Ayukthiya

Ayukthiya යුක්තිය, සාධාරණය සදහා වූ අන්තර්ජා‍‍‍?
(2)

01/11/2022
01/11/2022

බෝගම්බර ප්‍රධාන බස් නැවතුම්පල මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය මගින් පාලනය කරනු ලබන නවීන තාක්ෂණයෙන් සපිරි බස් නැවතුම්පොලකි. එහෙත් අද වන විට මෙම බස් නැවතුම්පොලේ වංචා හා දූෂණ, සොරකම් බහුලව සිදුවෙමින් පවතී. සීසීටීවී පද්ධතියත් අක්‍රීය වී ඇත.

බස් නැවතුම්පොලේ දවල් කාලෙට මෙන්ම රාත්‍රී කාලයේදීත් නොයෙකුත් අක්‍රමිකතා, වංචා හා දූෂණ,සොරකම් දිගින් දිගටම සිදුවන බව ඔක්තෝම්බර් මස 4 වැනි දින දිනමිණ පුවත්පත වාර්තා කර තිබිණි. පහුගිය කාලය තුළ ලැප්ටොප් පරිගණක දහ අටක් පමණ මෙලෙස සොරකම් කර ඇති බව එම පුවත්පත වාර්තා කරයි. ඒවගේම මෙම නැැවතුම්පලේ සිදුවෙන දූෂණ සම්බන්ධව මහනුවර පොලිසියට පැමිණිලි රාශියක් ලැබී ඇති බව වැඩිදුරටත් එහි සඳහන් කර ඇත.

මෙම පුවත් පළ වීමත් සමග ප්‍රධාන ලේකම් තුමාගේ නියෝගය පරිදි මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යධිකාරි, විමර්ශන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් ඔක්තෝම්බර් මස දොළොස්වෙනි දින හවස හයයි තිහට පමණ බස් නැවතුම් පොළ වෙත ගොස් ඇත. මෙහිදී බලපත්‍ර නොමැති බස් රථයක් සම්බන්ධව ප්‍රශ්න කිරීමේදී තාවකාලික කුලී පදනම් මත බස් නැවතුමේ හෝටලයක් කරන කාන්තාවක්, ඇගේ පුතා හා තවත් මැර කණ්ඩායම්ක් විසින් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මරණීය තර්ජන එල්ල කර ඇත. මේ සම්බන්ධව එම නිලධාරින් විසින් මහනුවර පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව අදාළ කාන්තාව හා පුත්‍රයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැර තිබේ.

අදාළ කාන්තාවගේ මෙවැනි පහරදීම් සම්බන්ධයෙන්දව මීට පෙර ද පොලිසියට පැමිණිලි ලැබී ඇති බවත්, මෑතකදී මෙම ස්තානයේ ඇතිවුන බහින්බස් වීමක් දුරදිග ගොසින් පුද්ගලයකුට කොස්සකින් පහර දී ඇති බවත් වාර්තා වේ. මගීන්ට අසුන් ගැනීමට පනවා ඇති පුටු පේලිත් මැයගේ හෝටලේ ආසන බවට පත්කරගෙන ඇති අතර, ඇයගේ හෝටලයෙන් බඩු නොගන්න කිසිවෙකුට එහි වාඩිවීමට නොහැකි බව වාර්තා වේ.

අදාළ කාන්තාව බෝගම්බර බස් නැවතුම්පොළ අසල පදිංචිකාරියක් වන බැවින් නිලධාරීන්ට මෙන්ම එහි පැමිණෙන අහිංසක මගී ජනතාවට හා අනෙකුත් වෙළඳ ව්‍යාපාර කරන අහිංසක මිනිස්සුන්ටත් චණ්ඩි පාට් දමන බවට මගී ජනතාව චෝදනා කරයි.

12/07/2022

තෙල් පෝලිමේ සිටි අහිංසක තරුණයින්ට බැටන් ප්‍රහාර දෙන මහරගම පොලිස් කුක්කා..…

රංජිත් සියඹලාපිටියගේ ලීක් වුනු ලියුම...LEAKED LETTER...
11/06/2022

රංජිත් සියඹලාපිටියගේ ලීක් වුනු ලියුම...LEAKED LETTER...

පහත ඡායාරූප වල සිටින තැනැත්තිය අහිංසක කුඩා දරුවන් දෙදෙනා හා ස්වාමියා අතහැර තම ස්වාමියාගේම අක්කගේ ස්වාමියා සමග පැන ගොස් ඇ...
07/03/2022

පහත ඡායාරූප වල සිටින තැනැත්තිය අහිංසක කුඩා දරුවන් දෙදෙනා හා ස්වාමියා අතහැර තම ස්වාමියාගේම අක්කගේ ස්වාමියා සමග පැන ගොස් ඇත. තොරතුරක් ඇත්නම් ස්වාමියාට දන්වන්න (0775 998291) . එය මේ පොඩි දරුවන්ට කරන ලොකු උදව්වකි.

