්ටවීම ඇතිවුණේ දළ වශයෙන් අදින් අවුරුදු මිලියන 445කට විතර කලින්. මේ නෂ්ට වීමට හේතුව උනේ පෘථිවියේ කාබන්ඩයොක්සයිඩ් අඩුවීම නිසා පෘථිවිය ඉතාම කෙටි කාලයක් තුල සීතල වෙලා මහා හිම යුගයකට යාම. මේකෙදි දැවැන්ත ග්ලැසියර සෑදීම නිසා මුහුදු මට්ටම සීඝ්‍රයෙන් අඩුවෙන්න පටන්ගත්තා.

මේ කාලයේදි පෘථිවියේ ජීවය තනිකරම පාහේ තිබුණෙ සාගරයේ. ඉතින් මේ සාගර ජීවීන්ට අධික ශීතලකට මුහුණදෙන්න සිදුවුණා මදිවට තමන්ගෙ වාසස්ථානත් නැතිකරගන්න සිදුවුණා. අවාසනාවට ඒක එයාලට ඔරොත්තු දුන්නෙ නෑ. මේ නෂ්ටවීම වසර මිලියන 10ක් පමණ කාලයක් පුරාවට සිදුවුණා. මේකෙන් පෘථිවියේ ජීවයෙන් 85%ක්ම සම්පූර්ණයෙන් විනාශ වී ගියා.
__________________________________________
340 Million Years Ago

2) Devonian මහා නෂ්ටවීම..

මේ කාලයේ පෘථිවියේ ඉතුරු වෙලා හිටියෙ අර පළවෙනි නෂ්ටවීමෙන් පණ බේරගත්ත ජීවී වර්ග කිහිපය සහ අළුතින්ම හැදුණු ජීවී වර්ග කිහිපයක් පමණයි. ඔන්න ඔය කාලයේ ගොඩබිම අමුතු වෙනසක් වෙන්න පටන්ගත්තා. මෙච්චර කල් පෘථිවි ගොඩබිම මත තිබුණෙ වැඩිය උස නොයන පඳුරු වගේ ශාක වර්ග පමණයි. ඔය කාලයේ ශාක වර්ග කිහිපයක සිදුවුණු ජාන විකෘතියක් නිසා ලිග්නින් කියන රසායනිකය නිෂ්පාදනය වෙන්න ගන්නවා. ඉතින් මේ ලිග්නින් නිසා මේ ශාක වලට අහස උසට වැඩෙන්න හැකියාව ලැබෙනවා.

මේ ගස් අධික ලෙස වැඩුණට ඒවා ස්වභාවිකව වරණය වෙන්න ක්‍රමයක් තිබුණෙ නෑ. ඒක නිසා මේ ගස් ඔහේ පිස්සුවෙන් වගේ වැඩිලා කඩාගෙන වැටිලා පොළොවට පස්වෙලා යනවා. මේ දැවැන්ත ගස් නිසා පෘථිවි වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය අසාමාන්‍ය ලෙස ඉහළ යන්න පටන්ගන්නවා. ඉතින් ඒ කාලෙ සත්තුත් අති විශාලයි. කැරපොත්තො බිහිවුණෙත් ඔය කාලෙ. හැබැයි අද වගේ නෙමෙයි ඒ කාලෙ ආදි කැරපොත්තො අඩි 4ක් 5ක් දිගයි.

ඉතින් මේ දැවැන්ත ගස් වල මුල් පද්ධතියත් ගහ වගේ පස් ගුණයක් විතර විශාල නිසා ඒවා වල මුල් පද්ධතිය ඔස්සේ සාගරයටත් අධික ලෙස පෝෂ්‍ය පදාර්ථ එකතු වෙන්න පටන්ගත්තා. ඒකෙන් වුණේ සාගර ඇල්ගී වල වැඩීමත් අසාමාන්‍ය ලෙස වර්ධනය වීම. (අදටත් අපි හුස්මගන්න ඔක්සිජන් වලින් 58% - 70% අතර ප්‍රතිශතයක් නිෂ්පාදනය කරන්නෙ සාගර ඇල්ගී මිසක් ගොඩබිම ගස් නෙමෙයි). දැන් ඉතින් සාගර ඇල්ගී සහ ගොඩබිම යෝධ ගස් දෙගොල්ලොම එකතු වෙලා කාබන්ඩයොක්සයිඩ් උරාගනිමින් තරඟෙට ඔක්සිජන් නිෂ්පාදනය කරනවා. මේ කාලයේ වායුගෝලයෙන් 40% 45%ක් විතරම ඔක්සිජන්. අද තියෙන්නෙ 21%යි.

මේකෙ ප්‍රතිඵලය වුණේ ගෝලීය උෂ්ණත්වය අඩුවෙලා නැවතත් පෘථිවිය අයිස් යුගයකට යන එක. නැවතත් මුහුදු මට්ටම දැඩි ලෙස පහළ ගියා. සාගර මිදෙන්න පටන්ගත්තා. ආපහු පෘථිවිය ජීවයට නුසුදුසු වෙන්න පටන්ගත්තා. මේ ඩෙවෝනියන් මහා නෂ්ටවීම පුරා වසර මිලියන 3ක් පමණ පැවතුණ අතර මෙමගින් පෘථිවියේ ජීවයෙන් 70%ක් පමණ සම්පූර්ණයෙන් මිහිමතින් විනාශ වී ගියා.

(හැබැයි අර කැරපොත්තා නම් බේරුණා)
___________________________________________
250 Million Years Ago

3) Permian මහා නෂ්ට වීම..

