සිනෙරූ

සිනෙරූ මානයෙන් එහා නොනවතින
සිනමා රසාස්වාදය 😼🖤✨

https://www.youtube.com/
Subscribe My Youtube Channel 😁🤍
(1)

Lord of the Rings : Rings of Power දෙවෙනි කතා මාලාව ගැන Episode by Episode කතා කරන්න ටිකක් වෙලාව මදි.අපි QnA එකක් කරමු. ...
05/09/2024

Lord of the Rings : Rings of Power දෙවෙනි කතා මාලාව ගැන Episode by Episode කතා කරන්න ටිකක් වෙලාව මදි.

අපි QnA එකක් කරමු. 😼🔥

මේ වෙනකොට පළවෙනි Episode හතරම Release වෙලානේ තියෙන්නෙ. ඉතින් ඔයාලාට ඒ ගැන ගැටළු තියෙනවා නම් ඒ ගැන පහළින් Comment කරන්න අමතක කරන්න එපා.

Uvindu Imesh @සිනෙරූ

#සිනෙරූ

Lord of the Rings චිත්‍රපට මාලාවේ පූර්විකාවක් වන Rings of Power කතා මාලාවේ දෙවෙනි කතා මාලාව මේ දවස්වල Premiere වෙනවා.ඉති...
02/09/2024

Lord of the Rings චිත්‍රපට මාලාවේ පූර්විකාවක් වන Rings of Power කතා මාලාවේ දෙවෙනි කතා මාලාව මේ දවස්වල Premiere වෙනවා.

ඉතින් දෙවෙනි කතා මාලාව බලන්න පුංචි උදව්වක් විදියට මම පළවෙනි කතා මාලාව ගැන Recap එකක් අරගෙන ආවා.

https://youtu.be/15jtH7P1Cbk

එහෙනම් හැමදාම රැදිලා ඉන්න අපිත් එක්ක. සුබ දවසක් හැමෝටම.

Uvindu Imesh @සිනෙරූ 😽🔥


#සිනෙරූ

29/08/2024

අද තමයි දවස 🌝🔥

පළවෙනි, දෙවෙනි Episodes අද නිකුත් වෙනවා.

Rings of Power පළවෙනි කතා මාලාව ගැන Recap එක හදන ගමන්. Episodes දෙක ආවට පස්සෙ තමයි Upload කරන්න වෙන්නේ. 😒

පොඩ්ඩක් ඉවසගෙන ඉමු.

Uvindu Imesh @සිනෙරූ

#සිනෙරූ

29/08/2024

Sonic කාටූන් කතා මාලාවේ Live Action චිත්‍රපටි මාලාවේ තුන්වෙනි චිත්‍රපටිය මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේදි නිකුත් වීමට නියමිතයි.

චිත්‍රපටිය නම් වෙන්නේ "Sonic the Hedgehog 3" නමින්. 😼🔥

Uvindu Imesh @සිනෙරූ

#සිනෙරූ

27/08/2024

2 Days to go ✨

Lord of the Rings චිත්‍රපට මාලාවේ පූර්විකාවක් වන Rings of Power කතා මාලාවේ දෙවන කතා සමය අගෝස්තු 29 වෙනිදා නිකුත් වීමට නියමිතයි.

1, 2 Episode දෙකම එදාට බලාගන්න පුළුවන්. පහළ වීඩියෝ එකේ තියෙන Episode එක සෑහෙන්න දුක හිතෙන Episode එකක් වේවි. විස්තර පස්සේ කියන්නම්.

Uvindu Imesh @සිනෙරූ 😼

#සිනෙරූ

Rings of Power දෙවෙනි කතා මාලාවට කලින් පළවෙනි කතා මාලාව ගැන Recap එකක් ගේන්න හිතාගෙන හිටියා. 😒ඒත් පහුගිය සතිය ටිකක් කාර්...
26/08/2024

Rings of Power දෙවෙනි කතා මාලාවට කලින් පළවෙනි කතා මාලාව ගැන Recap එකක් ගේන්න හිතාගෙන හිටියා. 😒

ඒත් පහුගිය සතිය ටිකක් කාර්යබහුල වුණ නිසා මට Video එකක් හදාගන්න බැරි වුණා තවම. ඒකට මම සමාව ඉල්ලනවා. පුළුවන් ඉක්මනට Video එකක් Upload කරන්න.

පුළුවන් වෙලාව Youtube පැත්තේ ඇවිත් Channel එක Subscribe කරලා තියාගන්න.

https://www.youtube.com/

එහෙනම් හැමදාම රැදිලා ඉන්න අපිත් එක්ක.
සුබ දවසක් හැමෝටම.

Uvindu Imesh @සිනෙරූ 😌🍿

#සිනෙරූ

සිංහාසනයේ දෙවන හිමිකරුඒනිස් ටාගේරියන් 😌🐉7AC වලදි පළමුවන ඒගෝන්ට සහ ඒගෝන්ගේ Sister - Wife වුණ රේනිස්ට දාව දරුවෙක් ඉපදෙනවා....
20/08/2024

සිංහාසනයේ දෙවන හිමිකරු
ඒනිස් ටාගේරියන් 😌🐉

7AC වලදි පළමුවන ඒගෝන්ට සහ ඒගෝන්ගේ Sister - Wife වුණ රේනිස්ට දාව දරුවෙක් ඉපදෙනවා. ඒ තමයි ඒනිස් ටාගේරියන්. ඒනිස් ඉපදුන වසරෙම Quicksilver කියන මකරා සමඟ බැදීමත් විශේෂ කාරණයක්.

