J'pura News by J'pura Voice

J'pura News by J'pura Voice J'pura News is an official news service provided by J'PURA VOICE, mainly focusing on news updates of University of Sri Jayewardenepura.
(2)

Follow us on Twitter: https://twitter.com/JpuraNews?s=08
Subscribe us on Telegram: https://t.me/JpuraNews
Contact us on WhatsApp: bit.ly/3Fl2DUQ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදී  විද්‍යාර්ථයෙකු මෙන්ම විශ්වවිද්‍යාලයීය උපකුලපතිවරයෙකු ලෙස විශිෂ්ට සේවයක් ඉටු කළ ජ්...
03/06/2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදී විද්‍යාර්ථයෙකු මෙන්ම විශ්වවිද්‍යාලයීය උපකුලපතිවරයෙකු ලෙස විශිෂ්ට සේවයක් ඉටු කළ ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත.

මෙතුමා 1991 - 1992 කාලය තුළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස ආරම්භ කළ ගමන් මග රසායන විද්‍යා අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙසත්, විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ උප සභාපති සහ සභාපති ලෙසත්, විශ්වවිද්‍යාලයීය විද්‍යා ගුරු සංගමයේ සභාපති ලෙසත්, විශ්වවිද්‍යාල රැසක සහය කථිකාචාර්යවරයෙකු ලෙසත් කටයුතු කර ඇත. එසේම 2003-2009 කාලය තුළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසත්, 2010 - 2019 කාලය තුළ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙසත්, 2019-2020 වර්ෂයන්හි තාක්ෂණ පීඨයේ පීඨාධිපති ලෙසත්, 2020 - 2022 කාලය තුළ විශ්වවිද්‍යාලයීය උපකුලපතිවරයා ලෙසත් ආදී තවත් බොහොමයක් කටයුතු සිදු කරමින් සුවිසල් මෙහෙයක් ඉටු කරන ලදී.

එපමණක් නොව අකාබනික රසායන විද්‍යාව, අකාබනික සංශ්ලේෂණය, රබර් රසායන විද්‍යාව, ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ පර්යේෂණයන් ද සිදු කර ඇත.1985 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨයේ දෙවන හොඳම උපාධි අපේක්ෂක සම්මානය හා 2002 වර්ෂයේදී ප්ලාස්ටික් සහ රබර් ආයතනය මගින් කුසලතා සම්මානයන් ද හිමි කර ගැනීමට ලියනගේ මහතා සමත් විය.

ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගේ නව තනතුර සහ ඔහුගේ ඉදිරි කටයුතු වෙනුවෙන් J'pura News by J'PURA VOICE අපි සුභ පැතුම් එක් කරන්නෙමු !

*******************

Senior Prof. Sudantha Liyanage(මහාචාර්ය සුදන්ත ලියනගේ ), a distinguished scholar and former Vice-Chancellor of University of Sri Jayawardenepura, has been appointed as the new Chairman of the ජාතික රූපවාහිනිය - Sri Lanka Rupavahini (TV) Corporation .

Senior Professor Liyanage began his academic career in 1991-1992 as an assistant lecturer at University of Sri Jayawardenepura. He has held several prominent positions within the university, including lecturer in the Department of Chemistry, Vice President and President of the University Teachers Association, and President of the University Science Teachers Association. His extensive teaching experience spans multiple universities.

From 2003 to 2009, Professor Liyanage served as a senior lecturer at University of Sri Jayawardenepura. He was the Dean of the Faculty of Applied Sciences from 2010 to 2019, the Dean of the Faculty of Technology from 2019 to 2020, and the Vice-Chancellor of the University from 2020 to 2022. His tenure in these roles is marked by significant contributions and accomplishments.

In addition to his administrative and teaching roles, Professor Liyanage has conducted research in inorganic chemistry, inorganic synthesis, rubber chemistry, and water quality. He has received several accolades for his work, including the second-best undergraduate award from the Faculty of Applied Sciences at University of Sri Jayawardenepura in 1985, and merit awards from the Institute of Plastics and Rubber in 2002.

J'pura News by J'PURA VOICE congratulates Senior Professor Sudantha Liyanage on his new appointment and wishes him success in his future endeavors.







ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය විසින් සංවිධානය කරනු ලබන...
02/06/2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය විසින් සංවිධානය කරනු ලබන පාලි හා බෞද්ධ අධ්‍යයනය පිළිබඳ 18 වන ජාත්‍යන්තර සමුළුව (ICPBS'25) 2025 ජනවාරි මස 25 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මෙම සමුළුව "සාමකාමී හෙටක් සඳහා සිහිය කරා" යන තේමාව යටතේ පැවැත්වීමට නියමිතය. මෙහිදී අධ්‍යාත්මිකත්වය සහ සිහිය, බෞද්ධ ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය, බෞද්ධ මනෝවිද්‍යාව සහ උපදේශනය, බෞද්ධ උරුමය සහ සංචාරක ව්‍යාපාරය, පාලි භාෂාව සහ සාහිත්‍යය, බෞද්ධ දර්ශනය හා බෞද්ධ අධ්‍යාපනය යන ඛණ්ඩ ඔස්සේ සිංහල, පාලි හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කර හැකිය.

