Dream and Aims with B+ ධනාත්මකව හිතමු

Dream and Aims with B+ ධනාත්මකව හිතමු Positive Thinking

අප මේ ගත කරන ජිවිතයේ අප බොහෝ බාධක වලට මුහුණ පාන්නට සිදු වෙනවා. එවිට අපි අධික ලෙස ආතතියට පත්වෙන අතර සියලු දේ අතාරින්නට දෙ...
10/06/2023

අප මේ ගත කරන ජිවිතයේ අප බොහෝ බාධක වලට මුහුණ පාන්නට සිදු වෙනවා. එවිට අපි අධික ලෙස ආතතියට පත්වෙන අතර සියලු දේ අතාරින්නට දෙපාරක් හිතන්නේ නැහැ. කෙසේ වෙතත් ජිවිතයේ මේ අපිට ලැබෙන ප්‍රශ්න අතර , ඒවාට යම් අභියෝගයක් එකතු කල හැක්කේ ධනාත්මක චින්තනයයි. පෙර ලිපියේ සඳහන් වන අයුරින් අපේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වීමටත් , මේ මොහොතේ සිදුවන දේ පිලිබඳ අවධානය යොමු කිරීමටත්, අප සමීපතයන් අතරේ අන්තර පුද්ගල සම්බන්ධතා වැඩි දියුණු කිරීමටත්, අපගේ පුද්ගල වර්ධනයටත් මේ ධනාත්මකව සිතන එක වැදගත් වෙයි. මෙම ලිපියෙන් අපි ඔබව දැනුවත් කිරීමට යොමුවන්නේ, වඩාත් ප්‍රීතිමත් සහ ඵලදායි ජිවිතයක් ගත කිරීමට ධනාත්මක සිතීම වර්ධනය කරගන්නා අයුරු සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය කරුණු ඔබ වෙත ලබා දීමටයි......

See More: https://lavenderbyanuhasi.blogspot.com/2023/06/blog-post_10.html

අභියෝග හමුවේ ශක්තිමත්ව මුහුණ දෙමු.ජීවිතයේදී අපට මුහුණ පාන්නට සිදුවන දුෂ්කරතා වලක්වන්නට අපට නොහැක. නමුත් අප විවිධ ආකාරයේබ...
10/06/2023

අභියෝග හමුවේ ශක්තිමත්ව මුහුණ දෙමු.

ජීවිතයේදී අපට මුහුණ පාන්නට සිදුවන දුෂ්කරතා වලක්වන්නට අපට නොහැක. නමුත් අප විවිධ ආකාරයේබාධා , එනම් සාමාජයීය රැකියාව තුල, තමාගේ පවුල තුල , තමා තුල, මෙම බාධා ඇති වෙනවා. නමුත් මෙම බාධා හමුවේ අප අපගේ ජිවිතයේ සාර්ථකත්වය , පුද්ගලික වර්ධනය තීරණය වන්නේ, ඒ බාධා වලට අප නොපසුබට උත්සාහයෙන් මුහුණ දීමෙන් පමණි. නොපසුබට උත්සහය යනු මෙවැනි දුෂ්කරතා හමුවේ වුවද අපගේ අරමුණු කරා සෙමින් සෙමින් ලං වීමට ඇති අධිෂ්ඨානය සහ ඔරොත්තු දීමේ හැකියාවයි. එය ප්‍රයෝගිකව වර්ධනය කර ගත හැකි, ඔප නැංවිය හැකි, ඔරොත්තු දීමේ මානසිකත්වයක් ඇති කරවන සහ අපට පැමිණෙන ඕනෑම විපත්තියකින් ජය ගැනීමට අපව සවිබල ගැන්වීමට හැකි ගුණාංගයකි.
See More:
https://lavenderbyanuhasi.blogspot.com/2023/06/blog-post.html

09/06/2023

අපි ජීවත් වෙන්න ඕනේ. හැමදාම සතුටින්. ජීවිතේ විඳින්න ඕනේ. හැමෝම එකම විදියට. අපි ඔක්කොම සතුටින් ඉන්න ඕනේ. හදවතින්ම. ඉතින් අතාරින්න එපා. කොහොම හරි ගේමක් ගහමු.