ඒනිස් උපතෙදි ඉතාමත් කුඩාවට ලු හිටියේ. එයා තමන්ගේ අම්මගේ, එහෙම නැත්නම් රේනිස් ටාගේරියන්ගේ මව් කිරි ප්‍රතික්ෂේප කළා ලු. මේ හේතුව නිසා මාලිගාව පුරා කට කතාවක් ඇති වෙනවා. "ඒනිස්, ශ්‍රේෂ්ඨ රණශූරයෙක් වුණ Aegon the Conqueror ගේ දරුවෙක් නෙමෙයි. එයාගේ තාත්තා වෙන කෙනෙක්.." වගේ කටකතා මිනිස්සු කියන්න ගත්තා.

මේ විදියට ටික කාලයක් ගත වෙනවා. අවාසනාවකට වගේ ඩෝර්න් වලදි රේනිස් ටාගේරියන් මිය යනවා. මෙතනදි ඒනිස් සෑහෙන්න කම්පා වුණා කියල තමයි GOT ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

කල්ගත වෙද්දි ඒනිස් තමන්ගේ තාත්තා වුණ ඒගෝන් ටාගේරියන් තරමටම ශක්තිමත් වෙනවා. මේ කාලෙදි ඒනිස් ව රාජකීය ආරක්ෂකයන් විසින් පුහුණු කළා කියල තමයි සඳහන් වෙන්නෙ. ඒනිස් විවාහ කරගත්තේ Velaryon Family එකේ කාන්තාවක්. ඒ තමයි ඇලිස්සා.

ඒගෝන් ටාගේරියන්ට අවුරුදු 60ක් පිරුණට පස්සෙ ඒනිස් සහ ඇලිස්සා රාජ්‍ය පාලනය කිරීමේ වගකීම භාරගන්නවා. මේ අතර වාරයෙදි ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් වුණ ඒගෝන් ඩ්‍රැගන්ස්ටෝන් වලදි මිය යනවා.

එතනින් පස්සෙ Iron Throne එකේ දෙවන හිමිකරු වුණේ ඒනිස් ටාගේරියන්. Iron Throne එක වගේම බ්ලැක්ෆයර් කියන කඩුවත් ඒනිස්ට හම්බෙනවා.

බ්ලැක්ෆයර් කඩුව ගැන පොඩ්ඩක් කියන්නම්. බ්ලැක්ෆයර් කියන්නේ මුලදි Aegon the Conqueror ට අයිතිවෙලා තිබුණු වැලීරියානු වානේවලින් නිෂ්පාදිත කඩුවක්. මේ කඩුව Iron Throne එක අයිති වෙන ටාගේරියන් රජ කෙනෙක්ගෙන් රජ කෙනෙක්ට උරුම වුණා කියලා තමයි GOT ඉතිහාසයේ සඳහන් වෙන්නෙ. මේ නිසා ඒගෝන්ගේ මරණයත් එක්ක මේ කඩුව ඒනිස්ට උරුම වෙනවා.

ඒනිස් ටාගේරියන්ගේ අවසාන කාලෙදි ඒනිස්ගේ සහෝදරයා වුණ මේගෝර් තමන්ගේ දෙවන විවාහය කරගන්නවා. මේක රාජධානියේ හිටපු පූජකවරුන්ව කෝපයට පත් කරපු අවස්ථාවක්. පූජකයින්ව සන්සුන් කිරීමට උත්සාහ කරපු ඒනිස්ට මේ වරදේ භාරකාරිත්වය පැටවෙනවා. ඒනිස් Iron Throne එකේ ඉද්දිත් ඒනිස්ගේ සහෝදරයා වුණ මේගෝර් මේ වගේ වැරැද්දක් කිරීම ගැන පූජකයින් ඒනිස්ට දොස් පවරනවා.

මෙතනදි මේ පූජකයින් සහ මහ ජනතාව ඒනිස් ටාගේරියන් ව "King Abomination" එහෙම නැත්නම් "පිළිකුලට පත්වූ රජු" නමින් හැදින්වුවා ලු. මේ නිසා ඒනිස් තීරණය කරනවා ඩ්‍රැගන්ස්ටෝන් වලට ගිහින් තමන්ගේ ජීවිතේ ගෙවන්න. ඩ්‍රැගන්ස්ටෝන් වලට යන්න දවස් තුනකට කලින් පුද්ගලයන් තුන් දෙනෙක් රජ මාලිගාවේ බිත්ති දිගේ ඇවිත් ඒනිස්ව ඝාතනය කරන්න උත්සාහ කරනවා. මෙතනදි ඒනිස්ව බේරගන්නේ රාජකීය ආරක්ෂකයෙක්. ගොඩක් වෙලාවට මේ පුද්ගලයන් ඒනිස්ව ඝාතනය කරන්න හැදුවෙත් මං කලින් කියපු "King Abomination" සිද්ධිය නිසා වෙන්න පුළුවන්.

ඉතින් කොහොමහරි ඒනිස් 42AC වලදි මිය යනවා. විශේෂම දේ තමයි මෙයා තමන්ගේ තාත්තාගෙන් ලැබුණු රාජධානිය පාලනය කරන්නේ හරියටම අවුරුදු පහයි. ඒ වගේම ඒනිස් මිය යන්නේ අවුරුදු 35 දි. ඒත් මෙයා මිය යද්දි අවුරුදු 60ක විතර පෙනුමක් තිබ්බා කියල තමයි ඉතිහාසයේ කියවෙන්නේ.

