The Thoughts

The Thoughts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Thoughts, Magazine, Colombo.

The page consists of relaxation video, intrumental music, motivational video, simple living techniques, emotional video , attitude change, right thinking ideas, minimalism, loving and kindness articles etc....RELAX to REFRESH to RENEW

02/12/2023
රාජ අම්ලය (ROYAL WATER)රාජ අම්ලය (Aqua regia) යනු නයිට්‍රික් අම්ලය (HNO3) හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය(HCl) මවුලික අනුපාතය ...
12/10/2023

රාජ අම්ලය (ROYAL WATER)

රාජ අම්ලය (Aqua regia) යනු නයිට්‍රික් අම්ලය (HNO3) හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය(HCl) මවුලික අනුපාතය 1:3 මිශ්‍රණයෙන් සාදා ගන්නා ද්‍රවයකි. කහ පැහැයට හුරු තැඹිලි පැහැයකින් යුතු මෙම ද්‍රවය සමහර උච්ච ලෝහ(Noble metal) එනම් රත්තරං(Au) ,ප්ලැටිනම්(Pt) වැනි ලෝහ පවා දිය කිරීමට සමත් වෙනවා.
ලක්ෂ 21 වටිනා මේ රන් බිස්කට් එක රාජ අම්ලයෙහි දියවීම නරඹන්න.
Video ව නරඹන්න.

11/09/2023

Unlimited Feeling Platform The Thoughts

07/07/2023

වචන අසමත් තැන සංගීතය කතා කරනවා. මේ මගේ අසමත් වචන...
අම්මා ගැන.....

හැම පුතෙකුටම, දුවෙකුටම අම්මා කියන්නේ මහමෙරක්.....

නොයෙක් කරදර මැද.....
හදවතින් සිනාසෙන.....
අකුරු තුන.....
අ.....ම්......මා.....

ඔබ මෙලොව උපදින්නටත් පෙරසිට ඔබව ආදරයෙන් රැක බලාගත්ත කෙනෙක් ඉන්නවා නම් ඒ අම්මා විතරයි.....

නමුත් අම්මා තමන්ව මෙලොවින් දාලා යන දවසක් අනිවාර්යයෙන් එනවා . . ..
ඒක හැම දුවෙකුටම පුතෙකුටම අත්වින්න වෙන සංවේදනීයම අත්දැකීමක්.....

අන්න එදා මට අම්මා ගැන හිතුන සංවේදනය වචන පෙලකින් ගීයකට හැරවුනු මගේ කථාවයි මේ....

අම්මා නැතිවෙන මොහොතේ ගොඩාක් දෙනෙකුට ලග ඉන්නට ලැබෙන් නෑ. සමහර අය පිටරට, සමහරු රැකියාවට ගිහින්, සමහරු දුර පලාත්වල....

ඉතින් මගේ කතාවේ, අම්මා රෝහල් ගතව හොදින් කතා කර කර මගේ අත අල්ලන් ඉදල එක පාරටම මෙලොව හැරයන මොහොතේ පුතෙක් විදිහට මට කලුළු කැට අතරින් හිත හදාගන්න උත්සාහා කරපු සංවේදී මොහොතක් උනා.

මල ගෙදර ආව අය ගෙදරින් ගියාම
ආපු සහෝදර සහෝදරියෝ නෑදෑයෝ හිත සනසලා යන්න ගියාම
මළ ගෙදර ගහපු හට් ගලෝපුවාම . . .
තාත්තා විතරක් ගෙදර තනිවෙද්දී . . . . 😔
ඇය හිටිය කාමරේ නැවත පෙනෙද්දී....
දැනුනු පාලුව කියාගන්න බෑ.....

හත් දවසේ පිංකමත් ඉවර වෙලා පහුවදා නැවත රැකියාවට යන්න කලින් මහගෙදර බලාගෙන ඉන්නේ තාත්තා විතරයි. වෙනදා පුටුවේ වාඩිවෙලා කොන්දත් නමාගෙන බලාහෙන ඉන්න අම්මා නෑ.....

ආයෙත් අම්මගේ වියෝවෙන් හිත උනූ උනා. එහෙන්මම ගිහින් දුම්රියට ගොඩ උනා වැඩට යන්න.

ඒත් අර මතකය ආයේ හිතේ රැව් දෙන්න ගන්නවා....මාස්ක් එක නිසා කදුලක් එලියට එබිලා බැලුවත් එය පිටතට ලොකුවට පෙන්නේ නෑ.

ඉතින් ඒ දැනුනු දුක වහහන්න phone එකේ notebook එක අරන් මේ පද පේලී ටික හෙමින් හෙමින් ගලපන්න හිතුවා. අන්තිමට කොටුවට ලගාවෙනකොටම හංගතත්තු කදුලු අතරින් මේ පදපේලී ටික ගෙතුනා.

Office එකට ඇවිත් මං ආසම කරන හඩකට කතා කරා ......ඒ "හර්ෂන දිසානායක" නැත්නම් විශාරද හර්ශන දිසානායක. නැත්නම් දියබෙරලිය දලු, හීන පේන හැම රෑකම..... ඒ සුපහන් හඩට මන් ගොඩක් ප්‍රේම කරනවා.

එතුමා බොහොම කැමැත්තෙන් ඒ ආරාධනය භාරගත්තා. පුන්චි පුන්චි වෙනස් කම් කිහිපයක් සමගින් මේ සිංදුව ඉවර වෙනකල් එතුමාත් මොහොම කැපවීමෙන් මේ සිංදුවේ ඉතුරු වැඩ ටික කලා.
ඒක ඔහුට අත් දැකීමක් නොවුනත් ඒ සිංදුව මෙලොව වෙසෙන ඕනීම දරුවෙකුටම අත් විදින්නට සිදුවන දෙයක් නිසා ඒ සිංදුවට ආසා කලා.

