Nimal chandana

Nimal chandana මව්බිම වෙුනවෙන් පෙරට

15/12/2023

අම්මා තැති අඩුවට අවුරුදු 34යි

13/12/2023
10/12/2023

බලාපොරොත්තුවේ සංවාදය - කල්මුණේ

03/12/2023

බලාපොරොත්තුවේ සංවාදය - නුවරඑළිය

26/11/2023

බලාපොරොත්තුවේ සංවාදය - නුවර රැජින හෝටලයේ සිට සජීවිව

19/11/2023

බලාපොරොත්තුවේ සංවාදය ගාල්ල

05/11/2023

ගමනක ආවර්ජනා
ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 2023/11/12 දිනට යෙදෙන
95 වැනි ඡන්ම දිනය නිම්තිකොටගෙන
සමිපාදනය කරනු ලබන උපහාර ලිපි එකතුව
එළිදැක්වීම සහ ආශිර්වාද බෝධි පූජාව

මුලසුන
මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

2023/11/12 වැනි ඉරිදා සවස 3:00ට
පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙන් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මෙම අවස්ථාවට සහභාගි වන ලෙස
ජාතිකවාදී කඳවුරේ ඔබ සැමට කෙරෙන ගෞරව පූර්වක ආරාධනයයි!

ජාතික සංවිධාන එකමුතුව

27/10/2023

රජය විසින් විකුණා දැමීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය ආයතන මිලදී ගැනීම අරමුණු කරගෙන ශ්‍රී ලංකාවේ සහ විදේශගතව ජීවත්වන දේශජ පුත්‍රයින්ගේ අරමුදලින් ගොඩනැගෙනTreasure Republic Guardians Limited ජනතා පොදු සමාගම එළි දැක්වීම සහ ආරම්භක උත්සවය

13/10/2023

සීතල කුමන්ත්‍රණයක
උණුසුම් අකුරු ආවර්ජනය...
“ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචනා කළ “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනය සහ රුසියන් පරිවර්තනය පරිවර්තන කෘති දෙකක් ලෙස එළිදැක්වීම

24/08/2023

FB-822602299304251-0-AbyACqnbcyn73TJK

13/08/2023

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් රටට සිදු වන විපත අවබෝධ කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන.....

13/08/2023

හැමෝගෙම ජීවිතවල අපි නොදකින පැති තියෙනවා. අපිට වැරදියට පේන දේවල්, එයාලගේ කෝණයෙන් බැලුවහම සාදාරණ හේතු වෙන්න පුලුවන්. ඒ නිසා මිනිස්සුන්ට වැරදි කියන්න කලින් හොදට හොයල බලන්න.
විඩියෝව මුල් අයිතිකරුවන් සතුයි.

09/08/2023

නෙලුව කිතුල් තෙලිජ්ජ

29/07/2023

මත්තල අසිරිය

24/06/2023
23/06/2023

බලාපොරොත්තුවේ සංවාදය
හලාවත ෆා ඉන් හෝටල් පරිශ්‍රයේ සිට

02/05/2023

live

The hidden story of the Galumudoora struggleගාලුමුවදොර අරගල සුළියේ සැඟවුණු කතාවසබැඳිය ( link) පළමු කොමෙන්ටුවේ.ගාලුමුවදොර...
01/05/2023

The hidden story of the Galumudoora struggle
ගාලුමුවදොර අරගල සුළියේ සැඟවුණු කතාව
සබැඳිය ( link) පළමු කොමෙන්ටුවේ.