ඉතින් මෙතනින් Iron Throne එකේ දෙවන හිමිකරු වුණ ඒනිස් ටාගේරියන්ගේ ජීවිත කතාව අවසන් වෙනවා.

Uvindu Imesh @සිනෙරූ

Follow us සිනෙරූ | GOT.Fans

#සිනෙරූ

19/08/2024

ඩේමන්ගේ සිහිනය 🥵🐉

මං මේ ගැන අටවෙනි Episode එක ගැන කතා කරද්දි කතා කළා. Youtube පැත්තෙ ඇවිත් ඒ වීඩියෝ එක බලන්න කියලත් මතක් කරනවා.

https://youtu.be/YLI0o4T38RY

Uvindu Imesh @සිනෙරූ

Follow us සිනෙරූ | GOT.Fans

#සිනෙරූ

Harry Potter X Game of Thrones 😾🔥                  #සිනෙරූ
19/08/2024

Harry Potter X Game of Thrones 😾🔥

#සිනෙරූ

House of the Dragon දෙවෙනි කතා මාලාවෙන් පස්සෙ මොකද වෙන්නේ? 😼🐉ඉතින් මේ ගැන මම කතා කළා.https://youtu.be/jDxV-3o4-8Q?si=4TL...
17/08/2024

House of the Dragon දෙවෙනි කතා මාලාවෙන් පස්සෙ මොකද වෙන්නේ? 😼🐉

ඉතින් මේ ගැන මම කතා කළා.

https://youtu.be/jDxV-3o4-8Q?si=4TLgRUmcK0cYXWDw

Season 3 එකේදි සිද්ධ වෙන්න තියෙන සටන් කීපයක් ගැනත් මම ඒ අතරෙදි කතා කළා.

ඒ වගේම මං මේ දේත් කියන්න ඕනෙ. වීඩියෝ එකේ Spoil කරුණු සහ Predictions බර ගාණක් තියෙනවා. ඉතින් ඔයා ඒ ගැන දැනගන්න කැමති නැති කෙනෙක් නම් වීඩියෝ එක බලන්න එපා කියලත් මතක් කරනවා.

එහෙනම් හැමදාම රැදිලා ඉන්න අපිත් එක්ක. සුබ දවසක් හැමෝටම.

Uvindu Imesh @සිනෙරූ

Follow us සිනෙරූ | GOT.Fans

#සිනෙරූ

15/08/2024

ඊළඟට අපිට කතා කරන්න තියෙන්නෙ මේ අවුරුද්දෙ Release වෙන තවත් යෝධයෙක් ගැන. ඒ තමයි Rings of Power දෙවෙනි කතා මාලාව. 😼

Lord of the Rings කියන්නෙ මං පෞද්ගලිකව ආසම ෆැන්ටසියක්.

ඉතින් House of the Dragon තුන්වෙනි කතා මාලාවෙ මොනවද සිද්ධ වෙන්නෙ කියලා කතා කළාට පස්සෙ අපි Rings of Power පළවෙනි Season එක ගැන ටිකක් කතා කරමු.

HOTD තුන්වෙනි කතා මාලාව ගැන Video එක ඉක්මනට Upload කරන්නම්. 😌🤍

එතකන් Channel එක Subscribe කරලා තියාගන්න කියලත් මතක් කරනවා.

https://www.youtube.com/

Uvindu Imesh @සිනෙරූ

#සිනෙරූ

14/08/2024

My Queen 😼🐉

#සිනෙරූ

වැලීරියානු ශිෂ්ටාචාරය සහ භාෂාව 😾🐉වැලීරියානු ශිෂ්ටාචාරය නිර්මාණය වෙලා තිබුණෙ එසෝස් මහද්වීපය ඇතුලේ. Game of Thrones විශ්වය...
12/08/2024

වැලීරියානු ශිෂ්ටාචාරය සහ භාෂාව 😾🐉

වැලීරියානු ශිෂ්ටාචාරය නිර්මාණය වෙලා තිබුණෙ එසෝස් මහද්වීපය ඇතුලේ. Game of Thrones විශ්වයේ ප්‍රධාන මහද්වීප හතරක් තිබුණා කියලා මං කලින් දවසකත් කිව්වනේ. ඒ තමයි වෙස්ටරෝස්, එසෝස්, සොතොරියෝස් සහ උල්තොරියෝස්.

ඒ වගේම අපි දන්නවා Game of Thrones ඉතිහාසයේ ටාගේරියන් නිවාසය තමන්ගේ වාසස්ථාන විදියට තෝරගත්තේ ගිනිකඳු සහිත ප්‍රදේශ. මේකටත් එක විශේෂ හේතුවක් තිබුණා. ඒ හේතුව මම ලිපියේ ඉස්සරහදි කියන්නම්.

වැලීරියානුවන් මකරු පාලනය කිරීම ආරම්භ කිරීමත් එක්ක එයාලගේ ශිෂ්ටාචාරය ඉක්මනට දියුණු වුණා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නෙ. ඉස්සර හිටපු මිනිස්සු එච්චර දියුණු ශිෂ්ටාචාරයක් දැකලා තිබුණේ නෑහ්ලු. වැලීරියානු ශිෂ්ටාචාරය ඒ තරමටම දියුණු වුණා.

