වර්ල්ඩ් සිලෝන්

වර්ල්ඩ් සිලෝන් New and view all around in the world

11/05/2024
19/04/2024  අලුයම .ඊශ්‍රයලය විසින්  ඉරානයට මිසයිල ප්‍රහාරයන් එල්ලකර තිබේ. මේවන විට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉ...
19/04/2024

19/04/2024 අලුයම .ඊශ්‍රයලය විසින් ඉරානයට මිසයිල ප්‍රහාරයන් එල්ලකර තිබේ.

මේවන විට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට සහ මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසලට මෙන්ම එහි නැගෙනහිර ප්‍රදේශයකට මෙම මිසයිල එල්ල වී ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් මේ කාරණය මත කාලාපීය යුධ උනුසුම තීවුර වන බව නිසැකයෙන්ම කිය හැක.මින් දින හතරකට පෙර ඉරානය විසින් ඊශ්‍රයලයට දියත් කල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස මෙය සැලකිය හැක.

මෙය අවධානම් සහ ඊශ්‍රයලයේ අභිමානය රැක ගැනීම සදහා සිදුකල දෙයක් වුවද , ඉරානය එසේ කල හොත්, දැඩි ප්‍රතිවිපාක විදින්න සිදුවන බව කල් තියාම දැනුම් දෙනු ලැබුවා.

මේ තත්වය තේරුම්ගත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඊශ්‍රයලයට දැනුම් දුන්නේ ප්‍රතිප්‍රහාරයක් නොදෙන ලෙසයි.

එහෙත් මේවන විට ඊශ්‍රයලය තමන්ගේ මුරන්ඩුකම සහ යුධ ආයුධ මත ඇති අධිතක්සේරුව ප්‍රදර්ශනය කරමින් කලාපයම යුධ තත්වයකට තල්ලු කර ඇත.

අලුයම සිදුකල ප්‍රහාරයත් සමග ඉරානයේ ඉහල පෙලේ ”IRGC නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ "තම රටේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දීමේ තර්ජනය ඉරානයට පීඩනයක් එල්ල කිරීමේ මෙවලමක් ලෙස යොදා ගැනීමට ව්‍යාජ සියොන්වාදී පාලනය තීරණය කරන්නේ නම්, ඉරාන ඉස්ලාමීය ජනරජයේ න්‍යෂ්ටික මූලධර්මය සහ ප්‍රතිපත්ති සංශෝධනය කර කලින් ප්‍රකාශ කළ ප්‍රතිපත්තිවලින් බැහැරව කටයුතු කරන බවයි.

මේ කාරනා සමග නිසැකයෙන්ම ඉදිරි දිනයන්හි ඉරානය විසින් දරුනු ප්‍රහාරයත් ඊශ්‍රයලය වෙත එල්ල කිරීමේ වැඩි ඉඩකඩක් පවතී . එය බොහෝ විට හමාස් සහ හිස්බුල්ලා සංවිධාන සමග එකාබද්ධ ප්‍රහාරයක් විය හැක. මේ වන විටත් උතුරු ඊශ්‍රයලයට සහ ගාසාතීරයෙ ද නිරන්තර සටන් පවතී.

මේ තත්වය මත ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට ඊශ්‍රයලයට සහයෝගය දීමෙන් වැලකිය සිටිය නොහැක.

එසේ ඇමරිකාව වක්‍ර අකාරයෙන් හෝ මේ තත්වයට මැදිහත් වුවහොත් ඉරානය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිරියාව රුසියාව , චීනය මෙන්ම උතුරු කොරියාවද මේ ක්‍රියාදාමයට මැදිහත් වනු ඇත.

ඉන්පසු එය බටහිර අධිපත්‍යයට එරෙහිව චීනය සහ රුසියාව එක්ව පෙරදිග රටවල් රැකගැනීමේ බල අරගලයක් බවට පත් වනු ඇත.එහි අවසානය විශාල විනාශයකින් මෙහා නතර නොවනු ඇත.

මේ දිනවල දැඩි කතා බහට ලක් වී ඇති මාතෘකාවක් වන්නේ අනුර - සජිත් රටේ ආර්ථිකය පිළිබද සිදුකිරීමට නියමිත විවාදයයි. අනුර 2023 ජ...
11/04/2024

මේ දිනවල දැඩි කතා බහට ලක් වී ඇති මාතෘකාවක් වන්නේ අනුර - සජිත් රටේ ආර්ථිකය පිළිබද සිදුකිරීමට නියමිත විවාදයයි. අනුර 2023 ජනවාරි මාසයේ හිරු සලකුණ වැඩ සටහනේදී විවාදයකට සජිත්ට විවෘත අරාධනාවක් සිදුකරයි.

මේ වන විට එ් සදහා වසරකුත් මාස හතරක් ඉකුත්ව ගොස් ඇතත් විවාදය නම් මෙ වන තෙක් සිදුවී නැත. කෙසේ වුවත් මේ කඩිමුඩියේ මෙය නැවත කරලියට පැමිණියේ ඇයි? එසේ වූයේ කෙසේද?

මේ පිළිබද අප ගැඹුරින් සොයා බැලු කල්හී ඉතාමත් විශ්වාසනී සහ රහසිගත තොරතුරු රැසක් සොයා ගැනිමට හැකි විය. එහෙත් එයින් අපට වෙන හානියක් නොවන හෙයින් ඒ පිළිබද නිශ්ශබ්ද වීමට අප තිරණය කර සිටියෙමු.

කෙසේ වුවත් දිගින් දිගටම, මඩ නාගත් සූකරයින්, අඩෝ වරෙන් මාත් එක්ක හැප්පෙන්න, උඹ කවුද මට, මෙවැනි ගෝරනාඩු නිදා ඉන්න සිංහයාට කරන විට සිංහයා ආපසු හැරිලා යනවා, ඇයි, ඒ නුසුදුස්සා, දුර්වලයා, නොගැලපෙන්නා සමග ගනුදෙනුවකට නොයාම බුද්ධිමත් ශක්තිවන්තයගේ සිරිතවන හෙයිනි.

මෙහි සැබෑ කියමන මෙමගින් ගම්‍ය වෙයි. අනෙක් අතට මෙහි සත්‍ය කතාව අපට නොකියා සිටීමට නොහැක.
2023 වර්ෂයේ අනුර - සජිත්ට සංවාදයකට ආරාධනා කරන විට අනුර අද තරම් භූමියේ ශක්තිමත් වී සිටියේ නැත.

එහෙත් ඒ වන විට සජීත් විපක්ෂනායක මෙන්ම ශක්තිමත් දේශපාලන භූමිකාවක නිරත වි සිටියේය. එහෙයින් ඒ වන විට සජිත් - අනුර ගැන තැකුවේ නැත. එමෙන්ම අනුර මේතරම් ශක්තිමත්ව ඉදිරියට පැමිනේ වී යැයි සජිත්ලා හෝ එක්සත් ජාතික පක්ෂය මෙන්ම බහුතරයත් රටේ ක්‍රියාකාරි දේශපාලකයින් ද සිතුවේ නැත.

එහෙත් මේවන විට එය සිදුවී නැවත ආපසු හැරවිය නොහැකි ලෙසින්ම ශක්තිමත් වී ඇත.අනෙක් අතට රනිල් වික්‍රමසිංහ 2023 මාර්තු වේ ප්‍රදේශීය සභා මැතිරණය කල් දැමුවේ ඔහුට ශක්තිමත් වීමට මිස වෙන කිසිවකට නොවේ.