ගාලුමුවදොර අරගල සුළියේ සැඟවුණු කතාව
■මේ නයෝමි ක්ලේන් විසින් රචිත කම්පන න්‍යාය හෙවත් ආපදා ධනවාදය නම් ග්‍රන්ථයෙන් සොයාගත් උපුටා ගැනීමකි.
“ආපදාවක් යොදාගනිමින් මහජනයා මානසිකව සහ භෞතිකව කම්පනයට ලක් කිරීමෙන් ඔවුන් සාමාන්‍ය තත්වයකදී පිළිනොගන්නා ප්‍රශ්නකාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදාවෙනවා”
■සැබැවින්ම ඒ කම්පනයට දැන් අප මුහුණ දෙනවා නේද? ආපදාව නිර්මාණය කළ උදවියම අප ගැලවුම් කාරයින් ලෙස අදහනවා නේද? ලෙඬේ උත්සන්න කළ වෙදුන්ටම අප ලෙඩා බාරදුන්නා නේද?
■යුදවැදී සිටින යුක්රේනයට ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක් කොන්දේසි විරහිතව එකවර ලබාදෙන විට ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් වසර 4කදී කොටස් 8කට සැඟවුන කොන්දේසි සහිතව ලබාදෙනවා. ඒ ගැන උදම් අනන මහජනයා අර්බුදයෙන් ගොඩයන්න හැකි බව පවසන්නන්ට අත්පුඩි ගහනවා. ඒ ඊනියා ප්‍රීතියට කිරිබත් කනවා. මේ නයෝමි ක්ලේන් පවසන කම්පන ස්වභාවය නේද?
■විදේශ විනිමය පිටරට රදවන කළු වෙළඳපොල දිරිගන්වන, ඊනියා යහපාලන සමයේදී සම්මත කළ විදේශ විනිමය පනත් සංශෝධනය කිරීම පසකට විසිකර දමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නැටවෙන මහ බැංකුවක් ස්ථාපිත කරන්න නව නීති ගෙන්න පුළුවන් මේ නිසා නේද?
■අධම අඥාදායක මුසලෝනි හෝ හිට්ලර් හෝ ජීවමානව හිටියත් නොකරන ජනතාව භීතියට පත්කර මහජන කටවහන නව මර්දන නීිති පනවන්න හදනකොට බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරු උන්මත්තකව අත් උත්සන්න බලා ඉන්නේ මේ විකෘති කම්පනයට නේද?
■මේ සියල්ල ඊනියා අරගලයෙන් පටන් ගත්තා යැයි මා පවසන්න උත්සාහ ගන්නේ නැහැ. මේ අර්බුදය ජේ.ආර්. ජයවර්ධන උතුමාණන්ගේ බෑනා වන අද්‍යතන ජනාධිපතිතුමා සමඟ එකතු වී 1977 දී ආරම්භ කළ පරාධීන ආර්ථික මොඩලයේ අනිවාර්ය ප්‍රතිඵලයක් නොවේද? එය අර්බුදය පාවිච්චි කරලා රට අරාජික කරන්න, දාස රාජ්‍යයක් බවට පත්කරන්න මේ කියන ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමට හැකියාව ලැබුනේ අරගලය හන්දා නොවේද?. ඒ නිසා මේ සංවාදය අරගලයෙන් පටන් ගැනීම තාර්කිකයැයි මම සිතමි.

25/04/2023

ගාලුමුවදොර අරගල සුළියේ සැඟවුණු කතාව

■මේ නයෝමි ක්ලේන් විසින් රචිත කම්පන න්‍යාය හෙවත් ආපදා ධනවාදය නම් ග්‍රන්ථයෙන් සොයාගත් උපුටා ගැනීමකි.

“ආපදාවක් යොදාගනිමින් මහජනයා මානසිකව සහ භෞතිකව කම්පනයට ලක් කිරීමෙන් ඔවුන් සාමාන්‍ය තත්වයකදී පිළිනොගන්නා ප්‍රශ්නකාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදාවෙනවා”

■සැබැවින්ම ඒ කම්පනයට දැන් අප මුහුණ දෙනවා නේද? ආපදාව නිර්මාණය කළ උදවියම අප ගැලවුම් කාරයින් ලෙස අදහනවා නේද? ලෙඬේ උත්සන්න කළ වෙදුන්ටම අප ලෙඩා බාරදුන්නා නේද?

■යුදවැදී සිටින යුක්රේනයට ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක් කොන්දේසි විරහිතව එකවර ලබාදෙන විට ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් වසර 4කදී කොටස් 8කට සැඟවුන කොන්දේසි සහිතව ලබාදෙනවා. ඒ ගැන උදම් අනන මහජනයා අර්බුදයෙන් ගොඩයන්න හැකි බව පවසන්නන්ට අත්පුඩි ගහනවා. ඒ ඊනියා ප්‍රීතියට කිරිබත් කනවා. මේ නයෝමි ක්ලේන් පවසන කම්පන ස්වභාවය නේද?

■විදේශ විනිමය පිටරට රදවන කළු වෙළඳපොල දිරිගන්වන, ඊනියා යහපාලන සමයේදී සම්මත කළ විදේශ විනිමය පනත් සංශෝධනය කිරීම පසකට විසිකර දමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නැටවෙන මහ බැංකුවක් ස්ථාපිත කරන්න නව නීති ගෙන්න පුළුවන් මේ නිසා නේද?

■අධම අඥාදායක මුසලෝනි හෝ හිට්ලර් හෝ ජීවමානව හිටියත් නොකරන ජනතාව භීතියට පත්කර මහජන කටවහන නව මර්දන නීිති පනවන්න හදනකොට බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරු උන්මත්තකව අත් උත්සන්න බලා ඉන්නේ මේ විකෘති කම්පනයට නේද?

■මේ සියල්ල ඊනියා අරගලයෙන් පටන් ගත්තා යැයි මා පවසන්න උත්සාහ ගන්නේ නැහැ. මේ අර්බුදය ජේ.ආර්. ජයවර්ධන උතුමාණන්ගේ බෑනා වන අද්‍යතන ජනාධිපතිතුමා සමඟ එකතු වී 1977 දී ආරම්භ කළ පරාධීන ආර්ථික මොඩලයේ අනිවාර්ය ප්‍රතිඵලයක් නොවේද? එය අර්බුදය පාවිච්චි කරලා රට අරාජික කරන්න, දාස රාජ්‍යයක් බවට පත්කරන්න මේ කියන ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමට හැකියාව ලැබුනේ අරගලය හන්දා නොවේද?. ඒ නිසා මේ සංවාදය අරගලයෙන් පටන් ගැනීම තාර්කිකයැයි මම සිතමි.