පර්මියන් යුගය අවසානයේ සිදුවූ මේ මහා නෂ්ටවීම තමයි පෘථිවි ඉතිහාසයේ සිදුවූ විශාලම නෂ්ටවීම. ඒ නිසාම මේ සංහාරයට "The Great Dying" කියලත් කියනවා. වර්තමානයේ හැටියට නම් මෙක්සිකෝ බොක්ක අසලට වැටුණු දැවැන්ත උල්කාව නිසා පොළොවේ ඇතිවූ පැලීම් වලින් පොළොව මතට අඩි ගණනක් උසට ලාවා ගලා ඒමත්, ඒ ඇතිවූ කම්පන නිසා පෘථිවිය පුරාම සියවස් ගණනක් පුරාවට එක දිගට ගිනිකඳු විදාරණය වීමත් නිසා මුළු වායුගෝලයම කාබන්ඩයොක්සයිඩ් හා සල්ෆර් ඩයොක්සයිඩ් වලින් වැසීයනවා. ඒ විතරක් නෙමෙයි මේ කාබන්ඩයොක්සයිඩ් අම්ල වැසි මගින් මුහුදු ජලයේ දියවීම නිසා මුහුද ආම්ලික වෙන්න පටන්ගන්නවා. ඒ නිසාත් මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක් මියයනවා.

මේ අසාමාන්‍ය කාබන්ඩයොක්සයිඩ් වැඩිවීම නිසා පෘථිවිය මතින් ඔක්සිජන් වායුව තුරන් වෙන්න පටන්ගන්නවා. දැනටමත් ගැඹුරු මුහුදේ ඔක්සිජන් නැහැ. ඉතින් ගැඹුරු මුහුදේ ජීවත්වුණ, ඔක්සිජන් ශ්වසනය කරමින් සල්ෆර් මුදාහරින මාරාන්තික බැක්ටීරියාවන්ටත් සිද්ධවෙනවා තමන්ගෙ වාසස්ථාන අතඇරලා මුහුද මතුපිටට එන්න. ඔය එන ගමනෙදි එයාලා මුහුදේ ඉතිරි වෙලා තියෙන ඔක්සිජන් ස්වල්පයත් පරිභෝජනය කරපු නිසා සහ ගමන පුරාවට මුදාහැරපු සල්ෆර් නිසා මුහුදේ ජීවය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වෙලා යනවා.

එතනින් කතාව ඉවර වෙන්නෙ නෑ. මේ බැක්ටීරියා දැනටමත් කාන්තාරකරණයට ලක්වූ ගොඩබිමට ඇවිත් මුළු වායුගෝලයම සල්ෆර් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් වගේ විෂ වායු වලින් පුරවලා ගොඩබිම ඉතිරි ජීවයත් තනිකරම විනාශ කරලා දානවා. එතනිනුත් නොනැවතී ඕසෝන් ස්ථ‍රයෙත් කොටසක් විනාශ කරල දානවා. හරිතාගාර ආචරණයේත් උපරිමය. චිත්‍රපටයක් නෙමෙයි මේ අපේ පෘථිවියේ ඇත්තටම සිදුවුණ දෙයක්. මේ කාලය පුරාවටම පෘථිවියේ උෂ්ණත්වය ඉතාම අධිකයි. ඉතින් ජීවයක් තිබුණද කියල වත් හොයන්න බැරි තරමට පෘථිවියේ ජීවයෙන් 96%ක් පමණම සම්පූර්ණයෙන් මිහිමතින් අතුගෑවිලා යනවා..

(හැබැයි කැරපොත්තා බේරුණා)
____________________________________________
200 Million Years Ago

4) Triassic මහා නෂ්ටවීම..

මේක සිදුවුණේ triassic යුගයේ අග භාගයේ. මේ මහා නෂ්ටවීම වසර මිලියන 3ත් 4ත් අතර කාලයක් පැවතුණා. මේකට හේතුව වුණේ ලොව පුරාම දීර්ඝ කාලයක් පුරාවට ගිනිකඳු පිපිරීම නිසා මහා පරිමාණයෙන් වායුගෝලයට විමෝචනය වූ කාබන්ඩයොක්සයිඩ් හා මෙතේන් වායු.

මේ නිසා පෘථිවිය හරිතාගාර ආචරණයට ලක්වෙලා ගෝලීය උෂ්ණත්වය නැවතත් සීඝ්‍රයෙන් ඉහළ ගියා. ගොඩබිම සම්පූර්ණයෙන්ම පාහේ කාන්‍තාරකරණය වුණා. ආහාර, ජලය, ඔක්සිජන් දුර්ලභ වුණා. මේ හේතු සහ නිරන්තරයෙන් පෘථිවිය මත හඹා ගිය heat waves නිසා පෘථිවි ජීවයෙන් 76%ක් පමණම විනාශ වෙලා ගියා..

(හැබැයි කැරපොත්තා බේරුණා)
____________________________________________
66 Million Years Ago

5) Cretaceous (K-T) මහා නෂ්ටවීම..

අපි කවුරුත් දන්න දැවැන්ත ඩයිනෝසරයන්ගෙ වඳවීම සිදුවුණේ මේ මහා නෂ්ටවීමෙදි. මේක අවුරුදු මිලියනයකට නොවැඩි කාලයක් පුරාවට පැවතුනා. උල්කාපාත, ලැව්ගිණි, නිරන්තර ගිනිකඳු ආදිය නිසා මුළු පෘථිවියම දැවැන්ත අළු වළාවකින් වැහිලා ගියා. මේකට කිව්වෙ global ash cloud කියලා. ඉතින් සියවස් ගානක්ම පෘථිවියට ඉර එළිය වැටුනෙ නෑ. මේ නිසා ආපහු ඔන්න පෘථිවිය හිම යුගයකට ගියා. මුහුදු මට්ටම පහළ ගියා, ආහාර වාසස්ථාන නැතිවුණා, වායුගෝලය විෂ සහිත වුණා, උෂ්ණත්වය ජීවයට දැඩි ලෙස අහිතකර තරම් පහළ ගියා. මේක හැඳින්වුණේ The Nuclear Winter කියලා.