කෑම බීම සමග ගුටි බැට නොමිලේ දෙන perera & sons ආයතනය.රත්මලානේ පිහිටි perera & sons ආයතනයේ ශාඛාවකට ආහාර ලබා ගැනීම සඳහා ගිය...
22/02/2022

කෑම බීම සමග ගුටි බැට නොමිලේ දෙන perera & sons ආයතනය.

රත්මලානේ පිහිටි perera & sons ආයතනයේ ශාඛාවකට ආහාර ලබා ගැනීම සඳහා ගිය පාරිභෝගිකයෙකුට ආයතනයේ සේවකයෙකූ විසින් පහරදීමක් සිදුකර තිබෙනවා.

මෙයට පාදක වී තිබෙන්නේ පාරිභෝගිකයා ආහාර ලබා ගැනීමෙන් පසුව තමන්ගේ පුද්ගලික වාහනයට නැග ගමන් ආරම්භ කිරීම සඳහා සූදානම් වූ අවස්ථාවේ perera & sons ආයතනයට අයත් වාහනයක් එම පාරිභෝගිකයාගේ වාහනය හරස් කොට නවත්වා ඔහුට එම වාහනය ධාවනය ඉඩ නොදීමයි.

මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයා විසින් අදාල රියදුරා වෙත කාරුණිකව තමන්ගේ වාහනයට ඉඩ සලසා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති අතර එහිදී ඇති වූ බහින් බස් වීම දිර දිග ගොස් perera & sons ආයතනයේ රියදුරා විසින් වාහනයෙන් බැස අමානුෂික ලෙස එම පාරිභෝගිකයා හට පහර දී තිබේ.

විමතියට කරුණ වන්නේ මෙම අවස්ථාවේදී එතැනට පැමිණි ආයතනයේ ප්‍රධාන කළමනාකාරතුමා ද රියදුරාගේ නොමනා ක්‍රියාවන් අනුමත කොට පාරිභෝගිකයා තවදුරටත් දැඩි අපහසුතාවයට පත් කිරීමයි.

මෙරට අවන්හල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නමක් දිනා ඇති මෙවැනි ආයතනයක් පාරිභෝගිකයන් හට මෙසේ සැලකීම කිසිසේත් අනුමත කල නොහැකි අතර එය ලැජ්ජා සහගත කාරණයක් ලෙස අප හෙලා දකිමු.

28/11/2021

සමූපාකාර සමිතිවලට පොලු තැබූ සීනි ගනුදෙනුව.....

ගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, සමූපාකාර සේවා අලෙවි සංවර්ධන අමාත්‍යතුමනි, බස්නාහිර පලාත් ආණ්ඩුකාරතුමනි,, ඔබ සියළු දෙනාගේ අවධානය පිණිසයි.

Gotabaya Rajapaksa Mahinda Rajapaksa Lasantha Alagiyawanna

සමූපේ ලෝක්කන්ට කොකා පෙන් වූ සමූපේම කොමසාරිස්.බස්නාහිර පලාත් සමුපකාර කොමසාරිස් රුවිනි විජේවික්‍රම මහත්මියගේ උපදෙස් මත බස්...
23/11/2021

සමූපේ ලෝක්කන්ට කොකා පෙන් වූ සමූපේම කොමසාරිස්.

බස්නාහිර පලාත් සමුපකාර කොමසාරිස් රුවිනි විජේවික්‍රම මහත්මියගේ උපදෙස් මත බස්නාහිර පළාත් සියලුම විවිධ සේවා සමුපකාර සමිති සභාපතිවරුන් වෙත වට්ස් අප් පණිවිඩයක් යවමින් සීනි අවශ්‍ය සමූපකාර සමිති පුද්ගලික ආයතනයකට මුදල් බැර කරන ලෙස දන්වා ඇති අතර එසේ මුදල් තැන්පත් කල බස්නාහිර පලාත් සමූපාකාර සමිති අටකට අදවන තුරුත් සීනිත් මුදලුත් දෙකම නොමැතිව අසරණ තත්වයකට පත්ව ඇති බව වාර්ථා වේ. මෙම ගණුදෙනුව සදහා ආණ්ඩුකාර වරයාගේ පුද්ගලික ලේකම් වරයෙකුගේ සම්බන්දයක්ද හෙලි වී ඇති අතර
සියල්ලන්ගේ වැඩකිඩ පිලිබඳ වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

22/10/2021

මුල් ළමා විය සංවර්ධනය නොවූ හිඟන චන්ඩි...

"කෙන්යාවේ ලංකාවට අයිති ඉඩම – නාමල් තමාගේ වගේ විකුණයි!" - මෙය ඇත්තක්ද?.....පසුගිය දින කිහිපය තුල වෙබ් අඩවි හා සමාජමාධ්‍ය ...
10/10/2021

"කෙන්යාවේ ලංකාවට අයිති ඉඩම – නාමල් තමාගේ වගේ විකුණයි!" - මෙය ඇත්තක්ද?.....

