JDS Lanka

JDS Lanka This is the official page of the Journalists for Democracy in Sri Lanka (JDS)

2005 වසරේ අග භාගය වනවිට පැවැති යුද හා භූගෝලීය යථාර්ථයන්ට අනුකූලව ‘ප්‍රොජෙක්ට් බීකන්’ සැළැස්ම මගින් කොටි සංවිධානයේ පාලනය ...
18/05/2024

2005 වසරේ අග භාගය වනවිට පැවැති යුද හා භූගෝලීය යථාර්ථයන්ට අනුකූලව ‘ප්‍රොජෙක්ට් බීකන්’ සැළැස්ම මගින් කොටි සංවිධානයේ පාලනය යටතේ පවතින ප‍්‍රදේශ වෙරළබඩ කලාප තුනකට බෙදා වෙන්කළ බව tamileditors.com වෙබ් අඩවි වාර්තාවෙහි දැක්විණ. 2005 නිමාවන වන විට පැවැති කොටි පාලන ප‍්‍රදේශ ඒ අනුව බලතොත් බෙදා පෙන්විය හැක්කේ මෙපරිද්දෙනි: පළමුව, නැගෙනහිර පළාතේ මාන්කෙර්නි සිට පනිච්චන්කෙර්නි, වාකෙරෙ, කතිරවේලි හා වෙරුගල් දක්වාත්, තී‍්‍රකුණාමල වරායට දකුණින් වන ෆවුල් තුඩුවේ සිට ඊච්චලම්පත්තුව දක්වාත් වන වෙරළ තීරය එක් කළාපයකි. දෙවනුව, කෝකිලායි, හා කොක්කුතෝඩුවායි සිට අලම්පිල් හා මුලතිවු දක්වාත්, එතැන් සිට චුන්ඩිකුලම්, චෙම්පියන්පත්තු හා නාගර්කෝවිල් දක්වාත් දිවෙන උතුරු පළාතේ නැගෙනහිර වෙරළ තීරය තවත් කළාපයකි. තෙවනුව, සිලාවත්තුරෛ සිට වන්කාලෛ, විඩත්තල්තිවු හා ඉලූප්පායිකඩවෛ දක්වාත්, එතැන් සිට වෙල්ලාන්කුලම් හරහා පුනරීන් දක්වාත් විහිදෙන බටහිර මුහුදු තීරය තුන් වෙනි කළාපයකි. ‘ප්‍රොජෙක්ට් බීකන්’ සැළැස්මට අදාළ වෙබ් අඩවි වාර්තාව පළවන විට ආරම්භ වී නොතිබුණද, රජයේ හමුදා කි‍්‍රයාන්විතයන් මේ වනවිට ඇදී යන්නේ මෙකී වෙරළබඩ කළාපයන් අත්පත් කරගනිමිනි. ප‍්‍රබන්ධයක් සේ පෙණුනු වාර්තාව හා වත්මන් යථාර්ථය අතර පවතින බව පෙනෙන අද්භූත සමානත්වයේ එක් වැදගත් අංගයක් වන්නේ එයයි."

{jathumbnail off}ශ්‍රී ලංකා රජයේ හමුදා විසින් දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට හය වසරක් පිරීමේ...

"ජාත්‍යන්තර රතු කුරුසය වන්නියේ මිනිස් දඩබිමට සිය අවසාන මැදිහත්වීම කරන ලද්දේ 2009 මැයි 09 වැනි සෙනසුරාදා ය. ළසෝ ගිනි ඇවිළ...
18/05/2024

"ජාත්‍යන්තර රතු කුරුසය වන්නියේ මිනිස් දඩබිමට සිය අවසාන මැදිහත්වීම කරන ලද්දේ 2009 මැයි 09 වැනි සෙනසුරාදා ය. ළසෝ ගිනි ඇවිළගත් වන්නියට ඒ සෙනසුරාදාවේ නැග ආ වෙසක් සඳ යට ගොඩින් ද, ගුවනින්ද වටකොට දෙදිනක් තිස්සේ දිවා රෑ එල්ල කළ ෂෙල් වෙඩි ප‍්‍රහාරවලින්, කවර හෝ මුවාවක් නොමැතිව වැලිතලා මැද සා පිපාසිතව වැදහුන් දහසකට වැඩි දෙනා මරුමුවට පත් වන්නට ඇතැයි මැයි මස 11 වැනිදා ‘ගාඩියන්’ පුවත්පත වාර්තා කර තිබිණ. ඒජන්සි පුවත් සේවා විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ ප‍්‍රකාශක උපුටා දක්වමින් වාර්තා කර සිටියේ එයින් 100කට වැඩි පිරිසක් දරුවන් බව ය. මියගියවුන්ගේ මෘත දේහ 431ක් 11වැනි සඳුදා වන විට මුල්ලිවයික්කාල් තාවකාලික රෝහලට ගෙන එන ලදැයි එම වාර්තා අනාවරණය කොට තිබිණ.

12 වැනිදා හා 13 වැනිදා ෂෙල් ප‍්‍රහාර මගින් ඒ රෝහල ද බිම්බත් කෙරිණ. ඒ වනාහි ඉන් සතියකට පෙර, මැයි මස දෙවැනිදා, 68 දෙනෙකුගේ දිවි පැහැර ගනිමින් අවසාන තාවකාලික රෝහලට එල්ල කරන ලද හමුදා ෂෙල් ප‍්‍රහාරයන්ට අමතර වශයෙනි."

අපේ හමුදාව යුද හමුදාවක් නොව, සාම සාධක හමුදාවකැ’යි උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා කියා තිබේ. එවන් හමුදාවක් ‘පලවා හරින්න...

"අගෝස්තු මාසේ මුල් සතියෙදි පුදුකුඩියිරුප්පු - නෙදුන්කෙර්නි පාරේ ඇම්බියුලන්ස් එකකට ක්ලේමෝර් ප්‍රහාරයක් එල්ල වුණා. ඒක වුණේ...
18/05/2024

