මව්බිම බිස්නස් - Mawbima Business

මව්බිම බිස්නස් - Mawbima Business බඹරෙ කැරකෙන වැල්ල - මව්බිම බිස්නස්📰 මව්බිම පුවත්පත සමඟ සෑම බදාදාවකම නිකුත් වේ.

බිස්නස් ඉගෙනගන්න මොන තරම් සම්පත් අන්තර්ජාලයේ තිබුණත්, ඩිජිටල් සාක්ෂරතාව අවම, ස්මාර්ට් දුරකථන භාවිතයට එතරම් කැමති නැති කල...
15/08/2024

බිස්නස් ඉගෙනගන්න මොන තරම් සම්පත් අන්තර්ජාලයේ තිබුණත්, ඩිජිටල් සාක්ෂරතාව අවම, ස්මාර්ට් දුරකථන භාවිතයට එතරම් කැමති නැති කලින් ජෙනරේෂන්වල ශ්‍රී ලාංකිකයෝ තවමත් කැමති බිස්නස් පත්තරෙන් කියවන්න.තවත් අතකට තරුණ පරපුරෙත් සැලකිය යුතු කොටසක් ඉන්නවා, ඔවුන්ට අවශ්‍ය ව්‍යපාර අධ්‍යනය, මූල්‍ය සාක්ෂාරතාවය වගේ විෂයයන් පිටු පෙරලලා ඉගෙන ගන්න.ඉතින් ඒ කැමැත්තට වුවමනාවට උපරිම සාධාරණය කරලා, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට ලෝකෙ තියෙන updated ම ව්‍යාපාරික දැනුම ගෙනියන්න තමයි 'මව්බිම බිස්නස්' සතිපතා නිකුත් වෙන්නේ.මව්බිම බිස්නස් කණ්ඩායම, හැම සතියකම රට පුරාම ඉන්න ශ්‍රී ලාංකික‍යන්ට තේරෙන සිංහලෙන් මේ බිස්නස් කෙරුවාව කියාදෙන්න තමයි සතිපතා වෙහෙස මහන්සි වෙන්නේ.

මේ වෑයමත් එක්ක අපි තියපු අලුත්ම පියවර තමයි සතියකට එක ප්‍රදේශය බැගින් තෝරගෙන ඒ ප්‍රදේශයේ ඉන්න සාර්ථක ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක්ව පුවත්පත් සාකච්ඡාවකට සම්බන්ධ කරගන්න එක.ඒ සාකච්ඡාව සඳහා අපි ගමින් ගමට යද්දී ඔවුන්ගේ සාර්ථකත්වයේ කතාන්දරය රටටම කියන්න අවකාශයක් විවර වෙනවා විතරක් නෙමෙයි ඒ ඔස්සේ ලංකාවේ තව කොහේ හරි තැනක ඉන්න කුඩා ව්‍යාපාරයක් කරන ව්‍යවසායකයෙක් කුමක් හෝ වැදගත් දෙයක් ඉගෙනගන්නවා.මොකද අපි අත්දැකීමෙන් විශ්වාස කරන දෙයක් තමයි සමහර බහු ජාතික සමාගම්වල ප්‍රධාන පුටවල ඉන්න ව්‍යාපාරික නායකයන්ගෙන් තරමටම ගමක කොනක කුඩා ව්‍යාපාරයක් කරගෙන යන මුදලාලි කෙනෙකුගෙත් ඉගෙන ගන්න බොහෝ දේවල් - හැමවෙලාවෙම තියෙනවා.

අපි පළමු සතියේ ගියා වාද්දුවට.දෙවැනි සතියේ ගියා අලවතුගොඩට.එලැඹෙන සතියේ අපි තවත් නගරයකට, ගමකට යනවා.
අපිට ඔබට කියන්න අවශ්‍ය ඔබේ ගමටත් අපි එනවා.ඔබේ නගරය ගැනත් අපි ලියනවා.හැබැයි මතක ඇතුව එහෙම ව්‍යාපාරිකයෝ ඔබේ නගරයේ ඉන්නවා කියන එක අපිට කියන්න.සමහරවිට ඔබත් ගමක හැංගිලා ඉන්න නමුත් සාර්ථකව බිස්නස් කරන ව්‍යාපාරිකයෙක් කියලා ඉන්බොක්ස් පණිවුඩයකින් අපිට දැනුම් දෙන්න. ඒක අපිට ඔබව හොයාගන්න, හඳුනාගන්න ලොකු පහසුවක් වෙයි.