සාරාංශ ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2024 ජූලි මස 15 වන දින ද, සංශෝධිත සාරාංශ ඉදිරිපත් කිරීම 2024 ඔක්‌තෝබර් මස 15 වන දින ද, සම්පූර්ණ කඩදාසි ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2024 නොවැම්බර් මස 15 වන දින සහ සමුළුව සඳහා ලියාපදිංචි කිරීමේ අවසාන දිනය 2024 නොවැම්බර් 25 වන දින වේ.

ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සඳහා : https://rb.gy/4vct82

*******************

The 18th International Conference on Pali and Buddhist Studies (ICPBS'25), organized by the Department of Pali and Buddhism at the Faculty of Humanities and Social Sciences, University of Sri Jayewardenepura, is set to take place on January 25, 2025. The event will be hosted at the university's premises and will focus on the theme "Towards Mindfulness for a Peaceful Tomorrow". Scholars and researchers are invited to submit papers in Sinhala, Pali, and English across various sections including spirituality and mindfulness, Buddhist civilization and culture, Buddhist psychology and counseling, Buddhist heritage and tourism, Pali language and literature, Buddhist philosophy, and Buddhist education.

Key dates for the conference include a deadline for abstract submissions on July 15, 2024, with revised abstracts due by October 15, 2024. Full papers must be submitted by November 15, 2024, and conference registration concludes on November 25, 2024. These deadlines ensure ample time for review and preparation, encouraging a robust exchange of ideas and research findings.

For more details: https://rb.gy/4vct82






02/06/2024

J'PURA VOICE வழங்கும் J'pura News இன் தமிழ் செய்தி ஒளிபரப்பு. ✨

02/06/2024

📌 செய்தி வழங்குபவர்:
வசந்தன் மிதுனன்

📌 தொகுப்பாளர்கள் (வீடியோ):
ஹிருனி லியனகே
டி.தர்ஷனன்
தருஷிகா பிரமோதி

📌 ஸ்கிரிப்ட் எழுத்தாளர்:
வசந்தன் மிதுனன்

📌ஒருங்கிணைப்பாளர்கள்:
திசல் சோமரத்ன
ரஷ்மி கருணாரத்னா
பூர்ணிஷா சத்சரணி
தருஷி கௌஷ்ல்யா
சண்டாரு அபேதீர
தில்மி நாணயக்கார
ரவிந்து லக்‌ஷன்

J'PURA VOICE வழங்கும் J'pura News, பல்கலைக்கழக செய்தி அறிக்கையிடலில் முன்னோடி.






02/06/2024

The English News Telecast of J'pura News by J'PURA VOICE.

Date: 02/06/2024

📌 News Presenter
Thulanga Ambagahawatta

📌 Editors (Video):
Hiruni Liyanage
T. Dharshanan
Tharushika Pramodi

📌 Scriptwriter:
Thulanga Ambagahawatta

📌 Coordinators:
Thisal Somarathna
Rashmi Karunarathna
Purnisha Sathsarani
Tharushi Kaushlya
Sandaru Abeydeera
Dilmi Nanayakkara
Ravindu Lakshan

J'pura News by J'PURA VOICE, the Pioneer in University News Reporting.






02/06/2024

The Sinhala News Telecast of J'pura News by J'PURA VOICE. ✨

Date - 02/06/2024

📌 News Presenter:
Ravindu Lakshan

📌 Editors (Video):
Hiruni Liyanage
T. Dharshanan
Tharushika Pramodi

📌 Scriptwriter:
Ravindu Lakshan

📌 Coordinators:
Thisal Somarathna
Rashmi Karunarathne
Purnisha Sathsarani
Tharushi Kaushlya
Sandaru Abeydeera
Dilmi Nanayakkara
Ravindu Lakshan

J'pura News by J'PURA VOICE, the Pioneer in University News Reporting






ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ISACA ශිෂ්‍ය කණ්ඩායම මෙම වසරේ දී සිය ජයග්‍රාහී සමාරම්භක වසරක සංවත්සරය සමරනු ලබයි. සාමා...
31/05/2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ISACA ශිෂ්‍ය කණ්ඩායම මෙම වසරේ දී සිය ජයග්‍රාහී සමාරම්භක වසරක සංවත්සරය සමරනු ලබයි. සාමාජිකයන් 150කට අධික පිරිසකගෙන් යුත් මෙම කණ්ඩායම ජාත්‍යන්තරව පිළිගත් තොරතුරු පද්ධති විගණන සහ පාලන සංගමය (ISACA) සමඟ ද අනුබද්ධිත වන අතර එමඟින් තොරතුරු තාක්ෂණ විගණනය, අවදානම් කළමනාකරණය සහ තොරතුරු ආරක්ෂාව පිළිබඳව ද අවධාරණය කරයි.