"අගෝස්තු මාසේ මුල් සතියෙදි පුදුකුඩියිරුප්පු - නෙදුන්කෙර්නි පාරේ ඇම්බියුලන්ස් එකකට ක්ලේමෝර් ප්‍රහාරයක් එල්ල වුණා. ඒක වුණේ මහ රාත්‍රියේදී යි. නෙදුන්කෙර්නි ඉස්පිරිතාලේ ඉඳන් අමාරු වුණු ගැබිනි මවක් පුදුකුඩියිරුප්පු රෝහලට අරගෙන ගිහින් ආපහු නෙදුන්කෙර්නි රෝහලට එමින් තිබුණ ඇම්බියුලන්ස් රථයකට තමයි මේ ප්‍රහාරය එල්ල වුණේ. ඒ වෙනකොට ඒකේ හිටියේ නෙදුන්කෙර්නි ප්‍රදේශයට හිටිය අවුරුදු හැට ගාණක් වයස එකම වෛද්‍යවරයාත්, එයාගේ බිරිඳත්, හෙදියෝ දෙදෙනෙකුත්, වාහනේ ඩ්‍රයිවරුත් විතරයි. ප්‍රහාරය එල්ල කළේ හමුදාවේ දිග දුර විහිදුම් බලකායේ සෙබළුන් විසිනුයි. ප්‍රහාරයෙන් වාහනේ ගිය පස් දෙනාම මැරුණා. කිලිනොච්චියේ හිටිය මට සිද්ධිය දැනගන්න ලැබුණේ පාන්දර 4.45ට විතර. මම පැය භාගයක් වගේ ඇතුළත ‘ඊළනාදම්’ පත්තරේ වැඩ කරපු සහෝදරයෙක් එක්ක කිලිනොච්චියෙන් පිටත් වුණා. හොඳටම හානි වුණ ඇම්බියුන්ස් එක ඒ වෙනකොට තිබුණේ පාරෙන් මීටර් 75ක් විතර ඈතිනුයි. ප්‍රහාරයට ගොදුරු වුණ අයගේ මළ සිරුරු ඒ වෙනකොටත් නෙදුන්කෙර්නි රෝහල් මෘත ශරීරාගාරයට ගෙනිහින් තිබුණත්, ඒ අයගේ සමහර ශරීර කොටස් පාර අයිනේ තැනක වෙන වෙනම එකතු කරලා තිබුණා. මම ඒවායේ ඡායාරූප ගන්න අමාරු නිසා නෙදුන්කෙර්නි රෝහලට ගිහින් මෘත දේහවල පින්තූර අරගත්තා......නමුත් තිබුණු ප්‍රශ්නය තමයි ආපහු එන්නේ මොන පාරෙන් ද කියන එක. ඇම්බියුලන්ස් එකට ප්‍රහාර එල්ල වුණු පාරෙන් ආයෙමත් ආවොත් තවත් ක්ලේමෝ තියෙන්න ඉඩ තියෙන බව මම දැනගෙන හිටියා. මාත් එක්ක ගිය ‘ඊළනාදම්’ පත්තරේ කෙනා විවාහ වෙලා සතියයි. ඒ නිසා එයාගේ ආරක්‍ෂාව ගැනත් මට වැඩියෙන් බයක් තිබුණා. ඒ නිසා මම කල්පනා කළා නෙදුන්කෙර්නි ඉඳන් පුලියන්කුලම්වලට ගිහින් එතැනින් කිලිනොච්චියට එන්න.....මම මෝටර් සයිකලේ ඒ පාරට දාගෙන හැකිතාක් උපරිම වේගයෙන් ආවා. එහෙම එනකොට අපිට මීටර් 50 - 60ක් විතර දුරින් මහා සද්දයක් එක්ක පස් - ගල් අහසට විසි වුණා. බයිසිකලේ පෙරළාගෙනම අපි බිම දිගා වුනා."

යාපනයේ මානව හිමිකම් පිළිබඳ සරසවි ආචාර්යවරුන්ගේ එකතුව දීර්ඝ කාලාන්තරයක් මුළුල්ලේ කොටි සංවිධානයේ උග්‍රතම විවේච.....

"වලෛඥර්මඩම් ඉඳන් මුල්ලිවයික්කාල් දක්වාම අපි මහා ජනකාය එක්ක ගමන් කළා. 2009 මැයි මාසය කියන්නේ සංහාරයේ උච්ඡතම මොහොත. සිය දහ...
18/05/2024

"වලෛඥර්මඩම් ඉඳන් මුල්ලිවයික්කාල් දක්වාම අපි මහා ජනකාය එක්ක ගමන් කළා. 2009 මැයි මාසය කියන්නේ සංහාරයේ උච්ඡතම මොහොත. සිය දහස් ගණන් මිනිස්සු දිනපතා මිය ගියා. රෝහල් කියලා තිබුණ තාවකාලික මඩුවල දරුවෝ, ගැහැණු බෙහෙත් නැතුව දුක් විඳිමින් මැරුණා. කෑමට ප්‍රමාණවත් ආහාරයක්වත්, බොන්න පිරිසිදු වතුර ටිකක්වත් අපිට තිබුණේ නැහැ. එක දිගට පැය ගාණක් නිදාගන්න ලැබුණේත් නැහැ. කොයි වෙලේ ෂෙල් වැටේවිද කියන බයෙන් නිදාගන්න බැහැ. නමුත්, අපි 2009 මැයි 10 වැනිදා වෙන තුරුම ඊළනාදම් මුද්‍රණය කළා. අවසන් වරට මුද්‍රණය කළේ මැයි 10 වැනිදා කලාපයයි. අපේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණනාවක් ෂෙල් ප්‍රහාරවලින් මැරුණා. අපේ මුද්‍රණ උපකරණ සියල්ලම රජයේ හමුදාවන්ගේ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් අළු ධූලි වෙලා ගියා."

{jathumbnail off}යාපනේ තින්නවේලියේ උපන් පනස් පස් හැවිරිදි පොන්නයියා ජෙයරාජ් දෙමළ මාධ්‍ය ඉතිහාසයේ වික්‍රමාන්විත පරිච්ඡේද....

අම්පාර - මඩකළපු දිස්ත්‍රික් මායිමේ පිහිටි මධ්‍යම කඳවුර සිංහල ජනපදය කේන්ද්‍ර කොට පිහිටුවා තිබූ 'සෙන්ට්‍රල් කෑම්ප්' පොලිස්...
18/05/2024

අම්පාර - මඩකළපු දිස්ත්‍රික් මායිමේ පිහිටි මධ්‍යම කඳවුර සිංහල ජනපදය කේන්ද්‍ර කොට පිහිටුවා තිබූ 'සෙන්ට්‍රල් කෑම්ප්' පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන්ට එරෙහිව 1997 මාර්තු මාසයේදී, කල්මුණේ පෙරියනිලාවනි හි 11 වැනි කොළණියේ ජීවත් වූ 35 හැවිරිදි සිවු දරු මවක් වන මුරුගේසුපිල්ලෛ කොනේස්වරී ස්ථාන භාර නිලධාරියාට පැමිණිල්ලක් කළාය. ඒ, සිය නිවස ආසන්නයේ පිහිටි පොලිස් මුරපොළ පසුකොට යන එන වාරයක් පාසා තමන් හිරිහැරයට පාත්‍ර කරන පොලිස් භටයන් සිය ගෙවත්තේ වූ කොහොඹ ගසක් බලයෙන් කපාගත් බව ය. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවට පොරොන්දුවක් ඇයට ලැබුණි.