09/04/2023

නව ත්‍රස්ත විරෝධි පනත රාජ්‍ය ත්‍රස්තවාදයේ නව මෙවලමක්ද?
විද්වත් කථිකාව

05/04/2023

නව ත්‍රස්ත විරෝධි පනත රාජ්‍ය ත්‍රස්තවාදයේ නව මෙවලමක්ද?
විද්වත් කථිකාව
අප්‍රේල් 09 සවස 3.30ට
පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙන් ශ්‍රවනාගාරයේදි

03/04/2023

හම්බන්තොට වරායේ සිට

28/03/2023

සජීවී විකාශය

ඊයේ උදේ මහරගම පිලිකා රෝහල අසල බස් නැවතුම් පොල ගාව තිබෙන තැඹිලි වෙලෙන්දෙකුගෙන් තැඹිලි ගෙඩියක් අරන් බිව්වා ගාන රු.140යි..අ...
16/02/2023

ඊයේ උදේ මහරගම පිලිකා රෝහල අසල බස් නැවතුම් පොල ගාව තිබෙන තැඹිලි වෙලෙන්දෙකුගෙන් තැඹිලි ගෙඩියක් අරන් බිව්වා ගාන රු.140යි..

අවුරුදු 25 ක 26 ක තරුණයෙක් ඇවිත් තැඹිලි ගෙඩියක් ඉල්ලුවා එයා ගාව තිබුණේ විස්සෙ කොල හතරක් විතරයි. මුදලාලි කිව්වා 80ට දෙන්න බෑ, අපි ගන්නෙම 100, 120යි කියලා...
ඒ කොල්ලා කිව්වා එක ගෙඩියක් දෙන්න පස්සේ ආවම දෙන්නම් කියලා...

මුදලාලිගේ නෝනා වෙන්න ඕනා එයා බැන්නා ඔයාලාට අරක්කු බොන්න සල්ලි තියෙනවා, වෙරි බහින්න තැඹිලි බොන්න සල්ලි නෑ, හදපු අම්මලා තාත්තලාටත් පව් ඕවා කියලා...
ඒ කොල්ලා කමක් නෑ එහෙනම් කියලා ගියා...

ආයෙත් හවස 1.50ට විතර එයාව මම දැක්කා බස් හෝල්ට් එකේ වාඩි වෙලා ඉන්නවා,
එන එක බස් එක්කටවත් නැග්ගේ නෑ, ගොඩක් වෙලා බලන් ඉදලා මම ගිහින් ඇහුවා තැඹිලි ගෙඩියක් අරන් දෙන්නද කියලා...
එයා කිව්වේ..
"ජා ඇල ට යන්න රු100ක් ඕනා මන් ගාව තිබ්බ සල්ලි වලින් අම්මට තැඹිලි ගෙඩියක් අරන් දුන්නා, ඩොක්ට කිව්වා පිලිකාව මර්දනය කරන්න දෙන බෙහෙත සැර නිසා ඇඟ නිමෙන්න දවසට තැඹිලි ගෙඩියක්වත් අම්මට දෙන්න කියලා..."

"මට කිරි පෙව්ව අම්මට තැඹිලි ගෙඩියක් අරන් දෙන්න මා ගාව සල්ලි නෑ... රු 60 ක් මදි නිසා ID එක තියලයි තැඹිලි ගෙඩියක් අරන් අම්මට පෙව්වේ, එකෙත් බිව්වෙ එක උගුරයි, මම පයින්ම ජාඇලට යනවා කියලා..."

මමත් කොහොමත් ඒ පැත්තට යන නිසා දාගත්තා කොල්ලව වාහනයට,
ඊට පස්සෙ වෙච්ච දේවල්, කතාවේ ඉතුරු ටික දිග වැඩි...

ඔයාලට වෙලාවක් තියෙනවා නම් තැඹිලි වතුර, කොමඩු, ගස්ලබු, දෙළුම් ටිකක් අරන් යන්න, නාඳුනන අම්මා, තාත්තා, සහෝදර සහෝදරියක් වෙනුවෙන් මහරගම පිලිකා රෝහලට...
0112850253 මේ දුරකතන අංකය ඔයාලට උදව් කරයි...

ටික කාලෙකට කලින් වෙච්ච සිද්ධියක්, ආයෙමත් දාන්න හිතුවේ අපේක්ෂා රෝහලට ඒ අවශ්‍යතාවය තාමත් එහෙම තියෙන නිසයි..

