MOHA MEDIA UNIT

MOHA MEDIA UNIT State Ministry of National Security, Home Affairs and Disaster Management - Media Unit

රාජ්‍ය සේවයට නව ග්‍රාම නිලධාරී 1942 ක්.ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියට බඳවා ගැනීමට අදාල පත්වීම් ප්‍රධානය අද දින අරලියගහ මන...
08/05/2024

රාජ්‍ය සේවයට නව ග්‍රාම නිලධාරී 1942 ක්.

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියට බඳවා ගැනීමට අදාල පත්වීම් ප්‍රධානය අද දින අරලියගහ මන්දිරයේ දී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය.

ග්‍රාම නිලධාරී විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත ත්‍රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 1942 දෙදෙනෙකු සඳහා මෙලෙස පත්වීම් ලබා දෙනු ලැබුවා.

26/03/2024
අනුරාධපුර දිස්ත්‍රික් ආහාර සුරක්ෂිත ප්‍රගති සමාලෝචන රැස්වීම අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන,  ස්වදේශ කටයුතු,  පළාත් සභා හ...
02/11/2023

අනුරාධපුර දිස්ත්‍රික් ආහාර සුරක්ෂිත ප්‍රගති සමාලෝචන රැස්වීම අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.10.31 දින උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, කේ. පී. එස්. කුමාරසිරි,යදාමිණි ගුණවර්ධන, කේ.එච්. චන්ද්‍රසේන, රෝහණ බණ්ඩාර විජේසුන්දර යන මහත්වරුන් මෙන්ම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, උතුරු පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් එම්.ජේ.කේ ජයසුන්දර, ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරින් ඇතුළු උතුරු මැද පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අයත් කැළණිය වෙදමුල්ල ප්‍රදේශයෙන් පිහිටි  නිවාඩු නිකේතනයට අයත් භූමිය ඵලදායි කාර්යයක් සඳහා...
10/02/2023

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අයත් කැළණිය වෙදමුල්ල ප්‍රදේශයෙන් පිහිටි නිවාඩු නිකේතනයට අයත් භූමිය ඵලදායි කාර්යයක් සඳහා යොදාගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් 2023.02.08 දින ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මේ පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කමිටුවක් පත් කරන ලදී. එම කමිටුවේ සාමාජිකයින් වන්නේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥය සිසිර ජයකොඩි යන මහත්වරුන්.

ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අයත් කැලණිය වෙදමුල්ලේහි පිහිටියේ මෙම භූමියේ කොටසක් ලබා දෙන ලෙස මීට පෙර ඉල්ලීමක් කර තිබිණි.

මෙම සාකච්ඡාවේදී ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ ප්‍රයෝජනයක් නොගන්නා රාජ්‍ය දේපළ ඵලදායි කාර්යයක් සඳහා යොදා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙහිදී ප්‍රකාශ කළේ ඊට අදාළ යෝජනාවක් ඇතුළත් වාර්තාවක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලෙසයි.

මෙම අවස්ථාව සඳහා දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යය ජානක වක්කුඹුර යන මහත්වරු මෙන්ම රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන රංජිත් අශෝක, එම්.එල් ගම්මන්පිල, දේශීය වෛද්‍ය අමාත්‍ය අතිරේක ලේකම් චන්දන ජයතිලක, ආයුර්වේද කොමසාරිස් ධම්මික ගුණවර්ධන , විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඩී.එම්. පී ජයවර්ධන යන මහත්වරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියේය.

" නමෝ නමෝ මතා - සියවසට පියවරක් "   අභිමානවත් 75 වන නිදහස් සැමරුම
05/02/2023

" නමෝ නමෝ මතා - සියවසට පියවරක් "
අභිමානවත් 75 වන නිදහස් සැමරුම

වන සතුන්ගෙන් සිදුවන වගා හානි සහ පසු අස්වනු හානි වලක්වා ගැනීම සදහා කඩිනම් වැඩසටහනක්නියමු ව්‍යාපෘතිය පුත්තලම දිස්ත්‍රික්කය...
01/02/2023

වන සතුන්ගෙන් සිදුවන වගා හානි සහ පසු අස්වනු හානි වලක්වා ගැනීම සදහා කඩිනම් වැඩසටහනක්

නියමු ව්‍යාපෘතිය පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඇරඹේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ වන අලි ගැටලුව විසඳීමට සහ පසු අස්වනු හානි වළක්වා ගැනීම සදහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුලත් සැලැස්මක් කඩිනමින් නිර්මාණය කරන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා වනජීවී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

පසු අස්වනු හානිය වලක්වා ගැනීමට අදාළව අමාත්‍යාංශ කිහිපයක රාජ්‍ය නිලධාරීන් සමග ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ 2023.02.01 දින සාකච්ඡාවක් පැවැත්වුනා.

දිවයින පුරා වන සතුන් හේතුවෙන් සිදුවන පසු අස්වනු හානි ඉතා ඉහළ මට්ටමක පවතින බවට සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ඒ හේතුවෙන් ගොවි ජනතාව හා ග්‍රාමීය ජනතාව කෘෂිකාර්මික, ආර්ථික හා සමාජීය වශයෙන් ගැටළු රැසකට මුහුණ පා ඇති බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙහිදී කියා සිටියේය.
මෙම කඩිනම් වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේන් ඇරඹීමට තීරණය විය.

විශේෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලම ආරච්චිකට්ටුව, මහකුඹුක්කඩවල යන ප්‍රාදේශී ලේකම් කාර්යාලවල සිටින ගොවිජනතාවගේ වගා හානි සිදුකරන වන අලින් ඉවත් කිරීමට මෙහිදී තීරණයවිය.

මෙම සාකච්ඡාව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආනන්ද වන්නිනායක , පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච් එම් එස් පී හේරත් , වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ආණමඩුව, වනාතවිල්ලුව , නවගත්තේගම, පල්ලම , කරුවලගස්වැව, මහකුඹුක්කඩවල, ආරච්චිකට්ටුව යන ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ක සිටියේය.

අලුත් ගමක්, අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන- සම්බන්ධයෙන්  දිස්ත්‍රීක් ලේකම්වරුන් දැනුවත් කිරීමේ   ස...
17/01/2023

අලුත් ගමක්, අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන- සම්බන්ධයෙන් දිස්ත්‍රීක් ලේකම්වරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රධාත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විය.රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර,‍ ෂෙහාන් සේමසිංහ, සිසිර ජයකොඩි, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති උපදේශක ආචාර්ය සූරේන් බටගොඩ යන මහත්තුරු මෙන්ම දිස්ත්‍රීක් ලේකම්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

#ස්වදේශකටයුතුඅමාත්‍යංශය

රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස වසන්ත ගුණරත්න මහතා පත්වෙයි.
17/01/2023

රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස වසන්ත ගුණරත්න මහතා පත්වෙයි.

75 වන ජාතික නිදහස් උත්සවය " නමෝ නමෝ මාතා සියවසකට පියවරක් " යන තේමාව යටතේ  අභිමානවත්  අයුරින්   පැවැත්වීමට රජය  තීරණය කර ...
17/01/2023

75 වන ජාතික නිදහස් උත්සවය " නමෝ නමෝ මාතා සියවසකට පියවරක් " යන තේමාව යටතේ අභිමානවත් අයුරින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

මෙවර ජාතික නිදහස් උත්සවය සම්බන්ධයෙන් 2023.01.03 (අද ) දින පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමක් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙවර 75 වන නිදහස් උත්සවයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව මුද්දර දෙකක් නිකුත් කිරීමටත්, රුපියල් 1000 ක් වටිනාකමින් යුත් කාසි 75 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කිරීමට නියමිතයි.
ප්‍රධාන උත්සවයට අමතරව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් විවිධ සංස්කෘතික අංග ඇතුළත් වැඩසටහන් පැවැත්වේ.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් පෙබරවාරි 04 දින ජාතික නිදහස් උත්සවය මෙවර ගාලු මුවදොර අභියස දී පැවැත්විමට නියමිතයි .

මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න , ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන කේ ජී ධර්මතිලක, ආනන්ද වන්නිනායක, වරුණ ශ්‍රී ධනපාල, ධම්මික මුතුගල යන මහත්වරුන්, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්, මෙන්ම ත්‍රිවිධ හමුදාවේ අංශ ප්‍රධානීන්, අමාත්‍යාංශ කිහිපයක රාජ්‍ය නිළධාරීන් රැසක් එක්ව සිටියේය.

#ජාතිකනිදහස්දිනය #75නිදහස්දිනසමැරුම

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,  පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා රාජකාරී ආරම්භ කිරිම...
04/01/2023

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා රාජකාරී ආරම්භ කිරිමෙන් අනතුරුව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයට පැමිණියා.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට නීල් බණ්ඩාර හපුහින්න මහතා පත් කර තිබේ.
04/01/2023

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට නීල් බණ්ඩාර හපුහින්න මහතා පත් කර තිබේ.

මෙවර ජාතික නිදහස් උත්සවය සම්බන්ධයෙන්  ප්‍රගති සමාලෝචන රැස්වීමක් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධ...
03/01/2023

මෙවර ජාතික නිදහස් උත්සවය සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න , ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන කේ ජී ධර්මතිලක,ප්‍රභාත් අබේවර්ධන ,ආනන්ද වන්නිනායක, වරුණ ශ්‍රී ධනපාල, ධම්මික මුතුගල යන මහත්වරුන්, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්, මෙන්ම ත්‍රිවිධ හමුදාවේ අංශ ප්‍රධානීන්, අමාත්‍යාංශ කිහිපයක නිළධාරීන් එක්ව සිටියා.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් නව වසරේ  වැඩ ආරම්භ කිරීම සහ ප්‍රතිඥා දීම සිදුවිය
03/01/2023

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් නව වසරේ වැඩ ආරම්භ කිරීම සහ ප්‍රතිඥා දීම සිදුවිය

25/12/2022

.🔔 The bells are jingling. ...

Address

"Nila Medura", Elvitigala Mawatha, Narahenpita, Colombo 05
Colombo
00500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94113697784

Alerts

Be the first to know and let us send you an email when MOHA MEDIA UNIT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MOHA MEDIA UNIT:

Videos

Share

Nearby media companies


Other News & Media Websites in Colombo

Show All