දෙමසක් ඇවෑමෙන්, 1997 මැයි 17 වැනිදා රාත්‍රී 11ට පමණ ඇයගේ නිවසට කඩා වැදුණු අවිගත් පොලිස් සෙබළුන් දස දෙනෙක් ඇයගේ දෙහැවිරිදි බාල දියණිය ඉදිරිපිටම ඈ සමූහ අතවරයට ලක් කළහ. අනතුරුව ඇයගේ යෝනි මාර්ගය තුළට අත් බෝම්බයක් දමා පුපුරවා ඇය මරා දැමූහ. කල්මුණේ රෝහලට රැගෙන ගිය මෘත දේහය සම්බන්ධයෙන් කිසිදු මරණ පරීක්ෂණයක් නොපැවැත්වුණු අතර එය මිහිදන් කිරීමට ඇයගේ ඥාතීන්ට අණ කෙරුණි. ඇය පොලිසිය සහ දෙමළ සටන්කරුවන් අතර වෙඩි හුවමාරුවකට මැදිව මිය ගිය බව කී පොලිසිය දෙවනුව ෂෙල් ප්‍රහාරයකින් ඇය මියගිය බව කීහ.

ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ නියමයෙන් ආරම්භ කළ විර්ශනයට අනුව පළමු මහේස්ත්‍රාත් පරීක්ෂණය 1997 ජූනි මාසයේ පැවැත්විණ. 'ඇයගේ මරණයට හේතුව, අත් බෝම්බයක් පිපිරීමෙන් පසු සිදු වූ අධික ලේ වහනය" යැයි මහේස්ත්‍රාත් නියමයෙන් යළිත් ගොඩගත් මළ සිරුර පිළිබඳව මරණ පරීක්ෂණය පැවැත් වූ වෛද්‍ය කුමුදුනී තුරෛරත්නම් කියා සිටියාය. තර්ජන හේතුවෙන් අඩුම වශයෙන් සාක්ෂිකරුවන් දෙදෙනෙක් සාක්ෂි දීමෙන් වැළකී සිටියහ.

ඇයගේ මරණයෙන් සිව් වසරකට පසු, 2001 ජූනි මාසය වන විටත්, සාක්ෂිකරුවන් නොමැතිකමින් අධිකරණ විභාගය අඩාල වී තිබුණි.

එයින් දෙමසක් ඇවෑමෙන්, 2001 අගෝස්තු 20 වැනිදා මධ්‍යම රාත්‍රිය එළඹෙන්නට මොහොතකට පෙර, සෙන්ට්‍රල් කෑම්ප් පොලිස් ස්ථානයට කඩා වැදුණු දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ නැගෙනහිර කාන්තා බලකායන්ට අනුයුක්ත ගරිල්ලා සෙබළියන් විසින්, අවම වශයෙන් පොලිස් භටයන් 16 දෙනකු ඝාතනය කර කඳවුර සහමුලින්ම විනාශ කරන ලදී.

"කෝනේස්වරීගේ ඝාතනයට පලිගැනීමට අපට අවශ්‍ය විය. ඇය අතවරයට පත්කොට සාහසික ලෙස මරා දැමූ පොලිස් ස්ථානය සම්පූර්ණයෙන් විනාශ කරන්නට ලැබීම අපට ආඩම්බරය"ක් යැයි නැගෙනහිර එල්ටීටීඊ කාන්තා අංශයේ දේශපාලන නායිකා භානුකා පසුව කියා සිටියාය.

කෝනේස්වරීගේ මරණයෙන් දිනකට පසු, 1997 මැයි 18 වැනිදා, බී. සිවකුමාර්ගේ සංස්කරණයෙන් කොළඹ දී ප්‍රකාශනයට පත්කෙරුණු 'සරිනිහර්' පත්‍රයේ 'කලා' නමින් මුල්වරට පළ වූ මෙම කවියේ සිංහල ඡායානුවාදය, පළමුවරට පළ වූයේ එම වසරේම ඔක්තෝබර් මාසයේ 'හිරු' සඟරාවේ ය.

අම්පාර - මඩකළපු දිස්ත්‍රික් මායිමේ පිහිටි මධ්‍යම කඳවුර සිංහල ජනපදය කේන්ද්‍ර කොට පිහිටුවා තිබූ 'සෙන්ට්‍රල් කෑම්ප....

"පහුගිය පෙබරවාරි මාසයේදීත් නුවර පොලිසියේ ත්‍රස්ත විමර්ශන ඒකකයට ඇවිත් කට උත්තරයක් දෙන්න කියලා පණිවිඩයක් ආවා. ගියාට පස්සේ ...
08/04/2024

"පහුගිය පෙබරවාරි මාසයේදීත් නුවර පොලිසියේ ත්‍රස්ත විමර්ශන ඒකකයට ඇවිත් කට උත්තරයක් දෙන්න කියලා පණිවිඩයක් ආවා. ගියාට පස්සේ පැය හයක් විතර ප්‍රශ්න කරලා විස්තර ලියා ගත්තා. ඒ වෙලාවේ මම ඇහුවා ' ඇයි මේ විදිහට අපිට කරදර කරන්නේ ? අපි නේද වින්දිතයෝ? අපිට සාධාරණයක් ඉෂ්ඨ වෙලා නැතුවත් පාඩුවේ ඉද්දි ඇයි අපේ පස්සෙන් පන්නන්නේ? අපි කරපු වරද මොකද්ද කියන්න' කියලා . එතකොට නුවර පොලීසියේ ත්‍රස්ත විමර්ශන නිලධාරියෙක් මට ෆයිල් තුනක් පෙන්නලා කිවුවා 'මේ ෆයිල්වල තියෙන්නේ ඔයා ගැන විස්තර. දැනට වරදක් කරලා නෑ තමයි. ඒත් ආරක්ෂක අමාත්‍යාංශයෙන් අපිට දැනුම් දීලා තියෙනවා ඔයගොල්ලෝ අන්තවාදින් වෙන්න පුලුවන් ඒ හින්දා ඇහැ ගහගෙන ඉන්න කියලා' කෙන්ගල්ල ප්‍රදේශයේ පදිංචි එස්. එම්. ෆසාල් ජේඩීඑස් හා පවසා සිටියේය.

කිත්සිරි විජේසිංහ විසිනි දෙ දහස් දහඅට වසරේ මාර්තු මාසයේ දී මහනුවර දිස්ත්‍රිකයේ දිගන හා තදාසන්න ප්‍රදේශවල මුස්ල.....