Jordan M Fernandes

Coped ✒️✒️🖋️🖋️📝🙏🙏

02/02/2023

''රනිල් 13 බලාත්මක කර - රට බෙදන හැටි''
🔴 ප්‍රසිද්ධ දේශනය :- විමල් වීරවංශ
කොළඹ - සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ සිට සජීවීව...

26/01/2023

රටින් පිටත ඩොලර් සැඟවීම: ඇත්ත සහ බොරුව

අප රටේ අධිකරණ අමාත්‍යවරයා ප‍්‍රමුඛ බැංකු සේවක සංගම් ආදී විවිධ පාර්ශව අපනයනකරුවන් මෙන්ම උන්ඩියල් සහ හවාලේ වැනි විණිමය ජාවාරම්කරුවන් විසින් රටින් පිටත සඟවා තබාගන්නා ඩොලර් ප‍්‍රමාණය පිළිබඳව විවිධ සංඛාලේඛන ඉදිරිපත් කරති.

එක් පාර්ශ්වයක් සඳහන් කරන ආකාරයට පසුගිය වසර 10ක් තුළ ඒ ආකාරයට ඩොලර් බිලියන 40කට අධික ප‍්‍රමාණයක් පිටරටවල සඟවා තබාගෙන ඇත. එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය විමසීමේදී පැතකඩ දෙකක් අවධානයට ලක්වේ. පළමුවැන්න ඩොලර් ප‍්‍රමාණය වන අතර දෙවැන්න කාලරාමුවයි. ප‍්‍රමාණය ඇස්තමෙන්තු කරන ආකාරය 100%ක් නිවැරදි විය නොහැකි වුවද දළ වශයෙන් ගණනය කිරීමේ හැකියාව ඇත. එහෙත් ඔවුන් සඳහන් කරන කාලරාමුව පිළිබඳව ගැටළුවක් ඇත. පසුගිය වසර 10ක හෝ 20ක කාලය පිළිබඳව කතා කිරීම මගින් ඉතා පැහැදිළිව සත්‍ය වසන් කිරීමක් සිදුවේ. එනම් සැබෑ ලෙසම එම ක‍්‍රියාවලිය ආරම්භ වන්නේ මීට වසර 5කට පෙර සිට බව හෙළිදරව්වීම වළක්වනු ලබයි.

වර්තමානයේදී අප රටේ විදේශ විනිමය ලැබීම් සහ ගෙවීම් වලට අදාල සියලූ කටයුතු මූලික වශයෙන් නියාමනය කරනු ලබන්නේ 2017 අංක 12 දරන විදේශ විනිමය පනත මගිනි. එම පනත සම්මත කරනු ලැබූ 2017 ජුලි 28 දක්වා ඒ සියලූ කටයුතු පාලනය වූයේ 1953 අංක 27 දරණ විනිමය පාලන පනත මගිනි. එමපනත යටතේ පිහිටු වූ විනිමය පාලන දෙපාර්තමේන්තුව විසින් මහ බැංකුව සහ මූල්‍ය මණ්ඩලයේ උපදෙස් අනුව විනිමය පාලනයට අදාළ සියලූ කටයුතු ස්වාධීනව සිදුකරනු ලැබීය. ඒ අනුව විදේශ විනිමය ගනුදෙනු පිළිබඳ සියලූ තොරතුරු බැංකු පද්ධති තුළ ඒකරාශී වූ අතර බැංකු පද්ධතියට පරිබාහිරව කළු වෙළඳපළක් වර්ධනය කළ නොහැකි ආකාරයට දැඩි සීමා පැණවින. එම පනත යටතේ සිදු කෙරෙන යම් වැරදි සඳහා රේගු ආඥා පනත යටතේ පවා දඩුවම් කළ හැකි විය. එම පනත උල්ලංඝනය කිරීම අපරාධ වරදක් බවට පත්වන අතර වසර 5ක් දක්වා සිර දඬුවම් සහ දඩ නියම කළ හැක. එපමණක් නොව 2017ට පෙර ක‍්‍රියාත්මක වූ පනත යටතේ වරදක් කිරීමට උත්සාහ කිරීම ද පනත යටතේ වරදක් බවට පත් කිරීම විශේෂ තත්වයකි. එම දැඩි පාලනය නිසා අපනයන ආදායම් සියල්ල නිසි ලෙස බැංකු පද්ධති හරහා රට තුළට පේ‍්‍රෂණය විය. ඊට අමතරව කළු වෙළඳපළ හරහා විදේශ විනිමය ලැබීම් සහ ගෙවීම් සිදුකිරීම බරපතල වරදක් වූ බැවින් අද මෙන් කළු වෙළෙඳපොළ හරහා මහා පරිමාන ගනුදෙනු කිරීමට අපරාධකරුවකු හැර අන් කිසිවෙකු දිරිමත් නොවීය.