මෙම ISACA ශිෂ්‍ය කණ්ඩායම "සුරක්ෂිත ඩිජිටල් අනාගතයක් සඳහා තොරතුරු ආරක්ෂාව සහ තොරතුරු තාක්ෂණ පාලනය සඳහා හෙට දවසේ නායකයින් සවිබල ගැන්වීම" යන දැක්ම පදනම් කරගනිමින් නිල වශයෙන් ආරම්භ කරන ලද්දේ 2023 මැයි 31 වන දින පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී ය.

මෙමඟින් සංවිධානය කළ "SheLead Tech" ව්‍යාපෘතිය හරහා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව තාක්ෂණික ක්ෂේත්‍රය භාවිතා කිරීම, තාක්‍ෂණය ආශ්‍රිත භූමිකාවන් කෙරෙහි උනන්දුවක් දක්වන කාන්තාවන්ට ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කරගනිමින් ජාලකරණය සහ උපදේශනය සඳහා අවස්ථා සලසා දී ඇත. මීට අමතරව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සම්බන්ධ කරගනිමින් සංවිධානය කළ "Cyber Summit 23" හරහා සයිබර් ආරක්ෂණය පිළිබඳ ව අගනා අවබෝධයක් ලබා දීමට ද මෙම කණ්ඩායම සමත් විය.

*******************

The ISACA Student Group (ISG) of University of Sri Jayewardenepura celebrates its inaugural year with reflections on a journey marked by empowerment and achievement. With over 150 members, ISG USJ is affiliated with the internationally recognized Information Systems Audit and Control Association (ISACA), emphasizing IT governance, risk management, and information security.

The Annual General Meeting held on May 31, 2023, signified the official establishment of ISG USJ and the appointment of a dedicated leadership team committed to the vision of "Empowering Tomorrow’s Leaders in Information Security and IT Governance for a Secure Digital Future." This leadership has been instrumental in driving the group's significant accomplishments throughout the year.

Key projects such as 'SheLeads Tech’ have addressed critical issues like the gender gap in the tech industry, providing opportunities for skill development, networking, and mentorship to women interested in technology-related roles. Additionally, initiatives like ‘Cyber Summit 23’ have convened industry experts to offer invaluable insights into the ever-evolving cybersecurity landscape, solidifying ISG USJ's position as a leading force in the field.





ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය අපරාධවිද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, උදයකුමාර අමරසිංහ මහතා ළ...
30/05/2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය අපරාධවිද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, උදයකුමාර අමරසිංහ මහතා ළමා ආරක්‍ෂාව පිළිබඳ ගෝලීය නායකත්වය සඳහා කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් වන විශිෂ්ටතා සම්මානයකින් පිදුම් ලැබීය. මෙම සම්මානය පිරිනමන ලද්දේ 2024 මැයි මස 26 දින සිට එම මස 30 වන දින තෙක් ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ගුණාත්මක අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ දී ය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා සම්මානය ලබා ගැනීමට අමතරව සමුළුවේ ගෞරවනීය ආරාධිතයෙකු ලෙස ද සහභාගී විය. මෙම සමුළුවේ දී අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම මගින් ළමුන් තුළ 21 වැනි සියවසේ කුසලතා සහ අධ්‍යාත්මික යහපැවැත්ම සවිබල ගැන්වීම කෙරෙහි ද අවධානය යොමු කරන ලදී. මෙම සමුළුව තත්ත්ව අධ්‍යාපනය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IAfQE) සහ ආචාර්ය කලාම් ජාත්‍යන්තර පදනම (DKIF) එක්ව සංවිධානය කර තිබිණි.

අමරසිංහ මහතාගේ පුළුල් දැනුම සහ අත්දැකීම් තුළින් මෙම ක්ෂේත්‍රය වෙනුවෙන් තවදුරටත් කැපී පෙනෙන බලපෑමක් ඇති කිරීමට හැකිවේවායි J'pura News by J'PURA VOICE අපි ප්‍රාර්ථනා කරමු.

*************************

Mr. Udayakumara Amarasinghe, a senior lecturer at the Department of Criminology and Criminal Justice of University of Sri Jayewardenepura, has been recognized with an Award of Excellence for his outstanding contributions to Global Leadership in Child Protection. The award was presented at the International Conference on Quality Education - 2024, held from May 26th to 30th, 2024, in New Delhi, India.

In addition to receiving the award, Mr. Amarasinghe also participated as a Guest of Honour at the conference. The event focused on empowering 21st-century skills and spiritual well-being in children by enhancing the quality of education. It was organized collaboratively by the International Association for Quality Education (IAfQE) and the Dr. Kalam International Foundation (DKIF).