ඔබ නොදන්නවා වුණාට, ඔබ එකවරම විශ්වාස නොකළාට, ඔබ තවත් ව්‍යාපාරිකයෙක්ට විශ්ව කෝෂයක් වෙන්න පුළුවන්❤️

ප.ලි : මේ පහළ පින්තූරවල තියෙන්නේ, අලවතුගොඩ ව්‍යාපාරිකයන් ගැන පුවත්පතේ පළවීමෙන් පස්සේ පුවත්පත මිලදීගන්න ආපු, පුවත්පත කියවපු පාඨකයන්ගේ පින්තූර.පින්තූර එවපු අලවතුගොඩ ජයසිරි ස්ටෝර්ස් හි අධිපති හසිත ජයවර්ධනටත් ස්තූතියි📰

හෙට මව්බිම බිස්නස්📰
13/08/2024

හෙට මව්බිම බිස්නස්📰

හෙට මව්බිම📰
23/07/2024

හෙට මව්බිම📰

SME - Small and Medium-sized Enterprises අඩු ආදායම්, වත්කම් හෝ සේවක සංඛ්‍යාවක් පවත්වාගෙන යන කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍...
17/07/2024

SME - Small and Medium-sized Enterprises
අඩු ආදායම්, වත්කම් හෝ සේවක සංඛ්‍යාවක් පවත්වාගෙන යන කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරයන් SME ලෙස හඳුන්වයි. මෙරට ව්‍යාපාරවලින් 99%ක්ම පවතින්නේ SME වර්ගයේ ව්‍යාපාරයි.

SME - Subject Matter Expert
තම විෂය ක්ෂේත්‍රය සම්බන්ධව ගැඹුරු දැනුමක් සහ ප්‍රවීණත්වයක් ඇති පුද්ගලයාවද SME ලෙස හඳුන්වයි. ආයතනවලට අවශ්‍ය විශේෂඥ උපදෙස් ගැනීමට සහ උපදේශන කටයුතුවලට බොහෝවිට මෙවැනි අයව කැඳවනු ලබයි.

In Frame - Team 'Chama Computers'
Photography - Manjula Dayawansha
අද මව්බිම බිස්නස්📰

හෙට මව්බිම කියවන්න📰
16/07/2024

හෙට මව්බිම කියවන්න📰

මහපොළ ශිෂ්‍යාධාරයෙන් අරඹා ලෝකය ඇල්ලූ දුලංජනගේ Jack Fruit Ceylonලංකාව ඇතුළේ තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනෑ කිය...
12/07/2024

මහපොළ ශිෂ්‍යාධාරයෙන් අරඹා ලෝකය ඇල්ලූ දුලංජනගේ Jack Fruit Ceylon

ලංකාව ඇතුළේ තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනෑ කියලා හිතන පිරිස, ඇත්තටම ව්‍යාපාරයක් ආරම්භ කරන පිරිස වගේ දහ දොළොස් ගුණයක්. බහුතරයකට ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය තිබුණත් "අනේ මට සල්ලි නෑනේ", "මගේ ජොබ් එකත් එක්ක බිස්නස් එකට දාන්න වෙලාවක් නෑනේ.", "දැන්මම බිස්නස් කරන්න ගියොත් මට මගේ ඩිග්‍රී එක කරගන්න වෙන්නේ නෑනේ" වගේ නිදහසට කරුණු ඉදිරිපත් කරගනිමින් එම අදහස යටපත් කරගන්නවා. තවත් පිරිසක් මොන වගේ ව්‍යාපාරයක්ද ආරම්භ කරන්නේ කියන එක ගැන හිත හිතා කල් මරනවා.