පසුගිය දින කිහිපය තුල වෙබ් අඩවි හා සමාජමාධ්‍ය තුල සැරිසැරූ ආරංචිය "කෙන්යාවේ ලංකාවට අයිති ඉඩම – නාමල් තමාගේ වගේ විකුණයි!" - මෙය ඇත්තක්ද?.....

SL Story පුවත් වෙබ් අඩවිය එය මෙසේ අනාවරණය කර තිබේ.

"නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම 07 වන ⁣කෙන්යාවේ නයිරෝබි නගරයේ සංචාරයක නිරතවීමට නියමිතය.

මෙම සංචාරයේ අරමුණ ලෙස පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් මගින් ක්‍රියාත්මක කරන්නට යෝජිත කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවාව නිල වශයෙන් ආරම්භ කිරීම ලෙස පෙන්වා දී තිබුනද ගමනේ ඇත්ත අරමුණ ශ්‍රී ලංකාවට අයත් රාජ්‍ය දේපලක් ලෙස කෙන්යාවේ පවතින පවතින වටිනා ඉඩමක් කුණු කොල්ලයට විකුනා දැමීමේ මගඩියක් බව ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙන්යාවේ නයිරෝබි නගරයේ තානාපති නිවාස හා කාර්යාල බොහොමයක් පවත්වාගෙන යනු ලබන කිලිමානි ප්‍රදේශයේ ශ්‍රී ලංකාව සතුවද අක්කර දෙකක පමණ වටිනා ඉඩමක් ඇත.

එය යටත් විජිත සමයේ සිට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ශ්‍රී ලංකාවේ දේපලක් ලෙස සැලකෙන ඉතා වටිනා ඉඩමකි. වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වන තුරුම ලංකාවේ තානාපති කාර්යාල හා නිවාස පවත්වගෙන යන ලද්දේ මෙම ඉඩමෙහිය.

එහෙත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු ලෙස නොව මගෝඩි කොමිස් කාක්කෙකු ලෙස කුප්‍රකට වී සිටින තවත් එක් රාජපක්ෂ හෙංචයියයකු වන කන්නනාදන් නමැත්තා කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපති බවට පත් කර යැවීමත් සමග මේ මහගු දේපලට රාජපක්ෂලා කෙළ හලන්න⁣ට වූහ.

කන්නනාදන් මුලින්ම කළේ රටට අයත් ගොඩනැගිලි තිබියදී කුලී පදනම මත අලුතින් නිවාස හා කාර්යාල ලබාගෙන ඉහත කී ඉඩම පාලු වන්නට හැරීමය.

මෙම ඉඩම කුණු කොල්ලයට විකුණා මහා පරිමාණ කොමිස් කුට්ටියක් ගරා ගැනීම අරමුණු කරගනිමින් ඉඩම විකිණීමට අනුමැතිය දෙන ලෙස රාජපක්ෂලා හිටපු විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධනට බලපෑම් කළද දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා එම බලපෑම් වලට නතු නොවූයෙන් රාජපක්ෂලාගේ සැලසුම අවුල් විය.

එහෙත් වත්මන් විදේශ ඇමති මහාචාර්ය ජී. එල්. පීරිස් පත්වීමත් සමග කන්නනාදන්ලා ජාවරම යළි සක්‍රිය කළහ.

ඒ අනුව හොර රහසේම ශ්‍රී ලංකාව සතු වටිනා ඉඩම කුණුකොල්ලයට විකුණා දැමීම සඳහා ගැණුම් කරුවකු කන්නනාදන් විසින් හඳුනාගෙන ඇති අතර ගනුදෙනුවේ කොමිස් කුට්ටය ගැන ගැණුම් කරුවන් සමග කතා කර ගැනීමට ඇමති නාමල් මෙම මස 07 වන දින සිට දින කිහිපයක් රටේවියදමින් කෙන්යාවෙි මගඩි ගමනක යෙදි සිටී.

විදේශයන්හි අප රට සතුව පවතින රාජ්‍ය තාන්ත්‍රික දේපල විකීණීම රාජපක්ෂලාගේ කෑදර ජාවාරම් අතරින් ක්‍රප්‍රකට තවත් ජාවාරමකි.

මහින්ද රාජපක්ෂාගේ මස්සිනා කෙනෙකු වන වික්‍රමසූරිය නමැත්තා අමෙරිකාවේ ලංකා තානාපති ලෙස මෙසේ දේපල ජාවාරමක නියැලී රටට විශාල වංචාවක් සිදු කළ අතර රටෙ හොඳ නම කැත කළේය.

තවත් මස්සිනා කෙනෙකු වන උදයංග වීරතුංග නමැත්තාගේ නම ආයුධ ජාවාරමකට ගෑවී ඇත. මෙසේ උපයන මුදල් විවිධ ෂෙල් සමාගම් අටවමින් විදේශ රටවලම දේපළ වෙළඳ ව්‍යාපාර වල ආයෝජනය කිරීම මොවුන්ගේ පුරුද්දකි.