එම තත්ත්වය වෙනස් කර විදේශ විනිමය ජාවාරම් දිරිමත් කිරීම සඳහා පළමු උත්සාහය ගනු ලැබුවේ යළි පුබුදුමු ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ 2003 දීය. ඒ විදේශ විනිමය කළමනාකරණ පනත නමින් නව පනත්කෙටුම්පතක් ඉදිරිපත් කිරීම මගිනි. එම පනත මගින් මහ බැංකුව සහ මූල්‍ය මණ්ඩලය විසින් ස්වාධීනව ක‍්‍රියාත්මක කළ බලතල සියල්ල මුදල් අමාත්‍යවරයා සහ මුදල් ලේකම්වරයා යටතට පත් කිරීමට නියමිත විය. ඊට අමතරව 1953 පනත් මගින් අපරාධ වැරදි ලෙස සිර දඩුවම් නියම වන වැරදි සියල්ල සිවිල් නඩු නිමිති බවට පත්කෙරිණි. එහෙත් එම විනාශකාරී පණත් කෙටුම්පතට එරෙහිව ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව එම පනත සම්මත කිරීම සඳහා විශේෂ බහුතරය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට නියම විය.

එහෙත් එදා 2003දී තනි පුද්ගලයෙකුගේ මැදිහත්වීම මත එම බරපතළ වරදක් නිවැරදි කරගත හැකි වුවත් 2017 දී පැවති තත්ත්වයන් යටතේ ඊට ඉඩක් නොලැබුණි. ඒ නිසා 2006 මුදල් විශුද්ධිකරණ පනත යටතේ විදේශ විනිමය පාලනය සඳහා පැවැති ප‍්‍රතිපාදන පවා අභියෝගයට ලක් වන ආකාරයට 2017 විදේශ විනිමය පනත සම්මත කිරීමට ඉඩක් ලැබුණි. ඉහත සඳහන් කළ ආකාරයට 2003 කෙටුම්පත මෙන්ම මෙම පනත මගින් ද මහ බැංකුව සහ මූල්‍ය මණ්ඩලය සතු මෙහෙයවීමේ බලය මුදල් අමාත්‍යවරයාට ලැබුණි. එසේම නව පනත මගින් ඊට පෙර අපරාධ වැරදි ලෙස හැඳින්වූ පනත යටතේ වැරදි සියල්ල සිවිල් නඩු නිමිති බවට පත්කෙරිණි. එහිදී මහ බැංකුව විසින් වැරදි කරුවෙකුට පනවනු ලබන දඩ මුදල් පිළිබඳව අභියාචනා විභාග කිරීම සඳහා අභියාචනා මණ්ඩල පිහිටුවීමේ බලය ද අමාත්‍යවරයා යටතට පත්විය. ඊට අමතරව පනත් ක‍්‍රියාත්මක වන දිනයට පෙර සිදුකළ සියළු වැරදි පිළිබඳව තවදුරටත් අපරාධ නීතිය යටතේ දඬුවම් කළ නොහැකි බවට ප‍්‍රතිපාදන පනතට ඇතුල් කෙරිණි.

ඒ ආකාරයට 2017 විදේශ විනිමය පනත මගින් විදේශ විනිමය පාලනය ඉතා බරපතළ ලෙස දුර්වල කිරීම නිසා අපනයන ආදායම් රට තුළට බැංකු පද්ධතිය හරහා පේ‍්‍රෂණය කිරීමේ ක‍්‍රියාවලිය නිසි පරිදි පාලනය කිරීම සිදුනොවේ. එබැවින් විවෘත ගිණුම් මගින් එම ආදායම් අවභාවිතා කිරීමට හැකියාව ලැබී ඇත. පසුගිය මාස 6ක කාලය තුළ අපනයන ආදායම් දළ වශයෙන් 10% – 20% අතර ප‍්‍රමාණයකින් පමණ ඉහළ ගොස් ඇති තත්ත්වයක් යටතේ පවා අදාළ විදේශ විනිමය ආදායම් රට තුළට ගලා ඒම සිදු නොවන්නේ ඒ නිසාය. ඊට අමතරව බැංකු පද්ධතියට තරගකාරීව කළු වෙළෙඳපොළ මහා පරිමාණයෙන් පුළුල් කිරීමට ජාවාරම්කාරයන්ට හැකි වී ඇත්තේ නව පනත නිසා මහ බැංකුවට අසරණව ඒ දෙස බලා සිටීමට සිදු වී ඇති බැවිනි. එම තත්ත්වය තුළ සංවිධානාත්මක අපරාධකරුවන් සහ අන්තවාදී බලවේගවලට එසේ කළු වෙළඳපළ හරහා රටේ ආර්ථිකය හැසිරවීමට පවා හැකියාව ලැබී ඇත. ඊට අමතරව 2017 පනතේ පවතින දුර්වල ප‍්‍රතිපාදන නිසා මුදල් විශුද්ධිකරණ පනත පවා උල්ලංඝනය කරමින් ත‍්‍රස්තවාදී ක‍්‍රියා සඳහා පවා විදේශ විනිමය අවභාවිතා කිරීමට හැකියාව ලැබී ඇත.

