J'pura Flames

J'pura Flames Official Media Grid - University of Sri Jayewardenepura We will be covering any event which will have whole university as the audience.
(399)

This will also update you on major sports activities in other universities and inter university sports activities as well. If you are willing to provide information about any sports activity related to university of Sri Jayewardenepura or any other university feel free to contact us. In sports activities it should be at least a faculty.

"AAROHANA Season 2" Semi finals, organized by the Tamil Students Committee, was held on the 08th & 09th of June 2024 at ...
10/06/2024

"AAROHANA Season 2" Semi finals, organized by the Tamil Students Committee, was held on the 08th & 09th of June 2024 at the Saraswathy Hall Colombo.

Photographed by: Danindu Nanayakkara, Kavindu Jayamina

||Reproducing images of this album for any purpose without the permission of J'pura Flames is prohibited and it is considered a copyright violation.||


Tibhar ක්‍රීඩා සමාජය විසින් 19වන වරටත් සංවිධානය කරන ලද Tibhar මේසපන්දු ශූරතාවලිය අද (09) දින අම්බලන්ගොඩ SRS ක්‍රීඩා සංකී...
10/06/2024

Tibhar ක්‍රීඩා සමාජය විසින් 19වන වරටත් සංවිධානය කරන ලද Tibhar මේසපන්දු ශූරතාවලිය අද (09) දින අම්බලන්ගොඩ SRS ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. මේ සඳහා සහභාගී වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථී චමීර ගිනිගේ පිරිමි කේවල අංශයේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා අධ්‍යයනාංශයේ ශාරීරික අධ්‍යාපන උපදේශකයෙකු ලෙස කටයුතු කරන චමීර ගිනිගේ මහතාගේ අවසන් මහා තරගයේ ප්‍රතිවාදියා වූයේ මොරටුව විශ්වවිද්‍යාලයේ හිරුණ වරුසවිතානයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය නාමය ශ්‍රී ලංකාවේ ඉහළින්ම බැබළවීමට සමත් වූ චමීර ගිනිගේ මහතාට විශ්වවිද්‍යාලයීය ප්‍රජාව වෙනුවෙන් J'pura Flames අපි හදපිරි ශුභාශිංසන එක් කර සිටින්නෙමු.

Written by: Gayashan Sanjaya
Designed by: Aruna Ehelepola

°

“Back to Campus”, organized by the J'pura Science Alumni, was held on the 08th of June 2024 at the Science Auditorium of...
09/06/2024

“Back to Campus”, organized by the J'pura Science Alumni, was held on the 08th of June 2024 at the Science Auditorium of the university.

Photographed by: Akila Kasthuri

||Reproducing images of this album for any purpose without the permission of J'pura Flames is prohibited and it is considered a copyright violation.||


Launching the magazine “J'pura Flames in SLUG 2023”, organized by J'pura Flames, the official media grid of the Universi...
09/06/2024

Launching the magazine “J'pura Flames in SLUG 2023”, organized by J'pura Flames, the official media grid of the University of Sri Jayewardenepura, was held on the 29th of May 2024 by presenting the first copy to the Vice-Chancellor.

Photographed by: Madhawa Mihiran, Ravindu Lakshan

||Reproducing images of this album for any purpose without the permission of J'pura Flames is prohibited and it is considered a copyright violation.||


සෑම වසරකම මෙන්ම QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් මගින් 2025 වසර සඳහාද ලොව පුරා විශ්වවිද්‍යාල 1500ක විවිධ වූ දර්ශකයන...
05/06/2024

සෑම වසරකම මෙන්ම QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් මගින් 2025 වසර සඳහාද ලොව පුරා විශ්වවිද්‍යාල 1500ක විවිධ වූ දර්ශකයන් රාශියකට අදාළව දත්ත සසඳා බලමින් ලොව හොඳම විශ්වවිද්‍යාල ලැයිස්තුවක් ඉදිරිපත් කොට ඇත. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ත්‍රිත්වයක් එම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව තුළ ඇතුළත්ව ඇති අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයද ඒ අතර වේ.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙම QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවෙහි 1201 - 1400 අතරට තේරී පත් වී ඇත. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙම ලැයිස්තුව තුළට පළමු වරට ඇතුළත්ව තිබීමයි. මීට අමතරව කොළඹ විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට ඇතුළත්ව ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර ඉහළින්ම ඔසවා තැබීමට මෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම්හි ද ඉහළ ස්ථානයක රඳවා තැබීමට තම කාලය, ශ්‍රමය කැප කළ සියලුම අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයන් වෙත විශ්වවිද්‍යාලයීය ප්‍රජාව වෙනුවෙන් J'pura Flames අපි හද පිරි ප්‍රණාමය පුද කර සිටින්නෙමු.