ඔහු සිතුවේ 2024 වර්ෂය වන විට රට යථාතත්වය පත් කිරීම තුළින් ඔහුට කිසියම් ජනප්‍රසාදයක් රට තුල ඇති වේ යැයි කියාය. එහෙත් මේ වන විට එය සිදු වී ද නැත. තවද මේ කාලය තුල රට සන්සුන් කිරීම හරහා පොහොට්ටුවේ අනුගාමිකයින් සහ මන්ත්‍රි කණ්ඩායම රනිල් වටා එකතු වේවි යැයි ඔහු සිතුවා විය හැක.

මෙම තත්වය මත සජබ සිටින රනිල් හිතවාදී මන්ත්‍රිවරු ඔහුට සහයෝගය දීම සහ සජිත් නම්මවා ගැනිමට හැකි වනු ඇතැයි ද ඉන්පසු ඇතිවන තත්වය මත යලි එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කර ගැනීමට හැකි වනු ඇතැයි මේ අය සිතුවා විය හැක.

කෙසේ වුවත් වසරක් ගොස් මේ කිසිවක් සිදු වුයේ නැත. එහෙත් ඒ වෙනුවට සිදුවුයේ NPPය. ශක්තිමත් වීම මෙන්ම අනුරගේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් ඉහළ යාමයි.

එමෙන්ම රනිල්ට පොහොට්ටුවේ සහයෝගය ක්‍රමයෙන් අඩුවන්නට ද විය . ඒ පිලිබදව වාද විවාද පවතී. කෙසේ වුවත් ඔවුන් එලිපිට සහයෝගය දීම නවතා දැමීමට තිරණය කර ඇත.
රට බංකොලොත් කිරීමට වඩා ඒ අවස්ථාවේදී මහින්ද පාර්ෂයව සිදුකරගත් දේශපාලන අවාසිය නම් රනිල් ජනාධිපති කිරීමයි. මේ සියල්ල දැන් සිදු වී හමාරයි.

දැන් තත්වය ඊට හත්පපින්ම වෙනස් වී ඇත්තතේය.UNPයට 1994 සිට ජානාධිපති මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට නොහැකි වූයේය. කෙසේ වුවත් රනිල්ගේ පෙර වාසනාවකට ජනාධිපති තනතුරක කොටයක් ඇදීමට අවස්ථාවත් ලැබූණේය.

පැහැදිලිවම මෙය රනිල් කියන චරිතයේ පුද්ගලික ජයග්‍රහණයක් මිස පාක්ෂිකයින්ගේ හෝ අනුගාමිකයින්ගේ ජයක් නොවන්නේය.

2019 මැතිවරණයෙන් කැපුවත් කොළ එක්සත් ජාතික පක්ෂයේ ඉහල පෙලේ නායකයින්ද රනිල් අතහැර සජිත්ව සමග වෙනම ටෙලිපෝනයෙන් ඡන්දයට ගියේ රනිල් කුණු තූඩයය දාමාය .
එහෙත් දැන් ඒ කල් ඉකුත් වූ රනිල්ම ඒ අයට ඇස් දෙක තරම් වටින්නේය.

කෙසේ වුවත් ප්‍රශ්නය ඇත්තේ එතැන නෙවෙයි.වර්තමානයේ රටේ පවතින තත්වය පිලිබදයි. මේ වන විට රටේ බහුතරයක් අනුර, බලයට ගෙන එ්ම සුදුසු බව තීරණය කර අවසන්ය.
එයට හේතු කාරණා බොහෝ තිබේ.

එයින් සැමට එකග විය හැකි පොදු කාරණය නම්, රට විනාශ කරන්න හෝ රට හදන්න අනුරටත් එක සැරයක් දිය යුතුයි යන්නයි? මේ පාක්ෂිකයින්ගේ මතය නොවෙයි. මධ්‍යස්ත මිනිසුන්ගේ මතයයි.

මෙය තමයි ඡන්දයේ තීරණාත්මක සාධකය වන්නේ. මෙම තත්වය හොදින්ම වැටහී ඇති රනිල් ගිලිහී යමින් පතින අවස්ථාව කෙසේ හෝ අවසන් මොහොත දක්වාම සටන් කර, වාසිය තමන් වෙත දිනා ගැනීමේ මෙහෙයුමක් අරඹා ඇත.

මන්ද මේ අවසන් අවස්ථාව ගිළිහුන හොත් එක්සත් ජාතික පක්ෂයක් හෝ සමගි ජන බලවේගයක් මේ රටේ ඉතිරිවෙන එකක් නැති බවත්, වැඩිම තර්ජනය ඇත්තේ මේ අයට බව හොදින්ම දන්නා කෙනා රනිල් වන්නේය . මේ පිළිබද ගැඹුරු වැටහීමක් සජිත්ට නොමැති බව හොදින්ම දන්නා කෙනා ද වන්නේ රනිල්ය.

අනෙක් අතට මේවන විට සජිත් - රනිල්ට හිතවත්, එහෙත් මේ මොහොතේ සජබ පර්ෂවයේ සිටින රනිල් - සජිත් එක් විය යුතු යයි සිතන මන්ත්‍රිවරුන්ගේ එකම අපේක්ෂාව වන්නේ ඇතිවෙන්න හෝ නැතිවෙන්න ජනාධිපතිවරණ අවසන් සටනට රනිල්ව දැමීම සුදුසු බවයි.

එහෙත් සජිත් වටේ සිටිමින් ඔහුට උපදෙස් දෙස සහ පොහාට්ටුවෙන් කැඩි ගිය පිරිස් ඔහුට පවසන්නේ අනුරට කැඩුණු පොහාට්ටුවේ ඡන්ද වලින් භාගයක් අපත් සමග සිටින හෙයින් ඔබේ ජයග්‍රහණය ස්තීර බවයි.

කෙසේ වුවත් මෙම තත්වය මත මේ වන විට සැබෑ එක්සත් ජාතික පක්ෂයේ ශක්තිමත්ම බල කණූ වූ මන්ත්‍රීවරුන් කසල ගොඩට විසි වී ඇත. එහෙයින් ඔවුන් අදහස් කරනුයේ අනුර ඉදිරියේ සජිත්ගේ නොහැකියාව පෙන්වා, ඔහුව දෙවැනි තැනට ඇද දමා රනිල් කරළියට ගෙන ඒමයි.

රුපවාහිනි විවාද කිසිදිනක නොකල සජිත් මේ මොහොතේ ගැඹුරැ දියේ පිහිනීම සදහා ජලයට පැනීමට සුදානම් වන්නේය. ඔල්වරසන් දීම උද්වේගයයේ උච්චතම අවස්ථාවට පැමිණ ඇත
සජිත් මේ දියට පනින බව ස්තීරයි.ඔහුට තරගයක් දීමට කිසිවෙක් දෙවනුව ජලයට නොපනින බව මේ මොහොතේ ඔහුට අවබෝද වන්නේ නැත.ඔහුගේම පිරිසක් විසින් මේ ජලයට මිනිකන කිඔුලෙක් බස්සවා ඇති වග දන්නේ කිහිප දෙනෙක් පමණි.

කෙසේ හෝ වේවා, ස්තීර වශයෙන්ම සජිත් කුමන අකාරයේ දේශපාලන ප්‍රවර්ධන වැඩසටහන් කලත් ග්‍රාමීය මට්ටමේ ඔහුට සැලකිය යුතු ජන ප්‍රසාදයක් තිබුනත්, එය ඔහුට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් වන්නේ නැත.

රනිල් අපේක්ෂකයා වී සජිත් ඔහුට සහයෝගය දීමට කැමැති වුවහොත් අනුරට තරගයක් ඇතිවනු ඇත. එ් ගැන අප දෙවනුව සිතමු .

