VIBE - වයිබ්

VIBE - වයිබ් මේ අකාලය, කාලයට පරිවර්තනය කරන වයිබ් එක. එකතුවෙන්න. ඔළුවට දාගන්න. අපි මැරෙන මිනිස්සු.
(1)

Marmite...!!
22/07/2018

Marmite...!!

31/05/2018
31/05/2018
29/05/2018
21/05/2018
09/05/2018
03/05/2018
Good Habits
03/05/2018

Good Habits

05/02/2018
24/11/2017
23/11/2017
23/11/2017
23/11/2017
21/09/2017
12/09/2017
10/09/2017
05/09/2017
04/09/2017
28/08/2017
22/08/2017
20/08/2017
20/08/2017
20/08/2017

වෘකයන්ගේ ප්‍රඥාව
සැබෑ නායකයෙකුගේ අභිලක්ෂණ

පෙරටම යන තිදෙනා මහළු සහ රෝගාතුරය. ඔවුන් පෙරමුණට ඇවිදින්නේ කණ්ඩායමේ වේගය තීරණය කිරීමටය. එසේ නොමැතිනම් ඔවුන් කණ්ඩායමෙන් මගහැරෙනු ඇත.

ඊළඟ පස්දෙනා කණ්ඩායමේ සිටිනා ශක්තිමත්ම සහ විශිෂ්ටතම අයය. ප්‍රහාරයක් සිදු වුවහොත් ඉදිරිපස ආරක්ෂා කිරීම ඔවුන්ගේ වගකීමය.

මධ්‍යයේ සිටින අය ඕනෑම ප්‍රහාරයකින් ආරක්ෂා වනු ඇත.

ඉන් පසුපස ගමන් කරනා පස් දෙනා ද කණ්ඩායමේ සිටිනා ශක්තිමත්ම සහ විශිෂ්ටතම අයය. ප්‍රහාරයක් සිදු වුවහොත් පසුපස ආරක්ෂා කිරීම ඔවුන්ගේ වගකීමය.

අන්තිමයා නායකයාය. කිසිවෙකු රැළෙන් මගහැරී නොයන බව ඔහු සහතික කරයි. ඔහු රැළේ එකමුතු බව සහ නිවැරදි මාවත දිගටම පවත්වා ගෙන යයි. රැළ ආරක්ෂා කිරීම සඳහා ඕනෑම දිශාවකට දිවීමට ඔහු සූදානමින් සිටී. සමස්ත කණ්ඩායමේ කායාරක්ෂක ලෙස ඔහු සේවය කරයි.

සැබවින්ම නායකයෙකු වීම යනු අදහස් කරන්නේ කුමක්දැයි දැන ගැනීමට ඔබට අවශ්‍ය වූවා නම් මෙය එයට කදිම නිදර්ශනයකි.

උපුටාගත්තේ පිටරට.lk පිටුවෙනි...

Jewels for Men
20/08/2017

Jewels for Men

පිරිමින්ට ගැළපෙන ආභරණ මොනවාද?

සාමාන්‍ය නියමයට අනුව පිරිමීන් ආභරණ පැළඳිය යුත්තේ බෝහෝම අඩුවෙනි. ඒ වගේම හරිම ආභරණය හරිම ආකාරයට පැළඳීම ඔබ ගැන ඔබගෙ පෞරුෂය ගැන බාහිර ලෝකයට කියාපානවා. ඒ නිසා ඔබ පළඳින ආභරණ ඉතාමත් උසස්, වැදගත් පෙනුමක් ගෙන දිය යුතුයි.

මූලික අරමුණ

ඔබ පළඳින ආභරණ ඉතාමත් අඩු ප්‍රමාණයක් විය යුතු නමුත් එය ඔබගේ විලාසිතාවට හානි නොකළ යුතුයි. එයයි පිරිමි ආභරණ වල මූලික රීතිය. බොහෝ පිරිමි ආභරණ අන්තර්ගතවන්නේ ලෝහ සමඟ රන් හෝ රිදීය. සාමාන්‍යයෙන් පිරිමි අය රන් රිදී මිශ්‍රකර හෝ මැච් කර ආභරණ පලඳින්නේ නෑ. ඒ වගේම කොටු කොටු හෝ ඉරි සහිත ඇඳුම් සමඟ ආභරණ පළඳින්නෙත් නෑ. තව රන් මුදු සමඟ රිදී ඔරලෝසු පලඳින්නෙත් නෑ. කල්පනා කරලා බලන්න, අපේ අය ගොඩදෙනෙක් මේ වැරදි කරනවා නේද? හරි කමක් නෑ අපි අද ඉඳලා ඒ වැරදි හදාගමු.

මූලිකවම ඔබගේ ආභරණ ගලපා ගත යුත්තේ ඔබගේ ඇඳුමටය. ඔබගේ ඇඳුම් තද පැහැනම් රන්පැහැ ඔරලෝසුවක් කදිමයි. රිදී සහ ක්‍රෝම් කියන්නෙ ස්වාභාවික පාට, ඉතිං ඒවා ඕනම පාට ඇඳුමක් එක්ක ගැළපෙනවා. ඒ අතරින් හොඳටම ගැළපෙන්නෙ කලු සහ අලු සමඟ.

Rings

පිරිමියෙකු පැළඳිය යුතු පිළිගත් මුදුව මංගල මුදුවයි. ( ඔබ විවාහකයෙකු නම් පමණි ) එය ඕනෑම ඇඳුමකට ඕනෑම අවස්ථාවකට පැලඳීමේ කිසිදු ප්‍රශ්ණයක් නැත. ඒ ඇරෙන්නට වෙනත් මුදු වර්ග පැලඳීම සාමාන්‍යයෙන් පිරිමින්ට නොගැලපේ. A good rule of thumb පිළිපදින්න. මොකක්ද ඒ? සෑම ඇඟිලි 10කටම එක මුදුවක් පලඳින්න. එයයි නීතිය. කවදාවත් මුදු 2ක් පලඳින්න එපා.