Written by: Gayashan Sanjaya
Designed by: Rasangi Lakruwani

°

නීල දිය දහරේ සිසිලසත්රක්ත හිරු කිරණේ උණුහුමත්හරිත තුරු සෙවණේ නැවුම් බවත්ජීවය රකියි මේ දෙරණේ මතුවටත්...🍀ප්‍රමිතියෙන් තොර ...
04/06/2024

නීල දිය දහරේ සිසිලසත්
රක්ත හිරු කිරණේ උණුහුමත්
හරිත තුරු සෙවණේ නැවුම් බවත්
ජීවය රකියි මේ දෙරණේ මතුවටත්...🍀

ප්‍රමිතියෙන් තොර අනවසර ඉදිකිරීම්, නාගරීකරණය සහ වන විනාශය හේතුවෙන් ස්වාභාවික පරිසර පද්ධතිවලට එල්ල කෙරෙන බලපෑම සුළුපටු නොවේ. එම නිසාම "ඉඩම් ප්‍රතිසංස්කරණය, කාන්තාරකරණය වැළැක්වීම සහ නියඟයට ඔරොත්තු දීම" යන්න මෙවර 2024 ජගත් පරිසර දිනයේ තේමාව වී ඇත.

පොළෝ තලයේ සංතුලනය වෙත නේකවිධ බලපෑම් සිදු කරන අනවසර ඉදිකිරීම් සහ වන විනාශය නවතමු. මිහිමව සුරකිමු.

2024 ලෝක පරිසර දිනය සමරමු.


3X3 BALLERS UNLEASHED: PHASE 02, organized by J’PURA BASKETBALL, was held on 26th of May 2024 at the HSC Basketball Comp...
04/06/2024

3X3 BALLERS UNLEASHED: PHASE 02, organized by J’PURA BASKETBALL, was held on 26th of May 2024 at the HSC Basketball Complex in Havelock Town.

Photographed by:Chamod Deshaka,Kaveesha Sandeepa

||Reproducing images of this album for any purpose without the permission of J'pura Flames is prohibited and it is considered a copyright violation.||


ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද 48වන ජාතික මහා ක්‍රීඩා උළෙල ජුනි මස දෙවන දින නාවලපිටිය ජයතිලක ...
04/06/2024

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද 48වන ජාතික මහා ක්‍රීඩා උළෙල ජුනි මස දෙවන දින නාවලපිටිය ජයතිලක ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වුණි. එක් එක් පළාත් නියෝජනය කරමින් මෙම තරගාවලිය සඳහා සහභාගී වූ තරගකරුවන් අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිව් දෙනෙක්ද වූහ.

ඒ අතරින් ටයිකොන්ඩෝ තරග ඉසව්ව වෙනුවෙන් මධ්‍යම පළාත නියෝජනය කරමින් තරග බිමට පිවිසි උශානි සන්දීපනී සහ බස්නාහිර පළාත නියෝජනය කරමින් තරග බිමට පිවිසි හිරුෂි ගංගොඩවිල යන ක්‍රීඩිකාවෝ දෙදෙනා එම ඉසව්වේ රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

මෙහිදී කිලෝග්‍රෑම් 46 - 49 බර පන්තියෙහි රන් පදක්කම හිමිකර ගත් උශානි සන්දීපනි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා සහ කළමනාකරණ අධ්‍යයනාංශයේ තෙවන වසරේ ඉගෙනුම ලබන අතර, කිලෝග්‍රෑම් 57 - 62 බර පන්තියෙහි රන් පදක්කම දිනාගත් හිරුෂි ගංගොඩවිල එම අධ්‍යයනාංශයේම පළමු වසරෙහි ඉගෙනුම ලබයි.

