සාරාGe දිනපොත

සාරාGe දිනපොත - wRiTeR By ශාරධා -
(49)

09/09/2024

මතකයන් රසවිඳින්නට
පිය නැගුවෙමි මා ..
අතීතයට ....""!!
කළ හැකිද එය පමණකි
මොහොතින් මොහොත
මගේ මේ අනාගතයම
අතීතයක්!! ම පමණි ..

❤ ශාරධා

08/09/2024

ප්‍රේමයේ සුව නින්ද
නපුරු සුළඟින් බින්ද
මග බලන් වරු ගනන්
සෙව්වා සිහින මං වින්ද

නොනිදි නෙත් විඩාබර
ප්‍රේමයෙන් නලවන්න
දෙව්ලොවින් මෙහි පැමිණි
කවුරුන්ද ඔබ ...??...

✍️ ශාරධා 2024/09/08 🕯️ 23:23 🕯️

07/09/2024
❤
07/09/2024

05/09/2024

❤ මනුස්සයෙක් නතරවෙන්න ඕනි.....

කාලය කොහොම මොන විදිහකට ගෙවිලා ගියත් හැමදාම එක හිතක් ඇතුලෙම නිවෙන්න පුළුවන් වෙන බැඳීම් ළඟ...

කොයිම මොහොතකවත් තනි නොකරන , එකිනෙකා තේරුම් ගන්න , විශ්වාසය රකින, ආදරනීය මනුස්සයෙක්ගෙ කරුණාවන්ත හදවතක් ළඟ...

මානසික නිදහස සැනසීම දැනෙන හුස්ම ගන්න පහසු ගැහැනියෙක්, මිනිහෙක් ළඟ...

එහෙම කෙනෙක්ට විතරයි පුළුවන් ජිවිතය ජීවත් කරන්න....

හිතක් රිද්දන්න , හිතක් මරලා දාන්න බය නැති... රූපෙකට විතරක් සීමා වෙච්ච.. ආකර්ශනයම විතරක් දැනෙන , හොයන... භෞතික දේට ඇලුනු හිත් අස්සෙ.. ආදරය කරුණාව පවතින්නෙ මිරිඟුවක් විදිහට... තාවකාලික හැඟීම් පස්සෙ දුවන එහෙම හිත් තියෙන ගැහැනු , මිනිස්සු අපිට මුනගැගෙන්නෙ සංසාරෙ ණය පියවන්න...

ජීවත් වෙන මේ කෙටි කාලෙට ලස්සන හිත් තියෙන පින් පිරුනු ජීවිත ලැබෙන්නෙ සංසාරෙ පිනට... එහෙව් දරුවො උපදින්නෙ දෙමාපියන්ගෙ පවා පිනකට.. ගැහැනියෙක් ගෙ මිනිහෙක්ගෙ පවා පිනකට..
එහෙව් අය එකතු වෙන්නෙත් සංසාරෙ පිනකට.. ආදරේ පිරුණු.. තවත් හදවතකට ගරු කරන.. කරුණාවන්ත.. මනුස්සකමින් පිරුනු.. ස්භාවධර්මයේ ලස්සනම මැවීම් ලෝකේ හැමෝටම මුනගැහෙන්න ඕනි... ආදරනීය හිතකට අයිතිවාසිකම් කියන අහිංසක හීන සැබෑවක් වෙන්න ඕනි.. පංසලක් වගේ ලස්සන පවුලක් හැම ආදරනීය හිතකටම අයිති වෙන්න ඕනි.. එහෙව් බැඳීම් සංසාරිකයි වගේම විරලයි..!!

🩷 ඩෝඩෝ... ඔයා තිරගත කරන මේ ආදරේ පාඩම මට ජීවිත කාලයටම වටිනවා...

01/09/2024

මුවරද විසිරෙන මිහිරිම සෙනේහයෙන්
මා හද සුවඳින් පිරූ හැටී....
ගිනියම් සැඩ හිරු දෝතින් මුවා කරන්
සුවබර සෙවනැලි සැදූ හැටී...🩷

සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
සුවපත් කළ ළබැඳේ...
ජීවිත කතරට සිහිලැල් පිණි බිඳු ඉසිමින්
පෙරමන් කී නිරිඳේ... 🩷

නොසිතූ මොහොතක නොමියෙන් විලාසයෙන්
ඉරණම ඔබ ළඟ රැඳුනු හැටී ....
වැලපෙන පැලකට මල් කැන් දෝත දරන්
හෙට ගැන උරුමය ගෙනා හැටී.... 🩷

31/08/2024

හැම රැයක්ම

දුකින් ඉන්න හිත් වලට නිමාවක් නැති දිග සංචාරයක් වගේ..

සතුටින් ඉන්න හිත් වලට විනෝද සැනකෙළියක් වගේ..

සැහැල්ලුවෙන් ඉන්න හිත් වලට ඒක හරි සුන්දර ඇති..

ආදරනීය අයට හරිම හැඟීම්බර වෙනවා ඇති..

මගේ රැය 🥹🩷 ඒක හරි සතුටක්.. මේ වෙලාවෙ.. දැං මට සතුටු හිතෙන්න හේතු ගොඩයි... ඒ සතුටට අයිතිකාරයෝ දෙන්නයි.. දෙයියනේ අනෙත් දෙවල් වගේම ඒ දෙන්නව මට මගේ ජිවිතයට හැමදාටම ඕනි.. මං දන්නෙ එච්චරයි .. මං විශ්වයට ප්‍රාර්ථනා කරනවා මගේ ජිවිතේ ඒ දෙන්නව කවදහරි දවසක මගෙ ඇස් වලට සැබෑවටම එක ළඟ මෙහෙම මෙහෙම දකින්න.. ඒ දෙන්නවම මගෙ ළඟ තියන් ඒ දෙන්නටම ආදරේ කරන්න.. සමානව බෙදලා හාදු දෙන්න මං හරි ආසයි... එදාට මට මුළු ලෝකෙම මං ළඟ වගේ දැනේවි... ඒක එහෙම වෙන්න කියලා ඔයාත් ප්‍රාර්ථනා කරන්න.. එක හරිම පිරිසිදු හීනයක්..බලාපොරොත්තුවක්.. එහෙම දේවල් විශ්වයට ඉශ්ට කරලා දෙන්න පුලුවන් කියලා මං අහලා තියෙනවා..🥹

