Common Man

Common Man හුස්ම ගන්න මහ පොළවේ මිනිසුන්ගේ කතාව.

"ජීවිතේ පොත්වලින් ඉගෙන ගන්න බැරි වෙච්ච ගොඩක් දේ කාලයත් මිනිස්සුත් අපිට උගන්වනවා."අපි මේකට ජීවන තක්සලාවේ අත්දැකීම් කියනවා...
26/01/2024

"ජීවිතේ පොත්වලින් ඉගෙන ගන්න බැරි වෙච්ච ගොඩක් දේ කාලයත් මිනිස්සුත් අපිට උගන්වනවා."

අපි මේකට ජීවන තක්සලාවේ අත්දැකීම් කියනවා.

මිත්‍රයා,ජීවිතයේ අපිට මුණගැසෙන මිනිස්සු විවිධාකාරයි.හොඳ මිනිස්සු ලස්සන මතකයන් ඉතිරි කරනවා .නරක මිනිස්සු කටුක වේදනාබර මතකයන් ඉතිරි කරනවා.සැබවින්ම ඒවා පාඩම්.ජීවින පාඩම්. අපි ඉගෙන ගත යුතුම පාඩම්.

අනික අපිත් හැමෝම හොඳ ම මිනිස්සුත් නෙවෙයිනේ. අපි තුළ පවතින වටිනාකම්, අගනාකම් සාපේක්ෂයි. ඒ අනුව අපටත් ලැබෙන පාටත් වෙනස් වෙනවා. ඒ අනුව ඒ ඒ පුද්ගලයා අපිවත් විවිධ වර්ගීකරණයන්ට ලක් කරනවා.

ඒ නිසා හැම මනුස්සයෙකුටම ගරු කරන්න.❤

අනික කාලය.

ජීවිතයේ විවිධ කාල හමුවෙනවා.විවිධ සිදුවීම් මත අපේ ජීවිත උඩු යටිකුරු වෙනවා. නමුත් ඒ සෑම කාල පරිච්ඡේදයකම අපිට ජීවිතය උගන්වනවා.

හොඳ කාල ,නරක කාල කියල ජීවිතේ කාල පරිච්ඡේද නෑ මිත්‍රයා.එයට වටිනාකමක් දීලා තියෙන්නේත් අපිමයි . එයත් සාපේක්ෂයි.

මන්ද ඒ නරක කාලයන් තමයි අපිව ශක්තිමත් කළේ.සුන්දර කාලයන් තමයි අපිට ලස්සන මතක ඉතිරි කලේ. නමුත් කටුක කාලයන් නොමැති වුවා නම්,සුන්දර කියලා කාලා පරිච්ඡේදයක් අපිට ඉතිරිවේද.

ඒ වගේම ජීවිතයේ ඇතැම් කාල පරිච්ඡේදවල ලබපු කටුක අත්දැකීම්,කාලයත් එක්ක ජීවිතයේ ලබපු ලස්සනම අත්දැකීම් වෙනවා.

ජීවත්වන සෑම නිමේෂයකටම ආදරය කරන්න.❤️මොකද ඒ කාලය ඔබට නැවත කිසිදාක ලබාගන්න බෑ.නැවත කිසිදාක එන්නෙත් නෑ.

p.c. අන්තර්ජාලය ඇසුරෙන්

ජීවිතේ කියන්නේ ප්‍රශ්න පත්‍රයක් නෙවෙයි.අත්විඳිය යුතු, අත්දැකිය යුතු යථාර්ථයක්.එය විටක කටුකයි.තවත් විටෙක සුන්දරයි.බොහෝ වි...
25/01/2024

ජීවිතේ කියන්නේ ප්‍රශ්න පත්‍රයක් නෙවෙයි.අත්විඳිය යුතු, අත්දැකිය යුතු යථාර්ථයක්.

එය විටක කටුකයි.තවත් විටෙක සුන්දරයි.බොහෝ විට ගුප්තයි.අනපේක්ෂිතයි.

සීයට සීයක් හරිම උත්තරත් නෑ.ඒ වගේම වැරදි ම උත්තරත් නෑ.තියෙන්නේ සාපේක්ෂ උත්තර.නමුත් අපි නිරපේක්ෂව වටිනාකම් දෙනවා.

නමුත් දිනක අපට සියල්ල හැරදා යා යුතු වෙනවා.මොනතරම් වේගවත් රේස් එකක් දිව්වත් නැතත්.