48 වන ජාතික ක්‍රීඩා උළෙලේදී රනින් සැරසුණු උශානි සන්දීපනී සහ හිරුෂි ගංගොඩවිල යන ක්‍රීඩිකාවන් වෙත සමස්ත විශ්වවිද්‍යාලයීය ප්‍රජාව වෙනුවෙන් J'pura Flames අපි උණුසුම් සුබ පැතුම් එක්කර සිටින්නෙමු.

Written by: Pabasara Priyanjalee
Designed by: Rasangi Lakruwani

°

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සේවාර්ජිත උපකුලපතිවරයෙකු වන ජ්‍යේෂ්ඨ...
03/06/2024

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සේවාර්ජිත උපකුලපතිවරයෙකු වන ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පත් වී ඇත. පසුගිය දා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති උත්සවයක දී වත්මන් ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා විසින් එතුමාගේ පත්වීම් ලිපිය ප්‍රදානය කිරීම සිදු කරනු ලැබිණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙකු වන මෙතුමා රසායන විද්‍යා ක්ෂේත්‍රයේ මහාචාර්යවරයෙකි. 2010 වසරේ සිට 2019 වසර දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සුදන්ත ලියනගේ මහතා 2020 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය සඳහා තේරී පත් විය. 2023 වසර දක්වා එම ධුරයේ කටයුතු කළ මෙතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ තැනැත්තෙකි.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ගණයේ බුද්ධිමතෙකු වන ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගේ නව පත්වීම වෙනුවෙන් විශ්වවිද්‍යාලයීය නිල මාධ්‍ය ඒකකය වන J'pura Flames අපි උණුසුම් සුබ පැතුම් එක් කර සිටින අතරම එතුමාගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන්නටද ඉතසිතින් ප්‍රාර්ථනා එක්කර සිටින්නෙමු.


ජීවිතයේ එක් වසත් කාර්තුවකහමු වී, එක් වී, වෙන් වී ගියප්‍රේමණීය මිනිසුන් පිරිසොඳුරුතම නවාතැන "සරසවිය"මතක සිර වූ සොඳුරු සරස...
02/06/2024

ජීවිතයේ එක් වසත් කාර්තුවක
හමු වී, එක් වී, වෙන් වී ගිය
ප්‍රේමණීය මිනිසුන් පිරි
සොඳුරුතම නවාතැන "සරසවිය"
මතක සිර වූ සොඳුරු සරසවි බිමෙහි
රස මතක නැවත ආවර්ජනයට
ආයෙත් ජ'පුරට පැමිණි
විදු දැය මවු දුවා දරු කැලේ
නවමු මතකයි මේ...

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන් එක් ව සංවිධානය කරන ලද "ආයෙත් ජ'පුරට 2024" වැඩසටහන 2024 ජූනි මස පළමු දින විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ දී සාර්ථක අයුරින් පැවැත්විණි.

Photographed by:Chamod Deshaka

||Reproducing images of this album for any purpose without the permission of J'pura Flames is prohibited and it is considered a copyright violation.||


𝗝'𝗣𝗨𝗥𝗔 𝗙𝗟𝗔𝗠𝗘𝗦 𝗜𝗡 𝗦𝗟𝗨𝗚 𝟮𝟬𝟮𝟯 MagazineOUT NOW!Available at our website:https://jpuraflames.comEnjoy reading the efforts of ...
01/06/2024

𝗝'𝗣𝗨𝗥𝗔 𝗙𝗟𝗔𝗠𝗘𝗦 𝗜𝗡 𝗦𝗟𝗨𝗚 𝟮𝟬𝟮𝟯 Magazine

OUT NOW!

Available at our website:
https://jpuraflames.com

Enjoy reading the efforts of J’pura Champions and our own Flamians who have immensely contributed in Sri Lanka University Games 2023!

Together, we soar higher!
💫❤️‍🔥



A2CON’24 - Business Session, organized by the Leo District 306 A2, was held on the 19th of May 2024 at Vidma House, Bora...
28/05/2024

A2CON’24 - Business Session, organized by the Leo District 306 A2, was held on the 19th of May 2024 at Vidma House, Boralesgamuwa.