කොහොමහරි මෙයාලගේ ස්වර්ණමය යුගයෙදි වැලීරියානුවන්ට දන්නා ලෝකයෙන් බාගයක් විතර අයිති වුණා ලු.

ඒත් ඕනෙම දියුණු ශිෂ්ටාචාරයක අදුරු පැතිකඩක් තියෙනවනේ. වැලීරියානුවන්ගෙත් එහෙමයි. මෙයාලගෙ ප්‍රධාන ආදායම් මාර්ගයක් වුණේ වහල් වෙළදාම. ඒ වගේම මෙයාලා තමන්ගෙ වහල්ලු මකරුන්ට බිලි දුන්න ලු.

තව දෙයක් තියෙනවා. මෙයාලා එසෝස් මහද්වීපයේ හිටපු මිනිස්සුන්ට වැලීරියානු භාෂාව කතා කරන්න කියලා බල කරනවා. මේ විදියට තමයි එයාලා තමන්ගේ භාෂාව ප්‍රචලිත කළේ. Dance of the Dragons කාල සමය වෙනකොට වැලීරියානු භාෂාව ටාගේරියන් නිවාසයට විතරක් සීමා වුණාට ඒ කාලේ වැලීරියානු භාෂාව කතා කර ගොඩක් මිනිස්සු හිටියලු. එසෝස් වල හිටපු මිනිස්සු හැමෝම වගේ වැලීරියානු භාෂාව කතා කරන්න හේතු වුණ ප්‍රධානම දේ තමයි මකරු. එසෝස් වල හිටපු මිනිස්සු, වැලීරියානු ශිෂ්ටාචාරය පාලනය කරපු පුද්ගලයින්ට සහ මකරුන්ට බය වුණා ලු. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදියට මේ මිනිස්සු ටිකෙන් ටික වැලීරියානු භාෂාවට හුරු වෙනවා.

මේ විදියට ටික කාලයක් ගතවෙනවා. මේ අතර කාලෙදි වැලීරියානු ශිෂ්ටාචාරය ටිකෙන් ටික ලොකු වෙනවා. ඒ කාලේ තිබුණු අනිත් ශ්‍රේෂ්ඨ රාජධානි ටිකෙන් ටික මෙයාලගේ අතට පත් වෙනවා. ගිස්කාරි කියන රාජධානිය මේකට උදාහරණයක්. ගිස්කාරි කියන්නේ Game of Thrones ඉතිහාසයේ පළවෙනි රාජධානිය ලු.

මං වැලීරියානුවන් ගිනිකඳු සහිත ප්‍රදේශවල තමන්ගෙ රාජධානි පිහිටවාගන්න තිබුණු විශේෂ හේතුව ගැන කිව්වෙ නෑනේ.

වැලීරියානුවන් ළඟ හැමවෙලේම වගේ මකර බිත්තර තිබුණා. මකරුන්ව පාලනය කරන්න පටන් ගත්තට පස්සෙ තමයි මෙයාලගෙ අතට මකර බිත්තර හම්බුණේ.

මකර බිත්තරයක් කියන්නේ හැමවෙලේම වගේ අධික උණුසුමක් තියෙන තැනක තියන්න ඕනේ දෙයක්. මේ හේතුව නිසා තමයි වැලීරියානුවන් තමන්ගේ වාසස්ථාන විදියට ගිනිකඳු සහිත ප්‍රදේශ තෝරගත්තේ. දැන් ටාගේරියන් නිවාසයේ ප්‍රධානම බලකොටුවක් වෙන ඩ්‍රැගන්ස්ටෝන් කියන්නෙත් ගිනි කන්දක් මත හදපු බලකොටුවක්. ඒක අමතර කතාවක්. අපි ආයෙත් එමු අපේ කතාවට.

කොහොමහරි Doom of Valyria නිසා වැලීරියානු ශිෂ්ටාචාරය බිඳ වැටීමත් එක්ක මිනිස්සු වැලීරියානු භාෂාව කතා කරන එක නතර කරනවා. එතනින් පස්සෙ වැලීරියානු භාෂාව කතා කළේ එසෝස් සහ වෙස්ටරෝස් වල හිටපු උසස් පුද්ගලයින්. එයාලගේ රහස් හුවමාරු කරගන්න පාවිච්චි කරපු ප්‍රබන්ධ භාෂාවක් විදියට එයාලා වැලීරියානු භාෂාව පාවිච්චි කළා.

එන්න. ඇවිත් කියවන්න. නොදන්න දේවල් ගොඩක් හම්බේවි... 😼😍

https://whatsapp.com/channel/0029Vaj1UurBPzjWZsak0I1b

එහෙනම් හැමදාම රැදිලා ඉන්න අපිත් එක්ක. සුබ දවසක් හැමෝටම. 🌝✨

Uvindu Imesh @සිනෙරූ

Follow us සිනෙරූ | GOT.Fans

#සිනෙරූ

11/08/2024

Look Who's Here 🥵🐉✨️

HOTD දෙවෙනි කතා මාලාවෙ අන්තිම Episode එකේදි ඩේමන් ටාගේරියන් "A Song of Ice and Fire" කියන සිහිනය දකිනවා ඔයාට මතක ඇති. ඒ වගේම ඩේමන් දකිනවා මකරුන් මිය ගිහින් ඉන්න ආකාරය සහ ඩැනේරියස් ටාගේරියන්ගේ නැගී සිටීම.