ඒ නිසා සැහැල්ලුවෙන් ජීවත් වෙමු මිත්‍රයා.

p.c.අන්තර්ජාලය ඇසුරෙන් .

ජීවිතයේ ඔබට ඔබ එපා වූ දිනක,ඔබ සැබවින්ම කවුරුන්දැයි කියාදීමට කෙනෙකු සිටිය යුතුය.අද දිනයේ ඔබ කෙතරම් ශක්තිමත් පෞරුෂයක් වුවත...
24/01/2024

ජීවිතයේ ඔබට ඔබ එපා වූ දිනක,ඔබ සැබවින්ම කවුරුන්දැයි කියාදීමට කෙනෙකු සිටිය යුතුය.

අද දිනයේ ඔබ කෙතරම් ශක්තිමත් පෞරුෂයක් වුවත් සමාජයට, අප හැමට අතීතයේ බිඳවැටුණු බොහෝ අතීත මතකයන් තිබිය හැක.වර්තමානයේ මෙන්ම අනාගතයට ද එය පොදුය.

නමුදු සෑම නිමේෂයකම ඔබව පෙරටත් වඩා ශක්තිමත් කිරීමට කෙනෙකු ඔබ සතු විය යුතුය.එවිට ඔහුගේ හෝ ඇයගේ සරල වදනකට,උණුසුම් වැළඳ ගැනීමකට හෝ සිපගැනීමකට යළිත් ඔබට ශක්තිමත් ප්‍රාණයක් දන්දිය හැක. ආරෝපණය කළ හ. ඒ තුළ ඔබව පෙරටත් වඩා බලසම්පන්න කල හැක.

බොහෝ විට ඇය හෝ ඔහු දිනක අහම්බෙන් ඔබේ ජීවිතයට පැමිණෙවි.ඔබ ළඟට පැමිණි දිනෙක, ඔහු හෝ ඇයව මැණිකක් මෙන් පරිස්සමෙන් රැක ගන්න. සෑම විටම ආදරයෙන් ඇයව පෝෂණය කරන්න.

p.c. අන්තර්ජාලය ඇසුරෙන්

ජීවිතයේ අපි හැමෝම ආසයි, නිදහසේ පාවෙන්න.පාවි පාවී ඉන්න.Surfing කියන්නේ බෝඩ් කෑල්ලක් උඩ,තමන්ගේ ශරීරයේ සමබරතාවය රැක ගනිමින්...
19/01/2024

ජීවිතයේ අපි හැමෝම ආසයි, නිදහසේ පාවෙන්න.පාවි පාවී ඉන්න.

Surfing කියන්නේ බෝඩ් කෑල්ලක් උඩ,තමන්ගේ ශරීරයේ සමබරතාවය රැක ගනිමින්, චන්ඩ මුහුදු රැල්ලත් එක්ක කරන ගනුදෙනුවක්. සෑම මොහොතක්ම අභියෝගාත්මකයි.

අපි සියලු දෙනාටම මුළු ජීවිතය පුරාවට කරන්න වෙන්නෙත් මේ වගේ ගනුදෙනුවක්. නැතිනම් අරගලයක්.එය නොනවත්වා කරන අරගලයක්.

ප්‍රශ්න එක්ක ඔට්ටු වෙද්දි අපිට අපිව අමතක වෙනවා . ඒ නිසාම බොහෝ දෙනෙක් වැඩිදුරක් නොයාම,ප්‍රශ්න තුළම කිමිදෙන්නවා.ඒ තුළ ජීවිතේත් මගහැර ගන්නවා.නැතිනම් මගහැරනවා.

මිත්‍රයා , ජීවිතෙත් සර්ෆින් වගේ.සමබරව චන්ඩ රළත් එක්ක ඔට්ටු විය යුතුයි. සමබරතාවය බිඳ වැටුනොත්,ආයෙත් මුල ඉඳන් පටන් ගන්නම වෙනවා .සමහර වෙලාවට ජීවිතෙන් සමු දෙන්නත් වෙනවා .

"බිඳවැටෙන, ඇද වැටෙන තැන්වල ගැම්මෙන් නැගිටිමු.සමබරව ජීවන රැල්ලිත් එක්ක ඔට්ටු වෙමු ."

p.c.අන්තර්ජාලය ඇසුරෙන්

" මහන්සිද? එන්න ටිකක් අපි විවේකගමු."පොඩි කාලේ අපි විවේකය ඉල්ලුවේ සෙල්ලම් කරන්න.ඒක හරි ලස්සන කාලයක්.අපි ජීවත් වුණා කියලා ...
19/01/2024

" මහන්සිද? එන්න ටිකක් අපි විවේකගමු."