කොහොම වුණත් මේ මහා නෂ්ටවීම නිසා ඩයිනෝසරයන්ගේ ඉඳලා පෘථිවි ජීවයෙන් 75%-80% ක්ම නැත්තටම නැතිවෙලා ගියා..

(ඔව් ඔව් මේකෙනුත් කැරපොත්තා බේරුණා තමයි. නැත්තං ඉතින් කොහොමද තාමත් කැරපොත්තො ඉන්නෙ?)
____________________________________________
6) Anthropocene මහා නෂ්ටවීම..

පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න.. මම මුලදි කිව්වෙ මහා නෂ්ටවීම් 5ක් ගැනනෙ. එහෙනම් කොහෙන්ද මේ 6ක්??

ඇන්ත්‍රොපොසීන යුගය කියන්නෙ අපි මේ ඉන්න වර්තමාන යුගයට කියන නම. අමතක නම් ආපහු මුල ඉඳල කියවල බලන්න පෘථිවියේ මහා නෂ්ටවීම් 5න් 3කටම හේතුවුණේ අසාමාන්‍ය ලෙස වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළයාම නෙමෙයිද කියලා. ඉතින් අපි දැන් පසුකරමින් ඉන්නෙත් හරියටම ඒ වගේම කාලයක්. හැබැයි කලින්ට වඩා පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි කලින් නෂ්ටවීම් වලදි ස්වභාවිකව කාබන්ඩයොක්සයිඩ් වැඩිවුණත් දැන් නම් ඒක සිද්ධවෙන්නෙ මානව ක්‍රියාකරකම් නිසා වීම.

මිනිස්සු වාර්ෂිකව කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන 37ක් විතර වායුගෝලයට මුදාහරිනවා. වැඩිම දායකත්වය ඉන්දියාවෙන්, චීනයෙන් සහ ඇමරිකාවෙන්. මේ තරම් කාබන්ඩයොක්සයිඩ් විමෝචනයක් සමතුලිත කරගන්න සොබාදහමට හැකියාවක් නෑ. ඉතින් හරිතාගාර ආචරණයට ලක්වෙලා ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා.

මතක් කරල බලන්න හැම අවුරුද්දෙම ප්‍රවෘත්ති වලට "පසුගිය වසර 100 තුල වාර්තා වූ වැඩිම උෂ්ණත්වය මේ වසරේ වාර්තා වන බව විද්‍යාඥයින් පවසයි" වගේ එකක් වරදින්නෙ නෑ නේද? හැම අවුරුද්දෙම ඕක කියන්නෙ කලින් අවුරුද්දට වඩා ඒ අවුරුද්දෙ උණුසුම වැඩිවුණ නිසානෙ.

අමතක කරන්න එපා සොබාදහමේ ඉවසීමටත් සීමාවක් තියෙනවා. ඒ සීමාව පැන්නම එයා තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් අපිව සම්පූර්ණයෙන් විනාශ කරල දාන්න වුණත් දෙපාරක් හිතන්නෙ නෑ. සුපුරුදු පරිදි කැරපොත්තා නම් බේරෙයි. හැබැයි අපි නම් බේරෙන එකක් නෑ. ඒක නිසා 6 වෙනි මහා නෂ්ටවීමත් ලඟ ලඟම එන බව හොඳට මතක තියාගෙන ඉන්න එක කාගෙ කාගෙත් ඇඟට ගුණයි..

- රෙහාන් මෙන්ඩිස් ©

ප්‍රකාශ විද්‍යාවෙදි ආලෝක වර්තනය කියල හැඳින්වෙන්නෙ ආලෝක තරංගයක් එක් වර්තනාංකයක් ඇති පාරදෘශ්‍ය මාධ්‍යයක සිට වෙනත් වර්තනාංක...
12/11/2020

ප්‍රකාශ විද්‍යාවෙදි ආලෝක වර්තනය කියල හැඳින්වෙන්නෙ ආලෝක තරංගයක් එක් වර්තනාංකයක් ඇති පාරදෘශ්‍ය මාධ්‍යයක සිට වෙනත් වර්තනාංකයක් ඇති පාරදෘශ්‍ය මාධ්‍යයකට යාමේදී මාධ්‍ය දෙක අතර අතුරු මුහුණතේ දී තරංගයේ ප්‍රවේගය හා ගමන් දිශාව වෙනස් වීමනෙ. දිශාව වෙනස් වෙන හැටි නම් ස්නෙල් නියම දාගෙන ඉගෙනගත්තනෙ. ඒත් ආලෝක කිරණයේ වේගය වෙනස් වෙන හැටි ඉගෙනගත්තද? ආලෝකයේ වේගය ඇත්තටම එහෙම වෙනස් වෙනවද? ඔක්කොම කියෙව්වොත් උත්තරේ දැනගන්න පුළුවන්

"වර්තනය" ඉගෙනගත්තා හරිද?
==========================
ප්‍රකාශ විද්‍යාවෙදි ආලෝක වර්තනය කියල හැඳින්වෙන්නෙ ආලෝක තරංගයක් එක් වර්තනාංකයක් ඇති පාරදෘශ්‍ය මාධ්‍යයක සිට වෙනත් වර්තනාංකයක් ඇති පාරදෘශ්‍ය මාධ්‍යයකට යාමේදී මාධ්‍ය දෙක අතර අතුරු මුහුණතේ දී තරංගයේ ප්‍රවේගය හා ගමන් දිශාව වෙනස් වීමනෙ. දිශාව වෙනස් වෙන හැටි නම් ස්නෙල් නියම දාගෙන ඉගෙනගත්තනෙ. ඒත් ආලෝක කිරණයේ වේගය වෙනස් වෙන හැටි ඉගෙනගත්තද? ආලෝකයේ වේගය ඇත්තටම එහෙම වෙනස් වෙනවද? ඔක්කොම කියෙව්වොත් උත්තරේ දැනගන්න පුළුවන්.