J'pura News by J'PURA VOICE wishes that Mr. Amarasinghe's extensive knowledge and experience in the field of education will continue to have a significant impact.






පසුගිය මැයි මස 20, 21 යන දෙදින තුළ දී කොළඹ 7, ක්‍රීඩා අමාත්‍යාංශ නේවාසිකාගාර සංකීර්ණ පරිශ්‍රයේ ඇති ක්‍රීඩා ශාලාවේ දී පැව...
24/05/2024

පසුගිය මැයි මස 20, 21 යන දෙදින තුළ දී කොළඹ 7, ක්‍රීඩා අමාත්‍යාංශ නේවාසිකාගාර සංකීර්ණ පරිශ්‍රයේ ඇති ක්‍රීඩා ශාලාවේ දී පැවැත්වුනු 2024 ජාතික කියෝරුගි ටයිකොන්ඩෝ තරගාවලියේ ශූරතාව අතරට එකතු වීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ටයිකොන්ඩෝ ක්‍රීඩිකාවන් සමත් විය.

ඒ අනුව උෂානි සංදීපනී කිලෝග්‍රෑම් 46-49 බර පන්තියේ රිදී පදක්කම දිනා ගත් අතර කිලෝග්‍රෑම් 57-60 බර පන්තියේ ලෝකඩ පදක්කම කේ.ඩී.එන් පී.දනුනි නිමිෂා සහ හිරුෂි චමෝදි යන ක්‍රීඩිකාවන් දිනා ගැනීමටත් කිලෝග්‍රෑම් 49-53 බරපන්තියේ ලෝකඩ පදක්කම එච්.අයි සෙනෙවිරත්න ක්‍රීඩිකාව දිනා ගැනීමටත් සමත් විය.

ඔවුන්ගේ මේ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් J'pura News by J'PURA VOICE අපි උණුසුම් සුභ පැතුම් එක්කර සිටින්නෙමු.

*************************

The Sri Lanka National Kyorugi Taekwondo Championship, organized by the Sri Lanka Taekwondo Federation, concluded recently with University of Sri Jayewardenepura athletes achieving notable victories. The championship, aimed at selecting athletes for the 2024 National Taekwondo Team, took place on May 20 and 21 at the Ministry of Sports Indoor Stadium.

Ushani Sandeepani, a 3rd-year student, secured the silver medal in the 46-49 kg weight category. Dasuni Katulanda, another 3rd-year student, and Hirusha Chamodi, a 1st-year student, both earned bronze medals in the 57-62 kg weight category and H.I. Senavirathna secured a bronze medal in the 49-53 kg weight category. Their dedication and skills continue to elevate the prestige of the university.

We at J'pura News by J'PURA VOICE extend our warm congratulations on their outstanding achievements.







19/05/2024

J'PURA VOICE வழங்கும் J'pura News இன் தமிழ் செய்தி ஒளிபரப்பு. ✨

19/05/2024

📌 செய்தி வழங்குபவர்:
சர்மிகா சிவகுமார்

📌 தொகுப்பாளர்கள் (வீடியோ):
ஹிருனி லியனகே
டி.தர்ஷனன்
தருஷிகா பிரமோதி

📌 ஸ்கிரிப்ட் எழுத்தாளர்:
சர்மிகா சிவகுமார்

📌ஒருங்கிணைப்பாளர்கள்:
திசல் சோமரத்ன
ரஷ்மி கருணாரத்னா
பூர்ணிஷா சத்சரணி
தருஷி கௌஷ்ல்யா
சண்டாரு அபேதீர
தில்மி நாணயக்கார
ரவிந்து லக்‌ஷன்

J'PURA VOICE வழங்கும் J'pura News, பல்கலைக்கழக செய்தி அறிக்கையிடலில் முன்னோடி.






19/05/2024

The English News Telecast of J'pura News by J'PURA VOICE. ✨

Date: 19/05/2024

📌 News Presenter
B.K Asini Induwari Baduaramaba

📌 Editors (Video):
Hiruni Liyanage
T. Dharshanan
Tharushika Pramodi

📌 Scriptwriter:
B.K Asini Induwari Baduaramaba

📌 Coordinators:
Thisal Somarathna
Rashmi Karunarathna
Purnisha Sathsarani
Tharushi Kaushlya
Sandaru Abeydeera
Dilmi Nanayakkara
Ravindu Lakshan

J'pura News by J'PURA VOICE, the Pioneer in University News Reporting.






විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ගේ සියලු වි...
18/05/2024

විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ගේ සියලු විභාග කල් දැමීමට සිදුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී තිබේ. වැඩ වර්ජනය අද වන විට 17 වැනි දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතියි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්දන පී. උඩවත්ත මහතා මෙම අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් උපාධි අපේක්ෂකයින්ට සැලසුම් කර ඇති කාල රාමුව තුළ සිය උපාධිය සම්පූර්ණ කිරීමට නොහැකි වනු ඇතැයි පවසා ඇත.

