සුවඳ - suwanda

සුවඳ - suwanda දැනෙන, විඳින ආත්මගත ප්‍රකාශනය..

11/12/2023

අතුල - සමිතා - කවින්ද්‍යා ප්‍රසංගයේදී
"හඳපානක් සේ ඇවිදින්" ගීතය අතරතුර
සමිතා හැඟුම්බර වූ අයුරු..
කවී ඇවිත් සින්දුව ගොඩ දැම්මත්
අවසානයේ ඇයගේත් දෑස් තෙත් වුණා.
මේ තමයි ආදරණීය මිනිස්සු ❤️

Samitha Mudunkotuwa Kavindya Adikari
සුවඳ - suwanda

"මචං බන්දු මම සේපාල. උඹ අසනීප උනා කියා මට ආනන්ද කියුවා. ලොකූ ගානක් යනවලු නේද උඹේ ඔපරේෂන් එකට, තව සල්ලි ටිකක් මදිලු නේද. ...
30/08/2023

"මචං බන්දු මම සේපාල.
උඹ අසනීප උනා කියා මට ආනන්ද කියුවා. ලොකූ ගානක් යනවලු නේද උඹේ ඔපරේෂන් එකට, තව සල්ලි ටිකක් මදිලු නේද. උඹ දන්නවනේ මචං මට සල්ලි නැතී බව ඒත් උඹ වෙනුවෙන් මට නිකන් ඉන්න බෑ. මචං මෙතන 7500 ක් තියෙනවා. උඹේ වැඩේට තියාගනින්. මම පස්සේ එන්නම් උඹව බලන්න. දෙවියන්ගේ පිහිටෙන් උඹට හොඳ වෙනවා. මීට සේපාල "

මා ජිවිතයේ ලද ලිපි අතරින් හදවතට කථා කල වටිනාම ලිපිය මෙයයි. එනම් මට සිටී මිතුරන් අතරින් දුප්පත්ම මිතුරා වන සේපාල උඹ විසින් ලියා මගේ නිවසේ ජනේලයෙන් ගෙතුලට දමා ගිය මේ ලිපිය හා මුදල මට ගොඩක් පාඩම් කියා දුන්නා. මුදලට ගත නොහැකි ගුණාංග දෙකක් වන මනුස්ස කම හා හිතවත් කම උතුරා ගිය නුඹ ගැන ලියන්න මට වචන නැතී තරම්. පැහැදිලිව ලියන්න බැරි 7 පන්තිය දක්වා ගිය නුඹ ලියු මේ ලිපියේ තිබු මනුස්සකම මට මිල කරන්න බෑ.
මෙහිදී නුඹ දුප්පත් කියා මා හැඳින්වුයේ ආර්ථික වශයෙන් පමණි. මනුස්ස කම් වලින් නුඹ තරම් පොහොසත් වෙනත් මිතුරෙකු මට හමුවී නැත.
නුඹට මතකයිනේ අපේ පන්තියේ සිටී යහළුවන්, උන්ගෙන් ගොඩක් දෙනා මේ වනවිට ලොකූ රැකියා කරන පොහොසත් අය. මුදල් හදල් යහමින් තියෙන සමහර උන් එක රැයකදී මත්පැන් වලට වියදම් කරන මුදල උඹ මට දුන් මුදලටත් වැඩියි. මට දැනෙනවා උඹ මට මේ මුදල දී විඳින දුක් කරදර. සමහර විට උඹේ ගෙදර කෑම වෙල් කිහිපයක් අඩුවෙන්න ඇති මේ නිසා. උඹේ දරුවන්ට යම් යම් අඩු පාඩු සිදුවන්න ඇති.
අනුන්ගේ මාළු ලෑල්ලක වැඩකරන උඹේ දිනක වැටුප මම දන්නවා. නමුත් උඹ මගේ ජීවිතය වෙනුවෙන් උඹේ උපරිමය කලා. ඒ වෙනුවෙන් මම මෙහෙම සටහනක් තැබුවාට, ෆෝන් තිබෙන මගේ මිතුරන් මෙය දකී, නමුත් නොදැක්කා සේ සිටියි. පෝන් එකක් නැතී උඹ මේක දකින්නේ නැතී බව මම දන්නවා. ඒත් උඹ නොදැක්කට සමාජයට උඹ වැනි මිතුරන් ගැන මම කිව යුතුමයි සේපාල.

මේ වනවිට වසර 05 කට පෙර ඉහත ලිපිය හා කථාව ලියන්නට සිදුවූ සිදුවීම 2014/12/08 දින හදිසියේ සිදුවූ මාගේ අසනීපයි. එක් වරම ඇතිවූ පපුවේ හිරවීම (Hart attack) මට ඉතා බිහිසුණු අද්දැකීමක් විය. කඩිනමින් නවලෝක රෝහල වෙත ඇතුලත් වූ මාගේ, එදිනම පරීක්ෂණ රැසක් සිදුකිරීමෙන් අනතුරුව ක්‍රීටක ධමනියේ අවහිරතා 06 ක් ඇති බව හඳුනා ගැනින. ඉන් 03 ක් 99% ක් වූ අතර, අනෙක් ඒවා 80%, 80%, 70% ක් විය. කඩිනමින් ශල්‍යකර්මයක් සිදුකලයුතු බව වයිද්ය උපදෙස විය.
ඒ සඳහා වැයවන මුදල අවමය ලක්ෂ 08 ක් බව දැන්වීය. මරණයේ දොරකඩ සිටී මාගේ ඊළඟ අභියෝගය එතරම් මුදලක් ඉක්මනින් සෙවීමය.
මාගේ එකම අදායම වුයේ දුබලතා විශ්‍රාම වැටුපයි. ඒ මුදල මා මෙහි සඳහන් නොකරමි. එයින් මා ඇතුළු 05 දෙනෙක් එදා ජිවත් විය. බැංකු වල හා වෙනත් ඉතිරි කරගත් මුදල් හා නිවසේ තිබු රන් ආභරණ සියල්ල වෙනුවෙන් රුපියල් ලක්ෂ 07 ක මුදලක් සොයා ගැනුණු අතර, හිතවත් කිහිප දෙනෙකුද යම් මුදලක් ලබා දුනි. තවත් 50000 ක පමණ මුදලක් අඩු පාඩුව තිබු අතර, ඉහත මා මිතුරු සේපාල ගේ මුදල එම අවස්ථාවේදී කෝටියක් පමණ වටිනා මුදලක් විය. ඉතිරිය මාගේ බිරිඳ විසින් මහත් වෙහෙසක් දරා සොයාගෙන තිබිණ. දින 20 ක් වැනි කාලයක් තුල අවශ්‍ය මුදල් සොයා ගැනීමෙන් පසු ශල්‍යකර්මයට භාජනය විය.