'වාර්තාව මගින් දක්වා තිබෙන කාල සීමාව තුළ සමූහ මිනීවළ හමුවී ඇති ප්‍රදේශය, මියගිය එවකට බ්‍රිගේඩියර් ජානක පෙරේරාගේ ආඥාපතිත්...
19/03/2024

'වාර්තාව මගින් දක්වා තිබෙන කාල සීමාව තුළ සමූහ මිනීවළ හමුවී ඇති ප්‍රදේශය, මියගිය එවකට බ්‍රිගේඩියර් ජානක පෙරේරාගේ ආඥාපතිත්වයෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද හමුදාවේ හයවැනි 'වැලිඔය' බලසේනාව යටතේ පැවති අතර 1995 රිවිරැස මෙහෙයුමත් සමගම ඔහු, 53වැනි සේනාංකය වශයෙන් පසුව නම් කරන ලද එවකට පැවති අතිරේක ප්‍රහාරක බලකායේ අණදෙන්නා වශයෙන් යාපනයට කැඳවනු ලැබුණි. ඉහත සඳහන් කාල සීමාවේ මිනීවළ පිහිටා ඇති භූමියට යාබද කොක්කුතෝඩුවායි යුද හමුදා කඳවුර, ක්‍රියාන්විත රාජකාරියේදී පසුව මියගිය ලුතිනන් කර්නල් රෝහිත වික්‍රමතිලක යටතේ ස්ථානගත කර තිබූ 4වැනි ගැමුණු හේවා බලඇණිය යටතේ පැවතුණි. 1995 පෙබරවාරි සිට 1996 නොවැම්බර් දක්වා බලඇණි අණදෙන්නා වශයෙන් ක්‍රියාකරන ලද්දේ ලුතිනන් කර්නල් වික්‍රමතිලක ය.'

කිත්සිරි විජේසිංහ විසිනි මු ලතිවු - කොක්කුතෝඩුවායි සමූහ මිනීව‌ළේ ඇති මානව අස්ථි කොටස් ඇසුරෙන් කරන ලද මූලික විමර්...

“The date of the burial event took place does not go beyond the year 1994 and does not exceed the year 1996. Therefore a...
19/03/2024

“The date of the burial event took place does not go beyond the year 1994 and does not exceed the year 1996. Therefore as suggested by the artifacts excavated, it can be concluded that this incident took place on a date held somewhere between 1994 and 1996.”

During the time period referred in the report, Kokkuthoduvai remained under the control of 6th 'Welioya' Brigade of the Sri Lanka army headed by late Brigadier Janaka Perera before he was posted to Jaffna to lead Reserve Strike Force (53 Division). The 4th Battalion of the Gemunu Watch was stationed at the Kokkuthoduvai camp under the command of Lt.Col. Rohitha Wickrematilaka, who functioned as the battalion commander from February 1995 to November 1996.

http://www.jdslanka.org/index.php/news-features/human-rights/1093-tamil-tiger-fighters-killed-in-sri-lanka-war-buried-chaotically-in-secret-mass-grave

"Inspector Saman Kumara Dissanayake had been taken into custody by the CID for the alleged abduction and unlawful detent...
17/12/2023

"Inspector Saman Kumara Dissanayake had been taken into custody by the CID for the alleged abduction and unlawful detention of Ganeralalage Shantha Samaraweera in 2010 July.

A report by the International Truth and Justice Project (ITJP) in 2019 brought to light that Samaraweera who went missing was last seen in a secret detention site run by Naval Intelligence, hidden in the jungle-covered hills of the Trincomalee Naval base."

by Kithsiri Wijesinghe Sri Lanka police have arrested a police officer accused of abducting a man who disappeared in the aftermath of the war following arbitrary detention in a secret navy torture site. The officer in charge of the Mirigama police administration unit was arrested recently by...

අගමැති ඩඩ්ලි සේනානායකගේ හත් හවුල් ආණ්ඩුව යටතේ ගුවන් විදුලි සංස්ථා සභාපති ධූරයට පත් නෙවිල් ජයවීරගේ දරදඬු පාලනයට එරෙහිව ගු...
25/09/2023

අගමැති ඩඩ්ලි සේනානායකගේ හත් හවුල් ආණ්ඩුව යටතේ ගුවන් විදුලි සංස්ථා සභාපති ධූරයට පත් නෙවිල් ජයවීරගේ දරදඬු පාලනයට එරෙහිව ගුවන් විදුලි ඉතිහාසයේ පළමුවරට වෘත්තීය සමිතියක් පිහිටුවීමට මුලිකත්වය ගන්නා ලද්දේ එච්.ඒ. ‌සෙනවිරත්න විසිනි. නව වෘත්තීය සමිතියේ සභාපතිධූරයට එච්.ඒ. පත් වූ අතර ජනප්‍රිය ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදකයෙකු වූ සිරිල් රාජපක්‍ෂ එහි ලේකම්වරයා විය. එවකට ප්‍රමුඛතම වෘත්තීය සමිතිය ලෙස සැළකුණු බාලා තම්පෝ ගේ නායකත්වයෙන් යුත් ලංකා වෙළඳ, කාර්මික හා පොදු සේවක සංගමයේ අනුබද්ධ ශාඛාවක් ලෙස ක්‍රියාත්මක කෙරුණු නව ගුවන් විදුලි සේවක සංගමය 1969 අග දී සංකේත වර්ජනයක් දියත් කළේ සභාපතිවරයාගේ අත්තනෝමතික පාලනයට එරෙහිව ය. අතිශයින් සාර්ථක සංකේත වර්ජනයෙන් කුපිතවූ බලධාරීහු ක්‍රියාකාරී ගුවන් විදුලි සේවකයන් 28 දෙනෙකු වැඩ තහනමට ලක් කළහ.

“වර්ජනයත් යනවා දිගටම. කෑම පැයේදී අපි හැමදාම පිකටින් කරනවා. සීයක් විතර වර්ජනයේ දිගටම හිටියා. ජාතික තලයේ ජනාදරයට පත් වෙලා හිටපු අයගෙන් සුගතපාල ද සිල්වා විතරක් ඇවිත් කෙළින්ම සටනට සහයෝගය දුන්නා. එතකොට තිලක් ජයරත්න, විජයානන්ද ජයවීර වගේ අය ගුවන් විදුලියට සම්බන්ධ වුණ අලුත. ඒ වෙලාවේ වර්ජනයට එක්වුණේ නැතත් පසුව ඒ දෙන්නා වෘත්තිය සමිතියේ ඉහලම වගකීම් අරන් ඒක ඉස්සරහට ගෙනියන්න වැඩ කළා. එදා වෘත්තීය සටනේ ක්‍රියාකාරී හැමෝටම වගේ CMU එකේ සාමාජික අරමුදලෙන් දවසකට රුපියල් දහය ගානේ ගෙව්වා. සටන තවත් ඉදිරියට ගෙන යන්න අරමුදලක් හදා ගන්න කියලා වික්ටෝරියා පාක් එකේ එළිමහන් රංගපිඨයේ අපි සංගීත සංදර්ශනයක් පැවැත්තුවා. ඒකට කේමදාස මාස්ටර්ගේ සහයෝගයත් එක්ක ලංකාවේ ගායක ගායිකාවන්ගේ සියයට අසුවක් විතර ආවා.“

හේවාපතිරණගේ ඇල්ෆ්‍රඩ් සෙ‍නෙවිරත්න හෙවත් 'එච්.ඒ.‍‍‘ සැප්තැම්බර් 21 වැනිදා අසූ තුන් වසක් දිගු සමාජ යුක්තිකාමයෙන් ඇ.....

