Our Lady of Sorrows Church Walana - Panadura

Our Lady of Sorrows Church Walana - Panadura Media Unit Of Our Lady of Sorrows Church - Walana, Panadura

14/04/2024
13/04/2024
Easter eggs brought during the offertory procession on the Holy Saturday at Arukgoda
02/04/2024

Easter eggs brought during the offertory procession on the Holy Saturday at Arukgoda

Oh it's really heavenly. A great effort by Arukgoda Youth!
30/03/2024

Oh it's really heavenly. A great effort by Arukgoda Youth!

30/03/2024

⭕ ආලේලූයියා සෙනසුරාදා ඉටි පහනේ අර්ථයන්

🌅ආලෝකය - අඳුර පරදවන ජේසුස් වහන්සේගේ ආලෝකය

AΩ ඇල්ෆා සහ ඔමේගා - ජේසුස් වහන්සේ ආරම්භයත් අවසානයත් වන සේක

🔥 ගින්දර - ජේසුස් වහන්සේගේ උත්ථානය

✝️ කුරුසිය - ජේසුස් වහන්සේ හා සදාකාලික ජීවිතය

ඇණ පහ - ජේසුස් වහන්සේගේ තුවාල

වර්ෂය - වර්තමාන වසර - දෙවිඳුන්ගේ සදාකාලික විසීම

⭕ පාස්කු පූර්ව රාත්‍රිය හෙවත් ආලේලුයියා සෙනසුරාදා ජනවන්දනාව

ආලේලුයියා සෙනසුරාදා මෙහෙයේ ප්‍රධාන කොටස් හතරකි
1) ආලෝකයේ මෙහෙය
2) දේව වාක්‍ය පිළිවෙත
3) ප්‍රසාද ස්නාපන පිළිවෙත
4) ස්තෝත්‍ර යාගික පිළිවෙත

ගින්දර ආශිර්වාද කිරීමත් සම‍ඟ ඇරඹෙන ආලෝකයේ මෙහෙයේදී පාස්කු ඉටිපහන දල්වා කුරුසිය ලකුණ, ශ්‍රී වණ කැළැල්, අදාළ වර්ෂය ආදිය එහි සලකුණු කරනු ලැබේ. එය රැගත් පියතුමා පෙරහැරින් දේවස්ථානයට පිවිසෙන අතර සැදැහැවතුන් තම ඉටිපහන් ඉන් දල්වාගනු ලබේ.

පියතුමා පූජාසනයේදී පාස්කු ඉටිපහනට දුම් පුදා පාස්කු මංගල ගීතය ගායන කරයි. ඒ ගීයේ ක්‍රිස්තුස් වහන්සේගේ යාගික පූජාව, මේ රාත්‍රියේ සුවිශේෂීත්වය මෙන්ම ඉටිපහන පිළිබඳවත් සිහිපත් කෙරේ.

අනතුරුව දේව වාක්‍ය පිළිවෙත ඇරඹෙන අතර එහි පැරණි ගිවිසුමෙන් උපුටා ගැනුණු ගැළවීමේ ඉතිහාසය හා මේ මෙහෙයේ වැදගත්කම ඉස්මතු කරන කියවීම් සතකි.

එම කියවීම් වලින් පසුව සුරදූත ගීය ගයනු ලැබේ. දේවස්ථානයේ සීනු නැවත නාද කෙරෙන්නේත්, පුදසුන මත පහන් දල්වනු ලබන්නේත් ඒ මොහොතේය.

නව ගිවිසුමෙන් උපුටා ගැනුණු සංදේශය ඉන්පසු කියවනු ලබන අතර එය අවසානයේ ආලේලුයියා ගායනා කෙරේ.

දේශනයෙන් පසුව ප්‍රසාද ස්නාපන පිළිවෙත ඇරඹේ. ජලය ආශිර්වාද කිරීමත්, වැඩිහිටි ප්‍රසාද ස්නාපනය දානය කිරීමත් සිදුකෙරෙන්නේ මේ අවස්ථාවේදීය. ජලය ආශිර්වාද කරන පියතුමා එහි ඇති ප්‍රසාද ස්නාපනයට යොදාගැනෙන ජල බඳුනට පාස්කු ඉටිපහන බහා විශේෂයෙන් යදියි. ප්‍රසාද ස්නාපන පොරොන්දු අළුත් කිරීමෙන් පසු නව ජලයෙන් ජනතාව ආසිරි ගැන්වේ.

