07/11/2021
සිවිල් සමාජය, දේශපාලනය සහ සිවිල් සමාජ දේශපාලනය
2015 දේශපාලන පෙරළිය පිටුපස සිවිල් සමාජය සිටි බව කවුරුත් දන්නවා. එහෙනම්, සිවිල් සමාජයට දේශපාලනයක් තියෙනවා. නමුත්, සාමාන්‍යයෙන් සිවිල් සමාජය සැලකෙන්නෙ පක්ෂ දේශපාලනයෙන් තොරවූ කලාපයක් කියලයි. 2015 පෙරළිය දේශපාලන පෙරළියක් නම්, ඒකට සිවිල් සමාජය දායක වුණා නම්, සිවිල් සමාජය දේශපාලනය කරල තියෙනව නේද? එහෙනම්, සිවිල් සමාජය දේශපාලනයෙන් මුක්ත වූ කලාපයක් කියල කියන එකේ තේරුමක් තියෙනවද? නැත්නම්, සිවිල් සමාජ දේශපාලනය කියන්නෙ පක්ෂ දේශපාලනයට වඩා පුළුල් දේශපාලනයක්ද?
සිවිල් සමාජය කිව්වම ඒක විශාල කලාපයක්. එන්ජීඕ කියන්නෙ ඒ අතරින් එක කොටසක් විතරයි. නමුත්, රටේ කොතන හරි ආණ්ඩුවට හෝ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට විරුද්ධව අරගලයක් තියෙනව නම්, ආණ්ඩුවට සම්බන්ධ හිතවත් පුද්ගලයො ඒ අරගලය හංවඩු ගහන්නෙ එන්ජීඕ අරගලයක් කියලයි. එතකොට, අරගලයෙ ඉන්න අයට හරිම ලැජ්ජාවක් ඇති වෙලා, ඒ ගොල්ලො මාර උත්සාහයක් ගන්නව, තමන් එන්ජීඕ කාරයො නෙවෙයි කියල ඔප්පු කරන්න.
නීතිඥ සංගමේ හිටපු සභාපති අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක්; වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජනාධිපති කාර්ය සාධක බලකායෙ සාමාජිකයෙක්; හෙද සංගමයේ සභාපති විශ්ව විද්‍යාලෙක කුලපති වෙනව; තවත් හෙද සංගමේක සභාපති කෙනෙක් ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තු ගියා. ඒ සේරම සිවිල් සමාජය කියන පුළුල් ක්ෂේත්‍රය ඇතුළෙ ඉන්න අය.
පහුගිය ආණ්ඩුව කාලෙ දකුණු පලාතෙ ආණ්ඩුකාරය වුණේ එන්ජීඕ කාරයෙක්; මේ ආණ්ඩුව යටතෙ උතුරු පළාතෙ ආන්ඩුකාරය එන්ජීඕ කාරයෙක්.
යහපාලන ආණ්ඩුවට තමන්ගෙම වෙච්ච සිවිල් සමාජයක් තිබුණ. දැන් මේ ආණ්ඩුවටත් 'වියත්මග' කියල තමන්ගෙම වෙච්ච සිවිල් සමාජයක් තියෙනව. දෙමළ ජාතික සන්ධානයටත් සිවිල් සමාජයක් ඉන්නව. ඒ එක්කෙනෙක් පසුගිය ඡන්දෙදි ජාතික ලැයිස්ත්වටත් ඇතුළත් වුණා. මුස්ලිම් දේශපාලන පක්ෂවලට වගේම කඳුකරයේ දෙමළ දේශපාලන පක්ෂවලටත් සමීපව වැඩකරන තමන්ගේම සිවිල් සමාජ සංවිධාන තියෙනවා සහ සිවිල් ක්‍රියාධාරීන් ඉන්නව. ජාතික හෙළ උරුමයට ත්‍රස්ත විරෝධී ජනතා ව්‍යාපාරය තිබුණා; අද 43 සේනාංකය තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව ඉස්සර දේශහිතෛෂී ජනතා ව්‍යාපාරය තිබුණා; අද වෙන කොට ජාතික ජන බලවේගය තියෙනවා. මේ සිවිල් සමාජ සාමාජිකයන් සමහරක් ඡන්දයට් ඉදිරිපත් වෙලා හරි, ජාතික ලැයිස්තුවෙන් හරි පාර්ලිමේන්තුවටත් තේරී පත් වෙලා තියෙනවා.
මෙහෙම බලනකොට සිවිල් සමාජය සහ දේශපාලනය අතර සෑහෙන සම්බන්ධතාවයක් තියෙනවා.
'සිවිල් සමාජයට දේශපාලනය අකැපද' කියන මාතෘකාව යටතේ සම්මන්ත්‍රණයක් සංවිධානය වෙන්නෙ මෙන්න මේ පසුබිම ඇතුළෙ. සූම් අම්තර්ජාල වේදිකාව ඔස්සේ පැවැත්වෙන මේ සම්මන්ත්‍රණයෙ ප්‍රධාන දේශනය කරන්නෙ ශ්‍රී ලංකාවෙ එන්ජීඕ පිළිබඳව තම ආචාර්ය උපාධිය සඳහා පදනම් කර ගත් පළමුවැන්නා ලෙස හඳුන්වන්න පුළුවන් උදන් ප්‍රනාන්දු. ඔහු දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය හෙවත් 'සෙපා' ආයතනයෙ හිටපු විධායක අධ්‍යක්ෂ වරයා. සිනමාකරුවෙකුද වන උදන් 'අනිද්දා' පත්තරයට සතිපතා 'ඉඳ හිට' නමින් කොලමක් රචනා කරනවා.
අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ හිටපු කොමසාරිස්වරියක් වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු ප්‍රසිද්ධ සිවිල් සමාජ නායිකාවක්. ආචාර්ය ඉන්දි අකුරුගොඩ රුහුණ විශ්ව විද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියක්. ශ්‍රීන් අබ්දුල් සරූර් මානව අයිතිවාසිකම් සහ ස්ත්‍රී අයිතිවාසිකම් මෙන්ම සුළුතරයේ අයිතිවාසිකම් පිළිබඳව හඬ නගන ඉදිරි පෙළේ ක්‍රියාකාරිනියක්. මේ තිදෙනාමත් සම්මන්ත්‍රණයේදී අදහස් දක්වනවා. සම්මන්ත්‍රණය මෙහෙයවන්නේ වරලත් ගණකධිකාරී හර්ෂ ගුණසේන විසින්. සම්මන්ත්‍රණය සංවිධානය කරන්නේ 'රයිට්ස් නව්' සංවිධානයයි.
2021 නොවැම්බර් 10 වන බදාදා සවස 5.00 සිට 6.30 දක්වා සූම් අන්තර්ජාල වේදිකාව ඔස්සේ පැවැත්වෙන මේ සම්මන්ත්‍රණයට සහභාගි වෙන්න ඔබත් කැමැති නම් ලියාපදිංචි වෙන්න.
නොවැම්බර් 10 වන දින සවස 5.00 සිට 6.30 දක්වා ZOOM අවකාශය ඔස්සේ පැවැත්වීමට නියමිත සංවාදයට එකතු වෙන්න.
මාධ්‍ය - සිංහල, දෙමල සහ ඉංග්‍රීසි භාෂාවෙන්
SMS මගින් ලියාපදිංචියට : 0771097914 | 0771097917
#සිවිල්සමාජය #දේශපාලනය #රයිට්ස්නව්
#බල්ලාසහවලිගය