𝑲𝒂𝒗𝒊’𝒔 𝒋𝒐𝒖𝒓𝒏𝒂𝒍

𝑲𝒂𝒗𝒊’𝒔 𝒋𝒐𝒖𝒓𝒏𝒂𝒍 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝑲𝒂𝒗𝒊’𝒔 𝒋𝒐𝒖𝒓𝒏𝒂𝒍, Digital creator, Piliyandala.

හරිම පිරිමියාටහැම කෙල්ලෙක්ගෙම නිරුවතලස්සන කලාත්මක නෑ..ඔව් ඒක ඇත්ත..ඕනම කොල්ලෙක්ට තමන් ආදරේ කරන කෙල්ලගෙ නිරුවත ඇරෙන්නවෙන ...
16/07/2024

හරිම පිරිමියාට
හැම කෙල්ලෙක්ගෙම නිරුවත
ලස්සන කලාත්මක නෑ..

ඔව් ඒක ඇත්ත..
ඕනම කොල්ලෙක්ට
තමන් ආදරේ කරන කෙල්ලගෙ නිරුවත ඇරෙන්න
වෙන කිසිම කෙල්ලෙක්ගෙ නිරුවත
කලාත්මක වෙන්න බෑ..

දකින දකින හැම රූපයක් එක්කම
පිරිමි බැඳුනාම හරි කැතයි..
දැනෙන තැන නතරවෙන්න කියලා
දැනෙන තැන් ගොඩක් හදාගන්න එක නරකයි..

පිරිමියෙක් සර්වසම්පූර්ණ නොවෙන්න පුළුවන්
ඒත් හරිම පිරිමියෙක් බැඳෙන්නෙ
එක හදවතක්, එක නිරුවතක්, එක ආත්මයක්, එක ජීවිතයක් එක්ක විතරමයි..! 🤍

වෙනස් වන බැදිම් නම් කුමටද ජීවිතයටවෙනස් වන වුන් වෙනස් වි පලා ගියානම් හිත් විදවන්නෙ නැතුව ඇති..පාර පාරා වෙනස් වන දෙස බලා හ...
15/07/2024

වෙනස් වන බැදිම් නම් කුමටද ජීවිතයට

වෙනස් වන වුන් වෙනස් වි පලා ගියානම් හිත් විදවන්නෙ නැතුව ඇති..

පාර පාරා වෙනස් වන දෙස බලා හිද, දරාගන්න හිත්
මැරි මැරි උපදදින්නැති
හැම තප්පරයකම..🥺💔 🥀

හිත හරි කලබලයි නේද ?සමහර විට ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති .ඒත් තවත් වෙලාවකට පුංචිම පුංචි කාරණාවක්මම දන්නවා ,මට තේරෙනවා ඔයාග...
24/06/2024

හිත හරි කලබලයි නේද ?

සමහර විට ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති .
ඒත් තවත් වෙලාවකට පුංචිම පුංචි කාරණාවක්

මම දන්නවා ,මට තේරෙනවා ඔයාගෙ වේදනාව
මේ මොහොතේ පිච්චෙන හදවත් වල වේදනාව.

කදුළු ටිකක් පිහදාගෙන අපි වචනයක් දෙකක් කතා කරමු ද?

මානසික සහනය ,නිදහස ගන්න විදියක් හොයා ගමුද

ඉතින් ,

දුකින් ඉන්න එපා ළමයෝ
එන්න අපි කතා කරමු හිතට පොඩි නිදහසක් දැනෙන්න
හිතේ බර ටිකකට බෙදා ගමු

අයින් කරන්නෙත් නැති කතා කරන්නෙත් නැති නම්බර් එකක් අදටත් සමහරුන්ගෙ Phone වල save වෙලා තියනවා...Like කරන්නෙත් නැති comment...
23/06/2024

අයින් කරන්නෙත් නැති කතා කරන්නෙත් නැති

නම්බර් එකක් අදටත් සමහරුන්ගෙ Phone වල save වෙලා තියනවා...

Like කරන්නෙත් නැති comment කරන්නෙත් නැති

ඒත් ඉඳහිට ගිහින් එබිකම් කරලා එන,

කිසිදු කිසි දින unfriend කරන්න block කරන්න Unfollow කරන්න බැරි

social media Account එකක් එහෙම අයට තියනවා...