හැබැයි පාරිභෝගික අවශ්‍යතා හඳුනාගැනීම මඟින් සහ රාමුවෙන් පිටත දැක්මෙන් එහෙමත් නැත්නම් out of the box thinking මඟින් ඔයාගේ නාමපදයකට විතරක් සීමා වුණ බිස්නස් එක ක්‍රියාපදයකට මාරු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමන්ගේ චින්තනය රාමුවෙන් පිටතට අරගෙන ගිහින් සුලබ සම්පත් භාවිතයෙන් ආරම්භ කරපු දුලබ ව්‍යාපාර පිළිබඳව සාකච්ඡා කෙරෙන මාගේ ලිපි මාලාවේ මීළඟ ලිපිය විදියට කොස් භාවිතයෙන් සිදු කරනු ලබන නිෂ්පාදිත පිළිබඳව අරගෙන එන්න මම හිතුවා. මෙම කොස් භාවිතයෙන් සිදු කළ හැකි නිෂ්පාදන පිළිබඳව වැඩිදුරටත් විස්තර දැන ගැනීම සඳහා මම Jack Fruit Ceylon (PVT)LTD ආයතනයේ නිර්මාතෘ දුලංජන විතානගේ සමඟින් සම්මුඛ වුණා.

පාසල් අධ්‍යාපනය අවසන් කොට කාලය ගත කරන අතරේ ගස් යට වැටී නරක් වෙමින් යන කොස් වලට සිදු කිරීමට දෙයක් සොයා යන අතරතුරදී රජයේ කෘෂි උපදේශකවරුන්ගේ උපදෙස් මත, තමන්ගේම ස්ව උත්සාහයෙන් කොස් වලින් නව නිෂ්පානයක් සිදු කිරීමට දුලංජන උත්සාහ ගෙන තිබෙනවා. ඒ සඳහා ඔහු තම විශ්වවිද්‍යාලය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා සහ තාක්ෂණ අධ්‍යනාංශයේද සහය ලබාගෙන මිනිසුන් පරිභෝජනය කිරීමට කැමති වන මට්ටමේ කොස් නිෂ්පාදිතයක් සොයා ගැනීමේ කර්තව්‍යට මුල පුරනවා. ඒ සඳහා ඔහු සමීක්ෂණ ගණනාවක්ද සිදු කර තිබෙනවා. එලෙස Rish Lanka නමින් ආරම්භ කරන ලද ව්‍යාපාරය 2021 වසරේදී ඔහු Jack Fruit Ceylon බවට පරිවර්තනය කරනවා. ඒ වන විට ඔහු සතුව ඇත්තේ පොල් කොට යොදා ඉදි කළ වර්ග අඩි 70ක බිම් කඩක් පමණයි. නමුත් ඔහු ක්‍රම ක්‍රමයෙන් තම කර්මාන්තශාලාව ගොඩනැගූ අතර මේ වන විට වර්ග අඩි 7000ක ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් කර්මාන්තශාලාවක් ඔහු සතු වෙනවා.

කොස් කියන්නේ අපතේ යන ආර්ථික සම්පතක්. ඒ කාරණය දුලංජන හොඳින්ම අවබෝධ කොට ගෙන තිබෙනවා. ඔහු වාණිජ විෂය ධාරාවෙන් උපාධිය හැදෑරීමත් සහ විද්‍යාව පිළිබඳ අධ්‍යනයත් නිසා එලෙස කොස් තුළ සැඟවී තිබූ මූල්‍යමය වටිනාකම පිටතට ගැනීමට හැකි වී තිබෙනවා. කොස් ගෙඩියෙහි පවතින ගුණාත්මකභාවය නිසා පමණක් නොව කොස් මුලේ සිට පොතු, කඳ සහ ලපටි කොළයේ සිට වියළි කොළය දක්වාම පවතින විවිධාකාරයෙන් ගුණ දෙන නිසාවෙන් කොස් නිෂ්පාදන සඳහා විශාල වශයෙන් අගය එකතු කිරීමක් සිදු කරන්න පුළුවන්. මේ ලිපිය කියවන මොහොතේ ඔබට කොස් නිෂ්පාදන මූලික කොට ගනිමින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඕනෑ තරම් අවකාශය ඔබට තිබෙනවා. ඕනෑ තරම් සම්පත් ඔබට තිබෙනවා. මොකද මේ මොහොත වන විටත් ලංකාවේ තිබෙන කොස් වලින් 85%කට වැඩි ප්‍රමාණයක් අපතේ යනවා. ඒ අපතේ යන කොස් කියන්නේ අත් හැර දමන ලද ව්‍යාපාරික අවස්ථා කියලා කිව්වත් මම නිවැරදියි.

