Crime Investigative and Detective Comics

  • Home
  • Colombo
  • Crime Investigative and Detective Comics

Crime Investigative and Detective Comics A page Crime Inmvestigative and Detective Story

මුතුමණ්ඩපම් පොත මිළදීගත් සැමට ස්තූතියි...
10/05/2024

මුතුමණ්ඩපම් පොත මිළදීගත් සැමට ස්තූතියි...

14/04/2024
යොවුන්විය සැබවින්ම චමත්කාර ජනකය. සුවඳ කුසුමින් හා සැබෑ ආදරයෙන් විකසිත  වූ  ආදරයේ අරුමය වටහා ගන්නට යමකු  සමත්වේද එය සුවිශ...
24/02/2024

යොවුන්විය සැබවින්ම චමත්කාර ජනකය. සුවඳ කුසුමින් හා සැබෑ ආදරයෙන් විකසිත වූ ආදරයේ අරුමය වටහා ගන්නට යමකු සමත්වේද එය සුවිශේෂ වූ අවස්ථාවක් වන්නේ නිතැතිනි. ආනන්ද ජනක වූ යෞවන වසන්ත සමයේ කුමරියන් උදෙසා පුවත්පත් කලාව නිර්මාණාත්මකව යොදා ගනිමින් ශ්‍රී ලංකාව පුරා විහිදී විසිරී සිටි කුමරියන් ගේ ආදරයට පාත්‍රවෙමින් ජාතික පුවත්පත් ලොවේ පතාක යෝධයකු වූ ලක්බිම තුළින්ද තම ප්‍රතිරූපය ගොඩ නංවා ගෙන මුල්පිටුවෙන් පත්තර මහගෙදර මුල්පුටුවට පිවිසි මේ සුන්දර සහෘදයාගේ නික්මයාම කණගාටුව දනවන්නක් විය.. ඇත්තටම සුවඳ කුසුමිින් හා සැබෑ ආදරයෙන් විකසිත වූ කුමරියන්ගේ සුන්දර ලොවේ චමත්කාර ජනක බව පුවත්පත් ලොවේ සනිටුහන් කරමින් යොවුන් පුවත්පත් කලාවේ ආරම්භක කතුවරයා වූ පුවත් පත් ලොව තුළ නව මානයන් සනිටුහන් කළ බන්දුල පද්මකුමාර නම් වූ ඔහු මා හට වරෙක මිතුරකු වරෙක ගුරුවරයෙකු විය. මා සිත පුවත්පත් කලාවට යොමුකල මේ නිහතමානී ජේ්‍යෂ්ඨ පුවත්පත් කලාවේදියාණන් අපෙන් සමුගෙන දෙවසරක් සපිරෙද්දී ඔබට නිවන්සුව අත්වේවා යි පතමි....!
ආනන්දයෙන් නික්මුණ ඔබ දයාබර නුවන්රේණු සමගින් ගිය ගමනේදි සමීපරූප යෙන් දුටුවේ සරසවි දියණියෝ බව මතකයේ රඳවාගෙන සත් සමුදුර තරණය කර සත්සර හඬ මධ්‍යයේ ලෝක සිතියම ට පහළින් පිහිටි ලක්බිම ට පය තැබුවේ කාන්තා ලොවේ රැජින හමුවීමට නොවේද? එදා අරලිය මල් පොකුරක් දෝත දරාගෙන ඇය හමුවට පැමිණි ගමනේදි මුතුහර ක් ගෙල පැළඳි කුමරි යක් ඔබ හමුවට පැමිණ පතිපතිනි යන් වීමට සරසි හමුවේ සපථ කලා කිසි දිනක හැර නොයන බව. එනමුත් ජීවිතයේ මුල්පිටුව කියවා බැලූ ඔබ එතැනින් නික්මුනේ මුල් පුටුව ටයි. ඉදින් ඔබ අද නිම්වළල්ල ඔස්සේ ඈතින් ඈතට නොපෙනී ගොස් ඇති බව පසක් කර ගනිමි මෙසේ.
- මහනුවර ලලිත් බී සමරකෝන්