මහාචාර්ය උඩවත්ත මහතා මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලයේ ගැටලු විසඳීමට අවශ්‍ය යෝජනා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මේ වන විටත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු ධම්මික එස්. ප්‍රියන්ත මහතා මෙහිදී තම ඉල්ලීම්වලට යහපත් විසඳුම් ලබාදෙන තුරු වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට පවසා ඇත.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://shorturl.at/MDfFU

*************************

The University Grants Commission has notified that all examinations of undergraduate students in universities must be postponed, due to the ongoing strike launched by the university non-academic trade unions. The strike is currently ongoing for the 17th day. The Vice Chairman of the UGC, Senior Prof. Chandana P. Udawatte has stated that due to this ongoing strike, undergraduates will not be able to complete their degrees within the planned timeframe.

Prof. Udawatte, the Minister of Education has announced that he has taken necessary steps by submitting the required proposals to the Cabinet to address the issues of the university non-academic staff.

However, Co-Convener of the University Trade Union Alliance, Dhammika S. Priyantha has declared that the strike will continue indefinitely until favourable solutions are provided to their demands.

For more details, vist: https://shorturl.at/MDfFU






ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද NOVICES'24 ආධුනික බොක්සිං තරගාවලිය මැයි මස 12 වන දා සිට 16 වන දා දක්වා ද...
18/05/2024

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද NOVICES'24 ආධුනික බොක්සිං තරගාවලිය මැයි මස 12 වන දා සිට 16 වන දා දක්වා දින පහක් කොළඹ Royal-MAS Arena පරිශ්‍රයේ දී පැවැත්විණි. දිවයින පුරා ක්‍රීඩා සමාජ 31ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 188 දෙනෙක් මෙම තරගාවලිය සඳහා සහභාගී වූහ.ඒ අතර ජ'පුර බොක්සිං කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකුද සහභාගී විය.

ඒ අනුව ජ'පුර බොක්සිං කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වූ සවිඳු වන්නිආරච්චි, සංජනා චේතනි සහ තිළිණ දිසානායක යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා ජ'පුර බොක්සිං ඉතිහාසය වර්ණවත් කිරීමට සමත් විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය බොක්සිං ක්‍රීඩා ඉතිහාසය තුළ ජාතික බොක්සිං ක්‍රීඩා තරගාවලි සඳහා ක්‍රීඩකයන් සහභාගි වී තිබුණ ද එවැනි තරගාවලියකින් ජයග්‍රහණය කරන ලද පළමු අවස්ථාව මෙය වීම සුවිශේෂි ජයග්‍රහණයකි.

මෙම තරගාවලියේ දී පිරිමි කිලෝග්‍රෑම් 48 බර පන්තිය යටතේ තරග බිමට පිවිසි සවිඳු වන්නිආරච්චි සහ කිලෝග්‍රෑම් 67.5 බර පන්තිය යටතේ තරග බිමට පිවිසි තිළිණ දිසානායක එම ඉසව්වල ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූහ. එමෙන් ම කාන්තා කිලෝග්‍රෑම් 48 බර පන්තිය යටතේ තරග වැදුණු සංජනා චේතනි එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා ය.

ජ'පුර නාමය ජාතික තලයේ ඔසවා තැබීමට කටයුතු කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත J'pura News by J'pura voice අපි සුබ පැතුම් එක් කරමු.

*************************

The NOVICES'24 Boxing Tournament organized by the Sri Lanka Boxing Association was held from May 12th to May 16th at the Royal-MAS Arena premises in Colombo. A total of 188 athletes representing 31 sports clubs from across the island participated in this tournament. Among them were four athletes representing the Jpura Boxing Team.

Notably, athletes Savindu Vanniarachchi, Sanjana Chetani, and Thilina Dissanayake made history for the J'pura Boxing Team. Although J'pura boxing players have participated in many national boxing tournaments, this is the first time they have won such a tournament.

In this tournament, Savindu Vanniarachchi competed in the men's 48 kg weight class, and Thilina Dissanayake competed in the 67.5 kg weight class, both winning bronze medals. Additionally, Sanjana Chetani competed in the women's 48 kg weight class and won a silver medal.

On behalf of J'pura News by J'pura Voice, we congratulate the athletes who worked hard to raise the name of J'pura at the national level.







ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදුකෙරෙන ඩෙංගු ආශ්‍රිත පර්යේෂණ, ගෝලීය ඩෙංගු මර්දන වැඩපිළිවෙළට ඉමහත් දායකත්වයක් ස...
16/05/2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදුකෙරෙන ඩෙංගු ආශ්‍රිත පර්යේෂණ, ගෝලීය ඩෙංගු මර්දන වැඩපිළිවෙළට ඉමහත් දායකත්වයක් සපයනු ලබයි.

