Emerald Express Digital Magazine

Emerald Express Digital Magazine ඩිජිටල් සගරා කලාවේ නව්‍යතම පෙරළිය .. Emerald Express Digital Magazine
(2)

“පුංචි තිරයේ නපුරු රැජිණිය...., එයා හරි ආදරණීය මනුස්සයෙක්...”. 🖤😍🌻Bhumi Wickramasinghe PhotographyMalkanthi Jayasinghe 😍...
25/11/2024

“පුංචි තිරයේ නපුරු රැජිණිය...., එයා හරි ආදරණීය මනුස්සයෙක්...”. 🖤😍🌻

Bhumi Wickramasinghe Photography

Malkanthi Jayasinghe 😍

Dress - La AKIRA
Makeup - Sindrella
Location - Balalaika Gallery Café

Top Fans

Emerald Express Digital Magazine

Happy Birthday President 😍❤️Anura Kumara Dissanayake  දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක ඒ ඔහුගේ සම්පූර්ණ නමයි. ...
24/11/2024

Happy Birthday President 😍❤️

Anura Kumara Dissanayake


දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක ඒ ඔහුගේ සම්පූර්ණ නමයි. ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුතේගම ග්‍රාමයේ 1968 නොවැම්බර් 24 වැනි දින ඔහු උපත ලබන්නේ. ඔහුගේ පියා කම්කරුවෙක් ඒ වගේම ඔහුගේ මව ගෘහණියක් වූ අතර ඔහුට සිටියේ එක් සහෝදරියකි.

දිසානායක තඹුතේගම ගාමිණී මහා විද්‍යාලයෙන් සහ තඹුතේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර, එම විද්‍යාලයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ පළමු ශිෂ්‍යයා බවට පත් වුණා. පාසල් වියේ සිටම ජවිපෙට සම්බන්ධ වූ දිසානායක, 1987දී ජවිපෙට බැඳුණු අතර, ශිෂ්‍ය දේශපාලනයේ ක්‍රියාකාරී වෙමින්, 1987-1989 ජවිපෙ කැරැල්ලේ ආරම්භයත් සමඟ 1987 සිට පූර්ණ කාලීන දේශපාලන කටයුතුවල නිරත වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු එහි වූ තර්ජන හේතුවෙන් මාස කිහිපයකට පසු පිටව ගියේය. ඔහු වසරකට පසුව 1992 දී කැලණිය විශ්වවිද්‍යාලයට මාරු වී 1995 දී භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලබා ගත්තා .

ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ජනතා විමුක්ති පෙරමුණේ එනම් JVP යේ (2014 සිට) නායකයා වුණා. පක්ෂයේ පෙරළියත් එක්ක වත්මනේදී ජාතික ජන බලවේගයේ (2019 සිට) වත්මන් පක්ෂ නායකයා වෙනවා. 2019 වසරේ හිටපු ජනාධිපති අපේක්ෂකයෙකු වන ඔහු 2024 ශ්‍රී ලංකා ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දූෂණ විරෝධී වේදිකාවක් මත ප්‍රචාරක කටයුතුවල නියැලුණා.

අරගලය හා විවිධ බදු වලින් පීඩා වින්ද මිනිසුන්ගේ ඡන්දය විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ ඡන්ද වලින් බොහෝ ප්‍රමාණයක් ලබාගනිමින්.. අපේක්ෂකයින් 38 දෙනෙක්ගෙන් ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනකු අතර තිබු කරට කර සටනින් ජනතා ආදරය දිනා ගනිමින් ජනතාවගේ රජු ලෙස තේරී පත්වීමට කම්කරුවෙක් ගේ පුතෙකු වු අනුර කුමාර දිසානායක සමත් වුණා.

මෙම රට එක්සේසත් කරමින් අපේ රට වගේම අපෙත් වත්මන් ජීවිතය හා අනාගතය ආලෝකමත් කරන්න ශක්තීය වීර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

✍️ Melanie Fresankothen

Sri Lanka 🇱🇰,  Congratulations!! Megha Sooriyaarachchi ශ්‍රී ලංකාවේ අපේ දුඹුරු ඇස් ඇති කුමාරයා Pepoles Choice Award එක ද...
24/11/2024

Sri Lanka 🇱🇰, Congratulations!!

Megha Sooriyaarachchi

ශ්‍රී ලංකාවේ අපේ දුඹුරු ඇස් ඇති කුමාරයා Pepoles Choice Award එක දිනාගෙන තියෙනවා.

ඊට අමතරව peoples Choice National Costume Award එකත් දිනාගෙන තියෙනවා.

Emerald Express Digital Magazine





Amaran බැලුවද? සත්‍ය විරයෙක්ගේ කැපකිරිම් ආදරය ගැන ලස්සනට කියන මේජර් මුකුන්ද් ගේ සත්‍ය කතාවේ සාරය ගත්තු මේ ෆිල්ම් එකේ හැම...
23/11/2024

Amaran බැලුවද?

