XMEDiA Network

XMEDiA Network Fore News

🔴 “නීපා” වෛරසය (Nipah virus)ඉතාම වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන “නීපා” වෛරසය මේ වනවිට ඉන්දියාව, බංගලාදේශය, සිංගප්පූ...
23/09/2023

🔴 “නීපා” වෛරසය (Nipah virus)

ඉතාම වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන “නීපා” වෛරසය මේ වනවිට ඉන්දියාව, බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම වෛරසයේ රෝග ලක්ෂණ ලෙස තද උණ, වමනය, ස්වසන ආසාදන යන රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් මොළයේ ඉදිමීමක් තෙක් එය වර්ධනය විය හැකි බවද වෛද්‍යවරු අනතුරු අගවනවා.

මෙම වෛරසය වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී ඉන්පසු මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන වෛරසයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවමින් සදහන් කර තිබේ.

“නීපා” වෛරසයේ ආසාදිතයින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වු අතර මෙම වෛරසය පළමුව හඳුනා ගැණුනේ 1998 වසරේ මැලේසියාවේ ඌරු ගොවිපොලකින්

ප්‍රවේශමෙන්
(Credit goes to respective owner)

05/02/2023
පොදුජන එක්සත් පෙරමුණ සහ එක්සත්ජාතික පක්ෂය  පලාත්පාලන මැතිවරණයට එක්ව තරකවැදීමට තීරනය කරතිබෙනවා.ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ...
10/01/2023

පොදුජන එක්සත් පෙරමුණ සහ එක්සත්ජාතික පක්ෂය පලාත්පාලන මැතිවරණයට එක්ව තරකවැදීමට තීරනය කරතිබෙනවා.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග 2023 ජනවාරි 10 පැවති රැස්වීමකින් පසු පාලිත රංගිය බණ්ඩාර මාධය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කොට ඇත..?

දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල අමරසිංහව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින...
05/01/2023

දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල අමරසිංහව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒවාගේම

දළදා වහන්සේට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළ මෙම පුද්ගලයාට එරෙහිව පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ උපරිම නීතිය ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසා තිබෙනවා

අද පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ආගමික විශ්වාසවලට හානිවන ආකාරයට කටයුතු කිරීම වසර දහයක් වුවත් සිරගත කළ හැකි වරදක් බවයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය යටතේ යම් ආගමික විශ්වාසයකට කිසියම් අයෙකු අපහාස කරන්නේ නම් හෝ එම ආගම විශ්වාස කරන අයගේ හද පෑරෙන ආකාරයෙන් කටයුතු කරන්නේ නම් එය දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සඳහන් වන බවයි අධිකරණ අමාත්‍යවරයා කියාසිටියේ.

2022 දෙසැම්බර් මස 31 වෙනිදා සිට WhatsApp මෘදුකාංගය ජංගම දුරකථන මාදිලි රැසකට සිය සේවාව ලබාදීම අත්හිටුවීමට තීරණය කර ඇති බව...
29/12/2022

2022 දෙසැම්බර් මස 31 වෙනිදා සිට WhatsApp මෘදුකාංගය ජංගම දුරකථන මාදිලි රැසකට සිය සේවාව ලබාදීම අත්හිටුවීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙනවා

WhatsApp නව යාවත්කාලින කිරීමේ හැකියාව නොමැති මෙම ජංගම දුරකථන මාදිලි අතරට Apple, Samsung, LG, Huawei ඇතුළු දුරකථන මාදිලි රැසක් ඇතුළත් වෙනවා.

එලෙස සේවාවන් අත්හිටුවනු ලබන ජංගම දුරකථන මාදිලි මෙන්න.