29/08/2024

මේ සියළු දෙය මගෙයි....
ඔබ මා අසල හිඳී නම්
ඔබ මා.. අසල හිඳී නම් 🥹❤

28/08/2024

ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන්
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්...
හදවතින්...🩷

වලාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි...
මහා කතරෙක ගෙවූ තනි මග
නිමා කළ ඉම ඔබ නෙතයි....
ඔබ නෙතයි...🩷

සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල් වූ ජීවිතේ...
සීත හිමගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ...🩷

28/08/2024

ඒ රූප ඡායා... ඔබගේ නොවේදෝ ❤

it #

27/08/2024

❤ it # ❤ 🥹

26/08/2024

මගේ ආත්මය සුවපත් කර දිනෙන් දින මා ආදරනීය පුද්ගලයෙක් බවට පරිවර්තනය කරන විශ්වයට ස්තූතියි ..!!

~  දේවදූතයා එව්ව ආදර මල් ගුඩී... ~දන්නවද දේවදූතයො අපිට දෙන්නෙ...  ගොඩා...ක් ලස්සන දේවල් කියලා.. ඒ වගේම ආදරනීයම දේවල් ..හ...
25/08/2024

~ දේවදූතයා එව්ව ආදර මල් ගුඩී... ~

දන්නවද දේවදූතයො අපිට දෙන්නෙ... ගොඩා...ක් ලස්සන දේවල් කියලා.. ඒ වගේම ආදරනීයම දේවල් ..හොඳම දේවල්..සුවඳ දේවල්.. හිනා පිරුනු දේවල්..දකිනකොට.. අහනකොට... හිත නිවෙන දේවල් සතුටුම සතුටු මුළු හිතම ආදරෙන් පිරෙන දේවල් හරියට අපේ බබයි.. මල්ගුඩී කෙල්ලයි.. එයයි වගේ...!!!!

🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷

මල් ගුඩී... මගේ මල් ගුඩී අම්මා.. මගේ සෝස මල.. වෙලාවකට මගෙ බිම්මල් නෝනා.. ආදරේට එහෙමයි කියන්නෙ.. මේ ලියන්නෙ පුදුමාකාර කතාවක්.. මගේ මූනට ආයෙත් හිනාවක් ගෙනාව අපේ ගෙදරට ආයෙ සතුට ගෙනාව... මගේ ලෝකෙට දේවදූතයා එවපු තවත් ලස්සනම හමුවීමක් තමයි මේ කෙල්ල...

මේ කියන්නෙ පුංචි සුරංගනාවි මල් ගුඩී ගැන.. 🥹 එයා හරි හුරතල් පූසි කෙල්ලෙක්.. මේක ලියන්න ටිකකට කලින් මං මගෙ මල්ගුඩී කෙල්ලව බලන්න ගියා.. අද එයා ගැන මං ලියනවා කියලයි ආවෙ.. උදේම නැගිට්ටම මගේ රාජකාරිය පහන තියන්න මල් කඩන්න ගේටුවෙන් එළියට යන එක.. ඒ ගමන් මං මගේ පුංචි පැටව් ටිකට මොනාමහරි කන්න අරන් යනවා මං එනකම් මගේ බබාලා ටික බලන් ඉන්නවා..

කැරමල්..ඩෝනට්... ඕට්ස්... මරුකි.. බකිණි.. චූක්කි...රූල්යා... රෝස පැටික්කි.. සාලමාලි...ටික්කි..කම්මැලි ඌමිනී..පීත්‍ යා.. සූරියකාන්ති...මංජරී.. සඳළි.. බ්‍රියටිස්.. මේ හැමෝම මට ලස්සන මල්... බිම්මල් නෝනලා.. සුරංගනාවියෝ .. හැමදාම මට ආරක්ෂාවට මාව එක්ක යන්නත් එක්ක එන්නත් එයාලාගෙන් දෙන්නෙක් හරි එනවමයි... ඒක නම් අපේ ගමේ අයට මැජික් එකක්.. එයාලව දැක්ක තැන හපාකනවයි කියන ඒ දරුවො මටනම් ඇත්තටම හරිම අහිංසක පැටව් ටිකක්.. එයාලගෙ අම්මව දැක්කම එයාලට තියෙන සතුට... සිංදුත් කියනවා... අප්පච්චිනම් කියන්නෙ මේ ලෝකෙ හැම සතෙක්ටම ආදරේ කරුණාව ඕනි නිසා ගෙවල් නැතුව පාරෙ ඉන්න එයාලට මං.. නංගිලා.. ආදරේ කරන එක ගොඩක් හොඳ දෙයක් කියලා ... එයා අපිට අවසර දීලා තියෙන්නෙ පුංචි කාලෙ ඉඳන්ම සත්තු එක්ක ඉන්න මොකද එයත් ඒ වගේ.. අප්පච්චිත් හැමදාම වැඩ ඇරිලා එද්දි.. ගෙදරට එනකන්ම එයාගෙ යාළුවෝ විස්සකට වඩා එයාට මුනගැහෙනවා..එයත් ඒ හැමෝටම බයිසිකලය මග නවත්වලා ආදරෙන් කතා කරලා පුංචි දෙයක් හරි දීලා ඒ හිත් සතුටු කරලා එන්න අමතක කරන්නෙ නෑ.. මමත් කොහෙ ගියත් මට යාළුවෙක් මුනගැහෙනවමයි.. අනේ මංදා ඒ අය ඒ තරම් ලෙංගතු කමක් පාන්නෙ හරියට මාව දන්නවා වගේ... එහා ගෙදර ඇන්ටි නම් කියන්නෙ සුදු නෝනා කොයිවෙලේ හරි විසාල පාඩමක් ඉගෙනගනී කියලා..😏😏 අම්මනම් කියන්නෙ තාත්තලා දූලා ඕ....නෙකක්... මම ඔවට නෑ..

