KPMD News and media.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනමාධ්‍ය ආයතන මුහුණ දෙන ගැටලු සහ ඊට අදාළ විසදුම් සහ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු...
16/12/2022

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනමාධ්‍ය ආයතන මුහුණ දෙන ගැටලු සහ ඊට අදාළ විසදුම් සහ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් යුත් " ආර්ථික ස්ථායීකරණ කමිටුව ඊයේ දින (15) පාර්ලිමේන්තුවේදී රැස් විය. එහිදි මාධ්‍ය ආයතන මුහුණ දෙන ආර්ථික අර්බුද විසඳීමට අවශ්‍ය සැලසුම් ගණනාවක් මෙහිදි සාකච්ඡාවට භාජනය විය.

ආර්ථික අර්බුදය හමුවේ සමාගම්වල නිෂ්පාදන පිරිවැය ඉහළයාමෙන් වෙළද දැන්වීම් සදහා වෙන් කරන මුදල් ප්‍රමාණය දළ වශයෙන් 70% ක ප්‍රමාණයකින් අඩුවී ඇති බව මෙහිදී අනාවරණය විය.

රාත්‍රී ප්‍රමුඛ කාලය තුළ (Prime Time) සිදුවන විදුලි කප්පාදුව නිසා රූපවාහිනි ආයතනවලට වෙළද දැන්වීම් ලැබෙන ප්‍රමාණය පහතවැටී ඇති බවද, වත්මන් ආර්ථිකය තුළ වැඩසටහන් නිෂ්පාදනය සදහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවන බවටද මෙහිදී කරුණු අනාවරණය කර ගැණින.

කඩදාසි හිඟය ඇතුළු නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා පුවත්පත් ඇතුළු ප්‍රකාශන කර්මාන්තවල විශාල පසුබෑමක් සිදුව ඇති බව පුවත්පත් නියෝජනය කරමින් පැමිණි මාධ්‍යවේදීන් කරුණු පෙන්වා දුන්හ. මෙම තත්ත්වය නිසා පුවත්පත්වල පිටු සීමා කිරීමටත් මිල ඉහළ දැමීමටත් සිදුව ඇති බව ද ඔවුහු පැවසූහ. පුවත්පත් පිටු අඩුවීමෙන් ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ගේ පුවත් සදහා ඉඩක් නොලැබෙන තත්ත්වයක් ඇතිවී ඇති බවත්, ඔවුන්ට ගෙවීම් පවා සිදුකළ නොහැකිවී ඇති බවත් මුද්‍රිත මාධ්‍ය සම්බන්ධ නිළධාරීන් මෙහෙදි වැඩිදුරටත් අණාවරණය කළහ. එසේම ඇතැම් පුවත්පත් ආයතනවල ස්ථිර කාර්ය මණ්ඩලයට වැටුප් පවා ගෙවීමට අපහසු තත්ත්වයන් ඇතිවී ඇති බවත් මෙහි දී හෙළිවිය. මෙම තත්ත්වය තුළ පුවත්පත් මුද්‍රණය 60% - 70% ක ප්‍රමාණයකින් අඩුවී ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.

මේ අනුව ආර්ථික ගැටලු, ප්‍රාදේශීය පුවත් පළ නොවීම ආදී හේතු නිසා ජනතාව අතර පුවත්පත් සංසරණය මේවන විට විශාල ලෙස අඩුවී ඇති බවත්, පුවත්පත් මාධ්‍යවේදීහු පෙන්වා දුන් අතර ආර්ථික අර්බුදයට අමතරව සමාජ මාධ්‍ය ඇතුළු වත්මන් ඩිජිටල් මාධ්‍ය ප්‍රවණතාවන් හේතුවෙන්ද පුවත්පතට සහ ගුවන්විදුලියට විශාල අභියෝගයකට මුහුණදීමට සිදුව ඇති බවද මෙහිදී අනාවරණය විය.

වත්මන් අර්බුදකාරි තත්ත්වයට මුහුණ දීම සදහා ජනතාව සූදානම් කිරීමට සියලු ජනමාධ්‍ය ආයතන ඒකාබද්ධව එක ඉලක්කයකට යාමට රජය ඒකාබද්ධ ප්‍රයත්නයක් දැරිය යුතු බවටද මෙහිදී මත පළ විය. සුනාමි ව්‍යසනය, ත්‍රස්තවාදය පරාජය කිරීම, කෝවිඩ් අර්බුදය ජය ගැනීම වැනි අවස්ථා සදහා මාධ්‍ය ක්‍රියාකළ අයුරින් මේ මොහොතේද කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබදව මෙහිදී අවධානය යොමුවිය.
මෙම සියලු අදහස් යෝජනාවලට අවධානය යොමු කරමින් අනුකාරක සභාපතිවරයා පැවසුවේ මෙම කරුණු ඇසුරින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ යෝජනා ඉදිරි වාර්තාවට ඇතුළත් කොට ජාතික සභාවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

මේ අවස්ථාවට හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා, මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී, ගුවන් විදුලි, පුවත්පත් මෙන්ම සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය සම්බන්ධ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ප්‍රධානීන් රැසක් සහභාගී විය.

- කරු පරණවිතාන මාධ්‍ය ඒකකය.