එහෙයින් මේ මොහොහොත් සජිත් පුහුණු තරගයට එවා ජයග්‍රහණය කිරීමට සුදුකම් එක් කර ගැනීමට සැරසෙන්නේය.එහෙත් ඔලිම්පික් සුදුසුකම් ලැබුවන් ජාතික මට්ටමේ ක්‍රිඩකයින් සමග පුහුණු තරග වලට සහභාගි නොවන බව නම් අපට සහතික වශයෙන්ම කිව හැක.

චමින්ද ප්‍රීති කුමාර

ඉදිරි කාලයේ එළඹෙන්නේත් වර්තමානයේ පවතින්නේත් අතිශයින්ම තීරණාත්මක දේශපාලන කැළඹිලි සහගත වාතාවරණයකි. එය අප කියවා ගෙන ඇති ඉති...
07/04/2024

ඉදිරි කාලයේ එළඹෙන්නේත් වර්තමානයේ පවතින්නේත් අතිශයින්ම තීරණාත්මක දේශපාලන කැළඹිලි සහගත වාතාවරණයකි. එය අප කියවා ගෙන ඇති ඉතිහාසයේ නොවූ විරූ තත්වයකි.

රාජාණ්ඩු බිදවැටීමෙන් පසුව අධිරාජ්‍යවාදී පාලන ක්‍රම පැවැතීම මෙන්ම, 1948 පසු ස්වදේශීය පාලනයක් පැවැතියත්, ඒ සෑම විටම සිද්ධ වූයේ කිසියම් බලසම්පන්න කාණ්ඩායමක් විසින් පාලන බලය දැරීමයි.

ඉන්පසු ඔවුන් අතින් බලය හුවමරු වූයේ ද එවැනිම වූ කණ්ඩායමක් වෙතය. ඒ සෑම විටම පොදු ජනයාට ජීවත් වීමට සිදුවූයේ ඔවුන් විසින් සකස් කරන්නා වූ නීති රීති සහ පාලන ව්‍යුහයන් මත රාමුගත ජීවන රටාවකය.

අසාධාරණයට ලක් වීම, දඩුවම් ලැබීම, අඩු සැලකිල්ල සහ මිනිසුන් අතර නොපැවැතිය යුතු පරස්පරතාවයන් ඇතිකර, කිසියම් කණ්ඩායමක් සෑම කල්හිම සුඛෝපභෝගී ජීවිත ගත කරමින් සමාජයේ යෙහෙන් වැජඹුනේය. සෙස්සෝ කර්මය සහ තමන් ලබා උපන් හැටි යයි සිතමින් අන්ත දුගී ලෙස ඉපදෙමින් දුක්විදිමින් මරණයට පත් වූයේය.

මෙය ලෝකය සෑම කල්හීම සිදු වූ සහ සිදුවෙමින් පවතින ක්‍රියාවලියකි . කෙසේ වුවත් රබර් බෝලයක් දිය අභ්‍යන්තරයේ රදවා තබා ගැනීමට නම් කිසියම් පරිශ්‍රමයක් දැරිය යුතුවා සේම මේ ක්‍රමවේදයන් පවත්වාගෙන යාම සදහා මර්ධනය, බියගැන්වීම සිදුකල යුතු වූයේය.

එමෙන්ම එය දිර්ඝ කාලීනව රදවා ගැනීම වෙනුවෙන් සන්තෝසම් ලබමින් එය බහිරවයන් ලෙස රැකීමට සට්ටැබි රාළලාද සිටියේය. ඔවුන් පාලකයින්ට වඩා පොදුජනයා මර්ධනය කිරීම සදහා කටයුතු කලේය.

කෙසේ වුවත් මේ පිරිසද තැලි පොඩි වී පාලකයින්ගේ ඉදුල් බුදින නර පනුවන් වූහ . මේ අය එදා මෙන්ම වර්තමානයේද නො අඩුව සිටින්නෝය . පොදු ජනයාගේ පලමු පෙලේ සතුරන් ලෙස අප දකින්නේ ඔවුන්ය.

මේවැනි තත්වයන් වෙනස් කිරීම උදෙසා දැඩි පීඩාවන් මධ්‍යෙය් දීර්ඝ කාලයක් පරම්පරා ගණනාවක් දරා සිටීමේ ප්‍රතිපලයක් ලෙස එය කිසියම් මොහොතක පුපුරා ගොස් අලුත් තත්වයක් ඇති වන්නේය. එය විටෙක සමෘද්ධිමත් යුගයක ආරම්භයක් වනු ඇත.

ලෝකය පුරාම ද වර්තමානයේ දියුණූ යැයි සම්මත බොහෝ රටවල ද මේ බාධක බිදිගෙන පොදු ජන පාලනයක් බලයට පත් කරගෙන, ඒ ජනතා උද්යෝගයෙන් සහ පසුව සමුහික ප්‍රයත්නයන් මගින් කරන ලද අසීමිත කැප කිරිම් හේතුවෙන් දියුනු සමාජ ක්‍රමයන් මෙන්ම ඉහල ආර්ථක තත්වයන් ද ඇතිකර ගෙන ඇත්තේය .

ඇමරිකාව, ජපානය, වියට්නාමය සහ බෝහෝ බටහිර රටවල් උදාහරණ ලෙස දැක්විය හැක. මේ තුල දක්ශිණාන්ශික ද වමාංශිකද යන්න ගැටලුවක් නැත.

එහෙත් මේ පරාධීන වු කොටස් යලිත් සමාජ ක්‍රමයන් දේශපාලකික වශයෙන් බෙදා වාමාංශික මතවාදී රටවල් වල දැඩි මර්ධනයක් මෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එසේ නොවේ, එවා මානව හිතවාදී ලෙසින් ක්‍රියාකරන බවට වහසි බස කියති.

එහෙත් ඒ කියන්නා වු කිසිවෙක් මානවවාදින් නොවන්නේය. ඔවුන් මමත්වයෙන් පිරිගිය ධනය රැස් කර බලය ලබා ගැනිම වෙනුවෙන් පෙනි සිටින්නා වුන් වන්නේය.

අද වන විට අපේ රටේ අලුත් තත්වයක් නිර්මාණය වි ඇත්තේය. පොදු ජනයා පරම්පාරා ගණනාවක් විදි දුක් ගැහැට කර්මයට බාර දීම හෝ එ්වා කැටුව ඉදිරියට යාම අවසන් කිරීම වෙනුවෙන් එකාබද්ධ වීමට පටන් ගෙන ඇත.

ඔවුන් තමන්ගේම පාලන තන්ත්‍රයක් ඇතිකර ගැනීම උදෙසා පෙල ගැසෙමින් සිටිති. ඒවෙනුවෙන් ඔවුන්ට නායකත්වය දෙන ඔවුන්ගේම පිරිසක් නිර්මාණය කරගෙන ද ඇත්තේය.

කෙසේ වුවත් එය කලාන්තරයක් තිස්සේ සිදුකල අසීමිත කැපකිරීම් සහ දැනුවත් කිරීමේ ප්‍රතිපලයන්ය. එමෙන්ම ඒ වෙනුවෙන් මෑත කාලයේ ස්භාවධර්මයෙන් ද ලැබුනු ආශීර්වාදය ද අතිමහත්ය. දැන් මේ අලුත් තත්වය හෙවත් නව සමාජ පරිවර්තනය මුවවිට අප සිටින්නෙමු. ඇත්තේ ජයග්‍රහණය නාමිකව සනාත කර ගැනිම සදහා පමණි.

