Piyasatahan - පියසටහන්

Piyasatahan - පියසටහන් සොබාදමේ සොඳුරු මංපෙත් සොයා

20/09/2022
ට්‍රෑම් ගමන....පියසටහන් ☘️
20/09/2022

ට්‍රෑම් ගමන....

පියසටහන් ☘️

ලංඩන් නුවර සංචාරය අවසන් කොටසඅපි ඊලඟ දවසේ ගියේ"ග්‍රිනිච් මධ්‍ය රේඛාව" පිහිටි තැනට, ඒ ටිකක් උස කඳු මුදුනක තමයි පිහිටලා තිබ...
09/08/2022

ලංඩන් නුවර සංචාරය අවසන් කොටස

අපි ඊලඟ දවසේ ගියේ
"ග්‍රිනිච් මධ්‍ය රේඛාව" පිහිටි තැනට, ඒ ටිකක් උස කඳු මුදුනක තමයි පිහිටලා තිබුනෙ

අවසානයේ "පුංචි වැනීසිය" කියලා ප්‍රසිද්ධ මනස්කාන්ත ප්‍රදේශයත් නරඹන්න හැකිවුනා...

අපෙ පිටුව නරඹන, ලයික් කරන, කමෙන්ට් කරන ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි 🌹🤗

පියසටහන් ☘️

ලංඩන් නුවර සංචාරයෙන් බිඳක් පියසටහන් ☘️
05/08/2022

ලංඩන් නුවර සංචාරයෙන් බිඳක්

පියසටහන් ☘️

02/08/2022

ෂර්ලොක් හෝම්ස් නිවසෙ
ඇතුල වීඩියෝ කරන්න තහනම් නිසා පිංතූර විතරයි ගත්තෙ ඒ වුණාට පඩිපෙලින් ඇතුල් වෙන වීඩියෝවක් ගත්තා ඔයාලා වෙනුවෙන් 🤗

පියසටහන් ☘️

මම අද පොඩිකාලේ ඉඳලාම ආස කරපු හීනයක් හබෑ කරගත්තා.. අපෙ පියසටහන් බලන කියවන ඔයාලවත් අමතක නොකර පිංතූර පල කරන්න හිතුනා.. ඉතින...
01/08/2022

මම අද පොඩිකාලේ ඉඳලාම ආස කරපු හීනයක් හබෑ කරගත්තා.. අපෙ පියසටහන් බලන කියවන ඔයාලවත් අමතක නොකර පිංතූර පල කරන්න හිතුනා.. ඉතින් ඒ කොහෙටද කියලා ඉක්මනින් ඔයාලා අඳුරගන්න ඇතිනෙ ..
1990 ඉඳලා ෂර්ලොක් හෝම්ස් රසිකයන් වෙනුවෙන් විවෘත වුන ෂර්ලොක් හෝම්ස්ගේ ගෙදර නරඹන්න මට පුළුවන් වුණා.. ඉතින් මං විස්තර කරන්න යන්නෙ නැහැ
ඔයාලම කතාවල මතකයන් නගාගෙන පිංතූර බලන්නකො...

පියසටහන් ☘️

26/07/2022

ඔන්න අද මම පුංචි වීඩියෝ දෙකක් අරං ආවා බට් ඇපල් සහ ගූස්බෙරි ඔයාලට පෙන්නන්න

පියසටහන් ☘️

_________Luttrell's Tower _____එංගලන්තයේ දකුණු දිග වෙරළ තීරයට මුහුණලා  1780දී ඉදි කරන ලද,Thomas Sandby කියන ගෘහ නිර්මාණ ...
13/06/2022

_________Luttrell's Tower _____

එංගලන්තයේ දකුණු දිග වෙරළ තීරයට මුහුණලා 1780දී ඉදි කරන ලද,Thomas Sandby කියන ගෘහ නිර්මාණ ශිල්පියාගේ නිර්මාණයක් වන Luttrell's Tower හි අයිතිකාරයා වූයෙ Temple Simon Luttrell යන පාර්ලිමේන්තු නියෝජිත වරයෙකු වූ බැවින් ඔහුගේ නමින්ම එය නම් කර ඇත. එවකට සිටි වික්ටෝරියා රැජිනද මෙම ගොඩනැගිල්ල අයිතිකරගැනිමට උත්සාහ කළද ඇය අපොහොසත් වූවාලු. කවාකාර මහල් සයකින් යුතු පඩිපෙල කුළුනෙ ඉහළ කොටසට යන ලෙස විහිදී ඇති අතර පහල කොටසෙ බිංගෙයක් වැනි කොටසක් වෙරළට විවෘතව පවති.

1968 දී Land mark Trust යන සමාගම විසින් මිලදී ගනු ලැබ අද දක්වාම සංරක්ෂණය කරමින් 4 දෙනෙකු පමණ පිරිසකට සුවසෙ වාසය කළහැකි නිවාඩු නිකේතනයක් ලෙස පවත්වාගෙන යනු ලබයි....