හිටපු අමාත්‍ය චම්පික රත්නපුර තරුණ, තරුණියන් හමු වෙයි...බිද වැටුණු රටක තරුණයන්ගේ වගකීම, රටේ වත්මන් දේශපාලන තත්වය, ඉදිරි ද...
29/11/2022

හිටපු අමාත්‍ය චම්පික රත්නපුර තරුණ, තරුණියන් හමු වෙයි...

බිද වැටුණු රටක තරුණයන්ගේ වගකීම, රටේ වත්මන් දේශපාලන තත්වය, ඉදිරි දේශපාලනයේ ස්වභාවය සහ රටේ ආර්ථික තත්වය පිළිබදව රත්නපුර දිස්ත්‍රික්කයේ තරුණ, තරුණියන් දැනුම්වත් කිරීමේ තවත් අදියරක් හිටපු අමාත්‍ය, 𝟒𝟑 සේනාංක නායක පාඨලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් (𝟐𝟎𝟐𝟐.𝟏𝟏.𝟐𝟕) ඉරිදා දින සිදු කෙරිණ.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය, 𝟒𝟑 සේනාංක සභාපති කරු පරණවිතාන මහතාගේ පැල්මඩුල්ල, ලෙල්ලොපිටිය නිවසේ දී මෙම රත්නපුර දිස්ත්‍රික් තරුණ ක්‍රියාකාරී හමුව පැවැත්විණ.

𝟒𝟑 සේනාංකයේ රත්නපුර දිස්ත්‍රික් තරුණ අංශයේ සම්බන්ධීකාරක අමිත් ශ්‍රී පැතුම්, දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය රූපසිංහ සහ 𝟒𝟑 රත්නපුර දිස්ත්‍රික් ක්‍රියාකාරීන් විසින් මෙය සංවිධානය කර තිබින.

මෙම අවස්ථාවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, 𝟒𝟑 සේනාංක තරුණ අංශයේ කැදවුම්කරු තීක්ෂන ගම්මන්පිල, රත්නපුර නාගරික මන්ත්‍රිනි නදීශා විජේසිංහ, රත්නපුර ප්‍රාදේශිය සභා මන්ත්‍රී චන්ද්‍රකුමාර්, 𝟒𝟑 සේනාංක විධායක සභික එම් අයි මොහොමඩ්, වෛද්‍ය අශේන් ආරියවංශ, නීතිඥ හර්ෂණ විජේනායක, තාක්ෂණික විද්‍යාඥ කපිල බුද්ධික, මෘදුකාංග සංවර්ධක චින්තන රාමනායක ඇතුලු පිරිසක්ද සහභාගි විය.

- කරු පරණවිතාන මාධ්‍ය ඒකකය. #𝐊𝐏𝐌𝐃

01/11/2022
02/10/2022

රුසියාවේ රුවුල්කාරයන් නැති ස්මාරකය (𝐓𝐚𝐭𝐥𝐢𝐧 𝐓𝐨𝐰𝐞𝐫)

මෙම සිතුවමින් දැක්වෙන්නේ මීට අවුරුදු 𝟏𝟎𝟎කට පමණ පෙර රුසියාවේ පීටර්ස්බර්ග් නුවර ඉදිකිරීමට යෝජිත වූ එක්තරා සුවිශේෂි ගොඩනැගිල්ලක ආකෘතියයි.

"ටැට්ලින් ටවර්" (𝐓𝐚𝐭𝐥𝐢𝐧 𝐓𝐨𝐰𝐞𝐫) නමින් හැඳින්වෙන මෙය නූතනවාදී කලා ඉතිහාසයේ එක් වැදගත් මොහොතක් සනිටුහන් කළ කෘතියකි. මේ කෘතියේ එක් තේමාවක් වර්තමානයටද අදාලය.

𝟏𝟗𝟏𝟕 ඔක්තෝම්බර් විප්ලවයෙන් බලයට පත් වූ බොල්ෂෙවික් කොමියුනිස්ට් ආණ්ඩුව විසින් 𝟏𝟗𝟏𝟗 දී ලෝකයේ කොමියුනිස්ට් පක්ෂ එකතු කරමින් 𝟑 වන ජාත්‍යන්තර⁣ය ගොඩනැගීමට කටයුතු කරන ලදී. එය "කොමින්ටනය" නමි විය. කොමින්ටනය සඳහා මූලස්ථාන ගොඩ නැගිල්ලක් අවශ්‍ය වූයෙන් ඒ සඳහා සැලැස්මක්/ ආකෘතියක් සකස්කර දෙන ලෙස බොල්ෂෙව්ක් නායකයෝ එවකට රුසියාවේ සිටි කීර්තිමත් නූතනවාදී කලාකරුවකු සහ නිර්මාණ ශිල්පයකු වූ ව්ලැඩ්මීර් ටැට්ලින් ට (𝐕𝐥𝐚𝐝𝐦𝐢𝐫 𝐓𝐚𝐭𝐥𝐢𝐧) ඇරයුම් කළහ.

ටැට්ලින්ගේ සැලසුම මේ සිතුවමෙහි සඳහන් පරිදි දෘශ්‍යමාන විය. එහි අදහස විමසා බැලීම වැදගත්ය.