Game of Thrones කතා මාලාවට පාදක වෙන කාලය ලෝකයෙන් මකරු නැත්තටම නැති වෙලා ගියපු කාල වකවානුවක්. මේ කාලෙදි තමයි ඩැනේරියස් ටාගේරියන් උපත ලබන්නේ. ඩැනේරියස් ටාගේරියන්ට පුළුවන් වෙනවා අවුරුදු ගාණකට මිනිස්සු දැකපු නැති ප්‍රාතිහාරයක් පාන්න.

ඩැනේරියස් ටාගේරියන්ගේ අතේදි මකර පැටවුන් තුන් දෙනෙක්ට ජීවය හම්බෙනවා. මේ දේ තමයි ඩේමන් විෂන් එකකින් දකින්නේ. ඩැනේරියස් නිසා අවුරුදු ගාණකට ලෝකයෙන් තුරන් වෙලා ගියපු මකරා කියන මායාමය සත්ත්වයා නැවතත් Game of Thrones විශ්වයට පිවිසෙනවා.

එන්න. ඇවිත් කියවන්න. නොදන්න දේවල් ගොඩක් හම්බේවි.

https://whatsapp.com/channel/0029Vaj1UurBPzjWZsak0I1b

Uvindu Imesh @සිනෙරූ 🤍✨

Follow us සිනෙරූ | GOT.Fans

#සිනෙරූ

HOTD S2 Episode 8 ගැන අපි කතා කළා. 😼✨️https://youtu.be/YLI0o4T38RYChannel එක පැත්තෙ ඇවිත්  වීඩියෝ එක බලලා ඔයාගේ අදහස Com...
11/08/2024

HOTD S2 Episode 8 ගැන අපි කතා කළා. 😼✨️

https://youtu.be/YLI0o4T38RY

Channel එක පැත්තෙ ඇවිත් වීඩියෝ එක බලලා ඔයාගේ අදහස Comment කරන්න කියලත් මතක් කරනවා.

Uvindu Imesh @සිනෙරූ 😁

#සිනෙරූ

ශීප් ස්ටීලර් (Sheep Stealer) 😾🐉✨️ශීප් ස්ටීලර් කියන්නේ වනචාරී මකරෙක්. වනචාරී මකරු කියන්නේ මකර ධාවකයොන්ට අයිති නොවුණ මකරුන...
09/08/2024

ශීප් ස්ටීලර් (Sheep Stealer) 😾🐉✨️

ශීප් ස්ටීලර් කියන්නේ වනචාරී මකරෙක්. වනචාරී මකරු කියන්නේ මකර ධාවකයොන්ට අයිති නොවුණ මකරුන්‍ට. ඒත් ශීප් ස්ටීලර් විශේෂයි. වනචාරී මකරෙක් වුණත් මෙයාට මකර ධාවකයෙක් හිටියා.

ඒ තමයි නෙට්ල්ස්. දවස් ගාණක මහන්සියක ප්‍රතිඵලයක් විදියට නෙට්ල්ස් ශීප් ස්ටීලර්ව හීලෑ කරනවා. මෙයා අලුතෙන් මරා දමපු බැටළුවන්ව ශීප් ස්ටීලර්ට ගිහින් දුන්න ලු. එතනින් තමයි නෙට්ල්ස් විසින් ශීප් ස්ටීලර්ට සමීප වෙන්නේ. කොහොමහරි නෙට්ල්ස් විසින් ශීප් ස්ටීලර්ව හීලෑ කරනවා.

මේ මකරා බැටළුවන්ට ගොඩක් ආස කරපු මකරෙක්. මේ නිසා තමයි මෙයාව ශීප් ස්ටීලර් (බැටළු හොරා) නමින් හදුන්වන්නේ. ශීප් ස්ටීලර් ටිකක් කෙට්ටු මකරෙක් ලු.

Dance of the Dragons කාලා සීමාවෙදි ශීප් ස්ටීලර් සහ නෙට්ල්ස් රෙනෙයිරා ටාගේරියන්ට එහෙමත් නැත්නම් කළු පාක්ෂිකයන්ට ලොකු සේවයක් ඉටු කළා ලු.

හැබැයි House of the Dragons කතා මාලාවට එද්දි ඉතිහාසය පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙයාලා නෙට්ල්ස් කියන චරිතය කතා මාලාවෙන් ඉවත් කළා කියලා තමයි දැනට අහන්න ලැබෙන්නෙ. ඉස්සරහට නෙට්ල්ස් ගේ චරිතය රේනා ටාගේරියන්ගෙන් Replace වේවි.

රේනාට ඕනේ වුණේ මේ වෙනකම් කවුරුත් නොකරපු දෙයක් කරන්න. ඒකයි රේනා ශීප් ස්ටීලර්ව හීලෑ කරන්නෙ. මං මුලින් කිව්වා වගේම වනචාරී මකරුන්‍ට මකර ධාවකයින් හිටියෙ නෑ. ඒත් රේනා ශීප් ස්ටීලර් ගේ මකර ධාවකයා වේවි.

ඒ වගේම ශීප් ස්ටීලර් කියන්නේ බැටළුවන්ට ගොඩක් ආස මකරෙක් නිසා තමයි වේල් දේශය තමන්ගෙ වාසස්ථානය විදියට තෝරන්නේ. වේල් කියන්නේ බැටළු ග්‍රහණය වැඩි ප්‍රදේශයක්.