කෙසේ වුවත් එය පහසු නොවන්නේය මේ තාක් බලයේ සිටිමින් පොදු ජනයා මත අසීමිත සමාජ පීඩනයන් ඇති කරමින් ඔවුන් දුකට පත් කරමින් තාඩන පීඩන ඇතිකරමින් වැරදි කරුවන් වී සිටින පිරිස් පහසුවෙන් පරාජය බාරගෙන පලා යනු ඇතැයි අපි නොසිතමු.

ඔවුන් බාහිරින් එකිනෙකා ඇනකොටා ගත්ත ද මේ ඇය අභ්‍යන්තරිකව එක්ව ගමන් කිරීම වෙනුවෙන් පෙල ගැසෙමින් සිටින්නෝය. එහෙයින් අප සිතනවාට වඩා සතුරා තවමත් බලවත් බව සිතිය යුතුය .

අප විසින් ඔවුන් වෙත පෙරලා මුදාහරින සටනේ ශක්තිමත් බව මොහොතින් මොහොත උපාය උපක්‍රම වෙනස් කරමින් දිගින් දිගටම සිදුකල යුතු වන්නේය. ඔවුන් දුර්වල වූයේ යැයි අප කිසි විටෙක නොසිතිය යුතුය. සියල්ල බිදිවැටී ජයග්‍රහණය අප සතුවන තෙක්ම අපගේ ශක්තිමත් බව සහ නොපසුබට වීර්ය සහ අත්නොහරින ශක්තිමත් බව සැම මොහතෙකම පෙන්විය යුතු වන්නේය.

ඉහත පින්තුර වලින් පෙනෙන පිරිස අතර පොදු ජනයා පීඩනයට පත් කරන්නා වූ ද ඉතිහාසය පුරාම පාලන බලය හිමිකරගත් පිරිසේ දිගුවකින් පැවැත එන්නන් සහ ඔවුන්ගේ ආශීර්වාදයෙන් තාවකාලිකව බලය හෙබ වූ පාලක ප්‍රභූන්ගේ අත වැසියන් හෙවත් සට්ටැබියන් ද සිටින්නෝය.

මේ දෙකොටසම මේ මොහොතේ එක් වී පොදු ජනයාගේ සතුරන් වී ඇත. මොවුන් මේ වන විට විවිධ හැඩයන් මවාගෙන අහිංසක ජනයා නැවත නැවත රැවැටීම වෙනුවෙන් ඕනැම ජඩ වැඩක් කල හැකිය.

ඒ සදහා මේ වන විට පිඹුරුපත් සකසමින් අලුත් රගපෑම් සදහා පුහුණු වීම් කරමින් සිටින්නේය.නොරැවැටී සිටිමින් ඔබ බුද්ධිමත් විම මේ මොහොතේ සිදුකල යුතු පලමු සමාජ වගකීම වන්නේය. එසේ වුවහොත් ඔබට සහ ඔබගේ දරුවන්ට නිවහල්ව ජීවත් වීම සදහා අලුත් තත්වයක් නිර්මාණය කරගත හැකි වනු ඇත.

චමින්ද ප්‍රීති කුමාර

මේ වන විට  08/02/2024 දින පැවැති පකිස්ථානයේ මහා මැතිවරණයේ ප්‍රතිපල නිකුත් වී ඇත. අවසන් ප්‍රතිපලය ලෙස කිසිවෙකු නොසිතූ අයු...
11/02/2024

මේ වන විට 08/02/2024 දින පැවැති පකිස්ථානයේ මහා මැතිවරණයේ ප්‍රතිපල නිකුත් වී ඇත. අවසන් ප්‍රතිපලය ලෙස කිසිවෙකු නොසිතූ අයුරින් දැඩි මර්ධනයකට ලක් කල ( PTI) පක්ෂය තහනම් කර තිබියදීත්, ඉමිරාන්ට හිතවාදී කණ්ඩායම ස්වාධීන තරග වෑදී වැඩි ආසන ප්‍රමාණයක් දිනා ඇත. එය මේ වන විට ආසන 100 ඉක්මවා ඇත. කෙසේ වුවත් ආසන 133 බහුතරයක් නොමැතිව නව ආණ්ඩුවක් පිහිට විය නොහැක. අනෙක් අතර මේවන විට දෙවැනියට වැඩිම ආසන දිනා සිටින්නේ නවාස් ශේරිප් ගේ (PML) එය ආසන 73 කි .තෙවැනුව බෙනාසීර් බූතොගේ (PPP) පක්ෂයයි. එය ආසන 54 ලබාගෙන ඇත. මේ තත්වය මත පැහැදිලි බහුතරයකින් නව රජයක් පිහිටුවීමට කිසිවෙකුට නොහැකි තත්වයත් පවතී .

අනෙක් අතට නවාස් ශේරිප් පවසන්නේ පිලිගත් දේශපාලන පක්ෂයක් නොවී පැහැදිලි බහුතරයක් ලබා ගත්තද ඔවුන්ට ආන්ඩුවක් පිහිටුවීම සදහා අවකාශ නොමැති බවයි. එහෙයින්ම මේවන විට පකිස්ථාන දේශපාලන .තුල අලුත් අර්බුදයක් හට ගෙන තිබේ.
ඒ අතර තවත් සුලු දේශපාලන කන්ඩායමක් ආසන 17 දිනා ඇති හෙයින් මේවන විට ඉම්රාන්ගේ කන්ඩායම පාර්ලිමෙන්තුව තුල ඔවුන් හරහා බලයට එමේ ඉඩකඩක් ද පවතී .එසේ වුවහොත් සිරගතව සිටින ඉමිරාන් නැවත දේශපාලනයට එනු ඇත. ඉන්පසු නැවත නාවස් ශෙරිප් මර්ධනයකට ලක් වනු ඇත කෙසේ වුවත් එරට නිතිය සහ හමුදාව නාවාස් ශේරිප්ට හිතවාදී තත්වයක් පවතින හෙයින් අර්බුදයේ ස්වරුපය වෙනත් මානයක් ගැණීමටද ඉඩ තිබේ.

පසුගිය වකවානුවේ දැඩ් ආර්ථක අර්බුදයන් හරහා රට බංකොලොත් තත්වයේ පවතින පකිස්ථානය නැවතත් අස්ථාර දේශපාලන අර්බුදයක් ද නිර්මානය කර ගෙන ඇත්තේය. කුලල් කාගැණිම් මෙන්ම එකිනෙකාට එරෙහිව දැඩි පලි ගැණිම් සහිත දේශපාලන ක්‍රියාවලියක නිරත වන තත්යවයකින් පකිස්ථානය ගිලී ඇත්තේය.
මේ හා සමාන තත්වයක අර්බුදයක ගිලී සිටින අපට මෙය බලපාන්නේ කෙසේ ද? පකිස්ථානය අපට ආදර්ශයට ගත හැකි රටක් නොවේ. එහි පවතින දේශපාලන සංස්තෘතිය වෙනස්ම එකකි. එහි ආණ්ඩු බලෙන් පැහැර ගැණිම්, හමුදාමය කුමන්ත්‍රණ ද පවතින දේශපාලන රටාවක් පවතින රටකි.එමෙන්ම එකිනෙකට එරෙහිව පලිගැණීම් ක්‍රියාත්මක වන්නකි. එහෙයින් ශ්‍රි ශ්‍රිලංකාවේ දේශපාලන ක්‍රියාකාරකම් වලට පකිස්ථානයේ බලපෑම ආදර්ශ නොවන්නේය.
කෙසේ වෙතත් අප ඉදිරියේද මෙවැනි අවදානම් තත්යක් පවතින පව සිහි තබාගත යුතුය. ඉදිරියේ දී ශ්‍රි ලංකාවේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී පවතින තත්වය උඩු යටිකු වී ඇලුත් දේශපාලන සංස්කෘතියක් ඇති වීමේ සමාජ සූදානමක් පවතී.
මේවන විට පැවැති රජයට ජනවරම අහෝසී වුවද තාවකාලිකය ඇතිකරගෙන ඇති පූටිටු ආණ්ඩුවේ වැඩබලන්නේ වත්මන් පාලකයාය. මෙම නිති විරෝධි ආන්ඩුව ඉදිරියේ දී ගනු ලබන ක්‍රියාමාර්ග පිලිබද අප පැහැදිලි අවබෝදයෙන් සිටිය යුතු වන්නේය.