නොසලකා හරින ලද රෝගයන්හි ඖෂධ සඳහා මුලපිරීම යටතේ වන ගෝලීය ඩෙංගු වැඩසටහනේ ප්‍රධානී, ජ'පුර වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රතිශක්තිකරණ හා අණුක ජීව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් මෑතක දී 'Think Global Health' සඟරාවේ පලකරන ලද ලිපියකින් දක්වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙම කාලගුණ සංවේදී රෝග මර්දනය සම්බන්ධයෙන් වැදගත් ප්‍රවේශයක් ලබාගෙන ඇති බවයි.

කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH රෝහල) සමඟ සහයෝගයෙන් කටයුතු කරන කණ්ඩායමක ප්‍රධානියා ලෙස මහාචාර්ය මලවිගේ ඩෙංගු රෝග වැළැක්වීම සඳහා වන පූර්ව ප්‍රතිකාර සංවර්ධනය කිරීම පිළිබඳ පර්යේෂණ සිදු කරයි.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න:
https://rb.gy/ldg99a

*************************

Research efforts at the University of Sri Jayewardenepura (USJ) are greatly assisting the global battle against dengue fever. Professor Gathsaurie Neelika Malavige, head of the Global Dengue Program at the Drugs for Neglected Diseases initiative and professor at the Department of Immunology and Molecular Medicine at Faculty of Medical Sciences - USJP, has showcased in a recent 'Think Global Health' journal, the critical role Sri Lanka and USJ play in addressing this climate-sensitive disease.

Professor Malavige leads a team at USJ collaborating with the National Institute of Infectious Diseases (IDH Hospital) in Colombo in attempt to research about developing treatments for early intervention to prevent severe dengue cases.

For more details, visit:
https://rb.gy/ldg99a








ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශ ඒකකයේ (CGU), VOW සංගමය විසින්  Association for Living Values Educati...
15/05/2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශ ඒකකයේ (CGU), VOW සංගමය විසින් Association for Living Values Education International ("ALIVE") ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ බහුවිධ අධ්‍යයන කාර්යයන් සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය හා එක්ව සංවිධානය කරනු ලබන ICLVE’24, ජීවන වටිනාකම් අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අගෝස්තු මස 21වන දින සිට 23වන දින දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිත යි.

විශිෂ්ට වෘත්තීය පෞරුෂයත්වයකින් යුත් පුද්ගලයන් හැඩගැස්වීම සඳහා සාරධර්මවල සුවිශේෂී කාර්යභාරය ගවේෂණය කිරීමට සහ සාකච්ඡා කිරීමට අධ්‍යාපනඥයින්, විද්වතුන්, වෘත්තිකයන්, පාසල් ගුරුවරුන්, වෘත්තීය මාර්ගෝපදේශකයන් සහ පර්යේෂකයන් එකතු කර ගැනීම මෙහි මූලික අරමුණ වන අතර ඒ සඳහා ලොව පුරා විද්වතුන් සියයක් පමණ සහභාගී වීමට නියමිත යි. සම්මන්ත්‍රණයට සමගාමීව පර්යේෂණ වාර්තා (Extended Abstracts ), සිද්ධි අධ්‍යයන (case studies) සහ ජීවන වටිනාකම් අධ්‍යාපනයේ ප්‍රායෝගික යෙදුම් සම්බන්ධව සකස් කළ සංක්ෂේප ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර ඒ සඳහා වන අවසන් දිනය 2024 මැයි 30 දක්වා වේ.

එම සංක්ෂේප Google පෝරමයක් හරහා සංවිධායක කමිටුව වෙත එවිය හැකි අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු www.iclve24.info යන වෙබ් පිටුව ඔස්සේ ලබාගත හැක. එමෙන්ම හොඳම සංක්ෂේප පත්‍රිකාව විද්‍යෝදය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා සඟරාවේ පළ කරන අතර සම්මන්ත්‍රණයේ දී ඉදිරිපත් කිරීමට ද අවස්ථාව හිමිවනු ඇත.

*************************

ICLVE 2024, International Conference organized by the VOW Society, Career Guidance Unit (CGU) of University of Sri Jayewardenepura and International Center for Multidisciplinary Studies, Faculty of Humanities and Social Sciences of University of Sri Jayewardenepura in collaboration with CCH: Associate in Sri Lanka of the Association for Living Values Education International ("ALIVE"), is scheduled to be held in Colombo, Sri Lanka, from the 21st of August to the 23rd of August.

ICLVE is a massive program that aims to bring together educators, scholars, practitioners, and researchers to explore and discuss the integral role of values in shaping individuals with an exquisite professional personality. Hundreds of participants from Sri Lanka and around the world are expected to join for the event.

