කතෝලික පුංචි රෝමය

කතෝලික පුංචි රෝමය The Little Rome’, Negombo is sprinkled with decidedly ornate Roman Catholic churches that were built during the Portuguese-era. negombo

ස්තුතියි ජේසුනි මේ මාසය පුරාවටත් අපට දුන් නොදුන් හැමදේටම...✝️💓❤❤🙏කතෝලික පුංචි රෝමය
29/02/2024

ස්තුතියි ජේසුනි මේ මාසය පුරාවටත් අපට දුන් නොදුන් හැමදේටම...✝️💓❤❤🙏
කතෝලික පුංචි රෝමය

29/02/2024
28/02/2024

වැටෙන්න වැටෙන්න මා නැගිටන ජේසු 🙏✝️❤
ගායනය Rajive jayamanna

චතාරික සමයට අත්වැලක්.👇මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ පරවී වැටිලා ඒ හිරුමල මේ දෙරණේ.දේව රූපය ලැබූ මිනිසා අද ම...
28/02/2024

චතාරික සමයට අත්වැලක්.👇

මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ පරවී වැටිලා ඒ හිරුමල මේ දෙරණේ.

දේව රූපය ලැබූ මිනිසා අද මේ ලෝකය තුළ යක්ෂ රූපය දරාගෙන හැසිරෙන බවයි මේ පද පෙළේ ව්‍යංගය. මිනිසාව දේව සමානකමට මැව්වා නම් ඇයි මෙච්චර දූෂණ, භීෂණ, ඝාතන, තාඩන පීඩන අපට අසන්නට දකින්නට ලැබෙන්නේ? යන්න යමෙකුට ඇසිය හැකි ප්‍රශ්නයකි. බැලූ බැල්මට එම ප්‍රශ්නය සාධාරණ ප්‍රශ්නයකි. නමුත් එම ප්‍රශ්නයට පිළිතුර වන්නේ “දෙවියන්” නැතැයි යන්න නොවේ, අප දෙවියන්ව හඳුනන්නේ නැතැයි යන්න වේ.
දෙවිඳුන්ගේ මාර්ග අපේ මාර්ගවලට වඩා ඉතාමත් වෙනස්ය. අප දෙවිඳුන්ට ලංවීමට කල හැකි පහසුම දේ වන්නේ අන් අයට ආදරය දැක්වීමයි. අන් අය යනුවෙන් හඳුන්වන්නේ අපේ පවුලේ අය, අපේ අසල්වැසියන්, නෑදෑ හිතමිතුරන්, අපට මුණගැසෙන සියලුම මිනිසුන් හා අප අවට තිබෙන පරිසරයයි.
අද සමාජය තුල “ආදරය” සෙවීම ඉතා අසීරු ක්‍රියාවකි. සියලුම දේ වාණිජකරණයට භාජනය වී මිනිසුන් ආත්මාර්ථයෙන් උදම් වී ඇත. මිනිසා මිනිසාගේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන ඉතාමත් පටු විද්‍යාවක් තුල හිරවීම නිසා දෙවිඳුන් තුල විශ්වාසය හීන වී ඇත.
අද පළමු කියවීම සහ සුවිශේෂය අපට ඇරයුම් කරන්නේ දෙවිඳුන් තුල විශ්වාසය තබමින්, අන් අයට ආදරය කිරීමටයි. එවිට අපි බලාපොරොත්තු වන සාමය. ප්‍රේමය, සමඟිය අප රට තුල, අපේ ගම තුළ, අපේ ගෙදර තුල ඇතිවන බව නොඅනුමානයි. එවිට අද සුවිශේෂයේ එන ලාසරස් මෙන් ස්වර්ග සැපත දිළිඳු වන ඔබටත්, ධනවත් වන ඔබටත් එකසේම විඳිය හැකි බව ස්ථිරයි.