පොඩි කාලේ අපි විවේකය ඉල්ලුවේ සෙල්ලම් කරන්න.ඒක හරි ලස්සන කාලයක්.අපි ජීවත් වුණා කියලා දැනුනා.

ඒ දවස්වල ජීවිතේත් හරි සරලයි.ප්‍රශ්න අඩුයි.එ නිසාම ජීවිතෙත් හරි සුන්දරයි.ඉතිං අපි තාමත් ඒ කාලෙත් එක්ක ආදරෙන් දොඩමළු වෙනවා.ඒ තුළ ජීවත් වෙනවා.

ළමා කාලය ගෙවිලා ගිහින්, අපි තරුණ වෙන්න වෙන්න, ජීවිතේ කුණු ගොඩක් වෙනවා බොහෝ දෙනෙකුට. සමහරු දරාගන්න බැරිම තැන ජීවිතෙනුත් සමු ගන්නවා. එ වගේම බොහෝ දෙනෙක් ජීවිතේ විඳවනවා.

ඇත්තටම ඇයි අපිට එහෙම උනේ.?

ලෝකයක් වෙනුවෙන් නඩත්තු වෙන්න උනා අපට. ඒ වගේම ලෝකයක් නඩත්තු කරන්නත් උනා අපට.කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි අපිට මගහැරුනා.තවත් විදිහකින් අපි අපිව මගහැර ගත්තා.

කෙටි කාලයකින්ම,දැන් අපිට මේ රේස් එක දුවන එක එපාවෙලා.හරිම මහන්සි.

මිත්‍රයා, එන්න අපි ටිකක් විවේක ගමු.

p.c. අන්තර්ජාලය ඇසුරෙන්

"බැඳීම් හරි ලස්සනයි,වටිනාකම්  දන්න මිනිස්සු මුණ ගැසෙන විට."සෑම බැදීමකට වටිනාකමක් තියෙනවා.නමුත් එය රුපියල් සත වලට මිල කළ ...
19/01/2024

"බැඳීම් හරි ලස්සනයි,වටිනාකම් දන්න මිනිස්සු මුණ ගැසෙන විට."

සෑම බැදීමකට වටිනාකමක් තියෙනවා.නමුත් එය රුපියල් සත වලට මිල කළ නොහැකි මානුෂීය වටිනාකමක්. අගනාකම්වල එකතුවක්.

විශ්වාසය,ගරුත්වය මෙන් ම එකිනෙකා මත වු අවබෝධය මත බැඳීම්වල ශක්තිමත් භාවය තීරණය වෙනවා.

ඒවා රැකුණු තැන, බැඳීම් සැබවින්ම අලංකාරයි.

p.c.අන්තර්ජාලය ඇසුරෙන්

මතකයන්  විටෙක අමිල ඖෂධයක්.තවත් විටෙක මාරාන්තික විසක්.මතකයන් අපිව ජීවත් කරනවා.ඒවගේම මතකයන් තුළ අපි ජීවත් වෙනවා .ඒ මතකයන්ම...
18/01/2024

මතකයන් විටෙක අමිල ඖෂධයක්.තවත් විටෙක මාරාන්තික විසක්.

මතකයන් අපිව ජීවත් කරනවා.ඒවගේම මතකයන් තුළ අපි ජීවත් වෙනවා .ඒ මතකයන්ම අපට ජීවත් වෙන්න ජවය දෙනවා.

වැටිච්ච බොහෝ තැන්වලින්, අපිව නැවත ඔසවා තබනවා.අත්හරින්න හදන සෑම මොහොතක ම,පෙරටත් වඩා ජවයෙන් ජීවිතය අල්ලා ගන්නට ජවය දෙනවා. එහෙම මතකයන්ට අපි බොහොම සේ ඇලුම් කරනවා. එවැනි මතකයන්ට අපි සුන්දර මතකයන් කියනවා.

ඒ වගේම අසුන්දර මතකයන්ගෙන් ද අපේ ජීවිත පිරී පවතිනවා.එවැනි මතකයන් නිසාවෙන්ම බොහෝ දෙනා මැරි මැරී ජීවත් වෙනවා.එය ලෝක පොදු ධර්මතාවයක්.