#පියසටහන් ☘️

පියෝනි (Peony)පියෝනියා නමැති කාණ්ඩයට අයිති පියෝනි මල හරිම අපූරු ලස්සනක් වගේම සිත් ඇදගන්නා සුළු සුවඳකින් යුක්ත වෙනවා... ම...
23/05/2022

පියෝනි (Peony)

පියෝනියා නමැති කාණ්ඩයට අයිති පියෝනි මල හරිම අපූරු ලස්සනක් වගේම සිත් ඇදගන්නා සුළු සුවඳකින් යුක්ත වෙනවා... මෙම ප්‍රභේදයට අයිති මල් වර්ග 30ක් පමණ තිබෙන බව පැවසෙනවා...

වසන්තයෙ ආරම්භය සමග පීදේන පොහොට්ටු මැයි මාසය වන විට විකසිත වී ස්වභාව දහමට තවත් චමත්කාරයක් එක්කරනවා....

පියසටහන් 🍀

#පියසටහන්

10/03/2022

එන්න අපි ඔරු පදිමු...
"Kayak" ලෙස හඳුන්වනු ලබන විනෝද ක්‍රිඩාව සඳහාම නිපදවූ පුංචි ඔරුවක් තමයි මේ මං පදින්නෙ...
තව කෙනෙකුට කියා දුෂ්කරතා මැද ලබා ගත් කෙටි වීඩීයෝවකි..
ස්තූතියි 🤗🍀

17/02/2022

🍀

එන්න අපිත් එක්ක රටවල්.දෙකක අසිරිය විඳින්න..☘️🌿🌳✈️
23/11/2021

එන්න අපිත් එක්ක රටවල්.දෙකක අසිරිය විඳින්න..☘️🌿🌳✈️

21/11/2021

සැනකෙළි භූමියේ දසුන්

Christmas traditionsඑංගලන්තයේ නත්තල් සිරිත් විරිත්....කතෝලික/ක්‍රිස්තියානි බැතිමතුන්ට නිල වශයෙන් නත්තල් සමය උදාවන්නෙ ආගම...
21/11/2021

Christmas traditions
එංගලන්තයේ නත්තල් සිරිත් විරිත්....

කතෝලික/ක්‍රිස්තියානි බැතිමතුන්ට නිල වශයෙන් නත්තල් සමය උදාවන්නෙ ආගමන කාලය (Advent season) ආරම්භයත් සමගයි. ඉතින් මෙවර ආගමන කාලය නොහොත් නත්තලට සුදානම් වීමෙ බලාපොරොත්තුවෙ කාලය අදින් ඇරඹුනා. ඒ ආරම්භය සටහන් කරන්නේ දිව්‍ය පුජාවෙදි පියතුමන් විසින් දම් පැහැති ඉටිපන්දමක් දල්වලා...

ඉතිං අධ්‍යාත්මික ආරම්භය එසෙ වුවත් ලෞකික ලෝකයෙ නත්තල් සමය උදාව සනිටුහන් කරන්නෙත් අපූරු උත්සවයකින් Christmas lights on ceremony නොහොත් සෑම නගරයකම පිහිටවු විශාල නත්තල් ගස් සහ වීදියෙ අලංකරණ සැරසිලි විදුලි බුබළු දල්වා, මල් වෙඩි දමා, ආරම්භ කරන්නෙ.. සෙනසුරාදා දවස පුරාම නගරයෙ පාරවල් වසා දමා එක එක ජාතියේ කුඩාරම් තුල විවිධ කඩ සාප්පු සහිත සල්පිල කුඩා දරුවන්ට විවිධ තරඟ, ක්‍රීඩා සහ වීනෝද වීමට අවස්ථා රැසක් පැවතුනා...
මේ දිනවල හවස 4 වෙද්දිම කරුවල වන බැවින් හවස 6 ට තමයි නගරයෙ විදුලි බුබුලු ආලෝකමත් කලෙ...
පසූගිය වසරෙ නොපැවති හෙයින් මේ වසරෙ දහසකට අධික ජනකායක් එක්වුනා...
කතුරු ඔන්චිල්ලාව හා සමාන පෙනෙරයෙන් පිටි හලන්නාසෙ කරකවමින් , විසිකරමින් කැරකවෙන ත්‍රාසජනක ක්‍රීඩාවට මාත් සහභාගී වුනා ඉතින්...
මං ඒ අලංකාර මොහොතේ ගත් ජායාරූප මේ සමග පලකරන්නම්..

(වීඩියෝ එකටම අමුනා නොදැමිය හැකි නිසා වෙනම පල කරමි)

🍀 පියසටහන් 🍀

වට්ටක්කා...පුංචි ලිපියක් ලියන්න හිතුනා, ඇත්තටම මේක ලියන්න හිටියෙ හැලොවින් කාලෙ කොහොමහරි කල් දාලා අමතක වෙලාම ගියා ඉතින්.....
19/11/2021

වට්ටක්කා...

පුංචි ලිපියක් ලියන්න හිතුනා, ඇත්තටම මේක ලියන්න හිටියෙ හැලොවින් කාලෙ කොහොමහරි කල් දාලා අමතක වෙලාම ගියා ඉතින්..
මතක් වුන වෙලාවේ ලියලා දානවා කියලා හිතුවා ..
එංගලන්ත වැසියන්ට වට්ටක්කා ප්‍රභේද දකින්න ලැබෙන්නෙ සැප්තැම්බර් අග ඉඳන් නොවැම්බර් මුල දක්වා කාලයේදී තමයි ..
හැබැයි අපේ ලංකාවේ පවා තියෙන ඩුබායි වට්ටක්කා ( butter nut Squash) නම් අවුරුද්ද පුරාම මිලදී ගන්න තියෙනවා..