Photographed by: Minodh Manuditha

|| Reproducing images of this album for any purpose without the permission of J'pura Flames is prohibited and it is considered a copyright violation. ||


ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලිය පසුගිය දා නිමාවට පත් වූයේ ජ'පු...
23/05/2024

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලිය පසුගිය දා නිමාවට පත් වූයේ ජ'පුරට ජයග්‍රහණ ත්‍රිත්වයක් හිමිකර දෙමිනි. 2024 වර්ෂයේ ජාතික ටයිකොන්ඩෝ සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ අරමුණින් යුක්ත ව සංවිධානය කරන ලද මෙය මැයි මස 20,21 යන දිනයන් හි දී ක්‍රීඩා අමාත්‍යංශ නේවාසික ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මෙම ශූරතාවලියේ දී කිලෝග්‍රෑම් 46 - 49 බර පන්තියේ රිදී පදක්කම දිනා ගැනීමට එන්.එම්.එම්.යූ.සංදීපනී ක්‍රීඩිකාවත්, කිලෝග්‍රෑම් 57 - 62 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට කේ.ඩී.එන්.පී.දසුනි නිමේෂා සහ හිරුෂි චමෝදි ගංගොඩවිල යන ක්‍රීඩිකාවෝ සහ කිලෝග්‍රෑම් 49 - 53 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට එච්.අයි.සෙනවිරත්න යන ක්‍රීඩිකාවත් සමත් වූහ.

ශ්‍රී ලංකා ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලියේ දී ජයග්‍රහණයන් ලබාගනිමින් විශ්වවිද්‍යාලයීය නාමය බබළවන්නට සමත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ටයිකොන්ඩෝ ක්‍රීඩිකාවන් වෙත සමස්ත විශ්වවිද්‍යාලයීය ප්‍රජාව වෙනුවෙන් J'pura Flames අපි උණුසුම් සුබ පැතුම් එක්කර සිටින්නෙමු.

Written by: Mayumi Sithumini
Designed by: Rasangi Lakruwani

°

රාග දෝස මොහඳුර දුරු කරවනකරුණා එළියෙන් සැම සිත් දිදුළනබුදු වදනින් ලෝ දන සුවපත් වනපින්බර තෙමඟුල මුළු ලොව සරසනඅවිඳු අඳුර දු...
22/05/2024

රාග දෝස මොහඳුර දුරු කරවන
කරුණා එළියෙන් සැම සිත් දිදුළන
බුදු වදනින් ලෝ දන සුවපත් වන
පින්බර තෙමඟුල මුළු ලොව සරසන

අවිඳු අඳුර දුරු වී නැණ පහනින් ලොවම එකලු වන, මෙත් කරුණා ගුණ දියත සිසාරා පැතිරෙන පින්බර වෙසක් මංගල්‍යයකට මේ බැතිබර ප්‍රාර්ථනාව J'pura Flames වෙතින් !


SMASHES 2024 - Closing Ceremony, organized by the Badminton team of the University of Sri Jayewardenepura was held on 7t...
21/05/2024

SMASHES 2024 - Closing Ceremony, organized by the Badminton team of the University of Sri Jayewardenepura was held on 7th of May 2024 at the Mercantile Badminton Association courts.

Photographed by:Kavindu Jayamina, Danindu Nanayakkara

||Reproducing images of this album for any purpose without the permission of J'pura Flames is prohibited and it is considered a copyright violation.||


ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද 2024 ආධුනික බොක්සිං තරගාවලිය මැයි මස 12වන දා සිට 16වන දා දක්වා පුරා දින ...
18/05/2024

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද 2024 ආධුනික බොක්සිං තරගාවලිය මැයි මස 12වන දා සිට 16වන දා දක්වා පුරා දින පහක් මුළුල්ලේ කොළඹ Royal-MAS Arena පරිශ්‍රයේ දී පැවැත්විණි. දිවයින පුරා ක්‍රීඩා සමාජ 31ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 188 දෙනෙක් මෙම තරගාවලිය සඳහා සහභාගී වූහ.