සරලවම බොහෝ දෙනෙක් ඒ අතීතයේම සිරකරුවන් වෙනවා.ඒ තුළ විඳවනවා.තමාට වගේම ලෝකයටත් වෛර කරනවා.සමහරුන් තමන්ගේ පෞද්ගලික ජීවිත වගේම පවුල් ජීවිතත්,වෘත්තීය ජීවිතත් පටලගන්නවා. වෛරය, සැකය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ඥාතීන් බවට පත්කරගන්නවා. එවැනි මතකයන්ට අපි අසුන්දර මතකයන් කියනවා.

වයස් භේදයකින් තොරව ,ජාති ආගම් භේදයකින් තොරව ,මතක් කරන්නත් අකමැති ඒ අමිහිරි මතකයන් නිසාවෙන් ම බොහෝ දෙනෙක් තමන්ගේ සුන්දර වර්තමානයත් අහිමි කරගන්නවා.

මිත්‍රයා,
"අතීතය මොහොතකට ගිහින් එන්න හොඳ තැනක් උනාට, නවතින්න හොඳ තැනක් නෙවෙයි."



p.c.අන්තර්ජාලය ඇසුරින්.

දින්නේ හැමදාමත් දක්ෂයෝම නෙවෙයි.ශක්තිමත් ම මිනිසුනුත් නෙවෙයි.බුද්ධිමත් ම මිනිස්සුත් නෙමෙයි.කවදාවත් අසාර්ථක නොවෙච්ච මිනිස්...
17/01/2024

දින්නේ හැමදාමත් දක්ෂයෝම නෙවෙයි.

ශක්තිමත් ම මිනිසුනුත් නෙවෙයි.බුද්ධිමත් ම මිනිස්සුත් නෙමෙයි.කවදාවත් අසාර්ථක නොවෙච්ච මිනිස්සු නෙවෙයි.

අසීරු ඉලක්කයන් අත් නොහැර, අවසන් කරපු මිනිස්සු.

තමන්ව විශ්වාස කරපු මිනිස්සු.අනුන්ගේ කුණු කතා නොසලකා තමන්ගේ ගමන ගිය මිනිස්සු .අත්හරින කාරණා දහසක් තියෙද්දිත්,අත් නොහැරපු මිනිස්සු .නිදහසට කාරණා නොකියපු මිනිස්සු.

ඔවුන් බොහොමයක්ම සාමාන්‍ය මිනිස්සු.

අසාමාන්‍ය කැපකිරීමකින්, උත්සාහය අත් නොහැරපු මිනිස්සු.යක්කුන්ටවත් බය නොවෙච්ච මිනිස්සු.සරලව ම මේ මහපොළොවේ උස්ම ගත්ත මිනිස්සු .අපේ මිනිස්සු .

අත් හරිනවාද ? අත්විඳිනවද?.



p.c.අන්තර්ජාලය ඇසුරින්.

ඇස කියන්නෙම ලෝකයක්.මස් ඇසට මුලා වී, අපි කොතරම් නම් මුලාවේ වැටෙන්නේ ඇද්ද? ඒ නිසාවෙන්ම මනස කොතරම් වාර ගණනක් ඔද්දල් වූවාද? ...
16/01/2024

ඇස කියන්නෙම ලෝකයක්.

මස් ඇසට මුලා වී, අපි කොතරම් නම් මුලාවේ වැටෙන්නේ ඇද්ද? ඒ නිසාවෙන්ම මනස කොතරම් වාර ගණනක් ඔද්දල් වූවාද? මනසේ මායාව තේරුම් ගැනීමට, අපි ඇසේ මායාව තේරුම් ගනිමු.

එවිට දිනක මනසින් අපි දකින්න,වටිනාකම් දෙන සියල්ලේ යථාර්ථය පසක් වනු ඇත.

p.c. අන්තර්ජාලය ඇසුරෙන්

22/12/2023
ජීවිතය විඳින්න සල්ලි ඕනද?ඔව් ඕන.නමුත් සල්ලිම නෙවෙයි ජීවිතය .ගොඩක් දෙනෙකුට අනුව මේක  මෝඩ කතාවක්.සල්ලි නැති උන් ,කුහකකමට ක...
22/12/2023

ජීවිතය විඳින්න සල්ලි ඕනද?ඔව් ඕන.නමුත් සල්ලිම නෙවෙයි ජීවිතය .

ගොඩක් දෙනෙකුට අනුව මේක මෝඩ කතාවක්.සල්ලි නැති උන් ,කුහකකමට කියන කතාවක්.වැඩ බැරි ටාසන්ලාගේ කතාවක්.

සල්ලි අපට ඕන තරම් නැති හින්දා මේ තර්කය හරි වගේ පේන්න පුළුවන්.මන්ද ඒ අත්දැකීම අපිට නැති හින්ද.