All submissions should be focused on original research, case studies, and practical applications of Living Values Education. You can submit your extended abstracts for ICLVE 2024 on or before 30th May 2024 via the Google form. For more details visit www.iclve24.info.
The best paper will be published in the Vidyodaya Journal of Humanities and Social Sciences and presented at the conference.








SCImago ආයතනික ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ හොඳම විශ්වවිද්‍යාල 4 අතරට තේරී පත්ව...
14/05/2024

SCImago ආයතනික ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ හොඳම විශ්වවිද්‍යාල 4 අතරට තේරී පත්ව ඇත. එමෙන්ම එහි සමාජ ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ම 25% අතරට ඇතුළත් වීමට ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමත්ව තිබේ. එහි දී ආයතන ප්‍රජාව සමඟ සම්බන්ධ වීමේ මට්ටම, ශාස්ත්‍රීය ලෝකයෙන් පිටත ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල දෘශ්‍යතාව,අනුනාදය සහ පර්යේෂණ ප්‍රතිදානයන් මෙම ශ්‍රේණිගත කිරීම් වලට පාදක කරගෙන ඇත.

SCImago විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රේණිගත කිරීමේ නිර්ණායක එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිර්වචනය කරන ලද තිරසාර සංවර්ධන ඉලක්ක හා සම්බන්ධ නව දැනුම උත්පාදනය කිරීම, පර්යේෂණ ක්‍රියාවලියට කාන්තා සහභාගීත්වය සහ රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය කිරීම හෝ වැඩිදියුණු කිරීම සඳහා ලබාගත් ප්‍රතිඵල භාවිතය ඇතුළු සාධක ගණනාවක් සලකා බලා ඇත.

වැඩි විස්තර ලබාගැනීම සඳහා පිවිසෙන්න:
https://rb.gy/flls7s

*************************

University of Sri Jayewardenepura has been ranked among the top 4 universities in Sri Lanka, according to the overall SCImago Institutional Rankings. Moreover, USJ has been ranked among the top 25% in societal rankings, which grades institutions based on their level of engagement with the community, the visibility and resonance of their activities and research outputs outside the academic world.

Ranking criteria of SCImago rankings considers a number of factors, including the generation of new knowledge related to sustainable development goals defined by the UN, participation of women in the research process and the use of results obtained in the creation or improvement of public policies in the particular university.

For more details, visit:https://rb.gy/flls7s





21 වන සියවසේ විෂය ක්ෂේත්‍ර හරහා කුසලතා ඒකාබද්ධ කරමින් උසස් අධ්‍යාපනය සවිබල ගැන්වීම සඳහා වන ගෝලීය සමුළුව 2024 ජූලි මස 3 ව...
12/05/2024

21 වන සියවසේ විෂය ක්ෂේත්‍ර හරහා කුසලතා ඒකාබද්ධ කරමින් උසස් අධ්‍යාපනය සවිබල ගැන්වීම සඳහා වන ගෝලීය සමුළුව 2024 ජූලි මස 3 වන දින සිට ජූලි මස 5 වන දින දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම සමුළුව ඉන්දියාවේ මිත්‍රදෙව් ප්‍රකාශකයන් විසින් ඉන්දියාවේ මනොන්මනියම් සුන්දරනර් විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයනාංශය සහ බහුවිධ අධ්‍යයන සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICMS) සමඟ සහයෝගයෙන් සංවිධානය කරනු ලබයි.

මෙම පර්යේෂණ සමුළුව සඳහා පර්යේෂණ පත්‍රිකා භාර ගැනීමේ අවසන් දිනය මැයි මස 17වන දින වන අතර සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන මාධ්‍ය ත්‍රිත්වයෙන් ඕනෑම මාධ්‍යයකින් පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇත.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න,
https://rb.gy/l4onrt

*************************

Experience the Global Summit on Empowering Higher Education: Integrating 21st Century Skills across Disciplines, a multidisciplinary hybrid conference from July 3rd to 5th, 2024, at the University of Sri Jayewardenepura.

This summit offers interdisciplinary dialogue and collaboration, facilitated by Mithra Dev Publications in collaboration with Manonmaniam Sundaranar University and the Department of Philosophy and Psychology, Faculty of Humanities and Social Sciences, International Centre for Multidisciplinary Studies, University of Sri Jayewardenepura.

The deadline for submitting research papers for this research conference is May 17th. Papers can be submitted in Sinhala, Tamil, or English.

For more details, visit:
https://rb.gy/l4onrt







ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය රුසියානු භාෂා මධ්‍යස්ථානය රුසියාවේ යූරල් රාජ්‍ය ආර්ථික විද්‍යා විශ්වවිද්‍යාලය සමඟ එක්ව...
06/05/2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය රුසියානු භාෂා මධ්‍යස්ථානය රුසියාවේ යූරල් රාජ්‍ය ආර්ථික විද්‍යා විශ්වවිද්‍යාලය සමඟ එක්ව රුසියානු භාෂා පිළිබඳ වෘත්තීය ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවනු ලබයි.