පැන්ඩෝරා පත්‍රිකා මගින් දැන් එළිදරවු වී තිබෙන්නේද එවැනි රාජපක්ෂ ජාවාරමකි".

එසේම NewsCenter වෙබ් අඩවිය පරිසර හඬ සංවිධානයේ චාමර පෙරේරා පැවැත් වූ මාධ්‍ය සාකච්චාවක් වාර්ථා කර තිබුණු අතර එහිදීද මෙම නාමල රාජපක්ෂගේ හා ඩී.වී. චානකගේ කෙන්යා ගමන ගැන ඔහු දැඩි ලෙස විවේචනය කර තිබේ.

මෙම කථාවේ ඇත්ත නැත්ත දන්නේ කෙන්යාවේ වෙසෙන ලාංකිකයන්ය. ඉහත වාර්ථාකරණ පරිදි දූෂණයක් හෝ වංචාවක් කෙන්යාවේ සිදුවෙනවා නම් එයට සක්‍රීය මැදිහත් වී ඒ පිලිබදව ජනතාව දැනුවත් කල යුතුය. එසේත් නැත්නම් නාමල් අමාත්‍යවරයා ඔහුගේ මෙම කෙන්යා සංචාරයේ අරමුණ හා එහි සාර්ථකත්වය පිලිබදව ප්‍රකාශයක් කල යුතුය.

දහනායකගේ දස වැඩ.==================ගාල්ලෙ බෙලිගහ දහනායක හාඩ්වෙයාර් එකට ගියේ ඉදිකිරීම් වැඩකට වැලි එකක් ගන්න.මිස්ල තුන්දෙනෙ...
05/05/2021

දහනායකගේ දස වැඩ.
==================
ගාල්ලෙ බෙලිගහ දහනායක හාඩ්වෙයාර් එකට ගියේ ඉදිකිරීම් වැඩකට වැලි එකක් ගන්න.
මිස්ල තුන්දෙනෙක් පේලියට ඉන්නවා පරිගණක තුනක් තියාගෙන A.C. කාමරේක.
"වැලි එකක් ගන්න පුළුවන්ද මිස් ?"
"පුළුවන්. සර්ට මොන වගේ වැඩකටද ?"
"කොන්ක්‍රීට් එකකට."
"එහෙනම් ගොරෝසු වැල්ලෙන් දෙන්නම්."
"කොහොමද ගණන් ?"
"ලොරි ලෝඩ් එකක් නම් 9800/= යි , කියුබ් එකක් නම් 13000/= යි."
"මට කියුබ් එකක් එවන්න."
කියුබ් එකකට සල්ලි බැඳලා මම ගියා. පැය එක හමාරකින් විතර වැලි එක ආවා.
ලෝඩ් එක බාන්න කලින් කම්බි කූරක් ගහල උස මැන්නා. බෑවට පස්සෙ ලොරියෙ තට්ටුව මැන්නා. ගණන් හදල බැලුවම තියෙන්නෙ ඝන අඩි 80 යි.
"ඩ්‍රයිවර් උන්නැහේ මෙතන කියුබ් එකක් නැහැනෙ."
"මං දන්නෑ සර් , ලොකු මහත්තයා කියපු ප්‍රමාණෙ තමයි පටවගෙන ආවෙ."
"ලොකු මහත්තයගෙ ටෙලිෆෝන් අංකෙ මට දෙන්න."
"0777775192"
ගත්තා කෝල් එකක් මුදලාලිට.
"මහත්මයා දැන් ගෙනාපු වැලි ලෝඩ් එකේ කියුබ් එකක් නැහැනෙ."
"ඔයා කොහොමද එහෙම කියන්නෙ ?"
"මම Quantity Surveyor කෙනෙක්. මං මැනලයි කියන්නෙ."
"ඔයාට වැලි එක එපා නම් හරවල එවන්න."
"වැලි එක බාල ඉවරනෙ. මගේ සල්ලි දීලා ඔයා
වැලි එක පටවගෙන යන්න. නැත්නම් මගෙන් වැඩියෙන් ගනිපු 2600/= දීලා ලොරිය අරගෙන යන්න. මම ගේට්ටුව ලොක් කරල තියෙන්නෙ. දෙකෙන් එකක් කරනකල් ගේට්ටුව අරින්නෙ නෑ."
මුදලාලි කියනවා "මම පොලීසියට යනවා."
"ඕන පොලීසියකට යන්න." මම කිව්වා.
ටික වෙලාවකින් ඩ්‍රයිවර්ගෙ ෆෝන් එකට ඇමතුමක් ආවා මුදලාලිගෙන්.
ඩ්‍රයිවර් , "මෙන්න සර් 2600/= . ගේට්ටුව අරින්න මට ලොරිය අරන් යන්න."
"බොහොම හොඳයි ඩ්‍රයිවර් උන්නැහේ."
මෙවැනි හොරකම් වංචාවල් අද රටේ කොතෙක් සිදුවෙනවා ඇද්ද ?
උපුටා ගැනීම - Samarawickrama