එහි ඇත්තේ පිරමිඩය හා සිලින්ඩරය මුසුකරගත් ජ්‍යාමික හැඩයකි. එසේම ආකෘතියේ බඳවටා දුවන දුන්නකි (𝐬𝐩𝐢𝐫𝐚𝐥). මේ ආකෘතිය ප්‍රංශයේ පැරිස් නගරයේ ඒ වන වටත් ඉදිවී තිබුන අයිෆල් කුළුනේ ආකෘතිය ආසන්න වශයෙන් සිහිපත් කරන්නකි. එහෙත් ඉදිකරන ව්ට අයිෆල් කුළුනටත් වඩා මීටර් 𝟓𝟎 ක් වැඩි උසකින් මෙය නිර්මාණය කිරීමට යෝජිත විය.

මෙහි රාමුව ඇතුලේ තට්ටු තුනකින් යුතු සෑම තට්ටුවක්ම එකිනෙකට වෙනස් වේගයන්ගෙන් කරකැවෙන ලෙස ගොඩනැගිල්ල ඉදිකිරීමට යෝජනා විය.

- එහි පහල මාලය වටයක් කැර කැවීමට වසරක කාලයක් ගතවන අතර එහි ස්ථානගත කිරීමට යෝජනා වූයේ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ව්‍යවස්ථාදායකය හා හා අනෙකුත් සම්මන්ත්‍රණ සභා ශාලාවන්ය. (𝐀 - කොටස)

- මැද මාලය වටයක් කැරකැවීමට මාසයක කාලයක් ගන්නා අතර එහි ස්ථාන ගත කිරීමට යෝජනා වූයේ ජාත්‍යන්තරයේ විධායක පරිපාලන යාන්ත්‍රණයයි. (𝐁 - කොටස)

- තෙවැනි ඉහල මාලය වටයක් කැරකැවීමට එක් දිනක් ගත වන අතර එහි ස්ථාන ගත වීමට යෝජනා වූවේ සිව්වෙනි ආණ්ඩුව හෙවත් ජනමාධ්‍යයි. (𝐂 - කොටස)

කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම මහජනයාට විනිවිද පෙ⁣නෙන ආකාරයට තැබිය යුතු බව ව්ලැඩ්මීර් ටැට්ලින් නම් කලාකරුවා තම නිර්මාණයට එකතු කළ අර්ථභාරයයි.

එසේම එය අත්‍යන්තයෙන්ම නූතනවාදී විය. හැඩ රුව ජ්‍යාමිතිකය. ගොඩනැගිල්ලේ භ්‍රමණයෙන් සංකේතවත් වූයේ කාලයත් සමග ඉදිරියට යාමය. එසේම ලෝකයේ විප්ලවයේ කේන්ද්‍රස්ථානය ප්‍රංශයෙන් රුසියාව කරා මාරුවීමද මෙමගින් සංකේතවත් විය. මේ යෝජිත සැලැස්ම සමකාලීන කලාකරුවන්ගේ හා විචාරකයන් ගේ සම්භාවනාවට පාත්‍රවිය. ඒ වනතුරු රුසියානු ස්මාරක ගොඩනැගිලි සඳහා යොදා ගත්තේ මධ්‍යතන යුගයේ මෙන්ම විප්ලව යුගයේද රුවුල වවාගත් රජවරුන්ගේ සහ දාර්ශනිකයන්ගේ සහ විප්ලවවාදීන්ගේ රූපකායයන් කේන්ද්‍රකරගත් තේමාවන්ය.
පළමු වරට රුසියාවේ රුවුල්කාරයන් නැති ස්මාරකයක් බිහිවන්නේ යැයි කියමින් 'මායාකොවුස්කි' සුප්‍රකට රුසියන් කවියා ටැට්ලින්ගේ නිර්මාණය ඉහලින් අගය කළේය.

එහෙත් ටැට්ලින් කුළුන ඉදිකිරීමට බොල්ෂෙව්ක් ආණ්ඩුවේ අනුමැතිය හිමි වූයේ නැත.
හේතුව ලෙස ප්‍රසිද්ධියේ පැවසෙන්නේ ඒ සඳහා වැය වීමට නියමිතව තිබූ පිරිවැය ඒ වන විටත් සිවිල් යුද්ධයකට මුහුණ දීමට සිදුව තිබූ බොල්ෂෙව්ක් කොමියුනිස්ට් ආණ්ඩුව⁣ට දැරිය නොහැකි වීමය. මීට වෙනස් මතයකින් පැවසෙන්නේ රාජ්‍ය මහජනයාට විනිවිද පෙනෙන විවෘත අංගයක් ලෙස ගොඩ නැගිල්ලෙහි තේමාගත කර තිබීම කොමියුනිස්ට් නායකයන්ගේ අසතුටට හේතුවක්ව තිබීමය. කොමියුනිස්ට් රාජ්‍යයක් විවෘත ආණ්ඩුවක් ප්‍රවර්ධනය කිරීම සිතාගත නොහැකි කරුණක්ව තිබිණි.වසා තබාගත් ආණ්ඩුවේ සමහර රහස් එළියට ආවේ නායකයන්ගේ මරණ වලින් පසුය. ස්ටාලින්ගේ පාලන කාලයේ සිදුවූ අපරාධ බොහොමයක් කෘෂොෆ් 𝟏𝟗𝟓𝟔 වසරේදී එළියට දැම්මේය. ඒ ස්ටාලින් මියගොස් වසර තුනකට පසුවය.