විශ්වාසයෙන් ඉදිරියටම යන්න...✝️💓🙏කතෝලික පුංචි රෝමය
28/02/2024

විශ්වාසයෙන් ඉදිරියටම යන්න...✝️💓🙏
කතෝලික පුංචි රෝමය

පෙබරවාරි 29 වන දින සුබ අස්න – ශු. ලූක් 16: 19 – 3119 ”අගනා නීල-රක්ත වස්ත්‍ර හා සිනිඳු සේද රෙදි හැඳගත්, හැමදා සැප විහරණයෙ...
28/02/2024

පෙබරවාරි 29 වන දින සුබ අස්න – ශු. ලූක් 16: 19 – 31

19 ”අගනා නීල-රක්ත වස්ත්‍ර හා සිනිඳු සේද රෙදි හැඳගත්, හැමදා සැප විහරණයෙන් කල් යැවූ එක් ධනපතියෙක් වී ය. 20 ඔහුගේ නිවසේ දොරටුව ළඟ ඇඟ පුරාම වණ තිබූ ලාසරස් නම් එක් හිඟන්නෙක් ගෙනවුත් තබන ලදී. 21 ඔහු ධනපතියාගේ කෑම මේසයෙන් වැටෙන කැබැලිවලින් වුව ද සාගිනි නිවා ගැනීමට සතුටු විය. බල්ලෝ පවා ඔහුගේ වණ ලෙව කෑවෝ ය. 22 ඒ හිඟන්නා මියගිය පසු දේව දූතයන් විසින් ඔහු ආබ්‍රහම් ළඟට ගෙන යන ලද්දේ ය. ධනපතියාත් මැරී භූමිදාන කරන ලද්දේ ය. 23 ඔහු ආත්ම භවනෙහි වධ විඳිමින් ඇස් ඔසවා ආබ්‍රහම් ද ඔහුගේ තුරුල්ලේ හුන් ලාසරස් ද දුරින් දැක, 24 මොරගසා, ‘ආබ්‍රහම් පිය තුමෙ‍නි, මට කරුණා කොට, තම ඇඟිලි තුඩ දියේ ගල්වා, මාගේ දිව තෙමාලන පිණිස ලාසරස් එවනු මැනව: මන්ද, මම මේ ගිනි ජාලාවෙහි දහ දුක් විඳිමි’යි කී ය. 25 එහෙත් ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘පුත්‍රය, ඔබ ජීවත් ව සිටිය දී, හැම සැපත ම ඔබට තිබුණු බව ද එලෙස ම හැම විපත ම ලාසරස්ට තිබුණු බව ද සිහි කරන්න. එහෙත් දැන් ඔහු මෙ‍හි සැනසිලි ලබයි; ඔබ දහ දුක් විඳින්නෙහි ය. 26 එපමණකුත් නොවේ. මොබින් ඔබ වෙත යාමට වත් ඔබින් අප වෙත ඒමට වත් කැමැති වූවන්ට එය කළ නොහැකි වන සේ ඔබ හා අප හා අතර පරතරයක් පිහිටුවා ඇතැ’යි කී ය. 27 එවිට ධනවතා, ‘එසේ නම් පිය තුමෙ‍නි, මාගේ සහෝදරයෝ පස් දෙනෙක් සිටිති; 28 ඔවුන් ද මේ වධ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස, ඔවුන්ට අවවාද දෙන්නට ලාසරස් මාගේ පියාගේ ගෙදරට යවන මෙ‍න් ඉල්ලමි’යි කී ය. 29 එහෙත්, ආබ්‍රහම් කතා කොට: ‘මෝසෙස් සහ දිවැසිවරයෝ ඔවුන්ට සිටිති. ඔව්හු ඔවුන්ට සවන් දෙත් වා’යි කී ය. 30 ඔහු කතා කොට, ‘එසේ නොවේ, ආබ්‍රහම් පිය තුමෙ‍නි, මළවුන් කෙරෙන් එකකු ඔවුන් වෙත ගියොත් ඔවුන් පසුතැවී සිත් හරවා ගනු ඇතැ’යි කී ය. 31 ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘ඔව්හු මෝසෙස්ටත් දිවැසිවරයන්ටත් සවන් නොදෙත් නම්, මළවුන්ගෙන් උත්ථානයට පැමිණියෙකු වුව ද ඔව්හු විශ්වාස නොකරති’යි ඔහුට කී ය.”