සත්‍ය විරයෙක්ගේ කැපකිරිම් ආදරය ගැන ලස්සනට කියන මේජර් මුකුන්ද් ගේ සත්‍ය කතාවේ සාරය ගත්තු මේ ෆිල්ම් එකේ හැමෝම කතා වුණේ ඉන්දු මුකුන්ද් ආදරේ ගැන..

හැබෙයි, මේජර් මුකුන්ද්ව අවාසනය තෙක් අත්නොහැරී ඔහු තමා "සපෙයි වික්‍රම් සිං" මෙම චරිතය නිරූපණ කලේ බුවන් අරෝරාය.

ආදරණිය මිතුදමකට ආදර්ශය දුන් අමරන් චිත්‍රටයේ සිව කාර්තිකන් සහ බුවන් රෑගත කිරිම් අතර තුර ලබා ගත් චායාරූප කිහිපයක්..🎬❤️

Emerald Express Digital Magazine

゚viralシfypシ゚

අප අතරින් නික්ම ගිය Derana Dream Star Seson 6 හී දක්ෂ තරඟකරැවෙකු වූVisharad Amesh Ranwala ඔබට නිවන් සුව!!🥺🙏Emerald Expre...
23/11/2024

අප අතරින් නික්ම ගිය Derana Dream Star Seson 6 හී දක්ෂ තරඟකරැවෙකු වූ

Visharad Amesh Ranwala ඔබට නිවන් සුව!!🥺🙏

Emerald Express Digital Magazine

゚viralシfypシ゚

සොනාලිට ජීවිතේ කියා දුන්නු "පොත"සොනාලි බෙන්ද්‍රෙ හැඳින්වුනේ  90 දශකයේ අහිංසකාවිය කියලා.. ඒකට සොනාලි රඟපාපු චරිතත් හේතු ව...
23/11/2024

සොනාලිට ජීවිතේ කියා දුන්නු "පොත"

සොනාලි බෙන්ද්‍රෙ හැඳින්වුනේ 90 දශකයේ අහිංසකාවිය කියලා.. ඒකට සොනාලි රඟපාපු චරිතත් හේතු වෙන්න ඇති.. ඊටත් එහා, ඈ බොහොම නිහඬ , කලබලයක් නැති , එතරම් සමාජ ශීලී නොවන කෙනෙක්...!!

මේ කතාව කියන්නෙ කරිශ්මා කපූර් , ඒ මෑත කාලෙ තිබ්බ එක්තරා රියැලිටි වැඩසටහනකට..!!

" සොනාලියි මම එකට රඟපෑවෙ 1999 වසරේ තිරගත වුන හම් සාත් සාත් හේ චිත්‍රපටයේ .. මට මුලින්ම සොනාලි හම්බුනාම මම සැහෙන්න එයත් එක්ක යාළු වෙන්න උත්සාහා ගත්තා.. ඒත් මේ කෙල්ල වැඩි කතාවක් නෑ... ශූටින් ඉවර වුන ගමන් පැත්තකට වෙලා පොතක් කියවනවා..

මම , තබ්බූ, සල්මාන්, සායිෆ් , නීලම් ජී.. ඇපි හැමෝම විහිළු කර කර, එක එක ගේම්ස් කර කර විනෝද වෙනවා.. ඒත් මේ කෙල්ල නෙමේ ඇහැක් ඇරලා බලන්නෙ..

පොතේමයි ජීවිතේ.." - කරිශ්මා කපූර්

ඇත්ත.. ඇගේ ජීවිතේම තිබ්බෙ පොතේ.. සොනාලි කියන්නෙ පොත් පිස්සියක්.. ඒ නිසාම ගෙදර ලොකු පුස්තකාලයකුත් හදාගෙන.. සෙට් එකක ශූටින් යන හැම වෙලාවකම පොතක් අතේ තියන් යන එක තමයි සොනාලිගෙ සිරිත.. බොහෝ ශූටින් වල සොනාලිගෙ අතේ තියෙන පොත් ඇත්තටම එයා කියව කියව හිටිය පොත්. ශූටින් එකටත් ඒ විදිහටම අරගෙන.. දිල් හේ දිල් මේන්, සර්ෆරෝශ්, හම් සාත් සාත් හේ වගේ චිත්‍රපට වල මේ සොනාලි පොත් අතින් ගත්තු දර්ශණ ඔබට මතක ඇති..

ඊටත් එහා.., පහුගිය කාලෙ සොනාලි දරුණ් පිළිකාවකින් පීඩා විඳින කාලෙත් හිතේ ඇතිවෙන පීඩනය, බලාපොරොත්තු කඩවිම්, බිඳවැටීම් හැම දේම දරාගත්තෙ පොත් හින්දා කියලයි සොනාලි කියන්නෙ ..