🔸Apple iPhone 5

🔸Apple iPhone 5c

🔸Archos 53 Platinum

🔸Grand S Flex ZTE

🔸Grand X Quad V987 ZTE

🔸HTC Desire 500

🔸Huawei Ascend D

🔸Huawei Ascend D1

🔸Huawei Ascend D2

🔸Huawei Ascend G740

🔸Huawei Ascend Mate

🔸Huawei Ascend P1

🔸Quad XL

🔸Lenovo A820

🔸LG Enact

🔸LG Lucid 2

🔸LG Optimus 4X HD

🔸LG Optimus F3

🔸LG Optimus F3Q

🔸LG Optimus F5

🔸LG Optimus F6

🔸LG Optimus F7

🔸LG Optimus L2 II

🔸LG Optimus L3 II

🔸LG Optimus L3 II Dual

🔸LG Optimus L4 II

🔸LG Optimus L4 II Dual

🔸LG Optimus L5

🔸LG Optimus L5 Dual

🔸LG Optimus L5 II

🔸LG Optimus L7

🔸LG Optimus L7 II

🔸LG Optimus L7 II Dual

🔸LG Optimus Nitro HD

🔸Memo ZTE V956

🔸Samsung Galaxy Ace 2

🔸Samsung Galaxy Core

🔸Samsung Galaxy S2

🔸Samsung Galaxy S3 mini

🔸Samsung Galaxy Trend II

🔸Samsung Galaxy Trend Lite

🔸Samsung Galaxy Xcover 2

🔸Sony Xperia Arc S

🔸Sony Xperia miro

🔸Sony Xperia Neo L

🔸Wiko Cink Five

🔸Wiko Darknight ZT

ලංකාවේ ඉහල අහසේ රසායනික ද්‍රව්‍ය තැන්පත් වී  තිබෙන්නට හැකසෑම අයෙක්ම පරිස්සම් වෙන්න... •ඔබ මේ රසායනික වැස්සේ තෙමෙන්න එපා....
09/12/2022

ලංකාවේ ඉහල අහසේ රසායනික ද්‍රව්‍ය තැන්පත් වී තිබෙන්නට හැක

සෑම අයෙක්ම පරිස්සම් වෙන්න...

•ඔබ මේ රසායනික වැස්සේ තෙමෙන්න එපා.
•කුඩ වෙනුවට වැසි කබා භාවිතා කරන්න

• එලියට යන විට සැහැල්ලු Mask භාවිතා කරන්න

•කුඩා ලමුන්ව විශේශයෙන් වැස්සට නිරාවණය කිරීමෙන් වලකින්න
•එලිමහනේ ඇති ලිඳ වසා තබන්න,

•දින ගනනක් සූර්යා අලෝකය අවමවීම වේවි.

•ශීත කාලයගුණය බොහො සෙයින් වැඩිවේවි.

•රාත්‍රියේදී ගෙවල් තුල මදුරු කොයිල් වැනි දෑ පත්තු කිරීමෙන් වලකින්න.

•දිවා කාලයේ පිරිසිදු වාතය දෙන ශාකයක්
ගේ තුල තබා ගන්න

•රසායනික වැස්ස හිතන තරම් සුලු පටුනොවේ ඔබටත් නොදැනී ඔබේ ප්‍රතිශක්තිකරණය ඇතුලු සියල්ල අඩපණ කිරීමට හැකියාව ඇත.

අන්අයවද දැනුවත් කර ඇගට නොදැනී ඔබව විනාස කරන ව්‍යසනයක් වලකාගන්න.

උපුටාගැනීමකි..

රට තුල ප්‍රදේශයන්හි මීදුම වැනි අඳුරු තත්වයක් ඇතිව තිබෙන බව ප්‍රදේශ රැසකින් ම වාර්තාකරුවන් පවසාසිටී.මීට හේතු ඇත්තේ වායු ග...
08/12/2022

රට තුල ප්‍රදේශයන්හි මීදුම වැනි අඳුරු තත්වයක් ඇතිව තිබෙන බව ප්‍රදේශ රැසකින් ම වාර්තාකරුවන් පවසාසිටී.

මීට හේතු ඇත්තේ වායු ගෝලයේ දූවිලි අංශු ඉහළ යාමත් සමග ඇතිව තිබෙන තත්වයයි.

එබැවින් හැකි අයෙක්ම පරිස්සම් වන්න
සෑම කෙනෙක්ම මුඛ ආවරන පලදින්න...

ගර්භනී මව් වරුන් පමනණක්
නොව සෑම කෙනෙක්ම පරිස්සම් වන්න

මෙයට හේතුව...

බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ ඇති වී තිබෙන කුණා සුළි කුණාටු සහිත තත්ත්වය මත ඉන්දියානු අර්ධද්වීපයේ දූවිලි අංශු සහිත වායු දහරා ශ්‍රී ලංකා ගුවන් කලාපයට ඇතුළු වීම හේතුවෙන් දුවිලි අංශු ඉහල ගොස් තිබේ. මේ සමගම රටපුරා වායු දූෂණ මට්ටම ද ඉහළ ගොස් ඇත.

පවතින අයහපත් කාලගුණ තත්වය තවත් දින දෙක තුනක් පවතිනු ඇතැයි ද අදාළ ආයතන කියා සිටී.

පවතින තත්වය හේතුවෙන් ශ්වසන ආබාධ සහිත පුද්ගලයන් ගේ අපහසුතා වැඩිවනු ඇති නිසා ඔවුන් හැකිතාක් මුව ආවරණ පැළඳ නිවෙස් තුළම රැඳී සිටින ලෙස ද ඉල්ලා සිටී.

2022/12/05
05/12/2022

2022/12/05

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක රහසිගත අන්දමින් සිදුකරගෙන ගිය වකුගඩු ජාවාරමකට සම්බන්ධ වෘෂණ කෝෂ විකිණීමේ ජාවාරමක් සම්බන්...
03/12/2022

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක රහසිගත අන්දමින් සිදුකරගෙන ගිය වකුගඩු ජාවාරමකට සම්බන්ධ වෘෂණ කෝෂ විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

මීට පෙර අනාවරණය කරගත් මහා පරිමාණ වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සාක්ෂි සටහන් කර ගැනීමේ දී මේ සම්බන්ධයෙන් කරුණු හෙළිව තිබෙනවා.