මුලින්ම කියන්න ඕන මේක ලියන්න කලින් මම ලංකාවෙ ප්‍රසිද්ධ ගුරුවරු කීපදෙනෙක් youtube එකේ ප්‍රකාශ විද්‍යාව උගන්නන වීඩියෝ බැලුවා. හැබැයි එකක වත් මේ ගැන කිසිම පැහැදිලි කිරීමක් තිබ්බෙ නෑ. සමහරවිට සිලබස් එකේ නැති නිසා වෙන්න ඇති. අන්තර්ජාලයේ ශ්‍රී ලාංකීය වෙබ්අඩවි වල බැලුවා. ඒත් නෑ. සමහරවිට මේ සංසිද්ධිය අන්තර්ජාලය තුල සිංහලෙන් පැහැදිලි කෙරෙන එකම තැනත් මේක වෙන්න පුළුවන්. ඒක නිසා කල්පනාවෙන් කියවන්න. සරළව කියල දෙන්නම්.

මම උදාහරණයට ගන්නෙ රික්තයක තබා ඇති හතරැස් වීදුරු කුට්ටියකට යම් ආනතියකින් පතිත වන ආලෝක කිරණයක් වීදුරු කුට්ටිය තුලින් වර්තනය වෙලා ආපහු රික්තයට ඇතුල්වන අවස්ථාවක් (පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය නොවන අවස්ථාවක් සලකන්න).

මෙතනදි ඇත්තටම ආලෝක කදම්බයේ වේගය අඩුවෙනවා. මේක මාධ්‍ය ගණනාවකට පරීක්ෂණාත්මකව ඔප්පු කරපු දෙයක්. ඒත් මේකෙදි කොහොමද ආලෝක කදම්බයේ වේගය අඩුවෙන්නෙ?

මේ ගැන මත කිහිපයක් තියෙනවා. අපි එකින් එකට එමු.

1. අණු වල ගැටීම..

මෙකෙදි කියවෙන්නෙ රික්තය දිගේ ඇවිත් වීදුරුවට ඇතුළු වන ආලෝක අංශු හෙවත් ෆෝටෝන ගැටෙනවා වීදුරුවෙ තියෙන එක එක අණු වල. එතකොට ආලෝකයේ ගමන දිග වෙනවා. මොකද අණු ගොඩක ගැටි ගැටීනෙ යන්නෙ.

මේක හරියට නිකං ඔෆිස් ටයිම් එකට කොටුව ස්ටේෂන් එක ඇතුලෙ දුවගෙන යනව වගේ වැඩක්. සිය ගණනක් මිනිස්සුන්ගෙ ඇඟේ වැදි වැදි එක එක දිශා වලට ගිහින් අන්තිමට අපි හිතුවට වඩා දුරක් ස්ටේෂන් එක ඇතුලෙම ගිහින්. එතකොට ස්ටේෂන් එකෙන් එළියට එන්න පරක්කු වෙනවා. ඔය වගේම ආලෝක කදම්බයත් වීදුරු කුට්ටිය ඇතුලෙ සෑහෙන්න රස්තියාදු වෙලා පරක්කු වෙලා තමයි එළියට එන්නෙ. එතකොට අපිට නිරීක්ෂණය වෙනවා වීදුරු කුට්ටිය ඇතුලෙදි ආලෝකයේ වේගය අඩුවුණා කියලා.

හැබැයි ඕක බොරු!!!

ඔහොම වීදුරුවෙ තියෙන අණු එක්ක ගැටුණම ෆෝටෝන වලට නිශ්චිත දිශාවකින් එලියට එන්න බෑ. එකම දිශාවකින් වීදුරුවට පතිත කරන ආලෝක කිරණ 10ක් දිශා 10කින් වීදුරුවෙන් එළියට මතුවෙයි. මේ වගේ..

හැබැයි අපි දන්න වර්තනයෙදි ආලෝකය එළියට එන්නෙ නිශ්චිත දිශාවෙන්නෙ. එහෙනම් මේ මතය වැරදියි.

2. ඉලෙක්ට්‍රෝන විසින් ශක්තිය අවශෝෂණය කරගැනීම..

මේකෙදි කියන්නෙත් ටිකක් විතර කලින් වගේම කතාවක්. රික්තය දිගේ ආලෝක කිරණය හෙවත් ෆෝටෝන එනවා. ඇවිත් වීදුරු කුට්ටියට ඇතුල් වෙනවා. ඔන්න දැන් වීදුරුවෙ මග දිගට තියෙනවා පරමාණු ගොඩක්. මේ පරමාණු වල අඩු ශක්ති මට්ටම් වල ඉන්න ඉලෙක්ට්‍රෝන අර ආලෝකයේ ශක්තිය උරාගෙන ඉහළ ශක්ති මට්ටමකට යනවා. "ටිකක් වෙලා ගිහින්" ඒ ශක්තිය නැවතත් ආලෝකය ලෙස පිටකරමින් පහළ ශක්ති මට්ටමකට වැටෙනවා. ඔහොම කීපවරක් වෙලා තමයි අවසාන ආලෝක කිරණය වීදුරු කුට්ටියෙන් එළියට එන්නෙ. එතකොට ඔය "ටිකක් වෙලා" කියල අදහස් කරපු වෙලාවල් ටික තමයි ආලෝකයේ ගමනෙ වෙච්ච ප්‍රමාදය. ගමන ප්‍රමාදයි කියන්නෙ වේගය අඩුයි. ඕක තමයි අන්තිමට අපිට වීදුරුව තුලදි ආලෝකයේ වේගය අඩුවුණා කියල නිරීක්ෂණය වෙන්නෙ..