Necklaces

පිරිමින් පලඳිම මාල ඉතාමත් සරල විය යුතුයි. ඒ වගේම එම මාලය ඔබගේ අකුඇටයට වඩා පහලට දිගු නොවිය යුතුයි. ඒ වගේම එය නොපෙනෙන තරම් සිහින්ද කඹ තරම් මහත්ද නොවිය යුතුයි.

ඔබට රැකියාව සඳහා මාල පැලඳීම ප්‍රශ්ණය නෑ. නමුත් ඔබ ඇට හෝ පබළු සහිත මාල පලඳින්නේ නම් එය රැකියාවට යන විට පැලඳයාම නුසුදුසුය.

ඔබට පෙන්ඩනයක් පැලඳීමට අවශ්‍ය නම් එයට ප්‍රශ්ණයක් නෑ. හැබැයි එය රුපියලේ කාසියට වඩා විශාල නොවිය යුතුයි. ( පරණ රුපියල ) සමහරු ඔරලෝසු පෙන්ඩන් භාවිතා කරනවා. එපා!! ඒක ගැළපෙන්නේ නෑ.

ඔබ අදහන ආගම අනුව කුරුසයක් ධර්ම චක්‍රයක් පැලඳීමේ කිසිදු ප්‍රශ්ණයක් නෑ නමු ඩොලර් ලකුණ ප්ලේ බෝයි ලකුණ වැනිදෑ පලඳින්න එපා.

ඔබ කුමන මාලය පැලැඳ සිටියත් එය බාහිරට පෙනෙන්නට ෂර්ට් උඩ බොත්තම ගලවා සිටින්න එපා. එය පෞරුෂයට එතරම් හොඳ නෑ.

Watches

සෑම පිරිමියෙකුම සතුව ඔරලෝසු 3ක් තිබිය යුතු අතර ඒවායින් එකක් මිල අධික එකක් විය යුතු අතර එය උසස් අවස්ථාවන් සඳහා පැලඳිය යුතුය. අනිත් ඔරලෝසු 2 ඔබගේ සාමාන්‍ය එදිනෙදා පැලඳීම සඳහා මිල අඩු ඒවා විය යුතුය.

ඔබගේ මිල අධික වටිනා ඔරලෝසුව සතුව ලෙදර් පටියක් පැතලි මුහුණක් සහ රෝමානු හෝ අරාබි ඉලක්කම් තිබිය යුතුයි.

ඔබගේ අනෙක් ඔරලෝසු ලෝහමය ඒවා නම් කදිමය. ඒවා ඔබගේ රැකියාවට හෝ සාමාන්‍ය සාදවලට සුදුසුය. කැෂුවල් පැලඳීමට ප්ලාස්ටික් හෝ රෙදි පටි සහිත ඩිජිටල් ඔරලෝසු ගැළපේ.

Bracelets

බ්‍රේස්ලට්ද පිරිමින් අතර ඉතාමත් ජනප්‍රියයි. එය ලෝහමය එකක් නම් එය ඔබගේ මැණික් කටුවට සෑහෙන ප්‍රමාණයෙන් තිබිය යුතුයි. අනවශ්‍ය ලෙස ලොකු අතින් හැලෙන ආකාරයේ හෝ අතට තද ඒවා පැලඳීමෙන් වළකින්න.

Piercings

කරාබු වලට අපේ සමාජෙ විවිධ මත තියනවා. හොඳ නරක දෙකම තියනවා. නමුත් කරාබු කියන්නෙ පිරිමි සමාජයේ එක්තරා විලාසිතාවක්. සමහර රැකියාවලට ඔබට එය පැලඳිය නොහැකියි. එම කරාබුව ඉතාමත් සරල විය යුතුයි. කොහේ පැලඳුවත් බුරියෙහි නම් කරාබු පලඳින්න එපා. කරාබු සම්බන්ධයෙන් ඔබ ජීවත් වන සමාජයේ ගැලපීම් නොගැලපීම් අනුගමනය කරන්න.

Business Jewelry

වෘත්තීය සමාජයේ පලඳින ආභරණ තමයි lapel pin or tie bar කියන්නෙ. හැබැයි මේ දෙකම එකවිට පලඳින්න එපා. ටයි බාර් ඔබගේ ටයි එක නිසිලෙස රඳවා තබාගන්න අතර ඔබගේ ඇඳුමට අලංකාරයක් ගෙන දෙයි. Cufflinks සහ Shirt studs ද තවත් ඔබට භාවිතා කළ හැකි ආභරණයන්වේ. මේවාද ඔබගේ වෘත්තීය ඇඳුමට වැඩි ආකර්ශණයක් ගෙන දෙයි.

උපුටා ගැනීම -

http://www.menandwomen.lk/blog/2017/07/06/%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%9c%e0%b7%90%e0%b7%85%e0%b6%b4%e0%b7%99%e0%b6%b1-%e0%b6%86%e0%b6%b7%e0%b6%bb%e0%b6%ab-%e0%b6%b8%e0%b7%9c/

මෙහි සම්පූර්ණ කතෘ අයිතිය ඉහත වෙබ් අඩවිය සතුය. විස්තරය සදහා බොහොමත්ම ස්තුතියි.

Derana Kite Festival
20/08/2017

Derana Kite Festival

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when VIBE - වයිබ් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category