මම මුලින් සඳහන් කළා වගේ Jack Fruit Ceylon (PVT)LTD කියන්නේ කොස් වලින් නවීන පන්නයේ නිෂ්පාදන සිදු කරමින් වාණිජ වෙළඳපොළ ආක්‍රමණය කළ ආයතනයක්. මිනිසුන් පරිභෝජනයට ගැනීමට එතරම් ප්‍රිය නොකරන ආහාරයක් ඔවුන් නූතනයට ගැළපෙන පරිදි සකස් කොට මිනිසුන්ට ප්‍රිය ආහාරයක් බවට පත් කොට තිබෙනවා. උදාහරණ දැක්වූවොත් මොවුන් කොස් වලින් කොස් නූඩ්ල්ස් නිෂ්පාදනය කරනවා. ඒ වගේම ක්ෂණික නූඩ්ල්ස් එකක් එළිදැක්වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. මීට අමතරව ඉඳිආප්ප, බයිට්ස් වර්ග, කැඳ වර්ග, කොස්පෝෂ, ඖෂධීය තේ නිෂ්පාදනය කරන අතර විජලිත ඉඳිආප්ප විශේෂයක් අගෝස්තු මාසයේදී එළිදැක්වීමටත් බලාපොරොත්තුවෙන් සිටිනවා.

මේ සියලුම නිෂ්පාදන සඳහා ISO22000, HACCP සහ GMP ඇතුළු තවත් තත්ව සහතිකයන් රැසකට යටත්ව නිෂ්පාදනය කරනවා. මෙලෙස ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ව්‍යාපාරයක් පවත්වාගෙන යාම තුළින් වාසි අත්වන්නේ පාරිභෝගිකයින්ට පමණක්ම නොවෙයි. ව්‍යාපාරය සඳහාද එමඟින් සුවිශේෂී වාසි රැසක් හිමිවෙනවා. මේ බව හොඳින් අවබෝධ කොටගෙන සිටින Jack Fruit Ceylon (PVT)LTD ආයතනය එකී ප්‍රමිතීන් පිළිපදිමින් විශාල වාසි කන්දරාවක් අත්කරගෙන තිබෙනවා.

කොවිඩ් වසංගතයක් සමඟින් ජාත්‍යන්තර වෙළඳපොළෙහි කොස් සඳහා ඇති ඉල්ලුම වැඩි වී තිබෙනවා. එමෙන්ම ලෝකය තුළ කොස් trend එකක් බවට පත් වී තිබෙනවා. මේක කොස් ආශ්‍රිත ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අයට ඉතාමත් සුබ කාරණාවක්. දිනෙන් දින ජාත්‍යන්තර වෙළඳපොළෙහි කොස් ඉල්ලුම වැඩිවන නිසාම ඉන්දියාව, වියට්නාමය සහ තායිලන්තය වැනි රටවල් මෙම ක්ෂේත්‍රය වෙතට ශ්‍රී ලංකාවට වඩා ඉතාමත් වැඩි වේගයකින් නැඹුරු වෙමින් සිටිනවා. අපට තිබෙන තේ, රබර් වගේම කර්මාන්තයක් බවට මෙම කොස් කර්මාන්තය පත් කළ හැකියි. කොස් වලට මේ වන විට ජාත්‍යන්තරයේ පවතින ඉල්ලුමත් සමඟ ශ්‍රී ලංකාවට අති විශාල විදේශ විනිමයක් උපයාගත හැකි කර්මාන්තයක් විදියට මේ කොස් ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීම හඳුන්වන්න පුළුවන්. එමඟින් ඔබට දේශීය ආර්ථිකයට ශක්තියක් වීමේ අවස්ථාවද නිතැතින්ම උදා වෙනවා.