මේකත් වැරදියි!!!

ඔය ඉලෙක්ට්‍රෝන ටික ෆෝටෝන වල ශක්තිය උරාගන්නකොට එයා මතක තියාගන්නෙ නෑ ෆෝටෝනය ආවෙ මොන දිශාවෙන්ද කියලා. එහෙම මතක තියාගන්න මෙමරියක් ඉලෙක්ට්‍රෝනයකට නෑනෙ. ඉතින් එතකොට ටික වෙලාවකින් එයා ආපහු පරණ ශක්ති මට්ටමට වැටෙනකොට ආලෝකය විමෝචනය කරන්නෙ එයාට එවෙලෙට හිතෙන දිශාවට මිසක් කිසිම නිශ්චිත දිශාවකට නෙමෙයි. හරියට නිකං මේ වගේ..

ඔන්න දැන් ආපහු අර පළවෙනි තියරියේ අවුලම එනවා. ආලෝක කිරණ 10ක ආලෝක කදම්බයක් රික්තයේ ඉඳල යම් නිශ්චිත direction එකකින් වීදුරු කුට්ටියට ඇතුල් උනොත් ආපහු වීදුරු කුට්ටියෙන් එළියට යන්න ඕන අහඹු දිශා 10කට. හැබැයි අපි අත්දැකීමෙන්ම දන්නවා ආලෝකය එළියට එන්නෙ එක් නිශ්චිත දිශාවකින් විතරයි කියලා. එතකොට මේ මතයත් වැරදියි.

3. ඇත්තම සිද්ධිය..

කලින් අවස්ථා දෙකේදිම වැරදුනේ අපි ආලෝකයේ පදාර්ථමය ස්වභාවය ගැන විතරක් හිතන්න ගිය නිසා. නමුත් ආලෝකයේ තරංගමය ස්වභාවයකුත් තියෙනවා. කොහොමත් ආලෝකය කියන්නෙ විද්‍යුත් චුම්භක තරංගයක්නෙ. එහෙනම් ආලෝකයේ තරංගමය ස්වභාවයෙන් ප්‍රශ්නෙ විසඳගමු.

ඔන්න දැන් කලින් වගේම රික්තයේ ඉඳලා ආලෝක කිරණයක් වීදුරු කුට්ටියට ඇතුල් වෙනවා. ඒ එන්නෙ ආලෝකය නමැති විද්‍යුත් චුම්භක තරංගය. විද්‍යුත් චුම්භක තරංගයක් කියන්නෙ එකිනෙකට ලම්භකව සයිනාකාරව ඉදිරියට ගමන් කරන විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ චුම්භක ක්ෂේත්‍රයක්. මේ "විද්‍යුත්" හා "චුම්භක" ක්ෂේත්‍ර 2ම එකතු වුණාම තමයි "විද්‍යුත් චුම්භක" තරංගයක් වෙන්නෙ. මේකෙ එක කොටසක් වෙච්ච "විද්‍යුත්" ක්ෂේත්‍රය හරි අපූරු වැඩක් කරනවා.

මෙයා වීදුරු කුට්ටිය හරහා තමන්ගෙ ගමන යනගමන් එක්තරා වැඩක් කරනවා. ඒ තමයි වීදුරු කුට්ටියේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික කම්පනය කරන එක. ඔන්න දැන් වීදුරුවෙ ඉලෙක්ට්‍රෝනත් තරංග ආකාරයෙන් කම්පනය වෙමින් තරංගයක් ඉදිරියට යවනවා.

ඔන්න දැන් වීදුරුව ඇතුලෙ තරංග 2යි.

1. ආලෝක තරංගය.

2. වීදුරුවෙ ඉලෙක්ට්‍රෝන කම්පනය වෙලා ඇතිවුණ කම්පන තරංගය.

දැන් තමයි හොඳම හරිය පටන්ගන්නෙ..

1. ආලෝක තරංගය ඉදිරියට ගමන් කරන්නෙ ආලෝකයේ වේගයෙන්.

2. වීදුරුවෙ ඉලෙක්ට්‍රෝන වල කම්පන තරංගය ඉදිරියට ගමන් කරන්නෙ ආලෝකයේ වේගයට වඩා තරමක් අඩු වේගයකින්.

තරංග 2ක් එකට යනකොට මේ තරංග 2 එකතු වෙලා තනි තරංගයක් හැදෙනවා. ඕකට තමයි තරංග අධිස්ථාපනය කියලා සිංහලෙන් කියන්නෙ. තරංග අධිස්ථාපනය කියන්නෙ හරි ප්‍රයෝජනවත් දෙයක්. Radio signal transmission වලට, බන්ධනාගාර අවට signal jammers වලට විතරක් නෙමෙයි ඔයාලගෙ ෆෝන් එකේ තියෙන noise cancelling system එකටත් මේ සිද්ධාන්තය ප්‍රායෝගිකව යොදාගැනෙනවා. කතාව දිග්ගැස්සෙන නිසා ඒවා කියන්නෙ නෑ.