එන්න. ඇවිත් කියවන්න. නොදන්න දේවල් ගොඩක් හම්බෙයි.

https://whatsapp.com/channel/0029VafdWD68V0tpbv66my2j

Uvindu Imesh @සිනෙරූ 😼

Follow us සිනෙරූ | GOT.Fans

#සිනෙරූ

ටාගේරියන් ඉතිහාසය ගැන හොයන කෙනෙක්ට උදව්වක් වේවි කියලා හිතලා තමයි මේ ගැන කියන්න හිතුනේ. 😁✨️ඔයා ටාගේරියන් ඉතිහාසය ගැන හොයන...
08/08/2024

ටාගේරියන් ඉතිහාසය ගැන හොයන කෙනෙක්ට උදව්වක් වේවි කියලා හිතලා තමයි මේ ගැන කියන්න හිතුනේ. 😁✨️

ඔයා ටාගේරියන් ඉතිහාසය ගැන හොයන කෙනෙක් නම් Wiki of Ice And Fire, Wiki of Westeros වගේ Web Sites අනිවාර්යයෙන් පාවිච්චි කරන්න. නොදන්න දේවල් ගොඩක් දැනගන්න හම්බෙයි.

ඒ වගේම ඒ විකිපීඩියා කියවන ගමන් Game of Thrones ගැන තොරතුරු හොයලා සිංහලෙන් ඔයාලට අරන් එන Whatsapp Channel එකක් හම්බුණා.

https://whatsapp.com/channel/0029VafdWD68V0tpbv66my2j

මේ චැනල් එකේ පෝස්ට් පොඩ්ඩක් කියවලා බලන්න. නොදන්න දේවල් ගොඩක් හම්බෙයි.

Uvindu Imesh @සිනෙරූ

Follow us සිනෙරූ | GOT.Fans

#සිනෙරූ

වැලීරියානු ශිෂ්ටාචාරය සහ බිඳවැටීම 🐉🌋✨Game of Thrones ඉතිහාසයේ වෙස්ටරෝස්, එසෝස්, සොතොරියෝස් සහ ඌල්තොරියෝස් කියලා මහද්වීප ...
08/08/2024

වැලීරියානු ශිෂ්ටාචාරය සහ බිඳවැටීම 🐉🌋✨

Game of Thrones ඉතිහාසයේ වෙස්ටරෝස්, එසෝස්, සොතොරියෝස් සහ ඌල්තොරියෝස් කියලා මහද්වීප හතරක් තිබිලා තියෙනවා. ඉතින් මෙතනින් එසෝස් කියන කලාපය අයිති වුණ Freehold (ෆ්‍රීහෝල්ඩ්) කියන ප්‍රදේශය පාලනය කරලා තියෙන්නෙ වැලීරියානුවන්.

මේක ඒ කාලේ තිබුණු ශ්‍රේෂ්ඨතම ශිෂ්ටාචාරය කියලා තමයි සඳහන් වෙන්නෙ. ඉතින් මේ Freehold කියන කලාපයේ උච්චතම අවධියෙදි එහෙම නැත්නම් එයාලගේ ස්වර්ණමය යුගයෙදි මෙයාලට දන්නා ලෝකයෙන් බාගයක් විතර අයිති වුණා ලු.

වැලීරියානු ශිෂ්ටාචාරය කියන්නේ එසෝස් වල වහල් සේවය පතුරුවපු ශිෂ්ටාචාරයක් ලු. මකරු පාලනය කරන්න පටන් ගත්තට පස්සෙ මෙයාලගෙ හැසිරීම ටිකක් දරුණු වෙනවා. වැලීරියානුවන් තමන් විසින් යටත් කරගත්ත වහල්ලුන්ව මකරුන්ට බිළි දෙන තත්ත්වයටම වැටුන ලු. ඒ කාලේ එසෝස් වල ජීවත් වුණ හැම කෙනෙක්ටම වගේ වැලීරියානු භාෂාව කතා කරන්න සිද්ධ වුණාලු. ශ්‍රේෂ්ඨතම ශිෂ්ටාචාරයක් කිව්වට ටිකක් දරුණු ශිෂ්ටාචාරයක් තමයි වැලීරියානු ශිෂ්ටාචාරය කියන්නේ.

කොහොමහරි මකරු පාලනය කරන්න පටන් ගත්තට පස්සෙ වැලීරියානුවන් මුලින්ම යටත් කරගන්නේ ගිස්කාරි කියන රාජ්‍යය. මට මතක විදියට ගිස්කාරි කියන්නේ GOT ලිඛිත ඉතිහාසයේ තියෙන පළවෙනි රාජ්‍යය. මේ විදියට අරන් ගියපු වැලීරියානු ශිෂ්ටාචාරය Doom of Valyria නිසා විනාශ වෙනවා.

Doom of Valyria එහෙම නැත්නම් වැලීරියාවේ විනාශය සිද්ධ වෙන්නේ දැවැන්ත ගිනිකඳු පිපිරීමකින්. ගිනිකඳු 14ක් එක පාර සක්‍රීය වීමෙන් මේ විනාශය සිද්ධ වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. 🌋✨

වැලීරියාවේ විනාශය සිද්ධ වෙන්න අවුරුදු 12කට කලින් ඒනාර් ටාගේරියන්ගේ දුව වුණ ඩේනීස්
(The Dreamer) මේ දේ සිහිනෙන් දකිනවා. ඩේනිස් ද ඩ්‍රීමර් කියන්නේ අනාගතේ ගැන එක එක විෂන් දකින්න පුළුවන් කෙනෙක්. (හරියටම කිව්වොත් HOTD කතා මාලාවේ හෙලේනා ටාගේරියන් වගේ)

ඉතින් මේ නිසා ඒනාර් ටාගේරියන් වැලීරියාවේ විනාශයෙන් බේරිලා ඩ්‍රැගන්ස්ටෝන් වලට පලා යනවා. මෙයා යද්දි මකරුන් පස් දෙනෙක්ව අරන් ගියා කියනවා.