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැටඅට ලක්ෂයකට මිලදී ගැනීම සඳහා සියල්ල සූදානම් කර ඇති අතර,

වකුගඩු ලබාදුන් අය සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් අදාළ තරුණයා සිය වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි හෙලිවී ඇත්තේ.

අදාළ තරුණයාට බ්ලූමැන්ඩල් ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු විසින් වෘෂණ කෝෂ ගනුදෙනුව සඳහා එම රෝහල සම්බන්ධ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව සැත්කම සදහා දින නියම කර තිබියදී මුදල් ලබා නොදීම පිළිබද ඇති වූ සැකය හේතුවෙන් අදාළ තරුණයා සිය වෘෂණ කෝෂයක් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

මෙම මහා පරිමාණ ජාවාරම ඉතා සූක්ෂම අයුරින් ජාලගතව සිදුකරගෙන යන එකක් බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

මෙරට සිටින ජාවාරම්කරුවන් මෙන්ම විදේශීය ජාවාරම්කරුවන් කිහිප දෙනකු ද ඊට සම්බන්ධවී ඇති බවයි මේ වනවිට අනාවරණය කරගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු විශේෂ බෑගයක්...
03/12/2022

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු විශේෂ බෑගයක් අද 2022/12/02 ජනාධිපතිවරයා වෙත පිරිනමා තිබේ.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු මෙම බෑගය ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යෑම සඳහා නිර්මාණය කර ඇත.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් අද 2022/12/02 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.

ලෝක නායකයන් සංචාරයන්හි නිරත වන විට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යෑමට සුවිශේෂ බෑගයක් භාවිත කිරීම සම්ප්‍රදායකි.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව බෑගයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට පවරනු ලැබුවේ මෙම ලෝක සම්ප්‍රදාය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමිනි.

ww.ugc.ac.lk
02/12/2022

ww.ugc.ac.lk

විදුලිය ගාස්තු ලබන වසරේ ජනවාරි සහ ජූනි මාසවලදී පියවර දෙකකින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලි බල මණ්ඩලයේ අත...
01/12/2022

විදුලිය ගාස්තු ලබන වසරේ ජනවාරි සහ ජූනි මාසවලදී පියවර දෙකකින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව

විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී පැවසා ඇත.

ඒබැවින් විදුලි බිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවද රොහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල 70% කින් පමණ වැඩි විය යුතු බව පැවසූ විදුලිබල මණ්ඩල නියෝජිතයෝ විදුලිය ගාස්තු පසුගිය කාලයේදී වැඩි කළද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවූ බැවින් විදුලි බිල වැඩි කිරීම කැබිනට් මණ්ඩලයෙන් මෙලෙස අනුමැතිය ලබාගත් බවද ප්‍රකාශ කළහ.

“ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදී ය.

තවද විදුලි බල මණ්ඩල පාඩුව පියවා ගැනීමේ අරමුණින් විදුලි ගාස්තු වැඩි කලද එය දැරිය නොහැකි මට්ටමක පැමිණ ව්‍යාපාර කඩා වැටීමේ අවදානමක් මතුවිය හැකි බව කමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය.

මේවන විට විදුලිබල මණ්ඩලය බැංකු සහ විදුලි බල සැපයුම්කරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු ණය ලෙස රු කෝටි 65000 ක ට (බිලියන 650 ) ආසන්න ප්‍රමාණයක් පවතින බවද මෙහිදී තොරතුරු අනාවරණය වී ඇත.

ඉන් රුපියල් කෝටි 3500 කට ආසන්න ප්‍රමාණයක් (බිලියන 35ක්) පුනර්ජනනීය බලශක්තිය සැපයූ ආයතන සදහා ගෙවීමට ඇති බවත් තාප විදුලිය සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 7500 ක් ( බිලියන 75) ගෙවීමට ඇති බවත් විදුලිබල මණ්ඩල නියෝජිතයෝ පැවසූහ.

ඉදිරියේදී ලබා ගැනීමට අපේක්ෂා කරන රුපියල් කෝටි 5000 ක (බිලියන 50 ) ණය මුදලින් මෙම සැපයුම් කරුවන්ට යම් කොටසක් හෝ ගෙවීමට අපේක්ෂා කරන බවද ඔවුහු ප්‍රකාශ කොට ඇත.

Address

Kiribathgoda
Colombo
11600

Website

Alerts

Be the first to know and let us send you an email when XMEDiA Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to XMEDiA Network:

Videos

Share


Other Colombo media companies

Show All