සොනාලි පොත් කියවන්නියක් වගේම ලියන්නියක්.. ඒ වගේම සොනාලි ඔන්ලයින් බුක් ශෙල්ෆ් එකකුත් පවත්වාගෙන යනවලු එයාගෙ රසිකයන් වෙනුවෙන්...!!

කොහොම නමුත් දැන් ඈ සෑහෙන දුරකට සුවය ලබා අවසන්.. ඒත් ට්‍රීට්මන්ට්ස් නම් නතර කරලා නෑ කියලයි කියන්නෙ

© Charith Moragoda

Respect to owner✍️

Emerald Express Digital Magazine

゚viralシfypシ゚

අපේ කොල්ලව ලෝකෙන්ම ඉහළට අරන් යන්න ඔයාගේ Vote එකත් දැම්ම දෙන්න.. 🔥😍Link එකට ගිහින් vote කරන්න..!https://mrworld.1voting.c...
22/11/2024

අපේ කොල්ලව ලෝකෙන්ම ඉහළට අරන් යන්න ඔයාගේ Vote එකත් දැම්ම දෙන්න.. 🔥😍
Link එකට ගිහින් vote කරන්න..!

https://mrworld.1voting.com/thi-sinh/asiaoceania/sri-lanka-037

Emerald Express Digital Magazine

゚viralシfypシ゚

සනී ලියෝනි නම් වූ 'අම්මා' 🩷🥹ඔව්. අපි හැමෝම දන්නෙ ඇය නිල් චිත්‍රපටි නිළියක් විදිහට. ඒත් ඒ ටයිට්ල් එකට වඩා මං ඇය තුළින් ...
22/11/2024

සනී ලියෝනි නම් වූ 'අම්මා' 🩷🥹

ඔව්. අපි හැමෝම දන්නෙ ඇය නිල් චිත්‍රපටි නිළියක් විදිහට. ඒත් ඒ ටයිට්ල් එකට වඩා මං ඇය තුළින් විශිෂ්ඨ මවක් හා බිරිඳක් දකිනවා. 2005 ඉඳන්ම නිල් චිත්‍රපටි නිළියක් වුණු සනී ලියෝනි 2011 දි විවාහ වෙනවා. ඒ ඇමෙරිකානු නළුවකු වන ඩැනියල් වෙබර් සමඟ. ඩැනියල් කවදාවත් විවාහයට ඇයව තෝරගත්තත් ඇගේ වෘත්තිය නවත්තන ලෙසට බලපෑම් එල්ල කළේ නෑ. නමුත් පවුල් ජීවිතයට මුල් තැන දුන් සනී කෙටි කලකින් සිය වෘත්තියෙන් සමුගන්නවා.

විවාහයෙන් වසර හයක් ගෙවෙද්දි ඔවුන් තීරණය කරනවා මහාරාෂ්ට ප්‍රාන්තයේ ගමක උන් පුංචි දැරියක් හදාවඩාගන්න. ඇයට නම තියනවා නිශා කෝර් වෙබර් ලෙසින්. ඒ සනීගේ නියම නම වෙන කෙරන්ජිත් කෝර් වොහ්රා නමේ කොටසකුත් අරගෙන. ඉන් වසරක් ගෙවෙද්දි සරෝගසි ක්‍රමයට ඔවුන්ට බිහිවෙනවා නිවුන් පුතුන් දෙදෙනෙක්. ඔවුන් ආශර් සහ නෝවා.

නිශාව සනී දකින්නෙ නියගයක⁣ට හසුවුණු දුෂ්කර ගම්මානෙකින්. ඒ වෙද්දි ජීවිත සටනට මුහුණ දීමෙන් හෙම්බත් වුණ නිශාගේ දෙමාපියෝ සියදිවි නසාගෙන තිබුණා. සනී තීරණය කරනවා හැමෝගෙන්ම ප්‍රතික්ෂේප වෙමින් හිටපු මේ කළු පුංචි කෙල්ලව හදාවඩාගන්න.

මේ වෙද්දි සනීගේත් ඩැනියල්ගේත් විවාහ දිවියට වසර 13ක් සපිරෙනවා. ඔවුන් මාලදිවයිනේ හරිම ලස්සනට ඔවුන්ගේ විවාහ සංවත්සරය සමරලා තිබුණා. විටින් විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙන මේ අපූරු පවුලේ ඡායාරූප, වීඩියෝපට දකිද්දි මට මතක් වෙන පළමු කරුණ ඇය නිල් චිත්‍රපටි නිලියක් බවනම් නෙවේ. ඇගේ මව්වත් ගුණයේ ඇති විශිෂ්ඨත්වය ගැනයි.

මීට කාලෙකට උඩදි Stand Up comedy වැඩසටහන⁣කට ඇවිත් සනී ලියෝනි තමන්ගෙ සැමියවත් ඉස්සරහා තියාගෙන ලස්සන කතාවක් කියනවා ඔබට මතක ඇති.