ක්‍රමයෙන් සුවවූ මා මේ අවස්ථාවත් සමගින් විශාල සමාජ අද්දැකීමක් ලැබිය. එනම් මිතුරන් කවුද යන්නය. සාමාන්‍යයෙන් හැමෝටම මෙන් මටත් පාසලේ, ගමේ, රැකියාවේ මෙන්ම වෙනත් විවිධ හිතවතුන් මිතුරන් බොහෝ සිටියද, එවන් අවස්ථාවේ ඒ සියළු හිතවතුන් කොහේ සිටියේද යන්න තවමත් ගැටළුවක් විය. පාසලේදීත් ගමේදීත් එකම බත් පත බෙදා ගෙන කෑ මිතුරන් මෙන්ම, රැකියාවේදී එකම කල්දේරම් බත් කෑ මිතුරන් ද දහස් ගණනකි.
මුදල් බෙහෙවින් ඇති එක් හිතවතෙකුගෙන් රු: 20000 ක ණය මුදලක් ඉල්ලු මට ඔහුගේ පිළිතුර වුයේ මේ දිනවල මුදල් නොමැත යන්නය. මුදල් බොහෝ ඇති ඔහු එසේ පවසා ඇත්තේ මා මියගිය හොත් නැවත එම මුදල අයකර ගැනීම ඔහුට ගැටළුවක් බැවිනි.
කිසිඳු අපහසුවකින් තොරව සාධාරණ මුදලක් මා වෙනුවෙන් වැය කල හැකි එවන් පුද්ගලයින් සමග ඉහත මගේ මිතුරා සේපාල සංසන්දනය කල විට ඔවුන් අහස පොලව සේ දුරස් ක්ෂිතිජය ටවත් ලඟා නොවන අය විය.

දිනක වැටුප ලෙසින් රුපියල් 800 ක් ලැබූ සේපාල උඹ කල කැප කිරීම මා හට කදිම සමාජ පාඩමක් කියා දුනි.
සේපාල මට උඹ ගැන අතීත සිදුවීමක්ද සිහිවුනි. එනම් දිනක් මා පුහුණුවක් නිමවී තණමල්විල පුහුණු පාසලේ සිට ගනේමුල්ල කඳවුර දක්වා ට්‍රක් රථයකින් එන අතරතුරදී උඹේ මාළු ලෑල්ල අසලින් ආව උඹට මතක ඇති. මා වාහනයේ සිට උඹට අත වැනුවා මතකද. එදා එම වාහනයේ මගේ හමුදා සාමාජික පිරිසක් සිටී බැවින් උඹ මා ආමන්ත්‍රණය කලේ "සර්" යනුවෙනි. උඹ එදා මට ගරුත්වය දුන්නේ උඹේ රැකියාව තුලින් මට අවනම්බුවක් වනු ඇතැයි යන හැඟීමෙන් බව මා දනී සේපාල. උඹ වැනි කල්‍යාණ මිතුරන් ඉතා විරලයි. එනිසයි උඹට උපහාරයක් ලෙසින් මා මෙය ලියන්නේ.

තවත් කිවයුතු විශේෂ දෙයක් ඇත. මට ඒ අවස්ථාවට ලේ පයින්ට් 05 ක් අවශ්‍ය වී තිබුණි. ඒ වෙනුවෙන් මා එවකට කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති තුමන් දැනුවත් කෙරින. එතුමා වහා ක්‍රියාත්මකවී ඒ වෙනුවෙන් නියමිත දිනයේ හමුදා සාමාජිකයින් අවශ්‍ය පමණටත් වඩා වාහනයක් සමගින් නවලෝක රෝහල වෙත එවීමට බොහෝ කාරුණික විය. ඒ එවකට බලසේනාධිපති කර්නල් සේනාරත්න මැතිතුමායි (වර්තමාන මේජර් ජෙනරාල් නිලයේ සිටින) මේ මොහොතේ එතුමාද හෘදයාංගව සිහිපත් කරමි. ස්තුතිය පුදමි. තවද ලේ ලබාදීම වෙනුවෙන් පැමිණි නම් නොදන්නා එම සියලු රණවිරුවන්ද කාරුණිකව සිහිපත් කරමි.

මාගේ සැබෑ කලන මිතුර, සේපාල නුඹට ස්තුතී කිරීම මේ ලිපියේ අරමුණ වූ අතර, එතුලින් තවත් දිග කතාවකට මා ගියේ ජිවිත අද්දැකිමක්ද හෙළි කරමින්, මිතුරෙකුගේ ගුණ කතනයක් මිස හුදෙක් මෙය කිසිවෙකුට හෝ අවනම්බුවක්, අපහසු තාවයක් ගෙන ඒමට ලියු ගෙතූ කතාවක් නම් නොවන බව කාරුණිකව දන්වමි.

රණවිරු බන්දුල දසනායක ✍️

උපුටාගැනීමකි =>>

සෙංකඩගල නුවරට වහින වැස්ස 😁
25/12/2022

සෙංකඩගල නුවරට වහින වැස්ස 😁

මේ ඉන්නෙ කඩුවෙල කොතලාවල P&S එකේ සේවය කරන හසිඳු කවිරාජ් මල්ලි. මේ ඉරිදා මන් පවුලෙ අයත් එක්ක ගමනක් ගිහින් P&S එකෙන් උදේට ක...
16/11/2022