නමුත් සල්ලි ඇති තරම් තියෙන මිනිස්සුන්ට සල්ලි ම නෙවෙයි ජීවිතය.

සල්ලි වලට ගන්න බැරි ගොඩාක් දේ මේ ලෝකෙ තියෙනවා කියලා උන් අත්දැකීමෙන්ම දන්නවා.

ජීවිතේම සල්ලි කියල දැකින උන්ට මේවා වැදිබණ.හැබැයි සල්ලි නැතුවත්,සතුටින් ජීවත් වෙන්න බෑ.

ආත්මීය සතුට, නිදහස කියන්නේම ජීවිතයට.ජීවත් වෙනවට.එක වෙනම එකක් මිත්‍රයා.

Shanaka Jayawardhana


p.c.අන්තර්ජාලය ඇසුරෙන්

තනිවෙන්න අපි හැමෝම බයයි. එකතුවෙන්න බැඳෙන්න අපි කැමතියි.මානවයා ස්වභාවයෙන්ම සමාජ ශීලී නිසා හුදෙකලාවට වෛර කරනවා.කැමැත්තෙන් ...
22/12/2023

තනිවෙන්න අපි හැමෝම බයයි. එකතුවෙන්න බැඳෙන්න අපි කැමතියි.මානවයා ස්වභාවයෙන්ම සමාජ ශීලී නිසා හුදෙකලාවට වෛර කරනවා.

කැමැත්තෙන් හෝ අකමැත්තෙන්,අපි විවිධ සම්බන්ධයක් ඇතිකරගන්නවා.සමහර ඒවා කාලයත් එක්ක නැති කරගන්නවා.තවත් ඒවා ඉබේම කැඩෙනවා.එදාට තනිකඩ ජීවිතේ හොඳයි කියලා අපි හිතනවා. ඒ වගේම කියනවා.

නමුත් ආයෙත් මොහොතකින් තවත් සම්බන්ධතාවයක් ඇති කරගන්න.පෝෂණය කරනවා.කොච්චර හති වැටුනත් අපි නවතින්නේ නෑ.කොච්චර කටුක වේදනාවන් අත්වින්දත් අත්හරින්නේ නෑ.අපි මේකට ජීවත් වෙනවා කියනවා.සමහරු ජීවිතේ කියනවා.තවත් සමහරු කරුමෙ කියනවා.

මේක චක්‍රයක් වගේ.නොනවත්නා ක්‍රියාවලියක්.කාලයක් යද්දි අපි කියනවා, සැබවින්ම අපි දවසක තනිවෙනවා කියලා.

නමුත් තනිවුණු දාට...........

දුවන දිවිල්ල නතර වුනු දවසට,අපිට තේරෙනවා,අපි හැමෝම අසරණයි කියලා.

Shanaka Jayawardhana


p.c.අන්තර්ජාලය ඇසුරින්

ආදරයට සීමා වලංගුද.?ජනප්‍රිය කතාව ආදරයට සීමා නෑ.බැඳීම්වලට සීමා දාන්න බෑ.සීමා කිරීම් ළඟ ආදරයක් නෑ.පිටපත් කතා හා දාර්ශනික ක...
21/12/2023

ආදරයට සීමා වලංගුද.?
ජනප්‍රිය කතාව ආදරයට සීමා නෑ.බැඳීම්වලට සීමා දාන්න බෑ.සීමා කිරීම් ළඟ ආදරයක් නෑ.

පිටපත් කතා හා දාර්ශනික කතා වෙනස්. ලිබරල් හෝ සාහිත්‍ය මතයකට ,එය වලංගු වුවත්,සැබවින්ම එය සැබෑ ආදරයකට වලංගු ද.?

ආදරණීය සීමාවන්හි බර,දිග හෝ පළල දෙදෙනාගේ බැඳීම මත වෙනස් වෙන්න පුළුවන්.ඒ වගේම කාලානුරූපීව ජීවන අවබෝධය මතත්, එය වෙනස් වෙන්න පුළුවන්.නමුත් ප්‍රායෝගිකය යථාර්ථය තුළ සැබෑ ආදරයට සීමා මායිම් අදාළ ය.නිරායාසයෙන් අදාලම කරගන්නවාමය.

නමුත් ගැටලුව නම් එය අනෙකාගේ නිදහසට බාධා කරනවා නම් හෝ දැඩිව සීමාවට ලක් කරනවා නම්ය.එවිට එය සැබවින්ම ගැටළු සහගත විය හැකිය.