එහෙම කිව්වට අම්මා ආදරෙයි.. අපිව බලන්න එයාලා ගේට්ටුව ළඟට ආවම අම්මා ගිහින් එයාලා එක්ක කතා කරනවා.. සුදු නෝනගෙ ළමයිනේ.. එයාලා අසනීප උනාම එයාලට බේත් ගේන්න යන්න මල්ලී නංගිලා වගේම අම්මත් මාත් එක්ක එනවා.. අත්තම්මා කෙනෙක් විදියට එයාගෙ ඒ කැපවීම ගැන මට සතුටුයි... කොහොමත් අපේ අම්මට බෑ... කාටවත්ම නපුරුකම් කරන්න වෙනස්කම් කරන්න.. එයා කවදාවත් එහෙම කරනවා අපි දැකලත් නෑ.. නරකක් වෙන නපුරු කතාවක් කියනවා ඇහිලත් නෑ.. එයා සුවඳ සමන් මල්ගෙ නෝනා වගේම සුදු නෝනගේ.. පොඩ්ඩිගෙ.. චුට්ටිගේ.. අම්මනෙ... ඉතිං කොහොමද එයා නපුරු වෙන්නෙ...

ඉතින් මල්ගුඩී.. අපිට විශේෂ වෙන්නෙ මේ නිසා.. පහුගිය දවසක හිතාගන්නවත් බැරි විදිහට අපේ ගෙදර පන.. අපේ තුරුලෙ හැදුන අපේ පුංචි සමනල් පැටියා හොරු අරන් ගියා.. එයාට උනේ මොකක්ද කියලවත් අපි දන්නෙ නෑ... හරියටම පොසොන් පෝය දවසේ තමයි ඒ නපුරු දේ සිද්ධ උනේ අදට පෝය තුනක් වෙනවා අපේ සමනල් පැටියා අපෙන් ඈත් වෙලා ගිහින්.. එයාගෙ ලොකු අම්මා විදිහට මං එයාට ආදරේ දරාගන්න බැරි තරමට දුන්නා.. අන්තිමේදි එයා මගෙන් ඈත් උනාම ඒක මට දරාගන්න බැරි උනා.. ඔයාලටත් එහෙම දුක හිතෙන සිදුවීමක අත්දැකීමක් ඇති. ආදරේ කරන්න මටනම් ඇත්තටම හරිම බයයි.. මගේ ආදරේ ගැන මට විශ්වාසයි හැබැයි කොයිවෙලේ මොනවගේ දෙයක් වෙයිද කියලා මං දන්නෙ නැති නිසා දරාගන්න බැරි තරමට ඕනිම දේකට ආදරේ කරන එක ගැන දැං චකිතයක් මගේ හිතේ තියෙන්නෙ ... මට අන්තිමට දරාගන්න බැරි වෙනවා මං දන්නවා... 🥹 අපේ ගෙදර හැමෝම එයාට එහෙමයි.. ආදරේ නම් පුදුමාකාරයි එයාට දුන්නු.. අද අපේ කාමරේ හිස්.. අපි තුන්දෙනා එක්ක එයත් මේ කාමරේ ඉන්නෙ එකට... එක ඇඳ හතරට බෙදන් අපි එකට හැමදාම තුරුල් වෙලා නිදාගන්නෙ.. ලොකු අම්මයි.. අම්මයි.. චූටි පුංචී... පුතයි..

හැමදාම රෑට අපි තුන්දෙනාම එයාට ගුඩ් නයිට් කියලා හාදු තුනක් දීලා නිදාගන්නෙ.. එයත් එතකොට මොනවදෝ කියනවා.. අපේ අම්මත් එයාව අතගාලා යනවා... ඒත් කවදාවත් හාදුනම් දෙන්නෙ නෑ.. 😞 ඒ ගැනනම් මට තියෙන්නෙ පුංචි තරහක්.. ඒ නිසාම මං කරන්නෙම අම්මා නිදියන් ඉන්න වෙලාවට දෝනි එක්කන් ගිහින් අම්මගෙ රෝස පාට කම්මුල් වලට දෝනිගෙ රෝසපාට තෙත නහයෙන් හාදු දෙනඑක... මං අනන්තවත් අම්මගෙන් ගුටි පාරවල් කාලා ඇති ඔය වැඩේට... 🤭. මං නම් කියන්නෙ ආත්තම්මා විදියට එයා වැරදියි.. එයාට එයාගෙ පලවෙනි.. පුංචි මිණිබිරීට හාදු දෙන්න බෑ කියන්න බෑ... නේද.. එයාට කතා කරන්න බැරි ටික විතරයි හැමදේම තේරෙනවා.. හාදු දෙන්න කිව්වම ලස්සනට හාදු දෙන්න ලොකු අම්මා එයාට කියලා දීලා තියෙන්නෙ.. 🤭 ඒ සීතල නහය මටනම් රෝසමල් පෙත්තකට වඩා සිනිඳුයි.. ඒ සීතල මගෙ කම්මුල් වලට දැනෙනවා ම්... මේ දැනුත්... 🥹😢 මං ආදරෙයි මගේ පිච්ච මලට සංසාරෙ ආයෙ කවදම හරි ඔයා මේ ලොකු අම්මගෙම වෙලා එයි කියලා මං හිතනවා මගේ රත්තරනේ.. මං බලන් ඉන්නම් එතකම් හාද.. 🥹 අප්පච්චිට අම්මට පොඩ්ඩිට චූටිට වගේම
මගේ කම්මුල් වල අයිතිය ඔයාටත් මං දීලා තිබුනෙ හිතේ හැටියට ඔයාට හාදු තියන්න.. මගේ ජීවිතේ අමතක නොවන ලේ වලටම දැනෙන ආදරනීයම එකම ස්පර්ශ හතර ඔය හතර දෙනා.. අපි කොයිවෙලෙත් හාදු දීගන්නවා ආච්චිගෙන් ලොකු ආච්චිගෙන් බැනුම් අහනවා නේද දවසට සියපාරක් විතර... ලොකු අම්මට දැන් හරි පාලුයි.. ඒ පාළුව මකාගන්න මල්ගුඩී මැනිකව හම්බුනේ හරි පුදුමාකාර විදිහට..