මේ ඉන්නෙ කඩුවෙල කොතලාවල P&S එකේ සේවය කරන හසිඳු කවිරාජ් මල්ලි. මේ ඉරිදා මන් පවුලෙ අයත් එක්ක ගමනක් ගිහින් P&S එකෙන් උදේට කෑම අරගෙන ආවා.ටිකක් වෙලා යද්දී මගේ චූටි දුවගෙ කරේ චේන් එක නැතිබව දැනිලා..අපි අතර මග නැවතුන තැන් ගැන කල්පනා කරලා නැවතුන එකම තැන P&S එක නිසා මන් එතෙන්ට ගිහින් කාටත් නොදැනෙන්න අවට පරීක්ෂා කරලා බැලූ නමුත් ටිකක් කළබලකාරී ස්ථානයක් වූ එතැන කිසිදු හෝඩුවාවක් නොතිබූ නිසා අන්තිමට වෙත කළ නොහැකි දෙයක් නැති නිසා මන් කැෂියර් එකට ගිහින් සිදුවීම ගැන පවසා සිටියා.
ඉන්නෙ සර් අරයා චුට්ටක් හමබ වෙන්න කියලා මේ හසිඳු මල්ලිව පෙන්නුවා ..මන් ගිහින් ඇහුවා මල්ලි චේන් එකක් මගේ වැටිලා තිබුනා ඒකයි චුට්ටක් ආපහු බලන්න ආවෙ කියලා ...කොහොම එකක්ද සර් කියලා ඇහුවම මන් විස්තර කලා..ආ සර් මේකද චේන් එක කියලා දුවගෙ චේන් එක පෙන්නුවා.ඒක මන් කෑම ගත් මේසෙ ලඟ බිම වැටිලා තිබිලා මේ මල්ලි අහුලගෙන...කැෂියර් එකට දීලා අයිතිකරු ආවොත් මේක දෙන්න කියලා .
මට චේන් එක ලැබුනා .මන් ගිහින් ඒ මල්ලිගෙන් ඇහුවා බොහොම ස්තුතියි මල්ලි මොනවාද මන් ඔයා වෙනුවෙන් කරන්න ඕනෙ කියලා ...
මොනවත් ඕන්නෑ සර්...කියලා බොහොම නිහතමානීව මේ පොඩි වයසෙ ඉන්න හසිඳු මල්ලි කිව්වා.
මෙහෙම ලියන්න හිතුනෙ ඇත්තටම ජීවිතේ ගැටගහාගෙන යන්න මෙච්චර අමාරු කාලෙක මේ මල්ලිව කොච්චර මුදල් අපහසුකම් ඇතිද??.අතට කීයක් හරි ලැබෙනවා නම් කොච්චර දේවල් කරගන්න ඔහුට ඇතිද...
ඒත් ඒ සියල්ලලටම ඉදිරියේ ඔහු ලඟ තිබුණු මනුස්සකම ,
සල්ලි වලින් මැණිය නොහැකි යුක්තිගරුක බව කොච්චරක්ද??.
මුදල් වලින් මැණිය නොහැකි මනුස්සකමින් ඔපවත් වුනු මෙවැනි තරුණ දරුවන් මේ සමාජයට වාසනාවක්.
ඔහුටත් , ඔහු වැනි පුතුන් මෙලොවට දායාද කල දෙමාපියන්ටත් උපහාරයක්ම වේවා..🙏🙏🙏🙏

මනුස්සකම පිරුණ මිනිසුන් ❤️

සුවඳ පිටුවත් ෂෙයා කරන්න අමතක කරන්න එපා

14/01/2022
11/11/2020

බැංකු පොත මට දියන් හංගපු තැනින් දැන්වත් ගමේ යන්න
මගේ අක්කට නිදාගන්නට ලෑලි පෙට්ටිය අරන් දෙන්න..😭

09/09/2020

මස්, මාළු අනුභවය හා නිර්මාංශ වීම පිළිබඳ වැදගත් දේශනාවක්

මහා වෘක්ෂයන් ආඩම්බරයෙන් ඉහළ අහසට නැගී සිටින්නේ, සුළි සුළඟටත් ඔරොත්තු දෙන ශක්තිමත් මූල පද්ධතිය නිසයි. 💖 ඒ මූල පද්ධතිය අමත...
16/10/2019

මහා වෘක්ෂයන් ආඩම්බරයෙන් ඉහළ අහසට නැගී සිටින්නේ, සුළි සුළඟටත් ඔරොත්තු දෙන ශක්තිමත් මූල පද්ධතිය නිසයි. 💖
ඒ මූල පද්ධතිය අමතක කළ දින දී ඒ අහංකාර වෘක්ෂයන්ට ඉහළ අහස අහිමිව නිසැකව ම බිමට පතිත වීමට සිදුවනු ඇත..🤔 - ( යබානා)💖

තමන් කාපු ටොෆියේ කොළය ටොෆිය ගත්ත කඩේ ඉස්සරහ ම බිමට විසිකරන මිනිසුන්, අනුරාධපුරයේ වන්දනා කරන්න ගිහින් තමන් ගෙනියන කෑම කොළ...
16/10/2019

තමන් කාපු ටොෆියේ කොළය ටොෆිය ගත්ත කඩේ ඉස්සරහ ම බිමට විසිකරන මිනිසුන්, අනුරාධපුරයේ වන්දනා කරන්න ගිහින් තමන් ගෙනියන කෑම කොළේ වැවට දාන මිනිසුන්, ශ්‍රී පාදය වදින්න ගිහින් සීත ගඟුලට ප්ලාස්ටික් එකතු කරන මිනිසුන්, මුහුදු වෙරළට ගිහින් රැල්ල පාගලා, එහි සුන්දරත්වය විඳලා ඒ රැල්ලට ම තමන් අත රැඳි ප්ලාස්ටික් බෝතලය විසිකර, එය රැල්ලට ගසාගෙන ඈතට යන අයුරු බලා සතුටු වෙන මිනිසුන්, අලුතින් දුම්රියක් ධාවනයට යෙදවූ කල මගීන් ඉඳගන්නා අසුන ඉරා දමන මිනිසුන්, ගිය ගිය තැන මග සලකුණු තබන්නා සේ තැන නො තැන නො බලා බුලත් කෙළ ගසන මිනිසුන්, හපා විසිකරන බබල්ගම් හපය ඉඳන් ඉන්න තැන අලවන මිනිසුන්, දෙනෝදාහක් ගැවසෙන තැනක වුණත් සිගරට්ටුව උරා තමන් විතරක් නො ව අවට මිනිසුන් ද රෝගී කරන මිනිසුන්, ......කෙටියෙන් ම කියතොත් "ගිය තැන වසුරු හෙලන මිනිසුන්"" රට හදන්න ආවේ නැති වුණාට කමක් නෑ.. තමන් හැදෙන්න 👊 ඒක තමයි මේ රටට කරන ලොකු ම සේවය 💖🙏 ( යබානා )

ආදරයේ අතුරු කතාවක්තෙවන දිගහැරුම..           පොකට් අජිත් හතළිස්හතේ වත්තේ විසූ දාමරිකයෙකි. ඔහුට නවාතැන් දෙකක් තිබිණ. එකක් ...
07/10/2019

ආදරයේ අතුරු කතාවක්

තෙවන දිගහැරුම..

පොකට් අජිත් හතළිස්හතේ වත්තේ විසූ දාමරිකයෙකි. ඔහුට නවාතැන් දෙකක් තිබිණ. එකක් වසා දැමූ පොදු ළිඳ අසල ලෑලි කාමරය වූ අතර, අනෙක වැලිකඩ හිරගෙදර වාට්ටුවකි. ඔහු තදින් හෙරොයින්වලට ඇබ්බැහි වී සිටියේ ය.

පොකට් අජිත් හිරගෙදර සිට එන සෑම විටෙක ම පාහේ නව සාමාජිකයෝ රැසක් ඔහු හමුවීමට හතළිස්හතේ වත්තට එති. අජිත්ගේ ගෙයි පිලිකන්නේ අඹ ගහ යට පන්තියකි. හේ නවකයින්ට පොකට් ගැසීම උගන්වයි. න්‍යායික දැනුම පමණක් නො දී ප්‍රායෝගිකවත් හුරුකිරීම නිසා අලුත් මුහුණු රැසක් ඔහු වටා ගැවසිණ.