තවද දැඩි නිදහස බොහෝ විට ගැටලු ගන්නාවක ආරම්භයක් විය හැක.මන්ද දෙදෙනෙකුගේ එක්වීම තුළ , කිසිවිටෙකවත් දෙදෙනා එකෙකු නොවන නිසා.හෝමෝ සේපියන් සේපියන් මානවයා සත්වයකු මිස රොබෝවෙකුන නොවන බැවිනි .

Shanaka Jayawardhana


p.c.අන්තර්ජාලය ඇසුරෙන්

පරවුණු මල් පූජා කරන්නෙත් නෑ.පූජා වෙන්නේත් නෑ.වනමලක් වුණත්,නොවුනත් ,මලක් නම්  දවසක පරවෙනවාමයි .ඒක ලෝක ධර්මතාවයක්.කොච්චර ල...
21/12/2023

පරවුණු මල් පූජා කරන්නෙත් නෑ.පූජා වෙන්නේත් නෑ.

වනමලක් වුණත්,නොවුනත් ,මලක් නම් දවසක පරවෙනවාමයි .ඒක ලෝක ධර්මතාවයක්.
කොච්චර ලස්සන මලක් උනත්,පර උනොත් පර වුණාමයි.

පරවුණු මල් හැමදාමත් කුණු කූඩෙටමයි දැම්මේ.
පරවෙන්න කලින් පරවෙන්න එපා .

Shanaka Jayawardhana


p.c. අන්තර්ජාලය ඇසුරෙන්

දුන්නු පොරොන්දු ඒ විදිහටම රකින්න.මන්ද මේක සංසාර බන්ධනයක්.බැඳීම් තවදුරටත් අපිව සංසාරේ දිග්ගස්සනවා. ඒවා හරි බරයි.වේදනාබරිත...
21/12/2023

දුන්නු පොරොන්දු ඒ විදිහටම රකින්න.මන්ද මේක සංසාර බන්ධනයක්.

බැඳීම් තවදුරටත් අපිව සංසාරේ දිග්ගස්සනවා. ඒවා හරි බරයි.වේදනාබරිතයි.කටුකයි.ඒ වගේම එහි අපූරු මිහිරියාවක් නැතුවාම නොවේ.එහෙම බැඳීම් හිමි වන්නේ ම සංසාර පිනකට.සංසාර ගණුදෙනුවකට.

අද දවසේ ඒ බැඳීම වේදනාබරිත වෙන්න පුළුවන්.නැතිනම් ලස්සන එකක් වෙන්න පුළුවන්.හොඳ උනත්, නරක වුණත්, කටුක උනත් මිහිරි වුණත් දුන් පොරොන්දු ඒ විදිහටම රකින්න.

අද නැතත්,හෙට දවසේ හෝ ඔබේ බැඳීම අපූරු සුන්දර එකක් වේවි.ඒ වගේම සුන්දර බැඳීමක් නම් තවත් ලස්සන වේවි.

Shanaka Jayawardhana


p.c.අන්තර්ජාලය ඇසුරෙන්

සෑම ගනුදෙනුවකම ඔබට නොතේරෙන කතාවක් තියෙනවා.සන්සුන්ව ඉගෙන ගන්න.ඔබේ ඇසුරට පැමිණෙන සෑම කෙනෙක්ම,ඔබට යම් දෙයක් කියලා දෙනවා.නැත...
21/12/2023

සෑම ගනුදෙනුවකම ඔබට නොතේරෙන කතාවක් තියෙනවා.සන්සුන්ව ඉගෙන ගන්න.

ඔබේ ඇසුරට පැමිණෙන සෑම කෙනෙක්ම,ඔබට යම් දෙයක් කියලා දෙනවා.නැතිනම් බලෙන් හෝ උගන්වනවා.

ඒ ගනුදෙනුවේ හැඩය, ස්වරූපය, ගැඹුර, දිග, පළල වගේම බරත් එකින් එකට වෙනස් වෙන්න පුළුවන්.ඒ අනුව එහි මතකය හෝ පාඩම ආදරණීය හෝ වේදනා බරිත වෙන්න පුළුවන්.

නමුත් සෑම කෙනෙක්ම,ජීවිතේ එක් එක් කාල පරිච්ඡේදවල ඔබට අත්‍යවශ්‍යම පාඩමක් කියලා දෙනවා. අකමැත්තෙන් නමුත් ඒ පාඩම ඔබ ඉගෙන ගත යුතුමයි. නැතිනම් කවද හෝ ඒ පාඩම ම යළිත් ඔබ ඉගෙන ගනීවි.

