11/06/2020
පටන් ගන්න කලින් කියන්න ඔනේ මේ shaeylife creative hub එකේ හතර වෙනි පෝස්ට් එක. මම design software සහ tools ගැන tutorials කරන්නෙ නැහැ. මම කරන්නෙ නිර්මානශිල්පියෙකුගේ thinking pattern එක හැදෙන්න, creative වෙන්න, creativity එක වැඩි දියුනු කරගන්න උදව් කරන එක..
ඒත් කෙනෙක් inbox ඇවිල්ල මේක කරන්නෙ කොහොමද ඇහුවොත් නොකියා ඉන්නෙත් නෑ... ඒක කියලා දෙන ගමන් මන් උගන්වන creative thinking කොටසකුත් උගුරුට හොරා පොවලයි, යන්න දෙන්නෙ...
ඉතින් අද කියල දෙන පාඩම, එක post එකකින් කියලා ඉවර කරන්න බැරි තරම් ලොකු පාඩමක්. සමහර විට මන් videos කිහිපයකුත් හදලා දාන්න හිතනවා. ඒක හොඳ අදහසක් ද, නැද්ද කියලා සහෘද ඔයාලා කියන්න, මැසේජ් එකක් දාන්න.
හොඳයි එහෙනම්,
කලින් post තුනේ කලේ අතීතකාමයෙන් නිර්මානශිල්පියෙකුට එන ප්‍රශ්න වලින් බේරිලා තමන්ගේ thinking pattern එක රැකගන්න කරපු ආයාචනාවල් විදිහට... ඔයාලට ප්‍රශ්න තියනවනම් ඉන්බොක්ස් කතා කරන්න . හැකි විදිහට උදව් කරන්නම්.
අද අපි main subject එකට බහිමු.
CREATIVITY.
Creative වෙන්න කොහොමද, කොහෙන්ද , කොතනින්ද මතුවෙන්නෙ, මතුකරගන්නෙ කියන එක ගැන fundamental විස්තරයක් මන් කරන්නම්..
Creative නිර්මානශිල්පියෙක්, තමන්ගේ රස්සාව හෝ ආදුනිකත්වය තොරව, මනුස්සයෙක් විදිහට, තමන් හිතන විදිහ, දකින විදිහ තමන්ගේ creativity එකට ගොඩක් බලපානවා.
ඒ වගේම creative කියන level එක, සමාජ මතය, මුදල, බහුතර කැමැත්ත, විකුනුම්කරනය වගේ දේවල් වලින් බලපෑමක් තිබෙනවා වගේ පෙනුනට, ඇත්තටම තියෙන්නෙ self satisfaction එකක්.
මේ self satisfaction එක, ස්වයං සංතෘශ්ටිය තමයි මේ හැම factor එකක්ම වෙනස් කරන තැන...
තුන් වෙනි පෝස්ට් එකේ කිව්වා වගේ self doubt එක නැති කරගන්න තැන, උඩ කිව්ව බාහිර සාදක තමන්ට කැමති පැත්තට හරවන්න නිර්මානශිල්පියාට හැකියාවක් ඇති වෙනවා.
ඒ නිසා අනිත් මිනිස්සුන්ට වඩා නිර්මානශිල්පී ජිවිතයක් ගත කරන කෙනාට, හොඳ creative life එකක්, peaceful & tranquil life එකක් ගත කරන්න ලොකු අවස්තාවක් තියනවා.
මොකද, ජිවිතේ ගොඩක් ප්‍රස්න රැඳී තියෙන්නෙ බාහිර සාදක සමග කරන ගනුදෙනු ගැන තමන් තුල තියන ස්වයං විවේචනය තුල නිසා. ❤🍃
ඉතින් නිර්මානශිල්පියෙක් feelings වලට භය වෙන්න හොඳ නෑ..feelings තමයි ක්‍රියේටිවිටි එකේ තෙල... life එක කියන engine එක වැඩ කරවන.. දකින හැමදෙයක්ම feel කරන්න නිර්මානශිල්පියෙක්ට හැකියාවක් තියෙන්න ඔනේ කියලා මම විශ්වාස කරනවා.
වැටෙන ඉරු එලිය සඳ එලිය මත වෙනස් වෙන පරිසරයේ වර්නරටා, පාරේ ඇවිදිද්දි පේන්න තියන billboards , sign posts, posters & flyers, bills, stickers, brand names
ඇඳුම් වල, ඉන්ටීරියර්ස් වල, වාහන වල, බිල්ඩින් වල හැමතැනම දකින්න තියන patterns , colors , නිර්මානශිල්පී ඔබ feel කරන්න ඔනේ...
ෆීල් වෙන තරමට ඒ ඒ දේවල් වල එකතුවෙන් සංකලනයෙන් නව නිර්මාන බිහි කිරීමට නිර්මානශිල්පියාට හොඳ මතක ගබඩාවක් නිර්මානය වෙන්න ගන්නවා.
මන් විශ්වාස කරනවා නිර්මානශිල්පියාට හොඳට ඇසූ පිරූ බවක් තියෙන්න ඔනේ කියලා... ඒක මංගල කාරනයක්. එක රාමුවක නොයිද , විවිධ භාශා, ආගම්, දර්ශන, ඇදහිලි,ප්‍රවාද, සමාජ සහ විද්‍යාත්ම විශයන් නිර්මානශිල්පියෙක් හැදෑරිය යුතුයි. දැනගෙන සිටිය යුතුයි.. හැම කාරනාවක්ම තමන්ට අලුත් දෙයක් නිර්මානය කරන්න හඳුනාගන්න, නිර්මානශිල්පියාට පිටුවහලක් වෙනවා.
අවසානයේ නිර්මානශිල්පියා සාමාන්‍ය ලෝකය දිහා බලන දෘශ්ටිවාදය තුල මැදහත් බවක් ගන්න තරමට ඔහුගේ නිර්මානවල නව්‍යතා ඇති කරවනව... ඔහුගේ නිර්මාන පමනක් නෙවෙයි.. මේ තුලින් ඉතා සුලුකාලයක් වන ජීවිත කාලය තුල ඔහු යම් නිවීමක්, සන්ශ්ටියක් සහ දනාතමකත්වයක් , අනිත් අයට වඩා ලබනවා. ඔහුට ජීවිතය සමග තියන ගැටීම් වලට හේතුවක් දකින්න හම්බෙනවා.... හැම නිර්මාණශිප්ලියෙකුගෙම ජිවිතය පාරමිතාවක් සත්‍ය සොයාගෙන යන.
ඔබේ රාමුව විශාල වන තරමට, ඔබේ දෘශ්ටිවාදයන් අලුත් වෙනවා, අලුත් වෙන ඔබේ දෘ ශ්ටිවාදය ඔබට නව නිර්මාන බිහි කරවනවා, ක්‍රියේටිව් තින්කින් පැටර්න් එකක් කියන්නෙ අප්ඩේට් වෙන දෙයක්... ඒකට අප්ඩේට් වෙන්න දෙන්න.
මේ shaeylife creative hub එකේ පලවෙනි creative පාඩම. ඔබේ අදහස් දක්වන්න. ප්‍රශ්න තියනවනම් අහන්න. ඉන්ටරැක්ට් වෙන්න. විඩියෝ එකක් දාන්නම් ඔබ කැමතිනම් ... මීලඟ පෝස්ට් එක හෝ විඩියෝ එක තීරනය වෙන්නෙ ඔබේ කමෙන්ට්ස් මත. ජය ❤🍃👍