".. යකෝ, පත්තරේ පුළුවන් තරම් හතරට නවල රෝල් කරගනිං. මේ බලපන්.. මෙන්න මෙහෙම.. මැද ඇඟිල්ලයි, මාපට ඇඟිල්ලයි තමයි හරියට වැඩ කරන්න ඕනෙ. එළියට ඇදපු ගමන් පර්ස් එක පත්තරේ ඇතුළට දාගන්න ඕනෙ, මෙහෙම.. ඊට පස්සෙ පාස් කරන්න ඕනෙ. ෆුට් බෝඩ් එකේ එකා බැස්සා ම ගේම ෆිනිෂ්.

අජිත් බැරෑරුම් ලෙස නළල රැලි ගන්වා සිය ගෝළයින් අමතයි.

"..වැඩක් හරියට කරගත්තොත් ඉතින් ඔක්කොම ගොඩ.. බයෙන් මේ රස්සාව කරල හරියන්නෙ නෑ. ෂුවර් නම් විතරක් ගේමට බහින්න ඕනෙ. එකෙක් කුණක් කෑවොත් ඔක්කොටම කන්න වෙනවා.."

අජිත්ගේ ගුරු පඬුර හෙරොයින් පැකට් එකකි. ඉගෙනගන්නා නවකයින් තම 'පළමු වැඩය' කර ලබා ගන්නා මුදල අජිත්ට දිය යුතු ය. ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ද සියල්ලන් ම සහභාගී විය යුතු ය. අලුත් රැකියාවට අජිත් විවරණ දෙන තුරු කිසිවෙකුටත් තනිතනි ව වැඩ කිරීම තහනම් ය. නවකයෝ එම රීති අකුරට පිළිපදිති.

කුමාර පාරේ ක්‍රිකට් සෙල්ලම් කරන වේලාවක බෝලය ඇදී ගොස් රැඳී තිබුණේ අජිත්ගේ මිදුලේ ය.

".. ආ.. මෙන්න මල්ලි බෝලෙ.."
අජිත් හා කුමාර හතළිස්හතේ වත්තේ විසුව ද, එකිනෙකා දැක තිබුණ ද, ඔවුන් මුල් වරට කතාබහ කරන්නේ එදා ය. ඉන්පසු අජිත් හා කුමාර අතර මිත්‍රත්වය දලු ලා වැඩිණ.

"කුමාර! උඹට මොකද්ද තියෙන ගනුදෙනුව පොකට් අජිය එක්ක .? උඹත් පොකට් ගහන්න යන්නද ඌත් එක්ක?"

ඒ මල්ලිකා නැන්දා ය. අම්මා හැර කුමාරට කෑගසා බණින එක ම තැනැත්තිය ඈ ය. කුමාරගේ යාබද නිවසේ උන් මල්ලිකා නැන්දාත්, චූටි මාමාත් කුමාරටත්, ඔහුගේ මල්ලීටත් ඉමහත් ආදරයක් දැක්වූවෝ ය.

හතළිස්හතේ වත්තේ කිසිවෙකුගෙන් සීතාඅම්මා මෙතෙකැයි කියා එක වචනයක් අසා නැත. ඈ හැකි විදිහට අසල්වැසියන් සමඟ කටයුතු කළා ය. නමුත් සීමා සහිතව ය. වතුවාසීන් අතර නිල නො ලත් මාධ්‍යවේදීන් හා රොයිටර් වාර්තාකරුවන්-කාරියන් එමට ය. අලුත් තොරතුරු සෙවීම හා ඒවා ජනගත කිරීමට ඔවුහු දිවා රෑ නො බලා සැදී පැහැදී සිටිති.

"..පොඩියව නාකොටික් එකෙන් උස්සලා.."

ආරංචිය ඉක්මන් ය. ප්‍රවෘත්තිය එන්නේ දුවගෙන ය. මාග්‍රට් සැනින් වත්ත පුරා ම ආරංචිය පැතිරුවා ය.

".. සීතො, නාකොටික් එකෙන් පොඩියට හොඳට ම ගහලයි කියන්නෙ ජීප් එකට දාගත්තෙ. සාක්කුවෙ ග්‍රෑම් දහයක් තිබිලා ලු. මේ පාර නම් ෂුවර් හයිකෝට්! උන්ව හදන්න බෑ බං. මට ඒත් නිකමට හිතුණා පොඩියයි අජිතුයි ආයෙත් යාළුකම් පවත්තද්දි.. මට හැබැයි ටික දවසක ඉඳන් උගේ වෙනසක් තේරුණා. ඒත් අපිට උන්ගෙන් අහන්න බෑ නෙ. මං නිකන් හිටිය.."

හිත හොඳ නිසා පොඩියාට මිතුරු සමාගමය වැඩි ය. එහෙයින් ඔහුට විවිධ කරදරවලින් අඩුවක් නැත. මීට දෙවසරකට පෙර ඔහුට රැයක් පොලිස් කූඩුවේ සිටින්නට වූයේ හිත හොඳකම නිසා ය. පෙදරේරුවකු වූ අනිල් යටතේ වැඩ කරන කාලයේ හවස වැඩ ඇරී එද්දී ඔහුගේ සයිකලයට මඟදි ගොඩවූ ජයතුගේ සාක්කුවේ තිබූ හොරෙයින් පැකට් එකක් නිසා පොඩියාට රැයක් පොලිස් භාරයේ සිටින්නට සිදු විය. එම ප්‍රවෘත්තිය වත්තේ බෙදා හැරියේ ද මාග්‍රට් ය.

".. ඈ පර බල්ලො.. උඹ ඔය කරන දහදුරා වැඩවලට අපේ උන්වත් හවුල් කරගත්තද ඒ පාර?"

" ඇයි මොකද්ද වෙලා තියෙන්නෙ මල්ලිකා අක්කෙ?"

"මොකද්ද වෙලා තියෙන්නෙ? උඹ බබානෙ. අන්න පොඩිය ග්‍රෑම් දහයක් එක්ක අහුවෙලා ලු.. හැබැයි උඹ හෙට ගිහින් ඒ බඩු උඹේ කියල නඩුව භාර නො ගත්තොත් මං නරක ගෑනියි කියන්නෙපා. "

"..සීතම්මේ තේ එකක් ඕනේ.."
බෙල් එක ගහගෙන බයිසිකලයේ ආවේ පොඩියා ය. මල්ලිකා නැන්දා අජිත්ගේ මූණ දෙස බැලුවා ය. අජිත් මල්ලිකා නැන්දා දෙසත්, පොඩියා දෙසත් මාරුවෙන් මාරුවට
බැලුවේ ය.

ඈ වහා මාග්‍රට් සොයා දිව්වා ය.

ආදරයේ අතුරු කතාවක්
- චතුරංග හෙට්ටිගේ

හතර වන කොටසින් හමුවෙමු.