“දැනට ලැබී ඇති සංඛ්‍යා ලේඛන අනුව පසුගිය සති කිහිපයේදී යාපනයේ අහිංසක වැසියන් 50කට අධික පිරිසක් හමුදාව විසින් ඝාතනය කරනු ල...
16/09/2023

“දැනට ලැබී ඇති සංඛ්‍යා ලේඛන අනුව පසුගිය සති කිහිපයේදී යාපනයේ අහිංසක වැසියන් 50කට අධික පිරිසක් හමුදාව විසින් ඝාතනය කරනු ලැබ ඇත. තින්නවෙලි සහ කන්දර්මඩම් ප්‍රදේශවලදී - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ඉන්ජිනේරුවන්, ශිෂ්‍යයන්, වෙනෙකක් තබා ගෘහණියන්ද ඇතුළත්ව - පුද්ගලයන් විසිදෙනෙකු පමණ සිය නිවෙස් තුළදී ම වෙඩි ප්‍රහාරවලට ලක්වූහ. 24 වැනිදා උදෑසන මාදගල් ප්‍රදේශයේ රඳවා සිටි යුද හමුදා භට කණ්ඩායමක් පෞද්ගලික බස් රථයක් තමන් භාරයට ගෙන එහි නැගී පදික වේදිකාවේ ඇවිදින මිනිසුන්, බස් රථවල ගමන් කරන්නන් සහ සාප්පු සහ වෙළෙඳසැල් හි සිටින මිනිසුන් වෙත වෙඩි ප්‍රහාරයක් හතර වටින් එල්ල කළහ. ශිෂ්‍යයන්, ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්, ගණකාධිකාරිවරයෙකු සහ වෙළෙන්දන් ඇතුළත්ව දහ තුන් දෙනෙකු පමණ ඔවුන් විසින් ඝාතනය කර තිබිණ.“

1 කොටස - ජයවර්ධන වෙතටයි I: ‘හයවැනි ව්‍යවස්ථා සංශෝධනය යුක්තිය ලබාදුන්නේ දාමරිකයන්ට ය‘ එක් දහස් නවසිය හැත්තෑ හතේ අප්.....

“දෙමළ ජනයාට එරෙහි මෙම සියලු හිංසනීය ක්‍රියා සිදුකිරීමට නිදහසට කාරණය ලෙස ඉදිරිපත් කෙරෙනුයේ ඒ සියල්ල සිදු වූයේ වෙනම රාජ්‍ය...
31/08/2023

“දෙමළ ජනයාට එරෙහි මෙම සියලු හිංසනීය ක්‍රියා සිදුකිරීමට නිදහසට කාරණය ලෙස ඉදිරිපත් කෙරෙනුයේ ඒ සියල්ල සිදු වූයේ වෙනම රාජ්‍යයක් සඳහා වූ ඉල්ලීම නිසා ය යන්නයි. එවිට 1956 ජූනි මාසයේදී කොළඹ, අම්පාර සහ අනෙකුත් ප්‍රදේශවල දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වය ගැන පැහැදිලි කළ හැක්කේ කෙසේද? 58 සිදුවූ හදිසි අවස්ථාව සහ 1958 වසරේදී දිවයින පුරා දෙමළ ජනයාට එරෙහි සංහාරයට දිය හැකි නිදහසට කාරණය කුමක්ද? ඒ කාලයේදී වෙනම රාජ්‍යයක් සඳහා වූ කිසිදු ඉල්ලීමක් නොතිබුණු බව පැහැදිලි ලෙසම කිව හැකිය. වෙනම රාජ්‍යයක් සඳහා වූ ඉල්ලීම සත්‍ය වශයෙන්ම පනහේ දශකයේදී සිංහල ප්‍රදේශවල නැවත නැවත ඇති වූ වර්ගවාදී ප්‍රචණ්ඩත්වයත්, ඉන්පසුව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල හැටේ සහ හැත්තෑව දශකවලදී ඇති වූ පොලිස් සහ හමුදා ප්‍රචණ්ඩත්වයත් ඇතුළුව, අවුරුදු විසි පහක කාලයක් තිස්සේ ක්‍රමිකව ගොඩ නැගෙමින් තිබූ දෙමළ ජනයාට එරෙහි පීඩාවේ ප්‍රතිපලයකි.“

1983 ජූලි මාසයේ දකුණේ ‍වීදි දිග දොරින් දොර ඇවිළ ගිය දෙමළ විරෝධී සංහාරක දවස් තාවකාලිකව නිමා වූයේ දෙමළ ජනයාගේ පාර්ලිම....

"මෑත ඉන්දියානු සම්භවයක් ඇති වතු කම්කරුවන්ගේ ප්‍රශ්නය හුදු යටත්විජිත උරුමයක් ලෙස සරලව බැහැර කළ නොහැක. මෙම කම්කරුවන් මුලින...
21/08/2023

"මෑත ඉන්දියානු සම්භවයක් ඇති වතු කම්කරුවන්ගේ ප්‍රශ්නය හුදු යටත්විජිත උරුමයක් ලෙස සරලව බැහැර කළ නොහැක. මෙම කම්කරුවන් මුලින්ම බ්‍රිතානීන් විසින් රැගෙන විත් කන්ද උඩරට ප්‍රදේශයේ ඇතහැර ගිය බව නිසැක සත්‍යයක් වුවද, ශ්‍රී ලාංකික ධනපතියෝ මෙම ලාභ සහ යටහත් ශ්‍රමය තවදුරටත් තබා ගැනීමේ වටිනාකම දුටහ. 1920 ගණන්වල සංක්‍රමණය වීම නැවැත්වීමට ඉන්දීය ආණ්ඩුව තර්ජනය කළ විට, ඊට විරුද්ධව ආයාචනය කිරීමට ලංකා ජාතික කොංග්‍රසයේ නියෝජිතයෙක් දිල්ලියට ගියේය. ඔවුහු සාර්ථක වූහ.

ශ්‍රී ලංකාවට ඉන්දියානු ශ්‍රමිකයන් බඳවාගැනීමේ ප්‍රතිපාදන වෙනුවෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාව සෑම වසරකම මුදල් අනුමත කළේය. මෙය 1940 වනතුරුම අඛණ්ඩව සිදුවිය. එම නිසා, ඩී.එස්.සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක ආදී අපේ සියලු සිංහල නායකයෝ මෙම කම්කරුවන්ව ශ්‍රී ලංකාවේ රඳවා ගෙන ඔවුන්ගේ ශ්‍රමය සූරාකෑමට දායකත්වය දක්වා ඇත්තාහ. ඔවුන්ව දැන් හප මෙන් ඉවත විසි කළ නොහැක. මේ රටේ අන් කිසිම දෙයකට වඩා ශ්‍රී ලංකාව තේවලින් සශ්‍රීක කරන ලද්දේ මෙම කම්කරුවන්ගේ වෙහෙස මහන්සියෙන් වන නිසා සිංහල නායකයන්ට ඔවුන් පිළිබඳ වගකීමෙන් මුක්ත විය නොහැක."

