Siyapatha

Siyapatha අපගේ මේ ව්‍යායාමය හුදෙක් සම්බුද්ධ ශාසනයේ චිරස්තිතිය පිණිස මිස අන් කිසිවක් සදහා නොවේ !

වසර 2600කටත් එහා ඉපැරණි ආගමක් වූ නිර්මල බුදු දහමින් ‍පෝෂිත දහම් දිවයිනක් සේ සැලකෙන ශ්‍රී ලංකාවේම මව් රට වශයෙන් උත්පත්තිය ලැබිම අපි වාසනාවක් ලෙස සැලකිය යුතුය.

අතීත පේ‍රෟඪත්වය හා ශ්‍රී විභූතිය දැක්වෙන උරුමයන් නෂ්ඨාවශේෂව ලොවටම කියාපානව ඉතිහාසයක් අපට ඉතිරිව ඇත. ලෝකයේ අද දියුණුයි කියාපාන රටවල්වලට ඇත්තේ සමහරවිට වසර සිය ගණනකට එහා අතීතයකි. ක්‍රිස්ටෝපර් කොළම්බස් ඇමෙරිකාව සොයාගත්තේද මෑත කාලයේදීය. අපේ රජදරු

වන් කල බුදු දහම හා බැඳුන ඒ අතීත ශ්‍රී විභූතිය තොරතුරු මූලාශ්‍රවල කැටිකොට තවත් බොහෝ කල් පවතින සේ මහා ගල් පර්වත තුළ නිමවා ඇත්තේ ලෝකයා පවා මවිත කරවමිනි.
කිසිවකුට කිසි විටකත් කිසිම අයුරකින් තක්සේරු කළ නොහැකි විශ්වකර්ම නිර්මාණ ලෙසින් හැඟෙන මේ විශේෂ නිර්මාණ මහා කළුගල් මත දක්ෂ කැටයම්කරුවන් විසින් නිමවා ඇත්තේ විශේෂිත වූ ශිල්ප ඥානයත් අසීමිත හැකියාව ඇති ඉංජිනේරු ශිල්පයත් නිර්මාණාත්මක කුසලතාවයත් තාක්ෂණ ක්‍රමවේදයත් ඒවා තුළ විශ්මිත ලෙස කැටි කරමිනි.

නියම අයුරින් ඉතිහාසය උගත් අයෙක් කිසිවිටකත් ලෝකයා හමුවේ මේ රටට පුරුදුව හඬක් නොනගනු ඇත. අපේ උරුමය නිහඬව අපට කියාපාන්නේ ඒ සත්‍යයයි

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Siyapatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share