"හායි. මම සනී ලියෝනි. ඔයාලා හැමෝම මාව දන්නවා මං මගේ අතීතෙදි කරපු දෙයක් නිසා. ඔබ සියල්ලන්ම ඒ ඔස්සේ මාව විනිශ්චය කර ඇති නිසා මම මේ මොහොතේ තරමක් ලැජ්ජයි.

නමුත් මට මේ කතාව වෙන පැත්තකට ගෙන යා යුතුයි. මොකද මං දන්නවා ඔයාලා දැන් හිතන දේ..

ඒ තමයි ###.. ###.. ###..

සනී ලියෝනිට හැමදාම ඕන වුණේ Happy ending එකක්. මං මට වෛර කරන්නන් ගැන සැලකිලිමත් වෙන්නෙ නෑ. මොකද මට ඉන්නවා ගෙදර කවිච්චියේ සැනසිල්ලේ ඉඳගෙන ජීවිතේ විඳින්න පුළුවන් සරාගී සැමියෙක් සහ ලස්සන, පුංචි දරුවො ⁣තුන්දෙනෙක්.

වයින් වීදුරුවයි. කනගාටු ශුන්‍යයි.

මේක තමයි මගේ Happy Ending එක."

සනී ලියොන් 2016 දී BBC හි වඩාත්ම බලගතු කාන්තාවන් 100 දෙනා අතරට ගියේ තවත් ඉන්දියානු කාන්තාවන් හතර දෙනෙකු සමඟයි. මෙය ඉන්දියානුවන්ට විශාල ජයග්‍රහණයක් නමුත් කිසිවෙකුත් එය සැබවින්ම සැමරුවේ නෑ. ඒ ඇතැම්විට ඇය ලොව පුරා පිරිමින්ට ආශ්වාදය සැපයූ ප්‍රසිද්ධ නිල් චිත්‍රපටි නිලියකගේ භූමිකාවෙන් ගලවාගන්නට ඉන්දියානු මිනිසුන්ට අපහසු වූ නිසා වෙන්න ඇති.

සනී ලියෝනි කියන්නෙ අදටත් වැඩිපුරම ගූගල් කරන කාන්තාවක් බවට සැකයක් නෑ. ඊට හේතු වෙනස් විය හැකියි. නමුත් ඇයට තවමත් ශක්තිමත් රසික පිරිසක් සිටිනවා. ඇයට බොහෝදෙනකු ආදරය කරන්නේ ජීවිතය පිළිබඳ ඇගේ වටිනා ආකල්පය සහ ඇගේ ශක්තිමත් තීරණ නිසායි. ඒ වගේම මොන විදිහට තමන් ගාවට දරුවො ළං කරගත්තත් ඒ අම්මා අම්මාමයි.

සුබ විවාහ සංවත්සරයක් සනී!!!

✍️එරන්දි කෞශල්‍යා

Emerald Express Digital Magazine

゚viralシfypシ゚

අපි හැමෝම ආසයි නේ මනස Relax වෙන්න නටන්න❤️මේ ඉන්නේ තමන්ගේ නර්තන හැකියාවෙන් අපූරු ගමනක් යන සුන්දර ලාලිත්‍යයක් හිමි තරැණියක...
21/11/2024

අපි හැමෝම ආසයි නේ මනස Relax වෙන්න නටන්න❤️
මේ ඉන්නේ තමන්ගේ නර්තන හැකියාවෙන් අපූරු ගමනක් යන සුන්දර ලාලිත්‍යයක් හිමි තරැණියක්💓

De with Noor Dancing Group

Emerald Express Digital Magazine

゚viralシfypシ゚

Emerald Express Digital Magazine අපි අලුතින්ම පටන්ගත්තු විශේෂාංගය තමයි The Favour 10 කියන්නේ😍ඉතින් අපිත් එක්ක පලවෙනියාටම...
20/11/2024

Emerald Express Digital Magazine අපි අලුතින්ම පටන්ගත්තු විශේෂාංගය තමයි The Favour 10 කියන්නේ😍

ඉතින් අපිත් එක්ක පලවෙනියාටම එකතු වුනේ නවක නැගී එන රංගන ශිල්පී දිලින්ද තාරැක❤️

Next Favour Test එකට එන්නේ ඔයාලා හැමෝම දන්න Dream Star තාරකාවියක් guess කරන්න බලමු😍

゚viralシfypシ゚

කාගෙත් හිත යන එයාගේ වැඩකිඩ ටික❤️😍Wild Cookbook Emerald Express Digital Magazine  ゚viralシfypシ゚
20/11/2024

කාගෙත් හිත යන එයාගේ වැඩකිඩ ටික❤️😍

Wild Cookbook

Emerald Express Digital Magazine

゚viralシfypシ゚

20/11/2024

Emerald Express Digital Magazine අපි ගැන මොකද හිතෙන්නේ ?