ඒ අනුව මහ බැංකුවේ අවසරය නොමැතිව පුද්ගලික ගිණුම්වලට බැරවෙන විදේශ අරමුදල් වලින් විදේශීය ගෙවීම් සිදු කිරීමේ හැකියාව ද ඇත. ඊට අමතරව කළු වෙළෙඳපොළ මගින් එකතු කරනු ලබන විදේශ අරමුදල් පවා බැංකු ගිණුම් වලට බැර කිරීම මගින් ඒවා නීත්‍යානුකූල කිරීමට සහ එම විදේශ විනිමය රටින් බැහැර කිරීමට ද හැකියාව ඇත. එවැනි ගනුදෙනු පිළිබඳව මහ බැංකුව සතුව තොරතුරු නොමැති බව සහ එම ගනුදෙනු වැළැක්වීම සඳහා මහ බැංකුවට බලතල නොමැති බව පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී හෙළිදරව් විය. එවැනි තත්වයක් නිර්මාණය වී ඇත්තේ 2017 දී සම්මත කරනු ලැබූ විදේශ විනිමය පනත නිසා බව එම කාරක සභා අවස්ථාවේදී තවදුරටත් පැහැදිලි විය. එම පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා 2019 ජුලි 26 දින මහබැංකු ප‍්‍රධානීන් කැඳවනු ලැබීය. එම අවස්ථාවට එවකට මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ අධ්‍යක්ෂකවරුන් වන ඞී.එම්. රණසිංහ සහ ආර්.ආර්. ජයරත්න යන මහත්වරුන් සහභාගී විය. එහිදී සාක්ෂි ලබාදුන් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කරන්නේ වාණිජ බැංකු විසින් විදේශීය පේ‍්‍රෂණවලට අදාලව සියලූ තොරතුරු සටහන් කර නොගන්නා බවය.

එහිදී තවදුරටත් සාක්ෂි ලබාදුන් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ ආර්. ආර්. ජයරත්න මහතා සඳහන් කළේ පවතින නීතිය අනුව බැංකු පද්ධතියෙන් පරිබාහිරව බොහෝ විදේශ විනිමය ගනුදෙනු සිදුවන බවය. ඊට අමතරව එම ගනුදෙනු නියාමනය කිරීම සඳහා තමාට බලයක් නොමැති බව ද ඔහු විසින් පිළිගනු ලැබීය. ඒ අනුව නීත්‍යානුකූල බැංකු පද්ධතියෙන් පරිබාහිරව මහා කලූ වෙළඳපොළක් පවතින බව එදා එළිදරව්විය. ඒ පිළිබඳව සහ එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු වූ 2017 විදේශ විනිමය පනත මගින් විනිමය පාලළනයට අදාලව ඇති කරන අවුල් සහගත තත්වය පිළිබඳව ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් පුවත්පත් මගින් හෙළිදරව් කරනු ලැබීය. අද උත්සන්න වී ඇති රෝගයේ මූලික ලක්ෂණ ඔහු විසින් පෙන්වා දුන්නද පනත ශෝධනය කර අදාල වැරදි නිවැරදි කළ යුතු බවට සමාජ සංවාදයක් ඇති නොවීය. අද ඉතා නරකම තත්වයක් යටතේ පවා රටින් පිටත විදේශ විනිමය රදවා ගැනීම පිළිබඳව කතා කරන පිරිස් පවා 2017 පනත වහාම සංශෝධනය කළ යුතු බව නොකියති. කෙසේ වෙතත් ඉහත සඳහන් කළ තේරීම් කාරක සභාවේ දී 2017 දී එම පනත සම්මත කළ ආකාරය පිළිබඳ සුවිශේෂී හෙළිදරව්වක් ද සිදුවිය. එදා 2003 දී යළි පුබුදමු ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ සම්මත කිරීමට නියමිත වූ පනත් කෙටුම්පත් බාහිර පිරිසක් විසින් සකස් කරන බවට එල්ල වූ චෝදනා එහිදී සනාථ විය. එම කාරක සභාවේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේ පනත් කෙටුම්පත සකස් කිරීමේ ක‍්‍රියාවලියට මහ බැංකුව සම්බන්ධ නොවූ බවය.