මේ විදියට ලංකාව තුළ ආරම්භ කරන ව්‍යාපාර වලින් 90%ක් පමණම පළමු වසර පහ ඇතුළත වසා දමනවා. ඒ පිළිබඳව මම දුලංජනගෙන් විමසා සිටියදී ඔහු මෙවැනි පිළිතුරක් ලබා දුන්නා.

"Risk taking සහ perception කියන දේ මම තදින්ම විශ්වාස කරනවා. ව්‍යාපාරයක් සිදු කිරීමේදී ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ලබලා තියෙන්න ඕනේ. ඒ විදියට ව්‍යාපාරයක යථාර්තවාදී බව අවබෝධ කර ගත්තොත් අපට ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න ලේසියි. බිංදුවටම වැටුණ ඕනෑ තරම් අවස්ථා මටත් තියනවා. ඇත්තටම වැටෙන එක හොඳයි. ඒකෙන් හොඳ අත්දැකීමක් ලැබෙනවා. වැටෙන්නේ නැත්නම් අපිට කිසිදාක දියුණුවක් ලැබෙන්නේ නෑ. ඒ වගේ වෙලාවක අපට ලැබෙන අත්දැකීම සල්ලිවලට ගන්න බෑ. ව්‍යාපාරයේ මුල් අවුරුදු පහ කොහොම හරි අල්ලගෙන හිටියොත් ඒකෙන් ලැබෙන ඒ අත්දැකීම් අපේ ව්‍යාපාර තීරණ නිවැරදිව ගැනීමේ හැකියාව දියුණු වෙනවා. එතනින් පස්සේ අපිට පුළුවන වර්ධන අවධියට ව්‍යාපාරය අරගෙන එන්න. ඒ තැනට එන්න සාමාන්‍යෙන් අවුරුදු පහක් විතර ගත වෙන්න පුළුවන්. ඒක ක්ෂණිකව ලැබෙන දෙයක් නෙමෙයි. ඒ සඳහා ඉවසීමෙන් බලා සිටිය යුතුයි."

දුලංජන ඉහත ප්‍රකාශය වචන වලට සීමා නොකර ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වූ අයෙක්. ඔහුගේ ව්‍යාපාරයට මේ වන විට වසර හතක්. මම ලිපිය ආරම්භයේදීම සඳහන් කළා වගේ ගැටලු දුලංජනටත් ඇවිත් තියනවා. දුලංජන ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ මහපොළ ශිෂ්‍යාධාර වශයෙන් ලැබුණ රුපියල් පන්දාහෙන්. ඊට අමතරව ඔහු අමතර රැකියාද සිදු කොට මුදල් උපයා තිබෙනවා. ඒ වගේම ඔහුට පවුලෙන් පවා බාධා පැමිණ තිබෙනවා. මොකද ඔහු ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ උපාධිය හදාරණ අතරතුරමයි. එයින් ලබන න්‍යායාත්මක දැනුමත් ඔහු තම ව්‍යාපාරය සඳහා ප්‍රායෝගිකව යොදාගෙන තිබෙනවා. දැන් ඔබට වැටහෙනවා ඇති ඔබගේ ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔබ දමාගෙන තිබෙන වැට මායිම් සහ ඔබ ඉදිරිපත් කරන නිදහසට කරුණු තව දුරටත් වලංගු නොවන බව. ඒ වගේම ව්‍යාපාරය අතරමැදදී පැමිණි බාධකද ඔහු තමන්ගේ වාසියට හරවාගෙන තිබෙනවා. ඒකට උදාහරණයක් වශයෙන් කොවිඩ් ව්‍යවසනයම ගන්න පුළුවන්. හැමෝම නිවසට කොටු වුණ කාල පරිච්ඡේදයක් වුණත් ඒ කාලයේදී කරලියට ආපු zoom වැනි තාක්ෂණයන් යොදා ගනිමින් තමන්ගේ ව්‍යාපාරය ජාත්‍යන්තරයට රැගෙන යාමට දුලංජන සමත් වෙලා තියනවා.