හැම චෙෆ් කෙනෙක්ගේම හීනයක් තමයි තමන්ටම කියලා Cafe එකක් එහෙම Restaurant එකක් තියන තැනට එන එක❤️තමන්ගේ ආකර්ෂනිය ඉවුම් පිහුම්...
19/11/2024

හැම චෙෆ් කෙනෙක්ගේම හීනයක් තමයි තමන්ටම කියලා Cafe එකක් එහෙම Restaurant එකක් තියන තැනට එන එක❤️

තමන්ගේ ආකර්ෂනිය ඉවුම් පිහුම් කලාවෙන් මෙරට පමණක් නොව ලෝකයෙත් රස ලෝලීන්ගේ සිත් දිනා ගත් ඔහු එම හීනය සැබෑවක් කරගත්තා.

හුරුබුහුටි පෙනුමෙන්, නිහතමානී බවින් හදවත් හොරාගත් සමාජ මාධ්‍ය තරුව Wild Cookbook හෙවත් Charith N Silva ඊයේ ඔහුගේ ප්‍රථම අවන්හල විවෘත කරමින් ඔහුගේ ජීවිතයේ තිබූ සිහිනයක් සැබෑ කරගත්තා.

Wildish ලෙසින් නම් කර ඇති මෙය කොළඹ ස්ටේපල් වීථියේ Capitol Twin Peaks ගොඩනැගිල්ල තුළ පිහිටා තියෙන්නෙ.

Emerald Express Digital Magazine

゚viralシfypシ゚

කේරළයේ තිරුවල්ලහී කොඩියට්ටු වංශයෙන් පැවත එන මලයාලි කතෝලික  දෙමව්පියන් වන කුරියන් කොඩියට්ටුට හා ඔමානා කුරියන්ට දාව ඉන්දිය...
18/11/2024

කේරළයේ තිරුවල්ලහී කොඩියට්ටු වංශයෙන් පැවත එන මලයාලි කතෝලික දෙමව්පියන් වන කුරියන් කොඩියට්ටුට හා ඔමානා කුරියන්ට දාව ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බැංගලෝරුහී දී උපත 1984 නොවැම්බර් 18 වන දින නයන්තාරා උපත ලැබුවා ය. ඇයට වඩා අවුරුදු 9ක් වැඩිමල් ඇගේ සහෝදරයා වන ලේනු කුරියන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වෙයි. නයන්තාරාගේ පියා ගුවන් හමුදා නිලධාරියෙකු වු බැවින් නයන්තාරාට අධ්‍යාපනය ලබන්නට සිදු වූයේ උතුරු ඉන්දියාවෙයි. ඇය ගුජරාටයේ ජම්නගර්හී දී හා දිල්ලියේදී මූලික පාසල් අධ්‍යාපනය ලැබුවා ය. පසුව තිරුවල්ලහී Balikamadom Girls Higher Secondary Schoolහී දී ද්විතීයික අධ්‍යාපනය හදාරා තිරුවල්ලහී Marthoma Collegeහී දී ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ උපාධිය අවසන් කළා ය.

නයන්තාර ඉපදුනේත් හැදීවැඩුනේත් සිරියානු ක්‍රිස්තියානි භක්තිකයෙකු ලෙසය. නමුත් දෙදහස් එකොලහ වසරේ අගෝස්තු මස හත්වනදා චෙන්නායිහි ආර්‍ය සමාජ් කෝවිලෙහිදි ඇය විසින් හින්දු ධර්මය වැලඳ ගන්නා ලදී. ඇය විසින් හින්දු ආගම වැලඳ ගැනීමේදී සිදු කල යුතු සියලුම චාරිත්‍ර සම්පූර්න කල අතර එයින් පසුව හින්දු ආගම වැලඳගත් බව තහවුරු කරමින් ඇයට සහතික පත්‍රයක් නිකුත් කර ඇත. එමෙන්ම එතැන් සිට නයන්තාරා යන නාමය ඇය විසින් නිල වශයෙන් භාවිතා කිරිමද ආරම්භ කරන ලදී.

නයන්තාරා යන වේදිකා නාමයෙන් ප්‍රධාන වශයෙන් දකුණු ඉන්දියානු චිත්‍රපටවල පෙනී සිටින ඇය දැනට වැඩිම වැටුපක් ලබන දකුණු ඉන්දිය නිළිය මැය වේ.