දෙවන දිගහැරුම.." සවන් දෙන්න. තුන් වන වේදිකාවට දැන් පැමිණි දුම්රිය මරදානට පමණි..."මරදාන දුම්රිය පොළ පුරා ම ඇත්තේ ඇඳ සිටින...
30/09/2019

දෙවන දිගහැරුම..

" සවන් දෙන්න. තුන් වන වේදිකාවට දැන් පැමිණි දුම්රිය මරදානට පමණි..."

මරදාන දුම්රිය පොළ පුරා ම ඇත්තේ ඇඳ සිටිනා ඇඳුමකුදු නො පෙනෙන තරමේ මිනිස් හිස් ගොඩකි. කුමාර ඒ මේ අත රිංගා එළියට විත් පංචිකාවත්ත පැත්තට ඇවිද්දේ ය. පාරේ තැනින් තැන අඹකොළ හැඩැති උස් ගස් ය. ඒ ගස් අසල ම කුඩා ලොතරැයි කූඩු වැනි කුඩා කූඩු තබා ඇත. ඒවා තට්ටු ය. තට්ටුවක් පිරෙන්න ම වාහන අමතර කොටස් ය. ඒ අසල පොදි කන ගරාජ්කරුවෝ ය; වාහන අයිතිකරුවෝ ය. එවැනි තට්ටු කීයක් පසු කරමින් ආවේ දැයි කුමාරට මතක නැත. සරත් මාමාගේ කඩය ඇත්තේ වම් පැත්තේ ය. කුමාරට රැකියාව ලැබෙන කඩය ඇත්තේ දකුණු පැත්තේ ය. කුමාර දැක සරත් මාමා පාරට ආවේ ය.

" කුමාර, ඔහොම පොඩ්ඩක් ඉඳපන්. උඹ මේ ඇවිත් ඉන්නෙ මකර කටකට. කාත් එක්ක වත් වැඩි ආස්සරේකට නො ගිහින් පාඩුවෙ වැඩ ටික කරපන්. රත්මලානෙ හිටපු උඹට මෙහේ ජීවිතේ ගැන අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑ නෙ. හැබැයි මෙහේ ටිකක් විතර වෙනස්. මේකෙ තියෙන ගස්ගල්වලටත් සල්ලි දැක්කා ම පණ එනවා. උඹ කල්පනාවෙන් පුතේ!"

සරත් මාමා ඔළුව අතගෑවේ ය.

"..කඩේ මිනිස්සුත් නරක අය නෙමෙයි. එහෙම නම් මම කීයට වත් උඹව ඔතෙන්ට දාන්නෙ නෑ. ඒ මිනිස්සුන්ගෙත් හිත දිනාගෙන ඉන්න බලපන්.."

කුමාර හිස වනා පාර මාරු වී යන තුරු ම සරත් මාමා බලා සිටියේ ය.

නුපුරුදු කොළඹ මහ දවාලෙත් සොරකම් ය. දුටුවත් අහක බලන මිනිස්සු ය. ඇසුවත් නො කියන වෙළෙන්දෝ ය. ගසක් අයිනේ නතර කර තිබූ ස්කූටරයක පැති කණ්ණාඩි දෙක ගලවා ගත් මිනිසෙක් එය තට්ටුවක් යටට විසි කළේ ය. ඒ සමඟ ම පැමිණි හෙල්මටයක් පැලඳි අයෙක් වටේපිටේ මිනිසුන්ගෙන් යමක් විමසයි. දෙනෝ දහක් බලාසිටියදී වූ සොරකම කිසිවෙකුත් නො දුටු සෙයකි. කුමාර හඬ අවදි කළේ ය. ඒ වන විට සොරාගත් තැනැත්තා ද ඒ අතර විය.

" මේ ඉන්නෙ ගත්තු එක්කෙනා. මං දැක්ක ගලවල අර තට්ටුව යටට දානවා."

අයිතිකරුවා සොරාගේ බෙල්ලෙන් අල්ලා ගත්තේ ය. කණ්ණාඩි නැවත ලැබිණ.

"..බල්ලා!.."

අයිතිකරුවා යන තෙක් බලා සිටි හොරා කුමාරගේ කම්මුලට ගැසුවේ ය.

නුහුරු තැනක කලබල නො කළ යුතු ය. අසාධාරණය වෙනුවෙන් ඔහුට ලැබුණේ අතුල් පහරකි. සරත් මාමා කියූ දේ ඇත්ත ය. පංචිකාවත්ත මකර කටකි.

සරත් මාමා කියූ හැටියට 'අංජන මෝටර්ස්' ඇත්තේ 'නවගිරි මෝටර්ස්' එකට කඩ දෙකකට එහා ය. හොරා කනට ගැසුවේ 'නවගිරි මෝටර්ස්' ඉදිරිපිට ය. 'අංජන මෝටර්ස්' ඔහුගේ නෙත ගැටිණ.

".. අර වැඩට කෙනෙක් හොයනව කිව්වෙ මෙහේ නේද ?"

".. ආ ඔව්. ඔයාව සරත් මහත්තය ද එව්වෙ?"

ඒ කටහඬ අමුතු ය. ලතාවකට ඇද පැද කතා කරන ඒ හඬ ගැහැනු කටහඬක් නො වේ; පිරිමි හඬක් ද නො වේ. ඒ අතර මැද පවතින, ගැහැනුපිරිමි හඬ මුසු වුණු හඬකි.

".. ඔව් මං තමයි.

".. මොකද මේ මූණ තඩිස්සි වෙලා?

ඔහු කට උල් කරමින් අසයි. ඔහුට ඕන නැති දෙයක් නැත. දිය යුතු පිළිතුරක් ද මතක් නො වේ.

" ආ.. මේ දතක් එන්න..!"

" දතක් එන්න.. ? හහ් හහ් හා.. අපි දැක්ක රිස්වාන් කන අත ගානවා. ඔයින් ගියා ඇති. තව පොඩ්ඩෙන් දත් සෙට් එක ම අතේ තමයි ගේන්න වෙන්නෙ. අන්න බොස් එන්න කිව්වා. "

හැමතැන ම ලයිට් ය. වටේ රාක්ක ය. තැනින්තැන බෆර් ය. කණ්ණාඩි ය. ඒ අතරින් කුමාර ඇවිද යයි. ඔෆිස් එකේ වාඩි වී සිටි තැනැත්තා වැඩක ය.

".. ආ.. ආවද ? කුමාර නේද නම ?

" ඔව් සර්.."

" සර්? සර්ල ඉන්නෙ ඉස්කෝලවල නෙ."

කුමාර බලා සිටියි.