,ජේසු පිහිටයි
28/02/2024

,ජේසු පිහිටයි

චතාරික සමයට අත්වැලක්.👇නායකයා සේවකයා විය යුතුය.සෑම අම්මා කෙනෙකුගේම එකම අරමුණ තම පුතුන් සමාජයේ ඉහලම තැනකට යනු දැකීමයි. අද ...
27/02/2024

චතාරික සමයට අත්වැලක්.👇

නායකයා සේවකයා විය යුතුය.

සෑම අම්මා කෙනෙකුගේම එකම අරමුණ තම පුතුන් සමාජයේ ඉහලම තැනකට යනු දැකීමයි. අද දින ශු. සුවිශේෂය පැහැදිලි කරන අන්දමට සෙබදිගේ පුත්‍රයන්ගේ මව ස්වාමින් වහන්සේගෙන් අයැද සිටින්නේ තම පුත්‍රයන් දෙදෙනා හට උන්වහන්සේගේ දකුණු පසේ හා වම් පසේ අසුන් ගන්නට ඉඩ ලබා දෙන ලෙසටය.
නමුත් ස්වාමින් වහන්සේ ඔවුන්ගෙන් පෙරලා අසා සිටින්නේ එය ලබා ගැනීමට අවශ්‍ය කැප කිරීම කරන්නට, දුක් වේදනා විඳින්නට ඔවුන්සුදානම් ද යන්නයි. මිනිස් හදවත් තුල දුක නැතහොත් ශෝකය යන්න පිළිබඳව ඇත්තේ අමිහිරි වූ සංකල්පයකි. සෑම මිනිසෙකුගේම පරම අභිලාෂය වනුයේ සැපවත් ජීවිතයක් ගත කිරීමය.
අද සමාජය දෙස බලන විට අපට පෙනී යන්නේ මිනිසුන් නායකත්වය, බලය ලබා ගැනීමට පොරබදින ආකාරයයි. මන්ද සමාජ මිම්මට අනුව නායකයා යනු අන් අයව පාලනය කිරීමට හැකියාව ඇත්තෙකි. නමුත් නායකත්වයේ පරමාදර්ශය ජේසුස් වහන්සේය. උන් වහන්සේ එදා ගොල්ගොතා කඳු මුදුනේ අපේ පාපයන් උදෙසා කුරුස ගස වැළඳගනු ලැබුවේ නායකත්වයේ ලක්ෂණ පැහැදිලි කරමිනි.
මොහොතකට සිතා බලන්න. මෙම සමාජය තුල, රැකියා කරන ස්ථානය තුල, පවුල තුල, පාසල තුල, අප සැමට නායකයෙකු වීමට පුළුවන. ඔබත් නායකත්වය වැරදි ලෙස භාවිතා කර අන් අය පීඩනයට පත් කරන, ඔවුන්ට රිදවන තැනැත්තෙක්ද? නැතහොත් අන් අයගේ දුකේදී සංවේදී වන, ඒ අයගේ සුභ සිද්ධිය සදහා කැපවුණු සේවකයෙකුද? සැබවින්ම ක්‍රිස්තු චරිතය නායකයින් වන අපට අභියෝගයක් නොවේද?
කතෝලික පුංචි රෝමය

පෙබරවාරි 28 වන දින සුබ අස්න – ශු. මතෙව් 20: 17 – 2817 ජේසුස් වහන්සේ ජෙරුසලමට යමින් සිටි සේක්, අතරමඟ දී ප්‍රේරිතයන් දොළොස...
27/02/2024