ඔබට ජීවත් වෙන්නට අවශ්‍ය නම් ඔබ මුලින්ම ඔබගේ සිහින ජීවත් කරවන්න. තමන්ට අනාගතය ගැන සිහිනයක් නැති නම් එතැන සිටින්නේ තව දුරට...
04/07/2022

ඔබට ජීවත් වෙන්නට අවශ්‍ය නම් ඔබ මුලින්ම ඔබගේ සිහින ජීවත් කරවන්න. තමන්ට අනාගතය ගැන සිහිනයක් නැති නම් එතැන සිටින්නේ තව දුරටත් හුස්මක් පමණක් වැටෙනා ජීවියෙකු පමණි. ❤

26/06/2022
22/08/2021

යම් යම් අවස්ථාවල අපි අසාර්ථක වෙනවා. ව්‍යාපාරවල, සම්බන්ධතාවයන්වල අපි අසාර්ථක වෙනවා. ඉන්පසුව අපි හිතනවා, මේක අපේ අවාසනාවකට වෙන දෙයක් කියලා.ඊට පස්සේ අපි අවාසනාව කියන දෙය තුරුළු කරන් පැත්තකට වෙනවා.

නමුත් පැරදෙන්න පැරදෙන්න අපි උත්සහා කලොත් ඒක තමයි සාර්ථකත්වයට යන පාර.

ඔබ යමක් කිරීමේදි එය උනන්දුවකින් සිදු කරනවාද යන්න ඇසුවොත් සෑම අයෙකුටම එයට එක හෙලා "ඔව්" යැයි කීමට නොහැක. අපි යමක් කිරීමට ...
22/08/2021

ඔබ යමක් කිරීමේදි එය උනන්දුවකින් සිදු කරනවාද යන්න ඇසුවොත් සෑම අයෙකුටම එයට එක හෙලා "ඔව්" යැයි කීමට නොහැක.

අපි යමක් කිරීමට යාමේදි මා සතුව මෙයට වඩා දෙයක් තිබුණා නම් මේ කාර්‍යය ඉතාමත්ම හොදින් ඉටු කිරීමට තිබුණා නොවෙද යන්න හිතහිත ළතවෙන්නට පටන් ගනි.

මේ අහස යට ඔබ යම් කාර්‍යක් සිය උපරිම හැකියාවෙන් කර, සාර්ථකත්වයට පත් වූ විට ඔබට දැනෙන හැඟීම් වලට මිලක් දිය හැකිද?

කීර්තිය, ප්‍රසිද්ධිය, ආත්ම තෘප්තිය , අන් අය අතර ඔබව තරුවක් වීම සහා ඔබගේ ජීවිතය සාර්ථක ලෙස ගත කිරීමට ඔබට උත්තේජනයක් පවා ලබා දීම මෙමගින් සිදු වෙයි.

ඔබ රැකියාවක් කරනවා වෙන්න පුළුවන්, නැත්නම් ඔබ ස්වයං ව්‍යාපාරයක් කරනවා වෙන්න පුලුවන්, එහෙන නැතිනම් ඔබ නිවසක ගෘහණියක් වෙන්නට පුලුවන්, එසේත් නැතිනම් ඔබ ශිෂ්‍යයෙක් වෙන්න පුලුවන්, නමුත් මේ සියළු භූමිකා වල ඔබට ඔබව දිනවන්න අවස්ථාව තියෙනවා. ඔබ දැනට කරන්නට තියෙන කාර්‍ය ඔබට හැකි උපරිමෙන්ම කරනවා නම් ඔබ දිනක විශිෂ්ඨයෙකු වෙනවමයි.

ඔබ සතු උපරිම ශක්තියෙන යම් දෙයක් සාර්ථක ලෙස සිදු කරනවා නම් අන් අය මැද ඔබව සුපිරි තරුවක් වීම අන්කාටවත් නවත්තන්න බැහැ. එයට මිල මුදල් ඉහල තනතුරු අවශ්‍ය නෑ. අවශ්‍ය වන්නේ ඔබගේ කැපවීම පමණි

නුඹ පමා නොවිය යුතුමය.❤
24/06/2021

නුඹ පමා නොවිය යුතුමය.❤

Address

Colombo
Colombo

Alerts

Be the first to know and let us send you an email when Dream and Aims with B+ ධනාත්මකව හිතමු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dream and Aims with B+ ධනාත්මකව හිතමු:

Videos

Share

Category