කෙසේ වුවද ටැට්ලින් කුළුනට හිමි වූ කලාත්මක වට්නාකම එම කුළුන ඉදි නොවීම යන කරුන නිසා අහිමි වූයේ නැත. එය අදටත් ලෝකයේ වාස්තුවිද්‍යා හා ඉදිකිරීම් ප්‍රදර්ශන වල සහ කෞතුකාගාරවල ඉහල ඇගයීමකට ලක්වන ප්‍රධාන ප්‍රදර්ශනීය කලා කෘතියකි.

විවෘත ආණ්ඩු ප්‍රවර්ධන අදහස ලෝකයේ ප්‍රචලිත වන්නට පටන් ගත්තේ තොරතුරු දැනගැනීමේ අයිතිය මානව හිමිකමක් ලෙස සංවර්ධනය වීමත් සමගය. ඒ අනුව ටැට්ලින් කුළුන හිමිකරගන්නා සාමාජික හා කලාත්මක වටිනාකම දිනෙන් දින වැඩි වේ.

(තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දින සැමරුම වෙනුවෙන් සැප්තැම්බර් 𝟐𝟖 දින කොළඹදී පැවැති සම්මන්ත්‍රණයකදී මා කළ කතාවට මෙම විස්තරය ඇතුළත් කළෙමි.)

- කරු පරණවිතාන

https://en.wikipedia.org/wiki/Vladimir_Tatlin

මේ දවස්වල පොත පතට ලැදි බොහෝ දෙනෙක් මුණ ගැහෙන්න පුළුවන් තැනක් තමයි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය. රටේ විශාල ආර්ථික...
23/09/2022

මේ දවස්වල පොත පතට ලැදි බොහෝ දෙනෙක් මුණ ගැහෙන්න පුළුවන් තැනක් තමයි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය. රටේ විශාල ආර්ථික අර්බුදයක් පැවතියත් බොහෝ පාඨකයන් මෙවරත් පොත් මිල දී ගැනීමට පැමිණ තිබීම සතුටට කරුණක්.

කොපමණ ආර්ථික අපහසුකම් මධ්‍යයේ වුවත් සංවිධායක මණ්ඩලය පොත් මුද්‍රණය කරන්නන්, ප්‍රකාශකයන්, අලෙවිකරුවන් සමග එකතුව මෙවරත් පාඨකයන්ට වට්ටම් සහිතව මිලදී ගැනීම් සිදු කර ගැනීමට අවකාශය සලසා තිබීම මම අගය කරමි. මන්ද අනාගත පරපුර දැනුමෙන් සන්නද්ධ වීම අත්‍යාවශය කරුණකි.

මා හිතවත් හිටපු අමාත්‍යය පාඨලී චම්පික රණවක මහතා සහ 𝟒𝟑 සේනාංකයේ සාමාජිකයන් කිහිප දෙනෙකු සමඟ මමත් පසු ගිය 𝟐𝟏 වන බදාදා දින පොත් ප්‍රදර්ශන පරිශ්‍රයට ගියා. අපගේ අරමුන වූයේ 𝟒𝟑 සේනාංක ප්‍රධාන කාර්යාලයේ ආරම්භ කිරීමට නියමිත පුස්තකාලයට අදාල පොත් මිලදි ගැනීමයි.

පොත් ප්‍රදර්ශන පරිශ්‍රය තුල ගෙවුන හෝරා කිහිපයේදී දන්නා හදුනන හිතවතුන්, ලේඛක ලේඛිකාවන්, ප්‍රකාශකයින් කිහිප පොලක්ම මුන ගැසී කතා බස් කිරීමටද අවස්ථාව උදා විය..

- කරු පරණවිතාන

සිංගප්පූරු ජාතික දැල්පන්දු කණ්ඩායම සමග පැවති අවසන් තරගයෙන් 𝟔𝟑-𝟓𝟑 ලෙස සිංගප්පූරුව පරාජයට පත් කරමින් ආසියානු කාන්තා දැල්පන...
12/09/2022

සිංගප්පූරු ජාතික දැල්පන්දු කණ්ඩායම සමග පැවති අවසන් තරගයෙන් 𝟔𝟑-𝟓𝟑 ලෙස සිංගප්පූරුව පරාජයට පත් කරමින් ආසියානු කාන්තා දැල්පන්දු ශූරතාවය හිමි කර ගත් ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු කණ්ඩායමටත්,
ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී මුලින් පන්දුවට පහර දී නියමිත පන්දුවාර 𝟐𝟎 අවසානයේදී කඩුලු 𝟎𝟔 ක් දැවී ලකුණු 𝟏𝟕𝟎 ක් ලබා ගනිමින් පකිස්ථානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලකුණු 𝟐𝟑 ක විශිෂ්ට ජයක් ලබමින් ආසියානු කුසලාන 𝐓𝟐𝟎 ක්‍රිකට් ශූරතාවය ලබා ගත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමටත් මාගේ උණුසුම් සුබ පැතුම් එක්කරමි.

කරු පරණවිතාන.

ආණ්ඩුවේ මර්ධනයට එරෙහි ඒකාබද්ද ප්‍රකාශයට 𝟒𝟑 නේ සහයත්…මර්දනයට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශයක් සඳහා දේශපාලන හා සිවිල් සංවිධාන දාය...
09/09/2022

ආණ්ඩුවේ මර්ධනයට එරෙහි ඒකාබද්ද ප්‍රකාශයට 𝟒𝟑 නේ සහයත්…

මර්දනයට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශයක් සඳහා දේශපාලන හා සිවිල් සංවිධාන දායක කරගැනීමේ අරමුණින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද දින (𝟐𝟎𝟐𝟐.𝟎𝟗.𝟎𝟗) ප්‍රසිද්ධ සම්මන්ත්‍රනයක් ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වින.

