Niwanata maga sadu sadu

Niwanata maga sadu sadu සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙ?

දොහොත් මුදුන් කර සාදු කාර දෙන්න..
18/02/2023

දොහොත් මුදුන් කර සාදු කාර දෙන්න..

31/01/2023
29/01/2023

සාදු සාදු සාදු

https://youtu.be/ni1-nU5ltY0 ධර්ම දානයට එකතු වන්න
06/06/2021

https://youtu.be/ni1-nU5ltY0 ධර්ම දානයට එකතු වන්න

Srilanka welcome to my channel, get something here to your life , Basic information about Lord Buddha

සාදු සාදු සාදු.....
29/05/2021

සාදු සාදු සාදු.....

පුරා පැය 6 අකණ්ඩව ධර්මය දේසනා කල ඔබ වහන්සේට ප්‍රර්තනා කරන බොධියකින් ඉක්මන් බවයකදි නිවන් මග සැකසේවා..
29/05/2021

පුරා පැය 6 අකණ්ඩව ධර්මය දේසනා කල ඔබ වහන්සේට ප්‍රර්තනා කරන බොධියකින් ඉක්මන් බවයකදි නිවන් මග සැකසේවා..

සාදු සාදු සාදු...
29/05/2021

සාදු සාදු සාදු...

https://youtu.be/R2i0w4BD9QA ( SUBSCRIBE ) කර SHARE කර ධර්ම දානයට ඔබත් දායක වන්න..
29/05/2021

https://youtu.be/R2i0w4BD9QA ( SUBSCRIBE ) කර SHARE කර ධර්ම දානයට ඔබත් දායක වන්න..

කොරොනා ගැන galigamuwe ganadeepa thero

Subscribe කරන්න ..https://youtube.com/channel/UCGqRWoYbjV-BmRHuXN9HvDg
31/01/2021

Subscribe කරන්න ..https://youtube.com/channel/UCGqRWoYbjV-BmRHuXN9HvDg

දහම් සෙවන ධර්මය තුලින් ඔබ ඔබෙ ඡිවිතය දකින්න ( subscribe කරන්න )welcome to my channel, get something valuable thing from Load Buddha.

බුදු සරණයි අපේ හාමුදුරැවනේ..https://youtu.be/3mvJ4H_q5-8
16/04/2020

බුදු සරණයි අපේ හාමුදුරැවනේ..

https://youtu.be/3mvJ4H_q5-8

අදට ගැලෙපන පරිදි ධර්මය ඡිවිතයට ගලපා දේශනා කරන borelle Kovida thero..හිත හදන ධර්මය

ටොෆියකින් මිනිසුන් අදුරගන්නෙ කෙසේද? උතුම් ධර්මදානයට ඔබත් එක්වන්න, චැනල් එක subscribe කර share කරන්න, බුදු සරණයි...ඔබ ඇසි...
12/04/2020

ටොෆියකින් මිනිසුන් අදුරගන්නෙ කෙසේද? උතුම් ධර්මදානයට ඔබත් එක්වන්න, චැනල් එක subscribe කර share කරන්න, බුදු සරණයි...ඔබ ඇසිය යුතුම කතාවක්..

https://youtu.be/qwwV13UauxA

ආදරය ගැන අපුරැ කතාව story of love ටොෆියකින් ගැලපෙන ආදරවන්තයා සොයා ගන්න හැටි

බුද්ධ ශාසනය වෙනුවෙන් කල කැපවිම සහ ලැබෙන අනන්ත පින් බලයhttps://youtu.be/GuDtJpmBkK0
10/04/2020

බුද්ධ ශාසනය වෙනුවෙන් කල කැපවිම සහ ලැබෙන අනන්ත පින් බලය
https://youtu.be/GuDtJpmBkK0

welcome to my channel, get something here to your life , Basic information about Lord Buddha

https://youtu.be/01_Svgb3t5s ධර්මය ප්‍රචාරයට ඔබත් එකතු වන්න , හැකි සැම මොහොතක ඡිවිතයට පිනක් එකතු කරගන්න.
08/04/2020

https://youtu.be/01_Svgb3t5s ධර්මය ප්‍රචාරයට ඔබත් එකතු වන්න , හැකි සැම මොහොතක ඡිවිතයට පිනක් එකතු කරගන්න.

