
04/12/2024
Amuthu dosthara | අමුතු දොස්තර අමුතු දොස්තර
අමුතු දොස්තර ටෙලිනාට්‍යයේ ඉන්න ඇත්ත දොස්තර මහත්යා ඇලයාපත්තුවේ දොස්තර මහත්තයාද?
අමුතු දොස්තර ටෙලි නිර්මාණය ගැන හැමෝම කතා වෙනවා. කාලෙකින් දකින්න පුලුවන් හොද ප්ලොට් එකක්.
කලාව කියන්නේ අමුතු දෙයක් නොවෙයි කලාව එන්නේ සමාජයෙන්. උප්පත්තිය එතන. කතාව දැක්කාම මට මතක් වුණේ
තමන්ගේ වියදමින් කැලෑවට ගිය කසිප්පු කාරයන්ගේ තිප්පොලක් වුණ ඇලයාපත්තුවේ රෝහලේ දොස්තර මහත්තයා.
අමුතු දොස්තර කතාවෙත් මා පුද්ගලිකව ඇසින් දුටු ඇලයාපත්තුවේ දොස්තර මහත්තයාත් නිර්මාන කරුගේ සිතුවිල්ලක් නොව
හැබෑවටම සමාජයේ හැංගිච්ච පැතිකඩක් කියලා මට සිතෙනවා. පහතින් තියෙන්න ඒ දොස්තර මහත්තයාගේ සැබෑ පිංතුර සහ
මා ලියු සටහනක්. අන්තිමට නපුරු මිනිසුන් ජය ගත්තා. දොස්තර මහත්තයාව මාරු කරා.දැන් රෝහලේ තත්වය කියන්න දෙයක් නැහැ.
මේ ලංකාවේ හැටි.
"මෙවැනි රාජ්‍ය සේවකයන් තමයි රටට අවශ්‍ය.
මේ තවත් වෛද්‍යවරයෙක්
කොළඹට වෙලා සැප විදිනවා වෙනුවට අනුරාධපුරයෙන් කිලෝමීටර ගණනාවක් එහායින් ඇති ඇලයාපත්තුව ප්‍රදේශයේ රෝහලක සේවය කරන්නට පැමිණ තම පුද්ගලික වියදමින් රෝහල සුද්ද පවිත්‍ර කරමින් නඩත්තු කරමින් තමන් ඉගෙනගත් රටට සේවය කරනවා.
ඔහු නමින් ඒ.පී.ප්‍රියශාන්ත. හදවත් සම්බන්ධ වෛද්‍යරයෙක්. ගොඩක් දුක් මහන්සියෙන් ඉගෙන ගෙන තියෙන්නේ. තාම තරුණයෙක්. මීට වසර දෙකකට කලින් කැලයෙන් වැසී තිබු මේ රෝහල සුද්ද පවිත්‍රකර අද සතුටුදායක ලෙස පවත්වාගෙන යනවාට අපි ඔහුව අගය කළ යුතුයි. හවසට උදැල්ල අරන් කොන්ක්‍රීට් අනන දොස්තර කෙනෙක්.විවේක වෙලාවේ රෝහල් භුමිය සුද්ද පවිත්‍රකරන දොස්තර කෙනෙක්. ගම් 65ක රෝගීන්ට සේවය කරන්නේ හරිහැටි පහසුකම් තිබිලත් නෙමෙයි.අඩු ගානේ රුධිර පරීක්ෂා කරන්න පහසුකම් වත් නැහැ. රෝහල හොදට තියාගෙන ඉන්නේ වෛද්‍යවරයාගේ පුද්ගලික වියදමින්.සේවකයනුත් ඒවගේම කැප වීමෙන් වැඩ කරනවා.වෙන අයනම් හවසට පුද්ගලික ඩිස්පෙන්සරි. නමුත් මොහු කොට කලිසමක් ගහගෙන රෝහල භුමියේ උදලු ගහනවා සේවකයන් එක්ක. මෙවැනි අය තමයි රටට ඕනා. අහම්බෙන් මුණ ගැහුනේ මටත්.මේ පින්තුරවල තියේන්නේ ඒ සාක්කි උදැල්ලක් අරන් වැඩ කරන දොස්තර මහත්තයා විටෙක් සිමෙන්ති අණනවා. ඒකට උදව් දෙන රෝහලේ කාර්‍ය මණ්ඩලය.අනිත් පිනතුරවල තියේන්නේ ඇලයාපත්තුව ගම්මානවල ජනතාවගේ තත්ත්වය.රටේ මහ උන්දලා හොරාකන සල්ලිවලින් පිච්චියක් ඇති මේ මිනිසුන්ගේ ජීවිත එලිය කරන්න. මේ වගේ ගම් 65ක්. අපෙ සෞඛ්‍ය සේවය කොතරම් දියුණුද කියනවානම් තාව ලේ එකක් චෙක්කරගන්න පහසුකමක්වත් නැහැ මේ රෝහලට.