ඔයා අපිව දාලා යන්නම ගියා කියලා අපිට සාක්ශි එක්ක ඔප්පු උනාට පස්සෙ ඔයාගෙ අම්මට.. ආච්චිට.. සීයට.. ලොකු අම්මට.. චූටි පුංචිට ඔයා වෙනුවෙන් කරන්න පුලුවන් උනේ සාංඝික දානයක් දීලා ඔයාට පිං දෙන එක විතරමයි.. ලොකු අම්මගෙ අත් වලින්ම ඒ හැමදේම හැදුවෙ ඔයා එක්ක හිටපු ඒ දවස් මතක් කර කර.. ඉතිං ඔයා වෙනුවෙන් කරපු ඒ පිංකම ඉවර වෙලා අපි හැමෝම ගෙදර ආවෙ හුඟක් අඬ අඬ 🥹 දරාගන්නම බැරිව.. ඒත් ලොකු සාදුනම් කිව්වෙ එයා හොඳ ආත්මෙක උපත ලබනව කියලමයි.. එයාගෙ මේ ආත්මෙත් එයා ගොඩාක් වාසනාවන්තයි කියලා.. එදා හරි පුදුම දවසක්.. අපි එනකොට ඉස්තෝප්පුවේ පුටුවක හරියට ඔයා ඉන්නවා වගේම... බිම්මලක් පිපිච්ච ගානට ඔයාගෙ පාටටම හුරු ඔයා වගේම ඒත් නැට්ට විතරක් කහපාට ලස්සන කෙල්ලෙක් වාඩිවෙලා ඉන්නවා.. මගේ ඇඬිල්ල දෙගුණ උනා එයාව දැකලා.. මං රැවටුනා ඈතට.. ළඟට ගියාම මගේ දෝනි වගේම ලස්සන කෙල්ලක්.. එකසැරේම මගේ හිතට ආවේ මල්ගුඩී කියන නම.. අම්ම නම් කියන්නෙම මට කටට එන්නෙ කාටවත් එන්නෙ නැති අමුතුම වචන කියලා ඒක පුංචි කාලෙ ඉඳලා එහෙමලු.. හැමෝම වගේ එයාත් ඒ නමට කැමති උනා... අත දුන්නම එයාත් මාව දන්නව වගේ කතාකරේ..
මං ඇහුවම මං ඔයාගෙ අම්මා වෙන්නද කියලා එයා ඒකටත් කැමති උනා.. 🥹 ඔයා හරි පුදුමයි මල්ගුඩියො... ඔයා දැකලා හැමෝටම සතුටු උනා විශ්වාස කරන්නත් බැරි උනා.. අහල පහල අයටත් සතුටුයි.. අයිතිකාරයෙක් නැති ඔයා කොහෙන් ආවද කියලා දන්නෙ දේවදූතයා විතරයි.. ඒකයි මං කියන්නෙ දේවදූතයො එවන්නෙ ලස්සනම දේවල් විතරයි කියලා..

එයාගෙ හැම වැඩක්ම ඉවර කරලා පහුවදා හවස මල්ලි එක්ක එයාව ඩොක්ට ගාවට එක්කම් ගියා .. මල්ලිනම් කිව්වෙ මගේ කරදර වල සීමාවක් නෑ කියලා..😞 ඒත් එයා ආවා.. ඒ අතින් මගේ මල්ලි හොඳම මාමා කෙනෙක්.. ඩොක්ටටත් ගොඩක් සතුටුයි.. එයත් කිව්වෙ දේවදූතයම එවපු බබෙක් කියලා.. නමත් හරිම ලස්සනයි කිව්වා.. ඩොක්ට මගේ හැම බබෙක්ටම ආදරෙන් සලකනවා.. මල්ගුඩීගේ සෞඛ්‍ය තත්වෙ හොඳ අතක තිබුනෙ නෑ එයාට කන් දෙකේම පිලිකාවක්ලු 😞 අනේ මංදා මට තැනක් නොතැනක් නැතුව අඬන්නම සිද්ද වෙන දේවල් වෙන්නෙ ඇයි කියලා ඒත් ඩොක්ට කිව්වෙ එයාව සනීප කරන්න පුලුවන් ආයෙත් දුක් වෙන්න එපා කියලා... ඉතිං ඩොක්ට එහෙම කියලා එයාගෙ සැත්කමට නිර්වින්දනය කරන්න අවශ්‍ය මගේ අත්සන් අරගෙන පැය දෙකකට පස්සෙ මගේ මල්ගුඩී කෙල්ලව ගෙනත් දුන්නා.. ඩොක්ට කිව්වා දැන් මල්ගුඩී ඇත්තටම බිම්මලක් වගෙමයි කියලා.. ඇයි එයාගෙ කන් දෙකම නෑ.. බිම්මල් වලට ඇත්තටම කන් නෑනේ.. දැන්නම් එයා නියම බිම්මලක්.. මගෙ බිම්මල් නෝනා.. මටත් ඒ ගැන සතුටුයි.. මොනා උනත් මට හිතෙනවා මල්ගුඩී කන් දෙක නැතුව හරිම ලස්සනයි කියලා.. එක කිව්වම ඩොක්ට නම් කිව්වෙ ඒත් කන් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි ලමයො කියලා එක ඇත්ත මං දන්නවා... මට පේන විදිහ මං කිව්වෙ ..