ධර්මය තුලින් ඡිවිතය දකින්න මෙ දුක් සසරින් ඔබත් එතෙර වන්න..

උතුම් දළදා වහන්සේලාhttps://youtu.be/O-nmqv9qZws
07/04/2020

උතුම් දළදා වහන්සේලා

https://youtu.be/O-nmqv9qZws

රැස් විහිදෙන දළදා වහන්සේලා සාදු සාදු සාදු

බුදු සරණයි...
07/04/2020

බුදු සරණයි...

සාදු..සාදු..
27/11/2019

සාදු..සාදු..

https://www.facebook.com/963874240429101/photos/a.963875663762292/1359523334197521?type=3&sfns=mo
04/11/2019

https://www.facebook.com/963874240429101/photos/a.963875663762292/1359523334197521?type=3&sfns=mo

සිත සමාධිගත කරන උතුම් ශීලය...

සුන්දර වස්සාන කාලයෙන් හරියටම අඩක් ගෙවී ගිහිල්ලා” අදත් උදෑසන භික්ෂුව” පිණ්ඩපාතයට කුටියෙන් බැහැරට වැඞීමට පෙරාතුව” මොහොතක් ඇස්දෙක පියාගෙන ආවර්ජනය කළා” මා විසින් සමාදන් වුණා වූ වස් ශීලය” මේ උදෑසන නැවත ආවර්ජනය කරමියි කියලා. භික්ෂූන් වන අපි” සෑම උදෑසනකම අප සමාදන් වූ වස් ශීලය අමතක වීමට ඉඩ නොදී ආවර්ජනය කළ යුතු වෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා” අනාගතයේ යම් දවසක සූත‍්‍රගත ධර්මයන් සහ අභිධර්මයන් අතුරුදන්ව ගියද” උතුම් විනය ධර්මයන් ජීවමානව තිබේ නම්” මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය” ජීවමානව තිබෙනවාය කියලා.

උපසම්පදා භික්ෂූන් වන අපි උතුම් ප‍්‍රාතිමෝක්‍ෂ ශීලයේ ආරක්‍ෂාව උදෙසා” සහ ශක්තිය උදෙසා කැපවෙන මොහොතක් පාසා අපි උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂකයින්ම වෙනවා.

පසුගියදා භික්ෂුව වැඩසිටින කුටියට තරුණ උපසම්පදා ස්වාමින් වහන්සේ නමක් වැඩම කළා. උන්වහන්සේ තුන්සිවුරත් පාත‍්‍රයත් දරාගෙන” දහවල් එකොළහයි තිහට පමණ කුටියට පැමිණියේ” පොලිතින් කවරයක කෙසෙල් ඇවරියකුත් දමාගෙනයි.

දෙපට සිවුර උරහිසේ දමාගෙන” පාත‍්‍රය උරහිසේ එල්ලාගෙන” කෙසෙල් ඇවරියක් පොලිතින් කවරයක දමාගෙන වැඩම කළ තරුණ භික්ෂුවගේ දර්ශනය” හරිම අවලස්සන දර්ශනයක්. උන්වහන්සේ කුටියට වැඩම කරලා. හිටගෙන සිටින ඉරියව්වෙන්ම” කෙසෙල් ගෙඩි දෙකක් වැළඳුවා. එය ඊටත් වඩා අප‍්‍රසන්න දර්ශනයක්.

