Shaka Bum - ශක බුම්

Shaka Bum - ශක බුම් සොමියට වරෙන් පුතා අඟුලු දාලා නෑ දොරේ
News✔Politics✔Education✔Gossip✔Fun✔Music✔ Sport✔Comedy✔

බංගලියන් පසු පස ආ දිට්ඨධම්මවේදනීය කර්මය..~~~~~~~~~~~~~~~~~~~ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ බංග්ලාදේශය හා දකුණු අප්‍ර...
10/06/2024

බංගලියන් පසු පස ආ
දිට්ඨධම්මවේදනීය කර්මය..
~~~~~~~~~~~~~~~~~~~
ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව අතර තරගයේදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ඉනිමේ 16 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවට පහරදුන් මහමදුල්ලා කඩුල්ල මුවා කිරීමේ වරදට දැවීගිය ක්‍රීඩකයකු ලෙස පිටියේ විනිසුරු තීරණය කළා. මහමදුල්ලා සැනෙකින් රීවීව් අවස්ථාවක් ඉල්ලා සිටියා. ඒ වනවිටත් පන්දුව පාදයේ වැදී කෙලින්ම කඩුලු රකින්නාට පිටුපසින් හතරේ සීමාව පසු කර තිබුණා.
තෙවැනි විනිසුරු වීඩියෝ තාක්ෂණය ඔස්සේ තීරණය කළේ පිටියේ විනිසුරුගේ තීරණය වැරදි බවයි..
ඒ අනුව පිටියේ විනිසුරු තමාගේ තීරණය වෙනස් කරමින් මහමදුල්ලා නොදැවුණු ක්‍රීඩකයකු ලෙස නම් කළා. නමුත් නීතියේ හැටියට පාදයේ වැදී ගිය ලකුණු හතර ලබා නොදී සිටීමට විනිසුරු තීරණය කළා.. අවසානයේදී අවාසනාවකට තරගය ලකුණු හතරකින් පරාජය වීමට බංග්ලාදේශයට සිදු වුණා..

කර්මය
~~~~~
පසුගිය ⁣එක්දින ලෝක කුසලාන තරගාවලියේදී පන්දුවට පහරදීමට පිටියට පිවිසීමට ප්‍රමාද වූ බව පවසමින් ඇන්ජලෝ මැතිව්ස් දවා ගැනීමට බංග්ලාදේශය කණ්ඩායම කටයුතු කලා. එහිදී මැතිව්ස් බංග්ලාදේශය කණ්ඩායමෙන් ඉල්ලීමක් කලා එසේ සිදු නොකරන ලෙස.. නමුත් ඔවුන්ගේ පිළිතුර වූයේ නීතිය නම් නීතිය යන්නයි..