ඒ වගේම මේ ක්ෂේත්‍රයට පැමිණීමට බලාපොරොත්තු වන අය වෙනුවෙන් ලබා දීමට ඇති උපදෙස් පිළිබඳවත් මම දුලංජනගෙන් විමසා සිටියා. එහිදී ඔහු කියා සිටියේ මේ ක්ෂේත්‍රයේ risk එක වෙනත් ක්ෂේත්‍රයන්ට වඩා වැඩි බවත් එම risk එකටම තමන්ට return එකත් ලැබෙන බවයි.

අපතේ යන කොස්වලට අගය එකතු කරමින් වෙළඳපොළ අවස්ථාවක් ගොඩ නගා ගැනීමේ නුවණ ඉබේටම පහළ වෙන්නේ නැහැ. ඒ සඳහා කැප විය යුතුයි. රාමුවෙන් පිටතට යා යුතුයි. මම කියන්නේ කොස් ගැනම විතරක් නෙමෙයි. ඔබ පාරිභෝගික අවශ්‍යතා සහ ඔවුන්ට ඇති ගැටලු හඳුනාගත යුතුයි. ඔබ ඒවාට නිර්මාණය කරන නවෝත්පාදන සහ විකල්ප හරහා ඔබේ ව්‍යාපාරය දියුණු වනවා නිසැකයි.

✍️ගයශාන් සංජය

KPI = Key Perfomance IndicatorKPIs යනු ව්‍යාපාරයක් තම අරමුණු සාක්ෂාත් කර ගන්නා ආකාරය පැහැදිලි කරගැනීමට සහ සාර්ථකත්වය ඇගය...
10/07/2024

KPI = Key Perfomance Indicator

KPIs යනු ව්‍යාපාරයක් තම අරමුණු සාක්ෂාත් කර ගන්නා ආකාරය පැහැදිලි කරගැනීමට සහ සාර්ථකත්වය ඇගයීම සඳහා ස්ථාපනය කරගනු ලබන දර්ශකයන්ය. මෙය සෑමවිටම මැනිය හැකි අගයක්(Measurable) ලෙස ස්ථාපනය කරයි. උදාහරණයක් ලෙස, සෑම මසකම අත්පත් කරගත් අලුත් පාරිභෝගිකයින් සංඛ්‍යාව යනු විකුණුම් කණ්ඩායමක් සඳහා ස්ථාපනය කරන ලද KPI එකක් සඳහා උදාහරණයකි. එමගින් එම කණ්ඩායමේ අරමුණු සාක්ෂාත් කර ගන්නා ආකාරය පැහැදිලි කරගන්නටත්, සාර්ථකත්වය අගයන්නටත් හැකිය.

අද මව්බිම බිස්නස් කියවන්න📰

මව්විම බිස්නස් - 03.07.2024🗞️Entrepreneur (Verb)ව්‍යවසායකයා යනු නාමපදයක් නොව ක්‍රියාපදයකි. වෙහෙස මහන්සි වී වැඩ කරන්නාට ප...
04/07/2024

මව්විම බිස්නස් - 03.07.2024🗞️

Entrepreneur (Verb)
ව්‍යවසායකයා යනු නාමපදයක් නොව ක්‍රියාපදයකි. වෙහෙස මහන්සි වී වැඩ කරන්නාට පමණක් ව්‍යවසායකත්වය තුළ ප්‍රතිලාභ හිමිවේ.

අද මව්බිම බිස්නස්🗞️In Frame : Team Hacker House
03/07/2024

අද මව්බිම බිස්නස්🗞️
In Frame : Team Hacker House

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when මව්බිම බිස්නස් - Mawbima Business posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category


Other Newspapers in Colombo

Show All