හැලොවින් සැරසිලි වලට යොදාගන්නා විශාල තැඹිලි පැහැති එක එක ප්‍රමාණයෙ වට්ටක්කා මෙන්ම විවිධ හැඩ සහ පාටින් යුත් කුඩා ප්‍රමාණයේ ඒවත් මේ අතර ප්‍රසිද්ධයි හැබැයි ඒවට කියන්නෙ "Seasonal Squash" කියලයි, මේවනම් සුප් ආදිය හදන්න ගන්නවා සුදු ජාතිකයො අපි වගෙ උයන්නනම් දන්නෑ , මේ පාරත් මං හාල් , පොල් අඹරලා හදපු වට්ටක්කා මාළුව රස බලපු යාලුවෙක් පුදුම වුණා වට්ටක්කා එහෙම උයනවදැයි කියලා ..

ඊළඟට හැලොවින් කාලෙ විශේෂයෙන් පොඩි අය සතුටු කරන්න තියෙනවා චූටිම චූටි හුරුබුහුටි වට්ටක්කා ජාති ඒවට කියන්නෙ Munchkin Pumpkin කියලා. ඒ හුරුබුහුටි කම නිසාමයි චුටි පැටව්න්ට හුරතලෙට," මන්ච්කින්" කියලා කියන්නෙත් ..
මෙම මන්ච්කින් පාට දෙකකින් එනවා සුදු පාටින් එන එකට කියන්නේ Ghost Munchkin කියලා ...

ඔන්න බලාගන්න මං පිංතූර ටිකකත් ඇමුණුවා හොඳෙ.. ❣️

☘️ පියසටහන් ☘️

මල් වෙඩි සංදර්ශනය - 05/11(Guy Fawkes night/Bon fire night)ඔන්න අද මං හිරු නොබසින අධිරාජ්‍යයේ අපූරු සැමරුමක් ගැනයි ඔයාලා ...
06/11/2021

මල් වෙඩි සංදර්ශනය - 05/11
(Guy Fawkes night/Bon fire night)

ඔන්න අද මං හිරු නොබසින අධිරාජ්‍යයේ අපූරු සැමරුමක් ගැනයි ඔයාලා එක්ක බෙදාගන්න යන්නෙ ...
හැම අවුරුද්දෙම නොවැම්බර් පස්වැනිදා එංගලන්තයේ මල්වෙඩි සංදර්ශන පවත්වනු ලබනවා ...එදාට කලින් ඉඳලම සති දෙකක් පුරාම ඉතිං විචිත්‍රවත් මල් වෙඩි විකුණන්න තියෙනවා වගෙම හුඟක් අය ඉතින් මල් වෙඩි පත්තු කරනවා, පොඩ්ඩොන්ට ලංකාවේ වගේම නිලා කූරු තියෙනවා ඉතින්...
මේකට මුල් වෙලා තියෙන කතාව ඇහුවම ඔයාලා පුදුම වෙයි, "අනෙ අපට කොයින්ද ආයුබෝවන් එහෙම වාසනාවක්" කියලත් කියාවි ඕං..

1605 දී guy fawkes නම් ඉංග්රීසි ජාතිකයා එවකට රජවූ පළමුවැනි ජෙම්ස් රජු හා ආණ්ඩුව පෙරළීම සඳහා වෙඩිබෙහෙත් බැරල් 36 යොදාගනිමින් පාර්ලිමේන්තුව පුපුරවා හැරීමට උත්සාහයක් දරලා , අනෙ ඉතින් උන්දෑ සාර්ථක වෙලා නම් නෑ හිතෝතුනි..
මේ ප්රයත්නය ඔහු අසමත් වුනා , තූ , නොදෝමකින් කියලා මිනිස්සු හිටියද?... අපෝ නෑ .. අන්න මිනිස්සු ...
අදටත් එංගලන්ත වැසියන් ඒ දිනය මල් වෙඩි දමා මහා උත්සවශ්රීයෙන් සමරනවා ..
ඒ තියා ගිනි මැල ගහගෙන , කෑම පුච්චන් කන ගමන් සිංදු කියලා නටලා වයලා ප්‍රීතී වෙනවා ..
මේ දවස් සීත කාලයට යෙදිලා තියෙන නිසා ඉතිං කොහොමත් ගිනි මැල ප්‍රයෝජනවත්... පුංචිත්තොත් හරිම සතුටෙන් ඉරටු වල ගහපු මාස් මෙලොස් වගෙ එව්වා පුච්චං කනවා..
ගිය අවුරුද්දේ 05/11 මුළු රටම lock down කරනු ලැබුව නිසාවෙන් මේ අවුරුද්දේ ලොකු ක්‍රීඩාංගණවල පවා ජයටම මල් වෙඩි තිබ්බ බවයි මුණු පොතෙන් දැක්කෙ..
ගිය අවුරුද්දේදි මේ ගැන ඉතා හාස්යයෙන් කතා කල මා සමග වැඩ කරන ඉංග්රීසි ජාතිකයන් පැවසුවේ නැවත වරක් පාර්ලිමේන්තුවට පහර නොදීමට එදිනම lock down කළ බවයි .