ඔවුන්ගේ ජනවරම අහෝසි වී ආති හෙයින් ඔවුන් බලයේ සිටිම උදෙසා කූඩ කුමන්ත්‍රණකාරි වැඩ පිලිවල් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට මාන බලනු ඇත. එ සදහා අප කිසි විටෙක නොසිතන දිශාවන් සහ උපාය මාර්ග වලට මේ අය අවතීර්ණ වීමේ ඉඩකඩ පවති..
අනෙක් අතරට ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වලදී පැහැදිලි බහුතරයක් ජාතික ජන බලවේගයට ලැබුනතොත් ඉන්පසු ඇතිවන තත්වයක දී මේ පාලකයා ක්‍රියාකරන ආකාරය දෙස අප සූක්ෂම අවධානය යොමු කල යුතුය.තත්වය මෙසේ තිබියදී ඔහු පලමුව ජනාධිපතිවරණයකට මුහුණ දීමට සුදානම් ද? දුම්මල ගහලවත් එලවිය නොහැකි අසාර්තක පාලකයෙකු වූ වත්මන පාලකයා අතිශයින්ම දැඩි බලලෝබීයෙකි. එමෙන්ම කුමන්ත්‍රණ කරුවෙකි.
මේ තත්වයට පලමුවෙන්ම ගොදුරු වන්නේ ජාතික ජන බලවේගය සහ එයට නායකත්වය ලබා දෙන දේශපාල නායකයින් බව අප සිහියේ තබා ගත යුතුය.කෙසේ වුවත් මේවන විට බිම් මට්ටමින් ශක්තිමත් සංවිධාන වියුහයත් සහිතව ඉදිරියට යමින් සිටින එන් පී පී ය එය තවත් ශත්තිමත් කරමින් පැමිනෙන ඕනෑම තත්වයකට ජනතාව සමග මුහුන දීම සදහා පෙරමුණ ගත යුතු බව අවධාරණය කල යුතුය.
චමින්ද ප්‍රීති කුමාර

03/02/2024

කෙහෙලිය රිමාන්ඩ් කිරීම,හොරු හොරුන්ට දඩුවම් දීමකි.එය ව්‍යාජ පිරුවටයක් බව ජනතාව දනී, එහෙයින් විකාරරූපී ආණ්ඩුවට වාසියක් නැත.

28/01/2024

දිලිත් ජයවීර දිගින් දිගටම අනුරට TV විවාදයකට එන්න කියන්නේ කූඨ මිසදිටු අරමුනක් වෙනුවෙනි.

මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ මාතර ජාතික ජනබලවේග කාන්තා සමුළුව දා... පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු ද...
16/01/2024

මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ

මාතර ජාතික ජනබලවේග කාන්තා සමුළුව දා...


පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බලය පෙන්වීය. 30 වැනිදා මාතර දිස්ත්‍රික් සමුළුවට අති විශාල සහභාගීත්වයක් දැක ගත හැකි විය. බොහෝ දෙනෙකු දේශපාලන පක්ෂයක් සංවිධානය කරන සමුළුවකට එතරම් දැවැන්ත කාන්තා සහභාගීත්වයක් ලැබේ යැයි සිතුවේ නැත. ඉන් පසුව ජනවාරි 7 වැනිදා ගාල්ල කාන්තා සමුළුව පැවැත්වුණි. එයද මාතර සමුළුව මෙන්ම අති සාර්ථක එකක් වූ බව පෙනෙන්නට තිබුණි. ජනවාරි 14 වැනිදා හම්බන්තොට සමුළුව පැවැත්වෙයි. මේ ආකාරයෙන් සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ජාජබ කාන්තාවෝ බලය පෙන්වනු ඇත.

“ජාජබ මේ සැරේ දිනයි ද?” මේ වනවිට බොහෝ දෙනා නගන ප්‍රශ්නය එයයි. “ඉස්සරත් ඔය වගේ එනවා ඒත් ඡන්ද නෑ” තවත් පිරිසකගේ අදහස එයයි. අතීතයේ සිදුවූ ඒ ආකාරයෙන්ම සිදුවෙනවා නම් ජාතික ජනබලවේගයක් බිහිවන්නේ නැත. මේ අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන අලුත් ගමනක් ඇරඹීමකි. වඩාත් සංවිධානාත්මකව ඔවුන් ගමන් කරන්නේ එක අරමුණක් වෙනුවෙනි. ජනාධිපතිවරණයක් පැවැත්වු- වහොත් ඔවුන්ට මේ වනවිට හොඳම ‘බ්‍රෑන්ඩ්’ එකක් සිටියි. ඒ ‘අනුර’යි. මහා මැතිවරණයක් පැවැත් වුවහොත් ඔවුන්ගේ අපේක්ෂකයන් කවුරුන් වුවත් මාලිමාව වටා පිරිසක් සිටින බව මාලිමාවේ කාන්තාවෝ පෙන්වා දෙමින් සිටිති. මෙය මාලිමාවට අවශ්‍ය තරම් අපේක්ෂකයන් සිටීද යන ප්‍රශ්නයට පිළිතුරු දීමකි. මේ කාන්තාවන් පෙන්වා දෙන්නේ අපේක්ෂකයන් කවුරුන් වුවත් පක්ෂය වෙනුවෙන් ඇති තරම් පිරිසක් සිටින බවයි.

දිස්ත්‍රික් සමුළුවලට පෙර රට පුරා කොට්ඨාස මට්ටමින් කාන්තා සමුළු පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. මේ බොහෝ සමුළුවලට පැමිණෙන කාන්තාවන් වෙනදා මෙන් දේශපාලන න්‍යායන් ගැන හෝ අතීත දේශපාලනය හෝ ගැටුම් ගැන වැඩි අවබෝධයක් තිබූ අය නොවන බව මුලදී දැක ගත හැකිව තිබිණි. එහි අදහස මේ සිටින්නේ ජවිපෙන් ආ කාන්තාවන් නොවන බවයි. විවිධ දේශපාලන අදහස් දරමින් සිට මාලිමාව වටා එක් වූ කාන්තාවන් ප්‍රමාණය එන්න එන්නම වැඩි වී තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස කොට්ඨාස මට්ටමින් පැවති සමුළු සඳහා එක්වූවන් මෙම සමුළුවලදී කෙරෙන සාකච්ඡා සහ දේශන ගැන දැඩි උනන්දුවක් දැක්වූ බවද වාර්තාවෙයි. දැන් දිස්ත්‍රික් සමුළු හරහා ඔවුන් එකට එක්වෙමින් තමන්ගේ ශක්තිය පෙන්වමින් සිටිති. මෙය ජාජබ සිටින තැන පැහැදිලිවම පෙන්වන තත්ත්වයක් බව පැහැදිලිය.