තලංගම  ජයසිංහ  මහතාගේ අවමංගල්‍යයදේහයට ගෞරව කිරීමට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ හෙට උදේ 8 සිට 11 දක්වාත්  ආදාහනය හෙට උදේ 11.3...
08/02/2024

තලංගම ජයසිංහ මහතාගේ අවමංගල්‍යය
දේහයට ගෞරව කිරීමට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ හෙට උදේ 8 සිට 11 දක්වාත් ආදාහනය හෙට උදේ 11.30ට බොරැල්ල කනත්තේදීත් සිදුකිරීමට නියමිතය.

වෙන්කත රෙංග ජෙම්මාල් දේවිය ජීවිතය හැරයන්නට පෙර දින, සුරැකිව තබා ගන්නා ලෙස පවසමින් මා අතට පත් කළ මුතු පළඳනාව තවමත් මම මගේ...
15/01/2024

වෙන්කත රෙංග ජෙම්මාල් දේවිය ජීවිතය හැරයන්නට පෙර දින, සුරැකිව තබා ගන්නා ලෙස පවසමින් මා අතට පත් කළ මුතු පළඳනාව තවමත් මම මගේ ජීවිතය මෙන් සුරකිමි. ඇතැම් විට මගේ මරණයෙන් පසු එය අන් කිසිවෙක් සතුවන්නට හෝ මගේ දේහය සමගම ආදාහනය වන්නට ඉඩ තිබේ. වෙන්කත රෙංග ජෙම්මාල් දේවිය ජීවත්ව සිටියදී පැවසූ ලෙසම කෙදිනක හෝ රජතුමා ද සහ ඔහුගේ බිසෝවරුන් වූ අප ද වෙනුවෙන් මුතු මණ්ඩපයක් ඉදිවනු ඇතැයි මගේ ද බලාපොරොත්තුවයි. එසේ සදාකාලික ප්‍රේමයේත්, සහයෝගයේ සහ සහජීවනයේත් සිහිවටනයක් ඉදිවන තුරු රජතුමා ද, ඔහුගේ අග බිසව වෙන්කත රෙංග ජෙම්මාල් දේවිය ද නිමක් නොමැති අහස් තලයේ එහා මෙහා සැරිසරන සුදු වළාකුළු අතර සැඟවී බලා සිටින අයුරු මම මගේ මනසින් දකින්නෙමි.

ලංකාතිලක රජමහ විහාරයේ, විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ තැන්පත්,   ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රියන්ත අමුණුගම සහ ශ්‍රී ජයවර්ධනපුර මහ ර...
13/01/2024

ලංකාතිලක රජමහ විහාරයේ, විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ තැන්පත්,
ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රියන්ත අමුණුගම සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීවණී රූපසිංහ දෙපළට මුතුමණ්ඩපම් නවකතාව පළමු පිටපත පිළිගැන්වීම.

“නිල් පැහැති අහස් තලය පසුබිම් කරගෙන වලාකුළු පෙරහැර කොතැනක යන්නේද? එය අවමංගල පෙරහැරක් වැනි යයි ඔබට සිතෙන්නේ නොමැතිද දේවිය...
09/01/2024

“නිල් පැහැති අහස් තලය පසුබිම් කරගෙන වලාකුළු පෙරහැර කොතැනක යන්නේද? එය අවමංගල පෙරහැරක් වැනි යයි ඔබට සිතෙන්නේ නොමැතිද දේවිය?”

මගේ සිත කීරි ගැසිණ. එහෙත් ආයාසයෙන් ශෝකය මැඩ පවත්වා ගත් මම ඔහුගේ වේදනා දෙන අත සෙමෙන් පිරිමැද්දෙමි.