මේ පළවෙනි පින්තූරෙ ඉන්නෙ මගෙ පිච්ච මල.. ඩොක්ට ගාවදී මල්ගුඩී නිර්වින්දනය කරලා ඉන්න පින්තූරෙකුත් දැම්මා.. එයා දැන් සනීපෙන් ඉන්නවා... හැමතැනම ඇවිදිනවා.. ඉඳලා හිටලා හරි ඇවිත් මාව බලලා හාදු තියලා.. නැගිටගන්න බැරිවෙනකම්ම කාලා දොයියන් ඉඳලා යනවා..ඉතිං ඔයා අපිට සතුට ගෙනාවා මල් ගුඩී.. ඔයාලා වෙනුවෙන් මං මහන්සියෙන් හම්බ කරපු මගේ බැංකුපොතේ ඉතුරු කරන් ඉන්න සල්ලි වියදම් වෙන එක ගැන මටනම් තියෙන්නෙ සතුටක්..🩷 ඒවට කිසිම තහනමක් දාන්නෙ නැති අම්මා අප්පච්චි මට ඔයාලා ගැනත් ගොඩාක් ආඩම්බරයි....සතුටුයි... ඔයාලා හරි හොඳයි.. මල්ලි ලොකු මල්ලි චුට්ටි පොඩ්ඩි දැහැමි ඔයාලත් හොඳයි..

දේවදූතයො මුනගස්සන්නෙ ආදරණීයම දේවල්..මම දන්නෙ එච්චරයි..!!!🩷♥️

24/08/2024

~🩷 ගැහැණු ළමයි 🩷~

Rapunzel ට තියෙනවා බලගතු දිග කොණ්ඩයක්.. ඒ වගේම අවංක ලස්සන ආදරයක් එයාට ලැබුනා..

Belle ගොඩාක්ම ආසයි පොත් කියවන්න එයාටත් ලැබුනා ලස්සන ආදරයක්..

Cinderella ගොඩාක් දුක් වින්දා හැබැයි එයාටත් ලැබුනා... කවදාවත් වෙනස් නොවෙන... ලස්සන කුමාරයෙක්ගෙ සැබෑම ආදරයක් ..

Moana කියන්නෙ ගොඩාක්ම ආදරනීය කෙනෙක්... එයා ස්වභාවධර්මයට ගොඩාක් ආදරේ කරා..

Jesmin ට ඉන්නවා ඇලඩින්.. ඉතිං.. එයාට ලැබුනා සියළුම දේ ඉටු කරලා දෙන භූතයෙක් ඉන්න පහනක්...

Elsa එයා හරිම අහිංසකයි.. ඒත් මොකක්දෝ හේතුවකට එයා අල්ලන අල්ලන හැමදේම අයිස් බවට පත් උනා.. ඒ නිසා එයා හැමෝගෙන්ම ඈත් වෙලා ඉන්න තීරණය කරා...

Ariel තමන්ගේ ආදරය වෙනුවෙන්.. මුහුද.. තමන්ගේ දෙමව්පියන්.. අත් හැරලා ගොඩබිමට ආවා..

Anna ගොඩාක් ආදරේ කලා එයාගෙ අක්කට... ඉතින් අක්කව නැවත මාලිගාවට එක්කගෙන එන්න එයා හුඟක් කැපකිරීම් කරා...

දන්නවද එයාලගෙ කතා ඇතුලෙ හරිම ලස්සන කතාවක් තියෙනවා.. ඒ කතාවල අවසානය හරිම ලස්සනයි....

ඔයාටත් ඇති ගොඩක් ලස්සන කතාවක්..
මමත් ලියන්නම් ඒ... කවදාවත් වෙනස් නොවෙන සැබෑම ආදරයක් තියෙන ආදරනීය ලස්සන කුමාරයෙක් ගැන...!!! ♥️

ඒ කතාවත් මං දවසක ලියනවා...
ඊටපස්සෙ මේ පිටුවෙ හැම ඉඩක්ම ඒ ලස්සන කුමාරයට.... හම්.. ඔයාට තමයි... ♥️
එතකොට මම පිටු ගනන් ඔයා ගැන ඔයාගෙ ආදරේ ගැන ලියනවා..... ලස්සන හැඩ කුමාරයො... ඉතිං මට ලියන්න ඔය ඇස් පිල්ලම් ගහන්න මං දිහා බලන් විතරක්...♥️

♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

24/08/2024

ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා...
ඔබේ කතා ළඟ සිත නැවතුනු දා...

# Felt it ♥️

19/08/2024

~ දැන් මට හැමදාම ලියන්න හිතෙනවා ~"