පාර්ලිමේන්තුවට පහරදීම අසාර්ථක වුවත් ඉදින් එය මෙසේ උත්සව ශ්රීයෙන් සැමරීම සිනහ ගෙන දෙන කරුණක් නොවෙද...
මා නම් මගෙ යාළුවන්ට කීවෙ මෙවැනි දෙයක් ලංකාවේ වුණානම් එය ජාතික ශෝක දිනයක් වනු නොඅනුමානයි කියලා...

#පියසටහන් ☘️

කොළඹ ගෝල් ෆේස් පිටියෙන් සැදෑ හිරු බැසයද්දී විරාජමානව ඉහලින් වැජබෙන ජාතික ධජය ..
02/11/2021

කොළඹ ගෝල් ෆේස් පිටියෙන් සැදෑ හිරු බැසයද්දී විරාජමානව ඉහලින් වැජබෙන ජාතික ධජය ..

29/10/2021

මෙන්න අපූරු නෙත පිනවන සිත සතුටු කරන මල්...

🍀 පියසටහන්

"ගාඩ්න් සෙන්ට" එකක් නොහොත් උද්‍යානයක් සැකසීමට අවශ්‍ය උපාංග සපිරි තැනක්...මේ යුරෝපයේ සීත සෘතුවයි ඒත් මේ කාලයෙදිත් හැදෙන අ...
29/10/2021

"ගාඩ්න් සෙන්ට" එකක් නොහොත් උද්‍යානයක් සැකසීමට අවශ්‍ය උපාංග සපිරි තැනක්...

මේ යුරෝපයේ සීත සෘතුවයි ඒත් මේ කාලයෙදිත් හැදෙන අතලොස්සක් මල් තියෙනවා, ඒ වගේම ජනවාරි මාසයෙ මල් හටගන්නා "බල්බ බීජ" මිලදී ගන්නව තව ගිම්හානය සමග ලස්සන රතු දුඹුරු, කහ සහ තැඹිලි පැහැයට පාට වෙනස් වු අලංකාර පැළෑටි තියෙනවා ඒ එක්කම මෙවට දමන පොහොර ජාති වගේම උද්‍යාන හැඩ කරනා විවිධ සත්ව රූප ආදියත් රාක්කවල සහ එළිමහනෙ සැදි පැහැදි බලා ඉන්නව..

ඉතින්, මං ඒ ලස්සන පින්තූර ටිකක් ගත්ත ඔයාලවත් වටයක් එක්කරන් යමින් ගමන්...

🍀 පියසටහන්

ලස්සන හැන්දෑවක් තමන්ගේ ආදරණීයන් එක්ක හිතවතුන් එක්ක ගත කරන්න සීතල වතුර ටිකක පහස ලබන්න කව්ද අකැමති.. ඉතිං අද අපි ඔයාලට අරන...
20/10/2021

ලස්සන හැන්දෑවක් තමන්ගේ ආදරණීයන් එක්ක හිතවතුන් එක්ක ගත කරන්න සීතල වතුර ටිකක පහස ලබන්න කව්ද අකැමති..

ඉතිං අද අපි ඔයාලට අරන් එන්නෙ අන්න ඒ වගේ තැනක් ගැන තොරතුරු ටිකක්..ඒ තමයි ගොඩක් අය දන්න.. සොබා සෞන්දර්යෙන් අනූන රයිගම් පුරවරයේ පිහිටා තිබෙන උයන්වත්ත ජලාශය..

බණ්ඩාරගම නගරයට නුදුරින් පිහිටා ඇති මෙය කොතලාවල හන්දියෙන් හැරිලා උයන්වත්ත පාරෙ මග දුරක් යනවිට තමයි මෙම ජලාශය ඔයාලට හමුවෙන්නෙ..

‌මෙම ජලාශය තමයි කළුතර දිස්ත්‍රික්කයේ තියෙන එකම මධ්‍යම ප්‍රමාණයේ ජලාශය වෙන්නෙ. මෙම වැව ඉදිකරලා තියෙන යුගය ගැන සඳහන් කරනවා නම් එයට එක් ක් ජනප්‍රවාද තියෙනවා.. ඒ අතරින් පිළිගත්ත මතය වෙන්නෙ ක්‍රි.පූ. 1533 - 1521 අතර කාලය තුල රයිගම් පුරවරයේ රජකම් කරපු අලකේශ්වර නම් රජු විසින් මෙම වැව ඉදිකර ඇති බවයි. පසු කාලයේදී බ්‍රිතාන්‍යයන් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද මෙම වැව අද වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කටයුතු සිදුකරනවා. වර්තමානය වන විට මෙම වැවේ දාරිතාවය කි.මී 678,062 වගේම වේල්ලේ දිග ප්‍රමාණය 305m ක් පමණ වෙනවා..
‌ඉතාම රමණීය පරිසරයක පිහිටා ඇති මෙම ජලාශය අනෙක් පස වන්නේ කොලපාටින් දිලෙන වෙල් යාය වේ..