මෙය සටහන් තබන භික්ෂුව” උන්වහන්සේට අවවාද කළේ” කරුණාකර ඔබවහන්සේ” තනිව කුටිවල වැඩිසිටීමට උත්සාහ කරන්නේ නැතිව වැඩිහිටි ස්වාමින් වහන්සේලා වැඩසිටින ආරණ්‍යයක නැවතිලා” විනය ඉගෙන ගන්නය කියලා. උන්වහන්සේ පෙරළා භික්ෂුවට ප‍්‍රකාශ කළේ” තමන් හුදෙකලාවයි ඉන්න කැමති කියලා. ශීලයෙන් දුර්වල හුදෙකලාව” සම්මා හුදෙකලාවක් නම් වෙන්නේ නැහැ. ශීලයෙන් දුර්වල හුදෙකලාව” මිච්ඡා හුදෙකලාවක් බවටමයි” පත්වෙන්නේ.

භික්ෂුවකගේ ශීලයෙන් ශක්තිමත් ඉන්ද්‍රිය සංවරය” ඒ කියන්නේ ශීල විශුද්ධිය” එම සුන්දර ශීල විශුද්ධිය තුළින් උපදිනා චින්ත විශුද්ධිය හෙවත් සමාධිමත් සිත තමයි” භික්ෂුවකගේ් භික්ෂුත්වය අර්ථවත් කරන සුන්දරම හැරවුම් ශේෂය වෙන්නේ. එම නිසා තරුණ උපසම්පදා ස්වාමින් වහන්සේලා කැලයේ හුදෙකලාවීමට කලබල නොවී” සිත කලබල කරන ඉන්ද්‍රිය අසංවරය” පාලනය කොටගැනීමට වැඩිහිටි ගුරු ඇසුර හෙවත් නිස සමාදන් වීම අත්‍යවශ්‍ය විනය කාරණාවක් වෙනවාය කියන කාරණය තේරුම්ගත යුතුවෙනවා.

උතුම් ශීලයට පුළුවන් සිත සමාධියෙන් දැහැන්ගත කරන්නට” පිංවත් ඔබට මේ සටහන තබන රාත‍්‍රිය” හරිම නිහඬ රාත‍්‍රියක්.” රැහැයියෙකුගේ කෑගැසීමක්වත් ඇසෙන්නේ නැහැ. කැලෑ පරිසරයම භාවනාවක දැහැන්ගත වෙලා සිටිනවා වගේමයි. ශීලයේ අර්ථයන් ගැන අබමල්රේණුවක තරම්වත් දෙයක් නොදන්න” පරිසරයේ මේ නිහඬ දැහැන්ගත වීම” මිච්ඡා දැහැන්ගත වීමක්මයි.

සතර මහා ධාතුවේ අකීකරු වායෝ ධාතුව කොයි මොහොතක හෝ පරිසරයේ සමාධිමත් දැහැන” එකම ඝෝෂාවක් බවට පත්කරාවි. එම ඝෝෂාව” බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෙකුට” ගැටීමට හේතුවක් නම් නොවේ. එය බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෙකුට අවබෝධාත්මක ධම්මානුපස්සනාවක් පමණක්මය.

භික්ෂුවකගේ හුදෙකලාව” ඝෝෂාවක් ඉදිරියේ කැඞී බිඳී යනවා නම්” එම භික්ෂුව පුහුණුකොට තිබෙන්නේ” ආර්ය හුදෙකලාවක් නම් නොවේ” එය හුදු” හුදකලාව කෙරෙහි ඇලීමත්” ඝෝෂාව කෙරෙහි ගැටීමත් පමණක්මය.

පරිසරය නිරතුරුව මතුකොටදෙන සතරමහාධාතුවේ වෙනස්වීම්” අපි නිරතුරුවම ධම්මානුපස්සනාව තුළින්මයි” මතුකොට දැකිය යුත්තේ. පරිසරය තුළ සකස්වෙන හිරු රශ්මිය” වැස්ස” පින්න” ශීතල” නිය`ග” සුළ`ග” සතරමහාධාතුවේ වෙනස්වීම් හේතුවෙන් නිරතුරුවම” එකිනෙකට වෙනස් ප‍්‍රතිචාරයන් දක්වනවා.

