New Citizen TV

New Citizen TV New Citizen TV YouTube Channel Official page

04/02/2025

රට ගොඩනගා බාර දෙනවා..අපටත් වඩා හොඳින් රැකගන්න

දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයිජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කන්දයිය...
03/02/2025

දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි.

කෙන් බාලේන්ද්‍ර යනු මෙරට ව්‍යාපාරික ලෝකයේ සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි ව්‍යාපාරික නායකයෙකි.

ජෝන් කීල්ස් සමූහයේ සභාපතිත්වය දරන වකවානුවේ දී එහි පාලිත සමාගම් සියල්ලගේම සභාපතිවරයා ලෙසින් කෙන් බාලේන්ද්‍ර මහතා කටයුතු කළ අතර ඊට අමතර ලංකා දුම්කොළ සමාගම, බ්‍රැන්ඩික්ස්, යූනියන් ඇෂුවරන්ස් ඇතුළු සමාගම් ගණනාවකම සභාපති ධූර මෙන්ම අධ්‍යක්ෂ ධූර ද හොබවා ඇති බාලනේද්‍ර මහතා ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු (1998 - 2000) ද වේ.

යාපනයේ, ඉනුවිල් රෝහලේ දී උපත ලද කෙන් බාලේන්ද්‍ර මහතා කොල්ලුපිටිය ප්‍රදේශයේ ජීවත් වූ අතර ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි.

කෙන් බාලේන්ද්‍ර පාසල් කාලයේ සිටම රග්බි ක්‍රීඩාවට දස්කම් දැක්වූ අයෙකි

03/02/2025

කෝටිපති කාර් සේල් ව්‍යාපාරියෙක් ව්‍යාජ වාහන පහක් සමග අත්අඩංගුවට ගනී

03/02/2025

අනුරපුරෙන් ඇරඹුණු පොහොට්ටුවේ අලුත් සටන

හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයිශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ....
03/02/2025

හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 82 වියේ පසුවුණි.

‘කිව්ව නිසා ආවා... කිව්ව නිසා ගියා ' - ඉවත්වූ තරුණ සේවා සභාපති මීට මාස හතරකට පෙර ජාතික ජන බලවේගය විසින් තමාට පවරන ලද වගක...
03/02/2025

‘කිව්ව නිසා ආවා... කිව්ව නිසා ගියා ' - ඉවත්වූ තරුණ සේවා සභාපති

මීට මාස හතරකට පෙර ජාතික ජන බලවේගය විසින් තමාට පවරන ලද වගකීමක් අනුව ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂක ජනරාල් ලෙස පත්වූ බවත් එකී කාලය තුළ තමාට පුළුවන් උපරිමයෙන් එකී කටයුතු සිදු කළ බවත් වගකීම භාරගත්තේ ද පසුව එකී වගකීමෙන් ඉවත් වන්නේ ද පක්ෂයේ ඉල්ලීමකට අනුව බවත් නීතිඥ චින්තක ඩී. හේවාපතිරණ පවසයි.

මින් ඉදිරියටත් පක්ෂය විසින් මාතර දිස්ත්‍රික්කයේ නව දේශපාලන වගකීමක් මේ වනවිටත් තමා වෙත පවරා ඇති බවත් එකී වගකීමද හැකි උපරිමයෙන් ඉටු කිරීමට මේ වන විට මා සූදානම් වන බවත් හෙතෙම වැඩි දුරටත් කියා සිටී.

සිය මුහුණු පොතේ සටහනක් තබමින් එලෙස ප්‍රකාශ කරන නීතිඥ චින්තක ඩී. හේවාපතිරණ එහි මෙසේ ද සඳහන් කරයි.