‌ඉතිං ඔයාලට පරිස්සමට ඇවිත් මෙම පරිසරයේ ඇති සුන්දරත්වය විඳගෙන ඔයාලගෙ පියසටහන් පමණක් රැගෙන යන්න අමතක කරන්න එපා..

‌ පියසටහන් ☘️🌿

කොර්වෙට් ‘ග්‍රෙමියාෂ්චි’ සහ ‘බී - 603’ සහ ‘බී - 274’ සබ්මැරීන ඇතුළත් රුසියානු නාවික හමුදාවේ පැසිෆික් බලඇණියේ භට කණ්ඩායමක...
17/10/2021

කොර්වෙට් ‘ග්‍රෙමියාෂ්චි’ සහ ‘බී - 603’ සහ ‘බී - 274’ සබ්මැරීන ඇතුළත් රුසියානු නාවික හමුදාවේ පැසිෆික් බලඇණියේ භට කණ්ඩායමක් අද (ඔක්තෝබර් 16) කොළඹ වරායට සේන්දු වූහ.

කොළඹ වරායට පැමිණි ඔවුන් සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගනු ලැබීය.

නැවත පිරවීම සඳහා කොළඹට පැමිණි රුසියානු නාවික හමුදාවේ පැසිෆික් බලඇණියේ බලගනයට මීටර් 107 ක් දිග වේදිකාවක් වන කොර්වෙට් ‘ග්‍රෙමියාෂ්චි’ ඇතුළත් වේ. මේ අතර, මෙම සබ්මැරීන දෙකම (‘බී - 603’ සහ ‘බී - 274’) දිගින් මීටර් 73 කි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද පස්වරුවේ කොළඹ වරායට පැමිණ, කොළඹ වරායේ මගී පර්යන්තයේ සංචාරක නාවික ඒකක නිරීක්ෂණය කිරීමට කාලය ලබා ගත්තා. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඔහු බලඝණ සේනාංකාධිපති සහ සෙසු ඒකක වල අණ දෙන නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගත් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කළේය.

මේ අතර, බලඝණයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඔක්තෝබර් 17 දා කොළඹ වාණිජ අගනුවර නැරඹීමේ චාරිකාවක යෙදීමට නියමිත අතර, අනෙක් ඒකක වල බලඝණ අණදෙන නිලධාරී සහ අණදෙන නිලධාරීන් ඔක්තෝබර් 18 වන දින බටහිර නාවික විධානය භාර ආඥාපති හමුවීමට නියමිතය. .

වසංගත තත්ත්වය හේතුවෙන් නැව සහ සබ්මැරීන සංචාරය සම්බන්ධ සියළුම කටයුතු COVID-19 ප්‍රොටෝකෝලයන්ට අනුකූලව සිදු කිරීමට නියමිත අතර ඔක්තෝම්බර් 18 වන දින බලඝණය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

පියසටහන් ☘️🌿

මේ වගේ දැනුම බෙදාගන්න .. අළුත් තැන් සොයා යන්න.. අපේ පේජ් එක්ටත් ලයික් එකක් දාන්න.. https://www.facebook.com/piyasatahanvlogs/

*සුන්දර වේල්සයේ සවාරිය 2*දෙවැනි දවසේ අපි ගියෙ කාඩිෆ් නගරය මැදම පිහිටලා තියෙන පැරණි මාළිගාවක් එමෙන්ම බළකොටුවක් නරඹන්න.ක්‍...
13/10/2021

*සුන්දර වේල්සයේ සවාරිය 2*

දෙවැනි දවසේ අපි ගියෙ කාඩිෆ් නගරය මැදම පිහිටලා තියෙන පැරණි මාළිගාවක් එමෙන්ම බළකොටුවක් නරඹන්න.ක්‍රි.ව.55 වැනි අතීතයකට දිව යන මෙහි ඉතිහාසය රෝමානුවන් විසින් මුලින්ම ඉදිකරන ලද්දක්..

පසුව රෝමන් වරුන්ගෙ පසුබෑමත් සමග 11 සියවසෙදි පමණ නෝමන් වරු විසින් නැවත ගොඩනගා ඇත..
වික්ටොරියානු ගොතික් කලාවෙන් පෝෂණය වී ඇති මෙම බලකොටුව එංගලන්තය මුහුණ දුන් බොහෝ යුධමය වාතාවරණය හමුවෙ නගර වැසියන් හට ආරක්ෂාව දුන් ස්ථානයක් ලෙස ප්‍රසිද්ධය..
වෙල්සයෙ එවකට විසු රජුන්ගෙ අධිකාරි බලය සංකේතවත් කරන රතු මකරාගෙ ලාංඡනය සෑම තැනකම දැකගත හැකිය..

*සූ*

ඔන්න ඔයාලට අද විශේෂ දෙයක් ගෙන එන්න අපි හිතුවා.. ඒ වෙන මුකුත් නෙමෙයි.. මේ දවස් වල කතාබහට ලක් වූ ලෝකයේ විශාලතම නෞකාව කොළඹ ...
06/10/2021

ඔන්න ඔයාලට අද විශේෂ දෙයක් ගෙන එන්න අපි හිතුවා.. ඒ වෙන මුකුත් නෙමෙයි.. මේ දවස් වල කතාබහට ලක් වූ ලෝකයේ විශාලතම නෞකාව කොළඹ වරායට සේන්දු වීම ගැන..හැමෝටම බලාගන්න බැරි වුන ඒ අවස්තාව අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට අද අපි ගෙනාවා..බලලා දැනුමටත් යමක් එකතු කරගන්නකො..