“එය අවමංගල පෙරහැරක් ලෙසින් මම නොදකිමි රජතුමනි. මට එය පෙනෙන්නේ දළදා පෙරහැර ලෙසින්. සුදු වලාකුළු මා දකින්නේ හස්තීන් ලෙසින්. දුටුවේද රජතුමනි අර විශාල වලාකුළ දළදා කරඬුව පිට මත තබාගෙන සිටින හස්තියකු ලෙසින් දිස් වන අයුරු?”

“සැබෑමයි.”
ඔහු වේදනාත්මක මඳ සිනාවක් නැගුවේය.

“නමුත් එහි හැඩය කෙමෙන් නැති වී යනවා. දැන් මට එය දිස්වන්නේ කිරුළ අහිමි වූ රජකුගේ ස්වභාවයෙන්.”

“කිරුළ අහිමි වී නැත රජතුමනි. දුටුවේද ඈත් වී තිබූ කිරුළ යළිත් ඔහු කරා පැමිණෙන ආකාරය? සැන්දෑ හිරු රැසින් රන් පැහැගත් එය දිස්වන්නේ රන් කිරුළක් ලෙසිනුයි.”

“විටෙක ඔබ ද කුඩා දැරියක් මෙනි දේවිය... ඔබට මතකද දියතිලක මණ්ඩපයට අප ගිය ඇතැම් රාත්‍රීන් වල වලාකුළු සහ තාරකා රටාවන් දෙස බලාගෙන ඔබ පබඳින කව් පද? මා නිසා ඔබේ කවි සිත මියගියාදැයි මට විටෙක සිතෙනවා.”

“නැත රජතුමනි. තවමත් මගේ ජීවිතයේ කව් උල්පත ඔබයි. පන්හිඳෙන් තල්පතක සටහන් නොකළ ද, ඔබ වෙනුවෙන් නිරන්තරයෙන් මගේ සිත තුළ කවි පද උපදිනවා.”

බිඳුණු සඳ පහනෙන් - වෑහෙන සඳ දියර
කිරි මුහුදට වැටී - සිනාසෙන අපුරුව...
පෙම්බරාණනි...
දෑත් පටලා ගෙන - යන්න ඇතිනම් නැවත
අප මිහිරි මතක පිරි - සෙංකඩගල පුරට..

නයනජිත් ප්‍රෙමරත්න  මහතාට නිවන් සුව ලැබේවා...
13/09/2023

නයනජිත් ප්‍රෙමරත්න මහතාට නිවන් සුව ලැබේවා...

https://purplemagazine.lk/2023/09/%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab-%e0%b7%84%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%...
11/09/2023

https://purplemagazine.lk/2023/09/%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab-%e0%b7%84%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%96-%e0%b7%80%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f/

වම්බොට්ටා දිවයින පුරා ප්‍රචලිතව සිටි අපරාධකරුවෙකි. ඔහු වඩාත් ප්‍රසිද්ධ වූයේ දේශපාලනඥයින්ගේ සෙවණේ ඇති දැඩි වූවක...

www.purplemagazine.lk වෙබ් අඩවියෙන් දිනපතා මහනුවර අජිත් ලාල්ගේ රන්දෝලි චිත්රකතාව දැන් කියවන්න
18/08/2023

www.purplemagazine.lk වෙබ් අඩවියෙන් දිනපතා මහනුවර අජිත් ලාල්ගේ රන්දෝලි චිත්රකතාව දැන් කියවන්න

www.purplemagazine.lk වෙබ් අඩවියෙන් දිනපතා මහනුවර අජිත් ලාල්ගේ රන්දෝලි චිත්රකතාව කියවන්න
15/08/2023

www.purplemagazine.lk වෙබ් අඩවියෙන් දිනපතා මහනුවර අජිත් ලාල්ගේ රන්දෝලි චිත්රකතාව කියවන්න

Address

COLOMBO
Colombo

Telephone

0723520548

Website

Alerts

Be the first to know and let us send you an email when Crime Investigative and Detective Comics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category