මේ පිදුම මට ලොකු සතුටක් දුන්න විශේෂ කෙනෙක් වෙනුවෙන් 💐💐 ❤ "සාරාGe දිනපොත" මං මේක නිර්මාණය කරන්න හේතුව මගේ පාළුව තනිකම මකාගන්න වගේම මනුස්සයෙක් විදිහට භාහිර ලෝකෙ එදිනෙදා දැනෙන පීඩනය නිදහස් කරන්න. අපි වයසින් වැඩිමල් වෙන්න වෙන්න අපේ හැඟීම් වයසට යනවා... අපිට පුංචි කාලේ දැනුන දේවල් අද දැන් දැනෙන්නෙ නෑ.. අපිට ඒ දේවල් මතකයේ තියාගන්න පුලුවන් විදියට අපි ඒ කාලේ නිර්මාණය කරානම් අද ඒවා දකිනකොට ආස හිතෙයි. ඉතිං මටත් පුලුවන් අනාගතේ දවසක මගේ මේ පිටුව කියවන්න. එදාට මට මේ විශේෂ සිදුවීම් එක්ක විශේෂ අය එක්ක දැනුන හැඟීම් එහෙම් පිටින්ම විඳින්න පුලුවන්. මං හිතන්නෙ අපි හැමෝම අපේ මේ ජීවිත වල මොනාම හරි දේකට නතර කරගන්න බැරුව ඇබ්බැහි වෙලා ඉන්නවා.. ආස කරනවා.. මං ආසයි චිත්‍ර අඳින්න.. පාට කරන්න.. කෑම හදන්න.. ඇඳුම් මහන්න.. පින්තූර ගන්න.. සින්දු කියන්න.. අහන්න.. හිටිවන කවි ලියන්න.. හැබැයි මේ සේරටම වඩා ඉතිං මං ආසයි ලියන්න ... ගෑනු ලමෙක් විදියට මං මේ ඇබ්බැහි වෙලා ඉන්න ආසාවල් ගැන මට සතුටුයි.. සමහර අයට මගේ මේ අසාවල් විකාරයක් වගේ පෙනුනට මං ඉන්නෙ සතුටින්.. මේ.. මං මගේ සතුට හොයාගන්න විදිහ. මොනා හරි සිදුවීමක් මගෙ හදවතට දැනුනොත් මං ඒක ලියනවා මගේ හිතට එන වචන මං ලියනවා..ඉතිං ඒ සිතුවිලි අකුරු වෙනවා මට නොලියා ඉන්න බෑ.. මේකත් එහෙම මගේ හදවතට දැනුනු ගොඩාක් විශේෂ සිදුවීමක්.. අමතක නොවෙන සිදුවීමක්..ඒ වගේම කවදාවත්ම අමතක නොවෙන කෙනෙක් වෙනුවෙන් ලියන මගේ හිතට දැනෙන හැඟීම් වල වචන ...🌹

පහුගිය දවසක කෙනෙක් මගේ කනටම ඇහෙන්න කිව්වා.. ""මොකක්ද ඔයාගේ ඒ විකාර පිටුව මොනාද අනේ ඔය හිඟන වැඩ"" අර කලින් වගේ කෑම පිටුවක් කරන්නකෝ.. කීයක් හරි හොයාගන්නවනේ""" ඉතිං... දන්නවද මං ඇඬුවා.. මං ලියපු දේවල් මැකුවා.. පස්සෙ අතෑරලා දැම්මා මං උස්සන් ඉන්නෙ නෑනෙ තිබුනදෙන් ඔහේ !! ජීවිතේ සිද්ධ වෙච්ච සමහර සිදුවීම් නිසා මං හිතාගෙන හිටියා මං හරිම අවාසනාවන්තයි කියලා. මගේ රස්සාව එක්ක බලද්දිත් දවසින් දවස කඩා වැටීම් වලින්ම හැඩිවෙච්ච මගේ ජීවිතේ දිහා බලාගෙන මං කොච්චර කල්පනා කරලා ඇතිද.. මං නිශ්ශබ්දව බලන් ඉන්නකොට කාලය මට උත්තර දෙන්න පටන් ගත්තා මිනිස්සු කියන නපුරු දේවල් වලට හිත් රිද්දගන්නෙපා.. ශක්තිමත් වෙන්න. කාලය මට උගන්වපු ලොකුම දේ හොඳම දේ සිද්ධ වෙන හැමදේම වෙන්නෙ හොඳට කියලා.. ඔව්....
"'" හැමදේම වෙන්නෙ හොඳට කියලා තමා මං හිතන්නෙ "" මට ඒ වචන ටික දැන් හොඳ..ට පුරුදුයි.. දේවදූතයා එවපු ඒ කෙනත් මට කිව්වෙ එහෙම. මට දරාගැනීමේ ශක්තිය අඩුයි මං උත්සහ කරනවා ඒක පුරුදු කරන්න මට.. නැත්නම් වෙන්නෙ මට තැනක් නොතැනක් නෑ ඇඬෙනවා වෙලාවකට මට ලැජ්ජයි මං ආයේ මූන දෙන්නෙ කොහොමද කියලා හිතිලා.. ඒත් ඉතිං හැදෙන්නේ නෑ.. ඒ නිසාම මං හරි බයයි මිනිස්සු කියන අයව ආශ්‍රය කරන්න ඇත්තටම මට මගේ නංගිලා තුන්දෙනා ඇරුනම කිසිම යාළුවෙක් මට නෑ හැමෝටම හොඳම යාළුවො ඉන්නකොට මගේ හොඳම යාළුවො ඉතිං මගේ වදකාර.. ලස්සන.. අහංකාර.. දුශ්ට.. මෝඩ නංගිලා තුන් දෙනා.

ඉතිං මේ ලියන්නෙ ලස්සන විශේෂ ලමයෙක් වෙනුවෙන්නෙ..

ඉතිං ඒ කියපු නපුරු කෙනා මගේ පිටුව ගැන එහෙම කියපු නිසා ඒ හිත් රිදවීමට මං හිටියේ ගොඩාක් දුකෙන්. දන්නවද එහෙම ඉන්නකොට දේවදූතයෙක්.... එකම එක ලස්සන කෙනෙක්ව මට එව්වා...!!!! ඒකත් හරි... පුදුම විදිහට. එයා... ඇවිත් මට කිව්වා මෙන්න මෙහෙම 🌈

ඔයාගේ පිටුව හරි වෙනස් ,.
ඇයි ඒකට දිනපොත කියලා දාලා තියෙන්නෙ??
මොකක්ද පිටුවෙන් ඔයා අදහස් කරන්නෙ??
ලස්සන දේවල් ටිකක් තියෙනවා පිටුවෙ
ඔයා ✍️ කෙනෙක් වෙන්නද ඉන්නෙ??
ඔයාට ඒ දක්ශතාවය තියෙනවා..
ආකර්ශනීය විදිහට හිතට වැදෙන්න ඔයා ලියනවා