Evergreen හි Ever Ace යනු 24,000 TEU ( ,සෑම බහාළුමක්ම අඩි 20' යැයි සළකා) පන්තියේ බහාලුම් නැව් වල පළමුවැන්න බව දේශීය නියෝජිත හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී පැවසීය.

A වර්ගයේ යාත්‍රාව දිගින් මීටර් 400 ක් සහ පළල මීටර් 61.5 ක් වන අතර සැලසුම් කෙටුම්පත මීටර් 14.5 ක් වන අතර නාවික සැතපුම් 22.6 දක්වා වේගයෙන් යා හැකිය. 23,992 TEU ක ධාරිතාවයකින් යුත් එවර් ඒස් යනු ලොව ඇති විශාලතම බහාලුම් නැව් වලින් එකකි.

එය ජූලි 28 වන දින මුදා හළ අතර ආසියා-යුරෝපා වෙළඳාමේ එවර්ග්‍රීන් ලයින් හි සීඑම් සේවාව සඳහා යෙදවූ අතර, කිංග්ඩාවෝ, ෂැංහයි, නිංබෝ, තායිපේ වරාය, යන්ටියන්, රොටර්ඩෑම්, හැම්බර්ග් සහ ෆීලික්ස්ස්ටෝව් යන සිය ප්‍රථම සංචාරයේදී ඇමතූහ.

එවර්ග්‍රීන් ලයින් හි ඒ වර්ගයේ යාත්‍රාවල විවිධ පරිසර හිතකාමී සහ ඉන්ධන කාර්යක්ෂම මෝස්තර වලින් සමන්විත වේ.

එවර්ග්‍රීන් ලයින් හි බලඇණි අළුත් කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස, වාහකයා විසින් ඒ වර්ගයේ කන්ටේනර් නැව් දොළොසක් ඇණවුම් කර ඇත.

එවර් ඒස් වලට අමතරව, එවැනිම ධාරිතාවයකින් යුත් ඇගේ සොහොයුරියන් එකොළොස් දෙනාම බෙදා හැරීමෙන් පසු එවර්ග්රීන් ලයින් හි ආසියා-යුරෝපා සේවාවට සම්බන්ධ වීමට සැලසුම් කර ඇත. මෙම යාත්‍රාව කොරියානු නැව් අංගනය වන සැම්සුන් හෙවි ඉන්ඩස්ට්‍රීස් හි ඉදිකරන ලදි.

මෙය නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වලින් පිටත් වෙලා තමයි කොළඹ එන්නෙ චීන සමාගමේ CICT ජැටියට.. අපේ ECT එකටත් පුළුවන් මෙයාලව ගෙන්න ගන්න.. නමුත් දැනට තියෙන දොඹකර මෙයාලගෙ තරමට පොඩි වැඩියි..

ඉතිං බොහොම ඉහළින් ජල ප්‍රහාර සමඟින් මේ ලොවක් වසඟ කල ඇය පිළිගන්න අමතක කලේ නෑ ..සමහර අය දන්නවා ඇති..සමහර අය නොදන්නවත් ඇති.. මේ වගෙ විශේෂ අවස්ථා වලදි නෞකාවක් වේව ගුවන් යානයක් වේවා පිළිගන්න සම්මත ක්‍රමයක් තමයි මේ ජල ප්‍රහාරය..

මේ නැව්වලට යන්න පුළුවන් තරමෙ වරායවල් මුළු ලෝකෙටම තියෙන්නෙ යුරෝපයේ සහ ආසියාවෙ දුසිම් දෙකක් විතර තමයි.. අනිත් මහද්වීපවල එකක්වත් නෑ.. දැනට දකුණු ආසියාවේම කොළඹට පමණයි.. අනාගතයේ ඒ ලැයිස්තුවට හම්බන්තොටත් එනවා..

EVER ACE's Port Rotation : HAMBURG (Germany) - FELIXSTOWE (UK) - ROTTERDAM (Netherlands) - SUEZ CANAL Transit - COLOMBO (Sri Lanka) - TANJUNG PELEPAS (Malaysia) - KAOHSIUNG (Taiwan) - QINGDAO (China) - SHANGHAI (China) - NINGBO (China) -TAIPEI (Taiwan) - YANTIAN (China)

EVER ACE ඔබව කොළොම්තොටට සාදරයෙන් පිළිගනිමු..🥰🙏

රාත්‍රි ඡායාරූප සඳහා විශේෂ ස්තූතිය ..
තිලිණ මදුසංඛ සොයුර
ඉරේශ් එරන්ද සොයුර

පියසටහන් ☘️

*සුන්දර වේල්සයේ සවාරිය - 01*කාර්යබහුල ජීවිතෙන් මිදිලා සතියක නිවාඩුවක් ලැබුණු වෙලෙ, මට හිතුනා මං ඉන්න පලාතෙන් ටිකක් ඈතකට ...
04/10/2021

