තරුණයා - Tharunaya Online

තරුණයා - Tharunaya Online https://chat.whatsapp.com/CUhLZXAT6rAKi24OrkmOgX
Join Us Tharunaya Online WhatsApp Group

ෆ්ලෑෂ් බෑක් එකෙන් මාව විසි වුනේ නැහැ . සුහදව අයින් උනා  . සීදුව සකුරා එකෙන් මාව අයින් කරලා එතනට එන්න කුමන්ත්‍රණය කරා - ච...
02/05/2024

ෆ්ලෑෂ් බෑක් එකෙන් මාව විසි වුනේ නැහැ . සුහදව අයින් උනා . සීදුව සකුරා එකෙන් මාව අයින් කරලා එතනට එන්න කුමන්ත්‍රණය කරා - චමින්ද රණසිංහ

Instagram - https://www.instagram.com/tharunayaonline/Facebook - https://www.facebook.com/tharunaya/Whatsapp - https://chat.whatsapp.com/invite/CUhLZXAT6rAKi...

නිල් චිත්‍රපට නිළියක රංගනයේ යෙදී , ඉන් උපයන මුදල ලෝකයේ දුප්පත් දරුවන් සඳහා යොදවන ලොවක් දන්නා ඇයඔබ අහල තියෙනවද '' ඕනෑම ශා...
28/03/2024

නිල් චිත්‍රපට නිළියක රංගනයේ යෙදී , ඉන් උපයන මුදල ලෝකයේ දුප්පත් දරුවන් සඳහා යොදවන ලොවක් දන්නා ඇය

ඔබ අහල තියෙනවද '' ඕනෑම ශාන්තුවරයෙකුට පාදඩ අතීතයක් තිබිය හැක, ඕනෑම පාදඩයෙකුට ශාන්තුවරයෙක්ගේ අනාගතයක් උරුම විය හැක. '' කියන ඒ කතාව.

ඒ කතාව තමයි මේ ‍යථාර්ථවදී ලෝකයේ අපි පෙන්නන්න හදන්නෙ.

එලේනා කොෂිකා කියන්නෙ අඩි 6 ක් උසැති රුසියානු මාපියන්ට දාව ඉපදුන ඇමෙරිකා එකසත් ජනපද කාන්තාවක්.

ඇගේ වෘත්තීය ගත්තොත් ඊණීයා සදාචාරවත් හා ශිෂ්ට යැයි සමිමත ලෝකය පිලිකුල් සහගතව බලන වෘත්තියක්.

ඒ තමයි ලිංගික ක්‍රියාවන් පමණක් පෙන්වන චිත්‍රපටවල ලිංගික ක්‍රියාවලින් දායක වීම.

ඒ කියන්නෙ නිල් චිත්‍රපට.

හැබැයි මේ වෘත්තීයේ යෙදෙන ගැහැණුන් ගෙ ජිවිතය දෙස අහනකොට බලනකොට සදාචාරවත් අපේ සමාජය එයාල දිහා බලන්නෙ අප්‍රියජනක හැඟීමකින්.

නමුත් මේ මිනිස්සු ඒ චිත්‍රපට බලන්නෙ කෙළ හල හල.

කොටින්ම එහෙම චිත්‍රපටියක් නොබලපු පිරිමියෙක් මේ සමාජයේ නැත්තටම නැති තරම්.

එහෙම නැතිවෙනවනමි නැති වෙන්න හේතුව තමයි එයාලට එවැනි චිත්‍රපටියක් බලන්න සාමාජීයවත් ආර්ථිකමයවත් ඊට අවස්ථාවක් නොලැබුනු එක.

එයාලගෙ එකී වපසරිය පටු වෙචිච එක.

ඉතින් අපේ මේ කතානායිකාව එහෙම නිල් චිත්‍රපටිවල රඟපාලා ඒ ලැබෙන මුදල් වියදමි කරන්න ලෝකෙ දුප්පත් ළමයි ඉන්න රටවල්වලට යනව.

වැඩියෙන්ම දුප්පත් ලමයි ඉන්නෙ අප්‍රිකා මහද්වීපයෙ බව ඔබ අපි දන්නව.

ඒ නිසා ඇය තෝරගෙන තිබුනෙ කෙන්යාව.