වර්තමානය
~~~~~~~~
නීතිය නම් නීතිය අනුව දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු හතරකින් තරගය පරාජයට පත්වුණේ හරියට දිට්ඨධම්මවේදනීය කර්මය සිහි ගන්වමින්...

10/06/2024
ඡායාරූප බලන්න කමෙන්ට් කියවන්න...👇
05/06/2024

ඡායාරූප බලන්න කමෙන්ට් කියවන්න...👇

අයහපත් කාලගුණයත් සමග පවති  මහා වර්ෂාව හේතුවෙන් අගලවත්ත, බෙල්ලන ආඳාදොළ ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබූ පස් කන්දක් නාය ගොස් න...
05/06/2024

අයහපත් කාලගුණයත් සමග පවති මහා වර්ෂාව හේතුවෙන් අගලවත්ත, බෙල්ලන ආඳාදොළ ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබූ පස් කන්දක් නාය ගොස් නිවස සම්පූර්ණම යටවී තිබෙනවා.

මෙසේ ජීවිත බේරී ඇත්තේ අගලවත්ත බෙල්ලන ආඳා දොළ ප්‍රදේශයේ පදිංචි බෙල්ලන විදානලාගේ සෝමසිරි නැමැති පුද්ගලයා සහ ඔහුගේ දරු පවුලයි.

දැනට මේ දරු පවුල ඔවුන්ගේ ඥාති නිවසක රැඳී සිටින බව දැන ගැනීමෙන් පසු අප ඔවුන් සොයා අගලවත්තේ බෙල්ලනට ගියෙමු. එහිදී සෝමසිරි මහතාගේ පුත්‍රයා වූ බෙල්ලන විදානලාගේ ශාන්ත කුමාර (33) මහතා මේ පිළිබඳව මෙසේ පැවසීය,

''මමයි මගේ බිරිඳ හර්ෂණී අනුෂ්කා සමග අම්මා ශාන්ති ජයසිංහත් තාත්තා බී.වී සෝමසිරි සහ මගේ දිහැවිරිදි දියණිය සෙත්මි අකීෂා ඇතුළු පස්දෙනාම මේ නිවසේ එකට ජීවත් වෙනවා, මේ සිද්ධිය වුනේ අලුයම එකයි පහළොවට පමණ, මහා වැස්සක් සමඟයි, ඒ අවස්ථාවේ නිවසේ සිටියේ මගේ දෙමව්පියන් හා මගේ කුඩා දියනිය සමග මා පමණයි බිරිඳ එදින ගෙදර සිටියේ නෑ ඇය ඇයගේ මහගෙදරට ගොස් තිබුණා.

අපි සියලු දෙනාම ඇහැරිලයි හිටියේ මගේ වයස අවුරුදු දෙකක් වන දියණිය සෙත්මි අකීශා ඇඳට වෙලා හිටියත් ඇයත් මොන හේතුවක් නිසාද දන්නෙ නෑ ඇහැරගෙන හිටියා. අලුයම එකයි පහළොවට පමණ මම සුරතලයට ගෙදර ඇති කර කළු නම් සුනඛයා බුරබුරා නිවස වටේට යමින් නිවස පිටුපසට වී තදින් බුරන ශබ්දය අපට ඇසුණා. බුරන හඬ වෙනදාට වඩා තදින් දැනුණු නිසා මා නිවසේ දොර ඇරගෙන නිවස පිටුපසට වී බුරන කළු අසලට ගියා කළු මට යමක් කියන්නා සේ ගෙදර පිටුපස පන්ස්කන්ඩිය ළඟට ගියා මමත් කළු පිටුපස ගියා පසුව තමයි මම දැක්කේ නිවස පිටුපස කණ්ඩිය පසාරු කරගෙන බොර පාට වතුර පාරක් එනවා.

මම වහාම නිවසට පැන නිවසේ අංශභාග රෝගී තත්ත්වයකින් අසනීප වී සිටි මගේ පියාත් මගේ මවත් ඇඳේ සිටි කුඩා දියණියත් රැගෙන වහාම පැය කාලක් ඇතුළත එළියට පැන දිව්වා, සුනඛයාත් අපේ පසුපස දුවන් ආවා අපටමීටර් පන්සීයක්වත් තරම් දුර පහළට එන්න ලැබුණේ නෑ වාහන දෙකක් එකට හැපෙන සද්දයක් නගමින් නිවස පිටුපස කන්ද සම්පූර්ණයෙන්ම නාය ඇවිත් මගේ නිවස නොපෙනී ගියා, මගේ සුරතල් සුනඛයා කළු අපට මේ විදිහට සංඥාවක් නොදුන්නනම් අපේ ජීවිත හතරක් ඒ මහා පොළොවට යට වී වැළලෙන්නට තිබුණා, නමුත් කළු නිසා අපේ ජීවිත බේරුණා...''

උපුටා ගැනීම
හිරු නිව්ස්෴

මෙන්න තවත් දන්සැල් විස්තර... ඕන අය save කරගන්න..
22/05/2024

මෙන්න තවත් දන්සැල් විස්තර... ඕන අය save කරගන්න..

දන්සැල් වඳින්න යන්න කලින් share කරල තියාගන්න... රට වටේම තියෙන දන්සැල් ගැන විස්තර එකම පෝස්ට් එකකින්.. ගමේ දන්සැලත් තියෙනව...
21/05/2024

දන්සැල් වඳින්න යන්න කලින් share කරල තියාගන්න... රට වටේම තියෙන දන්සැල් ගැන විස්තර එකම පෝස්ට් එකකින්.. ගමේ දන්සැලත් තියෙනවද බලන්න... නැත්නම් comment වලට දාන්න... 🙏

19/05/2024

2024/05/18 රාවණා ඇල්ල... ,🌧️

18/05/2024

දවස් 365 ම දෙන දන්සැල... මේ දන්සැලෙන් කාපු නැති කෙනෙක් නෑ. දන්සැල් කන්න කලින් බලන්න...

රටේ ඒකීයභාවය වෙනුවෙන් ජීවිත පූජා කළ මෙන්ම ආබාධිත වූ රණවිරුවන් සදා සහි කරමු...
18/05/2024

රටේ ඒකීයභාවය වෙනුවෙන් ජීවිත පූජා කළ මෙන්ම ආබාධිත වූ රණවිරුවන් සදා සහි කරමු...

29/04/2024

සල්ලි තියෙන අය සල්ලි නෑ වගේ රඟනවා.
සල්ලි නැති අය
සල්ලි තියෙනවා වගේ රඟනවා.

21/04/2024

Fox hill අනතුරේ පැහැදිලි දර්ශන...
මිය ගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා.
තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය...

Address

Buthgamuwa Road
Rajagiriya
10100

Telephone

+94723801528

Website

Alerts

Be the first to know and let us send you an email when Shaka Bum - ශක බුම් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shaka Bum - ශක බුම්:

Videos

Share

Nearby media companies


Other Digital creator in Rajagiriya

Show All