ලක්මව ජාතික පුවත්පත
ලක්මව පුවත්පත මත්තෙගොඩ සයුරි ප්රින්ටර්ස්හිදී මුද්‍රණය කරන අවස්ථාවක්
නයිවල මාරපොල විදුහල
ඉදිරිපිට මහ පාරේ ජලාශයක්
මගීන්ට - රථවාහනවලට අවහිරතා
නයිවල මං සන්දියේ සිට ගම්පහ දෙසට, නයිවල මාරපොල මහා විද්‍යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ වැසි දිනවලදී ජලාශයක් නිර්මාණය වේ. අව්ව වැටීමෙන් වියළී යන තුරු මෙහි මඩ සහිත ජලය රැුඳී තිබේ. මේ නිසා දැඩි රථවාහන තදබදයක් ඇති වේ. එසේම එම මාර්ගයේ ගමන් කරන මගීන්ට රථවාහනවලින් විසිවන මඩ ජලයෙන් නැහැවී ගමන් කිරීමට සිදුව තිබේ.
වැසි ජලය බැස යාමට බෝක්කුවක් තිබුණද එය ජලය ගලායෑම වැළැකෙන ලෙස කාණු කැටයක් සිර කරමින් අවහිර කර ඇති බව දක්නට තිබේ. බෝක්කු ඉදිකළද ජලය බැස යාමට කාණු පද්ධතියක් පාර දෙපස නැති බව හොඳින් පැහැදිලි වේ.
මෙසේ මාර්ගයේ ජලය එක් රොක් වී මගීන්ට මෙන්ම රථවාහනවලටද බාධා ඇති වීම අදක ඊයෙක සිදුවූවක් නොවෙන බව ප්‍රදේශවාසීන් කියා සිටී. මාර්ගය කාපට් අතුරා නොබෝ දිනකින් මෙසේ ජලය එක්රැුස් වීම සිදු වූ අතර, එම ජලය මාරපොල මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියට ගලා බැසීම සිදුවිය. ඒ නිසා පාසල් භූමියේ කුඩා බැම්මක් ඉදිකර ජල පහරින් ක්‍රීඩා පිටිය ආරක්ෂා කිරීමට කටයුතු කර තිබේ. ඉන්පසුව වැසි දිනවලදී මහ පාරේ ජලය මෙලෙස එක්වීම සිදු වූ බවද ඔවුහු කියා සිටිති.
පාසලේ ප්‍රධාන ගේට්ටුවට ඔබ්බෙන් පිහිටි මඩ ජලය නිසා පාසලේ දරුවන්ටද ඉමහත් බාධාවක් බව එහි යන එන කාටත් හොඳින් පැහැදිලි වන කරුණකි.
වසර ගණනාවක් මහා පාරක ජලය එක්රැුස්වීම බලධාරීන්ට නොපෙනෙන්නේ ඇයිද යන කාරණය එම මාර්ගයේ ගමන් කරන දෙනෝදාහක් දෙනා විමසා සිටිති.
සුනේත්‍රා මල්කාන්ති
නයිවල
ලක්මව ජාතික පුවත්පත 2019-09-15 කලාපය
ලක්මව පුවත්පතේ අතිරේකයක් ලෙසින්
වසර කීපයක් ඉදිරියට ගෙනා
සුමේධ අධ්‍යාපන ශිෂ්‍යත්ව අතිරේකය සඳහා දායකත්වය සපයමින් ලිපි ලබාදුන්
සුමේධ විදුහලේ හා ජාත්‍යන්තර පෙර පාසලේ ගුරුභවතුන්ට තුති පිදීමේ සුහද හමුව
වෙනුවෙන් අදහස් දැක්වූ ගරු සභාපති විශෙෂඥ වෛද්‍ය විල්ප්‍රඩ් විජේසිංහ මහතා
අවුරුදු ගණනක් පුරා ගම්පහ නගරසභාව, ගම්පහ රථවාහන පොලිසිය සහ වගකිවයුතු නිලධාරින් විශාල වියදම් දරමින් රැස්වීම් පවත්වනවා.
මොකක්ද මේ රථවාහන තදබදයට අපි කළ යුත්තේ කියලා.
මේ රැස්වීම්වලට ලොකු වියදම් දරලා රථවාහන තදබදය සම්බන්ධව සිටින දිවයිනේ විත්වත් නිලධාරීන්ද ගෙන්වනවා.
ඒ සෑම අවස්ථාවකදීම හොඳ භෝජන සංග්රහද පවත්වනවා.
මේ රැස්වීම්වලදී ආරාධිත විශේෂ පුද්ගලයින් වටිනා උපදෙස්, තොරතුරු සැමවිටම සාකච්ඡා කර දැනුවත් කිරීම් කෙරෙන බවත් කිව යුතුයි.
ඒත්
ගම්පහ නගරයේ රථවාහන තදබදය එලෙසමයි
කණගාටුදායකයි
ශ්‍රීලංකාවේ දෙවැනි තැන හිමිවන අධ්‍යාපන නගරය
මේ අයුරින්ම වෙලාව කාදමනවා නම්
කුමන බලධාරින්ට අපි ඇමතිය යුතුද?
ලක්මව සතිඅග ජාතික පුවත්පත
ගම්පහ දිස්ත්‍රික්කය ගැන දැනගන්න....
ලක්මව සතිඅග ජාතික පුවත්පත කියවන්න...
කොටස් 03... පිටු 56... මිල රු.50/=
ගම්පහ ගැන දැනගන්න.... ලක්මව සති අග ජාතික පුවත්පත කියවන්න...