නයන්තාරා රංගන වෘත්තියට පිවිසුණේ 2003 මලයාලම් චිත්‍රපටයක් වූ මනස්සිනක්කරේ තුළින් ජයරාම් සමග රංගනයේ යෙදෙමිනි. ඇය දෙමළ සිනමාවට පිවිසියේ අයියා (2005) චිත්‍රපටය තුළින් වන අතර තෙලිඟු සිනමාවට පිවිසියේ ලක්ෂ්මි (2006) චිත්‍රපටය තුළිනි. මෙම චිත්‍රපට ද්විත්වයම සාර්ථක විය. අනතුරුව ඇය චන්ද්‍රමුඛී (2005), ඩුබායි සීනු (2007), තුලසි (2007), බිල්ලා (2007), යාරඩි නී මොහිනී (2008), ආදවන් (2009), අදූර්ස් (2010), සිංහා (2010), බොස් එංගිරා භාස්කරන් (2010), ශ්‍රී රාම රාජ්‍යම් (2011), රාජා රාණි (2013), ආරම්බම් (2013), තනි ඔරුවන් (2015), මායා (2015), නානුම් රෞඩි දාන් (2015), බාබු බංගාරම් (2016) සහ ඉරු මුගන් (2016 වැනි ආර්ථික වශයෙන් සාර්ථක දෙමළ හා තෙලිඟු චිත්‍රපට ගණනාවකට දායක වූයේ අනුෂ්කා ෂෙට්ටිගෙන් පසු දකුණු ඉන්දියාවේ වැඩිම ආදායමක් ලබන නිළිය බවට පත්වෙමිනි.

2010දී ඇය සිය කන්නඩ චිත්‍රපට ආගමනය සනිටුහන් කළේ කන්නඩ-තෙලිඟු දිවීභාෂා චිත්‍රපටයක් වන සුපර් තුළිනි. මෙය මෙතෙක් ඇගේ එකම කන්නඩ චිත්‍රපටය වේ. ශ්‍රී රාම රාජ්‍යම් චිත්‍රපටයේ (2011) සීතා ලෙස ඇගේ රංගනය නිසා ඇයට හොඳම තෙලිඟු නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය සහ හොඳම නිළිය සඳහා නන්දි සම්මානය හිමි විය. රාජා රාණි (2013) සහ නානුම් රෞඩි දාන් (2015) චිත්‍රපට සඳහා ඇයට හොඳම දෙමළ නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි විය. කෝචි ටයිම්ස් පුවත්පත විසින් ඇයව "2014 වර්ෂයේ වඩාත් ප්‍රියමනාප නිළියන් 15 දෙනාගේ ලැයිස්තුව"ට ඇතුළත් කරන ලදී.පුතිය නියාමම් (2016) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය 2017දී හොඳම මලයාලම් නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි කරගත්තේ ඇගේ මව්භාෂාවෙන් ලද ප්‍රථම ෆිල්ම්ෆෙයාර් සම්මානය ලෙසයි. රාජා රාණි චිත්‍රපටයට හා දෙමළ සිනමාවේ අග්‍රගණ්‍ය නිළියක් ලෙස ඇය තමිල්නාඩු රජයේ සම්මානය හිමිකර ගත්තාය. Forbes India Celebrity 100 (2018) ලැයිස්තුවට ඇතුළත් වූ පළමු දකුණු ඉන්දීය නිළිය වූයේ ඇයයි. ඒ ඇයගේ ඉන්දියානු රුපියල් කෝටි 15.17ක් ඉපැයීම වෙනුවෙනි.

සටහන : Melanie Fresankothen ✍️

゚viralシfypシ゚

16/11/2024

Top Fans ලාට අලුත් වැඩක් ළඟදීම❤️
ඔයාලා ලෑස්තිද? fans

අලුත් වීඩියෝ එකක් ලීක් වෙලාලු නේද ?👉🏽ඔව් , ඉතින් මොකෝ ???මොනාද ඒකෙ ඇත්තෙ ?👉🏽කෙල්ලෙක්ගෙ පපුවක් , නැත්තම් පශ්චාත්භායක් ,එහ...
16/11/2024

අලුත් වීඩියෝ එකක් ලීක් වෙලාලු නේද ?

👉🏽ඔව් , ඉතින් මොකෝ ???

මොනාද ඒකෙ ඇත්තෙ ?

👉🏽කෙල්ලෙක්ගෙ පපුවක් , නැත්තම් පශ්චාත්භායක් ,එහෙමත් නැත්තම් ලිංගික අවයවයක් ,

ඉතින් මොකද්ද පොර කකා බලන්න තරම් ඕකේ පුදුමේ ?

දැන් වෙනකොට අමතක වෙලා තිබ්බට ,මුල්ම කාලෙ හෝමෝ සේපියන්ස්ලා ඇඟ වැහුවේ නැහැ ,මූණයි ,පු..කයි දෙකම එලියෙ දාගෙන ඔහෙ හිටියා .
සොබාදහම උනත් ,මිනිසා නිර්මාණය කරනකොට ඇඳුම් කියල දෙයක් හොයාගනී කියල නොහිතා ලිංගික අවයවය මූනේ බඩේ ඔලුවේ මවන්නේ නැතුව කකුල් දෙක අස්සෙ මවන්න ඇත්තේ ,ආරක්ෂාව ගැන හිතල වෙන්න ඇති .