එහි දී ජයග්‍රහණය සිය මුඛ්‍ය අරමුණ කරගනිමින් මෙම තරගාවලිය සඳහා සහභාගී වූ සියලු තරගකරුවන් හා කරට කර සටන් වැද, ඔවුන් අභිභවා යමින් විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගැනීමට ජ'පුර ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වූ සවිඳු වන්නිආරච්චි, සංජනා චේතනි සහ තිළිණ දිසානායක යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට හැකියාව ලැබිණි.

මෙම තරගාවලියේ දී පිරිමි කිලෝග්‍රෑම් 48 බර පන්තිය යටතේ තරග බිමට පිවිසි සවිඳු වන්නිආරච්චි සහ කිලෝග්‍රෑම් 67.5 බර පන්තිය යටතේ තරග බිමට පිවිසි තිළිණ දිසානායක එම ඉසව්වල ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූහ. එමෙන් ම කාන්තා කිලෝග්‍රෑම් 48 බර පන්තිය යටතේ තරග වැදුණු සංජනා චේතනි එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා ය. මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය බොක්සිං ක්‍රීඩා ඉතිහාසය තුළ ජාතික බොක්සිං ක්‍රීඩා තරගාවලි සඳහා ක්‍රීඩකයන් සහභාගි වී තිබුණ ද එවැනි තරගාවලියකින් ජයග්‍රහණය කරන ලද පළමු අවස්ථාව මෙය වීම යි.

මෙම තරගාවලිය තුළ ජයග්‍රහණ හිමි කරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය නාමය ජාතික තලයේ ඉහළින්ම වැජඹවීමට කටයුතු කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සුබ පැතුම් එක් කරන අතරම, තවත් මෙවැනි ජයග්‍රහණ ලබා ගැනීම සඳහා ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි සමස්ත විශ්වවිද්‍යාලයීය ප්‍රජාව වෙනුවෙන් J'Pura Flames අපි ප්‍රාර්ථනා කර සිටින්නෙමු.

Written by: Pabasara Priyanjalee
Designed by: Rasangi Lakruwani

°

මෙම වසරේ ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත ගිම්හාන ඔලිම්පික් තරගාවලිය සඳහා වන සුදුසුකම් ලැබීමේ තරගාවලියක් මේ වන විට නේපාලයේ ක...
14/05/2024

මෙම වසරේ ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත ගිම්හාන ඔලිම්පික් තරගාවලිය සඳහා වන සුදුසුකම් ලැබීමේ තරගාවලියක් මේ වන විට නේපාලයේ කත්මන්දු නගරයේදී පැවැත්වේ. මැයි මස 13වන දා සිට 15වන දා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය දකුණු ආසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පමණක් වන තරගාවලියකි.

තම ඔලිම්පික් සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කිහිප දෙනෙක්ද මෙම තරගාවලිය සඳහා සහභාගී වූහ. එම කණ්ඩායමේ සාමාජිකයෙකු වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ක්‍රීඩා විද්‍යා අධ්‍යයනාංශයේ ශාරීරික අධ්‍යාපන උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන චමීර ගිනිගේ මහතා මෙම තරගාවලියේ මේසපන්දු ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් වූයේය.

හෙට (15) පැවැත්වීමට නියමිත එම අවසන් පූර්ව වටයේදී ඔහුට එරෙහිව තරග බිමට පිවිසෙන්නේ සත්කාරක නේපාල ජාතික ක්‍රීඩකයෙකි. එලෙසම අනෙක් මේස පන්දු අවසන් පූර්ව තරගය සඳහාද මුහුණට මුහුණ තරග වදිනුයේ ශ්‍රී ලංකාවේ ප්‍රසාද් සිල්වා සමඟින් සත්කාරක නේපාල ජාතික ක්‍රීඩකයෙකුම වීම විශේෂත්වයකි. ඒ අනුව මෙම තරග දෙකම චමීර සහ ප්‍රසාද් ජය ගතහොත් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබනුයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ම දෙදෙනෙකි. එසේ වුවහොත් සුවහසක් ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ගේ ඔලිම්පික් බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන බව නම් ඒකාන්ත ය.