එයා කෙන්යාවට ගිහින් තොරතුරු හොයල බලපුවම දැක්ක දෙයක් තමයි කෙන්යාවෙි හිරගෙවල්වල ගැහැණුන්ට අඩුම තරමේ තමන්ගෙ මාස් ශුද්ධිය දවස්වලට පළඳින්න සනීපාරක්ෂක තුවා හෝ බන්ධනාගාර පාලිකාවන් නොදෙන බව.

ඉතින් ඇය ඉස්සෙල්ලම කලේ ඒ අසරන ගැහැණුන්ට මේ සමිපත් ලබා දීම.

ඊට පස්සෙ ඇය හැරුනෙ වීදි සහ ළමා නිවාසවල ඉන්න දුප්පත් දරුවන්ගෙ පැත්තට.

ඇය ඔවුන්ගෙ අඩුපාඩුකමි බලල එයාල එක්ක සතුටෙන් සෙල්ලමි කරමින් දින කිහිපයක් ගතකලා.

මේ හැමදෙයක්ම ඇය කලේ කවදාවත් දැකල නැති ගැහැණුන් සහ ළමයි සදහා.

උත්ප්‍රාසය තමයි කෙන්යාවෙි සදාචාරවත් කාන්තා සංවිධාන පවා මෙතෙක් නොකරපු දෙයක් තමයි ඇය කලේ.

ඒ වගේම mpasho වැනි ඡාත්‍යන්තර කීර්තියක් දිනාගෙන සිටින අප්‍රිකානු කාන්තා සඟරා පවා ඇය ගැන දැන් කතාකරන්න පටන් අරන්.

එලේනාගේ අතීතයවත් අනාගතයවත් මදර් තෙරේසාගෙ වගේ නොවෙන්න පුලුවන්.

ඒත් කාමුක නිල් චිත්‍රපටි නිලියකගෙ ඡීවිතය ගැන, එයාලට තියෙන්නෙ මොනවගේ අදහස් හා ප්‍රාර්ථනාද යන්න අපේ කලින් තිබුණ හැගිීම අඩුම තරමේ දැන් අපි වෙනස් කරගන්නව.

(උපුටා ගැනීමක්)

19/03/2024
පිටස්තරයන්ට ඇතුලුවීමටත් නොහැකි හොල්මන්වලට ප්‍රසිද්ධ අක්කර 100 වතුයායක හුදකලා වූ දික්කන්ද වලව්වදික්කන්ද වලව්ව කියන නම ඇසූ...
07/12/2023

පිටස්තරයන්ට ඇතුලුවීමටත් නොහැකි හොල්මන්වලට ප්‍රසිද්ධ අක්කර 100 වතුයායක හුදකලා වූ දික්කන්ද වලව්ව

දික්කන්ද වලව්ව කියන නම ඇසූ පමණින්ම දැන් බොහෝ දෙනෙක්ට මතකෙට එන්නෙ හොල්මන් සහ අවතාර.

ඒ තරමටම දික්කන්ද වලව්ව දැන් අත්භූත තැනක් වෙලා කොහොම නමුත් කොලඹ නුවර පාරේ මිරිස්වත්ත, යක්කල ප්‍රදේශ වලදී වෙල් යායවල් මැද්දෙන් තැනින් තැන දී වගේම, මිරිස්වත්ත හන්දියත් වතුරුගම හන්දියත් අතර පාරේ තැනින් තැන වෙල් යායවල් වලදිත් කන්දක පිහිටි ලොකු වලව්වක් වගේ දැක ගන්න පුළුවන් මේ දික්කන්ද වලව්ව තමයි.

දික්කන්ද වලව්ව ගැන ඉතින් කට කතා නම් එමටයි.

කතා වලට අනුව නම් මේ වලව්වේ ඉඩම අක්කර 100 ට වඩා වැඩියි කියලා වගේම අක්කර 330 ක් කියලා නිශ්චිත වශයෙනුත් කියවෙනවා.

ඉඩමේ ප්‍රමාණය ගැන බලන කෙනෙකුට කොහොමත් තේරෙනවා දික්කන්ද ගමේ වැඩි ඉඩම් ප්‍රමාණයක් මේ වලව්වට අයිති කියලා.