දැන් මේ වෙනකොට හෙළු,වෙන් ඉපදුනු මිනිස්සු අනිත් කෙනෙක් ඇඳුම් ගලෝනවා හොරෙන් වීඩියෝ කරගෙන ඒක දැකල වින්දනය වෙන එක මාර එකක් කරගෙන ,😏

එක වගේ අවශ්‍යතාවයක් තියන දෙන්නෙක් ,කොහෙට හරි ගිහින් හරි ෆෝන් එක on කරගෙන හරි ඒ දෙන්නාගේ කැමැත්තෙන් ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරගෙන එහෙම ඉවර වෙලා ,එකෙක් අනිත් කෙනාට හිනා වෙනකොට ඒක කොහොමද ? ඒක හරිද ?ඒක මරු ද ?

කෙල්ලෙක්ව නිරුවත් කරලා හරි එක්ක රූම් එකකට ගිහින් හරි වෙන ක්‍රමේකින් හරි දෙන්නම අවශ්‍යතාවය ඉෂ්ට කරගෙන ,එක්කෙනෙක්ගේ හෙළුව පොටෝ ගහලා වීඩියෝ කරගෙන ලෝකෙට පෙන්නන්න කාටහරි කෙනෙක්ට හිතෙනවනම් ,එකෙන්ම ඉතින් ලෝක ඇරියස් එකකුයි ,හීනමානෙයි තමයි ,
මනෝ උපදේශනය රස්සාව විදිහට කරන කෙනෙක් විදිහට මන් වගකීමෙන් කියනවා තමන් එක්ක ඒක බුක්ති විඳපු ඇඟ ලෝකෙට පෙන්නලා වීරයෙක් වෙන්න හිතෙනවනම් ඒ කෙනා ප්‍රතිකාර අවශ්‍ය මානසික ලෙඩෙක් ,

💧මෙතන පිරිමින්ට කියන්න දෙයක් නැහැ ,
මොකද නියම පිරිමි ඒ වැඩේ කරගෙන පාඩුවේ ඉන්නවා මිසක් ඔය වගේ පීචන් වැඩ කරන්නේ නැහැ .තමන් එක්ක රමණය කරපු ඇඟ ලෝකෙට පෙන්නලා මන් පොර වෙන්න හිතෙන තැනදීම ඒ කෙනාගේ පිරිමි කම චොර වෙලා හේදිලා ගිහින් ඉවරයි .
එහෙම ඈයෝ පිරිමි නෙමෙයි ,පිරිමි භාග 🤐

හැබැයි කෙල්ලන්ට කියන්න දෙයක් තියනවා 👇🏼

🩸වැඩිහිටි වයසට ආවට පස්සෙ තමන් කැමති ,තමන් ආදරේ කරන කෙනෙක් එක්ක ලිංගික අවශ්‍යතාවය ඉෂ්ට කරගත්තා කියන්නේ පිට ඉඳන් බලන අපෙන් බැනුම් අහන්න දෙයක් නෙමෙයි ,
ඒ වගේම ඒක එල්ලිලා මැරෙන්නවත් සමාජෙන් හැංගෙන්න වත් දෙයක් නෙමෙයි .
හැබැයි මේ සමාජේ ඕක තේරුම් ගන්න පුළුවන් අය අඩුයි .

සරලව කිව්වොත් මේකට විසඳුම් තියෙන්නෙ තම තමන් ළඟමයි !!

පාලනය කරන්න බැරි දේවල් පාලනය කරන්න කියලා මම කියන්නේ නැහැ .ලිංගිකත්වය එහෙම දෙයක් .ඒ නිසා අනේ ඔයාල සංවර වෙන්න ,පිරිමි වගේ නෙමෙයි ගෑනු ,ඔයාල ඕවා නොකර නවගුණ වැල අතේ තියන් හොඳ ළමයි වෙලා ඉන්න වගේ සුරංගනා කතා මන් කියන්නේ නැහැ ,කියල වැඩකුත් නැහැ .

අන්න ඒ නිසා ;

💧දෙයියනේ කියල තමන් නිරුවත් වෙන්නෙ කා ලඟද තමන් ජීවිතේ බෙදා ගන්නෙ කාත් එක්කද කියල හොඳ අවබෝධයක් තියාගන්න

💧 කෙනෙක්ව විශ්වාස කරලා නිරුවත් වෙනවා කියන තැනදීම තමන් මේ යන්නෙ අවධානම් කලාපයකට කියන එක හොඳින් තේරුම් ගන්න

💧එහෙම විශ්වාසයක් තියන තැනකදී උනත් ඔය වගේ දේවල් පොටෝ ගහලා අවධානමක් ගන්නෙපා ,එහෙම කරන්න සහයකයට ඉඩ දෙන්නත් එපා .කවදාහරි දවසක ෆෝන් එක හදන කෙනාගෙනුත් ඕවා එළියට යන්න ඉඩ තියන බව තේරුම් ගන්න