ජූලි මිනිස් සංහාරයේ කතාව II: නාග විහාරයට කිසිදු හානියක් නැතැයි විහාරාධිපති කියයිජූලි මිනිස් සංහාරයේ කතාව I: ''කඩවල්....

"සිරිල් මැතිව්ගේ සැලැස්ම වනාහී මෙම බෞද්ධ සිද්ධස්ථාන යැයි කියනු ලබන ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට හෝ නැත්නම් අලුතෙන් ගොඩනඟා, ...
15/08/2023

"සිරිල් මැතිව්ගේ සැලැස්ම වනාහී මෙම බෞද්ධ සිද්ධස්ථාන යැයි කියනු ලබන ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට හෝ නැත්නම් අලුතෙන් ගොඩනඟා, බෞද්ධ හිමි නමක් පදිංචි කරවා, ඔහුට සහ පන්සලට සහය පිණිස දායකයන් ලෙස සිංහල ජනයා 100ක් 200කගෙන් සමන්විත ජනපදයක් ස්ථාපිත කිරීම සඳහා ඔහුට අයත් ඇති කර්මාන්ත අමාත්‍යංශය යටතේ වූ ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව සහ වෙනත් සංස්ථා යොදා ගැනීම සඳහා ය. පෙනෙන පරිදි මෙම වැඩ කිරීමේ වැඩසටහන බොහෝ දුර ගොස් ඇත. කෝලහාලවලට පසුවද, මෑතකදී ගාල්ලේ දුටුගැමුණු විහාරය විවෘත කිරීමට පැවති රැස්වීමක දී අමාත්‍ය සිරිල් මැතිව් සිය අදහස් විවෘතව ප්‍රචාරය කළේය. මෙම කතාව 1983 සැප්තැම්බර් 29 වන දින Tamil Daily සහ වීරකේසරී යන පුවත්පත්වල පළ විය. සිය කතාව අතරවාරයේ සිරිල් මැතිව් උතුරු සහ නැගෙනහිර පෙර තිබූ බවට කියන විහාර අසළ ගොස් පදිංචි වන මෙන් සිංහල බෞද්ධයන් වෙත ආරාධනා කළේය."

ජූලි මිනිස් සංහාරයේ කතාව I: ''කඩවල්වල ලොකු යකඩ දොරවල් කැඩුවේ හමුදා ට්‍රක් එකකින්''ජූලි මිනිස් සංහාරයේ කතාව II: නාග විහ...

"මෙම කාලය තුළ උතුරේ කිසිදු සිවිල් සිංහල පුද්ගලයකුගේ ජීවිතයට හෝ දෙපළට හානි කරනු ලැබුවේ නැත. "යාපනයේ නාග විහාරයට කිසිදු හා...
09/08/2023

"මෙම කාලය තුළ උතුරේ කිසිදු සිවිල් සිංහල පුද්ගලයකුගේ ජීවිතයට හෝ දෙපළට හානි කරනු ලැබුවේ නැත. "යාපනයේ නාග විහාරයට කිසිදු හානියක් සිදු වී නැත. විහාරයට හානි වී ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය ." යාපනය නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය කඩවැද්දූව නන්දාරාම නායක හිමි 1983 සැප්තැම්බර් 14 වැනිදා Daily News පත්‍රය සමඟ සම්මුඛ සාකච්ඡාවක දී පැවසීය. "යාපනයේ කිසිදු සිංහල බේකරියකට පහර දී නැත. සිංහල ජනයාට බියකින් තොරව යාපනයේ වෙසිය හැකි"යැයි හේ වැඩි දුරටත් පැවසීය.

දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වය වෙනම ඊළම් රාජ්‍යයක් සඳහා වන ඉල්ලීමට එල්ලවන ස්වභාවික ප්‍රතිචාරයක් බවට ඇතැම්හු තර්ක කරති. එසේ නම්, ඉන්දියානු සම්භවයක් සහිත අහිංසක වතුකර කම්කරුවන් පහරකෑමට ලක් වූයේ ඇයි?"

ජූලි මිනිස් සංහාරයේ කතාව I: ''කඩවල්වල ලොකු යකඩ දොරවල් කැඩුවේ හමුදා ට්‍රක් එකකින්'' ලංකා කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාද....

"කොළඹ අවම වශයෙන් මෝටර් රථ 500ක් - සමහර ඒවා රියදුරන් සහ මගීන් සිටියදීම- ගිනිබත් කෙරිණ. කොළඹ සහ යාපනය අතර ධාවනය වූ දෙමළ හි...
02/08/2023

"කොළඹ අවම වශයෙන් මෝටර් රථ 500ක් - සමහර ඒවා රියදුරන් සහ මගීන් සිටියදීම- ගිනිබත් කෙරිණ. කොළඹ සහ යාපනය අතර ධාවනය වූ දෙමළ හිමිකරුවන්ට අයත් බස් රථද ගිනිබත් කරන ලදී. රෝහල්වල සිටි දෙමළ රෝගීන්ට පහර දී මරා දමන ලදී - ඇතැමුන් ඇඳේ දිගෑදී සිටියදීම ඔවුන්ගේ උගුරුදඬු කපා දමා තිබුණි. දෙමළ වෛද්‍යවරුන්ගේ ඖෂධහල් සහ නිවාස ගිනිතබා විනාශ කරන ලදී. වැලිකඩ බන්ධනාගාරය තුළ දින දෙකක් පුරා දෙමළ සිරකරුවන්ව සාහසික සහ ම්ලෙච්ඡ ලෙස ඝාතනය කෙරුණි. සිදු වූ 'බන්ධනාගාර කැරැල්ලේ' දී කෙසේ හෝ සිරමැදිරිවලින් එළියට විත්, කෙසේ හෝ ආයුධ ලබාගෙන, කෙසේ හෝ සන්නද්ධ බන්ධනාගාර නිලධාරීන් විසින් වළක්වනු නොහැකි වූ බව කියන සිංහල රැඳවියෝ 25 වෙනිදා 35 දෙනෙක් ද 27 වෙනිදා තවත් 17 දෙනෙක් ද ඝාතනය කළහ. එම වේලාවේදීම වගේ යාපනය බන්ධනාගාරයේ දී පැන යාමට උත්සහ කළ බව කියන දෙමළ රැඳවියන් සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට බන්ධනාගාර නිලධාරීහු සමත් වූහ. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 53ක් මිය ගිය අතර, ඔවුන්ගේ සිරුරු පොඩි පට්ටම් කර විකෘති කර තිබුණි."

ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ නායකයා ලෙස 1947 සමස්ත මහා වැඩ වර්ජනයේත්, 1953 හර්තාලයේත් මෙහෙයුම් කාර්යභාරයක් ඉටුකළ නාග.....