Sage Studioz - සේජ් හී නාද සංයෝජනය හා වාදන ශිල්පී සොයුරන් සියලු දෙනාටත් ශබ්දපරිපාලන හා පටිගතකිරීම සදහා සහොයෝගය දුන් සැමත් මේ ගීතය ගීතවත් කරන්න දායක උනා. සියළුදෙනාටම කෘතවේදීත්වය මේ අවස්ථවේ මා පළකරනවා.

අපි මොන තරම් උස්මහත් දරදඩු අහිංසක, නපුරු, සුදු ,කලු, බලවත්, පෝසත්, විධායක චරිත උනත් මෙලොවට බිහිකරපු අම්මා අබියස අපි තාම පොඩිඑවුන්.

ඔබේ අම්මා තවමත් ජීවතුන් අතරනම් තව තවත් ඇයට ප්‍රේම කරන්න ආදරයෙන් රැක බලාගන්න. අම්මා මෙලොව හැරගිහින් නම් ආයේ පොඩ්ඩක් මේ සිංදුව අහල බලන්න.

හිතට දැනුනු සත්‍ය හැගිමක්.......

නුඹේ දෑතේ උනුසුමත් මට
අහිමි වුනු යහනේ......
කදුළු එක්කම නුඹෙ සුසුම් පොද
සැගව ගිය රහසේ.....

ගිනි ගැනෙන මේ නුඹේ චිතකය...
ඇවිලි ඇවිලී....බිම සිඹින සද....
සුරන් ඇවිදින්....නුඹව අරගෙන...
යනු දුටිමි ....තනියේ.....

නුඹේ දෑසේ....

අදුර ඉකිළන ගොම්මනේ....
එනතුරා මා සෙනෙහසින්..........
අදත් හවසට ..ගෙදර එනකොට...
ඉන්නවද....අම්මේ.....
අදත් හවසට... ගෙදර එනකොට...
ඉන්නවද ...අම්මේ....

ගායනය : විශාරද හර්ශණ දිසානායක
සංගීතය : විශාරද හර්ශණ දිසානායක
ගේය පද : ඉන්දික සෙණරත් බණ්ඩාර

ඉන්දික සෙණරත් බණ්ඩාර.
https://youtu.be/RRCOfHuCu34

My mother is a never ending song in my heart of comfort, happiness and being. I may sometimes forget the words but I alw...
01/07/2023

My mother is a never ending song in my heart of comfort, happiness and being. I may sometimes forget the words but I always remember the tune.

Lyrics
[Admin : GOLDCeylon]
Artist & Music

Artist - Harshana DissanayakeLyrics - Indika BandaraMelody & Music - Harshana Dissanayakeනුඹෙ‘ දෑතේ උණුසුමත් මටඅහිමිවුන යහනේකඳුළු එක්කම නුඹෙ සුසුම් පොදසැඟව ග...

23/06/2023

ඉතින් අවසර දමා යන්නට - හන්තාන කුමරී.......

ඇහැල තුරු පෙළ මල් වරන විට - පයට පියවිලි දී විඩාබර නෙත් පෙඟෙයි පෙරදින - මතක රොන් තැවරී දයාබර මල් පොකුර ගිලිහී - දසත විසිරෙද්දී අවසරයි නටුවෙන් හැලෙන්නට - කැකුළකට ඉඩ දී .......

මේ පේරාදෙණිය සරසවි කුමරියගෙන් නික්ම යන්නට පෙරාතුව දැනෙන හැගීම් ගීයකට මුසු වී ඇති අපුරුව.
Lyrics - Madhawa Waidyaratna
Music - Nawarathna Gamage
Vocal - Dayan Vitharana

පේරාදෙණිය සරසවියේ ඉගෙන ගන්න, ගත් ඔබව නම් මේ ගීතය හැගිම්බර නොකලොත් එය පුදුමයක්...

02/11/2022

@සෙන්කඩගල අඩවන්න එපා😥.
වැදුන සිංදුවක්.....
Amith G Arachchi දැනෙන්න ඇඩෙන්න වයන්නා...හරිම රහයි මල්ලී......
Song: Senkadagala Nuwarata
Vocals: Dinesh Gamage www.dineshgamage.com
Music: Gayan Randy - ගයාන් රැන්ඩි perera / Dinesh gamage
Lyrics:
Shalani Tharaka

22/09/2022

"When the sun has set, no candle can replace it'


මහමෙරක් ....අකුරු තුනක්....වචන අසමත් තැන සංගීතය කතා කරනවා. අම්මා ගැන අසමත් වචන...සම්පුර්ණ වීඩියෝව https://youtu.be/RRCOf...
19/09/2022

මහමෙරක් ....
අකුරු තුනක්....

වචන අසමත් තැන සංගීතය කතා කරනවා. අම්මා ගැන අසමත් වචන...
සම්පුර්ණ වීඩියෝව https://youtu.be/RRCOfHuCu34
Harshana Dissanayake

Artist - Harshana DissanayakeLyrics - Indika BandaraMelody & Music - Harshana Dissanayakeනුඹෙ‘ දෑතේ උණුසුමත් මටඅහිමිවුන යහනේකඳුළු එක්කම නුඹෙ සුසුම් පොදසැඟව ග...

31/08/2022

16/08/2022

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when The Thoughts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Thoughts:

Videos

Share

Category