19/12/2022
ප්‍රවෘත්තිය: අවුරුදු 16 රට ඉදල තමන්ගෙ පුතාගෙ දානෙට ගියපු අම්මව එයාගෙ මහත්තය විසින් මරල දාල..
ඒකට දාල තියෙන comment දැක්කම හිතුන මිනිස්සු මොන්වා දැනගෙන මෙහෙම කියනව ඇතිද කියල
අවුරුදු 16 ක් ගැහැනු කෙනෙක් රට ඉන්නවනම් ඒකට වග කියන්න ඕනෙ ඒ මිනිහම තමයි.
මගේ පවුද්ගලික අත්දැකීමත් එක්ක මට ර්හ්‍ර්ම කියන්න හිතුනෙ..
අවුරුදු 11 love කරල කසාද බැන්දෙ. එයාගෙ ගෙවල් වලින් අකමැති වෙලා අතපය හතර accident එකකින් කඩා ගත්තම එයාගෙ ගෙදරින්ම ආදරෙන් ඇවිත් කසාද බදින්න කැමතිද අහපුවම දෙපාරක් නොහිත කැමති උනේ ආදරේ නිසා
පස්ස පවා හෝදල , කවල පොවල සනීප වෙලා වැඩට ගිහින් සල්ලි ලැබෙද්දි කසාද ගෑනියෙක් හිටියද කියල අමතක වෙලා ගියපු මිනිහෙක් එක්ක, හැම මොහොමතකම අහන් ඉන්න බැරි තරම් කුනු කතන්දර අහගෙන, ගුටි කාගෙන, පලයන් කියද්දි රෙදි ටික අරගෙන එලියට බැහැල වරෙන් කියද්දි ආපහු ඇවිත් , අන්තිමේ මුස්පේන්තු මූසල ගෑනි මම වෙලා යාලුවන්ගෙ නෝනල සීදේවි වෙද්දි මටත් එපා උනු තැනක් ආවා. ඒ මගේ ජීවිතේ නම් නෙවෙයි.ඒ කසාද ජීවිතේ.
යාලුවො එක්ක තමයි එයා සතුටින් කියල මූනටම කියද්දි හිත හදාගත්තා..සියල්ල හැරදාල රට යන්න.
කන්න බොන්න අදින්න තියෙද්දි සල්ලි විතරක්ම නෙවෙයි ජීවිතෙ කියල තනියෙන් මගේ ජීවිතේ ගොඩ නගාගන්න අන්තිමට මන් ආවා DUBAI.
සෑහෙන කට්ටක් කාල රස්සාවක් හොයාගෙන ජීවිතෙ ගැටගහගෙන යන ජීවිතේට නිතරම ලැබුනෙ අපවාද.අවලාද . ගෑනි දාල ගිහින් ඒ තමයි ඔහුගෙ පිලිතුර හැමෝටම.
එක එක ගැහැනුත් එක්ක, මත්ද්‍ර්ව්‍ය එක්ක ජීවිතෙ ගත කරපු එයාට අන්තිමට dubai වලට ඇවිත් සිද්ද උන්නෙ හිරේ යන්න.ඇවුරුදු එකහමාරක්. පුලුවන් විදිහට දුවල පැනල උදව් කරල බලා හදා ගත්තෙ එයා කියඖ විදිහට මම හිටියනම් එයාට එහ්‍ර්ම වෙන්නෙ නෑ කියන මතය උඩ මාත් මටම වරද පටව ගත්ත නිසා.
හිරේ ඉන්න තුරාවට එයා කියපු දේවල් එක්ක මං තීරනය කලා එයා ඉල්ලන චාන්ස් එක එයාට දෙන්න.හිරෙන් නිදස් වෙලා ලංකාවට ගියාම එයාට ඉන්න ඕනෙ විදිය අවවාද දීල මාස 5 ක් ගෙවෙන්න ඇති ..රස්සාව ලැබිල සල්ලි අතට එනකොට ආපහු පරන පුරුදු යාලුවො.පරන ගෑනු, ජීවිතෙට ලං කරන්.vacation එකට ලංකාවට ගියාම එස් පනාපිට හැමදේම දැකලත් දෙවෙනි වතාවට ලංකාවට නව්තින්න හිතාගෙන ගියා.
විශ්ව ශක්තියට ස්තූති වෙන්න හැමදේම අෂ් දෙකට දැක්ක..ඔහුට වෙනස් වෙන්න, පවුලක් කියල හැගීමක් නෑ.සතෙක් වගේ. තේරුම් ගන්න බැරි හැගීමක් එක්ක මං ආයෙත් හිත හදාගෙන dubai ආවා.
දැන් නම් ඇප්පිරියයි.දැන් ආයෙත් රස්සාවක් නැහැ එයාට.සල්ලි දෙන්නෙ මං තමයි වියදමට.
ඉතින් මං මගෙ අවසන් කටයුතුත් මෙහෙදිම කරන්න කියල දැනුම්දීල තියෙන්නෙ මගෙ company එකට.
මේ වගේ ගෑනු ඕනෙ තරම් ඉන්නව.ලෝකෙට පේන වැලපුනේ නැති උනාට. ඒ වගේ ගෑනු ජීවිතෙ විදින්න මොන ෆ්හේ කලත් කාටවත් බෑ වචනයක් කියන්න.