" නෑ මං විහිලුවට කිව්වෙ. මට සර් කියන්න එපා. සමන් අයිය කියන්න. මාත් එක්ක වැඩ කරද්දි උඹට තේරෙයි මං කවුද කියලා. ආ.. ඒක නෙමෙයි කුමාර, ආයෙ අර වගේ ඒවට පැටලෙන්න එපා. ඔය කුඩ්ඩන්ට අණක්ගුණක් නෑ. මේකෙ ඉන්නකොට ඇස්කන් පියාගෙන ඉන්නව නම් ඇඟට ගුණයි. අදින් පස්සෙ ඔයාට ඇහෙන දකින හැම දේ ම නෑසුණ, නො දැක්ක ගාණට ඉන්න. එහෙම තමයි මේකෙ ඉන්න වෙන්නෙ. "

ආදරයේ අතුරු කතාවක්
- චතුරංග හෙට්ටිගේ

ලබන සතියේ තුන් වන කොටසින් හමුවෙමු.

✍️ කියවන්න කලින් වචනයක්..මං හිතාගෙන හිටියෙ මේ කතාව පොතක් විදිහට ඔබේ අතට පත් කරන්න. ඒත් ඒක බැරි වුණා. ඉතින් මං තීරණය කළා ...
23/09/2019

✍️ කියවන්න කලින් වචනයක්..

මං හිතාගෙන හිටියෙ මේ කතාව පොතක් විදිහට ඔබේ අතට පත් කරන්න. ඒත් ඒක බැරි වුණා. ඉතින් මං තීරණය කළා සුවඳ ෆේස්බුක් පිටුව ඔස්සේ ඔබට දෙන්න. දැනට හිතන් ඉන්නෙ සතියට එක පාරක් පළ කරන්න. ඒත් පළමු කොටසට ලැබෙන ප්‍රතිචාර අනුව සතියකට දෙපාරක් පළ කරන්න පුළුවන්.
පිටුවටත් like එකක් දාල, comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

************************************************

පළමු දිගහැරුම..

උදේට හතළිස්හතේ වත්ත එක ම කරච්චලයකි. උඩු කයේ තුවා දමාගත් මිනිසුන් ද ඒ හක්කෙන් මේ හක්කට බුරුසු මාරු කරමින් කයිවාරු ගසන්නන් ද හිස් වන කරාමය තමාට හිමිකර ගැනීමේ තරඟයක ය. මීට හය මාසයකට පෙර හතළිස්හතේ වත්තේ මිනිසුන්ගේ ජල අවශ්‍යතා සැපිරීමට තිබුණේ දෙකට බෙදූ පොදු ළිඳකි. වැල්ලේදී ගෝරියක් දමාගෙන තැනින්තැන කැපුම් තුවාල සහිතව මියගොස් සිටි නන්දෙ අයියාගේ සිරුර පොදු ළිඳෙන් හමුවීමත් සමඟ වතුවාසීන් අතර ළිඳ පාවිච්චිය මඟහැරිණ. පළාත් සභා මන්ත්‍රීගේ ඩිෆෙන්ඩරය එලවන රංජිගේ මුල්වීමෙන් ගමට වතුර කරාමයක් ලැබුණි. හිරිගඩු පිපෙන සීතලේ ඇඟ පිස දා ගත් කුමාර රෙදි බාල්දිය වමතට ගත්තේ ය.

"..කුමාරයියේ සබන් කෑල්ල ටිකක් දියන්කො. මං ගාල ඉවරවෙලා සීතඅම්මට ගෙනත් දෙන්නම්."

".. ඉඳා.. ඕක ආයෙ ඕනෙ නෑ. උඹ ම තියාගනිං."

කුමාර ඔළුව පිසදමමින් ම නිවසට ගියේ ය. වතුර ගෑවුණු විට ඔහුගේ සෙරෙප්පුවලින් 'කිරිස් කිරිස්' හඬක් නැඟෙයි. බාල්දිය අම්මාට දුන් ඔහු තවමත් ඔළුව පිසදමයි.

" කෝ සබන් කෑල්ල?"

" බීඩියට දුන්නා."

" උඹ වෙස්සන්තර ද? නාන්න යන හැම පාර ම සබන් කැටේ පූජ කරල එන්න? අපිට හතර මහ නිධානෙ පහළවෙලා තියෙනවනෙ එකඑකාට සබන් කැට දීල එන්න."

" ඌ ආපහු ගෙනත් දෙන්නම් කිව්වෙ.."

" අනේ උගෙ ආපහු දීම! බලන් ඉඳපන් මේං කියල ආපහු ගෙනත් දෙනකන්. මේකෙ එවුන් කවද්ද බං ගත්තු එකක් ගෙනත් දුන්නෙ? යකෝ! මේ හැතිකරේට සබන් කෑල්ලක් වත් ගන්න හිතෙන්නෙ නෑනෙ තමන්ටෙයි කියල. ඒකත් එකඑකාගෙන් ඉල්ලගන්නවා."

" හරි හරි අම්මෙ ඌ ගාල ඉවරවෙලා ගෙනත් දෙයි."

" නෑ. නෑ. ආයෙ ඕනෙ නෑ. ඒක ඌට ම තියාගන්න කියපන්. උන් ගාපු ඒව ආයෙ උඹ ගාන්න ඕනෙ නෑ. ගෙනාවත් මං ආපහු හරවල යවනව ඌට ම තියාගනිං කියල. ආ මේ තේ එක බීපන්. උඹ එතන වැඩට ඉන්න ඕනෙ 8ට නේද?"

"හ්ම්.." කුමාර තේ එක බොමින් පිළිතුරු දෙයි.

"තාම හයහමාරයි. වෙලාව නම් ඇති. පළවෙනි දවස හින්ද වේලාසනින් ගිහින් බලපන්. ඊට පස්සෙ වෙලාව හදාගනින්.

"හ්ම්."

සීතා අම්මා ධෛර්යමත් ගැහැනියකි. වතු සංස්කෘතිය තුළ ස්වාමියා ද නැතිව පිරිමි දරුවන් දෙදෙනෙකු උස්මහත් කිරීම වීරකමකි. කිසිවෙකුගෙන් කතාවක් නො අසා ජීවත් වීම ඊටත් වඩා වීරකමකි. ඈ උදේ සිට රෑ වන තුරු ඇඟලුම් කම්හලක මැෂින් පාගමින් දරුවන්ගේ යුතුකම් සියල්ල නිසි ලෙස ඉටු කළා ය.

".. කුමාරව පොලිසියෙන් අල්ලලා!"
සුපවයිසර්වරයෙකු සීතම්මාට කියද්දි කලබලයට පත් ව නැඟී සිටීමට යාමේදී ඇගේ දබරැඟිල්ල ක්‍රියාත්මක වන මැෂින් ඉදිකටුවට හසු වී දෙතුන් පලක් සිදුරු වී ගියේ ය. ඈ වහා තම ලේන්සුව දවටා අඬමින් පොලීසියට ගියා ය.