ඒ සදහා පක්ෂ නායකයින්, නියෝජිතයින්, ශිෂ්‍ය ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයින් ඇතුලු පිරිසක්ද එක්ව සිටි අතර, 𝟒𝟑 සේනාංකය නියෝජනය කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය 𝟒𝟑 සේනාංක සභාපති කරු පරණවිතාන, 𝟒𝟑 සේනාංක වෘත්තීය සමිති සම්බන්ධීකාරක බන්දුල චන්ද්‍රසේකර යන මහත්වරුන් සහභාගි විය.

කරු පරණවිතාන මාධ්‍ය ඒකකය.

01/08/2022

සර්වපාක්‍ෂික ආණ්ඩුව මෙහෙයවන්න ජාතික විධායක සභාවක් ඕනෑ..

𝟒𝟑 සේනාංකයේ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන.

ප්‍රශ්නය –
සර්වපාක්‍ෂික ආණ්ඩුවකට ඇති අවස්ථාව සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂ විසින් මත පළ කරනවා. ඔබගේ මතය අනුව එවැනි ආණ්ඩුවකට තවදුරටත් අවස්ථාවක් තිබෙනවාද?

පිළිතුර –
සර්වපාක්‍ෂික ආණ්ඩුවකට තවමත් හොඳටම ඉඩකඩ තිබෙනවා. මෙම දේශපාලන අර්බුදය මතුවූ මොහොතේ සිට එවැනි ආණ්ඩුවක් ගැන කතා වෙනවා. මොකද එය එක්තරා මට්ටමකට පවතින අර්බුදයට හොඳම අතරමැදි උත්තරයයි.
රාජපක්‍ෂ ආණ්ඩුව ගෙනගිය ආර්ථික පිළිවෙත හේතුවෙන් රට බංකොලොත් වුණා. ආණ්ඩු මාරු කිරීම සඳහා මැතිවරණයක් පැවැත්වීමට ආර්ථික හෝ දේශපාලන වාතාවරණයක් රට තුළ නැහැ. ඇත්තටම ජනතාව විරෝධාකල්ප වලින් සන්නද්ධ වෙලා ඉන්නවා මිස විකල්පවලින් සන්නද්ධ වෙලා නෙමෙයි. එවැනි තත්ත්වයක් තුළ නව ආණ්ඩුවක් පිහිටුවා ගනු ලැබුවත් එම ආණ්ඩුවටත් මෙම ඉරණමම අත්වීමට ඇති ඉඩකඩ ඉහළයි. ඒ නිසා මතුව ඇති ගින්න නිවාගෙන සාමූහික උත්සාහයකින් වැටුණු වළෙන් ගොඩ ඒමයි කළයුත්තේ.

ප්‍රශ්නය –
සර්වපාක්‍ෂික ආණ්ඩුවක් බිහිකර ගැනීමේ අවස්ථා කිහිපයක් මඟ හැරුණා නොවේද?

පිළිතුර –
ඔව්…. එවැනි අවස්ථා දෙක තුනක්ම මඟහැරී ගියා. ඇත්තටම සර්වපාක්‍ෂික ආණ්ඩුවක් තැනීමේ උත්සාහය අවංක විය යුතුමයි. රාජ්‍ය නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සියලු පක්‍ෂවලට නිල ආරාධනාවක් කළ යුතුයි. තමා කරන්න යන දේ පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. ඒ වගේම පක්‍ෂ දේශපාලනය පසෙකට තල්ලු කර රට වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ඒ බව සැබෑව පෙන්විය යුතුයි. සියල්ලන්ට ප්‍රථම නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එය පළමුව පෙන්විය යුතුයි. එහෙම අවස්ථාවක් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්වූ පසු ලැබුණා. අවාසනාවකට එය කෙරුණේ නැහැ.

ප්‍රශ්නය –
පවතින අර්බුදය විසඳීමට සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම පමණක් ප්‍රමාණවත්ද?

පිළිතුර -
මෙම අර්බුදය විසඳීමට සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම පමණක් ප්‍රමාණවත් නැහැ. එවැනි ආණ්ඩුවක් සමග තවත් දේවල් ගැටගැහෙන්න ඕන. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය එහි විශේෂයි. ජනමත විචාරණයකට නොගොස් අලුත් ව්‍යවස්ථාවකට නොගොස් එය කළ යුතුයි. එහිදී විසිදෙවන ව්‍යවස්ථා සංශෝධනය කළ හැකියි. ඒ වගේම සර්වපාක්‍ෂික ආණ්ඩුව මෙහෙයවන ජාතික විධායක සභාව වැනි ව්‍යුහයක් තිබිය යුතුයි. සැමගේ අදහස් බලගැන්වෙන්නේ එවිටයි. හැමදෙනාම ආණ්ඩුකරණයේ වගකීම ගත යුතුයි. ඊට අමතරව පොදු අවම වැඩපිළිවෙළක් සඳහා සියලු දෙනා එකඟ විය යුතුයි. පසුගිය කාලයේ සිදුවූ ඇතැම් කටයුතු නිසා මෙම තත්ත්වයන්ට යම් හානියක් සිදුව ඇතත් සර්වපාක්‍ෂික රජයක් තැනීමට ඉඩක් ඇති බව තමයි අපේ අදහස.