කොහොමහරි ඔන්න දැන් වීදුරුව ඇතුලෙ තියෙන්නෙ අර තරංග 2 එකතු වෙලා හැදුන තනි තරංගයක්. මේක ඉස්සරහට ගමන් කරන්නෙ කොච්චර වේගයෙන්ද? මෙතනින් තමයි අපේ කතාවට උත්තරේ ලැබෙන්නෙ.

අපේ combined wave එක ඇතුලෙ ඉන්න එක තරංගයක් ආලෝකයේ වේගයෙන් ගමන් කරනවා. අනිත් කෙනා සාපේක්ෂව හෙමින් ගමන් කරනවා. එතකොට දෙන්නා එකතු වෙලා හැදුන තනි තරංගය යන්නෙ මේ වේග 2ට අතරමැදි වේගයකින්. ඒ කියන්නෙ ආලෝකයේ වේගයට වඩා තරමක් අඩු වේගයකින්.

තේරුණේ නැත්තං මේ සරළ උදාහරණයෙන් තේරුම්ගන්න. ඔන්න IPL තරඟයක ග්ලෙන් මැක්ස්වෙල් සහ කුසල් කියල කෙනෙක් එකම කණ්ඩායමේ ක්‍රීඩා කරනව කියල හිතන්න.

මැක්ස්වෙල් තනියම ඕවර් එකක් bat කරොත් ලකුණු 30ක් විතර ගහයි. අර කුසල් කියන කෙනා තනියම ඕවර් එකක් bat කරොත් ලකුණු 3ක් විතර ගහයි.හැබැයි දෙන්නම එකතු වෙලා ඒ over එකම bat කරොත් ලකුණු 15ක් 20ක් ගහයි.

ඒ කියන්නෙ දෙන්නම එකතු උනොත් යන්න වෙන්නෙ අතරමැදි වේගයකින්. අපේ combined wave එකට උනෙත් ඕක.

දැන් මුළු කතාවම පැහැදිලියිනෙ? යම්කිසි පාරදෘශ්‍ය මාධ්‍යයක් තුලදී ආලෝකය කියල ගමන් කරන්නෙ ඇත්තටම ආලෝකයම විතරක් නෙමෙයි අර combined wave එකයි. ඒකෙ වේගය ආලෝකයේ වේගයට වඩා අඩුයි. අපි ආලෝකය ප්‍රචාරණය වෙන වේගය කියල මනින්නෙ ඒ combined wave එක ගමන් කරන වේගයයි. හැබැයි පොදුවේ මේක ආලෝකය කියලම හඳුන්වනු ලබනවා. ඒක නිසා වර්තනයේදී ආලෝකයේ වේගය වෙනස් වුණා කියලා සලකනවා. ඔන්න ඔහොමයි වර්තනයෙදි ආලෝකයේ වේගය වෙනස් වෙන්නෙ..

© රෙහාන් මෙන්ඩිස්

26/10/2020
✊💪
19/10/2020

✊💪

සහෝදරකම 😍✊💪💪
18/10/2020

සහෝදරකම 😍✊💪💪

ප්‍රමාණයෙන් ඉන්දියාවෙ වර්ගඵලයෙන් බාගයක් තරම් විතර විශාල, ඒත් කිසිම ලෝක සිතියමක නැති අපූරු පාවෙන දූපතක් අපේ පෘථිවියේ තියෙ...
30/09/2020

ප්‍රමාණයෙන් ඉන්දියාවෙ වර්ගඵලයෙන් බාගයක් තරම් විතර විශාල, ඒත් කිසිම ලෝක සිතියමක නැති අපූරු පාවෙන දූපතක් අපේ පෘථිවියේ තියෙනවා. මේ කියන්න යන්නෙ ඒ ගැන,

ලෝක සිතියමේ නැති පාවෙන දූපත
=============================

පාවෙන දූපතක් කිව්වට මම කිව්වෙ නෑනෙ අහසෙ පාවෙන දූපතක් කියලා.පහල පින්තූරෙ තියෙන්නෙ ගලිවර්ගෙ අහසෙ පාවෙන දූපත. මේක එහෙම එකක් නෙමෙයි මේක මුහුදෙ පාවෙන දූපතක්. මේක කෘත්‍රිම දූපතක්. මේ දූපත නිර්මාණය කරන්න ලාංකිකයනුත් ගොඩක් දායක වෙලා තියෙනවා. ඒත් ඇයි ඒ දූපත ගැන කවුරුත් නොදන්නෙ? ඇයි මෙච්චර විශාල දූපතක් ලෝක සිතියමේ නැත්තෙ?

මොකද මේක පාවෙන කසළ දූපතක්!

ලෝකෙ එක එක රටවල් වලින් මුහුදට බැහැර කරන ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය දියවැල් දිගේ ඇවිත් සාගරයේ තැන් තැන් වල දූපත් ලෙස ගොඩගැහෙනවා. අද අපි කතා කරන්න යන්නෙ එහෙම හැදුන විශාලම කසළ දූපත ගැන.

මේ තමයි The Great Pacific Garbage Patch.

මේකෙ විශාලත්වය වර්ගකිලෝමීටර් මිලියන 1.6ක්. ලංකාවෙ වර්ගඵලය යන්තම් වර්ගකිලෝමීටර් 65610යි. ඒ කියන්නෙ මේක දළ වශයෙන් ලංකාව වගේ 24 ගුණයක් විතර විශාල දූපතක්. තව ටිකක් තේරෙන්න කිව්වොත් මේක ප්‍රංශය, ජර්මනිය හා ස්පාඤ්ඤය කියන රටවල් තුනේම වර්ගඵලයේ එකතුව තරම් ලොකුයි. ඒ කියන්නෙ ඉන්දියාවෙන් බාගයක් තරම් ලොකුයි. ඉතින් මේක හදන්න ලාංකිකයො දායක වුණේ කොහොමද??