යන්නෙ වෙන ගමනක් උනත්,

ගමන මදකට නවතින සොඳුරු නවාතැන්පලවල්

කෝෆි ෂොප් උද්‍යාන අදටත් ඒ විදියටම තියනවා...

කොහොම කොයි විදියට විරසක උනත්,

කොච්චර නෑ කිව්වත් හරි අපූරුවට ඒ හිත් වල තවම ආදරය හුස්ම ගන්නවා ...!!

🥺❤️‍🩹

පිරිමින්ට තිබුන නමිගෑනු හිත් කියවන්න..උන් කියන විදිහටමහිතේඇතිදේ නොකියනම්... උන්ට තේරෙන් නෑනෙ බංපිරිමි අතහරින බවසින්නෙටම ...
23/06/2024

පිරිමින්ට තිබුන නමි
ගෑනු හිත් කියවන්න..
උන් කියන විදිහටම
හිතේඇතිදේ නොකියනම්...
උන්ට තේරෙන් නෑනෙ බං
පිරිමි අතහරින බව
සින්නෙටම නොම නොදී
ගෑනුන්ට ජීවිතේ හුගක් කල්...

රහසේම පිටත්විය යුතු ගමන් ඇතමගෙත් එක්ක, මම විතරක් මදන්නා  මූහුණු හමුනොවෙනකවුරුවත්ම මා  නොදන්න කඳුකරයට හරි තැනිතලාවට හරි ඈ...
22/06/2024

රහසේම පිටත්විය යුතු ගමන් ඇත
මගෙත් එක්ක, මම විතරක් ම
දන්නා මූහුණු හමුනොවෙන
කවුරුවත්ම මා නොදන්න

කඳුකරයට හරි තැනිතලාවට හරි
ඈතම ඈත හුදෙකලා ඉසව්වකට

කුරුළු හඬක් අසන්න
කැළෑ මලක් නෙළන්න
හුලං පොදක් වැදෙන්න
පොද වැස්සක තෙමෙන්න

ජීවිතයෙන් එක දවසක්
ජීවත්වෙන බව දැනෙන්න
මං ආසයි මගෙත් එක්ක
එකපාරටම අතුරුදහන් වෙන්න ... 🍃🍂

තව ටික කාලයකින් බණ්ඩාරවෙල ඉඩමක් අරන්චූටි ගෙයක් හදනවා ලොකු වීදුරු ජනෙල් දානවාරෝසයි,එළවලුයි වවනවාහවසට වයින් බිබී ඈත කඳුවලද...
22/06/2024

තව ටික කාලයකින්
බණ්ඩාරවෙල ඉඩමක් අරන්
චූටි ගෙයක් හදනවා
ලොකු වීදුරු ජනෙල් දානවා
රෝසයි,එළවලුයි වවනවා
හවසට වයින් බිබී ඈත කඳුවල
දැල්වෙන එළි දිහායි
විසාල ආකාසෙ
නිමෙන පත්තුවෙන තාරකා දිහායි
බලාන ඉන්නවා...🍃❤️

-Warna Rasika Gunawardana

විශ්වාසයේ ඇරඹුමයිශක්තියේ සලකුණයිවීරත්වයේ සංකේතයයිසෙනෙහසේ මහමෙරයිකිසිදා නොකියු නිහඬ ආදරයයි❤️තාත්තා❤️අම්මා සදකි මම ඒ ලොව හ...
22/06/2024

විශ්වාසයේ ඇරඹුමයි
ශක්තියේ සලකුණයි
වීරත්වයේ සංකේතයයි
සෙනෙහසේ මහමෙරයි
කිසිදා නොකියු නිහඬ ආදරයයි

❤️තාත්තා❤️

අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
එ ඉර හදෙන් නුබේ ලෝකය එලිය වුනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී

සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි පර මට දැනුනේ
මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නූනේ

මවකට මුවා වී නුබ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
අම්මාවරුන් පමනද මතු බුදුවන්නේ

Kavi ❤️🍃

Address

Piliyandala

Website

Alerts

Be the first to know and let us send you an email when 𝑲𝒂𝒗𝒊’𝒔 𝒋𝒐𝒖𝒓𝒏𝒂𝒍 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share