ඉන්පසු ස්තෝත්‍ර යාගික පිළිවෙතේ කොටස් සාමාන්‍ය පරිදි පවත්වනු ලැබේ. දිව්‍ය සත්ප්‍රසාද දානයෙන් පසු ඉතිරිය දිව්‍ය සත්ප්‍රසාද කුටියේ සුපුරුදු පරිදි තැන්පත් කෙරෙන අතර මහ බ්‍රහස්පතින්දා කුරුසිය ලකුණින් අරඹන ලද දිව්‍ය යාගය එක දිගට ගලාගොස් නැවත කුරුසිය ලකුණින් නිමා කෙරෙන්නේ මේ ආලේලුයියා සෙනසුරාදා පූජාව අවසානයේදීය.

ඔබ සැමට සුබ පාස්කු මංගල්‍යයක් වේවා !

29/03/2024

"ඒලී ඒලී ලාමා සබක්තානී"
(මාගේ දෙවියනී මාගේ දෙවියනී ඔබ මා අත් හැරියේ මන්ද)

⭕ මහ සිකුරාදා..

මහ සිකුරාදා යනු ජේසුස් වහන්සේගේ මළ ගෙය නොවන බව කිතුනු අප විශේෂයෙන් මතක තබා ගත යුත්තකි. ජේසුස් වහන්සේ මරණයට පත්වී උත්ථාන වී නැවත ස්වර්ගයට ගොස් අවසන්ය. ගැළවීමේ අභිරහස තුළ තව ඉටු වීමට ඇති එකම දෙය වන්නේ ජේසුස් වහන්සේගේ තේජාන්විත දෙවන ආගමනයයි. එබැවින් මහ සිකුරාදාව ජේසුස් වහන්සේගේ මළගමට සහභාගිවීමට යාමක් ලෙසින් සැලකීම දේවධාර්මිකව වැරදි සංකල්පයකි.

මහ බ්‍රහස්පතින්දායින් ඇරඹෙන දිව්‍ය පූජා මෙහෙය පාස්කු ඉරු දින දක්වා එකම වන්දනා පිළිවෙතක් ලෙසින් පවත්වන්නේ ද එනිසාය. මෙම තෙදින තුළ අප දේවස්ථානයට යන්නේ අනෙක් කිතුනුවන් සමග එක්වී ජේසුස් වහන්සේගේ මහා පාස්කු අභිරහස මංගල්‍යයක් වශයෙන් අති උත්කර්ෂවත් ලෙස සැමරීමටය.

මහ සිකුරාදා දින දේවවාක්‍ය පිළිවෙතේ දක්නට ලැබෙන නාට්‍යාකාර දෙබස් සහිත දීර්ඝ සුභාරංචිය කියවීමට අමතරව ජේසුස් වහන්සේ කුරුසිය මත සිට දෙසූ ශ්‍රී වාක්‍ය සත දේශනා කිරීම ද සිදු කරයි. එහෙත් එය සම්මත කතෝලික ජනවන්දනා පිළිවෙතේ දක්නට නොලැබෙන දෙයකි. එය අප රටේ මහ සිකුරාදා පිළිවෙතට ඇතුළත් වූයේ ගෞරවනීය ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා රචිත “දේශනා නවයේ පසන් පොත” හා “දුක්ප්‍රාප්ති ප්‍රසංගය” යන ‍පොත් ඇසරෙන් බිහි වූ පාස්කු නාට්‍ය පදනම් කොටගෙනය. මේ හේතුවෙන් මහ සිකුරාදා ජනවන්දනා පිළිවෙත “තුන් පැය ධ්‍යානය” යන නමින් හඳුන්වයි. නූතන ජනවන්දනා විශාරදයන්ගේ මත වලට අනුව, එම ශ්‍රී වාක්‍ය සත දෙසීම හා ඇතැම් දේවස්ථාන වල කරන පාස්කු සංදර්ශන ඇතුළත් “තුන් පැය ධ්‍යානය” වඩාත් සුදුසු වන්නේ මහ සිකුරාදා දේව මෙහෙයෙන් පසුව වෙනම භක්ති අභ්‍යාස හා වන්දනා පිළිවෙතක් ලෙස පැවැත්වීමට බවය. මන්ද මහ සිකුරාදා ජනවන්දනා පිළිවෙතේ ඇතුළත් පාස්කු සිද්ධිය ජේසුස් වහන්සේගේ උත්ථානය මිස මරණය පදනම් කරගෙන පවත්වන්නක් නොවන බැවිනි.