සැබෑ රෙගේ රහ විදින්න තව දින 03යි.ඔබේ ටිකට්පත දැන්ම වෙන්කරවා ගන්න.Authentic Reggae Music with Upul and The Gang3 days mor...
23/03/2021

සැබෑ රෙගේ රහ විදින්න තව දින 03යි.
ඔබේ ටිකට්පත දැන්ම වෙන්කරවා ගන්න.
Authentic Reggae Music with Upul and The Gang
3 days more...
reserve your ticket now....
https://reggae.kaputatv.com/
හෝ අමතන්න : 0768212263 | 0770199752
Kaputa Reggae Party with Upul and The Gang @ Jani Rest, Wadduwa.
26th March 2021 - 8.00pm Onwords..
Event by Ceylon Digital Factory & KaputaTv - The Online TV

සැබෑ රෙගේ රහ විදින්න තව දින 03යි.
ඔබේ ටිකට්පත දැන්ම වෙන්කරවා ගන්න.

Authentic Reggae Music with Upul and The Gang
3 days more...
reserve your ticket now....

https://reggae.kaputatv.com/
හෝ අමතන්න : 0768212263 | 0770199752

Kaputa Reggae Party with Upul and The Gang @ Jani Rest, Wadduwa.
26th March 2021 - 8.00pm Onwords..

Event by Ceylon Digital Factory & KaputaTv - The Online TV

27/02/2021

වතු අධිකාරි වරුන් ගුටි කද්දී වෘත්තීය සංගම් නිදි..
පසුගිය 17 වන දා මස්කෙලිය - ඕල්ටන් වතු යායේ වතු අධිකාරීවරයාගේ නිළ නිවසට කඩා වැදුණු ඔවුන් නිවසට පහර දී අලාභ හානි සිදුකර වතු අධිකාරීවරයාට සහ සහකාර අධිකාරීවරයාට පහර දී තිබුණා.ප්‍රකෝප වූ පිරිස මොවුන්ව ගොම වතුරවලින් නහවා ඇති අතර, පසුව ඔවුන් දෙදෙනා දික්ඔය මූලික රෝහලට ඇතුළත් වී ඇත්තේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි. දෛනික වැටුප රුපියල් 1000ක් කරන ලෙස ඉල්ලා පසුගිය 3 වන දා පැවති වර්ජනය හේතුවෙන් ඉතිරිව තිබූ අමු තේ දළු ඊට පසුදින ඇඹරීමට කටයුතු කරන ලෙසට වතු අධිකාරීවරයා සහ සහකාර අධිකාරීවරයා සේවකයින්ට ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ හේතුවෙන් වතු සමාගමට රුපියල් ලක්ෂ 15ක අලාභයක් සිදුවූ බව පවසමින් වතු අධිකාරීවරයා පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා. ඒ හේතුවෙනුයි වතු අධිකාරීවරුන් සහ සේවකයින් අතර අර්බුදය හටගෙන ඇත්තේ. එම අර්බුදය උත්සන්න වීම හේතුවෙන් මෙම පහර දීම සිදුව තිබෙනවා.

30/08/2020

මහදවල් පාර මැදින් කම්බිකණු ගසා අවහිර කල අසල්වාසියා...

මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති තුමණි, බස්නාහිර පලාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැතිතුමනි ඔබලාගේ අවධානය පිණිසයී....

31/05/2020

තොණ්ඩමන් මහතාගේ නික්ම යාම,
ජීවන් තොණ්ඩමන්ගේ දේශපාලනාගමණය හා නිරෝධාන නීතිය.

අද ART එක. (දවසේ සිත්තම) | art of the Dayනුවන් කුළසේකර නම් ඒ අසාහයක ක්‍රිකටි ක්‍රිඩකයාගේ රුව තම තෙළිතුඩෙන් සිත්තම් කර ඇත...
13/05/2020

අද ART එක. (දවසේ සිත්තම) | art of the Day
නුවන් කුළසේකර නම් ඒ අසාහයක ක්‍රිකටි ක්‍රිඩකයාගේ රුව තම තෙළිතුඩෙන් සිත්තම් කර ඇත්තේ තරුණ සිත්තම් කරුවකු වන තිළිණ මිලින්ද ([email protected]) විසිනි.

මෙය හුදෙක් සැබෑ සිත්තම් කරු ඇගයීම උදෙසා අප ඔබට ඉදිරිපත් කරන්නෙමු. මෙහි පළ කරන සියළූම සිත්තම් වල අයිතිය මුල් නිර්මාණකරු සතු වන බව කරුණාවෙන් සලකන්න. අප රටේ නිර්මාණකරුවන්ට, ශිෂ්‍යයින්ට මෙම නිර්මාණ තමාගේ නිර්මාණ සදහා උත්තේජකයක් වේවා..!..