ජනවාරි මස 31 වන දින සිට මේ දක්වා සමාජ මාධ්‍ය තුළ විවිධ ආකාරයේ අදහස් ප්‍රචාරණය වී තිබූ අතර එකී සියලු ප්‍රචාරයන්ට කියා සිටින්නේ තමා දේශපාලනය ආරම්භ කළ කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨයේ දේශපාලනයේ සිට මේ මොහොත දක්වා උත්සාහ කරන්නේ මේ මව් පොළව වෙත යම් සාධනීය මෙහෙවරක් සිදු කිරීමට බවය. එතෙක් මෙතෙක් ඒ කාල පරාසය තුළ මගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කොට ඇති අතර සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කොට ඇත. දේශපාලනයෙන් උපයාගත් අබ ඇටයක තරම්වත් ආර්ථික වත්කමක් නොමැත. ඉදිරියටත් ජාතික ජන බලවේගයේ පොදු යහපත් අරමුණ යථාර්ථයක් කරන්නට මාතර දිස්ත්‍රික්කයේ මාගේ සහෝදරත්වය සමග උපරිම වගකීමෙන් කටයුතු කරන බවත් මාතරින් තාවකාලිකව මා මාස හතරකට පෙර නතර කළ ගමන පසුගියදා නැවත වැලිගමින් ආරම්භ කළ බවත් ඔහු ඒහි සටහන් කර ඇත..

‘වාහනයේ නිෂ්පාදිත දිනය මත කාලය නිර්ණය කිරීමෙන් වාහන ආනයන ගැසට්ටුව අවුලක්’: ආනයනකරුවෝ ඉක්මන් සංශෝධනයක් ඉල්ලතිවාහන ආනයනයට ...
03/02/2025

‘වාහනයේ නිෂ්පාදිත දිනය මත කාලය නිර්ණය කිරීමෙන් වාහන ආනයන ගැසට්ටුව අවුලක්’: ආනයනකරුවෝ ඉක්මන් සංශෝධනයක් ඉල්ලති

වාහන ආනයනයට අවසර දෙන ගැසට් නිවේදනය නිකුත් වුවද එහි වාහනයේ නිෂ්පාදිත දිනයේ සිට ආනයන කරන වසර ප්‍රමාණය නිර්ණය කළ යුතු වීම හේතුවෙන් වාහන ගෙන්වීම සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති.

වාහන නිෂ්පාදකයන් සාමාන්‍යයෙන් නිෂ්පාදිත වර්ෂය සඳහන් කළත් නිශ්චිත නිෂ්පාදිත දිනයක් ප්‍රකාශයට පත් නොකරන පසුබිමක නිකුත් කළ ගැසට් නිවේදනයේ මග පෙන්වීම්වලට අනුකූල වන ලෙසින් වාහන ගෙන්වීමේදී ප්‍රායෝගික ගැටලු නිර්මාණය විය හැකි බැවින් මෙම ගැසට් නිවේදනය හැකි ඉක්මණින් සංශෝධනය කරදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ සඳහන් කළේ, මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම් අංශයේ නිලධාරියෙක් මෙම ගැටලුකාරී තත්ත්වයට වගකිවයුතු බවට තමන් චෝදනා කරන බව ය.

එම නිලධාරියා වාහන ආනයනය සම්බන්ධයෙන් ප්‍රායෝගික නොවන තර්ක ඉදිරිපත් කළ බව ද ඔහු පෙන්වා දුන්නේය.

වාහනයක් යනු කේක් එකක් වැනි දෙයක් නොව එම නිෂ්පාදනය සම්පූර්ණ වීමට මාස 4ක් 5ක් යන බව ත් කී ඔහු මේ අනුව නිෂ්පාදනය කළ දිනය යනු එන්ජිම නිපදවන දිනය ද බොඩිය හදන දිනය ද ටයර් සවි කරන දිනය ද යන්න සොයා ගැනීමට නොහැකි බව ත් නිෂ්පාදිත වර්ෂය පමණක් සොයා ගැනීමට නොහැකි බව ඔහු කීය.