*සුන්දර වේල්සයේ සවාරිය - 01*

කාර්යබහුල ජීවිතෙන් මිදිලා සතියක නිවාඩුවක් ලැබුණු වෙලෙ, මට හිතුනා මං ඉන්න පලාතෙන් ටිකක් ඈතකට යන්න දුරින් මගේ නෑදෑ වෙන ළමෙක් "කාඩීෆ්" විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ඇවිත් හිටියට මුණ ගැහෙන්න බැරි වුණෙ පවතින වසංගත තත්වය නිසා, එයා ආයි ලංකාවට යනවා කීවම මං තීරණෙ කලා එයාත් එක්ක ඒ පැත්තේ සංචාරය කරන්න..

"වේල්සය" කියන්නේ මහා බ්‍රිතාන්‍යය හැදිලා තියෙන රටවල් හතරින් එකක්

+එංගලන්තය
+ස්කොට්ලන්තය
+වේල්සය
+උතුරු අයර්ලන්තය
මෙකී රටවල් හතරයි..

වේල්සය කියන්නේ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන තැනක් කොටින්ම එයාලට අනන්‍ය භාෂාවක් පවා තියෙනවා
"Brythonic" භාෂාවක් ලෙස කියන වෙල්ෂ් භාෂාවේ ඉතිහාසය රෝමන් වරු ආක්‍රමණය කිරීමටත් පෙර ක්‍රි.පූ 600 සිට පැවත එන්නක්.එලෙසම යුරෝපයේ භාවිතා වන ඉගෙනුමට ඉතා අසීරු භාෂාවක් ලෙසයි සැලකෙන්නේ
මුල් වතාවට පොදු වැසිකිලියක් ඇතුළෙ වෙල්ෂ් කතා කරන කෙල්ලො දෙන්නෙක්ට මැදි වෙච්ච මට දැනුනෙ ගල් වලින් ගහනවා වගෙයි .. ටිකක් බරපතලව හඬ නගන
ශබ්ද පිටවෙන්නෙ..
වේල්සය කියන නම එයාලගේ භාෂාවෙන් කියවෙන්නෙ "Cymru" = Friends/ Country Man
කෝච්චි තුනකින් මාරුවෙලා ගිහින් මං "කාඩීෆ්" කියන වේල්සයේ අගනූවරින් බැහැගතේ මහ දවාලේ, මාව එක්ක යන්න "හංසි" නොහොත් නෑදෑ දැරිවි ආවා.
මුලින්ම මං නවාතැන් ගත්ත හෝටලයට ගිහින් පොඩියක් විවේකිව ඉඳලා ටිකක් හවස් වෙලා "කාඩීෆ් බේ නොහොත් බොක්කෙ " ඇවිදින්න ගියා..

"මිලේනියම් සෙන්ටර් " කියන ගොඩනැගිල්ලෙ තමයි අර නොතේරෙන ඉංග්‍රීසි වචන තියෙන්නේ වෙල්ෂ් වලින්
2009 මහජනතාව වෙනුවෙන් විවෘත කරන මේ ගොඩනැගිල්ල කලාගාරයක්, බැලේ නර්තන,සංගීත සංදර්ශන වගෙ දේවල් පවත්වන ශාලාවක්
එහි සරළ ඉංග්‍රීසි තේරුම
"Truth is as clear as glass forged in the flames of inspiration"

මීලඟට අපි ගියේ"Ferris wheel" ඒකෙ රවුමක් මීටර් 33 ක් විශාල මේ රෝදය , අවට සිරි නරඹන්න කියාපු තැනක්

ඒ ඉස්සරහම තියෙන 1897 දී රතු ගඩොලින් හා ටෙරාකොටා වලින් අපූරුව නිමවු විශාල ගොඩනැගිල්ල මුළින්ම හදලා තියෙන්නේ දුම්රිය සේවයෙ ප්‍රධාන කාර්යාලය විදියට නමුත් කලක් ඇවෑමෙන් වෙල්සයෙ සෙනෙට් සභිකයන් රැස්වන තැනක් බවට පත්වෙනවා
"Pierhead building" කියලා හඳුන්වන අතර එකේ තියෙන විශාල ඔරලෝසුව නිල නොලත් "Baby big Ben" කියලත් හඳුන්වනවා.

ඒ වගේම අපිට පුළුවන් උනා විනෝදාත්මක අත්දැකීමක් විඳිමින් කාඩීෆ් බොක්කෙ බෝට්ටු සවාරියක් යන්නත්...
හවස් වෙද්දි ඊලඟට අපි ත්‍රාසජනක අත්දැකීම් පෙළක්ම වින්දෙ සල්ලිත් ගෙවලා කියමුකෝ.. හූ තියල කෑ ගහලා කැරකෙන පැද්දෙන මාරක ඔංචිලි වලින් බැහලා අයිස් ක්‍රීම් කාලම රෑට සප්පායම් උනෙ "රමෙන්" වලින් , ජීවිතේ පලවෙනි වතාවට කෝටු දෙකෙන් කෑමත් කෑවා කොහොම හරි.. නොදැනිම රෑබෝවෙලා දෙන්නගෙම මොබයිල් බැටරි බැහැලා තියෙද්දී, එයාලගෙම දුරකථන වලින් ඇමතුම් අරන් දීලා,හෝටලයට යන්න ටැක්සියක් හොයාගන්න මනුස්ස කම දන්න අපූරු මිනිසුන් උදව් කලා අපිට, ටැක්සියක් එනකං එළියට යන්න නොදී තියාගත්තා අපි සංචාරය කරන්න ආවෙ කීවම..
ඔන්න ඔහොමයි පළවෙනි දවසේ නිමාව...