මොකද මේ ඉඩමේ මායිමේ ඉඳලා බැලුවට නම් වලව්ව හරියට දැකගන්න පුලුවන් කමක් නැතිවෙන තරමටම ඉඩම විශාල නිසා.

ඉතින් ඊළඟට දික්කන්ද වලව්වේ හොල්මන් ගැනනෙ හැමෝම කුතුහලයෙන් ඉන්නේ..

කොහොමත් අවුරුදු ගාණක් පරණ මිනිස් පුළුටක් වත් නැතිව තියෙන කාමර 18 නැත්නම් 100ක් තියෙනවා කියලා කට කතා හැදිලා තියෙන, මහා ඉඩමක් මැද්දෙ තියෙන මේ වගේ තැනක හොල්මන් නම් නැතිවෙන්න බෑ කියලා කාට වූවත් හිතෙන එකේ සැකයක් නෑනේ?

සමහරු ඉතින් තව තව කතා ගොතලා එහෙමත් කියනවනේ මේවලව්ව ගැන.

ඉතින් ඒවා නිසා තමයි ලංකාවේ හුදෙකලා අත්භූත තැන් ගැන කියද්දී දික්කන්ද වලව්ව මුල් තැනක් ගන්නෙ..

මුල් කාලෙදි අත්තනගල්ල පැත්තේ ඉඩම් හිමි ප්‍රභූ පැලැන්තියේ මුල් තැනක් ගත්ත ඔබේසේකර පරම්පරාවට අයත් වෙලා තිබුණා කියන මේ දික්කන්ද වලව්වේ වර්තමාන හිමිකාරිත්වය තියෙන්නේ විද්ශිකයෙක්ට කියලා තමයි තොරතුරු අනාවරණය වෙන්නේ.

දැනට කිසිදු ගවේෂණ කටයුත්තක්‌ සඳහා හෝ නිරීක්ෂණ චාරිකාවක් සඳහාවත් අවස්ථාවක්, අවසරයක් නැති නිසාම දික්කන්ද වලව්ව තව තවත් අත්භූත තැනක් වෙන එක විතරයි වෙන්නේ.

දික්කන්දේ සැඟවුණු රහස් මොනවද දැනගන්න නම් ඉතින් කවදා හරි දික්කන්ද වලව්ව ගවේෂණයට විවෘත වෙන්න ඕනි

උපුටා ගැනීමකි.

ගුරුවරු ලමුන් වී, ලමුන් ගුරුවරු ලෙස සැරසී සැමරූ සද්ධාතිස්ස ජාතික පාසලේ අපූරු ළමා දිනය..... 😊
03/10/2023

ගුරුවරු ලමුන් වී, ලමුන් ගුරුවරු ලෙස සැරසී සැමරූ සද්ධාතිස්ස ජාතික පාසලේ අපූරු ළමා දිනය..... 😊

18/08/2023

අපි සාමාන්‍යයෙන් වැඩක් කරන කොට මත බේද ඇති වෙනවා

Full Video - https://youtu.be/Yc7UBumYIU4

ලොවක් රසවත් කළ අපේ තේ සන්නාමය ඩිල්මාහි නිර්මාතෘ අද දිවිසැ‍රිය නිම කරයි“දක්ෂතාව සහිත ප්‍රවීණයන් අතට තේ කර්මාන්තය පත් වුණො...
20/07/2023

ලොවක් රසවත් කළ අපේ තේ සන්නාමය ඩිල්මාහි නිර්මාතෘ අද දිවිසැ‍රිය නිම කරයි

“දක්ෂතාව සහිත ප්‍රවීණයන් අතට තේ කර්මාන්තය පත් වුණොත් ඉදිරි වසර 5දී ඉන් ඩො. බිලියන 5ක අපනයනය ආදායමක් උපයන්නට හැකි වේවි”

මේ ඔහු විටක කියූ අදහසක්.. ඒත් එක්කම මේ තුළින් පෙනී යන්නේ මේ විශය පිළිබඳව ඔහු තුල වූ දැනුමයි....

මෙරට තේ ලෝකයේ සන්නාමයක් බවට යලි යලිත් තහවුරු කළ ඩිල්මා සමාගමේ නිර්මාතෘ මෙරිල් ජේ.ප්‍රනාන්දු මහතා අද ජීවන ගමනට සමුදුන්නා....