කුමාර චූටාත් සමඟ කූඩුවේ ය. චූටාගේත් කුමාරගේත් මුහුණු තඩිස්සි වී තිබිණ. ඈ වහා ස්ථානාධිපති කාමරයට දිව්වා ය. ලේන්සුව තෙත් වී ලේ බේරෙන ඇඟිල්ල ඈට ගාණක් නැත. ඈ කතා කළා ය.

" මනුස්සයත් නැතුව මං මගේ කොල්ලො දෙන්නව හැදුවෙ පොලීසිවලින් ගුටි කන්න නෙමෙයි මහත්තයො. අර කූඩුවෙ ඉන්න උස එකා මගේ ලොකු කොලුවා. ඌ කවදාවත් වැරදි දේවල් කරන්නෙ නෑ කියල මට විශ්වාසයි. ඌ දන්නව ඌව උස්මහත් කරන්න මං විඳපු දුක. මට ගමේ එවුන් කිව්වා මගේ එකාව දාගත්තෙ සැකේටයි කියල. කොල්ලගෙ මූණත් තඩිස්සි වෙලා. මහත්තයල ගැහුවට මං තරහ නෑ. ඒ දුකත් මං විඳගන්නම්. අනේ මහත්තයො මගේ එකාට යන්න දෙන්න. ඌ වැරදි කරන එකෙක් නෙමෙයි මහත්තයෝ.."

ඉරී සිදුරු වී ගිය ඇඟිල්ලෙන් දැනෙන වේදනාවට වඩා තැලුම් සහිත මුහුණින් යුතු ව පොලිස් කූඩුවේ සිටින කුමාර දකින සීතම්මාට දැනෙන වේදනාව වැඩි ය. ඈ හඬා වැටුණා ය. සියලු දේ අසා සැක හැර දැනගත් ස්ථානාධිපතිවරයා නැඟී සිටියේ ය.

"ජනක, මේ දෙන්නව ජීප් එකෙන් ම හොස්පිටල් එක්කන් ගිහින් මේ අම්මගෙ ඇඟිල්ලට බෙහෙත් දම්මගෙන ගෙදරට ම ගිහින් ඇරලවන්න."

කුමාරට නිකරුණේ ගෙදරට වී සිටීමට ඉඩ හැරීම තවත් ප්‍රශ්නාවලියක ආරම්භයක් බව දුටු සීතම්මා කුමාරට රැකියාවක් සෙවීම සඳහා තමන්ගේ මල්ලීගේ උදව් පැතුවා ය. කුමාර මේ පිටත් වීමට හදන්නේ මාමා සොයා දුන් එම රැකියාවට ය.

"පුතේ, සරත් මාමා පංචිකාවත්ත ගැන මට ගොඩක් දේවල් කිව්වා. එක අතකින් උඹ ඒ මකර කටට යවන්නත් මොකද්ද වගේ. ඒත් වෙන කරන්න දෙයක් නෑ. ගෙදර හිටියොත් උඹ නාස්ති වෙනවා. ඒක නිසයි මං මේ තීරණේ ගත්තෙ. හොඳට වැඩ ඉගෙන ගනිං. මහන්සි නො බලා යකා වගේ වැඩ කරපන්. මල්ලිත් ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන්න ළඟයිනෙ. එතකොට ඌවත් උඹ ළඟට ම ගන්න බැරි යැ. දෙයක් කරන්න, කියන්න කලින් සිය පාරක් හිතපන්. අඩු ම තරමෙ සරත් මාමගෙ නම්බුව වත් රැකපන්."

ඒ සියල්ල ආයාචනා ය. කුමාර ඈට වැන්දේ ය. ඈ කුමාරගේ නළල ඉම්බා ය.

ආදරයේ අතුරු කතාවක්
- චතුරංග හෙට්ටිගේ

ඊළඟ කොටසින් හමුවෙමු.

පළමු දිගහැරුම..              උදේට හතළිස්හතේ වත්ත එක ම කරච්චලයකි. උඩු කයේ තුවා දමාගත් මිනිසුන් ද ඒ හක්කෙන් මේ හක්කට බුරුස...
22/09/2019

පළමු දිගහැරුම..

උදේට හතළිස්හතේ වත්ත එක ම කරච්චලයකි. උඩු කයේ තුවා දමාගත් මිනිසුන් ද ඒ හක්කෙන් මේ හක්කට බුරුසු මාරු කරමින් කයිවාරු ගසන්නන් ද හිස් වන කරාමය තමාට හිමිකර ගැනීමේ තරඟයක ය. මීට හය මාසයකට පෙර හතළිස්හතේ වත්තේ මිනිසුන්ගේ ජල අවශ්‍යතා සැපිරීමට තිබුණේ දෙකට බෙදූ පොදු ළිඳකි. වැල්ලේදී ගෝරියක් දමාගෙන තැනින්තැන කැපුම් තුවාල සහිතව මියගොස් සිටි නන්දෙ අයියාගේ සිරුර පොදු ළිඳෙන් හමුවීමත් සමඟ වතුවාසීන් අතර ළිඳ පාවිච්චිය මඟහැරිණ. පළාත් සභා මන්ත්‍රීගේ ඩිෆෙන්ඩරය එලවන රංජිගේ මුල්වීමෙන් ගමට වතුර කරාමයක් ලැබුණි. හිරිගඩු පිපෙන සීතලේ ඇඟ පිස දා ගත් කුමාර රෙදි බාල්දිය වමතට ගත්තේ ය.

"..කුමාරයියේ සබන් කෑල්ල ටිකක් දියන්කො. මං ගාල ඉවරවෙලා සීතඅම්මට ගෙනත් දෙන්නම්."

".. ඉඳා.. ඕක ආයෙ ඕනෙ නෑ. උඹ ම තියාගනිං."

කුමාර ඔළුව පිසදමමින් ම නිවසට ගියේ ය. වතුර ගෑවුණු විට ඔහුගේ සෙරෙප්පුවලින් 'කිරිස් කිරිස්' හඬක් නැඟෙයි. බාල්දිය අම්මාට දුන් ඔහු තවමත් ඔළුව පිසදමයි.

" කෝ සබන් කෑල්ල?"

" බීඩියට දුන්නා."

" උඹ වෙස්සන්තර ද? නාන්න යන හැම පාර ම සබන් කැටේ පූජ කරල එන්න? අපිට හතර මහ නිධානෙ පහළවෙලා තියෙනවනෙ එකඑකාට සබන් කැට දීල එන්න."

" ඌ ආපහු ගෙනත් දෙන්නම් කිව්වෙ.."

" අනේ උගෙ ආපහු දීම! බලන් ඉඳපන් මේං කියල ආපහු ගෙනත් දෙනකන්. මේකෙ එවුන් කවද්ද බං ගත්තු එකක් ගෙනත් දුන්නෙ? යකෝ! මේ හැතිකරේට සබන් කෑල්ලක් වත් ගන්න හිතෙන්නෙ නෑනෙ තමන්ටෙයි කියල. ඒකත් එකඑකාගෙන් ඉල්ලගන්නවා."