යම් වෙනස්වීමක් සකස්වෙන තැන” එම වෙනස්වීම කෙරෙහි” අපි ඇලිම් හෝ ගැටීම් ඇතිකොට ගතහොත්” ඒ ඇලීම් සහ ගැටීමුත් වෙනස්වන ස්වභාවයෙන්ම යුක්තබව තෙරුම්ගත යුතු වෙනවා. සතරමහාධාතුවේ කෙටි ආශ්වාදයත්” සතර මහා ධාතුවේ දීර්ඝ ආදීනවයත්” නුවණින් දකින පිංවතා” සතර මහා ධාතුවේ නිස්සරණය මතුකොට ගන්නේ මේ සියලූ ධර්මතාවන්ගේ අනිත්‍යභාවය මතුකොට දකින” ධම්මානුපස්සනාවෙන්මයි.

යම් භික්ෂුවක් දක්‍ෂ නම් සෞම්‍ය රාත‍්‍රි සඳ කිරණ යනු” තේජෝ ධාතුවේ ආශ්වාදය වශයෙන් දකිමින්” එම තේජෝ ධාතුවේ ආශ්වාදය නමැති ධර්මතාව අනිත්‍ය බව දකින්න” පිංවත් ඔබ ඒ මොහොතේ සිටින්නේ සුන්දර ධම්මානුපස්සනාව තුළයි.

maharahath2පිංවත් ඔබ තුළ මහ දහවල්” දහදිය වැගිරෙන තද හිරු රශ්මිය යනු” තේජෝ ධාතුවේ ආදීනවය බව දකිමින්” තද අව් රස්නය හේතුවෙන්” ගැටෙන තම සිත” අනිත්‍යවූ පංචඋපාදානස්කන්ධයක් වශයෙන් දකින්න. පිංවත් ඔබ අසහනකාරී දහවලක” සුන්දර ධම්මානුපස්සනාව තුළ නැවතී සිටින පිංවතෙක් වනු ඇත.

මෙය සටහන් තබන භික්ෂුව මොහොතක් නාසයෙන්” ඉහළට ගන්නා ආශ්වාසයට සිත යොමුකරමින්” එම ආශ්වාසය නැවත නාසයෙන් පිටකරන මොහොතේ” ආශ්වාස ප‍්‍රාශ්වාස කයේ අනිත්‍යභාවය දකිමින්” වර්තමානයේ සුන්දර ධම්මානුපස්සනාව තුළයි වැඩ සිටින්නේ.

උතුම් ධම්මානුපස්සනාවෙන් මිදුණ සිත නිරතුරුවම විඳීම් සොයාගෙන” රූප පසුපස්සේ අයාලේම යනවා. බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනාවෙන් බැහැරව අයාලේ යන සිත” උපමා කරන්නේ” අත්තෙන් අත්තට පනින වඳුරෙකුටයි. මේ වඳුරා තෘෂ්ණාවේ ආහාරයෙන්” විඳීම්” හඳුනා ගැනීම් චේතනාවන්” දැනීම්” නමැති අතු පතර සිත්සේ දුව පැන ඇවිදිනවා. උපාදානය නමැති ගසෙන්” භවය නමැති ගසට” අවසානයේ පනින මේ වඳුරා” පටිච්චසමුප්පන්නව දුක සහ සැප ඉදිරියේ සත්ත්වයා තිරිහන් කරනවා.

අගෝස්තු මාසයේ මේ ප‍්‍රදේශයට බලාපොරොත්තු රහිතව” ඇදවැටුණු මහ වැස්සෙන් මළානිකව තිබූ ගහකොළ ආයෙමත්” ළා කොළ පැහැයෙන් දලූ දමලා. කුටිය අවට වනපෙත මගේ කොටගෙන තෘෂ්ණාවෙන් උපාදානය කොටගෙන සිටින වඳුරු රංචුව” නැවුම් දලූ කොළවලට වහවැටිලා මේ දවස්වල ඉන්නේ හරිම ප‍්‍රබෝධයෙන්. මේ වඳුරු රංචුව දන්නවා නම්” මනුෂ්‍ය අපිත් ඵස්සය තෘෂ්ණාවෙන් තෙත්කරත්දී අපේ පංචඋපාදානස්කන්ධයේ හැසිරීමත්” වඳුරෙක්ගේ අත්තෙන් අත්තට පැනීම වගේමයි කියලා වඳුරන්ටත් ආඩම්බරයක් ඇතිවේවි.