1930 වසරේ මිගමුව පල්ලන්සේන ප්‍රදේශයේ උපත ලද මොහු පියවරෙන් පියවර ගමන් කරමින් අපේ රටේ දේශීය තේ සන්නාමය ලෝකය පුරා ව්‍යාප්ත කලා...

ඒ 1985 වසරේදී ඩිල්මා සමාගම පිහිටුවීමෙන් පසුවයි.. එහි නිෂ්පාදය කරනු ලබන මෙරට තේ මේ වන විට රටවල් සියයකට අධික සංඛ්‍යාවකට අපනයනය කරනු ලබනවා....

ඒත් සමඟම මේ වන විට ඩිල්මා සමාගම එක් කර්මාන්තයකට පමණක් සීමා වූවක් නෙවෙයි.. සමාජ සුනසාධනය වගේම රටේ දියුණුව වෙනුවෙන් මොහු විසින් ඉටු කළ සේවාව අප්‍රමාණයි...

1988 රුසියාවේ මොස්කව් හි V/O Sojuzplodoimport වෙත Dilmah සන්නාමය සහිත Ceylon Tea සැපයීමට Merrill J. Fernando හට ආරාධනා කරන ලදී...

එය ඔහු ලද ලොකුම ජයග්‍රණය ලෙස හඳුන්වාදෙන්න පුළුවන්.. 1994 කොළඹ පෑලියගොඩ මීගමුව පාරේ අංක 111 දරන ස්ථානයේ ඉදිකරන ලද නව ඩිල්මා කර්මාන්ත ශාලාව නිසා තව තවත් මේ සන්නාමය ප්‍රවර්ධනය කරගන්නට මෙරිල් මහතාට අවස්තාව සැලසුනා...

මේ විදිහට දවසින් දවස ඉදිරියට ආ මෙම තේ සන්නාමය 2001 වසරේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දක්වීමට ලැබීමත් මොවුන්ගේ සන්නාමයට තවත් හැඩයක් එකතු කලා...

ඒත් සමඟම විවිධ සම්මානවලට ජාත්‍යන්තර ප්‍රමිති සහතිකවලට මේ තේ සන්නාමය පත් වෙන්නේ එහි පැවැත්ම තහවුරු කරමින්....

ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියක් ලද මේ මහතා ඩිල්මා සන්නාමය සමඟ මෙරටට ඉටුකළ සේවාවන් ඇත්තෙන්ම ප්‍රශංසනීයයි.

මුතු රාජා ලංකාවට සමු දීනැවතත් එයා උපන් මව් රටට පිටත්ව ගියේ මෙහෙමයි🐘💞..🥺✈️සුභ ගමන් මුතූ පරිස්සමට ඔයාගේ රටට යන්න ලැබේවා !!...
03/07/2023

මුතු රාජා ලංකාවට සමු දී
නැවතත් එයා උපන් මව් රටට පිටත්ව ගියේ
මෙහෙමයි🐘💞..🥺✈️
සුභ ගමන් මුතූ පරිස්සමට
ඔයාගේ රටට යන්න ලැබේවා !! 🥲😇🙏

ගිනස් පොත අලුත් කරපු ඇමරිකානු සුනඛයාගිය,යුද්ධයට ගිය සුනඛයන් ගැන අහලා තියෙනවනෙ.මේ කියන්නෙ ගිනස් පොතට ගිය බල්ලෙක් ගැන කතාව...
05/06/2023

ගිනස් පොත අලුත් කරපු ඇමරිකානු සුනඛයා

ගිය,යුද්ධයට ගිය සුනඛයන් ගැන අහලා තියෙනවනෙ.මේ කියන්නෙ ගිනස් පොතට ගිය බල්ලෙක් ගැන කතාවක්.

ලොව දිගම දිව සහිත සුනඛයා විදිහට ගිනස් පොතට ඇතුල් වන්න ඇමරිකා එක්සත් ජනපදයේ Zoey නම් බැල්ලට හැකි වී තිබෙනවා.