මේ වනවිට රට තුළ පවතින ආර්ථික අර්බුදය විශේෂයෙන්ම විදේශ විනිමය අර්බුදයට අදාළව නිසි පියවර ගත නොහැකි වී ඇත්තේ පවතින පනතේ දුර්වලතා නිසා බවට වර්තමාන මහ බැංකු අධිපතිවරයා විසින් හෝ අදහස් ප‍්‍රකාශ කරන්නේ නැත. නමුත් ඒ පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඔහුට තිබිය යුතු බව ඉතා පැහැදිළිය. එසේ නම් ඔහු ඊට අදාලව නිහ`ඩ වතක් අනුගමණය කරන්නේ කුමක් නිසාද? එසේම ඔහුගේ සම්ප‍්‍රප්තියට පෙර මාරතු 7 වැනිදා හදිසි තීන්දුවක් මගින් අර්බුදය උත්සන්න වන ආකාරයට රුපියලේ අගය වෙළඳපොළ විසින් තීරණය කිරීම හෙවත් සම්පූර්ණයෙන්ම පා කිරීම සඳහා මූල්‍ය මණ්ඩලයට බලකිරීමේ වරද පිළිබඳවද ඔහු කිසිවක් කියන්නේ නැත. නමුත් රුපියල පා කිරීම අවස්ථානෝචිතව සහ තාක්ෂණිකව වරදක් ලෙස පිළිගත් මූල්‍ය මණ්ඩලය ඊට දින 4කට පෙර මාර්තු 3 වැනිදා තීරණය කරනු ලැබුවේ පාලනයක් සහිතව රුපියල් 10 බැගින් වෙළදපොල තත්වයන්ට අනුව ක‍්‍රමණාකූලව අවප‍්‍රමාණය කිරීමටය. එම තීන්දුව වෙනස් කිරීමට අයුතු බලපෑම් කරනු ලැබුවේ කුමක් නිසාද යන්න සහ කවුරුන් විසින්ද යන්න ඔහු ඉතා හොඳින් දන්නා බවටද සැකයක් නැත. ඊට අමතරව ආණ්ඩුව විවේචනය කරන සහ තමන්ට ආණ්ඩුබලය ලබා දුනහොත් මාස 6කින් අර්බුදය විසඳා පෙන්වන්නම් කියන විපක්ෂයේ දේශපාලන නායකයින් පවා මෙම මූලික පූර්ව කොන්දේසිය ඉටු කරන ලෙස බලපෑම් කරන්නේ නැත.තම ඉල්ලීම පරිදි විදේශ රැකියා නිියුක්තිකයන් විසින් රටට එවන ඩොලර්වලින් අර්බුදය විසඳිය හැකි යැයි පවසන අය අඩු තරමින් තමා රට බාරගත් විට ඉටු කරන පළමු කර්තව්‍ය වන්නේ විනාශකාරී විදේශ විනිමය පනත සංශෝධනය කිරීම මගින් කළු වෙළඳපොළ පාලනය කිරීම බව කිව යුතු නොවේද?.

කෙසේ වෙතත් මේ වනවිට ජාතික බලවේග විසින් අර්බුදය විසඳීම සඳහා නිශ්චිත මාර්ග සිතියමක් සකස් කළ හැකි ආකාරයට 61 වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. ඒ තුල උපාය මාර්ග 5ක් යටතේ සංකල්ප ලෙස නොව නිශ්චිත ක‍්‍රියාමාර්ග ලෙස යෝජනා 61ක් සහ ක‍්‍රියාකාරකම් 108ක් මෙන්ම මහජන මනස සුවපත් කිරීම සඳහා ප‍්‍රතිඥා 11ක් සහිත සංෂිප්ත ලියවිල්ලක් රටට ඉදිරිපත් කර ඇත. එම වැඩපිළිවෙළ ගරු කථානායකතුමාට සහ අගමැතිතුමාට නිල වශයෙන් පිළිගැන්වූ අතර සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තැපැල් මගින් යවා ඇත. එම වැඩපිළිවෙළ මගින් විදේශ විනිමය පනත සංශෝධනය කිරීම අර්බුදය විසඳීම සඳහා වන මූලික පූර්ව කොන්දේසියක් බව අවධාරණය කර ඇත.

නමුත් මේ වන තුරු ආණ්ඩුව හෝ විපක්ෂය හෝ ආණ්ඩුවෙන් ස්වාධීන වූ බලවේග විසින් කිසිදු වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කර නැත. මැතිවරණ සමයකදී පවා තමාට බලය ලබාදුනහොත් අර්බුදය විසඳන්නේ මෙසේ යැයි එක් පිටුවක් ලෙස හෝ වැඩපිළිවෙළක් ඔවුන් විසින් රටට ඉදිරිපත් කරන්නේ නැත. ඕනෑම දේශපාලන නායකයෙකු විසින් ජනතාවගෙන් බලය ඉල්ලා සිටිය යුත්තේ ජනතා අපේක්ෂා ඉටු කරන වැඩපිළිවෙළක් ජනතාව වෙත ඉදිරිපත් කරමිනි. එසේ වැඩපිළිවෙළක් නොමැති නායකයින්ටමහජනයා ඡුන්දය ලබාදුන් පමණින් ඔවුන්ගේ් මොළයට අදහස් හෝ දැනුම ප‍්‍රාතූර්භූත වන්නේ කෙසේද? ඒ නිසා ආණ්ඩුව විවේචනය කරන දේශපාලන නායකයින් සහ අනාගතයේදී ආණ්ඩු බලය ඉල්ලා සිටින දේශපාලන නායකයින් විසින් ඉටු කළ යුතු පළමු සදාචාරමය කොන්දේසිය වන්නේ මහජනයා තවදුරටත් ගොනාට ඇන්ඳ වීමෙන් තොරව අර්බුදය විසඳන ආකාරය පිළිබඳව නිශ්චිත යෝජනාවලියක් රටට ඉදිරිපත් කිරීමය. එවැනි යෝජනාවලියක් එක පිටුවක් ලෙස හෝ රටට ඉදිරිපත් කළ ද පවතින විදේශ විනිමය පනත සංශෝධනය කිරීමේ උවමනාව ඊට ඇතුළත් විය යුතුය.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ලේකම්
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