"පිටකොටුව ගෑස් පහ හන්දියේ ගොඩනැගිල්ලක ඉහළ සිට යම් අයකු විසින් සොල්දාදුවන් වෙතට බෝම්බයක් විසිකර තිබේ. සොල්දාදුවන් විසින් ...
28/07/2023

"පිටකොටුව ගෑස් පහ හන්දියේ ගොඩනැගිල්ලක ඉහළ සිට යම් අයකු විසින් සොල්දාදුවන් වෙතට බෝම්බයක් විසිකර තිබේ. සොල්දාදුවන් විසින් ප්‍රතිප්‍රහාර එල්ලකර දෙදෙනෙකු මරා දමා ඇත. දෙදෙනාම සිංහලයන් ය. සොල්දාදුවෙකු අත්වැරදීමෙන් තමාටම වෙඩි තබාගෙන තිබුණි. 'උතුරේ ත්‍රස්තවාදීන් කොළඹට පැමිණ හමුදාවට ප්‍රහාර එල්ල කරමින් සිටි බව'ට කටකතාව පැතිර ගියේ ඉන් පසු ය. මිනිත්තු කීපයකින් මාර්ග ජනයාගෙන් පිරී ගියේය. ඇතැමෙක් 'ත්‍රස්තවාදීන්ගෙන්' පලා ගිය අතර ඇතැමෙක් ඔවුන් සමග සටන් කිරීමට සූදානම් වූහ. සුළු මොහොතකින් භූමිකාවන් ආපසු හැරී, දෙමළ කොටි යැයි කියනු ලබන අයගෙන් සිංහලයන් පලා යමින් සිටියහ. කලබලය අතරතුර දෙමළ ජාතිකයන් කීපදෙනෙකු ඝාතනයට ලක්විය. ඔවුන්ගෙන් එක් අයෙකු පාරේ ඇද වැටුණු තැනම ආදාහනය කෙරුණි."

1 කොටස: ඒ තුච්ඡ සතිය: සියැසින් දුටු සාක්ෂිකරුවකුගේ සටහනක් මෙහි පළකෙරෙන ලිපිය මුල්වරට පළ වූයේ, 2018 වසරේ ජනවාරි මාසයේ ස...

"දවස පුරා එන්න එන්න ම ප්‍රචණ්ඩත්වය වර්ධනය වෙමින් පැවති බවට වාර්තා ගලා ආව ද, මා උන්නේ, පවුලේ අයවලුන් සමග වඩා ආරක්ෂිත ස්ථා...
27/07/2023

"දවස පුරා එන්න එන්න ම ප්‍රචණ්ඩත්වය වර්ධනය වෙමින් පැවති බවට වාර්තා ගලා ආව ද, මා උන්නේ, පවුලේ අයවලුන් සමග වඩා ආරක්ෂිත ස්ථානයක් වෙත යාම පිළිබඳ විවාදයක පැටලීගෙන ය. අප ජීවත් වූයේ නගරය මධ්‍යයේ ය. හැතැප්ම බාගයක පමණ ඈතින් ගිනිගනිමින් තිබූ දෙමළ නිවාසවලින් නැගෙන දුම් රොටු දෙස අප බලා සිටිය ද තත්ත්වය සමනය වනු ඇතැයි යන අපේක්ෂාව මත මම තීරණයක් ගැනීම මඟ හරිමින්, කල් මරමින් සිටියෙමි.

ඒ මොහොත වන විටත් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළත් දෙමළ සරණාගත පවුල් තුනක් අප නිවසේ කඳවුරු බැඳ සිටි හ. ඔවුන්ගේ නිවාස පහර දීමට ලක්ව තිබුණි. තත්ත්වය වඩා නරක අතට පෙරළමින් දුරකථන මාර්ග අවහිර විය. අප නිවසේ පමණක් නොව, යාබද සියලු දුරකථන ද ක්‍රියා විරහිත විය. අපි මුළුමනින්ම බාහිර සබඳතාවන්ගෙන් විසන්ධිව ගියෙමු."

දශක හතරකට පෙර දිවයින දකුණු දිග සිසාරා සතියක් තිස්සේ ඇවිළ ගිය දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා විසින් බිලිගනු ලැබූ තු...

07/06/2023

ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ජූනි 8 වැනිදා මරුදන්කේනි පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට දැනුම් දී පැය 10කට පසු පොලිසිය අද ඔහුගේ නිවසේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

“මේක කළේ මම අද පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රශ්නයක් සභාගත කිරීම නවත්වන්නැ”යි ඔහු පැවසීය.

ஜூன் 8ல் மருதங்கேணி பொலிஸ்நிலையத்துக்கு அழைக்கப்பட்டு 10 மணித்தியாலங்களில் தமிழ் தேசிய மக்கள் முன்னணியின் தலைவரும் யாழ்ப்பாணம் மாவட்ட நாடாளுமன்ற உறுப்பினருமான கஜேந்திரகுமார் பொன்னம்பலம் அவர்கள் தமது கொழும்பு இல்லத்தில் வைத்து கைது.

"இன்று பாராளுமன்ற சலுகையை பயன்படுத்துவதிலிருந்து தடுக்கவே இக்கைது இடம்பெற்றுள்ளதென" பொன்னம்பலம் கருத்து.

10 hours after informing Tamil National Peoples Front MP Gajendrakumar Ponnambalam to appear at Maruthankerny police station on June 8 to record a statement, Sri Lanka police arrested him today at his Colombo residence.

"This is to stop me from tabling a parliamentary privilege question today" he said.

© JDS

Police in northern Sri Lanka declined to disclose the identity of a policeman who apparently tried to shoot at a Tamil l...
03/06/2023

Police in northern Sri Lanka declined to disclose the identity of a policeman who apparently tried to shoot at a Tamil lawmaker in a public place.

The plainclothes policeman lurking in the shadows of a nearby building had been seen loading a pistol and taking aim at Tamil National Peoples Front (TNPF) Leader Gajendrakumar Ponnambalam who was meeting a group of young sportsmen in Vadamarachchi east, Jaffna.

Police in northern Sri Lanka declined to disclose the identity of a policeman who apparently tried to shoot at a Tamil lawmaker in a public place. The plainclothes policeman lurking in the shadows of a nearby building had been seen loading a pistol and taking aim at Tamil National Peoples Front...

"යුද්දෙන් ඔක්කොම නැතිකරගෙන, ඉතිරි වෙච්ච සේසතම ෂොපින් බෑග් එකක දමා ගෙන තමයි අපි කඳවුරට ගියේ. එහිදී මාව අල්ලා ගත්තා. දවස් ...
26/02/2023

"යුද්දෙන් ඔක්කොම නැතිකරගෙන, ඉතිරි වෙච්ච සේසතම ෂොපින් බෑග් එකක දමා ගෙන තමයි අපි කඳවුරට ගියේ. එහිදී මාව අල්ලා ගත්තා. දවස් දෙකක් තියාගෙන ප්‍රශ්න කරලා නිදහස් කළා."