මෙතන හිටපු එක මකරෙක් තමයි බැලේරියන්. අනිත් මකරු හතර දෙනාම කාලයත් එක්ක මිය ගියා. අවසානෙදි ඉතුරු වුණේ බැලේරියන් විතරයි. බැලේරියන් වැලීරියාවේ ස්වර්ණමය යුගය දුටු අවසාන ජීවියා විදියට ජැහේරිස් ටාගේරියන් රජතුමාගේ කාලෙදි තමන්ගේ අවසාන හුස්ම හෙලනවා. බැලේරියන්ගේ අවසාන මකර ධාවකයා වුණේ විසේරියස් ටාගේරියන්.

වැලීරියානු ශිෂ්ටාචාරය විනාශ වෙන්න කලින් තිබුණු ආකාරය ගැන කෘත්‍රිම බුද්ධිය මඟින් නිර්මාණය කරපු ඡායාරූප කීපයක් Comment Section එකේ දාලා තියෙනවා.

Uvindu Imesh @සිනෙරූ

Follow us සිනෙරූ | GOT.Fans


#සිනෙරූ

08/08/2024

ඔහුට කිරුළ අවශ්‍ය නැත. ඔහුට අවශ්‍ය එකම දේ "රෙනෙයිරා ටාගේරියන්" පමණි.

ඩේමන් සහ රෙනෙයිරා කියන්නේ මාර්ටින් මහත්තයා ලියපු අමුතුම බැදීමක්. මොකද ඩේමන් කියන්නේ රෙනෙයිරාගේ මාමා. හරියටම කිව්වොත් පරම්පරා දෙකක් අතර තියෙන බැදීමක්.

මෙතනින් ඩේමන් විශේෂයි. එයා හරිම සංකීර්ණ චරිතයක්. ඩේමන්ගේ අරමුණ තේරුම් ගන්න හරිම අමාරුයි. මාර්ටින් මහත්තයගෙත් කැමතිම චරිතෙනේ ඩේමන් ටාගේරියන්.

Uvindu Imesh @සිනෙරූ 😼✨️

#සිනෙරූ

Rhaenyra 😼🐉✨️           #සිනෙරූ
08/08/2024

Rhaenyra 😼🐉✨️

#සිනෙරූ

ඩ්‍රකාරිස් (Dracarys) හැදුනේ කොහොමද? 😾🐉ඩ්‍රකාරිස් කියන්නේ මාර්ටින් මහත්තයගෙ පොත්වල කලින් තිබුණු වචනයක්. ලතින් භාෂාවෙන් ඩ...
05/08/2024

ඩ්‍රකාරිස් (Dracarys) හැදුනේ කොහොමද? 😾🐉

ඩ්‍රකාරිස් කියන්නේ මාර්ටින් මහත්තයගෙ පොත්වල කලින් තිබුණු වචනයක්. ලතින් භාෂාවෙන් ඩ්‍රැකෝ (Draco) කිව්වෙ මකරට. ඉතින් මේ ඩ්‍රැකෝ කියන වචනයෙන් අහම්බයක් විදියට මාර්ටින් මහත්තයා මේ වචනය නිර්මාණය කළා කියලා තමයි සඳහන් වෙන්නෙ.

පොඩි අමතර දෙයක් කියන්නම්. මාර්ටින් මහත්තයගේ පොත්වල ඇත්තටම තිබුණේ වැලීරියානු වචන කීපයක් විතරයි.

Valar Morghulis - වැලාර් මොගුලිස්
සියළු මිනිසුන් මිය යා යුතුයි.

Valar Dohaeris - වැලාර් දොහයිරිස්
සියළු මිනිසුන් සේවය කළ යුතුයි.

වගේ වචන මාර්ටින් මහත්තයගේ පොත්වල කලින් තිබුණු වචන. ඩ්‍රකාරිස් කියන්නෙත් මාර්ටින් මහත්තයගේ පොත්වල කලින් තිබුණු වචනයක්.

GOT සීරීස් එකට එද්දි ඩේවිඩ් ජේ. පීටර්සන් මහත්තයා සම්පූර්ණ වැලීරියානු භාෂාවක්ම නිර්මාණය කරනවා. මාර්ටින් මහත්තයගේ පොත්වල තිබුණු වචන කිහිපය විතරක් ආදර්ශයට අරගෙන තමයි මෙයා සම්පූර්ණ වැලීරියානු භාෂාවම නිර්මාණය කරන්නේ.

Uvindu Imesh @සිනෙරූ 😼

#සිනෙරූ

House of the Dragon S2 හත්වෙනි එපිසෝඩ් එක ගැන අපි කතා කළා. 😌😁https://youtu.be/35lZ1hF9ZVI- බැලේරියන් සහ ඒරියා ටාගේරියන්-...
05/08/2024

House of the Dragon S2 හත්වෙනි එපිසෝඩ් එක ගැන අපි කතා කළා. 😌😁

https://youtu.be/35lZ1hF9ZVI

- බැලේරියන් සහ ඒරියා ටාගේරියන්
- හියු හැමර්ගේ අම්මා (සේරා ටාගේරියන්)
- ඇඩම්ගේ අම්මා (මැරිල්ඩා)
- Dragon Keepersලගේ ඉතිහාසය
- ටලී නිවාසය

වගේ වැදගත් Point ටිකකුත් කතා කළා.