එහිදී තවදුරට ත් අදහස් දැක්වූ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ, වාහනයක් ආනයනයේදී සුඛෝපභෝගී බද්ද, රේගු බද්ද ,18%ක වැට් බද්ද ආදී බදු ඇතුළත් වන අතර 2019දී ලක්ෂ 35ක්ව පැවැති සුඛෝපභෝගී බද්ද ලක්ෂ 50ත් 55ත් දක්වා වැඩි කර තිබේ.

ඒ අනුව, එන්ජින් ධාරිතාව 1800 කාර් හා ජීප් සඳහා මීට පෙර තිබූ ලක්ෂ 35ක සුඛෝපභෝගී බද්ද පෙට්රල් වාහන සඳහා ලක්ෂ 50කුත් දෙමුහුන් වාහන සඳහා ලක්ෂ 55 දක්වාත් වැඩි කර ඇත.

මේ අතර වාහන බදු එකතු වීම සිතා ගැනීමට හෝ නොහැකි තරම් සංකීර්ණ කර ඇති බව ත් එය නූල් බෝලයක් ලෙස පටලවා ඇති බවත් රේගුවේ නිලධාරීන්ට බදු එකතු වෙන ආකාරය ගැන නිසි අදහසක් තව ම නැති බව ත් වාහන ආනයනකරුවෙක් කීවේය.

එසේ ම, වෑන් ආනයනය කිරීමට නොහැකි වන ලෙස විශාල ලෙස බදු පනවා ඇති බව ඔහු පැවැසුවේය.

අවුරුදු 5ක් පැරණි වාහන ගෙන්වීමට රජය ඉඩ නොදීම සාමාන්‍ය මධ්‍යම ජනතාවට අඩු මිලට වාහනයක් ගැනීමට වූ අවස්ථාව අහිමි කර ඇති බව ත් ජනතාව පීඩනයට පත් වූ බව ත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පැවසීය.

මේ අතර, වර්තමානයේ ලක්ෂ 50ත් 70ත් අතර මිලකට අලෙවි වන වැගන්-ආර් වර්ගයේ මෝටර් රථයක් ලක්ෂ 20කින් පමණ ඉහළ යා හැකි බව ත් ඒ අනුව එහි නව මිල ලක්ෂ 75ත් 90ත් අතර වනු ඇති බව ත් වාහන ආනයනකරුවන් පවසති.

පෞද්ගලික මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුන් මෝටර් රථ ආනයනය සඳහා වසර 5කට අධික කාලයක් පනවා තිබූ තහනම ඉවත් කර ඇත.

ඊට අදාළව මුදල් අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ අනුව කාර් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ආනයනයට අද සිට අවසර හිමිවේ.

ඒ අනුව, කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන සඳහා යොදාගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රිරෝද රථ යතුරුපැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිත නොවන වාහන ආනයනයට අවසර හිමිව තිබේ. එම වාහන ආනයනයට අදාළව ආනයන අපනයන පාලකවරයා වෙත විශේෂ රෙගුලාසි ද නිකුත් කර තිබේ.

කසිප්පු ආරවුලකට අම්බලන්තොට තිදෙනකු කපා කොටා මරතිඅම්බලන්තොට මාමඩල ඇලේගොඩ ප්‍රදේශයේදී ඊයේ (02 වැනිදා) රාත්‍රියේ පුද්ගලයන් ...
03/02/2025

කසිප්පු ආරවුලකට අම්බලන්තොට තිදෙනකු කපා කොටා මරති

අම්බලන්තොට මාමඩල ඇලේගොඩ ප්‍රදේශයේදී ඊයේ (02 වැනිදා) රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු කපා කොටා ඝාතනය කර ඇතැයි අම්බලන්තොට පොලිසිය සඳහන් කළේය.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අම්බලන්තොට මාමඩල පදිංචිව සිටි හෙට්ටිආරච්චිගේ ප්‍රභාත් ඉන්දික (29), රසික ප්‍රියදර්ශන (45) සහ උදයංග මල්ලිකාරච්චි (34) යන තිදෙනා බවට හඳුනාගෙන ඇත.