මෙම වැඩසටහන මඟින් රුසියානු භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ පුළුල් අවබෝධයක් සහිත වෘත්තියමය නිපුණත්වයකින් යුතු පිරිසක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වේ.

පාඨමාලා ආරම්භය ජූනි මස සිදු වෙන බැවින් ඒ සඳහා ලියාපදිංචි වීමටත් පාඨමාලාව පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා පහත සබැඳිය වෙත පිවිසෙන්න.

https://dev.fhss.sjp.ac.lk/rlc/

*************************

The Russian Language Center at University of Sri Jayewardenepura in collaboration with Ural State University of Economics, Russia, is now accepting applications for its Professional Diploma in Russian Language.

The program offers intensive language courses, cultural immersion activities, and academic support to equip students with a comprehensive understanding of Russian language and culture.

The Diploma program will commence in June 2024. For registration and further details about the course,

visit: https://dev.fhss.sjp.ac.lk/rlc/






Extending heartfelt gratitude to the outgoing Head of the News Panel for the First Half of the Term 23/24. Your unwaveri...
06/05/2024

Extending heartfelt gratitude to the outgoing Head of the News Panel for the First Half of the Term 23/24. Your unwavering commitment, visionary leadership, and relentless dedication have been the cornerstone of J'pura News by J'PURA VOICE. ✨

Your legacy will resonate for generations, and ignite the passion for journalism at J'PURA VOICE.🎙️





Extending our heartfelt appreciation to the outgoing Assistant Heads of the News Panel for the First Half of the Term 23...
06/05/2024

Extending our heartfelt appreciation to the outgoing Assistant Heads of the News Panel for the First Half of the Term 23/24. Their dedication, leadership, and tireless efforts nurtured the thriving news community of J'pura News by J'PURA VOICE. 💫

Your impact will be felt for years to come, and inspire future journalists at J'PURA VOICE to uphold the values you've instilled.🖋️





“The presenter has the ability to impress the audience rather than inform them”Extending our heartfelt appreciation to c...
06/05/2024

“The presenter has the ability to impress the audience rather than inform them”

Extending our heartfelt appreciation to chiefs and the panelists of the Presenting Panel for the first half of the term 23/24.

Your energetic effort and the enthusiasm brought our community towards efficiency. Thanking for you all for your great vision and incredible contribution.💫





“Without digital media strategy you are posting in blind.”Expressing our heartfelt gratitude to chiefs and the panel mem...
06/05/2024

“Without digital media strategy you are posting in blind.”

Expressing our heartfelt gratitude to chiefs and the panel members of the Digital Media Panel for the first half of the term 23/24.

Your vigorous dedication and unwavering support brought our news panel towards excellence. Thanking for your great influence which you all have made on the society.💫





“Writing good editorials is chiefly telling the people what they think...not what you think.”Extending our heartfelt app...
06/05/2024

“Writing good editorials is chiefly telling the people what they think...not what you think.”

Extending our heartfelt appreciation to the former chiefs and the members of the Sinhala Editorial Panel for the first half of the term 23/24.🖤

Your drive for excellence has driven our news panel towards success. Thank you for your unbiased support, dedication and hard work.💫





"Writing good editorials is chiefly telling the people what they think...not what you think."Extending our heartfelt app...
06/05/2024

"Writing good editorials is chiefly telling the people what they think...not what you think."

Extending our heartfelt appreciation to the former chiefs and the members of the English Editorial Panel for the first half of the term 23/24.🖤

Your drive for excellence has driven our news panel towards success. Thank you for your unbiased support, dedication and hard work.💫





“Reporting is the best attainable version of truth.” We would like to express our sincere gratitude to chiefs and the pa...
06/05/2024

“Reporting is the best attainable version of truth.”

We would like to express our sincere gratitude to chiefs and the panel members of the Reporting Panel for the first half of the term 23/24.

Your tireless commitment and contribution helped us to make our journey success. Thanking for your effort and expertise that has driven our news community towards excellence.💫





Address

University Of Sri Jayewardenepura, Gangodawila
Nugegoda
10250

Opening Hours

Monday 08:00 - 23:00
Tuesday 08:00 - 23:00
Wednesday 08:00 - 23:00
Thursday 08:00 - 23:00
Friday 08:00 - 23:00
Saturday 08:00 - 23:00
Sunday 08:00 - 23:00

Telephone

+94770042015

Alerts

Be the first to know and let us send you an email when J'pura News by J'pura Voice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to J'pura News by J'pura Voice:

Videos

Share

Nearby media companies


Other Media/News Companies in Nugegoda

Show All