මට හිතුණ හැටි.
මනෝජ් රත්නායක "
දෙවැනි සටහන
"නීච දේශපාලන හෙන්චයියලාගෙන් ඇලයාපත්තුවේ දොස්තර මහත්තයාව රැකගනිමු. (වැඩක් කරන රජයේ නිලධාරින්ටත් පීඩා කරන නීච රටක්ද මේක දැන් ?)
මේ ඉන්නේ ඇලයාපත්තුවේ දොස්තර මහත්තයා නමින් ප්‍රියශාන්ත ජපුරේ කැම්පස් එකේ ඉගෙන ගත්තු කෙනෙක්.
ගොඩක් අය පත්වීමක් අරන් කොළඹට දුවන්න බලාගෙන ඉන්න කාලෙක මේ තරුණ දොස්තර මහත්තයා තෝරාගන්නේ අනුරාධපුයෙන් කිලෝමීටර ගනනක් දුරින් තියෙන ඇලයාපත්තුව ගම්මානයේ ප්‍රාදේශීය රෝහල.
මහ මුකලාලෙන් වට වෙච්චර රෝහලක්. ගමේ ගනන්කාර කසිප්පු මුදලාලිලා හදිස්සියට කසිප්පු හැංගුවේ රෝහල් වත්තේ. අබලන් වෙච්ච ගොඩනැගිලි ඒ් අස්සේ ජාවාරම්. ගම්මු අසරණවෙලා හිටපු වෙලාවෙට මේ දොස්තර මහත්තයා තමන්ම උදැල්ල අරන් අනිත් සේවකයන් එක්ක ගම්මු එක්ක ඒකතු වෙලා රෝහල සුද්ද කරලා ගත්තා. එක දොස්තර කෙනෙක් හිටපු රෝහල දැන් දොස්තරවරු කීපදෙනෙක් ඉන්නවා. අවට ගම්මාන 65ක් ජනතාව මේ රෝහල කරා එනවා.මේ තරුණ දොස්තර මහත්තයා,
ගොඩනැගිලි නඩත්තු කරන්න රජයෙන් සල්ලි ලැබෙනකම් බලං හිටියේ නැහැ තමන්ගේ පඩියෙන් ඒකට වියදම් කරා.ඒක ගම්මු කිව්වේ.
සිමෙන්ති ඇණුවේ වෙන කව්රුව්ත් නොවෙයි මේ දොස්තර මහත්තයාගේ අතින් ඔබ කවදාවත් දැක තියෙනවාද එවැනි දෙයක්.
දොස්තර කෙනෙක් සිමෙන්ති අනනවා.
ගමේ දුප්පත් මිනිස්සුන්ට තම හිතවතුන් එක්ක ඒකතු වෙලා නිවාස කිහිපයක්ම මේ වන විටත් හදලා දීලා තියෙනවා.ඒවට සිමෙන්ති ඇනුවේ පුලුවන් වෙලාවට වැලි පවා ඇද්දේ මේ දොස්තර මහත්තයා. සැතපුම් ගනන් ගොස් තමන්ගේ රුධිරය පරීක්ශා කළ දින ගනන් බලන් ඉන්න වෙන ගම්මුන්ට දැන් මේ රෝහලෙන්ම රුධිරය පරීක්ෂා කරගන්න පුලුවන් විදියට අංග සම්පුර්ණ ලැබ් එකකුත් ලැබුනේ මේ දොස්තර මහත්තයාගේ තියෙන කැප වීම රජයේ ඉහල නිලධාරීන් දුටු නිසයි.
මුලදි ගමේ ගනන්කාර චන්ඩි ටික මේ දොස්තර මහත්තයාට කරදර කරලා තියෙනවා . රෝහල් ඉඩමේ ජාවාරම් කරන්න දෙන්නේ නැති වුණාම රන්ඩුවටම ඇවිත්.