එයා තමයි මගේ පිටුවට එහෙම කියලා ඉස්සරලම 📩 එව්ව කෙනා. ✉️ එක ඉස්සරලම open කරෙත් එයා.. ඉතින් දවසක මට followers වැඩි කරගන්න සුභ පතලා මාව අගය කරාට මාව වර්ණනා කරාට මං එක්ක ඉන්නම් කිව්වට ඔයාට ස්තූතියි ලස්සන ලමයො..🌷 ඒ කියපු හැමදේටම ඔයාට ස්තූතියි..♥️
ඇත්තටම මට ලැජ්ජත් හිතුනා..
අනේ ඒ වචන හරිම සුවඳයි හරියට මේ සිංදුවේ පද පේලි වගේ ඒ වචන මං ආයෙ ආයෙ ගිහින් බැලුවා.. ඇහුවා.. හිතෙන හැම වෙලාවෙම මං අහනවා.. බලනවා.. 🤭 මගේ හිතට ඒක මතක් වෙද්දි හරි සනීපයක් දැනෙනවා.. මට හැමදාම මතක් වෙයි.. ඔයා කවුරු උනත්.. ඇත්තටම හරිම ලස්සන හිතක් තියෙන නිරහංකාර ලමෙක්.. ඒ නිසානෙ මට කතා කරේ.. ඉතිං ලස්සන ලමයෝ.. දැන් ඔයාට පුලුවන් ඔයා වෙනුවෙන් ලියපු මේ වචන කියවන ගමන් ලස්සනට හිනාවෙන්න ..!!ඉතින් හිනාවෙන්න..!! ඔයාගෙ හිත වගේම ඔයාගෙ හිනාවත් හරිම ලස්සනයි... ඇත්තමයි.. හරිම නිරහංකාරයි..
ඉතිං දැන් ආයෙ පාරක් හිනාවෙන්න..!! මට පේන්න.. හැබැහින් දකින්න ඕනිම නෑ.. ඔයා දන්නෙ නෑනේ... හිතුවොත් මට පේනවා.. 🤭ඒ මං මායාකාරියක් නිසා....🤭 මං මේක ලියන්න ටිකකට කලින් ගිහින් ඔයාව හරියටම බැලුවා එතකොට තමයි ඔයාගෙ හිනා මල් පිපිච්ච පින්තූර දැක්කෙ.. ඒවා ලස්සනයි... ඇත්තටම හරි ගොඩක් ලස්සනයි... හිතම පිරෙනවා.. 🌸🌸 ඔයා හරි ලමයො මට වැරදීමක් වෙලා තියෙන්නෙ හරියටම දැක්කෙ එතකොට. ඒත් "මම හිතන්නෙ හැමදේම වෙන්නෙ හොඳට කියලා " ඔයා කිව්වෙත් එහෙමනෙ දැන් මමත් එහෙම හිතනවා. මාව අහං ඉන්න කෙනෙක් මුනගැහුන එක මට ලොකු... සතුටක්.. මං ඔයාගෙ 🔔 එක එනකම් ආසාවෙන් බලන් ඉන්නවා හැමදාම.. හොඳද..

~~~~~~~~~~~~~~~~~
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
අද මුළු දවසම වැස්ස... හරිම සීතලයි... හිම කන්දක් ළඟ ඉන්නවා වගේ.. ඒක මට ඉබේටම කියවුනේ.. චූටි නංගි කියනවා හිම කන්දක සීතල දැක්කොත් ඔයා බයවෙයි.. ඔවගේ දාහක් විතර සීතලයි.. ඇත්තටම මට අහන්න හිතුනා ඔයා කවදද හිම කන්දක් බලන්න ගියේ කියලා 😂 ඒත් එයා මගේම මෝඩ නංගිනේ මට හිතුන දේමනේ එයාටත් හිතිලා තියෙන්නෙ අපි දෙන්නම මෝඩස්ලා බැලුවම ඉතිං.. තනියම හිනාවෙලා නිකම් හිටියා.. අපේ සරාට පිස්සු වැඩිවෙලා පෝයනේ.. මට ඇහුනා කුස්සිය පැත්තෙන් චූටි අම්මට කියනවා.. වෙලාවකට මට පිස්සු මං ඒක දන්නවා 🤭 චූටි ගියාම මං ආයෙත් මගේ දැහැනට සමවැදුනා මං ආසයි 🎧 දාගෙන ඇස්දෙක පියාගෙන මේ සිංදුව අහන ගමන් හිතන්න.. කෙලවරක් නැතුව හිතන්න..
වැස්ස දිහා බලාගෙන මේ පදවැල් අහන ගමන් වචන අකුරු කරන මට ගොඩාක් දේවල් හිතෙනවා මැවෙනවා ඒත් ඒවා මේකෙ ලියන්න බෑ... සීතල නිසා අම්මා හදලා චූටි නංගි අතේ එව්ව කෝපි එකේ රස.. ඒක මට අද වෙනදට වඩා රසයි.. සතුටින් ඉන්නකොට හැමදේම රසයි... ලස්සනයි කියන්නෙ ඒක වෙන්නැති..
ඇත්තටම අපිට සවන් දෙන්නෙක් නැති ජීවිතය නිදහස් ද? ඒ වගේම තවත් වෙලාවකට එහෙම හරි අසරණයි හිස් වගේ කියලත් හිතෙනවා.. ඒක ඔයාට දැනෙන්නෙ කොහොමද? මංදා ' මට එහෙම හිතිලා තියෙනවා. එහෙම දැනිලා තියෙන පරිච්ඡේදයක අපිට දැනුනොත් අපිව කවුරු හරි අහන් ඉන්නවා කියලා.අගය කිරීමක් වගේ දෙයක්.. නිකම් දිරිමත් කිරීමක් එක්ක නිකම් අනේ මංදා මට ඒක ලියන්න තේරෙන්නෙ නෑ. ඇත්තටම හරිම සතුටුයි නේද ඒක සතුටකටත් වඩා වැඩියෙන් මට මේ වෙලාවෙ දැනෙනවා හැමෝටම එහෙම සසතුට ගේන්න බෑ බෙදන්නත් බෑ ඒකට දේවදූතයෙක් එවපු ලස්සන කෙනෙක් වෙන්නම ඕනි ඒත් ඒක මට ලියන්න තේරෙන්නෙ නෑ නේ.. 🥹 මට පිස්සු වගෙත් වෙලාවකට..