"2010 නැවත පදිංචියට ආවා. මමයි බිරිඳයි ළමයිනුයි ගේ දොර අලුතෙන් හදාගෙන ජිවිතේ ආයෙත් පටන් ගන්න අරන් දවස් කීපයයි ගෙවුනේ. සුදු වෑන් එකකින් ආපු ටී.අයි.ඩී. එක ආයෙත් මාව ප්‍රශ්න කරන්න කියලා අරන් ගියා. මම කිසිම වරදක් කරලා නැහැ. කිසිම ආයුධයක් ගැන මම දන්නෙත් නැහැ. ඒත් ත්‍රස්ත පනත යටතේ අවුරුදු 12ක් සිරගෙදර ඉන්න වුණා."

සටහන සහ සේයා රූ: ජෙරා විසිනි බිරිඳයි, ළමයිනුයි මගෙත් එක්ක කතාබහක් නැහැ. එහෙම කරන එකේ වැරැද්දකුත් නැහැ කියලා මට හිත.....

Adding insult to injury, over 26 war cemeteries in the north-east of the island, known as 'Great Heroes Resting Homes' (...
28/11/2022

Adding insult to injury, over 26 war cemeteries in the north-east of the island, known as 'Great Heroes Resting Homes' (Maaveerar Thuyilum Illam), with more than 20,000 head stones stones were razed to ground using bulldozers by Sri Lanka's armed forces at the end of the war in 2009.

In Jaffna, Koppai cemetery with 1832 head-stones was razed to the ground before constructing Jaffna Security Forces Headquarters on the site of the cemetery while Ellalankulam cemetery with 795 head-stones was demolished and turned into a military base making it difficult for families to reach the resting places where their near and dear were interned.

By Siva Parameswaran Come November, the Sri Lankan Military establishment and Police go into extra oppressive mode and all out to ensure that Tamils are intimidated and their right to remember their kith and kin is scuttled during the ‘Maaveerar Naal’ (Great Heroes Day) observation. This yea...

"The president’s moves foreshadow the austerity measures that the IMF is expected to impose on the country and the polit...
05/09/2022

"The president’s moves foreshadow the austerity measures that the IMF is expected to impose on the country and the political unrest they are likely to trigger among trade unions, youth, and those protesting mass atrocity crimes. Wickremesinghe wants to wipe out all dissent against his government in its formative stage, so that when things get worse the public will dare not protest," says JDS.

In a report detailing continuing government crackdown on dissenters, Journalists for Democracy in Sri Lanka (JDS) has called upon UN member states to use universal jurisdiction and targeted sanctions against Sri Lanka’s political and military leaders accused of mass atrocity crimes. The 11 pa...

"අරගලයත් එක්කම යම්, යම් ධනාත්මක දේවල් ඇති වුණු බවත් අපි පිළිගන්න ඕනේ. ඇත්තටම ඒ සමහර දේවල් අරගලයේ ජයග්‍රණ විදිහට හඳුන්වන්...
05/09/2022

"අරගලයත් එක්කම යම්, යම් ධනාත්මක දේවල් ඇති වුණු බවත් අපි පිළිගන්න ඕනේ. ඇත්තටම ඒ සමහර දේවල් අරගලයේ ජයග්‍රණ විදිහට හඳුන්වන්නත් පුලුවන්. සියයට සියයක් නොවුණත් රාජපක්ෂ ග්‍රහණයෙන් යම් තාක් දුරකට රාජ්‍ය පාලනය මුදා ගන්න පුලුවන් වෙලා තියෙනවා. හැබැයි මම කියන් නෑ ඒක සර්ව සම්පූර්ණයි කියලා. අපි දන්නවා තවමත් ඔවුන්ගේ හෙවනැලි රාජ්‍ය පාලනය තුළ ක්‍රියාත්මකයි. අදෘශ්‍යමානව හෝ තිරය පිටි පස්සෙන් ඉඳලා ඒ අයගේ හස්තනයන් ක්‍රියාත්මක වෙනවා කියලා අපිට පේනවනේ. ඒ වගේම තමයි මේ අරගලයත් එක්ක මේ රටේ මිනිස්සු ටිකක් විවෘතව හිතන්න පුරුදු වෙන ගතියක් අපි දැක්කා. මෙයට කලින් එලිපිට කතා නොකරපු, එහෙම නැත්නම් කතා කරන්න පැකිළුනු සමහර දේවල් විවෘතව කතා කරන්න මිනිස්සු පටන් ගත්තා. අපි හිතනවා ඒකත් මේ අරගලයෙන් ලබපු එක ජයග්‍රහණයක් කියලා."

- FUTA සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය (FUTA) අධ්‍යාපන අයිතීන් සහ පොදු මහජන ඉල්ලීම් පදනම් කරගත් බහුජන...

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත, දශක හතරකට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන මර...
29/08/2022

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත, දශක හතරකට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන මර්දන උපකරණයක් ලෙස යොදාගෙන තිබේ. දෙමළ තරුණ සටන්කාමීන්ට එරෙහිව ප්‍රධාන වශයෙන් යොදාගැනීම නිසා "කොටි පනත" ලෙස 80 දශකයේ මුල් භාගයේදී දකුණේ සිංහල ජනයා විසින් හඳුන්වන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් උතුරේ දෙමළ තරුණ ජනයා සිය ගණනින් රඳවා තබා ගනිමින් වද හිංසාවට පාත්‍ර කරන ලද්දේ "ත්‍රස්තවාදය මාස හයෙන් අවසන් කිරීමට" ජනාධිපති ජයවර්ධන විසින් 1979 ජූලි මාසයේදී උතුරේ ආඥාපතිවරයා ලෙස පත්කර යවන ලද බ්‍රිගේඩියර් තිස්ස වීරතුංගගේ අධීක්ෂණය යටතේ ය.

එම පනත දකුණේ දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව ජයවර්ධන ආණ්ඩුව විසින් මුල්වරට යොදාගන්නා ලද්දේ අදාළ පනත හඳුන්වා දීමෙන් වසර හතරකට පමණ පසු ය. ඒ වනවිට තහනම් කර තිබූ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් කිහිප දෙනෙකුට එරෙහිව 1984 නොවැම්බර් මාසයේදී පළමුවරට යොදාගත් එම පනත 80 දශකයේ අග භාගයේදී දකුණේ සිදුකළ සුවිශාල රාජ්‍ය අපරාධ සඳහා නීතිමය ආවරණයක් වශයෙන් පසුව යොදාගන්නා ලදී.

කිත්සිරි විජේසිංහ විසිනි ආණ්ඩුවට විරුද්ධව විරෝධතා පැවැත්වීමේ අයිතිය පාවිච්චි කිරීම හේතුවෙන් රාජ්‍ය විරෝධී කු.....

Adresse

Berlin

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von JDS Lanka erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Service Kontaktieren

Nachricht an JDS Lanka senden:

Videos

Teilen

Medienfirmen in der Nähe


Andere Nachrichten- und Medienseite in Berlin

Alles Anzeigen