(2 කොටස පසුවට)❣️

*පියසටහන්*

26/09/2021
🌻 සූරියකාන්තසරත් සමයේ අපූර්වත්වය විදහාපාන සූරියකාන්ත මල් අතීශයින් දැකුම්කළු ය...එක් එක් ප්‍රමාණයන්වල මල් දැකගත හැකිය..එහ...
26/09/2021

🌻 සූරියකාන්ත

සරත් සමයේ අපූර්වත්වය විදහාපාන සූරියකාන්ත මල් අතීශයින් දැකුම්කළු ය...
එක් එක් ප්‍රමාණයන්වල මල් දැකගත හැකිය..
එහෙත් ඔබ මෙම මල් වල ඇට නොහොත් බීජවල රස බලා තිබේද...
වෙළඳසැල්වල ඇසුරුම් කල බීජ මෙන් නොව, හොඳින් මෝරා බාගෙට වියලුණු සූරියකාන්ත මලක මැද තියෙන මේ ඇට මලින්ම ගලවාගෙන පොත්ත ඉවත් කර කෑමට ගත හැකිය...

24/09/2021

රැප්සීඩ් යායක්

RAPESEED (රැප්සීඩ්)කහපාට ලස්සන චූටි මල් කිනිති වලින් පිරිලා තියෙන මේ පැළෑටිය සෙන්ටිමීටර 30 පමණ උසකට වැඩෙන අතර තෙල් ලබාගැ...
24/09/2021

RAPESEED (රැප්සීඩ්)

කහපාට ලස්සන චූටි මල් කිනිති වලින් පිරිලා තියෙන මේ පැළෑටිය සෙන්ටිමීටර 30 පමණ උසකට වැඩෙන අතර තෙල් ලබාගැනීම සඳහා වගා කරනු ලබයි..

යුරෝපා රටවල සහ කැනඩාව ඕස්ට්‍රේලියාව යන රටවලද වගා කරනු ලබයි...

24/09/2021

පියසටහන්
සොබාදමේ සොඳුරු මංපෙත් සොයා යන්න අපි කවුරුන් ආසකරනවා..ඒත් මේ කාර්යබහුල ජීවිතය එක්ක ඒකට වෙලාව වෙන් කරගන්න ගොඩක් අයට අමාරුයි. ඒ ජීවිතයෙන් ලැබෙන පුංචි හරි නිදහසෙන් අපි බලන්නේ කොහේ හරි නිස්කලංක තැනකට අපේ ආදරනීයයන් සහ යහළුවන් සමඟින් යන්න.. හරිම අතලොස්සකට නම් මේක ජීවිතයම වෙලා තියෙනවා ..තවත් කෙනෙක්ට මේක හීනයක්ම විතරක් වෙලා තියෙනවා.
ඉතිං අන්න ඒ හැමකෙනෙක්ටම ජීවිතේ විඳින්න යමක් එකතු කරන්න.. මේ අපේ පුංචි පාරාදීසයේ දැනුම බෙදාගන්න.. ඒ සොඳුරු තැන් පිළිබඳ විස්තර ඔයාලා එක්ක බෙදාගන්න.. අපි ඉස්සරහට ඉන්නවා ඔයාලා එක්ක..
ඉතින් එන්න ..අපිත් එක්ක ඒ ලෝකෙට ඉඟිල්ලෙන්න..එහි මතක රැගෙන පියසටහන් පමණක් තබා එන්න..
අපි හුරුවෙමු ..අපි පුරුදු වෙමු.සොබාදම් මාතාවට ගරු කරන්න.එය පණ මෙන් සුරකින්න.. ස්තූති කරන්න.එතකොට මේ වටිනා සම්පත් අනාගත පරපුරට අපිට අභිමානයෙන් දායාද කරන්න පුළුවන් .. 🌿☘️🙏

🌳Laksh & Sue🍃

Talpitiya, wadduwa, Sri Lanka බොහෝ අය නොදන්න තැනක් තමයි මේ පිංවත්ත දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටා ඇති මෙම දුම්රිය පාලම්...
23/09/2021

Talpitiya, wadduwa, Sri Lanka

බොහෝ අය නොදන්න තැනක් තමයි මේ පිංවත්ත දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටා ඇති මෙම දුම්රිය පාලම් දෙක..තල්පිටිය ඇළ මාර්ගය මුහුදට එකතු වන තැන තවත් හරිම අපූරු ස්ථානයක්..☘️🌿

Address

Panadura

Alerts

Be the first to know and let us send you an email when Piyasatahan - පියසටහන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Piyasatahan - පියසටහන්:

Videos

Share


Other Digital creator in Panadura

Show All