මං දන්නවා දැං මාව අහන්න කෙනෙක් ඉන්නවා කියලා එහෙම හිතෙනකොටත් හරි සතුටුයි..
"මට කතා කරාට ස්තූතියි" එයා එහෙම මට කිව්ව එක මට බර වැඩියි ඇත්තටම. මාව හැමදාම අහන් ඉන්න. මෙන්න ඔයාට ආ.. ගන්න 💐

ඉතිං..
""" දැං මට හැමදාම ලියන්න හිතෙනවා """
ඒ ඔයා නිසා ලස්සන ලමයො..
ඔයාගේ ඒ ලස්සන සුවඳ පිරුන වචන අහනකොට මට මතක් උනේ මේ සිංදුව.. ඒවා ආයෙ ආයෙ මතකෙට එනකොට ඇත්තටම හිතට සනීපයි... ඔයාටත් ඒක විඳින්න ආසයිනම් 🎧 දාගෙන වෙන කාවවත් ඔයාට ඇහෙන්නෙ නැතිවෙන්න පේන්නෙ නැති වෙන්න ඇස් දෙක පියාගන්න 🌷🎶🎶

කාටහරි මේ පදවැල් ඔක්කොම අහන්න ඕන උනොත් හොයාගන්න අමාරු උනොත් මට comment එකක් දාන්න සිංදුව දාන්නම්.

♥️ශාරධා

12/08/2024

සිහින අතරේ මැවේවී...
සුපුරුදු රුවක් පෙනේවී...

කුමරා මගේ ... කතාවේ.. නුඹ වේ.. ❤️

මා සර්ව සම්පූර්ණ නොවිය හැක, නමුත් මම මගේ පුතා දෙස බලන විට මම මගේ ජිවිතයේ යම් දෙයක් පරිපූර්ණ ලෙස ලබාගත් බව මම දනිමි,   අව...
28/07/2024

මා සර්ව සම්පූර්ණ නොවිය හැක, නමුත් මම මගේ පුතා දෙස බලන විට මම මගේ ජිවිතයේ යම් දෙයක් පරිපූර්ණ ලෙස ලබාගත් බව මම දනිමි,

අවුරුදු විසි හයක් මා ගෙවා පැමිනි ජීවිතයේ අවුරුදු හයකට පෙර මගෙ සොහොයුරිය හට විශේෂ තෑග්ගකට ලැබුනු මේ පුංචි පුලුන් රොද මට මගෙ ජීවිතයම උනා. මව අහිමි මේ පුංචි පුලුන් රොදට මව් සෙනෙහස අඩුවක් නැතුව ලැබෙන්න අපේ ගෙදර එන්න ලැබෙන්න ඇත්තේ එයා කරපු පිනකට. මගේම දරුවෙක් විදියට උසස් සැලකිලි සමග මං ළඟ හැදුන මේ පුලුන් රොදට කාලෙන් කාලෙට එකේක විදිහෙ නම් වලින් අපිකතා කලා හැමෝගෙම ආදරේ දිනාගත්ත ඔයා ගොඩාක් වාසනාවන්ත දරුවෙක් බබා..🩷 ජීවිතේ මරණින් කීප සැරයක් ගැලඋන ඔයා ගොඩාක් වාසනාවන්තයි... ආදරේ නිසා ඔයා සුවපත් උන වාර කොයිතරම් ද බබා..🩷 මම තමයි එයාගෙ ලොකු අම්මා.. එයා අම්මට වඩා සමීප මටයි වෙලාවකට ඒකට එයාගෙ අම්මා ඉරිසියයි.. මගෙ ජිවිතේ මට දැනුන තනිකම පාළුව මකන්න එයා ගොඩාක් මං ළඟ හිටියා..කවුරුත් නැති මට හිටියෙ එයා.. එයත් මමත් දන්න අපේ කතා කොයිතරම්ද.. ඒ හැම කතාවක්ම එයා අහන් ඉන්නවා.. එයාගෙ ලොකු අම්මගෙ මනමාලයා කව්ද බලන්න එයා බලන් හිටියා...ලොකු අම්මා එක්කලා දවසක ලොකු අම්මා මනමාලියෙක් වෙලා යද්දී ලොකු අම්මගෙ තනියට යන්න..ලොකු අම්මගෙ නංගි බබාලා බලාගන්න හැටිත් අපි කතා උනා.. ලොකු අම්මට එහෙම දවසක් එන්නෙ නෑ අද ඔයා මං ළඟ නැති අඩුව මාව රිද්දනවා පුංචි පුතේ දරාගන්න අමාරු දුකක් දීලා ඔයා ගියා.. ඒත් ඇත්තටම ලොකු අම්මට පුතාව ඕනි..😞 රෝස පාට නහයට උම්මා තියන්නෙ කොහොමද ලොකුඅම්මා දැන්... 🥹🥹.. අම්මා කියන්නෙ කවුද කියලා ඒ ආදරේ කොයිවගේද කියලා මං තේරුම් ගත්තෙ එයා මාව ලොකු අම්මෙක් කරාම.. ඉතිං ඒ සෙනෙහස මට දැනෙනවා.මාව අම්මා කෙනෙක් කරපු එයාට මං ආදරෙයි මහමෙරක් තරම්..🩷🩷

☁☁ලොකු අම්මා🩷

Address

Panadura

Telephone

+94719000000

Website

Alerts

Be the first to know and let us send you an email when සාරාGe දිනපොත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සාරාGe දිනපොත:

Videos

Share