එදාට පරක්කුත් වැඩියි.ඒ නිසාම වේදනාවත් වැඩියි.පාඩමත් සර වැඩිවෙයි.

Shanaka Jayawardhana



p.c.අන්තර්ජාලය ඇසුරෙන්

20/12/2023

Thanks Nas Daily for the wonderful video about my motherland 🇱🇰

Ceylon tea❤️

19/12/2023
ජීවිතේ අමාරුම කාලවලදී  මුණගැහුණු ආදර කතා හරි ලස්සනයි. ඒ වගේම  හරි වෙනස්.හරිම ගැඹුරුයි.ඒ වගේම බරයි.ඒවා හරිම ශක්තිමත්.මන්ද...
15/12/2023

ජීවිතේ අමාරුම කාලවලදී මුණගැහුණු ආදර කතා හරි ලස්සනයි. ඒ වගේම හරි වෙනස්.හරිම ගැඹුරුයි.ඒ වගේම බරයි.ඒවා හරිම ශක්තිමත්.

මන්ද භෞතිකයට වඩා එ තුළ අපේ ආත්මයම ස්පර්ශ කල නිසා.

Shanaka Jayawardhana


p.c.අන්තර්ජාලය ඇසුරෙන්

ජීවිතය  දැන් හරිම මහන්සි.හැබැයි මට විතරද.?ජීවිතය ඇත්තටම සංකීර්ණද?නැත්තං ඇත්තටම අපි  සංකීර්ණ කරගත්තද?සැබවින්ම අපි ජීවත් ව...
15/12/2023

ජීවිතය දැන් හරිම මහන්සි.හැබැයි මට විතරද.?ජීවිතය ඇත්තටම සංකීර්ණද?නැත්තං ඇත්තටම අපි සංකීර්ණ කරගත්තද?

සැබවින්ම අපි ජීවත් වෙනවා කියලා, හැමදාමත් කලේ විඳවපු එක.අපි හිතුවේ ම අන්අය නිසා ම කියලා. මතුපිටින් ප්‍රශ්න බලද්දි අපිට අපිව මගහැරුණා.මන්ද උත්තරය තුළත් ප්‍රශ්නයක් ම දැක්කා නිසා .

ඒ අපේ ම අඩුපාඩු මිත්‍රයා.

මුළු ලෝකෙම අපිට ඕන විදිහටම වෙනස් කරන්න නම් අපිට බෑ.නමුත් අනුවර්තනය වීම තුළ ජීවිතය විඳින්න පුළුවන්.

ජීවිතය හරි කෙටි මිත්‍රයා.දැන්වත් වෙනස් වෙමු .

Shanaka Jayawardhana


p.c. අන්තර්ජාලය ඇසුරෙන්

අපි ගොඩක් සතුට හෙව්වේ පැළඳුමෙන්.යානවාහන වලින්. උපාධි කොළවලින්.රස්සාවෙන්.සමාජ තත්ත්වයෙන්.සරලවම භෞතික දේවල්  තුළින්.භෞතික ...
15/12/2023

අපි ගොඩක් සතුට හෙව්වේ පැළඳුමෙන්.යානවාහන වලින්. උපාධි කොළවලින්.රස්සාවෙන්.සමාජ තත්ත්වයෙන්.සරලවම භෞතික දේවල් තුළින්.භෞතික පරිසරයෙන්.

ඇත්තටම අපිට සතුට හම්බුනාද? නැතිනම් සැබවින්ම ජීවිතය මගහැරුණාද.?

දැන්වත් ජීවත් වෙන්න පටන්ගමු.

Shanaka Jayawardhana


p.c. අන්තර්ජාලය ඇසුරෙන්

මිනිස්සු හරි වෙනස්.එක එක වෙලාවට එක එක විදිහට වෙනස් වෙනවා.ඒ නිසා අපි ඇලෙනවා. ගැටෙනවා.ඔවුන් නිසා පීඩා විඳිනවා.අපි මිනිස්සු...
14/12/2023

මිනිස්සු හරි වෙනස්.එක එක වෙලාවට එක එක විදිහට වෙනස් වෙනවා.ඒ නිසා අපි ඇලෙනවා. ගැටෙනවා.ඔවුන් නිසා පීඩා විඳිනවා.