සුන්දර මනුෂ්‍යයින් වන අපි” ගස්වල” දලූ කොළ” සහ පල” රසට පිසලා ප‍්‍රනීතව ආහාරයට ගනිත්දි” වඳුරු රංචුව ගස්වල” දලූ” කොළ” මල්” අමු අමුවේම” තිත්ත” කර්කශ” රසයට ආහාරයට ගන්නේ” හේතුඵල ධර්මයන් නිසාමය.

ධර්මානුකූලව සංස්කාරයන් විපාක දෙන්නේ පුදුමාකාර සාධාරණ ක‍්‍රමවේදයකටය. භික්ෂුවට මතකයි” වරක් දැඩි ලෙස අසාධ්‍යව සිටි පිළිකා රෝගී පිංවතෙක් බලන්නට ගිය අවස්ථාවේදී” එම රෝගී පිංවතා” තමන් ඉදිරියේ තිබූ මිල අධික කිරිපිටි වර්ග සහ ආහාරවලින් පිරුණු අල්මාරිය පෙන්වා භික්ෂුවට” වචන ගොත ගසමින් කියනවා. ‘‘මේ මොන ආහාර පාන තිබුණත් මට මේවායින් දැන් ශත පහකවත් වැඩක් නැහැ. ඇල්වතුර පොදක්වත් මගේ උගුරෙන් පහළට යන්නේ නැහැ..ය කියලා.

ඉහත රෝගී පිංවතා එම කතාව කියකොට භික්ෂුව හොඳටෝම දන්නවා” එම පිංවතා භික්ෂුව ඉදිරියේ මේ සිදු කරන්නේ” ධර්මයේ පාපොච්චාරණයක්ය කියලා. සංසාරයේ ද්වේශයෙන් සිදු කොටගත් ශිල්පද බිඳීම්” මේ පිංවතාට සුවසේ විපාකයන් ලබාදෙනවා.

අහිංසක රෝගී පිංවතුන්ලා” ඒ වගේමයි” ආර්ථික ප‍්‍රශ්නවලින් පීඩිත අහිංසක පිංවතුන්ලා අපි ළ`ගට ඇවිල්ලා ගොඩාක් දුක්ගැනවිලි කියා සිටිනවා. එවැනි පිංවතුන්ලාගේ සතුටකින් තොර” දුකේ කතාවන් නිහඬව අසා සිටීම පමණක්මයි අපිට ඉතිරිවෙලා තිබෙන්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා” දැඩි මසුරු සිතින්” තමන් දන් නොදෙන” දන් පූජාකරන අනුන්ව වළක්වන” මසුරු පුද්ගලයා” සතර අපායට වැටෙනවාය කියලා.

මෙවැනි මසුරු පුද්ගලයින්” ඊළ`ග ජීවිතයේදී මනුෂ්‍ය කුලයක ඉපදුණොත්” ධනය සහ කාමසම්පත් දුකසේ ලබන” දිළිඳු කුලයක උපත ලබනවාය කියලා. ඔවුන් යමක් බලාපොරොත්තු වෙයිද” ඒවා ඉටු නොවේය කියලා. ඉහත ධර්මයට අදාළව” කාම සම්පත්”

නිරෝගිභාවයන් ලබන්නට අපි පසුපස ඊට අදාළ සංස්කාරයන් දුර්වලනම් අපි කෙසේ සැප ලබන්නද?