💧ඊළඟ එක ,කවුරු හරි ගොබිලෙක් තමාගේ බඩ පපුව ලික් කලාම, ඔයාට අම්මලා අක්කලා නැද්ද ලැජ්ජා නැද්ද වගේ සමයන් කතා අහ අහ නහයෙන් අඬන්නවත් ,දැන් ඉතින් ජීවිතේ ඉවරයි කියලා බාල්ක වල එල්ලෙන්වත් තරම් මෝඩ වෙන්න එපා .
බුද්ධිමත්ව ඒ තත්වයට මුහුණ දෙන්න ,අවශ්‍යනම් උපදෙස් වලට යොමුවන්න ,

👉🏽Sex කියන්නේ පිරිමි කලාම වීරයෝ වෙන ගෑනු කලොත් ඊයා වෙන එකක් නෙමෙයි ,

එක් නිරෝගී මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් ,හැබැයි අනිත්‍ කෙනෙක්ගේ නිරුවත ඒ කෙනාට හොරෙන් ලෝකෙට පෙන්නනවා කියන්නේ නම් මානසික ලෙඩක් .

ස්ත්‍රී සිරුර කියන්නෙ ලැජ්ජා වෙන්න දෙයක් නෙමෙයි .

මිනිස්සු විදිහට කරුණාකරලා ඔය වගේ සිල්ලර සිඟිති දේවල් වලින් චූන් වෙන එක දැන්වත් නවත්තන්න .අපි මේ ගැහැණු පපුවක් දැකලා චූන් වෙවී සමයන් කර කර හිටියට ලෝකෙ ඕවා පහුකරගෙන ගොඩක් දුර ගිහින් ඉවරයි .
ඕව ශෙයා කරන එක ,ලින්ක් එක ඉල්ලන එක ඒවා ප්‍රචාරය කරන එක ඔය හැමදේම එක්තරා අන්තයකදී සමාජ අපචාර ,

තමන් ආදරේ කරපු මිනිස්සු ඉස්සරහ ආදරේ නමින් උනා දාපු රෙදි ඇඳගන්නත් කලින් ඒ ඇඟවල් ලෝකෙටම පෙන්නපු පිරිමින්ගෙ පසුතැවීම වගේම ,ඒවාට මුහුණ දීපු ගැහණු දරුවන්ගේ කෙළවරක් නැති වේදනාව ප්‍රශ්න විදිහට අරන් එන දරුවො මට මනෝ උපදේශනයේදී නිතරම මුණ ගැහෙනවා ,

ඔවුන්ගේ තත්වය ඔබ හිතනවට වඩා බොහොම වේදනාකාරියි ,

පිරිමියෙක් නම් තමන් විශ්වාස කරලා නිරුවත් වුනු ගැහැණු තමන්ගේ ඇස් වලින් පිටට දෙන්න හිතන්නවත් එපා ,ඒවා ගෙවලා ඉවර කරන්න බැරි අපරාධ ,

සමාජය විදිහට ඔබ මනුස්ස ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා ,

ගැහැණු ළමයින්ට කියන්න තියෙන්නෙ ආදරේ ට රැවටිලා මානසික ලෙඩ්ඩු එක්ක ජීවිතේ විඳින්න යන්නෙපා ප්ලීස් .🙏🏻

අනිශා ජයකොඩි ✍️
Anisha Jayakody
(Psychological counsellor )

වතුකර බලකොටු බිඳ දැමු යකඩ ගැහැණිය🥀මේ පාර මැතිවරණයේ හැමෝම ගොඩක්ම ආසාවෙන් බලන් හිටිය ඡන්ද ප්‍රතිඵලයක් තමා මේ.  දන්න  ලංකාව...
16/11/2024

වතුකර බලකොටු බිඳ දැමු යකඩ ගැහැණිය🥀

මේ පාර මැතිවරණයේ හැමෝම ගොඩක්ම ආසාවෙන් බලන් හිටිය ඡන්ද ප්‍රතිඵලයක් තමා මේ. දන්න ලංකාවේ පළවෙනියට වතුකර ප්‍රජාව නියෝජනය කරන පළවෙනි පාර්ලිමේන්‍තු කාන්තා නියෝජනය තමා ඇය✔️.

ඒ වගේම ප්‍රබල ප්‍රතිවාදීන් ගොඩක් පරද්දලා කාන්තාවක් වශයෙන් තමන් නියෝජනය කරන පක්ෂයෙන් තමන්ගෙ බල ප්‍රදේශය ජයගන්න සමත්වීමම රටක් වශයෙන් දිනාගත්ත ලොකු ජයග්‍රහණයක්.

Ambika Samuel කරපු හැම කථාවකම අපි දැනන් නොහිටිය දුක්බර දේවල් ගොඩක් අහන්න ලැබුනා. ඔබට ජය!

Emerald Express Digital Magazine

゚viralシfypシ゚

Address


Alerts

Be the first to know and let us send you an email when Emerald Express Digital Magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category