මීට අමතරව හෙට දිනයේ දී බිමන්දි බණ්ඩාර නේපාල ක්‍රීඩිකාවකට එරෙහිව සහ ඉෂාරා මධුරංගි මාලදිවයින් ක්‍රීඩිකාවකට එරෙහිව අර්ධ අවසන් පූර්ව වටයේ තරග සඳහා තරග බිමට පිවිසීමට නියමිත ය.

කෙසේ නමුත් මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මේස පන්දු ක්‍රීඩක චමීර ගිනිගේ සහ ඔහු සමඟින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ප්‍රසාද් සිල්වා හට අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට සහ බිමන්දි බණ්ඩාර සහ ඉෂාරා මධුරංගි යන ක්‍රීඩිකාවන් හට අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි විශ්වවිද්‍යාලයීය ප්‍රජාව වෙනුවෙන් J'pura Flames අපි ප්‍රාර්ථනා කර සිටින්නෙමු.

Written by: Gayashan Sanjaya
Designed by: Rasangi Lakruwani

°

ෆීනික්ස් 2024, organized by the FHSS Students' Union of the University of Sri Jayewardenepura, was held on the 02nd of M...
12/05/2024

ෆීනික්ස් 2024, organized by the FHSS Students' Union of the University of Sri Jayewardenepura, was held on the 02nd of May 2024 at university premises.

Photographed by Minodh Manuditha, Akila Weerasuriya, Danidu Nanayakkara, Kavishka Madushan

|| Reproducing images of this album for any purpose without the permission of J'pura Flames is prohibited and it is considered a copyright violation. ||


ලොවම හැරගියත්අත් නොහැර ළංව හිඳිනාවාරුවක් නොමැති කලදෑත දී සවිය ගෙනෙනාකඳුළු ඉතිරෙන සීතල රාත්‍රීන්හිඋණුසුම්ව තුරුළු කර සනහන...
12/05/2024

ලොවම හැරගියත්
අත් නොහැර ළංව හිඳිනා
වාරුවක් නොමැති කල
දෑත දී සවිය ගෙනෙනා
කඳුළු ඉතිරෙන සීතල රාත්‍රීන්හි
උණුසුම්ව තුරුළු කර සනහනා
කරුණාවේ සහ දයාවේ
ජීවමාන ප්‍රතිමූර්තියයි අම්මා...

ජාත්‍යන්තර මවුවරුන්ගේ දිනය වෙනුවෙන් J'pura Flames වෙතින් සෙනෙහසින් පිදෙන ආමන්ත්‍රණයයි මේ...♥️✨



මෙවර ප්‍රංශ ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ බොක්සිං ක්‍රීඩා ඉසව්ව සඳහා වූ තේරීම් තරගවලට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලාංකික බො...
10/05/2024

මෙවර ප්‍රංශ ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ බොක්සිං ක්‍රීඩා ඉසව්ව සඳහා වූ තේරීම් තරගවලට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලාංකික බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සමත් ව තිබේ. ඒ අතරට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යයන කටයුතු හදාරන උමයංග මිහිරාන් ද ඇතුළත්ය. මේ තෝරාගැනීම් සිදුකර තිබෙන්නේ 96 වන ජාතික බොක්සිං ශූරතාවලියේදී දැක්වූ දක්ෂතා අනුවය. ප්‍රංශ ගිම්හාන ඔලිම්පික් උළෙලේ බොක්සිං තරග ඉසව්ව සඳහා වූ සුදුසුකම් ලැබීමේ තරග මැයි මස 23වන දා සිට ජූනි මස 3වන දා දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වීමට නියමිතය.

මෙම සුදුසුකම් ලැබිමේ තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උමයංග මිහිරාන්ට අමතරව රුක්මන් ප්‍රසන්න ද සුදුසුකම් ලබා ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරග සඳහා තරග වදින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථ උමයංග මිහිරාන් ඇතුළු අනෙක් ක්‍රීඩකයන්ටත් ඔලිම්පික් සිහිනය යථාර්ථයක් කරගැනීම වෙනුවෙන් සමස්ත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් J'pura Flames අපි සුබ ප්‍රාර්ථනා එක්කර සිටින්නෙමු.