අපි මිනිස්සු මනින්නේ එක එක්කෙනාට සාපේක්ෂව මිමිවල ඉඳන්.ඒ අනුව දකින කෝණය වෙනස් වෙනවා.ඒ නිසා දකින රූපයත් වෙනස් වෙනවා.

මේ නිසා තමයි අපි කියන්නේ මිනිස්සු දැන් වෙනස් කියලා.අපිට අමතක වෙනවා අපිත් ඔවුන් සමගම වෙනස් වෙලා කියලා.මේ සාපේක්ෂ වෙනස්වීම් තේරුම් ගත් කළ, අපි අන් අයගේ වෙනස් වීම් තුළ ගැටෙන්නේ නෑ.

මොකද ඒ අය තුළ අපි අපිව ම දකිනවා.

Shanaka Jayawardhana


p.c.අන්තර්ජාලය ඇසුරෙන්.

13/12/2023

"Strength is not just in muscles; it's in the knowledge and skills to protect yourself when needed." ✨
-Unknown-

The Self Defense Workshop conducted by the Adventure Club in collaboration with the Faculty of Engineering was held on 8th of December 2023 at the university premises with a massive success. 😍🥰

In this dynamic session, we delved into the core self-defense mechanisms crucial for our everyday journey. Each participant emerged not only enlightened but also armed with a profound understanding of the art of self-preservation. 💪🏻

We extend a warm thank you to everyone who joined! ❤️




It was a great pleasure to share my knowledge & experiences with you .❤️
10/12/2023

It was a great pleasure to share my knowledge & experiences with you .❤️

"Coaching self-defense is not just about imparting skills; it's about nurturing a mindset that thrives in the face of challenge."🔥
-Unknown-

We extend our heartfelt gratitude to Coach Mr. Shanaka Jayawardhana for generously sharing his expertise in self-defense with our undergraduates. Your guidance has equipped us with essential skills of self defense, ensuring a positive influence on our present and future. ✨💫

Once again, thank you for illuminating our path with this invaluable knowledge! 🍃💚




ඔබට රැජිනක් සේ ජිවිත් විමට ඇවැසි නම්,කිරීටයක් හිමි කුමරෙකු නොව අවංක හදවතක් සොයා ගන්න .Shanaka Jayawardhana              ...
08/12/2023

ඔබට රැජිනක් සේ ජිවිත් විමට ඇවැසි නම්,
කිරීටයක් හිමි කුමරෙකු නොව අවංක හදවතක් සොයා ගන්න .

Shanaka Jayawardhana


p.c. අන්තර්ජාලය ඇසුරෙන්

07/12/2023

"Teaching self-defense isn't just about protection; it's about fostering a culture of empowerment." 💪🏻
-Unknown-

Empower yourself with our Self-Defense Workshop led by the incredible coach, *Mr. Shanaka Jayawardhana;* a seasoned expert in martial arts and personal safety, who will bring a wealth of knowledge to guide you through essential self-defense techniques! 😎🥋

Join us for an empowering session where you'll not only learn valuable skills but also gain the confidence to navigate the world with strength and resilience! 🙌🏻





"දැනෙන තැන නතර වෙන්න.එවිට ජීවිතය විඳින්න, ඔබට හැකි වේවි."Shanaka Jayawardhana                 p.c.අන්තර්ජාලය ඇසුරෙන්
05/12/2023

"දැනෙන තැන නතර වෙන්න.එවිට ජීවිතය විඳින්න, ඔබට හැකි වේවි."

Shanaka Jayawardhana


p.c.අන්තර්ජාලය ඇසුරෙන්

ජීවිතේ  අපි විඳින හැටි එකිනෙකාට හරි වෙනස්.සීමා මායිම්වල හිර වෙන්නේ නැති ව ,ජීවිතය විදින්න උත්සාහය කරන්න.මන්ද ජීවිතය හරි ...
04/12/2023

ජීවිතේ අපි විඳින හැටි එකිනෙකාට හරි වෙනස්.සීමා මායිම්වල හිර වෙන්නේ නැති ව ,ජීවිතය විදින්න උත්සාහය කරන්න.

මන්ද ජීවිතය හරි කෙටියි.නාස්ති කරන්න කාලයක්,අපි කාටවත් නෑ.

Shanaka Jayawardhana


p.c. අන්තර්ජාලය ඇසුරෙන්

Address

No 42/3, Navinna
Maharagama

Opening Hours

Thursday 15:00 - 21:00
Saturday 09:00 - 20:00
Sunday 16:00 - 20:00

Telephone

+94778266446

Website

Alerts

Be the first to know and let us send you an email when Common Man posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Nearby media companies