ජාජබ කාන්තාවන් පෙන්වන මේ ශක්තිය නිසාම පක්ෂයක් ලෙස වඩාත් විශ්වාසයෙන් දේශපාලන කටයුත්තේ යෙදීමට ජාජබට අවස්ථාවක් ලැබේ. වෙනත් කිසිදු පක්ෂයකට මේ ආකාරයෙන් දිස්ත්‍රික් මට්ටමින් කාන්තා සමුළුවලට කාන්තාවන් පුරවන්නට හැකිවේදැයි සැක සහිතය. එසේ වුවහොත් රට පුරා දුවන බස් රථ අදාළ නගරයේ තිබෙනු දැක ගත හැකි වනු ඇත.

අතීතයේ සිටම ජනතා විමුක්ති පෙරමුණ සංවිධානාත්මක වැඩවලට රුසියන්ය. ඔවුන්ගේ මැයිදින පෙළපාළිය සහ රැස්වීම වෙනත් ඕනෑම දේශපාලන පක්ෂයකට වඩා ආකර්ශනීයය. එහෙත් ඒ ආකර්ෂණීයත්වයට එහා ගිය තත්ත්වයක් මේ සමුළුවල දක්නට ලැබේ. මේවායේ සිදුවන කතා බොහොමයක් මේවනවිට බොහෝ දෙනා දන්නා ඒවා වනු ඇත. ඒ අනුව මේ සමුළුවල වැදගත් දෙය කෙරෙන කතා නොවේ. එකට එක්වී පෙන්වන බලයයි. ඒ බලය හරහා ඉතාම විශ්වාසවන්ත බලපෑමක් වෙනත් දේශපාලන පක්ෂවලට එල්ල කිරීමට ජාජබට හැකියාව ලැබී තිබේ.

ගාල්ල ජාතික ජනබලවේග කාන්තා සමුළුව දා...

ජාජබ කාන්තා බලය පෙන්වන අවස්ථාවේ අනෙක් පක්ෂ කළ යුත්තේ කුමක් ද? විශේෂයෙන්ම අනෙක් පක්ෂවල කාන්තාවන් කළ යුතු වන්නේ කුමක් ද? මේ ආකාරයෙන්ම කාන්තාවන් එකතු කර ගන්නට තමන්ට හැකි යැයි පාරම්බා පක්ෂ නායකයන් අමාරුවේ නොදා ඔවුන් කළ යුත්තේ මේ කාන්තාවන් ගෙන් කොටසක් දිනා ගන්නේ කෙසේද යන සැලසුම් හැදීමයි. එසේ නොමැතිව තමන්ගේ තරම පෙන්වන්නට ගියහොත් අනිවාර්යයෙන්ම තමන්ගේ තරම දැන ගැනීමට ඔවුන්ට සිදුවනු ඇත. එය භයානයක ප්‍රතිඵල ලබා දෙන්නක් බව පැහැදිලිය.

මාලිමාවේ හරිනි අමරසූරිය මේ කාන්තාවන් එක් කර ගැනීමට ඉතාම හොඳ ආකර්ෂණයක් බව අපේ හැඟීමයි. බුද්ධිමත් කාන්තාවක් සැලසුම් සහගත ගමනක් ගැන කතා කිරීම මීට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තිබුණේ ඉතාම අල්ප වශයෙනි. එහෙත් හරිනි ඉතා පැහැදිලිවම එය කරමින් සිටියි. ආකර්ෂණීය කථිකත්වයක් නොමැති වුවද ඇය තමන්ට ආවේණික අයුරින් තමන්ගේ පණිවුඩය දෙමින් සිටියි. මේ අතරේ මේ කාන්තා සමුළු හරහා වඩා බුද්ධිමත් සහ හරවත් ලෙස තත්ත්වය විග්‍රහ කරන කාන්තාවන් හඳුනා ගැනීමට රටට හැකියාවක් ලැබෙන බවටද ඉඟි ලැබෙයි. ඒ අනුව බලන විට ජාජබ මේ කරන්නේ දේශපාලනයට ඉතාම වැදගත් කාන්තා දායකත්වයක් ලබා දීමයි.
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ කාන්තාවන්ට ඉඩක් වෙන් වූයේ යැයි නිරන්තරයෙන් සඳහන් වුවද එය සම්පූර්ණයෙන්ම පවුල් දේශපාලනය මත සිදුවූවකි. එහෙත් ඉඳහිට කාන්තාවන් මතු වුවද වැඩි දෙනා සැමියා නිසා, සහෝදරයා නිසා හෝ පියා නිසා දේශපාලනයට එක්වූවෝ වෙති. ජාජබ කරළිය විවෘත කරමින් සිටින්නේ අලුත් පරම්පරාවකටය. ඒ පරම්පරාව දැනුමෙන් සන්නද්ධය. බොහෝ දේශපාලන පක්ෂ අමතක කළ කාන්තාව මේ ආකාරයෙන් සන්නද්ධ කර එකට එකතු කිරීම අපට අනුව නම් මරේ මරුය. ජාජබ කාන්තා රැල්ල දැවැන්ත ජන රැල්ලක ආරම්භය වේයැයි ජාජබ බලාපොරොත්තු වනු නියතය. මේ කාන්තා රැල්ල පරාජය කරන්නේ කෙසේදැයි අනෙකුත් පක්ෂ සැලසුම් අඳිනු ඇත. ඒවා කෙසේ වෙතත් 2024 මැතිවරණ වර්ෂයට මේ රැල්ල ඉතාම හොඳ ආරම්භයක් බව නම් පැහැදිලිය.

උපුටාගැණිම ලංකාදීප පුවත්පත

නිදහසින් පසුව ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට මෙරට පවුල් සියයට 60.5 ක මාසික ආදායම පහළ ගොස් ඇතැයි නවතම ස...
28/12/2023

නිදහසින් පසුව ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට මෙරට පවුල් සියයට 60.5 ක මාසික ආදායම පහළ ගොස් ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණය වූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

පවුල් සියයට 60.5 ක මාසික අදායම මෙලෙස අඩු වෙද්දී පවුල්වලින් සියයට 91 ක සාමාන්‍ය මාසික වියදම ඉහළ ගොස් ඇතැයි එම සමීක්ෂණයෙන් හෙළි වී ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි.

නමුත් අදායම අඩුවූ පවුල්වලින් සියයට 73.6ක් කිසිම ක්‍රියා මාර්ගයක් ඒ වෙනුවෙන් ගෙන නොමැති බවත් සියයට 6.6 ක් අමතර අදායම් මාර්ගයක් හෝ අමතර රැකියාවක් සොයාගෙන ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