ලැබ්‍රඩෝ සහ ජර්මන් ෂෙපර්ඩ් මිශ්‍ර සුනඛ වර්ගයකට අයත් මෙයාගෙ දිවේ දිග ලෙස සඳහන් වී තියෙන්නෙ සෙන්ටිමීටර් 12.7 ක් විදිහට.

Zoeyගෙ විනෝදාංශය නම් බෝල් ගහන එක කියලයි එයාගෙ හිමිකරුවා මාධ්‍ය වෙත සඳහන් කරලා තියෙන්නෙ.

24/05/2023

Are you looking for a fun night out and some great music? Then check out the live band Sri Lanka! This music program features some of the best local bands, a...

රිලා යාළුවන්ට මෙහෙම ආදරේ කරන අයත් නැතුවාම නෙවෙයිමේ දවස්වල ජනප්‍රියම මාතෘකාවනෙ “රිලව්” එයාලා රටින් යවන්න පිරිසක් කැමති වෙ...
30/04/2023

රිලා යාළුවන්ට මෙහෙම ආදරේ කරන අයත් නැතුවාම නෙවෙයි

මේ දවස්වල ජනප්‍රියම මාතෘකාවනෙ “රිලව්” එයාලා රටින් යවන්න පිරිසක් කැමති වෙද්දි, තවත් පිරිසක් ඊට විරුද්ධව කතා කරන කාලයක් මේ ගෙවෙමින් පවතින්නෙ.

ඒ කතා කොහොම වුණත්, මේ නම් කියන්න යන්නෙ රිලා යාළුවන්ව සම්බන්ධ වෙනත් ලස්සන කතාවක් ගැන. එයාලා ඉන්නෙ තනියම නෙවෙයි ලස්සන අක්කා කෙනෙක් එක්ක. මේ බලන්නකො.

කොහොමද ගැම්ම 🤭💫
26/04/2023

කොහොමද ගැම්ම 🤭💫

20/04/2023

ඒ වෙලාවේ එහෙම කිව්වේ අවේගයත් එක්ක - Brave නායක ඩිලා

සම්පූර්ණ කතාබහ - https://youtu.be/nKCrP8S5ApI

එකම එක මංගල ඡායාරූපයක සිහිනය, එලෙස හැබෑවක් විය - පියුමි හංසමාලි සැබෑ කරපු තවත් අහිංසක හීනයක්පහුගිය දවස්වල සමාජ මාධ්‍යය ප...
19/04/2023

එකම එක මංගල ඡායාරූපයක සිහිනය, එලෙස හැබෑවක් විය - පියුමි හංසමාලි සැබෑ කරපු තවත් අහිංසක හීනයක්

පහුගිය දවස්වල සමාජ මාධ්‍යය පුරාම කතා බහට ලක්වුණු තරුණ යුවළක් ගැනයි මේ සටහන.

ඔවුන් දෙන්නා එක්තරා සමූහයකින් ඉල්ලීමක් කර තිබුණා ඔවුන්ගේ මංගල ඡායාරූපයක් ඉන්දියානු ක්‍රමයට නිර්මාණය කරලා දෙන්න කියලා.

එක එඩිට් එකක් ඉල්ලපු මේ දෙන්නට සෑහෙන්න ඡායාරූප ගොඩක් තෑගි ලැබිලා තිබුණා. ඒ විතරක් නෙවෙයි දෙන්නගෙ ෆොටෝ ශූට් කරලා දෙන්නත් සෑහෙන පිරිසක් ඉදිරිපත්වෙලා තිබුණා.

ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ඒ අතරින් කෙනෙක්.

ඔන්න ඉතින් ඔහු මේ යුවළගේ මංගල ඡායාරූපයක සිහිනය එකකින් නොව, සුන්දරම සේයා රූ ගොඩක එකතුවකින් මේ විදියට හැබෑවක් කරලා තිබුණා.

මේ කාරණාව සඳහා පියුමි හංසමාලි මූලික වීම ගැන බොහෝ දෙනාට ඇත්තේ ඉතාමත් සතුටකි. ඇයට අපිත් සුබ පතමු.

Piumi Hansamali

Address

8, Hunupitiya Cross Road, Colombo 02
Colombo
00200

Alerts

Be the first to know and let us send you an email when තරුණයා - Tharunaya Online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to තරුණයා - Tharunaya Online:

Videos

Share

Nearby media companies