ප්‍රශ්නය –
යම්හෙයකින් සර්වපාක්‍ෂික රජයක් බිහිවුවහොත් ඔබතුමන්ලාගේ 43 සේනාංකය පාර්ලිමේන්තු නියෝජනය එහි වගකීමක් ගන්න සූදානම්ද?

පිළිතුර –
මම ඉහත සඳහන් කළ අංග ලක්‍ෂණ සහිත සර්වපාක්‍ෂික ආණ්ඩුවක් තුළ වගකීමක් ගන්න අපගේ නියෝජනය සූදානම්. එය අප මීට ප්‍රථමත් සඳහන් කළ කාරණයක්. අප පමණක් නොව පාර්ලිමේන්තුවේ සැම මේ සඳහා එක්විය යුතුයි. අප සිටිනවාද නැද්ද යන්න විශේෂ ප්‍රශ්නයක් නෙමෙයි.

ප්‍රශ්නය –
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ පාලනය තුළ අරගලකරුවන් මර්දනය තීව්‍ර වී ඇති බව ඇතැමුන් චෝදනා කරනවා. ජනාධිපතිවරයාගේ හැසිරීම පිළිබඳ ඔබගේ අදහස කෙසේද.

පිළිතුර –
ඔහු වැඩේ වරද්දා ගන්නයි යන්නේ. මේ වගේ විශාල සමාජ කැළඹීමකින් පසු ගොඩනැගෙන ආණ්ඩුව තේරුම් ගත යුතු කාරණයක් තිබෙනවා. ඒ ආණ්ඩුවට මහා සානුකම්පාවත් සන්සුන් මනසත් මහජනතාවට ළෙන්ගතුකමක් ඇති ගිනි නිවන, කාටත් ආදරය හිතෙන බොහෝම යුක්තිය සාධාරණය ඇති විය යුතුයි. නමුත් අවාසානාවකට ජනාධිපතිවරයා මර්දනය හැර වෙන යමක් කරන බව පෙනෙන්න නැහැ. අරගලය මතුවුණේ ඉතාම සාමකාමීව. එය ප්‍රචණ්ඩත්වයට හැරවුණේ ජූලි 𝟎𝟗 වැනිදා. ප්‍රචණ්ඩත්වය ඇති කිරීමේ වගකීම පොහොට්ටුවේ දේශපාලනඥයින් ගත යුතුයි. එසේ තිබියදී දැන් අරගලයට සම්බන්ධ වුණ තරුණයන්, ජනමාධ්‍යවේදීන්, සමාජ ජාලා ක්‍රියාකාරීන් හොය හොයා මර්දනය කරන්න යනවා. මෙය අන්තිම වැරදි කටයුත්තක්. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඔහුට ලැබුණු සීමිත අවස්ථාව පවා මඟහරිමින් සිටිනවා. ඔහු එතැනට පත්වුණේ කෙසේද යන්න ඔහු අමතක කරලා. ඔහු මේ වෙලාවේ කළ යුතු දේ නෙමෙයි කරමින් සිටින්නේ.. මෙහෙම ගියොත් රට හමුවේ ඇති අර්බුදයට විසඳුම් සොයන්න බැරිවේවි.

සිරිමන්ත රත්නසේකර,
දිවයින ඉරිදා සංග්‍රහය
𝟐𝟎𝟐𝟐.𝟎𝟕.𝟑𝟏

𝟒𝟑 සේනාංකයේ නියෝජිතයන් මැතිවරණ කොමිසමේදී සභාපති මුණ ගැසෙයි.මහ මැතිවරණයක් පැවැත්වීමට පෙර මැතිවරණ ක්‍රමය සහ එහි ක්‍රියාවලි...
13/06/2022

𝟒𝟑 සේනාංකයේ නියෝජිතයන් මැතිවරණ කොමිසමේදී සභාපති මුණ ගැසෙයි.

මහ මැතිවරණයක් පැවැත්වීමට පෙර මැතිවරණ ක්‍රමය සහ එහි ක්‍රියාවලිය තුළ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ 𝟒𝟑 සේනාංකයේ යෝජනා මාලාව මැතිවරණ කොමිසමට භාරදීම අද දින (𝟐𝟎𝟐𝟐.𝟎𝟔.𝟏𝟑) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී සිදු විය.

එම යෝජනා මාලාව පිළිබඳ විශේෂ සාකච්ඡාවක්ද මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ඇතුලු කාර්ය මණ්ඩලය සමග පැවැත්විණ.

එම අවස්ථාවට 𝟒𝟑 සේනාංකයේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය 𝟒𝟑 සේනාංක සභාපති කරු පරණවිතාන, නීතිඥ ශිරාල් ලක්තිලක සහ 𝟒𝟑 සේනාංක නියෝජිතයන් පිරිසක් ඊට එක්ව සිටියහ.