අපි බොහොම පුංචි රටක් තමයි. හැබැයි පරිසර විනාශය අතින් අපේ වැඩ නම් එච්චර පුංචි නෑ. ඒ අතින් අපි ලෝකෙම හොලවගෙනයි ඉන්නෙ. නවතම statista වාර්තා වලට අනුව ලෝකෙ 5 වෙනියට වැඩිම ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගරයට බැහැර කරන රට තමයි ශ්‍රී ලංකාව.

අපේ රට අවුරුද්දකට සාගරයට බැහැර කරන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 1.6ක්. ඒ කියන්නෙ කිලෝග්‍රෑම් 1,600,000,000ක්. ගාන කියවගන්නත් අමාරුයි නේද? ලෝකෙ වැඩිපුරම මුහුදට කුණු බැහැර කරන්නෙ චීනය. ඒ වසරකට මෙට්‍රික් ටොන් මිලියන 8.8ක්. හැබැයි ඉතින් එහෙම බැලුවට අපි හොඳයි කියල අපිට අත පිහිදගන්න හැකියාවක් නම් නෑ. මොකද චීනයේ ජනගහනය බිලියන 1.38ක් (2016 සංගණන වාර්තා). එහෙම බැලුවම චීනයේ එක මනුස්සයෙක් වාර්ශිකව සාගරයට බැහැර කරන කසළ ප්‍රමාණය ග්‍රෑම් 6ක් පමණයි. එතකොට ලංකාවෙ??

අපේ ජනගහනය මිලියන 21.2ක් (2016 සංගණන වාර්තා). එතකොට එක ශ්‍රී ලාංකිකයෙක් වසරකට සාගරයට බැහැර කරන කසළ ප්‍රමාණය ග්‍රෑම් 75.4ක්. අපෝ පොඩි ගාණයිනෙ. පොඩියට පෙනුනට අපි එක්කෙනෙක් චීන්නු 12ක් 13කගෙ තරම් කුණු ප්‍රමාණයක් මුහුදට බැහැර කරනවා. ඒක පුද්ගල සාගරයට කසළ බැහැර කිරීම අතින් අපි තමයි ලෝකෙ අංක එකේ පරිසර දූෂකයා වෙච්ච චීනයත් පරද්දල ලෝකෙ ඉහළින්ම වැජඹෙන්නෙ. ඉතින් වතුර බිංදුව බිංදුව එකතු වෙලා මහා විශාල ජලාශ හැදෙනව වගේ අපේ ග්‍රෑම් 75 ගානෙ එකතු වෙලා මේ වෙනකොටත් අති දැවැන්ත පරිසර හානියක් සිද්ධවෙලා ඉවරයි.

දැන් එතකොට මේ දූපත කොහෙද තියෙන්නෙ?

මේක තියෙන්නෙ පැසිෆික් සාගරයෙ ඇමරිකාවෙ කැලිෆෝනියාවට බටහිරින්. ඔය සිතියමේ පෙන්වල තියෙන තැන් වල තමයි මේ දූපත පිහිටන්නෙ. එතකොට කොහොමද මෙහෙම දූපතක් හැදුනෙ?

වසරෙ එක එක කාලයන් වලදි මුළු පෘථිවිය පුරාම සාගර වල උෂ්ණත්වය නිසි පරිදි නියාමනය කරන්න සොබාදහම උපයෝගී කරගත්ත හරි අපූරු ක්‍රියාවලියක් තමයි දියවැල් කියන්නෙ. ඉතින් ඒ දියවැල් දිගේ ලෝකෙ වටේම ඉඳලා කුණු අරගෙන එනවා. ඒ දියවැල් කිහිපයක්ම එකට එකතු වෙන තැනක් තමයි ඔය ඇමරිකාවට බටහිරින් පිහිටි ප්‍රදේශය.

පහල 2 රූපයේ ඔය රතු පාට ඊතල වලින් පෙන්නන්නෙ ඒ දියවැල් තමයි. එතකොට මේ එකතැන කැරකෙන දියවැල මොකක්ද? ඒවට කියන්නෙ Gyre (ජයර්) දියවැල් කියලා. ලෝකෙ සමහර තැන් වල මේ ජාතියෙ එකතැන කැරකෙන දියවැල් ඇතිවෙනවා. මේ ජයර් දියවැල් ඇතිවෙන්නෙ කොරියෝලිස් ආචරණය (Coriolis Effect) නිසා.

කවුද මේ කරෝලිස්?

කරෝලිස් නෙමෙයි මේ කොරියෝලිස් ආචරණය. පෘථිවිය භ්‍රමණය වෙනවනෙ. එතකොට පෘථිවියේ මතුපිට පෘෂ්ඨයේ හැම තැනක්ම විශාල වේගයකින් ගමන් කරනවා. සමකය මත පිහිටි ලක්ෂ්‍යයක් නම් තත්පරයට මීටර් 463ක විතර වේගයකින්. ඒ කියන්නෙ පැයට කිලෝමීටර් 1667ක විතර දැවැන්ත වේගයකින්. අපිට නොදැනුනාට සමකය අසලම පිහිටි අපේ රටත් ඊට කිට්ටු වේගයකින් නොනැවතී ගමන් කරනවා. ඉතින් මේ අධික වේගයෙන් ගමන් කරද්දි පෘථිවියේ සාගර මත බල ඇතිවෙනවා (හරියට අපි වතුර බේසමක් වේගයෙන් චලනය කරොත් වතුර මත බලයක් ඇතිවෙලා වතුර ටික බේසමේ එක පැත්තකට එකතු වෙනවා වගේ). ඔන්න ඔහොම සාගර මත බල ඇතිවෙන සංසිද්ධියට තමයි කොරියෝලිස් ආචරණය නැත්තං Coriolis Effect කියන්නෙ.