Written by: Mayumi Sithumini
Designed by: Hashini Wijenayake

°

Our beloved smart force of J’pura Flames, the next executive board, is ready for the new journey! Introducing Pride 2024...
08/05/2024

Our beloved smart force of J’pura Flames, the next executive board, is ready for the new journey!

Introducing Pride 2024/2025 of the Official Media Grid of the University of Sri Jayewardenepura!

Let the glamour of your beautiful souls light the flight of J’pura Flames!
💫❤️‍🔥

President - Thamuditha Samarasekara

Secretary - Eshani Madhushika

Assistant Secretary - Gayashan Sanjaya, Pabasara Priyanjalee

VP Photography - Chamod Deshaka, Akila Kasthuri, Kavindu Jayamina

VP Videography - Pramod Sri Lankeshwara

VP Graphic Designing - Aruna Ahelepola, Rasangi Lakruwani

VP HR - Udara Sandaruwan , Pubudu Nayanamini

VP IT & Marketing - Amindu Dissanayake

VP Broadcasting - Sithmi Vihangika

Treasurer - Mihisara Dasanayake


CreatorCon, initiated by the Rotaract Club of the Faculty of Science, University of Colombo, in partnership with DICE GL...
08/05/2024

CreatorCon, initiated by the Rotaract Club of the Faculty of Science, University of Colombo, in partnership with DICE GLOBAL, was held on the 05th of May 2024 at Trace Expert City. J’pura Flames was an official photography partner of the event.

Photographed by: Minodh Manuditha , Akila Kasthuri

|| Reproducing images of this album for any purpose without the permission of J'pura Flames is prohibited and it is considered a copyright violation. ||


A guiding light is indeed needed for a family with beautiful souls. Our beloved J’pura Flames is ready for another new j...
07/05/2024

A guiding light is indeed needed for a family with beautiful souls. Our beloved J’pura Flames is ready for another new journey!

Heartiest wishes to Thamuditha Samarasekara on your new role as the President of J’pura Flames (2024/2025), the official media grid of the University of Sri Jayewardenepura.

Let your sparkling flames brighten the J’pura Flames in the years to come!

Together, we soar higher!
💫❤️‍🔥


ශ්‍රී ලංකා කබඩි සම්මේලනය මගින් බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත 2024 බංගබන්ධු කුසලානය සහ නේපාලයේදී පැවැත්වීමට නියමිත ජාත්...
07/05/2024

ශ්‍රී ලංකා කබඩි සම්මේලනය මගින් බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත 2024 බංගබන්ධු කුසලානය සහ නේපාලයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර කාන්තා කබඩි ශූරතා තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කාන්තා කබඩි සංචිතය පසුගිය දා නම් කරන ලදී. එම සංචිතය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ද සුදුසුකම් ලැබීමට සමත් වී ඇත.

එම සංචිතය සඳහා තේරී පත් වූ එක් ක්‍රීඩිකාවක වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා සහ කළමනාකරණ අධ්‍යයනාංශයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ප්‍රසාදිනී මධුවන්ති ශිෂ්‍යාවයි. ඇය 2017 වසරේ අන්තර් පාසල් කබඩි තරගාවලියේ ප්‍රථම ස්ථානය ඇතුළු ජයග්‍රහණ රැසකට හිමිකම් කියන අතිදක්ෂ කබඩි ක්‍රීඩිකාවකි.

එසේම එම සංචිතය සඳහා තේරීපත් වූ අනෙක් ක්‍රීඩිකාව වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා සහ කළමනාකරණ අධ්‍යයනාංශයේම පළමු වසරේ ඉගෙනුම ලබන සඳුනි මධුශානි ශිෂ්‍යාවයි. ඇය 2016 සිට 2022 දක්වාම දකුණු පළාත් ශූරතාවයත් 2019 වසරේ සමස්ත ලංකා අනුශූරතාවයත් දිනූ කණ්ඩායම් සාමාජිකාවකි. එමෙන්ම ඇය 2022 ජාතික කනිෂ්ඨ කබඩි සංචිතයට ද තේරීපත් ව ඇත.