අපි හැමෝම සැපයට කැමැතියි. මහත් බලය ඇති” මහත් ධනය ඇති” පිංවතුන්ද කාම සම්පත්වලින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. සම්මා දිට්ඨියෙන් පෝෂණය වුණා වූ” ශීලයෙන් ආරක්‍ෂාකාරීවුණා වූ” සුන්දර සම්මා වායාමයන් සැපය උදෙසා පිංවත් ඔබේ ජීවිතයට එකතුකොට ගන්නය කියලා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා” යම් භික්ෂුවක් තුළ ඉවසීමද” අවබෝධයද” ඤාණයන්ද” යන මේ ධර්මයෝ ඇතිද” එවැනි නුවණැති” ඔහු” කුලවතෙක් වුවද” හීන කුලයක වුවද සිව්පසයෙන් පිදීමට සුදුසුය කියලා.

එවැනි උතුමන් උදෙසා” සිත්කලූ අසපු කරවන්න” ආරණ්‍යය” පැන්පොකුණ” සක්මන් මළු කරවන්න” ආහාර ද” පැන් ද” කැවිලි ද ගිලන්පස ද දන් දෙන්නය කියලා.

සැදැහැවත් උවසු උවැසියන් ආහාර පිළියෙල කොට” නිරතුරුව දාන ශාලාවේ” දෙව දෙව යැයිම හඬ නඟනවා. ඒ පින් දහර දන්

දෙන්නහුගේ ජීවිතය වර්ණය සැපය” බලයෙන් තෙමාලනවා යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබ ලෝභ සිත් ද්වේශ සිත්” මෝහ සිත් දුර්වල කොටගෙනමයි” දන් පූජාකොට ගත යුත්තේ.

පිංවත් ඔබගේ දානමය චේතනාව” ලෝභ” ද්වේශ” මෝහ” ධර්මයන්ගෙන් කිළිටි වෙනවා නම්” අකුසල් මූලයන්ගෙන් පෝෂණය වූ” එවැනි දානයක් විපාකයට එන්නේ සංසාරයේ තමන් පෙනි පෙනී මිල අධික ප‍්‍රනීත ආහාර පාන තිබුණත් ඒවා පරිහරණය කරන්න බැරි රෝගීභාවයන්ට පත්වෙලාමයි” එසේත් නැත්නම් අමු අමුවේම” දලූ කොළ” පල බුදින වඳුරන් වැනි සතුන් බවට පත්වෙලාමයි.

මෙය සටහන් තබන භික්ෂුව මොහොතක්” ඇස්දෙක පියාගෙන දකිනවා” අපි මේ අත්දකින සැප සහ දුක් කවුද අපිට දෙන්නේ කියලා.

භික්ෂුව ළමා කාලයේදී සිතුවේ” මේ සැප සහ දුක් මට දෙන්නේ” මගේ දෙමාපියන්ය කියලා. තරුණ කාලයේදී භික්ෂුව සිතුවා” මේ සැප සහ දුක් මට දෙන්නේ” රට කරවන රජය විසින්ය කියලා.

දැන්නම් භික්ෂුව හොඳටෝම දන්නවා. සැප සහ දුක් කවුද අපිට දෙන්නේ කියන තැනදීම අපි ධර්මයේ දෘෂ්ටියකට වැටෙනවාය කියලා. එම දෘෂ්ටිය පුද්ගල සංඥාවට බැසගත් ආත්මීය දෘෂ්ටියක්.

පිංවත් ඔබ” ඔබ ඉදිරියේ දිගහැරෙන සැප සහ දුක් වේදනාවන් පටිච්චසමුපන්නව දකින්න. අවිද්‍යාව ප‍්‍රත්‍යයෙන් සකස්වෙන පස්සය” තෘෂ්ණාවෙන් තෙත් කිරීමේ ඵලයයි” සැප සහ දුක කියන්නේ.

මෙම සටහන කියවන පිංවත් ඔබ” මොහොතක් පත්තර පිටුවෙන් සිත මෑත්කොට නුවනින් දකින්න” මොහොතේ මොහොතේ ඔබතුළ සකස්වෙන්නේ” සැප හෝ දුක් වේදනාවක්නම්” එම විඳීම ඔබට කවුරුවත් දුන්න දෙයක් නොවේ. එම වේදනාව” ඵස්සය තෘෂ්ණාවෙන් තෙත්කිරීමේ හේතුඵල ධර්මයන්මය.