තමන්ගේ පුද්ගලික වියදමින් නඩුත්තු කරලා විවිධ අයගේ උපකාරයෙන් මේ රෝහල අද හොද තත්වයක තියෙනවා.ගිය අව්රුද්දේ ඉදන් ගමේ ගනන් කාරයෝ වගයක් රෝහල ලග අනවසරයෙන් වීගබඩාවක් හදන්න අරන්.එහෙම වුනොත් නේවාසිකව ඉන්න රෝගින්ගේ සෞඛ්‍යට හොද නැති නිසා දොස්තර මහත්තයා ඊට විරුද්ධ වෙලා තියෙනවා.
දැන් මේ මිනිස්සු දොස්තර මහත්තයාට විරුද්ධව පෙත්සම් ගහලා. ඒ පැත්තේ ඉන්න ගොවිජන සමිතියේ ඉන්න සභාපති මේ වැඩේ මුලින් ඉන්නවා. දොස්තර මහත්තයාට කියලා තියෙනවා දැන් එයාලගේ ආණ්ඩුව නිසා අව්ලක් නැහැලු.දොස්තරට පාඩමක් උගන්වනවාලු. ඒ් මෝඩ පුද්ගලයා වෙන කව්රුවත් නොවෙයි උතුරුමැද පලාත හිටපු මහ ඇමතිගේ (බර්ටි) ලගම හිතවතියක් වන බද්‍රා නම් තැනැත්තිය ඒ කියන්නේ අනුරාධපුරය සහ කොළඹ හිටපු නාගරික කොමසාරිස්වන බද්‍රානි මහත්මිය.ඇගේ අයියාගේ ළමයි තමයි මේ ඇගේ හයිය අරන් මේ චන්ඩිකම් දාන්නේ. ඇය දැන් බන්දුල ගුණවර්ධන ලග ඉන්නේ.මේ හයිය අරන් අර ගමක්
ගොඩනගපු රටට ආදර්ශවත් දොස්තර මහත්තයා දැන් ගමෙන් එලවන්න හදනවා පෙත්සම් ගහලා.ගම්මු කියන්නේ ගමේ කසිප්පු කාරයෝ ටික එකතුවෙලා මේ කුමන්ත්‍රණය කරනවා කියලා.
කොහොම වුණත් රෝහලක් ලග අනවසරයෙන් ගබඩා හදන රටක්ද මේක.දැනටමත් අසල ඉඩමක අනුමැතියෙන් තොරව ධාන්‍ය පිරිපහදුවක් හදලා.තොරතුරු පනතේ ගත්තු තොරතුරු අනුව එකට ඇලයාපත්තුව ප්‍රාදේශීය සභාවෙන් අවසර අරන් නැහැ.කොහොමද මැඩේ බන්දුලගේ ෆවර් එක අරන්ද දැන් මේ මිනිස්සු වැඩ කරන්නේ ? මේ බද්‍රානි නම් තැනැත්තිගේ ඥාතීන් ඔච්චර බලවත්ද රජයේ සේවකයෙක්ට මෙච්චර කරදර කරන්න.
මේක ලියන මොහොත වන විටත් දැන් රාත්‍රී 12යි මේ
දොස්තර මහත්යා ගමේ අයත් එක්ක රෝහලට එන
රෝගීන් ආරක්ෂා කරන්න ටෙන්ට් එකක් හදන ගමන් ඉන්නේ. හෙට උදේ මේ දොස්තර මහත්තයාට විරුද්ධව පරීක්ශණ කරනවාලු කොළඹින් යන මහත්තුරු ටිකක්. දේශපාලන හෙන්චයිලාට ඔනේ මේ රේහල නැවත ජාවාරම් කරුවන්ගේ තිප්පොලක් කරන්නද?
කැලේට ගිය රෝහලක් සුද්ද කරලා ගොඩනගලා දියුණු කරලා ගත්තට මේ ලැබෙන ගෞරවය.ජයවේවා දොස්තරලා රට යන එක ගැන පුදුමයක් නැහැ මේ රට දාලා.
මට හිතෙන හැටි
මනෝජ් රත්නායක "
ඇත්තටම සම්මාන දිය යුත්‌තේ මෙවැනි මිනිසුන්ට මිස ක්‍රීම් බබාලට නොවෙයි.
උපුටා ගැනිමකි.