මෙවැනි අගනා දෑ දිනපතා නැරඹීමට කපුටාTV සමග රැදෙන්න...
http://www.kaputatv.com
https://www.facebook.com/KaputaTv
https://twitter.com/KaputaTv
https://www.linkedin.com/company/kaputatv/
https://www.pinterest.com/kaputaTv/
https://www.youtube.com/channel/UC9rSs4TwnSDO_Q-_2G0dDzA

20/04/2020
20/04/2020

කඩුවෙල ප්‍රධාන පුරවැසියගේ සුද්ද සිංහල..
උබට මම බඩු දෙන්නේ නෑ...පුළුවන් නන් ගනින්...
උබ නිකන් ප### වෙන්න එපා...
වැඩිහිටියන්ට පමණයී...
තීරණය කඩුවෙල ජනතාවට බාරයී...

16/04/2020

පතිරණ ඇන්ටිගේ කොරෝණා සිංදුව..
ක්‍ෂණිකව මෙහි ආ කොරෝණා..ක්‍ෂණිකව මෙහි ආ කොරෝණා..

13/04/2020

සහන මල්ල සම්බන්ධව වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති පිලිතුරු දෙයි...
දුප්පත් මිනිසුන්ට නොමිලේ දිමට ලබා දුන් භාන්ඩ වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති තුමන් හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීතුමන්ලා සහන මල්ලක් ලෙස සකසා එය රුපියල් 1000ක මුදලකට විකුනා ඇති බව පැවසූ ගම්මුන්ට වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති දුන් පිලිතුර...

#හොරාකෑම #ගමේමන්ත්‍රී #දුප්පතුන්ගෙන්හොරාකෑම #ගහෙන්වැටුනුමිනිසුන්ටගොනුන්ඇනීම #හිගනහොරකන් #වැලිගමප්‍රාදේශියසභාව #මිදිගමබටහිරආසනය

13/04/2020

සහන මල්ල සම්බන්ධව වැලිගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී ඉන්දික ජයසේකර කට අරී...

දුප්පත් මිනිසුන්ට නොමිලේ දිමට ලබා දුන් භාන්ඩ වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති තුමන් හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීතුමන්ලා සහන මල්ලක් ලෙස සකසා එය රුපියල් 1000ක මුදලකට විකුනා ඇති බව පැවසූ සිද්දිය සම්බන්ධව වැලිගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී ඉන්දික ජයසේකර කට අරී...

12/04/2020

වැලිගම දුප්පතුන්ගෙන් දේශපාලකයින් හොරාකෑ බවට චෝදනා...
ලොඩ්ස්ටාර් ආයතනයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු හාල් කිලො 50000ක් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය භාන්ඩ තොගයක් වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති තුමන්ට හා මිදිගම බටහිර ප්‍රාදේශිය සභා මන්ත්‍රීතුමන්ට ලබා දී ඇති අතර ඔවුන් එම භාණ්ඩ සහන මල්ලක් ලෙස සකසා එය රුපියල් 1000ක මුදලකට විකුනා ඇති බව ගම්මුන් පවසයි (වීඩියෝ සහිතයි).

එදා වෙලවත් හම්බකරගත නොහැකි දුප්පත් මිනිසුන්ට නොමිලේ දිමට ලබා දුන් භාන්ඩ මෙම දේශපාලකයින් විසින් ලබා දි ඇත්තෙ රුපියල් 1000කට බව ගම්මුන් චෝදනා කරයී.
එලෙසම මොවුන් මෙම භාන්ඩ ඉමදුව ප්‍රදේශයේද ජංගම රථ මගින් විකුනිමේ කටයුතු කරන බව ඔවුන් වැඩි දුරටත් පවසයි.

#හොරාකෑම #ගමේමන්ත්‍රී #දුප්පතුන්ගෙන්හොරාකෑම #ගහෙන්වැටුනුමිනිසුන්ටගොනුන්ඇනීම #හිගනහොරකන් #වැලිගමප්‍රාදේශියසභාව #මිදිගමබටහිරආසනය

08/04/2020

මොණරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල බල ප්‍රදේශයේ වයස අවුරුදු 12ක පාසැල් දැරියක් සමූහ දූෂණයට ලක් වී ඇති අතර එම සිද්ධිය ස....

08/04/2020

මොණරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල බල ප්‍රදේශයේ වයස අවුරුදු 12ක පාසැල් දැරියක් සමූහ දූෂණයට ලක් වී ඇති අතර එම සිද්ධිය සමාජයට සගවන ලෙස පළාතේ ප්‍රබල දේශපාලන අපේක්ෂකයෙක් හා කලක් තිස්සේ ප්‍රදේශයේ කාන්තාවන් ගෙන් ලිංගික අල්ලස් ලබා ගනිමින් දේශපාලනයේ නිරතවන තවත් දේශපාලන වන්දිභන්ඨක අපේක්ෂකයෙකු සම්බන්ධවී ප්‍රදේශයේ පොලිසියට ද බලපෑම් කරන බව තොරතුරු ලැබී ඇත.