ඒ අනුව 2024 වසරේ ජාතික කබඩි සංචිතයට තේරී පත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රසාදිනී මධුවන්ති සහ සඳුනි මධුශානි යන ක්‍රීඩිකාවන් දෙදෙනා වෙත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් J'pura Flames අපි උණුසුම් ශුභාශිංසන එක් කර සිටින අතරම, ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තර කබඩි පිටියේ ඉහළින්ම සටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි ප්‍රාර්ථනා කර සිටින්නෙමු.

Written by: Gayashan Sanjaya
Designed by: Dilan Bopitiya

°

J'pura Flames Pride Interviews - 24/25, organized by J'pura Flames, the official media grid of University of Sri Jayewar...
07/05/2024

J'pura Flames Pride Interviews - 24/25, organized by J'pura Flames, the official media grid of University of Sri Jayewardenepura, was held on the 27th and 28th of April 2024 at the university premises.

Photographed by: Ravindu Lakshan

|| Reproducing images of this album for any purpose without the permission of J'pura Flames is prohibited and it is considered a copyright violation. ||


මීඩියා ගමේ අවුරුදු, organized by the 4th year undergraduates of the Mass Communication Special Degree, was held on the 3...
07/05/2024

මීඩියා ගමේ අවුරුදු, organized by the 4th year undergraduates of the Mass Communication Special Degree, was held on the 30th of April 2024 at university premise.

Photographed by: Kavishka Madushan

|| Reproducing images of this album for any purpose without the permission of J'pura Flames is prohibited and it is considered a copyright violation. ||


මේ වසරේ ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාවන් කිහිපයක් දකුණු ආසියානු ක්‍රී...
07/05/2024

මේ වසරේ ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාවන් කිහිපයක් දකුණු ආසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත හිමි වී ඇත. ඒ සඳහා වන සුදුසුකම් ලැබීමේ තරග මැයි මස 13 වන දා සිට 15 වන දා දක්වා නේපාලයේ කත්මන්දු නගරයේදී පැවැත්වීමට නියමිතයි.

මෙවර ඔලිම්පික් තරග සඳහා සුදුසුකම් ලැබීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා අධ්‍යයනාංශයේ ශාරීරික අධ්‍යාපන උපදේශකයෙකු ලෙස කටයුතු කරන චමීර ගිනිගේ මහතා ද සූදානමින් සිටියි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරග සඳහා ක්‍රීඩා කිරීමට අප විශ්වවිද්‍යාලයීය ආදි මේස පන්දු ක්‍රීඩක චමීර ගිනිගේ ඉතා හොඳ සූදානමකින් පසුවෙයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුදුසුකම් ලැබීමේ තරග සඳහා තරග කිරීමට නියමිත අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන්නේ ප්‍රසාද් සිල්වා, ඉෂාරා මධුරංගි සහ බිමන්දි බණ්ඩාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්‍ ය.

සුදුසුකම් ලැබීමේ තරග තුළදී තම උපරිම දක්ෂතා පෙන්වමින් ක්‍රීඩා ලොව මෞලි මංගල්‍යය වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීමට ජ'පුර ආදි මේස පන්දු ක්‍රීඩක චමීර ඇතුළු සියලු දෙනාට හැකිවේවා යැයි සමස්ත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් J'pura Flames අපි සුබ ප්‍රාර්ථනා එක්කර සිටිමු.

Written by: Mayumi Sithumini
Designed by: Dilan Bopitiya

°

Address

Gangodawila
Nugegoda
80000

Alerts

Be the first to know and let us send you an email when J'pura Flames posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to J'pura Flames:

Videos

Share

Our Story

The best media coverage of sports and events of University of Sri Jayewardenepura. J’pura flames crew promotes and supports all functions and events of the university.It is with much pleasure we invite you all to follow us and get in touch with current updates of the university.

J’pura flames is the common platform for all the events organized by the students of University of Sri Jayewardenepura. J’pura flames makes a huge awakening among the university crowd as well as general public. Promoting the university & inspiring the university students is the sole goal of Flamians.

Join this amazing crew and be a part of making mother J’pura reaching great height!http://www.jpuraflames.com/join-with-us/

#hailJpura

Nearby media companies


Other Broadcasting & media production in Nugegoda

Show All