පෙබරවාරි 28 වන දින සුබ අස්න – ශු. මතෙව් 20: 17 – 28

17 ජේසුස් වහන්සේ ජෙරුසලමට යමින් සිටි සේක්, අතරමඟ දී ප්‍රේරිතයන් දොළොස් දෙනා වෙන් කොට ගෙන ඔවුන්ට කතා කොට, 18 ”දැන් අපි ජෙරුසලමට යම්හ. මනුෂ්‍ය-පුත්‍රයාණෝ නායක පූජකයන්ටත්, විනයධරයන්ටත් පාවා දෙනු ලබන සේක. ඔව්හු එතුමාණන් මරණයට නියම කොට, 19 කවටකම් කිරීම ද තැලීම ද කුරුසියෙහි ඇණ ගැසීම ද සඳහා විජාතීන්ට පාවා දෙති. එහෙත්, තුන් වන දා එතුමාණෝ උත්ථාන කරනු ලබන සේකැ”යි වදාළ සේක.20 එකල සෙබදීගේ පුත්‍රයන්ගේ මව ඇගේ පුත්‍රයන් හා සමඟ උන් වහන්සේ වෙත අවුත්, දණින් වැටී, එක් වරයක් ඉල්ලුවා ය. 21 උන් වහන්සේ කතා කරමින්, ”ඔබ කුමක් ඉල්ලන්නෙහි දැ”යි ඇයගෙන් ඇසූ සේක. ඈ පිළිතුරු දෙමින්, ”ඔබගේ රාජ්‍යයෙහි දී මේ මාගේ පුතුන් දෙදෙනාගෙන් එක් කෙනෙකු ඔබගේ දකුණු පසෙහි ද එක් කෙනෙකු වම් පසෙහි ද හිඳගැනීමට නියම කළ මැනවැ”යි කීවා ය. 22 එහෙත්, ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”ඔබ ඉල්ලන්නේ කුමක් දැ යි ඔබ ම දන්නේ නැත. මා බොන්න යන දුක් වේදනා නමැති කුසලානෙන් බොන්න ඔබට හැකි දැ”යි ඇසූ සේක. ”අපට හැකි ය”යි ඔව්හු පිළිතුරු දුන්හ. 23 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”සැබැවින් ඔබ මාගේ කුසලානෙන් බොන්නහු ය. එහෙත් මාගේ දකුණු පසෙහි ද වම් පසෙහි ද හිඳගන්න දීම මා සතු දෙයක් නොවේ. මාගේ පියාණන් විසින් ඒවා යම් අය සඳහා නියම කරන ලද්දේ ද ඒවා අයිති ඔවුන්ට ය”යි වදාළ සේක. 24 දස දෙනා එපවත් ඇසූ විට ඒ සොහොයුරන් දෙදෙනා ගැන කො‍්ප වූ හ. 25 එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා මෙසේ වදාළ සේක: ”විජාතීන්ගේ ආණ්ඩුකාරයින් ඔවුන් කෙරේ ආධිපත්‍යය පවත්වන බවත්, ඔවුන්ගේ ප්‍රධානීන් ඔවුන් කෙරේ බලය පවත්වන බවත් ඔබ දන්නහු ය. 26 එහෙත්, ඔබ අතර එසේ නොවිය යුතු යි. ඔබ අතර යමෙක් නායකයා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ සේවකයා වන්නේ ය. 27 ඔබ අතර යමෙක් ප්‍රධානියා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ දාසයා වන්නේ ය. 28 මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩියේ සේවය ලබන්න නොව, සේවය කරන්නටත්, බොහෝ දෙනෙකුගේ මිදීම උදෙසා සිය දිවි පිදීමටත් ය.”

27/02/2024

අම්මේ...❤❤
හරි ලස්සනයි ඇහට මේක..
දරුවෙක් ඉල්ලල..ජේසු අම්මගෙ මැදිහත් වීමෙන්..ඒ අම්ම..දෙවියන් වහන්සේට බාරයක් වෙලා..
❤❤
දරුවෙක් ඉපදුනොත්.දනින්ම රෝහලෙන් පිටවෙනව..කියල..
පිළිසිදීමෙන් පසු වේදනාවත් සමග තම කුළුදුල් දරුවාගේ ඒ අසීමිත සතුටත් එක්ක..

බලන්න දනින්ම ඒ අම්ම ඔප්පු කරන භාරය...
ජේසු පිහිටයි අම්මේ...ඔබටයි ඔබේ ආදරණීය දරුවාටයි😘🤩🥰

විඩියෝ අයිතිය මුල් හිමිකරුවන්ට

Indirizzo

Naples

Telefono

+393349943564

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando කතෝලික පුංචි රෝමය pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Video

Condividi