අදායම අඩූවූ පවුල් ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග අතර ණය ලබා ගැනීම, උකස් කිරීම, අනෙක් අයගෙන් ආහාර හෝ මුදල් ඉල්ලා ගැනීම ආදිය වන බව ද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මාසික වියදම වැඩි වූ පවුල් අතරින් සියයට 99.1 කගේ ආහාර වියදම ඉහළ ගොස් ඇති බවත් සියයට 83 කගේ ගමනාගමන ගාස්තු ඉහළ ගොස් ඇති බවත් එම සමීක්ෂණයෙන් හෙළි වී ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට පවුල්වලින් සියයට 22 ක් ආර්ථික අර්බුදය හේතුවෙන් ණය බරින් පීඩිත වී ඇති බවත් වයස අවුරුදු 3ත් 21 ත් අතර සියයට 54.9 කගේ අධ්‍යාපනයට ආර්ථික අර්බුදය බලපෑමක් එල්ල කර ඇති බවත් එම සමීක්ෂණයෙන් හෙළි වූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අධ්‍යාපනයට බාධා එල්ල වූ අය අතරින් සියයට 53.2 ක් ලිපිද්‍රව්‍ය වලට යන වියදම අවම කර හෝ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමෙන් වැළකී ඇති බවත් සියයට 44 ක් අලුත් නිල ඇඳුම් මිලදී ගැනීමට යන වියදම කපා හැරීමට හෝ මිලදී නොගෙන සිටීමට යොමු වී ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ආර්ථික අර්බුදය පැවැති කාල සීමාවේදී සියයට 29 ක පමණ ජනතාවක් රෝගයන්ට ගොදුරු වී ඇති බවත් ඉන් සියයට 7 ක් සෞඛ්‍ය ප්‍රතිකාර ගන්නා ක්‍රියාපටිපාටිය ආර්ථික අර්බුදය හේතුවෙන් වෙනස් කර ඇති බවත් එම සමීක්ෂණයයෙන් අනාවරණය වූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එසේ ක්‍රියා පටිපාටිය වෙනස් කළ රෝගීන් පිරිසෙන් සියයට 35.1 ක් ප්‍රතිකාර ගන්නා ස්ථානය වෙනස් කර ඇති බවත් සියයට 33.9 ක් රෝගය උත්සන්න වූ පසු පමණක් ඖෂධ ගැනීමට පෙළඹී ඇති බවත් එම සමීක්ෂණයේදී හෙළි වී ඇත.ප්‍රතිකාර ගැනීමේ ක්‍රියාපටිපාටිය වෙනස් කිරීමට මූලික හේතුව ලෙස සියයට 81.7 සඳහන් කර ඇත්තේ මුදල් නොමැතිකම බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය.

ආර්ථික අර්බුදයේ ආරම්භය 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමඟ සිදුවන බවත් එය කොවිඩ් වසංගතයත් සමඟ තවත් දරුණු වන බවත් එම සමීක්ෂණයෙන් අනාවරණය වූ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය.ආර්ථික අර්බුදයත් සමඟ ශ්‍රී ලාංකිකයන් අභියෝග විශාල සංඛ්‍යාවකට මුහුණ දී ඇති බවත් ඒ අතර සිය පවුලේ සාමාජිකයන්ගේ යහපැවැත්ම සහතික කිරීමද තිබෙන බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.

13/11/2023

"A blog about News and creative Think,opinion, and ideas " Language are English Daily update

ඩලස් සාධකය සහ අනුරගේ ප්‍රතිචාරයමේ කාරණය පිළිබදව අදහසක් පළ කරන්නට මා කල්පනා කළේ මීට බොහෝ කලකට පෙරයි.එහෙත් එසේ නොකළේ කිසිය...
26/08/2023

ඩලස් සාධකය සහ අනුරගේ ප්‍රතිචාරය
මේ කාරණය පිළිබදව අදහසක් පළ කරන්නට මා කල්පනා කළේ මීට බොහෝ කලකට පෙරයි.එහෙත් එසේ නොකළේ කිසියම් කාරණයක් හේතුකොට ගෙනයි.එහෙත් මේවන විට ඩලස් ඇතුලු පිරිසක් මාලිමාවේ නියෝජිතයින් හෝ අනුර සහෝදරයා මුණ ගැසුණු කතාවක් පැතිර යන හෙයින් ලියන්නෙකු වු මා මේ පිළිබදව මගේ අදහස් ලියන්නට මෙය අවස්ථාවක් කර ගනිමි.
ඩලස් කවුද? ඔහුගේ දේශපාලන භාවිතය මොකද්ද යන්න මා විශේෂ දෙයක් කියන්නේ නැත.ඔහු ප්‍රගතිශීලී දේශපාලන භාවිතයක් ඇති පුද්ගලයෙකු ලෙස භාවිතයෙන් ඔප්පු කර ඇති අයෙකි.
අවසන් වරට ඔහු පොහොට්ටුව ලකුණෙන් පාර්ලිමේන්තුවට පැමිණියේය.දැන් පොහොට්ටුව දියවී අවසන්ය.එහි විවිධ මත දරණ කොටස් තම තමන්ගේ දේශපාලන භාවිතය මෙන්ම කියවීම අනුව ඊළග ප්‍රතිසංසිද්ධිය අපේක්ෂාවෙන් තැන් තැන සොයමින් සිටී.
ඩලස්ට මොනවා කීවත් සජිත් සමග එකතුවීමට සම්භාවිතාවයෙන්ම පුලුවන්කමක් නැත.නැවත පොහොට්ටුව ප්‍රාණය නොලබන හෙයින් ඒ හා බැදුණු එයට ජීවය සපයන ස්ථානයන් ද අභාවයට යෑම සහතිකයි. එහෙයින් ඔහුට මාලිමාව නිශ්චිත නවාතැනක් වනු ඇතැයි සිතමු.
එහෙත් එයට පැමිණිය යුත්තේ තනිතනිවම හෙයින් එය කෙසේ සිදුවන්නේද යන්න මා නිශ්චිතව දන්නේ නැත.කෙසේ වුවත් ඩලස් සමග සිටින "ප්‍රගතිශීලි චරිත විනාශ කර නොගත් මන්ත්‍රීවරුන්ට" මේ මොහොතේ මාලිමාව වැදගත්වන බව මා එකහෙලාම කියන්නෙමි.
දෙවන කාරණය අනුර සහෝදරයා කියා ඇති පරිදි අපට මේ වෙලාවේ වරද්දා ගන්න කිසිදු අයිතියක් නැත.අනෙක් අතට රාජ්‍ය බලය ලබාගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ.ලබා ගත්ත ද එය රැකගැනීම ඊටත් වඩා අපහසු තත්වයකි.විප්ලවය කළ යුතුවන්නේ ඡන්දයකිනි.
වෙනත් මාවත් මේ මොහොතේ ප්‍රයෝගික නොවන්නේ ලෝකය ඒවා පිළි නොගන්නා හෙයිනි.මේ කාරණා දේශපාලන කියවීමක් සහිත වූවන් හොදින් දනී.තවද ඡන්ද පදනම පිළිබද අප තක්සේරු කරන විට මේ මොහොතේ අප වපසරිය පුලුල් කර ගැනීම කර ගත යුතුමයි.
අදානග්‍රහී මතවල සිට පවතින තත්වය මත දේශපාලන තීන්දු තීරණ නොගත යුතුය.එසේ වුවහොත් අප මේ සිටිනා තැනින් තව දුරටත් ඉදිරියට යා නොහැකි වනු ඇත.බහුතර සිංහල ජනතාව මෙන්ම ප්‍රගතිශීලී සුලු ජාතීන්ද ඒක රාශී කර ගැනිම කළ යුතුය.
විශේෂයෙන්ම දේශප්‍රේමී බලවේග ප්‍රගතිශීලී වාමාංශික බලවේග මෙන්ම ඡන්ද පදනම ශක්තිමත් කර ගත හැකි සෙසු ගාමක බලවේග සියල්ල ද මාලිමාව ඉදිරියේ පෙල ගැස්විය යුතුය.එසේ නොමැතිව න්‍යයාය මත ක්‍රියා කිරීමට අප නොයා යුතුයි.ජේ.වී.පී.ය අඩියක් පස්සට ගෙන මාලිමාව නිර්මාණය කළා මෙන්ම එහි සාර්ථකත්වය මත තවත් අඩියක් පස්සට ගෙන ප්‍රගතිශීලී කණ්ඩායම් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මේ මොහොතේ එක් කර ගැනීම කලෝචිතය.
විශේෂයෙන්ම මේවන විට මාලිමාව ශක්තිමත් වී ඇත්තේ පෙහොට්ටුවේ ඡන්ද පදනමින්ය.එසේ නොමැති නම් මහින්ද රාජපක්ෂ සතුව තිබූ ජන ප්‍රසාදය යි. මේවන විට වඩා ප්‍රගතිශීලී ජනතාව මාලිමාව වැලදගෙන හමාරයි.එමෙන්ම මධ්‍යස්ථව දෝලනය වන විශාල ඡන්ද පදනමක් ඇත.ඔවුන් එසේ පැමිණෙන්නේ නැත.ඒ සදහා ඔවුන්ට විශේෂ උත්තේජනයක් දිය යුතුය.එයට වඩාත් සුදුසුම සාධකය ඩලස් විය හැකිය.
අනෙක් අතට වර්තමානයේ පවතින සංකිර්ණ මෙන්ම උණූසුම් දේශපාලන වාතාවරණය තුළ බැසිල්ගේ උපායන් හෝ වෙන යම් කාරණා මත දහවල් ඇණ කොටා ගන්නා උන් රාත්‍රී යේ දී එක් වී කුමන්ත්‍රණ කරන්නේය.ලන්සාගේ හැසීරීමෙන් අපට ඒ බව බොහෝ සෙයින් පැහැදිලි වේ.ඔහු පිරිසක් සමග වෙනම ගමනක් යාමටත් රනිල් සමග නැවත කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් ද පෙනී සිටී.මේ තත්වය තුළ පොහොට්ටුවේ රනිල් ප්‍රතික්ෂේප කරන පිරිසක් ද සිටී.මේවා දේශපාලන බොරු වලවල්ය. මේ පිළිබද කිසියම් කියවීමක් තිබිය යුතුය.
කිසියම් මොහොතක රනිල් සජිත් එක් වී ලන්සා පිළේ සහයෝගයෙන් ආණ්ඩුවක් පිහිටුවා ලන්සා පිළ එයට එකතු වුවහොත් ඉතිරි පොහොට්ටුවේ පිරිස විපක්ෂය වනු ඇත.එය ඔවුන්ට නැවත නැගිටීමට ලැබෙන ස්වර්ණමය අවස්ථාවක්ය.එවැනි තත්වයක් තුළ මැතිවරණයකට යාමෙන් වර්තමානයේ මාලිමාවට පවතින ඡන්ද ප්‍රසාදය පලුදු වීමට ඉඩ තිබේ.එහෙයින්ද ඩලස් සාධකය මේ මෙහොතේ වැදගත් වනු ඇත.
තවත් පැත්තකින් ඉදිරියේ දී පැමිණෙන කවර මැතිවරණයක දී වුව ද පොහොට්ටුවෙන් කැඩෙන සියලු ඡන්ද මෙන්ම මධ්‍යස්ථ ප්‍රගතිශීලීන් සහ සියලු වාමාංශීක කොටස්වල ප්‍රසාදය මාලිමාව දිනා ගත යුතුය.සුලු ජාතික ජාතිවාදී කොටස් අපට කිසිසේත්ම විශ්වාස කළ නොහැක.
මේ කාරණා මත මේ මොහොතේ මාලිමාව ගන්නා තීරණාත්මක තීන්දු තීරණ ඔවුන්ගේ හෙට දවසේ දේශපාලන ගමන් මගේ ජයග්‍රණ තීරණය කරනු ඇත. එමෙන්ම ඒ සෑම තීරණයකම ඊළග පාලන බලය ගොඩ නැගීම සදහා වූ මාවත වෙත ගමන් කරන තීන්දු තීරණම විය යුතුමය.
වෙදහූටියා