සෙවනගල/කිරි ඉබ්බන් වැව හා ඒ අවට ප්‍රදේශ වල ප්‍රාදේශිසභා වල නියෝජිතයින් මෙම දේශපාලන නායකයනට ට ඇති බිය නිසා දුෂණයට ලක් වූ දියණියගේ දෙමව්පියන්ට සහ ඥාතීන්ට බලපෑම් කරමින් බිය ගන්වමින් සිටී.

එම දේශපාලනඥයෙක් උපදෙස් මත ඔවුන් දෙමව්පියන්ට සහ ඥාතීන්ට ප්‍රකාශ කර ඇත්තේ මෙම සිද්ධිය සැඟවීමට රුපියල් ලක්ෂ පහක (500000) මුදලක් ලබාදෙන බවත් එතැ සිට ඉදිරියට මෙම සිද්ධිය දිගින් දිගට ගෙන යාම නතර කරන ලෙසත්ය.

දේශපාලන අධිකාරියෙන් ලැබෙන මරණ තර්ජන හා බලපෑම් ඔස්සේ එම දැරියගේ දෙමව්පියන් සහ ඥාතීන් අන්ත අසරණ තත්ත්වයට පත් වී ඇත.

කෙසේ වෙතත් ජන මාධ්‍ය මගින් මෙය හෙළිදරව් වීමත් සමග ප්‍රදේශයේ පොලීසියට ක්‍රියාත්මක වීමට සිදුවී ඇත.

මෙහි වන විටත් සෙවනගල පොලිසිය සිද්ධියට අදාළ පුද්ගලයින් කීපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග පවසයි.

දේශපාලන බලය මුවාවෙන් නීතිය අව භාවිතා කිරීමට උත්සාහ කරන මෙවැනි දේශපාලන නායකයින් සිටින තුරා පුංචි මල් කකුලුවන් අපේ දරු දැරියන් ගේ අනාගතය පියමන් කරන්නේ කොයි දෙසටද....?

බුද්ධිමත් ජනතාවනි...
තීන්දුව ඔබට බාරයි.

08/04/2020

මොණරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල බල ප්‍රදේශයේ වයස අවුරුදු 12ක පාසැල් දැරියක් සමූහ දූෂණයට ලක් වී ඇති අතර එම සිද්ධිය ස....

30/03/2020

රාගම පෙදෙශයේ සමුර්ධි නිලධාරීන්ගේ චන්ඩි කම් කොහොමද..මේ අසරණ මිනිසුන්ට ඇයි මෙහෙම කරන්නේ මේ අවස්ථාවේදී මෙහෙම කරන්න හොඳ නෑ නේද ජනාධිපතිතුමාගේ අවධානය පිණිසයි . . .

17/03/2020

කොරෝනා ලොව පුරා පැතිරෙයි Posted by Pathum Buddika / Featured, Gossips, medicine, photostory, World / 0 Comments ඔබ ගැන පමණක් නොව ඔබ අප සියලු දෙනා ජීවත් වෙන රට ගැනත් සිත.....

21/02/2020

දේශපාලන බලය පෙන්නන්න බම්බලපිටිය ලංකා බැංකුවේ මනේජර්ට සද්දේ දාන සේවකයෙක් මේ අද දින මට වට්ස්අප් මඟින් ලැබුණු වීඩි....

08/02/2020

සංචාරකයන්ට ලංකාව එපා කරවන කටුනායක ගුවන්තොටුපලේ චන්ඩි ඩ්‍රයිවර්ලා

ඔබ මෙහි දකින්නේ කටුනායක ගුවන් තොටුපලින් මෙටටට පැමිණි සංචාරකයකු රැගෙන යාමට පැමිණි මීටර ටක්සියක රියෙදුරෙකුට සංචාරකයා වාහනය තුල සිටියදීම ගුවන් තොටුපල කුලී රථ කරුවන් අඩත්තේට්ටම් කරන ආකාරයයි.

ලංකාවට පැමිණි මොහොතේම මෙම සංචාරකයාට විදින්නට වුනු අමිහිරි අත්දැකීම නිසා මොහු නැවතත් මේ රටට පැමිණේවි යැයි ඔබ සිතනවාද?
මේ ආකාරයෙන් තර්ජනය කර බිය වද්දා වෙනත් රියදුරන්ට ගුවන් තොටුපලට පැමිණීම වැලක්වීමට මොවුන්ට ඇති අයිතිය කුමක්ද?
තමන් ගමන් ගන්නා වහානය තීරණය කිරීමේ අයිතිය ඇත්තේ පාරිභෝගිකයාට මිස වෙන කාටද?