කරු පරණවිතාන මාධ්‍ය ඒකකය
#𝐊𝐏𝐌𝐃

11/05/2022
04/05/2022
04/05/2022
රාජපක්ෂ  ආණ්ඩුට එරෙහිව මෙරට ඉතිහාසයේ පළමු වරට වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් අද දිනයේ  ( 𝟐𝟎𝟐𝟐 / 𝟎𝟒...
28/04/2022

රාජපක්ෂ ආණ්ඩුට එරෙහිව මෙරට ඉතිහාසයේ පළමු වරට වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් අද දිනයේ ( 𝟐𝟎𝟐𝟐 / 𝟎𝟒 / 𝟐𝟖 ) එකට එක් වෙමින් විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂනයක් සංවිධානය කර තිබිණි.

දිවයින පුරාම පොදු ජනතාව ඊට මහත් උද්යෝගයෙන් එක් වූ අතර 𝟒𝟑 සේනාංකයේ සහයෝගය ද එම උද්ඝෝෂණ ව්‍යාපාරයට එක් වීය. 𝟒𝟑 සේනාංකයේ සභාපති සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා ද ඊට සහයෝගය දැක්වීමට එක් විය.

කරු පරණවිතාන මාධ්‍ය ඒකකය. #𝐊𝐏𝐌𝐃

🔜 එහෙම නෙවෙයි අපි කෙරෙන විධිහක් ගැන කතා කරමුද?පෙරේදා (𝟏𝟏) රාත්‍රියේ ජාතිය අමතා තරුණයින්ට අනියම් තගක් දැමූ ඔබ අද ඔවුන් ස...
19/04/2022

🔜 එහෙම නෙවෙයි අපි කෙරෙන විධිහක් ගැන කතා කරමුද?

පෙරේදා (𝟏𝟏) රාත්‍රියේ ජාතිය අමතා තරුණයින්ට අනියම් තගක් දැමූ ඔබ අද ඔවුන් සමග සාකච්ඡාවට සූදානම් බව කියයි.මැතිතුමනි, මෙහෙම කිව්වාට වැඩේ වෙන්නේ නැත. අපි කෙරෙන විධිහක් ගැන කතා කරමු !

𝟎𝟏. මුලින්ම ඔබ ඔබේ උඩඟු මලයා සමග කතා කර බලය අත් හැරීමට එකඟ කරවා ගන්න. එහෙම එකඟ වෙනවානම් ඒ බවත් එය කරන ආකාරය පිළිබඳවත් රටට දැණුම් දෙන්න.

𝟎𝟐. ඊ ළඟට ඔබේ පවුලේ උදවිය සමග කතා කර ඔබ බලය අත්හරින හැටි ගැන එකඟතාවක් ඇති කර ගන්න. ඒ බවද රටට දැණුම් දෙන්න.

𝟎𝟑 . ඔබේ පක්ෂයේ මන්ත්‍රීවරුනට මේ අවස්ථාවේදී පවුල් බලයට යට නොවී හෘද සාක්ෂියට අනුව තීරණ ගැනීම ඉඩ දීමේ ක්‍රමයක් සකසා ගැනීම සඳහා ඒ මන්ත්‍රීවරු සමගද සාකච්ජා කරන්න.

𝟎𝟒 . රජ පවුල නැති කෙටිකාලීන අන්තර්වාර ආණ්ඩුවක් හැදීම සදහා පාර්ලිමේන්තුව සමග කතා කර එහි ප්‍රතිපල රටට දැණුමි දෙන්න.

𝟎𝟔 විසි වන සංශෝධනය ඉරා දමා නැවත 𝟏𝟗 හි සාධනීය හරය බල ගැන්වෙන 𝟐𝟏 වෙනි සංශෝධනයක් කඩිනමින් සකස් කිරීම සදහා ඔබේ පිරිස් එකඟ කරවා ගැනීමේ සාකච්ඡාවක් තබා එහි ප්‍රතිපල රටට දැණුම් දෙන්න.

𝟎𝟓. හැකි ඉක්මණින් මැතිවරණයක් පවත්වා ජනතාවට තමන් කැමති පාලනයක් පත් කරදීමට අවස්ථාව සැළසිය හැකි ක්‍රමයක් පිළිබඳ කතා කරන්න.

𝟎𝟔. එවිට තරුණ තරුණයින් සමග හොඳ සාකච්ඡාවක් කළ හැකිය. මෙැතන තරුණ තරුණයන් යනු ගෝල්ෆේස් "ගෝඨාගෝගම" වාඩිලා සිටින අය පමණක් නොවෙි. මුලු රටේම තරුණ පරපුරය. අනාගත පරපුරය. ඔබ පමණක් නොව මේ ලියන මාද ඒ පරපුරට අයත් නැත. වාඩිලා සිටින අය සංකේතවත් කරන්නේ ඒ අනාගත පරපුරේ අභිලාෂයන්ය.

-කරු පරණවිතාන-

රත්නපුර දිස්ත්‍රික්කයේ රැසකට ඡන්දය නැහැ.රත්නපුර  දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් ඇතුලු ඡන්දදායකයින් රැසකට මෙවර ඡන්දය අහිමිව...
23/02/2022

රත්නපුර දිස්ත්‍රික්කයේ රැසකට ඡන්දය නැහැ.