01/02/2023

වසන්ත මුදලිගේට කිවයුතු යමක් ඇත.

ඔබේ නිදහස් වීම පිලිබද අප්‍රමාණ සතුවන අය අතර මාද පෙරමුනේ සිටිමි.ඒ සදහා ඔබේ මැදිහත් වීමෙන් සිදුකල අරගලය, මේරටේ ශිෂය ව්‍යාපාරයේ නායකත්වය මෙන්ම ඔබේ දේශපාලන කියවීම මුලික වන්නේය.මා විසින් ලියා ප්‍රකාශයට පත්කල අරගලය කෘතිය තුල මේ පිලිබද වැඩිදුර තොරතුරු සදහන්ව ඇත.

වැඩි දුරටත් මේ භුමියේ සක්‍රිය මානව හිතවාදියෙක් ලෙස බල දේශපාලනය තුල ස්ථානගත විමේදී ඉතිහාසයේ ලාංකීය ශීෂ්‍ය ව්‍යෘපාරය තුල අන් කිසිදු නායකයෙකුට නොලැබුණු සුවිශේෂී අවස්ථාවක් මෙන්ම ජනතා ආකර්ෂණයක් ඔබට ලැබී ඇත. එමෙන්ම අන් කිසිදු නායකයෙකුට නොදෙවෙනි අභියෝගාත්මත මොහොතක ඔබේ ස්ථානගත වීමද පෙනෙන්නට තිබේ.එක් ක්ෂණයකින් ඔබ ගන්නා වූ තින්දු තීර්ණ හරහා නිවැරදි ඉලක්කයද, එය වැරදී සමස්ථ ක්‍රියාවලියම ද වෙනස් වීමේ අවධානමක් මේ මොහොතේ පවතී.

ඔබට ලැබුණු නිදහස අපට සතුටක් වුවත් පාලකයින් කාල බොම්බයක් ඔබේ හිස මත රදවා තීරනාත්මක මොහොතේ ඔබව නිදහස් කල බව අපගේ කියවීමයි. එය එසේ නොවේ යැයි යමෙකු කියන්නේ නම් හෝ නිතියේ අධිපත්‍ය සර්ව සාධාරණ ලෙස ඉෂ්ධ වුවා යැයි උදම් ඇනීමට හේතුවක් නැත.

පාලකයින්ගේ අසාර්තකත්වය මත ලාංකීය ස්වහසක් ජනතාව මරුකටට තල්ලුකර ඇති මේ මොහොතේ ඔවුන්ගේ පන්තිය රැක ගැණීම වෙනුවෙන් පෙනිසිටින්නන් මෙන්ම ඒ වෙනුවෙන් දැන හෝ නොදැන දරදිය අදිමින් පෙනී සිටිමින් සිටින රැඩිකල් බොරුකාරයින් ඔබවටා රැස් වලල්ලක් මෙන් පෙනී සිටී. එවන් මොහොතක ඔබව එලියට දමා වෙනත් ආකෘතික හැඩයකින් සිය අරමුණු මුදුන්පත් කර ගැණීමේ අභිළාෂයෙන් පසුවන්නන්ගේ සවන් පිනවන පුවත වූයේ ඔබ නිදහස් වීමයි.

අසීරුවෙන් අමාරුවෙන් සිදුකල ව්‍යායාමයක ප්‍රතිපලයක් ලෙස සමස්ථ රටේම ජනමනස වෙනස් වී ඇත්තේ ඔබේත් මගේත් පන්තියට බලය හුවමාරු කරගැණීමේ පරම අභීලාශයෙන්ය. මේ මොහොතේ ඔබගේ භාවිතය සහ ක්‍රියාකාරකම් රටත් බලා සිටී. එ අතරට ඔබ අසල සිටින කපුටන් මෙන්ම හිවලුන්ගෙන් ආරක්ෂා වීම සදහා සියලු ආරක්ෂිත පියවරයන් මෙන්ම උපායශීලී වීම අතිශයින්ම වැදගත් වනු ඇත.ඒ සදහා ශක්තිය ලැබේවා!

චමින්ද ප්‍රීති කුමාර
01/02/2023

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when වර්ල්ඩ් සිලෝන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to වර්ල්ඩ් සිලෝන්:

Share