උතුම් සද්ධර්මයක් පරිශීලනය කරමින් වුවද” පිංවත් ඔබ” මේ මොහොතේ පසුවන්නේ” සැප හෝ දුක් වේදනාවක් තුළනම්” පිංවත් ඔබ වර්තමානයේ ජීවත්වෙන්නේ” මිථ්‍යා ප‍්‍රතිපදාවක් තුළ යැයි” බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

අවිද්‍යාව හෙවත් දුකේ බීජය” ඵස්සය නමැති තෙත් පොළවේ සකී‍්‍රයව තිබෙන තාක්කල්” සැප” දුක් සහ උපේක්‍ෂාවේ වල් පැළෑටි” නැවත නැවත අපි උපද්දවනවා. එම නිසා පිංවත් ඔබ දක්‍ෂ විය යුතුයි” සංස්කාරයන් සකස්කොට දෙන මිථ්‍ය ප‍්‍රතිපදාවෙන් මිදී” ධර්මයේ උපේක්‍ෂාව ඔබ තුළ ඇතිකොටගෙන” සම්‍යක් ප‍්‍රතිපදාව ජීවිතයට එකතුකොට ගන්න.

දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප‍්‍රශ්නයක් විමසනවා. භාග්‍යවතුන්වහන්ස” මේ ලෝකයේ කවුරුන්ද” සැප” දුක්” උපේක්‍ෂා” විඳීම් කෙරෙහි උත්සාහ රහිතව” ජීවත් වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. විඳීම් කෙරෙහි උත්සාහ රහිතව වාසය කරන්නේ” රහතන්වහන්සේලා පමණක්මය කියලා.

රහතන් වහන්සේ නමක් තුළ” තමන් උතුම් රහත්ඵලයට පත්වීමට පෙර රහත්ඵලය පිළිබඳව යම් ඡුන්දයක් තිබුණාද” රහත්ඵලයට පත් වූ කල්හි එම ඡුන්දය සංසිඳී යනවා.

රහතන්වහන්සේ නමක් තුළ තමන් උතුම් රහත්ඵලයට පත්වීමට පෙර” උතුම් රහත්ඵලය පිළිබඳව යම් වීර්යයක් තිබුණාද උතුම් රහත්ඵලයට පත් වූ කල්හි එම වීර්යය සංසිඳී යනවා.

රහතන් වහන්සේ නමක් තුළ තමන් උතුම් රහත්ඵලයට පත්වීමට පෙර” උතුම් රහත්ඵලය පිළිබඳව යම් අධිෂ්ඨානයක්” චින්තනයක් තිබුණාද” උතුම් රහත්ඵලයට පත් වූ කල්හි” එම චින්තනය සංසිඳීයනවා.

රහතන් වහන්සේ නමක් තුළ තමන් උතුම් රහත්ඵලයට පත්වීමට පෙර උතුම් රහත්ඵලය පිළිබඳව යම් විමංසාවක් තිබුණාද උතුම් රහත්ඵලයට පත් වූ කල්හි එම විමංසාවද සංසිඳීයනවා. මෙසේ ඇති කල්හි” එම උත්තමයෝ ඒකාන්තයෙන්ම ශාන්ත වූවෙක්. වෙන්නේය කියලා” බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේලා තුළින් ඇලීම් ගැටීම්” උපේක්‍ෂාවෝ ද සංසිඳී යනවා...

ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න...
තෙරුවන් සරණයි

සියළුම ලිපි සඳහා පිවිසෙන්න: www.maharahathunwadimagaosse.org

31/10/2019

තෙරැවන් සරණයි..

Address

Colombo

Website

https://youtube.com/@banadhahamsewana9272?si=EnSIkaIECMiOmarE

Alerts

Be the first to know and let us send you an email when Niwanata maga sadu sadu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category