අම්බලන්තොට මාමඩල ඇලේගොඩ පිහිටි ප්‍රභාත් ඉන්දික නමැත්තාගේ නිවෙසට පැමිණි අට දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් ආරවුලක් ඇති කරගෙන තිබේ.

එහිදී සිදුවූ පහරදීමකින් බරපතළ තුවාල ලැබු පුද්ගලයන් තිදෙනකු මෙලෙස මියගොස් ඇත.

රුපියල් දහසක් වටිනා කසිප්පු බෝතලයක් රුපියල් එක්දහස් පන්සියයකට අලෙවි කිරීම සහ කසිප්පු සම්බන්ධ තොරතුරක් පොලිසියට ලබාදීම සම්බන්ධයෙන් මෙම ආරවුල හටගෙන ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

කඩු, කැති සහ පොලු වලින් කළ පහරදීම හේතුවෙන් හිසට වූ බරපතල තුවාල සහිතව පෙර කී පුද්ගලයන් තිදෙනා ප්‍රදේශවාසීන් විසින් අම්බලන්තොට ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් තිබිණි. රෝහලට රැගෙන යන අතරතුරදී ඔවුන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.

පහර දීමට පැමිණි බව කියන කිහිපදෙනකු හඳුනාගෙන ඇති බව පොලිසිය කීවේය. අම්බලන්තොට පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේසේකර ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරති

02/02/2025

ජනාධිපති අනුරගේ තාත්තා - පොල්පිතිගමට ගිය අනුර

ජනාධිපති ආරක්ෂක නිලධාරීන් රැගත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරකටජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථයක් තලාව ප්‍රදේශයේදී අද...
01/02/2025

ජනාධිපති ආරක්ෂක නිලධාරීන් රැගත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරකට

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථයක් තලාව ප්‍රදේශයේදී අද (1) අළුයම 1ට පමණ අනතුරකට ලක්වී සිවුදෙනෙකු රෝහල් ගතකර ඇති බවට තලාව පොලීසිය පවසයි.

ඊයේ (31) යාපනයේ පැවති උත්සවයකට සහභාගි වී නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

ඒ අනුව අනතුරින් තුවාල ලැබූවන් ඔවුන් සමග පැමිණි වෙනත් වාහනයකින් තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩි ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාලකරුවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව අනුරාධපුර රෝහල් ආරංචි මාර්ග පවසයි.

තුවාලකරුවන්ගෙන් රියදුරු ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බවත්, අනෙකුත් අයට ශ්‍රී ලංකා පොලීසියට අනියුක්තවය සේවය කරන ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් බව වාර්තා වේ.

රියැදුරුට නින්ද යාම අනතුරට හේතුව බව පොලීසිය සැක කරයි.

අනතුර සම්බන්ධයෙන් තලාව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

පුද්ගලික වාහන ආනයනයේ දී රජයෙන් කොන්දේසි 9ක්2020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජ...
01/02/2025

පුද්ගලික වාහන ආනයනයේ දී රජයෙන් කොන්දේසි 9ක්

2020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා වාහන ආනයනයට අවසර ලබා දෙමින් අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශ්‍යට පත් කර ඇත.

1969 අංක 01 දරන ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ 2025 ජනවාරි 31 දිනැති අංක 2421/44 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙය ප්‍රකාශ්‍යට පත් කර තිබේ.

ඒ අනුව කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රී රෝද රථ, යතුරුපැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිතා නොවන අයිතම සඳහා මෙලෙස ආනයනයට අවසර හිමිව ඇත.

විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනිමය වැයකරමින් විශාල ප්‍රමාණයෙන් වාහන ආනයනය කර තොග රැස් කිරීම අධෛර්යයමත් කිරීම, රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින්, රට තුළ සිදුවන සාමාන්‍ය ආර්ථික කටයුතු දිරිමත් කිරීමේ සහ ආර්ථික ස්ථාවරභාවය සුරක්ෂිත කිරීමේ අරමුණු සහිතව වාහන ආනයනයට අදාළව පහත කොන්දේසි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව,

1. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආනයනකරුවන් සහ රාජ්‍ය ආයතන විසින් මින් පනවනු ලබන රෙගුලාසිවලට යටත්ව වාහන ප්‍රමාණය ආනයනය කළ හැක.

2. ඉහත (1) ඡේදයේ සඳහන් ආනයනකරුවන් හැර අනෙකුත් ආනයනකරුවන්ට මාස 12ක කාලසීමාවක් තුළ එක් මෝටර් වාහනයක් පමණක් ආනයනය කළ හැක.

3. ආනයනය කරනු ලබන ඕනෑම මෝටර් වාහනයක් ගැනුම්කරුගේ නමට (ලියාපදිංචි ආනයනකරුවකුගෙන් මිල දී ගන්නා අවස්ථාවක දී) හෝ ආනයනකරුගේ නමට එකී මෝටර් වාහනයට අදාළ ආයාත බිල් පත්‍රයේ/ රේගු සටහන්කරයේ දිනයේ සිට දින 90ක් ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.

4. මෝටර් වාහන ලියාපදිංචි කිරීම සඳහා ආනයනකරු හෝ ගැනුම්කරු විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් සමඟින් අනෙකුත් අවශ්‍ය සියලු ලේඛන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය.

තවද, ඉහත (1) ඡේදයේ සඳහන් ආනයනකරුවන් හැර අනෙකුත් ආනයනකරුවන් විසින් සිය දෙවන වාහනය ආනයනය කිරීමේ දී, තම ප්‍රථම වාහනය ආනයනය කළ දින සිට (රේගු සටහන්කරයේ දින සිට) මාස 12ක කාලයක් ඇතුළත වෙනත් වාහනයක් ආනයනය නොකළ බව ද එකී දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කළ යුතුය.

5. යම් ආනයනකරුවෙකු දින 90ක් ඇතුළක ආනයනික මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමට අපොහොසත් වුවහොත්, එම මොටර් වාහනය ලියාපදිංචි කරන අවස්ථාවේ දී, මෝටර් වාහනයේ පිරිවැය, රක්ෂණ හා නැව් ගාස්තු අගයෙන් (CIF Value) 45%ක උපරිම සීමාවකට යටත්ව, මාසික CIF අගයෙන් 3% බැගින් අයකරනු ලබන ප්‍රමාද ගාස්තු ගෙවීමට එකී ආනයනකරුට සිදුවේ.

6. කිසිදු අවස්ථාවක දී, මාසික ප්‍රමාද ගාස්තුව ගෙවීම සම්බන්ධයෙන් ගාස්තු අත්හැරීමක් ප්‍රදානය කරනු නොලැබේ.

7. මෝටර් වාහනයේ වයස නිර්ණය කිරීමේ දී, එකී මෝටර් වාහනයේ නිෂ්පාදිත දිනය සහ නෞභාර පත්‍රයේ/ ගුවන් භාර පත්‍රයේ දිනය අතර කාලය ගණනය කළ යුතුය.

8. සහනදායී බදු අනුප්‍රමාණ යටතේ මෝටර් වාහන ආනයනය කිරීම සඳහා නිකුත් කරන බලපත්‍ර භාවිත කරමින් කිසිදු මෝටර් රථයක් ආනයනය කිරීම සඳහා හෝ රේගුවෙන් නිදහස් කිරීම සඳහා අවසර ලබාදෙනු නොලැබේ.