මෙම තර්ජන දිගු කාලයක් තිස්සේ සිදු කරන අතර පාරිභෝගිකයින් ගුවන්තොටුපල කුලී රථ සේවය ඇත හැර වෙනත් සේවාවන් සදහා යොමු වී ඇත්තේ ගුවන් තොටුපල රියදුරන් විසින් අසාධාරණ ලෙස විශාල මුදල් ප්‍රමාණයක් ඉල්ලා සිටීම හා ඔවුන්ගේ වෘත්තීය නොවන හැසිරීම් රටාව නිසාය. මේ වනතෙක් මෙම ගැටලුවට විසදුමක් ලබා දීමට ආරක්ෂක අංශ හෝ රජය අපොහොසත් වී ඇත. එම නිසා හැකිතාක් මෙම වීඩියෝව Share කර මෙම ගැටලුව විසදීම සදහා බලධාරීන්ගේ අවධානයට යොමු කරන්න. මෙය විසදීමට පමා වන දිනයක් පාසා විනාශ වන්නේ සංචාරක කර්මාන්ය තුල අප රටට ඇති කිර්ති නාමයයි.

Subscribe| Like and Share Ayukthiya
https://www.youtube.com/channel/UClalCcWKMU7qYjyo7Dom7BA
https://www.facebook.com/ayukthiya
https://www.instagram.com/ayukthiya
https://twitter.com/ayukthiya

මාතලේ, රිවස්ටන් මැදවත්ත වතු යායේ නීතියෙන් පිටපැන්න ඉඩම් ගනුදෙනුව...II කොටස.with Thusitha Samarathunga Bagya Aluwihare Ja...
05/02/2020

මාතලේ, රිවස්ටන් මැදවත්ත වතු යායේ නීතියෙන් පිටපැන්න ඉඩම් ගනුදෙනුව...II කොටස.with Thusitha Samarathunga Bagya Aluwihare Janaka Aluwihare Ranjith Aluwihare Wasantha Aluwihare Prasanna Aluvihare Chathura Samarasinghe Sri Lanka State Plantations Corporation CESU TODAY Upfa Raththota

Subscribe| Like and Share Ayukthiya
https://www.youtube.com/channel/UClalCcWKMU7qYjyo7Dom7BA
https://www.facebook.com/ayukthiya
https://www.instagram.com/ayukthiya
https://twitter.com/ayukthiya

මාතලේ, රිවස්ටන් මැදවත්ත වතු යායේ නීතියෙන් පිටපැන්න ඉඩම් ගනුදෙනුව...II කොටස.. Subscribe| Like and Share Ayukthiya https://www.youtube.com/channel/UClalCcWKMU7...

මාතලේ, රිවස්ටන් මැදවත්ත වතු යායේ නීතියෙන් පිටපැන්න ඉඩම් ගනුදෙනුව...I කොටස.with Thusitha Samarathunga Bagya Aluwihare Jan...
05/02/2020

මාතලේ, රිවස්ටන් මැදවත්ත වතු යායේ නීතියෙන් පිටපැන්න ඉඩම් ගනුදෙනුව...I කොටස.with Thusitha Samarathunga Bagya Aluwihare Janaka Aluwihare Ranjith Aluwihare Wasantha Aluwihare Prasanna Aluvihare Chathura Samarasinghe Sri Lanka State Plantations Corporation CESU TODAY Upfa Raththota

Subscribe| Like and Share Ayukthiya
https://www.youtube.com/channel/UClalCcWKMU7qYjyo7Dom7BA
https://www.facebook.com/ayukthiya
https://www.instagram.com/ayukthiya
https://twitter.com/ayukthiya

මාතලේ, රිවස්ටන් මැදවත්ත වතු යායේ නීතියෙන් පිටපැන්න ඉඩම් ගනුදෙනුව...I කොටස.. Subscribe| Like and Share Ayukthiya https://www.youtube.com/channel/UClalCcWKMU7q...

21/01/2020

Address

Malabe
Colombo

Alerts

Be the first to know and let us send you an email when Ayukthiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ayukthiya:

Videos

Share

Category

අයුක්තිය!

යුක්තිය, සාධාරණය සදහා වූ අන්තර්ජා‍‍‍ල මෙහෙයුම සදහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට හා පොදුවේ සියලු ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයන්ට එකතු වන්නයි කෙරෙන කාරුණික ආරාධනයයී..එන්න අප හා එක්වන්න..අලුත් වන රට කාර්‍යක්ෂම කිරීමට පුරවැසියන් පෙල ගස්වමු. වැරද්දක් දුටු තැන ඊට එරෙහිව නැගිටමුු....අද රටේ අවශ්‍යතාවය එයයී...

ඒ සදහා ඔබට වේදිකාව තනන්නට අප සූදානම්. ඔබට මොනයම් හෝ අයුක්තියක්, අසාධාරණයක් සිදු වනවා නම් නොබියව එය අපට කියන්න... අප ඔබ වෙනුවෙන් බලා සිටී... Subscribe| Like and Share Ayukthiya

https://www.youtube.com/channel/UClalCcWKMU7qYjyo7Dom7BA https://www.facebook.com/ayukthiya https://www.instagram.com/ayukthiya https://twitter.com/ayukthiya ස්තූතියි‍‍‍‍... අයුක්තිය! යුක්තිය, සාධාරණය සදහා වූ අන්තර්ජා‍‍‍ල මෙහෙයුම