රත්නපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් ඇතුලු ඡන්දදායකයින් රැසකට මෙවර ඡන්දය අහිමිව තිබේ. ඔබේ නම ඡන්ද ලැයිස්තුවේ සඳහන්ව තිබේද නැද්ද යන්න පිළිබදව සොයා බැලීම ඡන්ද දායක ඔබගේ වගකීමයි. අදාළ ලේඛණයේ නම නැත්තම් ඔබට ඡන්ද පත්‍රිකාවක් නොමැත. ඡන්දයට අදම ලියාපදිංචි වීම ඔබේ වගකීමයි.
https://eservices.elections.gov.lk/.../myVoterRegistratio...

කරු පරණවිතාන
රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

(ස්තුතිය- රන්ජිත් කීර්ති තෙන්නකෝන් )

43 සේනාංකයේ ඉහළ නියෝජිතයන් පිරිසක් ඉන්දීය මහ කොමසාරිස්වරයා මුණ ගැසෙයි.43 සේනාංකයේ ඉහළ නියෝජිතයන් පිරිසක් ( 2022/ 02/ 16 ...
19/02/2022

43 සේනාංකයේ ඉහළ නියෝජිතයන් පිරිසක් ඉන්දීය මහ කොමසාරිස්වරයා මුණ ගැසෙයි.

43 සේනාංකයේ ඉහළ නියෝජිතයන් පිරිසක් ( 2022/ 02/ 16 ) මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මුණ ගැසිණ. 43 සේනාංකයේ නායක, හිටපු ගරු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ එම සංවිධානයේ සභාපති, හිටපු ගරු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර මෙම සුහද හමුව පැවතුණේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී ය. එහි දී 43 සේනානායකය විසින් එළි දක්වන ලද "ගොඩ එමු - ගොඩ නගමු" යන ප්‍රකාශනයේ පිටපතක් ද ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත පිළිගන්වනු ලැබීය.

මෙම අවස්ථාවට 43 සේනාංකයේ විධායක සභිකයන් වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක, ධනුෂ්ක රාමනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි විය.

43 படையணி உயர் மட்ட தலைவர்கள் இந்திய உயர்ஸ்தாணிகருடன் சந்திப்பு.

2022/02/16 அன்று இலங்கைக்கான இந்திய உயர்ஸ்தாணிகரை 43 படையணி தலைவர் முன்னாள் அமைச்சர் பாட்டலி சம்பிக ரணவக்க,43 படையணி தவிசாளர் முன்னாள் பிரதி அமைச்சர் கரு பரணவிதான மற்றும் சந்தித்து 'மீண்டு வருவோம் மீட்டு எடுப்போம் 'கொள்கை பிரகடனத்தை கையளித்தனர். இச் சந்தர்ப்பத்தில் 43 படையணி நிறைவேற்று சபை உறுப்பினர்கள் சிரேஸ்ட சட்டத் தரணி சிரால் லக்திலக்க, தனுஷ்க ராமநாயக்க ஆகியோர் கலந்து கொண்டனர்.
கரு பரணவிதான ஊடக பிரிவு

2022.02.16
කරූ පරණවිතාන මාධ්‍ය ඒකකය.
#ගොඩ_එමු #ගොඩ_නගමු

තුරු මිහිර සබරගමුව රුක්රෝපන ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් කුඹුක් පැළ රෝපණය කිරීම හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා...
10/10/2020

තුරු මිහිර සබරගමුව රුක්රෝපන ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් කුඹුක් පැළ රෝපණය කිරීම හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (2020.09.20) පැල්මඩුල්ල, කුට්ටපිටිය කිරිදි ඇල්ල රක්ෂිතයේ දී සිදු විය.
මේ සඳහා අවශ්‍ය පැළ නීතිඥ සිසිර ඉසුරුමුණි මහතා විසින් පරිත්‍යාග කරනු ලැබීය.

சபரகமுவை மாகாணத்தின் வளத்தை அதிகரிக்கும் நோக்கில் மரம்நடுகை செயற்திட்டதை முன்னெடுக்கும் வகையில் கடந்த 2020.09.20 அன்று குட்டம்பிடிய கிரிந்தியல்ல பகுதியில் மருது மரக்கன்று நடுகை இடம்பெற்றது.

இதற்கு தேவையான மரக்கன்றுகளை வழக்கறிஞர் சிசிற இசுறுமுனி தானமாக வழங்கினார்.

#ඡායාරූප - කරු පරණවිතාන මාධ්‍ය ඒකකය

#තුරුමිහිර

.karuparanawithana.com

සෞඛ්‍ය උපදෙස් අනුව හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා අද පෙරවරුවේ සිය ඡන්දය රත්නපුර, ලෙල්ලොපිටිය ශ්‍රී රාහුල මහා ව...
05/08/2020

සෞඛ්‍ය උපදෙස් අනුව හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා අද පෙරවරුවේ සිය ඡන්දය රත්නපුර, ලෙල්ලොපිටිය ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ දී ප්‍රකාශ කළ ආකාරය...

முன்னாள் பிரதி அமைச்சர் கரு பரணவிதான அவர்கள் சுகாதார ஒழுங்குமுறைகளுக்கு அமைவாக லெள்ளுபிட்டிய ஸ்ரீ ராஹுல மஹா வித்தியாலயத்தில் தமது வாக்களிப்பை மேற்கொண்ட போது

#ඡායාරූප - කරු පරණවිතාන මාධ්‍ය ඒකකය



.karuparanawithana.com

Address

Lellopitiya
Ratnapura
70056

Alerts

Be the first to know and let us send you an email when KPMD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KPMD:

Videos

Share