දුක් විඳ මරණයට පත්වී උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේට වන්දනා ගෞරවාචාර කිරීමක් වශයෙන් අප කුරුසිය සිපාචාර කිරීම කරමු. එහෙත් අප මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ, කුරුස ප්‍රතිමාව සිපාචාර කිරීමට සීමා නොවී, කුරුස ගස සිපාචාර කිරීමය. මන්ද උත්පත්ති 2 : 16 – 17/ 3 : 1 – 7 හි දැක්වෙන “හොඳ නරක අවබෝධ කිරීමේ ගස”වෙත අත පා ගෙඩි කඩා කෑමෙන් ඇති වූ පාපය හා මරණය පරාජය කර අපට ගැළවීම හා ජීවනය ළඟා කර දුන්නේ කුරුස ගස මගින් බැවිනි.

මහ සිකුරාදා දින මෙහෙයේ දී දිව්‍ය සත්ප්‍රසාදය බෙදා දීම සාමාන්‍යයෙන් කරන ආගමික ක්‍රියාවකි. එදින දිව්‍ය සත්ප්‍රසාදය බෙදා දීම සභාවේ වත් පිළිවෙත් සංග්‍රහයේ නිළ කාර්යයක් නොවේ. එහෙත් වර්තමානයේ ජේසුස් ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරය බෙදා ගැනීම තුළ ඊට සහභාගි වන අප එකම භෝජනයකින් එකම පවුලක් ලෙසින් ඔවුන් වහන්සේගේ මහිමාන්විත උත්ථානයට හවුල් වීම අදහස් කෙරේ.

✍️Theology.lk

Youth society of Walana. Repository for Maundy Thursday.
29/03/2024

Youth society of Walana. Repository for Maundy Thursday.

Youth society of Arukgoda. Repository for Maundy Thursday. It is heavenly.......appreciate your tireless effort!
28/03/2024

Youth society of Arukgoda. Repository for Maundy Thursday. It is heavenly.......appreciate your tireless effort!

"Korosma Geethawaliya" Tradition Pasan Service 2024 at Our Lady of Sorrows Church Walana .....Our parish is blessed with...
26/03/2024

"Korosma Geethawaliya" Tradition Pasan Service 2024 at Our Lady of Sorrows Church Walana .....Our parish is blessed with a choir with heavenly voices........so congratulations! Be united in God always......It was a wonderful evening as we entered the Holy Week!

Traditional pasan chanting at Our Lady of The Holy Rosary Church, Arukgoda on the 20th March 2024 at 7.30 pm by a Kadala...
21/03/2024

Traditional pasan chanting at Our Lady of The Holy Rosary Church, Arukgoda on the 20th March 2024 at 7.30 pm by a Kadalana Pasan group.

10/03/2024

Simply wow ......keep it up guys...I am really proud of you......! Getting ready for Easter!

Annual Lenten pilgrimage of Panadura Parishioners to Daham Sevena Seminary, Kalutara on the 25th Feb 2024
26/02/2024

Annual Lenten pilgrimage of Panadura Parishioners to Daham Sevena Seminary, Kalutara on the 25th Feb 2024

Newly Appointed Board of Prefects For The Year 2024 Mother of Holy Rosary Church, Aruggoda
21/02/2024

Newly Appointed Board of Prefects For The Year 2024
Mother of Holy Rosary Church, Aruggoda

Newly Appointed Board of Prefects For The Year 2024 St. Joseph's Church, Wattalpola
18/02/2024

Newly Appointed Board of Prefects For The Year 2024
St. Joseph's Church, Wattalpola

Prefects Investiture CeremonySt. Joseph's Church, Wattalpola
18/02/2024

Prefects Investiture Ceremony
St. Joseph's Church, Wattalpola

Address

Our Lady Of Sorrows Church, Walana
Panadura
12500

Telephone

+94704266566

Website

Alerts

Be the first to know and let us send you an email when Our Lady of Sorrows Church Walana - Panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Our Lady of Sorrows Church Walana - Panadura:

Videos

Share


Other Media/News Companies in Panadura

Show All