" හරි හරි අම්මෙ ඌ ගාල ඉවරවෙලා ගෙනත් දෙයි."

" නෑ. නෑ. ආයෙ ඕනෙ නෑ. ඒක ඌට ම තියාගන්න කියපන්. උන් ගාපු ඒව ආයෙ උඹ ගාන්න ඕනෙ නෑ. ගෙනාවත් මං ආපහු හරවල යවනව ඌට ම තියාගනිං කියල. ආ මේ තේ එක බීපන්. උඹ එතන වැඩට ඉන්න ඕනෙ 8ට නේද?"

"හ්ම්.." කුමාර තේ එක බොමින් පිළිතුරු දෙයි.

"තාම හයහමාරයි. වෙලාව නම් ඇති. පළවෙනි දවස හින්ද වේලාසනින් ගිහින් බලපන්. ඊට පස්සෙ වෙලාව හදාගනින්.

"හ්ම්."

සීතා අම්මා ධෛර්යමත් ගැහැනියකි. වතු සංස්කෘතිය තුළ ස්වාමියා ද නැතිව පිරිමි දරුවන් දෙදෙනෙකු උස්මහත් කිරීම වීරකමකි. කිසිවෙකුගෙන් කතාවක් නො අසා ජීවත් වීම ඊටත් වඩා වීරකමකි. ඈ උදේ සිට රෑ වන තුරු ඇඟලුම් කම්හලක මැෂින් පාගමින් දරුවන්ගේ යුතුකම් සියල්ල නිසි ලෙස ඉටු කළා ය.

".. කුමාරව පොලිසියෙන් අල්ලලා!"
සුපවයිසර්වරයෙකු සීතම්මාට කියද්දි කලබලයට පත් ව නැඟී සිටීමට යාමේදී ඇගේ දබරැඟිල්ල ක්‍රියාත්මක වන මැෂින් ඉදිකටුවට හසු වී දෙතුන් පලක් සිදුරු වී ගියේ ය. ඈ වහා තම ලේන්සුව දවටා අඬමින් පොලීසියට ගියා ය.

කුමාර චූටාත් සමඟ කූඩුවේ ය. චූටාගේත් කුමාරගේත් මුහුණු තඩිස්සි වී තිබිණ. ඈ වහා ස්ථානාධිපති කාමරයට දිව්වා ය. ලේන්සුව තෙත් වී ලේ බේරෙන ඇඟිල්ල ඈට ගාණක් නැත. ඈ කතා කළා ය.

" මනුස්සයත් නැතුව මං මගේ කොල්ලො දෙන්නව හැදුවෙ පොලීසිවලින් ගුටි කන්න නෙමෙයි මහත්තයො. අර කූඩුවෙ ඉන්න උස එකා මගේ ලොකු කොලුවා. ඌ කවදාවත් වැරදි දේවල් කරන්නෙ නෑ කියල මට විශ්වාසයි. ඌ දන්නව ඌව උස්මහත් කරන්න මං විඳපු දුක. මට ගමේ එවුන් කිව්වා මගේ එකාව දාගත්තෙ සැකේටයි කියල. කොල්ලගෙ මූණත් තඩිස්සි වෙලා. මහත්තයල ගැහුවට මං තරහ නෑ. ඒ දුකත් මං විඳගන්නම්. අනේ මහත්තයො මගේ එකාට යන්න දෙන්න. ඌ වැරදි කරන එකෙක් නෙමෙයි මහත්තයෝ.."

ඉරී සිදුරු වී ගිය ඇඟිල්ලෙන් දැනෙන වේදනාවට වඩා තැලුම් සහිත මුහුණින් යුතු ව පොලිස් කූඩුවේ සිටින කුමාර දකින සීතම්මාට දැනෙන වේදනාව වැඩි ය. ඈ හඬා වැටුණා ය. සියලු දේ අසා සැක හැර දැනගත් ස්ථානාධිපතිවරයා නැඟී සිටියේ ය.

"ජනක, මේ දෙන්නව ජීප් එකෙන් ම හොස්පිටල් එක්කන් ගිහින් මේ අම්මගෙ ඇඟිල්ලට බෙහෙත් දම්මගෙන ගෙදරට ම ගිහින් ඇරලවන්න."

කුමාරට නිකරුණේ ගෙදරට වී සිටීමට ඉඩ හැරීම තවත් ප්‍රශ්නාවලියක ආරම්භයක් බව දුටු සීතම්මා කුමාරට රැකියාවක් සෙවීම සඳහා තමන්ගේ මල්ලීගේ උදව් පැතුවා ය. කුමාර මේ පිටත් වීමට හදන්නේ මාමා සොයා දුන් එම රැකියාවට ය.

"පුතේ, සරත් මාමා පංචිකාවත්ත ගැන මට ගොඩක් දේවල් කිව්වා. එක අතකින් උඹ ඒ මකර කටට යවන්නත් මොකද්ද වගේ. ඒත් වෙන කරන්න දෙයක් නෑ. ගෙදර හිටියොත් උඹ නාස්ති වෙනවා. ඒක නිසයි මං මේ තීරණේ ගත්තෙ. හොඳට වැඩ ඉගෙන ගනිං. මහන්සි නො බලා යකා වගේ වැඩ කරපන්. මල්ලිත් ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන්න ළඟයිනෙ. එතකොට ඌවත් උඹ ළඟට ම ගන්න බැරි යැ. දෙයක් කරන්න, කියන්න කලින් සිය පාරක් හිතපන්. අඩු ම තරමෙ සරත් මාමගෙ නම්බුව වත් රැකපන්."

ඒ සියල්ල ආයාචනා ය. කුමාර ඈට වැන්දේ ය. ඈ කුමාරගේ නළල ඉම්බා ය.

ආදරයේ අතුරු කතාවක්
- චතුරංග හෙට්ටිගේ

ඊළඟ කොටසින් හමුවෙමු

පණ ගැහී නලියන දෙතොල් පෙති මතතවරලා මං දුන්නු ආදරයපිරිමදින සඳ මතකයේ දොර කවුළු විවර කරමට වගේ දුක ඔබටත් දැනෙනවද?කොටස් වශයෙන්...
21/09/2019

පණ ගැහී නලියන දෙතොල් පෙති මත
තවරලා මං දුන්නු ආදරය
පිරිමදින සඳ මතකයේ දොර කවුළු විවර කර
මට වගේ දුක ඔබටත් දැනෙනවද?

කොටස් වශයෙන් පළ වෙන නවකතාව සැප්තැම්බර් 23 වන දා සිට සෑම සඳුදාවක ම ඔබේ දෝතට..

සමාව.
04/09/2019

සමාව.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when සුවඳ - suwanda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category