9. දැනට ක්‍රියාත්මක රීති සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් යම් මෝටර් වාහනයක් ආනයනය කළහොත්, එකී මෝටර් වාහන (වාහන) රේගු සටහන්කරයේ දිනයේ සිට දින 90ක් ඇතුළත අදාළ ආනයනකරු විසින් ප්‍රතිඅපනයනය කළ යුතුය.

තවද, තීරුබදු නිදහස් කිරීමේ රේගු ආඥා පනත යටතේ විධි විධාන අනුව අය නොකළ තීරුබදු නැවත බලාත්මක කිරීම සඳහා 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ 2025 ජනවාරි මස 27 දිනැති අංක 2421/05 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව රේගු සංකේතාංක පරිච්ඡේද අංක 87හි ඇතුලත් වන ම‌ෝටර් වාහන ආනයනය කිරීමේ දී වාහනයේ පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයෙන් (CIF Value) 20%ක තීරු බද්ද අය කිරීම 2025 ජනවාරි මස 28 දින සිට බලාත්මක කරන ලදී.

එසේ වුවද, මෝටර් වාහන ආනයනයේ දී වාහනයේ පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයෙන් 30%ක තීරු බද්දක් අය වන පරිදි, රේගු ආඥාපනතේ 10 (අ) වගන්තිය යටතේ අධිභාරයක් පැනවීම සඳහා 2025 ජනවාරි මස 31 දිනැති අංක 2421/43 දරන ගැසට් නිවේදනය 2025 පෙබරවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව දැනට ක්‍රියාත්මක 20%ක් වූ තීරුබද්ද සහ ඒ මත ක්‍රියාත්මක කරනු ලබන 50%ක අධිභාරය සමඟ රේගු ආඥා පනත (235) වන අධිකාය) යටතේ මුළු තීරු බදු ලෙස 30% ප්‍රමාණයක් මෝටර් වාහන ආනයනය සඳහා අයවන ලෙස විධිවිධාන සලසා ඇත

වාහන ආනයනය පිලිබඳ නව ගැසට්ටුව
31/01/2025

වාහන ආනයනය පිලිබඳ නව ගැසට්ටුව

අපේ රියැදුරු බලපත ඉතාලියටත් ළඟදීම වළංගුවේශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුමට ඉක්මණින් එළැඹීමට අ...
31/01/2025

අපේ රියැදුරු බලපත ඉතාලියටත් ළඟදීම වළංගුවේ

ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුමට ඉක්මණින් එළැඹීමට අවශ්‍ය සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා ප්‍රකාශ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය අද නිවේදනය කළේය.

දැනට ප්‍රමාද වී ඇති එම ගිවිසුම ඉතාලි ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සළකා බලමින් සිටින බවත් එය නුදුරේදීම අවසන් කිරීමට හැකි සෑම සහායක්ම ලබා දෙන බවත් තානාපතිවරයා එහිදී පවසා ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී විදේශ කටයුතු අමාත්‍යවරයා කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් ඉතාලි තානාපතිවරයා මෙම අදහස් පළකර තිබිණි.

ශ්‍රී ලාංකිකයන්ට රැකියා වීසා ලබා දීම නැවත ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස එම සාකච්ඡාවේදී විජිත හේරත් මහතා කළ ඉල්ලීම ඉතාලි රජයට දැනුම්දීමට කටයුතු කරන බවද තානාපතිවරයා පවසා ඇත.

ඉන්ධන මිල සංශෝධනය කරයි
31/01/2025

ඉන්ධන මිල සංශෝධනය කරයි

ගාල්ලේ ත්‍රිත්ව ඝාතනයක් - තවත් තොරතුරු රැසක්ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තිබේ.පො...
31/01/2025

ගාල්ලේ ත්‍රිත්ව ඝාතනයක් - තවත් තොරතුරු රැසක්

ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තිබේ.

පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 වර්ගයේ ගිනිඅවියකින් ඊයේ (30) රාත්‍රී 11:15ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

වෙඩිවැදුණු පුද්ගලයන් එම ස්ථානයේදීම මියගොස් ඇති බවද පොලිසිය පැවසීය.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ මෙම පුද්ගලයින් තිදෙනා මත්පැන් පානය කරමින් සිට ඇති බව සඳහන් ය.

මියගිය අය අතර 29 සහ 54 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකු සිටින අතර අනිත් පුද්ගලයාගේ වයස තහවුරු කරගෙන නොමැත.

සැකකරුවන් සොයා හිනිදුම පොලිසිය විමර්ශන අරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.

කොළඹ වරායේ ගබඩා සංකීර්ණය අසල බහලුමක් තුළ ගින්නක් කොළඹ වරායේ බණ්ඩාරනායක තටාකය ලෙස හඳුන්වන ගබඩා සංකීර්ණය අසල බහලුමක් තුළ 3...
30/01/2025

කොළඹ වරායේ ගබඩා සංකීර්ණය අසල බහලුමක් තුළ ගින්නක්

කොළඹ වරායේ බණ්ඩාරනායක තටාකය ලෙස හඳුන්වන ගබඩා සංකීර්ණය අසල බහලුමක් තුළ 30 රාත්‍රී ගින්නක් ඇතිවීමෙන් එම බහලුමේ තිබූ භාණ්ඩ ගිනිගෙන දැවී විනාශයට පත් වූ බව වරාය අධිකාරිය උසස් නිලධාරියෙක් පැවසීය.

බණ්ඩාරනායක තටාක ගබඩාවට බහලුමකින් භාණ්ඩ බාමින් තිබියදී එම බහලුම තුළ රාත්‍රී 7.30 ට පමණ ගින්නක් හට ගෙන ඇති බවත් ඉතාමත් සුළු කාලයකදී ගින්න පුරා පැතිර ගොස් ඇති බවත් එම නිලධාරියා කීය.

රාත්‍රී 10.00 පමණ වන විටත් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට නොහැකි තත්වයක පත්ව තිබූ බවත් වරාය ගිනි නිවීමේ ඒකකය ගින්න පාලනය කිරීමට සමත්ව සිටි බවත් එම නිලධාරියා සඳහන් කළේය.

එම බහලුම තුල අන්තරාදායක ද්‍රව්‍ය ඇතුළත්ව ඇති බවට දැනුම් දී නොමැතිව බවත් ගින්න පිළිබඳව සහ ඉන් සිදුවූ හානිය පිළිබඳව වරාය අධිකාරිය විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මන්ත්‍රී අර්ච්චුනාට ඇපවිශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් ...
29/01/2025

මන්ත්‍රී අර්ච්චුනාට ඇප
විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා ඇප මත මුදාහැර තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කළ බවයි.

ඒ අනුව මෙම නඩුව පෙබරවාරි මස 3වනදා යළි කැඳවීමට නියමිතය.

මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතා මෙම මස ඉකුත් 20 වනදා රාත්‍රී කාලයේ අනුරාධපුර තලාව ප්‍රදේශයේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුළ බවට තොරතුරු වාර්තා විය.

පසුව අනුරාධපුර පොලීසිය මගින් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.

හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයිඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දේශපාලන ප්‍රධානී මාවෙයි සේනාධිරාජා මහ...
29/01/2025

හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දේශපාලන ප්‍රධානී මාවෙයි සේනාධිරාජා මහතා අද (29) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සේනාධිරාජා මහතා මිය යනවිට යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

යාපනයේ පිහිටි නිවසේදී ඊයේ ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සේනාධිරාජා මහතාගේ රෝහල්ගත කරනු ලැබීය.

මිය යනවිට ඒ මහතා 82වියේ පසුවිය

Address

805, Jana Jaya City, Nawala Road, Rajagirya
Sri Jayavardhanapura
10100

Alerts

Be the first to know and let us send you an email when New Citizen TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to New Citizen TV:

Videos

Share