ඇත්තටම වීඩියෝ එක Upload කරගන්න සෑහෙන පරක්කු වුණා. ඒ ගැන සමාව ඉල්ලනවා මං.

Video එක බලලා ඔයාගේ අදහස Comment කරන්න කියලත් මතක් කරනවා.

එහෙනම් හැමදාම රැදිලා ඉන්න අපිත් එක්ක. සුබ දවසක් හැමෝටම.

Uvindu Imesh @සිනෙරූ 😼

#සිනෙරූ

GOT රසිකයන් වෙනුවෙන් Facebook Group එකක් හැදුවා අපි.. ඔයා කියවන්න, Article ලියන්න කැමති නම් මේ අවස්ථාව ඔයාට.ජෝර්ජ් ආර් ....
03/08/2024

GOT රසිකයන් වෙනුවෙන් Facebook Group එකක් හැදුවා අපි.. ඔයා කියවන්න, Article ලියන්න කැමති නම් මේ අවස්ථාව ඔයාට.

ජෝර්ජ් ආර් . ආර් . මාර්ටින් මැවූ විශ්වය සැකෙවින් ගවේෂණය කරමු !!! 😼❄️

Let's explore the universe created by
George RR Martin !!!

එකතු වෙන්න අපිත් එක්ක.

https://facebook.com/groups/houseofthedragon2.0/

🐉🐺🦁🦌❄️

#සිනෙරූ

පළමු මිනිසුන්ගේ වෙස්ටරෝස් සංක්‍රමණය 😾🔥පළමු මිනිසුන් එහෙම නැත්නම් First Men ලා වෙස්ටරෝසයට සංක්‍රමණය වෙන්න කලින් වෙස්ටරෝසය...
03/08/2024

පළමු මිනිසුන්ගේ වෙස්ටරෝස් සංක්‍රමණය 😾🔥

පළමු මිනිසුන් එහෙම නැත්නම් First Men ලා වෙස්ටරෝසයට සංක්‍රමණය වෙන්න කලින් වෙස්ටරෝසයේ තිබුණේ හරිම සාමකාමී වාතාවරණයක්.

ඒත් කොහොමහරි මෙයාලා වෙස්ටරෝසයට එනවා. පුරාවෘත්ත වල සඳහන් වෙන විදියට ඉස්සර එසෝස් සහ වෙස්ටරෝස් වෙන් කරලා තිබ්බේ ඩෝර්න් දේශයට අයිති පටු මාර්ගයකින්. මේ මාර්ගය හරහා තමයි පළමු මිනිසුන් වෙස්ටරෝසට එන්නේ.

ඒ කාලයේ වෙස්ටරෝස් වල හිටියේ Children of the Forest කියන අය. මෙයාලා වෙයාවුඩ් ගස්වලට වන්දනා කළා ලු. මේ හේතුව නිසා පළමු මිනිසුන් මෙයාලව හැදින්වුවේ "Those who sing the Song of Earth" නමින්.

පළමු මිනිසුන් විසින් වෙයාවුඩ් ගස් කැපීම ආරම්භ කරනවා. මෙතනින් තමයි Children of the Forest VS First Men යුද්ධය ආරම්භ වෙන්නේ.

Children of the Forest කියන අය සතුව අඳුරු මායාවන් තිබ්බ ලු. එයාලා මේ යුද්ධයට අඳුරු මායාවන් පාවිච්චි කළා ලු.

Hammer of the Waters (හැමර් ඔෆ් ද වෝටර්ස්) කියන්නෙත් ඒ වගේ එකක්. පළමු මිනිසුන් නැවත එසෝස් සිට වෙස්ටරෝසයට සංක්‍රමණය වීම වලක්වන්න මෙයාලා මේ අඳුරු මායාව පාවිච්චි කළා ලු. Children of the Forest කියන අය විසින් එසෝස් සහ වෙස්ටරෝස් හරහා යන්න තිබුණු ඩෝර්න් දේශයට අදාළ කලාපය කෑලි කෑලිවලට වෙන් කරනවා. මෙතනින් තමයි ස්ටෙප්ස්ටෝන්ස් දූපත් නිර්මාණය වෙන්නෙ.

ඒත් මුලදි වෙස්ටරෝසයට සංක්‍රමණය වුණ පළමු මිනිසුන් එයාලගේ ජනාවාස පිහිටවීම ආරම්භ කරනවා. ගොඩක් ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාර මෙතනින් මේ විදියට ආරම්භ වෙනවා.

ජෝර්ජ් ආර් . ආර් . මාර්ටින් මැවූ විශ්වය සැකෙවින් ගවේෂණය කරමු !!!

Let's explore the universe created by
George RR Martin !!!

එකතු වෙන්න අපිත් එක්ක.

https://facebook.com/groups/houseofthedragon2.0/

Uvindu Imesh @සිනෙරූ

#සිනෙරූ

R.I.P 💐 Queen Elizabeth ll 😥   #සිනෙරූ
09/09/2022

R.I.P 💐 Queen Elizabeth ll 😥



#සිනෙරූ

Address

Anuradhapura

Telephone

+94710481089

Website

Alerts

Be the first to know and let us send you an email when සිනෙරූ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සිනෙරූ:

Videos

Share

Category

Nearby media companies