මේ සංසිද්ධිය නිසා තමයි අර කලින් කියපු ජයර් දියවැල් ඇතිවෙන්නෙ. ඉතින් දියවැල් කිහිපයක් ලෝකෙ වටෙන්ම අරන් එන කුණු ඔක්කොම එක තැනකට ගොඩ ගහලා දූපතක් හැටියට පවත්වගෙන යන්නෙ මේ ජයර් දියවැල් තමයි. වසරෙ එක එක කාලයන් වලදි මේ දියවැල් ගමන් කරන හැටි වෙනස් වෙන නිසා තමයි මේ කසළ දූපතට එක නිශ්චිත පිහිටීමක් නැතුව කාලෙකදි ටිකක් විතර හවායි පැත්තට බරවෙන්නෙත් ඉතුරු කාලෙදි ඇමරිකාව පැත්තට බරවෙන්නෙත්.

දූපතේ සංචාරයක්

පහල 4,5 රූප වල තියෙන්නෙ ලෝකෙ විශාලම කසළ දූපත් 5 තියෙන තැන්. අපිට යටිනුත් එකක් තියෙනවා. ඊතළ වලින් කියවෙන්නෙ ඒවා පිහිටි පෘථිවි අර්ධගෝලය අනුව භ්‍රමණය වෙන දිශාවන්. මේවා වලින් සාගර ජීවීන්ට වෙන හානිය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ කියලා හිතනවා.

අපි මෙච්චර වෙලා කතා කරපු Great Pacific Garbage Patch දූපතේ බර මෙට්‍රික් ටොන් 80,000ක් විතර. මේකෙ තියෙනවා ප්ලාස්ටික් කැබලි ට්‍රිලියන 1.8ක්. ඒ කියන්නෙ 1,800,000,000,000ක්. කොහොමද ගාන? බිංදුම 11ක් තියෙනවා. ඒ කියන්නෙ average එකක් ලෙස ගත්තම කුණු දාපු නොදාපු ලෝකෙ හැම එක මනුස්සයෙක්ගෙම ගිණුමට කැබලි 250ක් බැගින් බැර වෙනවා.

ඉතින් මේකට මොකද කරන්නෙ?

තුනී පොලිතීන් බෑග් දිරාපත් වෙන්න වසර 10 - 20 යනවා.Lunch sheets ඇතුළු අනෙක් පොලිතීන් දිරාපත් වෙන්න වසර 20 - 30 යනවා.ඇලුමිනියම් කෑන් වලට වසර 80 - 200.බීම බට වසර 200ප්ලාස්ටික් බෝතල් වසර 450.ප්ලාස්ටික් මූඩි වසර 450 - 1000වීදුරු බෝතල් දළ වශයෙන් වසර මිලියනයක්

ප්ලාස්ටික් නිර්මාණය කෙරුනෙ 1907දි (Wikipedia). ඒ කියන්නෙ ලෝකෙ හදපු පළමු ප්ලාස්ටික් බෝතලයත් තවම ස්වභාවිකව දිරාපත් වෙලා නැහැ කියන එකයි. ඒක දිරාපත් වෙන්නෙත් වර්ෂ 2357දි. කොහොමද විනාශයේ තරම?

එහෙමයි කියල මේ දේවල් බලාගෙන ඉන්නත් බැරි නිසා මේ සාගර දූෂණය නතර කරන්න අපි තරම් ආත්මාර්ථකාමී නොවන සමහර රටවල් වල මිනිස්සු එකතු වෙලා විවිධ දේවල් කරමින් ඉන්නවා. ඉන් එකක් තමයි නෙදර්ලන්ත ජාතික Boyan Slat ඇතුළු පිරිස සිදුකරන ව්‍යාපෘතිය. ඔවුන් අනුමාන කරන්නෙ ඔවුන්ට වසර 10කින් මේ කසළ ප්‍රමාණය 50%ක් දක්වා අඩු කරන්න පුළුවන් වෙයි කියලා. මේ එක ව්‍යාපෘතියක් විතරයි. එකක් දෙකක් නෙමෙයි මේ වගේ ව්‍යාපෘති තව ගොඩක් තියෙනවා. පාරවල් වලට තාර වෙනුවට ප්ලාස්ටික් අතුරන ක්‍රමවේදයත් එහෙම එකක්. හැබැයි තාම ඒක තියෙන්නෙ පරීක්ෂණ මට්ටමේ. ඉතින් මේ ව්‍යාපෘති සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන් තවදුරටත් මේ විනාශයේ කොටස්කරුවෙක් නොවී පරිසරයට බැහැර කරන ප්ලාස්ටික් ප්‍රමාණය හැකි පමණින් අවම කරන්න ඔබත් මේ මොහොතේ සිට වත් හිතාගන්නව නම් ඒක අනාගත පරපුර වෙනුවෙන් ඔබට ඉටුකරන්න පුළුවන් ලොකුම යුතුකමක්!

-රෙහාන් මෙන්ඩිස්

Address

Galle
80080

Telephone

+94711190966

Website

Alerts

Be the first to know and let us send you an email when The Third Eye posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Third Eye:

Videos

Share

Category