18/01/2023

විශේෂ මාධ්‍ය හමුව...
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම මගින් බෙදුම්වාදීන්ට කප්පම් ලබා දීම සහ සත්‍ය සෙවීමේ කොමිසමක් මගින් ආරක්ෂක හමුදා පාවාදීම පිළිබඳව කරුණු දැක්වීම සඳහා මාධ්‍ය හමුව

11/01/2023

"නව සන්ධානය පිහිටුවීම" සජීවීව...

23/12/2022

ථේරවාදී භික්ෂු කථිකාවක් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව සලකා බැලීමක්

2017/08/14 දින පැවැති බෞද්ධ උපදේශක සභාව විසින් භික්ෂු කථිකාවක් ලියාපදිංචි කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කර ඇත.

බෞද්ධ උපදේශක සභාව විසින් ඉදිරිපත් කරන ලද භික්ෂු කථිකාවක් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත මගින් සාසනය රැකෙයි ද? වැනසෙයි ද? යන මාතෘකාවක් යටතේ zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වෙනවා.

එන්න අපි මේ ගැන කතා කරමු.

🙏Topic: භික්ෂු කථිකාවක් ලියාපදිංචි කිරීමේ පනතෙන් සාසනය රැකෙයි ද? වැනසෙයි ද?
Time: Dec 23, 2022 07:30 PM Colombo

Join Zoom Meeting
https://us02web.zoom.us/j/87402227802...

Meeting ID: 874 0222 7802
Passcode: 2022

08/12/2022

ජාතික මහජන සභාව සංවිධානය කරන
‘අයවැය, බෙදුම්වාදයේ නව සැලසුම සහ රටේ ඉරණම‘
විද්වත් කතිකාව

07/12/2022

ජාතික මහජන සභාව සංවිධානය කරන
‘අයවැය, බෙදුම්වාදයේ නව සැලසුම සහ රටේ ඉරණම‘
විද්වත් කතිකාව
දෙසැම්බර් 08 දා

ජාතික මහජන සභාව මගින් ‘අයවැය, බෙදුම්වාදයේ නව සැලසුම සහ රටේ ඉරණම‘ මැයෙන් සංවිධානය කරන විද්වත් කතිකාව දෙසැම්බර් 08 වැනිදා සවස 3.30 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා ශ්‍රවණාගාරයේදී පැවැත් වීමට කටයුතු යොදා තිබේ.

මෙම කතිකාවේ මුලසුන පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ සහ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා හොබවති.

ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම, ඉංජිනේරු කපිල පෙරේරා, වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරුන් එහි විද්වත් මෙහෙයවීම සිදුකරනු ලබයි.

මව්බිමට ලැදි සියල්ලන්ට මේ කතිකාව සමග එක්වන ලෙස සංවිධායක මණ්ඩලය ආරාධනා කරයි.

සජිව විකාශය
ඔබ නිදහස සොයන ස්වදේශිකයෙක් නම් අදම වෙලාව වෙන් කර ගන්න
https://www.facebook.com/56Daruwoo
https://www.facebook.com/wasanthabandaralk
https://www.facebook.com/LankaLeadNews
https://www.facebook.com/NimalChandanaLK
https://www.facebook.com/FNOSL
https://www.facebook.com/kubiyonews/
https://www.facebook.com/MahajanaRajyaSabhaw

06/12/2022

පුරාවිද්‍යා කොමසාරිස් ඉන්නේ බුදියගෙනද? එයා දන්නේ නැද්ද මේවා. Retired Major General Jayampathi Thilakaratne #වර්ණලංකා_Warnalanka_General_Jayampathi_Thilakaratn...

Address

544/A , Nawala Road
Rajagiriya
10100

Telephone

+94717258665

Website

Alerts

Be the first to know and let us send you an email when Nimal chandana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category

Nearby media companies


Other Video Creators in Rajagiriya

Show All